Rahumaniya ayurvedic-රහුමානියා ආයුර්වේද ඔසුසල

  • Home
  • Sri Lanka
  • Mawanella
  • Rahumaniya ayurvedic-රහුමානියා ආයුර්වේද ඔසුසල

Rahumaniya ayurvedic-රහුමානියා ආයුර්වේද ඔසුසල ආරෝග්‍යා පරමා ලාභා

ඖෂධීය ශාක🌿🌿🌿 දුටු තැන හදුනාගනිමු
14/08/2022

ඖෂධීය ශාක🌿🌿🌿 දුටු තැන හදුනාගනිමු

මොනරකුඩුම්බිය ලේ විෂවෙලා නේ  දියවැඩියාවත් තියනවද ? ඔබේ  විශේෂ අවධානය පිණිස.********කියවා අහක නොදමන්න මේන්  කරුණාවෙන් ඉල්...
31/05/2022

මොනරකුඩුම්බිය

ලේ විෂවෙලා නේ දියවැඩියාවත් තියනවද ?

ඔබේ විශේෂ අවධානය පිණිස.********

කියවා අහක නොදමන්න මේන් කරුණාවෙන් ඉල්ලමි.

ඔබේ ඇස ගැටි ගැටී සෑම ඉසවුවකම ඉබේ වැවෙන ,සුදු සහ රෝස හුරු දම්පැහැති මල් මංජරියක් හට ගැනෙන වර්ග දෙකක් ඇති .මුලෙ ඉතා මිහිරි සුවඳක් විහිදෙන
මේ බලසම්පන්න ඔසුව මිනිස් සිරුරේ ලේ ධාතුව මනාව පෝෂනය කර ⁣ රක්ත හීනතාවය දුරලීමට සහ ලේ ධාතුවට එක්වී ඇති සියලුම විශ ඉවත් කර ලේ ඉතා සුපිරිසිදු කිරීමට පුදුමාකාර බලයකින් සමන්විත , ශරීරය සිසිල්කර ස්නායු දුර්වලතාද මගහැර අංශබාග රෝගීන්ද නීරෝගිකරන , අක්ෂි රෝග සුවකර ඇස්පෙනීම ලබාදීමට සමත්,ලදරු මාන්දමනැමැති රෝගය දුරලන, යෝනිගත දෝෂ,ගර්බාශගත දෝෂ සහ කාන්තාවන්ගේ රෝග දහසකට ගුණ කියන,වාතසහ සමේ රෝග සුවකරන කැපුම් තුවාල මස් ලියලා සුවකරදෙන, යටිපතුල් දැවිල්ල විලුඹ පැලීම හිරු දුටු පිණිසේ දූරීබුත කරන, කොන්ද දනපොල්කටු, විලුඹ රිදීම් කෙවීම් සුවකරදෙන , දියවැඩියා රෝගයේ සීනි මට්ටම පාලනයකර දියවැඩියා රෝගය මුලින් උපුටා දැමිමට හැකි,අධික පෝෂණ ගුණයක් ඇති මහා බලසම්පන්න විශ්වකර්ම ඔසුවක් මහනර්ග #මොණරකුඩුම්බිය බව මා දිව්රාම පවසමි .
කැඳ සාදා සහ කලවම් මැල්ලුමක් සේ රසබලා මෙහි ගුණ ලැබිය හැක
#විශේෂයි.......
⁣මොණරකුඩුම්බිය සහමුලින්ම උදුරා වට්ටක්කා ඇට සමග වනේලා කොටා මිරිකා එම යුෂ සමගින් , සුදුලූනු, ඉගුරුදමා හීනටි හාලේ කැඳ පිස උදෑසන දින කීපයක් බීමට දෙනු . ඉහත කී සියලුම ලෙඩට #අත්දුටුවයි #සත්තයි සැක නොවනු අතුරු ආබාද නැතහීනටි හාල් නැතිනම් නිකං හාලෙන් හරි කැඳ සාදා ගන්න

වට්ටක්කා ඇට ගැන මදක් කිව යුතුමයි මේ ලොවේ දැනට ඇති මානව ප්‍රතිශක්තිකරණය ඉහල දමන අංක එකේ ඔසුව වට්ටක්කා ඇට බව මතක තබා ගනුව ,අතීතයේ මෙහි ගූණ දත් හෙලයන් පැසුනු වට්ටක්කා ඇට බැද කුඩා දරුවනට කෑමට දුන්නා ලෙඩ රෝගයන්ගෙන් තම දරුවන් මුදවා ගැනීමට වර්තමානයේ ඒවා අමතකවෙලාගොස් ජාතියේ අවාසනාවට

මිනිසුනේ මේයින් විපුල පල නෙලාගනිවු නීරෝගී ජාතියක් අනාගතේට බාරකිරීමේ අදිටනින් මා මෙසේ සටහන් තැබුවෙමි.මේවා ඔබට වටීනම් ඔබෙ අදහස් මට වටී ඉදිරි ලිපි වලට,
ඔබට දීර්ඝායුෂ පතමි .!!!
රත්නත්‍රයේ පිහිටයි ආරක්ෂාවයි !!
වැදගත් ලිපියක් නිසාවෙන් (රංජිත් කොලඹගේ )ෆ්බි ගිණුමෙන් උපුටාගෙන මාගේ පුද්ගලික සම්බන්දතා පවතින පාරම්පරික දේශිය වෛද්‍ය වරුන්ගෙන් වැඩිදුරටත් තහවරු කරගැනිමෙන් අනතුරුව වගකිමෙන් පලකරන ලද සටහනක් බව තහවරු කරමි.
උ.ගැ.

මේ මෝර මල් පිපේන කාලයයි. මේ කාලයට මී පැණි ඉතාමත් රසවත්‍ය. බෙහෙත් සෑදිමට හා රෑපලාවන්‍ය කටයුතු හෝ අමතර ආහාරයක් ලෙස මී පැණි...
10/11/2021

මේ මෝර මල් පිපේන කාලයයි. මේ කාලයට මී පැණි ඉතාමත් රසවත්‍ය.

බෙහෙත් සෑදිමට හා රෑපලාවන්‍ය කටයුතු හෝ අමතර ආහාරයක් ලෙස මී පැණි දිව ඔසුවකි.

සීනි,හකුරු හෝ කිතුල් හකුරු එකතු කර අඩුවට වෙළදපොළ ඇති කෘතීමව සැකසූ මී පැණි වලට රැවටුනු කාලය අවසන්...
පිරිසිදු මීපැණි ලබාගැනීමට
රහුමානියා ආයුර්වේද ඔසුසල
97
කෙලින් වීදිය
මාවනැල්ල
0773975739

ආයුර්වේදය යනු මිනිසුන්ගේ ආයුෂ වැඩි කරන විද්‍යාවයි. මෙය බිහි වී ඇත්තේ දේව සංකල්පයෙනි. උතුරු ඉන්දීය සම්භවයක් ඇති ආයුර්වේදය...
10/11/2021

ආයුර්වේදය යනු මිනිසුන්ගේ ආයුෂ වැඩි කරන විද්‍යාවයි. මෙය බිහි වී ඇත්තේ දේව සංකල්පයෙනි. උතුරු ඉන්දීය සම්භවයක් ඇති ආයුර්වේදය උසස් සෘෂිවරුන්ගෙන් පැවත එන්නකි. අග්නිවේෂ නම් සෘෂිවරයා මෙය ග්‍රන්ථාරූඪ කර තිබේ. චරක, ශුෂ්රුත, වාග්භට වැනි සෘෂිවරුන් ඉන් පසු බිහි වී තිබෙන බව පැවසේ. සෘග්, චතුර් යනාදී වශයෙන් හැඳින්වෙන වේද ග්‍රන්ථවල ආයුර්වේදය ගැන සඳහන් වේ. චරක පඬිවරයා ශල්‍ය වෛද්‍ය අංශයත් ශුෂ්රුත පඬිවරයා රෝග අංශයත් සම්බන්ධව සිටි බවයි එම ග්‍රන්ථවල සඳහන් වන්නේ.

ආයුර්වේදයේ ඖෂධ බිහිවන්නේ මූලිකවම ගස්, වැල් පදනම් කර ගෙනය. එමෙන්ම ආයුර්වේදය කොටස් අටකට බෙදා තිබේ. මේ නිසා අෂ්ටාංග ආයුර්වේදය නමින් ද මෙය හැඳින්වේ. ඒවා නම්, කාය චිකිත්සා, ශල්‍ය චිකිත්සා, ශාලාක්‍ය චිකිත්සාව, කුමාර චිකිත්සාව (ළදරුවකුගේ උපතේ පටන් ළදරුවාගේ පෝෂණය හා ඔහුට ඇති වන රෝග සඳහා වූ චිකිත්සාව), අගද තන්ත්‍රය, විස චිකිත්සාව, භූත විද්‍යා තන්ත්‍රය, රසායන තන්ත්‍රය, වාජීකරණ තන්ත්‍රයය. ආයුර්වේදය විද්‍යාත්මකය. රෝගයක් ඇති වන ආකාරය, රෝගයක් ඇති වන‍්නේ කුමක් හේතුවෙන් ද, රෝගයේ මූලික ලක්ෂණ, රෝගය ඇති වීමට පෙර සහ පසු ලක්ෂණ ආදි වශයෙන් රෝග නිධානයේ සිට ප්‍රතිකාර දක්වා ‍ආයුර්වේදයේ සඳහන් වේ. ලෝකයම පිළිගත් ආයුර්වේද පොත් පත් ඉන්දියාවේ තිබෙන අතර පැළෑටි හා ගස් වැල් මෙන්ම ජ්‍යෝතිෂය සහ ගුප්ත විද්‍යාව ද මෙයට සම්බන්ධ වේ. එමෙන්ම පාෂාණ ඇතුළු ඛනිජ ලවණ ද මෙයට ඇතුළත් වන බව පැවසේ.

සිංහල වෙදකම, හෙළ වෙදකම, පාරම්පරික දේශීය චිකිත්සාව, පාරම්පරික වෙදකම යනාදී වශයෙන් හඳුන්වනු ලබන වෙදකම ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය. මෙම වෙදකම පුලස්ති සෘෂිවරයාගේ සිට රාවණාගෙන් පැවත ආ බවයි ඉතිහාසයේ සිටම විශ්වාසය පළ වන්නේ. මේ සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි දක්නට නොලැබුණ ද රාවණා විසින් ලියන ලද පොත් පත් මේ සඳහා සාක්ෂි දරයි. උඩ්ඩිස තන්ත්‍රය, කුමාර තන්ත්‍රය මෙයට උදාහරණයන්ය.

හෙළ‍ වෙදකම පැවත එන්නේ පාරම්පරිකවය. කට වචනයෙනි. පුස් කොළ පොත් ද, තඹ පත් ඉරු ද, රිදී පත් ඉරු ද තිබේ. මේවා බෙහෙත් වට්ටෝරු ලෙස පවතින අතර මෙහි විද්‍යාත්මක පැහැදිලි කිරීම් හෝ රෝග නිධාන ගැන පැහැදිලි වන්නේ නැත. එහෙත් ආයුර්වේදයේ සෑම රෝගයක් ගැනම පිළිවෙළින් සඳහන් වේ. සිංහල වෙදකම, හෙළ වෙදකම හෝ පාරම්පරික වෙදකම සහ ආයුර්වේදයේ වෙනස මෙයය. එහෙත් ආයුර්වේදයේ මූලික සංකල්ප, ත්‍රිදෝෂ වන වා, පිත්, සෙම්, සප්ත ධාතු (රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මඣ්ජා, ශුක්‍ර) සහ පංච මහා භූතයන් (ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ්) ද දේශීය වෙදකම හා සම්බන්ධ වී තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුව හෙළ වෙදකම ලෙස සලකන්නේ ආයුර්වේදයේ කොටස් කැඩී ගොස් සැදී ඇති වෙදකමක් බවය. පාරම්පරික වෙදකම තුළ ඒ ඒ පරම්පරාවට ආවේණික ඖෂධ තිබේ. එම බෙහෙත් සාදන ආකාරය ද එකිනෙකට වෙනස්ය. මේ නිසා ඇතැම් විට ආයුර්වේද වෙදකමට වඩා පාරම්පරික වෙදකම ප්‍රතිඵලදායක විය හැකිය. මෙම වෙදකම ශ්‍රී ලංකාවට ආවේණික වන අතර පොත්පත්වල ද සඳහන් නොවේ. බොහෝ විට මුඛ පරම්පරාවෙන් මෙය ආරක්ෂා වන අතර පරම්පරාවෙන් පරම්පරාවට පැවත එයි. පරම්පරාව ගෙන යෑමට කෙනෙකු නොසි‍ටිය හොත් එය එතැනින් අවසන් වීමට හෝ පුළුවන. පරම්පරාවෙන් බාහිරව දීමට අවසරයක් නොලැබේ.

පාරම්පරික වෙදකම තුළ ආයුර්වේදයේ නැති සුවිශේෂි ක්‍රම ඇතුළත් වී තිබේ. එහෙත් බොහෝ පුස් කොළ පොත් විනාශ වී ගොස් ඇති අතර මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඒවායෙන් කොටසක් රැගෙන ගොස් ඇති බව ද කියැවේ. පාරම්පරික වෙදකම පිහිටන්නේ ‍පියා විසින් පුතාට ඒවා ලබා දුන් විටය. මේවා ද මන්ත්‍රයන් වැනිය. ඒවා ලබා දීමේ ක්‍රම ද මෙහි තිබේ. එතුළ වතාවත් කිරීම් ද ඇතුළත් වන අතර ඇතැම්හු හෙළ වෙදකම අවභාවිත කරති. සාමාන්‍ය ජනතාව මුලාවට පත් කිරීම් ද අද වන විට දක්නට ලැබේ.

හෙළ වෙද පරම්පරා ගත් විට ඒවා ද වර්ග කිහිපයකි. කැඩුම් බිඳුම් වෙදකම, විස වෙදකම, තුවාල, පිලිස්සුම්, ගෙඩි වෙදකම යනාදි වශයෙනි. එක පරම්පරාවක් විසින් එක වෙදකමක් ප්‍රගුණ කොට තිබීම විශේෂත්වයකි.

Address

#97, Main Street
Mawanella

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773975739

Website

Alerts

Be the first to know and let us send you an email when Rahumaniya ayurvedic-රහුමානියා ආයුර්වේද ඔසුසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share