Sachinthani Amugoda

Sachinthani Amugoda ආයුබෝවන් | வணக்கம் | Welcome

Speech Language Pathologist
Child Counselor
Clinical Director in SANDEEPA Autism Treatment Clinic

සොඳුරු ඉරිදාවක සෙනෙහබර ඇරඹුමක්! 🌸දරුවෙකුගේ ලෝකය අර්ථවත් වන්නේ නිවැරදි මගපෙන්වීම සහ උපරිම සැලකිල්ල තුළයි. ඔබේ දරුවාගේ අනා...
26/04/2026

සොඳුරු ඉරිදාවක සෙනෙහබර ඇරඹුමක්! 🌸
දරුවෙකුගේ ලෝකය අර්ථවත් වන්නේ නිවැරදි මගපෙන්වීම සහ උපරිම සැලකිල්ල තුළයි. ඔබේ දරුවාගේ අනාගත අභිවර්ධනය උදෙසා සබුද්ධිකව පෙළගැසෙන දෙමාපියන් වෙනුවෙන්, වසර 13කට අධික සායනික අත්දැකීම් සමඟින් අප සැමවිටම කැපවී සිටින්නෙමු.

සතියේ සෑම ඉරිදාවකම අපගේ සේවා කාලසටහන සහ සම්බන්ධීකරණ විස්තර මෙසේ යාවත්කාලීන කරමි.

📍 සායනික සේවාවන් ලබාගත හැකි ස්ථාන:
මීගමුව | ජා-ඇල | දිවුලපිටිය | වෙන්නප්පුව

📍බොරැල්ල (සීමිත අවස්ථාවන් සඳහා පමණි)

📍Online Consultation (ලෝකයේ ඕනෑම තැනක සිටින ඔබ වෙනුවෙන්)

📞 සම්බන්ධීකරණය සහ වේලාවන් වෙන් කරවා ගැනීම:
කාර්යබහුල සායනික කටයුතු මධ්‍යයේ ඔබට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා පහත කාලසීමාවන් අනුගමනය කරන්න:

දුරකථන ඇමතුම්: ඕනෑම දිනයක සවස 7:00 සිට රාත්‍රී 9:00 දක්වා පමණි. 077 64 25 891

WhatsApp පණිවිඩ: ඕනෑම වේලාවක ඔබේ අවශ්‍යතාවය යොමු කළ හැක. (කරුණාකර ඔබගේ නම, ප්‍රදේශය සහ දරුවාගේ ගැටළුව කෙටියෙන් සඳහන් කරන්න.)

සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී | ළමා හා යොවුන් මනෝ උපදේශිකා
ළමා අභිවර්ධන සහ යහසාධන සායනික අධ්‍යක්ෂ – SANDEEPA Energizing Group
🇱🇰 සායනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සායනික සන්නාමය
© www.rehabilitation.lk | Est. 2012

කාර්යාල වේලාවන් හිදී සායනය හා සම්බන්ධ වීමට 0767 32 52 72 සංදීපා සමූහය අමතන්න

25/04/2026

"හිතට පුංචිම හරි පීඩනයක් දැනෙනවා නම්... මේ සංගීතයට ඉඩ දීලා මොහොතකට නිහඬ වෙන්න. ඔබ මවක්, පියෙක් හෝ දරුවෙක් වුනත්, ඔබේ මනසේ සැනසීම හැමදේටම වඩා වටිනවා. ❤️"

ආදරයෙන්,
සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී | ළමා හා යොවුන් මනෝ උපදේශිකා
ළමා අභිවර්ධන සහ යහසාධන සායනික අධ්‍යක්ෂ – SANDEEPA Energizing Group
🇱🇰 සායනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සායනික සන්නාමය
© www.rehabilitation.lk | Est. 2012

"සා" සහ "සි" සමග... මොකක්ද ඒ කියලා දන්නවද?  මට මුණගැසෙන නව යොවුන් දරුවො වැඩි දෙනෙක් එයාලගේ "නමට" කැමති නෑ. මට මතකයි මටත්...
25/04/2026

"සා" සහ "සි" සමග... මොකක්ද ඒ කියලා දන්නවද?

මට මුණගැසෙන නව යොවුන් දරුවො වැඩි දෙනෙක් එයාලගේ "නමට" කැමති නෑ. මට මතකයි මටත් ඔහොම කාලයක් තිබුනා. මේ දෙන්නත් එහෙම තමන්ට ලැබිලා තියෙන නමට අකමැති, ලස්සන දැරිවියෝ දෙන්නෙක්. මේ දෙන්නාගේ නම් වල විශේෂත්වය තමයි, නම් දෙක වෙනස් වෙන්නේ එකම එක පිල්ලමකින් විතරයි. අනික unique නම් දෙකක්. ලස්සන "නමක්" කියලා අපි කිව්වට එකපාර පිලිගන්න වයසේ නෙමේ නොවැ. ඉතින් මං දෙන්නව මුණ ගැස්සුවා. දෙන්නටම පුදුමයි දෙන්නගේ නම් ගැන, ඒ වගේම දෙන්නම තමන්ගේ නමට අකමැති හේතු කාරණාත් බෙදා හදා ගත්තා. සම වයස් දැරිවියන්ට කතා පෙට්ටි විවෘත කරගන්න ඉතින් යතුරු එහෙම ගොඩායි නොවැ. අන්තිමේදී දෙන්නටම තේරුම් ගන්න පුලුවන් වුනා, තමන්ගේ නමේ වරදක් නැති බව, තමන්ට, තමන්ගේ මූණ වගේම ලස්සන නමක් තියෙන බව... 🤣🤣🤣 ඉතින් ඔයාලගේ ගෙවල්වලත් "ඇයි මට මේ නම දැම්මේ, කැතේ බෑ, යාළුවෝ මට හිනා වෙනවා" වගේ චූටි චූටි පොර අල්ලන කට්ටිය ඉන්නවා නම් මට එයාලගේ නම් ටික දෙන්න. සමාන පද ගැලපුනොත් වැඩේ පැය භාගෙන් ගොඩ දාලා දෙන්න පුලුවන් හොදේ 😁😁😁

සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී | ළමා හා යොවුන් මනෝ උපදේශිකා
ළමා අභිවර්ධන සහ යහසාධන සායනික අධ්‍යක්ෂ – SANDEEPA Energizing Group
🇱🇰 සායනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සායනික සන්නාමය
© www.rehabilitation.lk | Est. 2012

වාර්ෂිකව අප්‍රේල් 25 වන දින සමරනු ලබන ලෝක මැලේරියා දිනය, මැලේරියාවට එරෙහි ගෝලීය සටන සහ වැළැක්වීම, රෝග විනිශ්චය සහ ප්‍රති...
25/04/2026

වාර්ෂිකව අප්‍රේල් 25 වන දින සමරනු ලබන ලෝක මැලේරියා දිනය, මැලේරියාවට එරෙහි ගෝලීය සටන සහ වැළැක්වීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා අඛණ්ඩ ආයෝජන අවශ්‍යතාවය ඉස්මතු කරයි.

World Malaria Day, observed annually on April 25, highlights the global fight against malaria and the need for continued investment in prevention, diagnosis, and treatment.

ආච්චි අම්මලා දෙන්නගේ වෙනස් තැන් කීයද ?
24/04/2026

ආච්චි අම්මලා දෙන්නගේ වෙනස් තැන් කීයද ?

අවපස අහසක තරු ලකුණක් සේඅපමණ සයුරක තුරු දසුනක් සේදිගු දිවි ගමනේ... ඉම ඔබ රැඳුණේ...මගේ සංයම අභ්‍යාසය "මල් එක්ක විවේකය"
24/04/2026

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ... ඉම ඔබ රැඳුණේ...

මගේ සංයම අභ්‍යාසය "මල් එක්ක විවේකය"

23/04/2026

අවුරුදු නිවාඩුවෙන් පසු නැවත සේවා ආරම්භය... [2]

Sandeepa Group's Clinic for Autistic, Hyperactive and Exceptional Children with Educational Therapy Clinic.

සංදීපා සමූහයේ ඔටිසම්, අධික්‍රියාශීලී ඇතුළු සුවිශේෂ දරුවන්ගේ සායනය සහ අධ්‍යාපන චිකිත්සක ප්‍රතිකාර අංශය

0767 32 52 72
www.rehabilitation.lk Started in 2012

අද ලෝක පොත් දිනයයි! 📚✨ පොතක් කියවනවා කියන්නේ අපූරු ලෝකයක චාරිකාවක යෙදෙනවා වගේ වැඩක්. කියවීමෙන් අපේ මනස අලුත් වෙනවා, දැනු...
23/04/2026

අද ලෝක පොත් දිනයයි! 📚✨ පොතක් කියවනවා කියන්නේ අපූරු ලෝකයක චාරිකාවක යෙදෙනවා වගේ වැඩක්. කියවීමෙන් අපේ මනස අලුත් වෙනවා, දැනුම පිරෙනවා. දරුවන්ටත් පොත් කියවීමෙන් බොහෝ කුසලතා සහ දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔබට පොතක් කියවන්න වෙලාවක් තියේවිද ? අද ඔබ හෝ දරුවා කියවන්න තෝරාගත්තේ මොන වගේ පොතක්ද? අපිට කමෙන්ට් එකකින් කියන්න! 👇

සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී | ළමා හා යොවුන් මනෝ උපදේශිකා
ළමා අභිවර්ධන සහ යහසාධන සායනික අධ්‍යක්ෂ – SANDEEPA Energizing Group
🇱🇰 සායනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සායනික සන්නාමය
© www.rehabilitation.lk | Est. 2012

Tip 4විස්තරාත්මක ක්‍රීඩාව (Narrative Play)අපේ රහස: "දරුවා සෙල්ලම් කරන විට ඔවුන් කරන දේ ගැන විස්තර කරන්න (උදා: 'ඔයා දැන් ...
23/04/2026

Tip 4
විස්තරාත්මක ක්‍රීඩාව (Narrative Play)

අපේ රහස: "දරුවා සෙල්ලම් කරන විට ඔවුන් කරන දේ ගැන විස්තර කරන්න (උදා: 'ඔයා දැන් රතු කාර් එක පදවනවා නේද?'). මෙහිදී ප්‍රශ්න ඇසීමට වඩා දරුවාගේ ක්‍රියාවන් විස්තර කිරීමෙන් ඔවුන්ගේ වචන මාලාව වේගයෙන් වර්ධනය වේ."

ආදරයෙන්,
සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී | ළමා හා යොවුන් මනෝ උපදේශිකා
ළමා අභිවර්ධන සහ යහසාධන සායනික අධ්‍යක්ෂ – SANDEEPA Energizing Group
🇱🇰 සායනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සායනික සන්නාමය
© www.rehabilitation.lk | Est. 2012

අපේ සායනයේ බබෙක් ගේ "ජාතික ආහාරය" . මේක ඇත්තටම එයා එදා දවසේ කන දේ ම නෙමෙයි. එයා කියන කෑම. කවදා ඇහුවත් දෙන්නේ මේ උත්තරේම ...
22/04/2026

අපේ සායනයේ බබෙක් ගේ "ජාතික ආහාරය" . මේක ඇත්තටම එයා එදා දවසේ කන දේ ම නෙමෙයි. එයා කියන කෑම. කවදා ඇහුවත් දෙන්නේ මේ උත්තරේම තමයි. දැන් එයා ඇවිත් වාඩි වුනු ගමන් මේක කියාගෙන යනවා. එයා හිතනවා ඇති බබා කාපු කෑම අහන්න තමයි අපි එන්න කියන්නේ කියලා 🤣🤣🤣 . අපි ආයෙත් ඇහුවොත් එයා ඇත්තටම කෑවේ මොනවද කියලා කියනවා. හැබැයි පලමුවෙන් දෙන උත්තරේ නම් මේකම තමයි.
බතුවයි සම්බෝලයයි පරිප්පුවයි චිකන් එකයි අලුයි ලූණුවයි 🍚🍛🍗🥔🧅

කුමාරොදය පොතින්
22/04/2026

කුමාරොදය පොතින්

Address

Negombo
Negombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94776425891

Alerts

Be the first to know and let us send you an email when Sachinthani Amugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share