Pharmacy4Life

Pharmacy4Life Spreading medicine awareness for a healthier tomorrow. නීරෝගි හෙට දවසක් උදෙසා ඖෂධ දැනුම බෙදා ගමු. Medical & Health

💊  *ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් මෙම වසරට අදාල පළමු ආධුනික ඖෂධවේදීන් ලියාපදිංචිය ඇරඹේ.*_ආධුනික ඖෂධවේදීන් ලියාපදිංචි කිරී...
13/02/2026

💊 *ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් මෙම වසරට අදාල පළමු ආධුනික ඖෂධවේදීන් ලියාපදිංචිය ඇරඹේ.*

_ආධුනික ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත සම්මුඛ පරීක්ෂණ අවස්ථා *2026 අප්‍රේල් 2 වන දින සිට 2026 මැයි 15 දින ,පස්වරු 4.00 දක්වා විවෘතව පවතින බව* ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙයින් දැනුම් දෙයි._

_සියලුම අයදුම්කරුවන් SLMC නිල වෙබ් අඩවියෙන් බාගත කර ලබා ගත හැකි *නව සංශෝධිත සහ යාවත්කාලීන කරන ලද අයදුම්පත් ආකෘතිය* භාවිතා කරමින් තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය._

_*පැරණි ආකෘති භාවිතා කර ඉදිරිපත් කරන ලද අයදුම්පත් කිසිදු තත්වයක් යටතේ පිළිගනු නොලැබේ.*_

_අයදුම්කරුවන් වෙන් කරන ලද සම්මුඛ පරීක්ෂණ දිනය සහ වේලාවෙහි SLMC කාර්යාල පරිශ්‍රයට නොවරදවාම පැමිණිය යුතුයි._

_මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර සංශෝධිත අයදුම්පතට අමුණා ඇති සියලුම උපදෙස් හොඳින් කියවා අනුගමනය කල යුතුය._

📌 | _*අයදුම්පත බාගත කිරීම :*https://slmc.gov.lk/images/AP_-REVISED_APPLICATION_-2026.pdf

📌 | *මාර්ගගත පිවිසුම:* https://slmc.gov.lk/en/practitioners/pharmacists

🔗 තවත් යාවත්කාලීන සඳහා සම්බන්ධව සිටින්න!

*වට්ස්ඇප් චැනලය :* https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44

*ෆේස්බුක් චැනලය* : https://www.facebook.com/slmc.gov.lk

*යූටියුබ් චැනලය* : https://www.youtube.com/.gov_lk

Diclofenac කියන්නේ බහුලව භාවිතා කරන pain killer (වේදනා නාශක) එකක් සහ anti-inflammatory drug එකක්. මෙය NSAIDs – Non-Stero...
10/02/2026

Diclofenac කියන්නේ බහුලව භාවිතා කරන pain killer (වේදනා නාශක) එකක් සහ anti-inflammatory drug එකක්. මෙය NSAIDs – Non-Steroidal Anti-Inflammatory Drugs කියන ඖෂධ කාණ්ඩයට අයත් වේ.

🔹 Diclofenac භාවිතා කරන අවස්ථා
Diclofenac භාවිතා කරන්නේ පහත ආකාරයේ වේදනා සහ ප්‍රදාහ (inflammation) අඩු කිරීම සඳහායි.

🦴 Joint pain (සන්ධි වේදනා)

💥 Muscle pain (මාංශපේශී වේදනා)

🦵 Back pain / neck pain

🦷 Toothache (දත් වේදනාව)

🤕 Injury එකකට පසු ඇති වේදනාව

🩸 Menstrual pain (මසික වේදනාව)

🧬 Arthritis (Rheumatoid arthritis, Osteoarthritis)

🔹 Diclofenac ලබාගත හැකි ආකාර
Diclofenac විවිධ dosage forms වලින් ලැබේ.

💊 Tablets / Capsules

💉 Injections

🧴 Gel / Cream (external use – පිටතට පාවිච්චි කිරීම)

🕯️ Suppositories

👉 Gel / Cream සාමාන්‍යයෙන් muscle pain, joint pain සඳහා පිටතට තැවරීමට භාවිතා කරයි.

⚠️ Diclofenac භාවිතා කිරීමේදී අවධානය යොමු කළ යුතු දේ
Diclofenac වෛද්‍ය උපදෙස් නොමැතිව දිගු කාලයක් භාවිතා කිරීම සුදුසු නොවේ.

විශේෂයෙන්,

🫀 Heart problems ඇති අය

🩺 Blood pressure වැඩි අය

🧠 Kidney / Liver problems ඇති අය

🤰 ගර්භණී මව්වරුන්

🧒 ළමයින්

👉 මෙවැනි අය Diclofenac භාවිතා කිරීමට පෙර doctor කෙනෙකුගෙන් හෝ pharmacist කෙනෙකුගෙන් උපදෙස් ලබාගත යුතුයි.

🔹 Diclofenac භාවිතා කිරීමෙන් සමහර අයට පහත අතුරු ප්‍රතික්‍රියා (side effects) ඇතිවිය හැක.

🤢 Nausea (ඔක්කාරය)

🤕 Stomach pain / Gastric irritation

🔥 Heartburn

💩 Diarrhea

😴 Dizziness

⚠️ දිගු කාලයක් භාවිතා කිරීමෙන් gastric ulcers, kidney damage, heart risk වර්ධනය වීමට ඉඩ ඇත.

✅ වැදගත්
Diclofenac ආහාරයෙන් පසු ගන්න.

දිගු කාලීන වේදනාවක් තිබේ නම්, pain killer මත පමණක් විශ්වාස නොකර වෛද්‍ය පරීක්ෂාවක් කරගන්න

Gel / cream භාවිතා කරද්දී open wounds මත නොතැවරිය යුතුය.

🩺 Diclofenac කියන්නේ ඉතා ප්‍රභල හා ප්‍රයෝජනවත් pain killer එකක් වුවත්, නිසි ලෙස භාවිතා කළොත් පමණක් ආරක්ෂිත වේ.
ඔබට සැකයක් ඇත්නම්, ඔබේ Pharmacist හෝ Doctor කෙනෙකුගෙන් උපදෙස් ලබාගන්න 💙

📝Pharmacy4Life
ඔබේ සෞඛ්‍ය ගැන නිවැරදි දැනුම, නිවැරදි මාර්ගයෙන්. 🩵

Post එක useful නම් share කරන්න.

සුභ දවසක්! ❤️

💊✨ Postinor (පොස්ටිනෝර්) ගැන නොදන්න අයට 👇Postinor (පොස්ටිනෝර්) යනු Emergency Contraceptive Pill) ලෙස භාවිතා කරන ප්‍රසිද්...
08/02/2026

💊✨ Postinor (පොස්ටිනෝර්) ගැන නොදන්න අයට 👇

Postinor (පොස්ටිනෝර්) යනු Emergency Contraceptive Pill) ලෙස භාවිතා කරන ප්‍රසිද්ධ ඖෂධයකි. එනම් අනාරක්ෂිත sexual in*******se එකකින් පස්සේ unplanned pregnancy එකක් වළක්වන්න භාවිතා කරන medicine එකක්. ⚠️
👉 Postinor contraceptive pill(ECP) එකක් නොවන බව සෑම කෙනෙකුම මතක තබාගත යුතුයි.

🔬 Postinor යනු කුමක්ද?

Postinor හි ප්‍රධාන ක්‍රියාකාරී ද්‍රව්‍යය වන්නේ Levonorgestrel නම් හෝර්මෝනයයි 🧬
මෙම හෝර්මෝනය කාන්තාවන්ගේ සාමාන්‍ය හෝර්මෝන ක්‍රියාවලියට බලපාමින් pregnant වීම වළක්වා ගැනීමට උපකාරී වේ.

⏰ Postinor භාවිතා කළ යුතු අවස්ථා

Postinor භාවිතා කරන්නේ හදිසි අවස්ථාවලදී පමණක් වේ 👇

✔️contraceptive method එකක් අසාර්ථක වූ විට
✔️contraceptive method එකක් භාවිතා නොකළ විට
✔️ Condom rupture / break /slip වීමක් සිදුවූ විට
✔️ Contrcetive pills නිසි ලෙස නොගත් විට
✔️ අනපේක්ෂිත හෝ අහිතකර ලිංගික අවස්ථාවකට පසු / After an unexpected or risky sexual encounter

⚙️ Postinor ක්‍රියා කරන ආකාරය

Postinor මගින් pregnancy prevent කරන්නේ කෙසේද?

🔹 ඩිම්බ නිදහස් වීම (Ovulation) ප්‍රමාද කිරීම හෝ නතර කිරීම
🔹 ශුක්‍රාණුව හා ඩිම්බය එකතු වීම වැළැක්වීම
🔹 ගර්භාශයේ පටලය වෙනස් කිරීමෙන් ගර්භය තැන්පත් වීම (Implantation) වළක්වීම

🚫 වැදගත්:
Postinor මඟින් Existing pregnancy එකක් වැලැක්විය නොහැක.
මෙය abortion pill එකක් නොවේ ❌

🕒 භාවිතා කළ යුතු කාලය

⏳ Postinor වඩාත් effective වන්නේ
👉 අනපේක්ෂිත ලිංගික අවස්ථාවෙන් 72 පැය (දින 3) ඇතුළත භාවිතා කළ විටයි.

⚡ හැකි ඉක්මනින් භාවිතා කිරීමෙන්
✔️ කාර්යක්ෂමතාව වැඩි වේ
✔️ Pregnant වීමේ අවදානම අඩුවේ

⚠️ Side Effects (අතුරු ප්‍රතිඵල)

සමහර අයට Postinor භාවිතයෙන් පහත ලක්ෂණ දක්නට ලැබිය හැක 👇

🤢 වමනය / ඔක්කාරය
🤕 හිසරදය
😣 බඩ වේදනාව
🩸 මාසික රුධිරස්‍රාවයේ වෙනස්කම් Changes in menstrual bleeding
😴 දුර්වල බව / උදාසීන බව

👉 බොහෝවිට මෙම ලක්ෂණ තාවකාලික වන අතර ස්වයංක්‍රීයව අඩුවේ.

🚨 අධික භාවිතයේ අවදානම්

Postinor නිතර භාවිතා කිරීම සුදුසු නොවේ ⚠️

අධික භාවිතයෙන් ඇතිවිය හැකි ගැටළු 👇
❌ හෝර්මෝන අසමතුලිතතා
❌ මාසික ඔසප් චක්‍රය අස්ථිර වීම
❌ දිගුකාලීන සෞඛ්‍ය ගැටළු

📌 එබැවින් Postinor
👉 හදිසි අවස්ථාවලට පමණක් සීමා කළ යුතුය.

Postinor කාන්තාවන්ට
💙 අනපේක්ෂිත pregnancy එකක් වැළකීමට සුදුසු විසඳුමක් වේ.

👩‍⚕️ එහෙත්,
✔️ නිසි ලිංගික අධ්‍යාපනය
✔️ නිතිපතා contraceptive methods භාවිතය
👉 දිගුකාලීනව වඩාත් ආරක්ෂිතයි.

✅ එමනිසා
✔️ නිසි අවස්ථාවලදී
✔️ නිසි කාලය තුළ
✔️ වෛද්‍ය / ඖෂධවේදියෙකුගේ උපදෙස් සමඟ භාවිතා කළ යුතුය 💊

📣 දැනුවත් වන්න | දැනුවත් කරන්න | ආරක්ෂිත තීරණ ගන්න

💚 Pharmacy4Life
Your health, our responsibility 🩺✨

නෝරෙතිස්ටෙරෝන් (Norethisterone) යනු කෘතිම හෝර්මෝනයක් වන අතර, එය ස්ත්‍රී ශරීරයේ ස්වභාවිකව ඇති ප්‍රොජෙස්ටෙරෝන් (Progestero...
04/02/2026

නෝරෙතිස්ටෙරෝන් (Norethisterone) යනු කෘතිම හෝර්මෝනයක් වන අතර, එය ස්ත්‍රී ශරීරයේ ස්වභාවිකව ඇති ප්‍රොජෙස්ටෙරෝන් (Progesterone) හෝර්මෝනයට සමානව ක්‍රියා කරයි. මෙම ඖෂධය ප්‍රධාන වශයෙන් Periods සම්බන්ධ ගැටළු වලට ප්‍රතිකාර සඳහා භාවිතා කරයි.

ඖෂධය ක්‍රියා කරන ආකාරය

නෝරෙතිස්ටෙරෝන් ගර්භාශයේ ඇතුළත පටලය (Endometrium) ස්ථාවර කරමින්, අක්‍රමවත් හෝ අධික රුධිරස්‍රාවය පාලනය කිරීමට උපකාරී වේ.
ඇතැම් අවස්ථාවලදී, මාසික ඔසප් චක්‍රය තාවකාලිකව නවතා තැබීමට හෝ ප්‍රමාද කිරීමටද මෙය භාවිතා කරයි.

මෙම ඖෂධය මඟින් ඔසප් වීම ප්‍රමාද කරන්නේ කෙසේද? 🤔

ඔසප් වීම කල් දැමීමට වෛද්‍යවරුන් විසින් බහුලව භාවිතා කරන ඖෂධයක් තමයි
💊 නොරෙතිස්ටෙරෝන් (Norethisterone 5mg).

මෙය ශරීරයේ ස්වභාවික ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අනුකරණය කරමින් ක්‍රියා කරන අතර
🔹 ඔසප් චක්‍රය නියාමනය කිරීමට
🔹 හෝමෝන සමබරතාවය පවත්වා ගැනීමට
උපකාරී වේ.

🔄 ඔසප් වීම ප්‍රමාද වෙන්නේ කොහොමද?
සාමාන්‍ය ඔසප් චක්‍රයකදී,
🩸 ඔසප් වීම ආරම්භ වීමට පෙර
➡️ ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහත වැටෙයි.

නොරෙතිස්ටෙරෝන් ගැනීමෙන්
✔️ ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගන්නා අතර
✔️ ගර්භාෂයේ ඇතුළත ස්තරය (endometrium) ගැලවී යාම වළක්වයි
➡️ ඒ නිසා ඔසප් වීම තාවකාලිකව කල් යයි.

📌 ඔබ නොරෙතිස්ටෙරෝන් ගැනීම නවතා දැමූ විට,
➡️ ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහත වැටෙන අතර
➡️ සාමාන්‍යයෙන් දින 2–3ක් ඇතුළත ඔසප් වීම නැවත ආරම්භ වේ.

💊 ඔසප් වීම කල් දැමීමට සාමාන්‍ය භාවිතය
🔹 මාත්‍රාව (Dosage)
👉 5mg පෙති
👉 දිනකට 3 වතාවක්, කෑමෙන් පසු

🔹 ආරම්භය (Start)
👉 අපේක්ෂිත ඔසප් දිනයට දින 3කට පමණ පෙර

🔹 පවත්වා ගැනීම (Continue)
👉 ඔබට කල් දැමීමට අවශ්‍ය වන කාලය පුරාවට
👉 (සාමාන්‍යයෙන් දින 10–14ක් දක්වා)

⚠️ මෙය සාමාන්‍ය guideline එකක් පමණක් බව සලකන්න.

⚠️මෙම ඖෂධය ගැනීමට පෙර
👩‍⚕️ වෛද්‍යවරයකු හමුවී,
ඔබගේ ඔසප් චක්‍රය, වෛද්‍ය ඉතිහාසය සහ අවශ්‍යතාවය අනුව
✔️ නිවැරදි මාත්‍රාව
✔️ ගත යුතු කාලය
තීරණය කරගැනීම ඉතා වැදගත්ය.

👉 විශේෂයෙන් මෙය හෝමෝන සම්බන්ධ ඖෂධයක් වන නිසා
❌ වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිතා කිරීම සුදුසු නොවේ.

🤕 ඇතිවිය හැකි අතුරු ආබාධ
සමහර අයට,
🔸 හිසරදය
🔸 ක්ලාන්ත ගතිය
🔸 වමනය
🔸 මනෝභාවයේ වෙනස්වීම්
වැනි අතුරු ආබාධ දක්නට ලැබිය හැක.

🚨 ඔබට
❗ රුධිර කැටි ගැසීම් (blood clots)
❗ හෝමෝන සංවේදී රෝග
❗ අක්මාව සම්බන්ධ ගැටළු
පිළිබඳ ඉතිහාසයක් ඇත්නම්, අනිවාර්යයෙන් වෛද්‍යවරයා දැනුවත් කරන්න ✅

📣 Pharmacy4Life
ඔබේ සෞඛ්‍යය ගැන නිවැරදි දැනුම, නිවැරදි මාර්ගයෙන් 💊💙

👉 Post එක useful නම් share කරන්න.

සුභ දවසක්! ❤️

ලංකාවේ pharmacy වල මෙච්චර කාලයක් good pharmacy practice එකක් තිබුණේ නෑ..ඉල්ලන බෙහෙත විකිණීම  හැරෙන්න. ..සිල්ලර බඩු කඩයක්...
05/01/2026

ලංකාවේ pharmacy වල මෙච්චර කාලයක් good pharmacy practice එකක් තිබුණේ නෑ..ඉල්ලන බෙහෙත විකිණීම හැරෙන්න. ..සිල්ලර බඩු කඩයක් වගේ..
රෝගියාට අවශ්‍ය උපදෙස් දුන්නේ නෑ(Side effects, dosages, how long it should be taken) drugs interactions බැලුවේ නෑ..
නමුත් අලුත් නීති සංශෝදන සමග pharmacist කෙනෙක්ට pharmacy එකක් දාන්න පුලුවන්..ඒ තුල pharmacist ට හොද සේවාවක් දෙන්න පුලුවන්..හොද quality සේවයක් දෙන තැනට competition එකක් ඇති වෙලා රෝගීන් යාවි..
සිල්ලර බඩු වෙළදාම වගේ බෙහෙත් බිස්නස් කරන මුදලාලිලාට නොව Subject එක දැනගෙන නිවැරදිව බෙහෙත් issue කරන තැනක් තෝරා ගැනීමට රොගීන් විසින්ම පෙළඹෙයි.

Happy New Year 2026 !
01/01/2026

Happy New Year 2026 !

ඔබේ ඖෂධ නිවැරදිව ගැනීම ඔබේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට අතිශයින් වැදගත්! නමුත් සමහර විට, අප නොදැනුවත්වම, අපගේ ඖෂධවල ක්‍රියාකාර...
27/12/2025

ඔබේ ඖෂධ නිවැරදිව ගැනීම ඔබේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට අතිශයින් වැදගත්! නමුත් සමහර විට, අප නොදැනුවත්වම, අපගේ ඖෂධවල ක්‍රියාකාරිත්වයට බලපාන කුඩා වැරදි සිදු විය හැකියි. ඖෂධ භාවිතයේ දී රෝගීන් විසින් කරන පොදු වැරදි 3ක් සහ ඒවා වළක්වා ගන්නේ කෙසේදැයි බලමු!

1. මාත්‍රා මඟ හැරීම (Skipping doses) හෝ සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමය අවසන් නොකිරීම ⏳ ඔබත් ඔබට සුවයක් දැනී "මට මෙය තවදුරටත් ගත යුතු නැහැ" කියා සිතා තිබෙනවාද? නැතිනම් මාත්‍රාවක් ගැනීමට අමතක වුණාද? විශේෂයෙන් ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් මාත්‍රා මඟ හැරීම, ඔබේ ආසාදනය සම්පූර්ණයෙන්ම සුව නොවීම හෝ ඖෂධවලට ප්‍රතිරෝධී වීම (Resistnant to the medication) පවා සිදුවිය හැකියි. නිදන්ගත රෝග සඳහා, මාත්‍රා මඟ හැරීමෙන් ඔබේ රෝග ලක්ෂණ උග්‍ර විය හැකියි. 👉 ඒ නිසා මෙය මහ හරවාගන්න. ඔබට smart විදිහට උනත් හිතන්න පුළුවන්. ඔබේ දුරකථනයේ reminder එකක් සකසන්න ⏰සහ ඔබට සුවයක් දැනුණත්, නියම කර ඇති පරිදි සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමය සැමවිටම අවසන් කරන්න.

2. ඔබේ ඖෂධ ගත යුත්තේ කවදාද සහ කෙසේද යන්න තේරුම් නොගැනීම 🍎🥛 "ආහාර සමඟ ගන්න," "හිස් බඩට ගන්න," "කිරි නිෂ්පාදන සමඟ ගන්න එපා"... මේවා හුදු යෝජනා පමණක් නොවේ. ඔබ ඔබේ ඖෂධ ගන්නා ආකාරය එහි අවශෝෂණයට හා කාර්යක්ෂමතාවයට විශාල ලෙස බලපෑ හැකියි. වැරදි ආහාර හෝ බීම සමඟ ඇතැම් ඖෂධ ගැනීමෙන් ඒවායේ බලය අඩු විය හැකි හෝ අතුරු ආබාධ පවා ඇති විය හැකියි. 👉 එය මග හරවා ගැනීමට, සෑම විටම ලේබලය හොඳින් කියවන්න 📖. ඔබට විශ්වාස නැත්නම්, ඔබේ ඖෂධවේදියාගෙන් හෝ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.

3. ඖෂධ බෙදාගැනීම හෝ කල් ඉකුත් වූ ඒවා භාවිතා කිරීම 🚫 මිතුරෙකුට වේදනා නාශකයක් දීම හෝ පසුගිය වසරේ ඉතිරි වූ කැස්ස සිරප් භාවිතා කිරීම හානිකර නොවන බවක් පෙනුනත්, එය ඇත්තෙන්ම අවදානම් සහගතයි.ඖෂධ නියම කරනු ලබන්නේ නිශ්චිත පුද්ගලයන්ට සහ තත්වයන්ට ය. එක් අයෙකුට ක්‍රියා කරන දේ තවත් අයෙකුට භයානක විය හැකියි. කල් ඉකුත් වූ ඖෂධවල බලපෑම නැති විය හැකි හෝ හානිකර විය හැකියි. 👉 ඒ නිසා : ඔබේ බෙහෙත් වට්ටෝරු කිසිවිටෙක බෙදා නොගන්න, සහ ඔබේ සියලු ඖෂධවල කල් ඉකුත්වන දිනය සැමවිටම පරීක්ෂා කරන්න. කල් ඉකුත් වූ හෝ භාවිතයට නොගත් ඖෂධ ආරක්ෂිතව ඔබේ ෆාමසියට භාර දෙන්න. 🗑️

ඔබේ සෞඛ්‍යය ඔබේ වඩාත්ම වටිනා වත්කමයි! මෙම පොදු වැරදි පිළිබඳව අවධානය යොමු කිරීමෙන්, ඔබේ ඖෂධවලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට සහතික විය හැකියි. ඔබේ ඖෂධ සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඇත්නම්, Pharmacy4Life වෙත අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න!😊

📢 Follow ❤️ | Like 👍 | Share 🔄
මේ message එක තවත් කෙනෙකුට දැනගන්න සහ ඔවුන්ගේ life එක safe කරගන්න share කරන්න! 💊✨

🩺 GTN (Glyceryl Trinitrate / Nitroglycerin) ගැන දැනගත යුතු වැදගත් කරුණු 🫀GTN කියන්නේ හෘද රෝගීන් අතර බහුලව භාවිතා වන ඉතා ...
21/12/2025

🩺 GTN (Glyceryl Trinitrate / Nitroglycerin) ගැන දැනගත යුතු වැදගත් කරුණු 🫀

GTN කියන්නේ හෘද රෝගීන් අතර බහුලව භාවිතා වන ඉතා වැදගත් ඖෂධයකි. විශේෂයෙන්ම ඇන්ජයිනා කියන පපුවේ වේදනාව හදිසි ලෙස සමනය කිරීමට මෙය භාවිතා කරයි. හෘදයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වූ විට ඇතිවන වේදනාව අඩු කිරීමයි GTN හි ප්‍රධාන කාර්යය.

🔬 GTN ක්‍රියා කරන ආකාරය
GTN යනු නයිට්‍රේට් වර්ගයේ ඖෂධයකි. ශරීරයට ඇතුළු වූ පසු එය නයිට්‍රික් ඔක්සයිඩ් (NO) ලෙස පරිවර්තනය වේ. මෙම නයිට්‍රික් ඔක්සයිඩ් රුධිර නාලවල බිත්තිවල ඇති සිනිඳු මාංශ පේශි ලිහිල් කර රුධිර නාල පළල් කරයි.
➡️ එමඟින්
• රුධිරය පහසුවෙන් ගලා යයි
• හෘදයට ඔක්සිජන් බහුල රුධිරය වැඩි වේ
• ඇන්ජයිනා වේදනාව ඉක්මනින් අඩු වේ

⏱ වේගවත් ක්‍රියාකාරිත්වය
GTN පෙත්ත දිව යට තැබීමෙන් එය මුඛයේ ශ්ලේෂ්මල පටල හරහා කෙලින්ම රුධිරයට ඇතුළු වේ. ආහාර ජීර්ණ පද්ධතිය මඟහැර යන නිසා, සාමාන්‍යයෙන් මිනිත්තු 1–3 අතර කාලයකදී වේදනාව අඩු වීමක් දැනෙයි. ඒ නිසාම මෙය හදිසි අවස්ථාවල ඉතා ප්‍රයෝජනවත්ය.

💊 GTN පෙති ගැන මතක තබා ගත යුතු කරුණු ✋
✔️ උග්‍ර ඇන්ජයිනා වේදනාව සමනය කිරීමටත්, වේදනාව ඇති විය හැකි ක්‍රියාකාරකම් වලට පෙර වැළැක්වීමක් ලෙසත් භාවිතා කළ හැකිය
✔️ ඇන්ජයිනා රෝගීන් සැමවිටම තමන් ළඟ තබාගත යුතු ඖෂධයකි
✔️ පෙත්ත දිව යට දිය වීමට ඉඩ දිය යුතුය — ගිල නොදැමිය යුතුය
✔️ පොදු අතුරු ආබාධ ලෙස හිසරදය, කරකැවිල්ල, මුහුණ රතු වීම වැනි ලක්ෂණ ඇති විය හැකිය

⚠️ විශේෂ අවධානය අවශ්‍ය අවස්ථා
• දරුණු රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන් GTN භාවිතය පිළිබඳ වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍යය
• Closed angle glaucoma ඇති අය ඉතා ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුය
• GTN සහ Sildenafil (පුරුෂ ලිංග ප්‍රාණවත් නොවීම සඳහා භාවිතා කරන ඖෂධ) එකට භාවිතා කිරීම අතිශයින්ම අනතුරුදායකය — මෙය දැඩි ලෙස රුධිර පීඩනය අඩු කර මාරාන්තික විය හැක

🧴 ගබඩා කිරීම
• ආලෝකයෙන් ආරක්ෂා වීම සඳහා මුල් ඇම්බර් පැහැති බෝතලය තුළම තබා ගන්න
• වෙනත් බහාලුම්වලට මාරු නොකරන්න
• බෝතලය විවෘත කළ දිනයෙන් සති 8කට පසු ඉවතලන්න

🚑 අවසාන වැදගත් කරුණ
වෛද්‍යවරයා විසින් නියම කළ ආකාරයට සහ මාත්‍රාවට අනුව GTN භාවිතා කිරීම ඉතා වැදගත්ය. නිර්දේශිත මාත්‍රාවෙන් පසුත් පපුවේ වේදනාව සමනය නොවන්නේ නම් හෝ වැඩි වන්නේ නම්, ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

📢 ඔබගේ දැනුමටත්, අවශ්‍ය අයටත් මේ තොරතුරු බෙදා හරින්න 👍
ජීවිතයක් බේරාගන්න පුළුවන් වටිනා දැනුමක්!

✍️Pharmacy4Life

🔹 Paracetamol ගැන ඔබ දැනගත යුතු සියල්ල 🔹Paracetamol (පැරසිටමෝල්) කියන්නේ බොහෝ දෙනා භාවිතා කරන, ආරක්ෂිත සහ ප්‍රචලිත වේදනා...
21/12/2025

🔹 Paracetamol ගැන ඔබ දැනගත යුතු සියල්ල 🔹
Paracetamol (පැරසිටමෝල්) කියන්නේ බොහෝ දෙනා භාවිතා කරන, ආරක්ෂිත සහ ප්‍රචලිත වේදනා නාශක ඖෂධයක්. මෙය වේදනාව අඩු කිරීමටත්, උණ පහ කිරීමටත් භාවිතා කරයි.

🔸 Paracetamol භාවිතා කරන්නේ කුමක් සඳහාද?
✔️ හිසරදය
✔️ දත් වේදනාව
✔️ ශරීර වේදනාව
✔️ උණ (Fever)
✔️ සීතල / Flu සමඟ ඇති වේදනාව

🔸 Paracetamol ක්‍රියා කරන විදිහ
Paracetamol මගින් ශරීරයේ වේදනාව ඇති කරන සංඥා අඩු කරයි. එමෙන්ම උණ ඇති කරන ශරීර උෂ්ණත්වය පාලනය කරන මධ්‍යස්ථානයට බලපා උණ අඩු කරයි.

🔸 Paracetamol ගන්නා විදිහ
🔹 වෛද්‍ය උපදෙස් අනුව හෝ ඖෂධවේදී උපදෙස් අනුව පමණක් ගන්න
🔹 දවසට නියමිත ප්‍රමාණය ඉක්මවා ගන්න එපා
🔹 කුඩා ළමුන්ට දෙන විට වයස සහ බර අනුව ප්‍රමාණය වෙනස් වේ

🔸 Paracetamol අධික ලෙස ගත්තොත්?
❌ අධික ලෙස Paracetamol භාවිතා කිරීමෙන්

අක්මාවට (Liver) දැඩි හානි විය හැක

වමනය, මල බද්ධය, හිසරදය වැනි ලක්ෂණ පෙනී යා හැක

ඒ නිසා

🔸 Paracetamol ගන්න කලින් සැලකිලිමත් විය යුතු දේවල්
⚠️ දීර්ඝ කාලයක් තිස්සේ දිනපතා භාවිතා නොකරන්න
⚠️ මත්පැන් (Alcohol) සමඟ එකට ගන්න එපා
⚠️ අක්මාව සම්බන්ධ රෝග තියෙන අය වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන් ගන්න

🔸 Paracetamol ආරක්ෂිතද?
ඔව්. නිවැරදි ප්‍රමාණයෙන්, නිවැරදි ලෙස භාවිතා කළොත් Paracetamol ආරක්ෂිත ඖෂධයක්.
නමුත් සැකයක් තියෙනවා නම්, හැමවිටම වෛද්‍යවරයෙකු හෝ ඖෂධවේදීවරයෙකුගෙන් උපදෙස් ගන්න.

💊 ඔබගේ සෞඛ්‍යය – අපගේ වගකීමයි

🛑❌💊අනිත් අයට දුන්න බෙහෙත් ඔයත් බොනවද? එහෙනම් දැන්ම ගිහින් මේ video එක බලන්න.
18/11/2025

🛑❌💊අනිත් අයට දුන්න බෙහෙත් ඔයත් බොනවද? එහෙනම් දැන්ම ගිහින් මේ video එක බලන්න.

Check out Pharmacy4Life’s video.

Address

No. 35/1/1, Jayathilaka Mawatha, & Malamulla West Panadura
Panadura
0094

Opening Hours

Monday 16:00 - 20:30
Tuesday 16:00 - 20:30
Wednesday 16:00 - 20:30
Thursday 16:00 - 20:30
Friday 16:00 - 20:30
Saturday 16:00 - 20:30
Sunday 09:30 - 12:00
16:00 - 20:30

Telephone

+94715423688

Website

Alerts

Be the first to know and let us send you an email when Pharmacy4Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pharmacy4Life:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram