City Medi Lab - Pelawatta

City Medi Lab - Pelawatta Health and laboratory tests

12/05/2025
නිසි ලෙස පාලනය නොකල දියැඩියාව නිසා අන්ධ භාවය, වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදයාබාධ, අඝාතය, පාදවල කොටස් ඉවත් කිරීම වැනි සංකූලතා...
05/05/2025

නිසි ලෙස පාලනය නොකල දියැඩියාව නිසා අන්ධ භාවය, වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදයාබාධ, අඝාතය, පාදවල කොටස් ඉවත් කිරීම වැනි සංකූලතා ඇති විය හැක.

මේ සිංහල අළුත් අවුරුද්ද සියළු යහපත් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී පිංබර වාසනාවන්ත සෞභාග්‍යමත්සුභ නව වසරක් වේවා !!!
14/04/2025

මේ සිංහල අළුත් අවුරුද්ද
සියළු යහපත් පැතුම් ඉටුවන
නිදුක් නිරෝගී පිංබර වාසනාවන්ත සෞභාග්‍යමත්
සුභ නව වසරක් වේවා !!!

01/04/2025

ඩොක්ටර් ප්‍රෙශර් එක බලාගන්න පුළුවන් දැයි විමසා සිටියේ හදිසියේ මෙන් දුවගෙන ආ මැදිවියේ මිනිසෙකි.

ඩොක්ටර් ප්‍රෙශර් එක බලාගන්න පුළුවන් ද ?
120/80. නෝමල්.
හරි ඩොක්‍ටර් තැන්ක් යූ...
ඔහු පිටත්ව යන්නට නැගිට්ටේය.

මට ඔහුගැන මතකයක් නොවීය. ඉඳින් මා ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියෙමි.
දැන් වසර දහයක පමණ සිට ප්‍රෙශර් එකට බෙහෙත් ගන්නා බවත් බෙහෙත් ගන්නේ පරණ බෙහෙත් කාඩ් එක පෙන්නා පාමසියෙන් බවත් ඔහු මට කීවේය.

මාස දෙක තුනකට වතාවක් පමණ වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රෙශර් එක බලවා ගන්නා බවත්, එය නෝමල් යැයි වෛද්‍යවරයා පැවසූ විට ඔහුට ස්තූතිකොට වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නික්මයන බවත් ඔහු හා වැඩිදුර කතාවෙන් මට දැන ගැනීමට පුළුවන් විය.

ලේ පරීක්ෂණ එහෙම කරනවාදැයි විමසූ විට ඔහු මගෙන් විමසා සිටියේ ප්‍රෙශර් නෝමල් බැවිනුත් ඇඟට කිසි අපහසුවක් නොමැති බැවිනුත් ලේ පරීක්ෂණ අවශ්‍ය නොවේදැයි කියාය.

කෙසේ හෝ මාගේ බලවත් පෙරෙත්තය නිසාම හේ අක්මාව වකුගඩු සීනි ආදී ලේ පරීක්ෂණ කිරීමට එකඟ විය.

ඔහු ඒවා පෙන්වීමට පැමිණියේ තවත් මාස තුනකට පමණ පසුවය.

එහිදී මා හට දකින්නට ලැබුණු කණගාටු දායක කරුණ නම් ඇඟට කිසි අපහසුවක් නැතැයි කියූ ඔහුගේ වකුගඩු නරක්වීමට පටන්ගෙන තිබීමයි.

ඔබේත් මගේත් සිරුරේ අවයව නිසිලෙස ක්‍රියා කරන තාක් කල් ඔබට ඕනෑම බෙහෙතක් බොහෝදුරට පානය කළ හැකියි. නමුත් කල් ගතවන විට වයසට යාම, ඖශධවල බලපෑම, පාරිසරික සාධක ආදී හේතු විශාල ගණනක් නිසාවෙන් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය වෙනස් වීම අඩුවීම සිදුවෙයි.එවන් අවස්තාවන් වලදී ඖශධ භාවිතය ඉතා සැළකිල්ලෙන් කළයුතුවේ.

වෙනත් ඛාණ්ඩයක ඖශධයක් භාවිතය, ඖශධ මාත්‍රාව වෙනස් කිරීම අතුරුආබාධ අඩුකිරීම සඳහා වෙනත් ඖශධ එකතු කිරීම ආදී වෙනස්කම් එවන් අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් සිදුකරනු ඇත. එසේම හානිකර අතුරු ආබාධ තිබේදැයි නිතර කරනා ලේ පරීක්ෂණ මගින් තක්සේරු කිරීම ද සිදු කෙරෙනු ඇත.

ඉතින් මා මේ රෝගියාට හැකිතාක් සරලව නිසිකලට කරනා වෛද්‍ය පරීක්ෂණ ගැන මෙන් ම බෙහෙත් වල අතුරු ආබාධ ගැන ද කියා දුනිමි. එසේම ප්‍රෙශර් සීනි බෙහෙත් බෙහෙත් සායනයක් හරහා හෝ වෛද්‍යවරයකු හරහා නිසියාකාරව ලබාගැනීමේ වැදගත්කම ද පැහැදිලි කර දුනිමි.
එසේම වකුගඩු අක්‍රීය වීමට පටන්ගෙන ඇති නිසාවෙන් අදාල විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට ද පියවර ගතිමි.

ඔබත් / ඔබදන්නා අයත් නොයෙක් රෝගාබාධ සඳහා දිගුකාලීනව ඖශධ ලබාගන්නා අය දන්නවා ඇති.

චැනල් ගාස්තු/ ක්ලිනික් වල රස්තුයාදුව නැති කරගැනීමට පරණ කාඩ් එක පෙන්වා පාමසියෙන් බෙහෙත් ගැනීම සිදුකරනවා ඇති.

එය ඔබගේ වල ඔබම කපාගන්නවා වැනි වැඩක් බව හොඳින් මතකතබා ගන්න.

ඉතින් කාටත් පේන්න මේ පෝස්ට් එක share කරගෙන ම යන්න.

හො.ම.ත.ග.යු...

මම නවෝද්... SHO Surgery - BH Elpitiya

Address

Pitigala Road
Pelawatta
12138

Opening Hours

Monday 06:30 - 17:00
Tuesday 06:30 - 17:00
Wednesday 06:30 - 17:00
Thursday 06:30 - 17:00
Friday 06:30 - 17:00
Saturday 06:30 - 17:00
Sunday 06:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when City Medi Lab - Pelawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram