30/11/2025
මී උණ (Leptospirosis) – වැළදෙන ආකාරය සහ වලක්වා ගැනීම
📌 මී උණ වැළදෙන ආකාරය
මී උණට හේතුවන Leptospira නමැති බැක්ටීරියාව බොහෝවිට මීයන්ගේ මුත්‍රා ජලයට හා මඩට මිශ්‍රවීම හරහා මිනිසුන්ට පැතිරේ.
ශරීරයේ ඇති තුවාල, දද, කැපුම්, කුඩා සීරීම් හරහා මෙන්ම මීයන්ගේ මූත්‍රයෙන් දූෂිත වූ මඩ/ජලය මුව, නාසය, ඇස් වල තැවරීම හරහාද මෙම බැක්ටීරියාව ශරීරය තුලට ඇතුල් විය හැක.
🛡️ මී උණ වලක්වා ගැනීම (Prevention)
ශරීරයේ ඇති තුවාල, දද, කැපුම්, කුඩා සීරීම් මෙන්ම මුව, නාසය, ඇස් මීයන්ගේ මූත්‍රයෙන් දූෂිත වූ මඩ/ජලය සමග ස්පර්ශ විම වලක්වාලීම සදහා සැක සහිත වතුර/මඩ සමග වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම Rubber boots, ඇස් ආවරණ, මුඛ ආවරණ සහ gloves භාවිතා කරන්න.
හොදින් උණු කර නිවාගත් ජලය පමණක් පානය කරන්න.
සැක සහිත වතුර/මඩ සමග වැඩ ආරම්භ කිරිමට පෙර වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් අනුව සතියකට වරක් Doxycycline 200mg ඖෂධය ලබා ගන්න.
මී උණ ලක්ෂණ
උණ
මස්පිණ්ඩු වේදනාව
ඇස් කහබව
හිසරදය / වමනය
➡️ මෙම ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහාම රෝහල් වෙත යන්න.