07/02/2026
"තාත්තේ... මොකක්ද ඔය විකාරේ? වයස අවුරුදු 65ක් වෙලා දැන් කොණ්ඩෙ කළු කරන්න ගත්තේ මනමාලියක්වත් ගේන්නද? මගේ යාළුවෝ මගෙන් අහනවා තාත්තට පිස්සුද කියලා. මට ලැජ්ජයි මනුස්සයෝ..." රවිඳු එයාගේ තාත්තා, සුමනසිරිට කෑගැහුවේ හොඳටම කේන්තියෙන්. විශ්‍රාම ගියාට පස්සේ පැත්තකට වෙලා ඉන්නවා වෙනුවට තාත්තා සතියකට සැරයක් ඩයි (Dye) පැකට් එකක් ගෙනත් කොණ්ඩෙ කළු කරන එක රවිඳුට මහ වදයක් වුණා.
"නෑ පුතේ... නිකන් ඉන්න එකේ මේක කරාම ඇඟට ලාබයි..." සුමනසිරි තාත්තා බිම බලාගෙන උත්තර දුන්නා.
රවිඳුට එංගලන්තේ යන්න වීසා ඇවිත් තිබුණේ. ටිකට් එක ගන්න ලොකු සල්ලි හදිස්සියක් තිබුණා. "තාත්තේ මට ලක්ෂ දෙකක් මදි... මම කොහොමහරි හොයාගන්නම්..." රවිඳු එහෙම කියලා ටවුන් එකට ගියේ යාළුවෙක්ගෙන් ණයක් ඉල්ලගන්න.
රවිඳු සිකියුරිටි ඔෆිස් එකක් ඉස්සරහින් යද්දි දැකපු දේ නිසා එතනම නතර වුණා. එතන මැනේජර් ඉස්සරහා තාත්තා ඉඳගෙන හිටියා. තාත්තාගේ කොණ්ඩේ තද කළු පාටට දිලිසෙනවා. "සර්... මගේ අයිඩී එකේ වයස බලන්න එපා. මගේ ඇඟට තාම හයිය තියෙනවා. බලන්නකෝ මගේ කොණ්ඩේ ගහක්වත් ඉදිලා නෑ. මම තරුණ කොල්ලෙක් වගේ වැඩ කරන්නම් සර්. මගේ පුතාට රට යන්න සල්ලි වගයක් හොයලා දෙන්න ඕන. මට මේ රස්සාව දෙන්න සර්..."
තාත්තා මැනේජර් ඉස්සරහා දෑත් එකතු කරලා වැන්දා. රවිඳුට අහස පොළව ගැටලුණා වගේ දැනුණා. තාත්තා කොණ්ඩෙ පාට කළේ ෆැෂන් එකට නෙවෙයි. වයසක මිනිස්සුන්ට රස්සාවල් දෙන්නේ නැති නිසා, කොණ්ඩෙ කළු කරගෙන තමන් තරුණයි කියලා පෙන්නලා, පුතා වෙනුවෙන් කීයක් හරි හොයන්නයි තාත්තා ඒ බොරුව කරලා තියෙන්නේ.
"තාත්තේ..." රවිඳු දුවගෙන ගිහින් තාත්තව බදාගත්තා. "මට රට යන්න ඕන නෑ තාත්තේ... මට මගේ තාත්තව ඕන. ඔය කොණ්ඩෙ ඉදුනට මට කමක් නෑ..." එදා මුළු සිකියුරිටි ඔෆිස් එකම අඬවමින් රවිඳු තාත්තව එක්කගෙන ගෙදර ආවා.
තාත්තලා කියන්නේ දරුවන්ගේ හීන පාට කරන්න, තමන්ගේ පාට වෙනස් කරගන්න "මැජික්කාරයෝ" ජාතියක්.
(මේ වගේ තාත්තෙක් ඔයාටත් හිටියා නම් ❤️ React එකක් දාන්න. තාත්තාට ආදරේ අය Share කරන්න)