Srimali Veda Medura

Srimali Veda Medura We inspire you to Embrace Ayurveda in your daily life & experience true well being with the nature.

මහෞෂධී, මාණ්ඩුකී, මණ්ඩුකපර්ණී යනාදී නම් වලින් ද, මැඬියා පැන පැන යන අයුරින් සිහින් වැල් ඇඳි ඇඳී ගොස් කුඩා පඳුරු ලෙස ඇතිවෙ...
09/02/2026

මහෞෂධී, මාණ්ඩුකී, මණ්ඩුකපර්ණී යනාදී නම් වලින් ද, මැඬියා පැන පැන යන අයුරින් සිහින් වැල් ඇඳි ඇඳී ගොස් කුඩා පඳුරු ලෙස ඇතිවෙන නිසාවෙන් මණ්ඩුක ලෙසින්ද හඳුන්වන ගොටුකොළ කියන්නේ පලා වර්ග අතරින් වැඩිම යකඩ ප්‍රතිශතයක් අඩංගු වන පලා වර්ගයක්.
මෙහි විද්‍යාත්මක නාමය _Centella asiatica_ වේ.

ඉතා පහසුවෙන් අපගේ ගෙවත්තක වුවද වගා කරගැනීමට ද හැකි මෙම ශාකය තෙතමනය සහිත මැටි පසෙහි හොඳින් වර්ධනය වේ. එසේම තෙත වැලි පසෙහිද වර්ධනය වේ.

මෙහි ශාක පත්‍රයේ දාරය අපගේ මිනිස් මොළයේ හරස්කඩක් වැනි හැඩයක් ගන්නා නිසාම, ගොටුකොළ මස්තිෂ්කයට (මොළයට) ඉතා ගුණදායක බවට මතයක් පවතින්නා සේම සැබැවින්ම මෙය ඉතා ගුණවත්, වටිනා ශාකයකි.

බීටා කැරොටීන්, පොස්පරස්, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ හා ඛනිජ අයන මෙහි අඩංගු වේ.

හීං ගොටුකොළ (බෙහෙත් ගොටුකොළ ) හා
මහ ගොටුකොළ (රට ගොටුකොළ ) ලෙස ප්‍රභේද දෙකකි.

බුද්ධි වර්ධක, හෘදයට හිතකර, ස්තම්භන, ස්තන්‍ය ජනන, ශක්ති ජනක, වයඃ ස්ථාපන, විෂහර, රක්ත වර්ධක, බලකාරක යනු ආයුර්වේදයට අනුව මෙහි ප්‍රධාන කර්මයන්ගෙන් සමහරකි.

ආයුර්වේදයේදී මෙය , මලබද්ධය, ප්‍රමේහ රෝග, පීනස, කුෂ්ඨ රෝග, ක්‍රිමි රෝග ආදී බොහෝ රෝග අවස්ථාවන්හි භාවිතයට ගන්නා අතර,
🔸මතක ශක්තිය වර්ධනය හා රසායන ගුණ අපේක්ෂාවෙන්,
ගොටුකොළ යුෂ, එළකිරි සමඟ බීමට දීම.
🔸මල බුරුල්ව යනවිට,
ගොටුකොළ යුෂ, බැඳගත් සූදුරු චූර්ණය සමඟ බීමට දීම.
🔸ක්‍රිමි රෝගයන්ට,
ගොටුකොළ දඬු හා වලඟසාල් තම්බා බීමට දීම මෙන්ම,
🔸පීනස් රෝගීන්ට නිතර මෙය ආහාරයට ගැනීම ද ඉතා ගුණදායකය.
🔸එමෙන්ම මෙය හිසකෙස් වලටද ගුණදායක ඖෂධයකි.

එදිනෙදා භාවිතයේදී,
කැඳ, මැල්ලුම්, සලාද ආදී ලෙස සකසා භාවිතයට ගත හැකි මෙය ආයුර්වේදයේදී විවිධ ඖෂධ යෝග සඳහා භාවිතා වන මහඟු ඔසුවකි.

✍️ආයුර්වේද වෛද්‍ය උපේක්ෂා රන්මලී සෙනෙවිරත්න.
BAMS(Hons) Colombo
0773692780

ආයුර්වේදයට අනුව, නීරෝගී දරු පිළිසිඳගැනීමක් සඳහා,ඍතු,ක්ෂේත්‍ර,අම්බු,බීජ යන කාරණා සතර සම්පූර්ණ විය යුතුය.එනම්,🔹සරු කාලයේදී...
05/02/2026

ආයුර්වේදයට අනුව, නීරෝගී දරු පිළිසිඳගැනීමක් සඳහා,
ඍතු,
ක්ෂේත්‍ර,
අම්බු,
බීජ යන කාරණා සතර සම්පූර්ණ විය යුතුය.
එනම්,
🔹සරු කාලයේදී කායික සම්බන්ධතා පැවැත්වීම,
🔹නීරෝගී ප්‍රජනන පද්ධතියක් පැවතීම,
🔹හෝමෝන වල සමතුලිතතාවය,
🔹නීරෝගී කාන්තා හා පුරුෂ බීජ පැවතීම
යන කරුණු සියල්ල එකිනෙකට සම්බන්ධ වීම හා ඒවා සම්පූර්ණ වීම අනිවාර්ය වේ.

දරු පිළිසිඳගැනීමකට අවශ්‍ය නිසි පරිසරය සඳහා, මව සහ පියා යන දෙදෙනාගේම පෝෂණ තත්ත්වය යහපත් විය යුතුමය.

🔸අධික තෙල් සහිත ආහාර,
🔸විනාකිරි, අච්චාරු වර්ග වැනි උෂ්ණාධික ආහාර,
🔸අධිකව ලුණු, මිරිස් යෙදූ ආහාර වැනි දේ නිතර ගැනීමෙන් වැළකීම
මෙන්ම,
🔸ධාන්‍ය වර්ග,
නැවුම් එළවළු, පලා වර්ග, පළතුරු වර්ග,
🔸පිෂ්ටය, මේදය ආදී පෝෂක කොටස් නිසි පමණින් අඩංගු වන සමබල ආහාර වේලක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

එසේම,
වැරදි විහරණයන්ගෙන් ඈත් වීම හෙවත් නීරෝගී ජීවන රටාවක් ද දෙදෙනා විසින්ම ගත කළ යුතුවේ.
අධික වෙහෙසකර ජීවන රටාවන් මඟින් ද සරු බීජ හටගැනීමට බාධා ඇති කරයි.
🔹අධික උෂ්ණත්වක් සහිත ස්ථාන වල නිතර ගැවසීම හා දිගුකාලීනව එවැනි රැකියාවල නියුතු වීම,
🔹නිතර කිරණ වලට නිරාවරණය වීම(X-කිරණ වැනි),
🔹දීර්ඝ කාලීනව පරිගණක ආශ්‍රිත රැකියාවල නියුතු වීම,
🔹මත්පැන්, දුම්වැටි භාවිතය,
🔹තද සහ අපිරිසිදු යට ඇඳුම් භාවිතය යනාදී කරුණු මේ සඳහා හේතු විය හැකි වැරදි විහරණයන් කිහිපයකි.

මේ දේවල් සමඟින්ම,
දරුවෙකු අපේක්ෂා කරන කාන්තාව සහ පුරුෂයා යන දෙදෙනාගේම මානසික තත්ත්වය යහපත් වීම මේ සඳහා අත්‍යාවශ්‍ය කරුණකි.
හෝමෝන වල සමතුලිතතාවය සඳහා මෙම යහපත් මානසික තත්ත්වයක් පැවතීම අනිවාර්ය වේ.
ඒ සඳහා,
🔸මනස සන්සුන්ව තබා ගැනීම,
🔸යහපත් සිතුවිලි වලින් නිතර යුක්ත වීම,
🔸ආගමික ක්‍රියාකාරකම් වල නිරත වීම,
🔸සිත සන්සුන් කරන සංගීතයන්ට සවන් දීම,
🔸යෝගා ව්‍යායාම වල නිරත වීම වැනි කරුණු අනුගමනය කළ හැකිය.

එනම්, මෙවැනි කාලයේදී,
මෙම කාන්තාව සහ පුරුෂයා යන දෙදෙනා විසින්ම නිතරම යහපත්, සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීමත්, යහපත් සනීපාරක්ෂක පුරුදු පිලිපැදීමත් ඉතා වැදගත් ය.

✍️ආයුර්වේද වෛද්‍ය උපේක්ෂා රන්මලී සෙනෙවිරත්න.
BAMS(Hons) Colombo
0773692780

👩🏻‍⚕️මඳසරුභාවය ( Subfertility)විවාහපත් යුවලක් කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර, දරු පිළිසිදගැනීමක් බලාපොරොත්තුව කාය...
31/01/2026

👩🏻‍⚕️මඳසරුභාවය ( Subfertility)

විවාහපත් යුවලක් කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර, දරු පිළිසිදගැනීමක් බලාපොරොත්තුව කායික සබඳතා පැවැත්වූවද, එසේ වසරක කාලයක් ගතවූ පසුත් දරු පිළිසිඳගැනීමක් සිදු නොවේ නම්, එය මඳසරුභාවය ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හැඳින්විය හැකිය.

තවද, දරුඵල සහිත වූවද, නැවත දරු පිළිසිඳගැනීමක් අපේක්ෂාවෙන් කටයුතු කරන යුවලකට නිසි කලට එය ලඟාකර ගැනීමට ඇති නොහැකියාව ද මේ නිසා ඇතිවන තත්ත්වයක් විය හැකිය.

මෙම තත්ත්වය කාන්තාව සහ පුරුෂයා යන දෙදෙනාටම හෝ එක් අයෙකුට හෝ ඇති වී තිබිය හැකි තත්ත්වයකි.

කාන්තාවකට,
වැරදි ආහාර රටාවන්, වැරදි විහරණයන් සහ මානසික පීඩනය,
විවිධ රෝගී තත්ත්වයන්
යනාදී කරුණු ද,

පුරුෂයෙකුට,
මානසික පීඩනය,
වැරදි ආහාර රටාවන්,
ප්‍රජනන පද්ධතියට බලපෑම් කරන සර්වාංග රෝග සහ එම පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් වැනි හේතු මේ සඳහා බලපානු ලැබේ.

මේ පිළිබඳ තවදුරටත් දැනුවත් කිරීම් ඉදිරි ලිපි හරහා බලාපොරොත්තු වන්න.

✒️ආයුර්වේද වෛද්‍ය උපේක්ෂා රන්මලී සෙනෙවිරත්න.
BAMS(Hons) Colombo
0773692780

Srimali Veda Medura at 229, Makuluduwa Road, Bokundara, Piliyandala.0773692780
30/01/2026

Srimali Veda Medura at 229, Makuluduwa Road, Bokundara, Piliyandala.
0773692780

👩🏻‍⚕️ පොතු කබර ( Psoriasis ) රෝගයසමාජයේ බහුලව හමුවන පොතුකබර රෝගය, එහි ස්වභාවය නිසා රෝගියාට ශාරීරිකව මෙන්ම මානසිකව ද බොහෝ...
13/01/2026

👩🏻‍⚕️ පොතු කබර ( Psoriasis ) රෝගය

සමාජයේ බහුලව හමුවන පොතුකබර රෝගය, එහි ස්වභාවය නිසා රෝගියාට ශාරීරිකව මෙන්ම මානසිකව ද බොහෝ පීඩාකාරී රෝගයකි.
බොහෝ දෙනෙකු මෙය මුල් අවස්ථාවේදී හඳුනා නොගැනීම හෝ නොසලකා හැරීම නිසා රෝගය උත්සන්න වීම සිදුවේ.

🔹සම මතුපිට තරමක් ඉහළට එසවුනු ලප මතුවීම
🔹සමෙහි පොතු ගැලවී යාම
🔹ඒ ආශ්‍රිතව කැසීම ඇතිවීම
යන ලක්ෂණ ප්‍රධාන වශයෙන් මෙම රෝගයේ ලක්ෂණ වන අතර රෝගියා අනුව ඇතැම්විට රෝග ලක්ෂණ වෙනස් වීමද සිදුවිය හැකිය.

වැලමිට, දණහිස්, නළල ආශ්‍රිතව බොහෝවිට මුලින්ම මෙම ලක්ෂණ දැකිය හැකිවන අතර පසුව ශරීරයේ වෙනත් ස්ථාන වලටද පැතිරීම සිදුවිය හැක.

🔸ජානමය හේතු
🔸විෂ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම
🔸දිගු කාලීනව විෂ රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම
🔸දිගුකාලීන මානසික පීඩාකාරී බව
මෙම රෝගයට හේතු සමහරකි.

ස්ත්‍රී, පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් තොරව ඇතිවිය හැකි මෙම රෝගය කල්ගත වීමෙන් සන්ධි ආශ්‍රිතව ආතරයිටීස් (psoriatic arthritis) තත්ත්වයන් වැනි සංකූලතාවන්ද ඇති වීමට හැකිය.

ඔබත් මෙම රෝගයෙන් පීඩා විඳින්නේ නම්,
🔹නැවුම් එළවළු, පළතුරු දිනපතා ආහාරයට ගැනීම
🔹පලා වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීම
🔹මුං ඇට, කඩල, කව්පි වැනි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම
🔹සාලයා, සූඩයා, අමු හාල්මැස්සන් වැනි කුඩා මාළු වර්ග ආහාරයට ගැනීම
🔹ප්‍රමාණවත් තරම් ජලය පානය
🔹මෘදු සබන් වර්ගයක් භාවිතය
🔹මානසික විවේකයෙන් යුතු වීම
🔹උෂ්ණාධික ආහාර,කෘත්‍රිම කෑම, බීම, අධික ලුණු හා මිරිස් සහිත ආහාර අවම කිරීම
🔹නිදි වැරීම, අධික හිරු රැස් වලට නිතර නිරාවරණය අවම කිරීම
🔹මත්පැන්, දුම් පානය නතර කිරීම
යනාදී කරුණු අනුගමනය කිරීම වැදගත් වන අතර රෝගය සඳහා නිසි ප්‍රතිකාර පද්ධතියක් අනුගමනය කිරීමෙන්, බෝ නොවන රෝගයක් වන මෙම පීඩාකාරී රෝගී බවින් මිඳීමට ඔබටත් හැකියාව පවතී.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉතා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් මේ සඳහා පවතින අතර ඒ සඳහා ඔබ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත් වේ.

✒️ආයුර්වේද වෛද්‍ය උපේක්ෂා රන්මලී සෙනෙවිරත්න.
BAMS(Hons) Colombo
0773692780

Opening ceremony of Srimali Veda Medura on 08-01-2026 at 229, Makuluduwa Road, Bokundara, Piliyandala.
09/01/2026

Opening ceremony of Srimali Veda Medura on 08-01-2026 at 229, Makuluduwa Road, Bokundara, Piliyandala.

Srimali Veda Medura has been opened today at 229, Makuluduwa Road, Bokundara, Piliyandala.We are open from,9:00 AM to 1:...
08/01/2026

Srimali Veda Medura has been opened today at 229, Makuluduwa Road, Bokundara, Piliyandala.

We are open from,
9:00 AM to 1:00 PM
&
3:00 PM to 7:00 PM.

Closed on Wednesdays and Poya days.

01/01/2026

Address

229, Makuluduwa Road, Bokundara
Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Srimali Veda Medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram