Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala

Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala මහමෙව්නාව භාවනා අසපුව - පින්නවල

10/12/2025
10/12/2025

*නමෝ බුද්ධාය !🙏*
🌼 *පුණ්‍යානුමෝදනාවයි !*🌼

මව්බිමට ඇති වූ හදිසි ආපදා තත්වය නිසා පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා *පින්නවල මහමෙව්නාව භාවනා අසපුවෙන් සංවිධානය කරනු ලැබූ සහන සේවා වැඩසටහනේ තුන්වන අදියරට* සවියක් වූ ඔබ සැමට පුණ්‍යානුමෝදනා වේවා!

අයහපත් කාලගුණ තත්වය නිසා *කෑගල්ල දිස්ත්‍රික්කයේ, අරණායක ප්‍රදේශයේ පූර්ණ නිවාස සහ අර්ධ නිවාස හානියට ලක්වුන පවුල් 35ක පිරිස සඳහා රුපියල් 12,500/-ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ* 2025/12/06 වන දින ලබා දෙන ලදී.

මෙම උතුම් කාල දානමය පින්කම සඳහා *මූල්‍යමය වශයෙන්ද, ද්‍රව්‍ය ලබා දීමෙන්ද, ශ්‍රම පරිත්‍යාගයෙන්ද* දායකත්වය දැක්වූ සියලු දෙනාටම *උතුම් තුනුරුවනේ ආශිර්වාදය සැලසේවා! කායික මානසික සුවපත් භාවය සැලසේවා! දෙවියන්ගේ රැකවරණය ලැබේවා!*

*සසර ගමනේදී මෙවන් බියකරු විපත් සිදු නොවීම පිණිසත්, සසර දුකින් සදහටම නිදහස් වීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා!*

*තෙරුවන් සරණයි!*

*නමෝ බුද්ධාය !*උඳුවප් පුර පසොලොස්වක පොහෝ දින (2025/12/04) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ  පැවති *සීල භාවනා වැඩසටහන, ළමා ...
07/12/2025

*නමෝ බුද්ධාය !*

උඳුවප් පුර පසොලොස්වක පොහෝ දින (2025/12/04) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති
*සීල භාවනා වැඩසටහන, ළමා දහම් හමුව, යොවුන් දහම් හමුව, චෛත්‍යය වන්දනාව* තුළින් රැස් කළ පුණ්‍යධර්මයන් සියලු දෙව් බඹුන් සතුටින් අනුමෝදන් වෙත්වා..

*පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා..*

පෝය වැඩසටහන සාර්ථක කර ගැනීමට, නන් අයුරින් උපකාර කළ සැමටත්, වැඩසටහනට සම්බන්ධ වූ සැමටත්, දැකබලා සතුටු වන සැමටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා.

*කායික මානසික සුවපත් භාවය ලබත්වා. දෙලොව යහපත පිණිසම හේතු වේවා. උතුම් ධර්මාවබෝධය ලබත්වා.*

*තෙරුවන් සරණයි !*

06/12/2025

*නමෝ බුද්ධාය !🙏*
🌼 *පුණ්‍යානුමෝදනාවයි !*🌼

මව්බිමට ඇති වූ හදිසි ආපදා තත්වය නිසා පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා *පින්නවල මහමෙව්නාව භාවනා අසපුවෙන් සංවිධානය කරනු ලැබූ සහන සේවා වැඩසටහනේ දෙවන අදියරට* සවියක් වූ ඔබ සැමට පුණ්‍යානුමෝදනා වේවා!

අයහපත් කාලගුණ තත්වය නිසා *කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටගම,මීදුම,තිස්මල්පොල,වල්ගම,කොස්හින්න,මීපිටිය,වලංගොඩ යන අනාථ කඳවුරුවල සිටින, 770 ක් වූ පිරිසක් සඳහා* 2025/11/03 වන දින දහවල ආහාරය සකසා ගෙන ගොස් ලබා දෙන ලදී.

මෙම උතුම් කාල දානමය පින්කම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ *බුද්ධික මහතා, ඔස්ට්‍රේලියාවේ පදිංචි අජිත් මහතා ඇතුළු මූල්‍යමය වශයෙන්ද, ද්‍රව්‍ය ලබා දීමෙන්ද, ශ්‍රම පරිත්‍යාගයෙන්ද* දායකත්වය දැක්වූ සියලු දෙනාටම *උතුම් තුනුරුවනේ ආශිර්වාදය සැලසේවා! කායික මානසික සුවපත් භාවය සැලසේවා! දෙවියන්ගේ රැකවරණය ලැබේවා!*

*සසර ගමනේදී මෙවන් බියකරු විපත් සිදු නොවීම පිණිසත්, සසර දුකින් සදහටම නිදහස් වීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා!*

*තෙරුවන් සරණයි!*

05/12/2025
02/12/2025

*නමෝ බුද්ධාය !🙏*
🌼 *පුණ්‍යානුමෝදනාවයි !*🌼

මව්බිමට ඇති වූ හදිසි ආපදා තත්වය නිසා පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා *පින්නවල මහමෙව්නාව භාවනා අසපුවෙන් සංවිධානය කරනු ලැබූ සහන සේවා වැඩසටහනේ පළමු අදියරට* සවියක් වූ ඔබ සැමට පුණ්‍යානුමෝදනා වේවා!

අයහපත් කාලගුණ තත්වය නිසා අසරණව සිටි *කෑගල්ල දිස්ත්‍රික්කයේ, රඹුක්කන ප්‍රදේශවාසීන් සඳහා අද දින වළල්ගොඩ විහාරස්ථානයේ දී ඔබගේ පරිත්‍යාගයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදී.*

මෙම උතුම් කාල දානමය පින්කම සඳහා, *මූල්‍යමය වශයෙන්ද, ද්‍රව්‍ය ලබාදීමෙන්ද, ශ්‍රම පරිත්‍යාගයෙන්ද* දායකත්වය දැක්වූ සියලු දෙනාටම *උතුම් තුනුරුවනේ ආශිර්වාදය සැලසේවා! කායික මානසික සුවපත් භාවය සැලසේවා! දෙවියන්ගේ රැකවරණය ලැබේවා!*

*සසර ගමනේදී මෙවන් බියකරු විපත් සිදු නොවීම පිණිසත්, සසර දුකින් සදහටම නිදහස් වීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා!*

*තෙරුවන් සරණයි!*

02/12/2025

🔴 මව්බිම වෙනුවෙන් එක්වෙමු..
ආපදා සහන සේවය...

ඇති වූ හදිසි ආපදා තත්වය නිසා පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් යුතුකමේ වගකීම ඉටු කරන්නට සැවොම එක් වෙමු. මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව දියත් කරන ආපදා සහන සේවය... විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් මේ මොහොතේ අත්‍යවශ්‍යම සහන සේවා සැපයීම වෙනුවෙන් ඔබට දායක විය හැකිය.

* සහල්
* පරිප්පු
* ටින් මාළු
* සෝයා
* නූඩ්ල්ස්
* රට ලූණු
* පොල්
* කෑලි මිරිස් පැකට්
* ලුණු කුඩු පැකට්
* සීනි පැකට්
* තේ කුඩු පැකට්
* අනෙකුත් පිසින ලද වියළි ආහාර වර්ග
* බිස්කට් වර්ග
* කිරිපිටි
* ළදරු හා වැඩිහිටි කාන්තා සනීපාරක්ෂක තුවා
* ඇඳ රෙදි
* පාසල් ළමුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට හැකිය.
ඔබගේ ආධාර දිවයින පුරා විහිදී ඇති මහමෙව්නාව භාවනා අසපු ශාඛා සඳහා පැමිණ භාර දිය හැකිය. මහමෙව්නාව අසපු ශාඛාවන් 👇

📌 උතුරු මැද පළාත
අනුරාධපුරය,කහටගස්දිගිලිය,කැබිතිගොල්ලෑව,ගලෙන්බිඳුනුවැව,මිහින්තලේ, ගල්නෑව, පොළොන්නරුව, හබරණ, ගිරිබාව

📌 නැගෙනහිර පලාත
සේරුවිල මංගල රාජ මහා විහාරය, විල්ගම්වෙහෙර රාජ මහා විහාරය, කන්තලේ, අම්පාර, මුල්ලේගම,

📌 මධ්‍යම පලාත
කුණඩසාලේ,මාතලේ,නුවරඑළිය, මොරගහකන්ද, ලග්ගල,

📌 වයඹ පලාත
ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය - බෝවත්ත, ආණමඩුව, උයන්දන, දඹදෙණිය, හුණුමුල්ල, පොතුහැර, පොල්පිතිගම, පොල්ගහවෙල, තඹකන්ද, මහව,

📌 දකුණු පලාත
ගාල්ල,ඇල්පිටිය, කරතගම, වළස්මුල්ල, තිස්ස, මාතර, හිනිඳුම, සූරියවැව, බෙලිඅත්ත,

📌 සබරගමුව
පින්නවල, එරත්න, බලන්ගොඩ, සිරිපාගම, අවිස්සාවේල්ල, කහවත්ත,

📌 බස්නාහිර පලාත
නිට්ටඹුව, මාවරමණ්ඩිය, පාළුගම, සේරුපිට, මාළඹේ, කෝට්ටේ, බුලත්සිංහල, හොරණ, කොච්චිකඩේ, ගම්පහ, අගලවත්ත, මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය - දෙල්ගොඩ,


📌ඌව පලාත
බණ්ඩාරවෙල, වැලිමඩ, මොණරාගල, බිබිල, බුත්තල, මහියංගනය, මාරිඅරාව

🔴ඔබගේ දායකත්වයන් පහත ගිණුමට බැර කරන්න

📍 ගිණුමේ නම - ශ්‍රද්ධා සමාජ සත්කාර
📍 ගිණුම් අංකය - 1162 6100 4333
📍 සම්පත් බැංකුව - කඩුවෙල ශාඛාව
📍 SWIFT CODE - BSAMLKLX

🟢 මුදල් බැර කළ පසු ඔබේ රිසිට් පත පහත WhatsApp අංකයට යොමු කරන්න....
👉 0713490000

☎️ විමසීම් - 0713490000

#ආපදා_සහන #ආධාර

Address

මහමෙව්නාව අමාදහර භාවනා අසපුව
Pinnawala
71100

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94703133961

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram