10/07/2024
උරහිස ආශ්‍රිතව අධික වේදනාවක් ඔබටත් පවතීද ❓❓❓
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අවබාහුක, අපබාහුක (Frozen Shoulder, Adhesive Capsulitis of Shoulder) යන නම් වලින් හදුන්වන රෝගී තත්වය මෙයට හේතු විය හැකිය.
✔උරහිස ක්‍රියාකරන සෑම වාරයකදීම උරහිස හා ගෙල ආශ්‍රිතව අධික වේදනාව,
වැලමිට සන්ධිය( Elbow joint), ඔරලෝසු සන්ධිය(Wrist joint) මෙන්ම ඇඟිලි පුරුක්වල පවා වේදනාව ඇති වීම.
✔වේදනාව නිසා අත එහාමෙහා කිරීම අපහසු වීම. එනම් අත ඉහළට එසවීම, පිටුපසට ගැනීම, නැවීම, කරකැවීම ආදී චලනයන් අපහසු වීම.
✔අත හිරිවැටීම.
✔හිස පීරීමට, කොණ්ඩය බැඳ ගැනීමට පවා අපහසු වීම.
✔ගෙල, උරහිස සහ අතෙහි මාංසපේශීන්ගේ තදබව
✔එම ප්‍රදේශය ඉදිමීම.
🟣මෙහිදී ඇතිවන වේදනාව වෙනස්වන සුළු එකකි.
*රාත්‍රියේ වේදනාව අධික වේ.
*සීතල දේශගුණික තත්ත්ව යටතේ ද වේදනාව වැඩි වේ.
*චලනය කරන විට වේදනාව අධික වේ.
🔹මෙය බහුලව දැකිය හැකි වන්නේ අවුරුදු 40 - 70 අතර පුද්ගලයන් අතරේ ය.
🔹එයිනුත් කාන්තාවන් අතර බහුල රෝගී තත්වයකි.
🔹උරහිසෙහි ශල්‍යකර්මයක් ආදියෙන් පසුවද මෙවැනි අවස්ථාවන් ඇති වේ.
🔹වලිප්පුව, මධුමේහය, ආඝාත තත්ත්ව, පෙනහලු ආශ්‍රිත සම්බන්ධක පටක ආශ්‍රිත රෝග, රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයන් ඇතිවිට ද උරහිසේ වේදනාව ඇතිවේ.
🔹වැටීමකදී, තැලීමකදී උරහිස සහ බෙල්ල ආශ්‍රිතව නිසි ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවේ
නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වීම මගින් ඔබට ඇති වන පීඩාකාරී තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදිය හැකිය..
✳සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම රැසක් ඇසුරින් ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට අප රෝහල සූදානම්.
ඔබට අවශ්‍ය නේවාසික පහසුකම් ඇතුලු සියලු දේ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය මන්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ...
ප්‍රධාන ශාඛාව - සෑම දිනකම පෙ . ව 4.00 සිට ප.ව 8.00 දක්වා
යශ්වින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
කෙසෙල්වතුගොඩ,
දේවාලේගම
0715997717
0713747434
Whatsapp number
0715997717
0713747434