SMART PHARMACY Puttlam

SMART PHARMACY Puttlam All Your Pharmaceutical Needs
(1)

copied from Health Promotion Bureau    මේ දිනවල බොහෝ දෙනා මානසික සෞඛ්‍ය සම්බන්ධ විවිධ මාතෘකා පිළිබඳ උනන්දුවක් දක්වනවා. ල...
21/01/2023

copied from Health Promotion Bureau

මේ දිනවල බොහෝ දෙනා මානසික සෞඛ්‍ය සම්බන්ධ විවිධ මාතෘකා පිළිබඳ උනන්දුවක් දක්වනවා. ලෝක මට්ටමෙන් මේ කතිකාවත ඇරඹෙන්නේ කොවිඩ් - 19 ගෝලීය වසංගතය අපගේ ජීවිතවලට එල්ලකල දැවැන්ත බලපෑමත් සමගයි. අප රටේ වර්තමානයේ පවත්නා අර්බුදකාරී වාතාවරණය සහ අසන්නට ලැබෙන ව්විධ සිදුවීම් ඔස්සේ මේ හා බැඳුනු නොයෙකුත් අදහස් සහ සංවාද වරින්වර පැනනගින අයුරු දකින්නට පුලුවන්. ඒ අතරින් වඩාත්ම සුලබව කතාබහට ලක්වන මෙන්ම වැදගත් මාතෘකාවක් වන මානසික ආතතිය පිලිබඳවයි මේ සටහන.

සරළව කිවහොත් මානසික ආතතිය (Stress) යනු යම්කිසි පීඩාකාරී තත්වයකට අප තුල ඇතිවන ප්‍රතිචාරයක්. අපට මුහුණදීමට සිදුවන විවිධ තත්වයන් හෝ ජීවත්වීමේ දී අත්විඳීමට සිදුවන නොයෙකුත් ආකාරයේ සිදුවීම් නිසා මෙම තත්වය ඇතිවන්නට පුලුවන්. බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවන අවස්ථාවලදී සහ තත්වය තවදුරටත් තමන්ගේ පාලනයෙන් තොර බව හැඟෙන මොහොතක මෙලෙස පුද්ගලයෙකු ආතතියට පත්වන්නට වැඩි ඉඩකඩ තිබෙනවා.

එදිනෙදා ජීවිතයේදී අප සියලුදෙනාම පාහේ විවිධ ප්‍රමාණ වලින් ආතතියට මුහුණ දී තිබෙනවා.සමීපතමයෙකුගේ මරණයකදී, තරඟ විභාගයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමේ දී, සබඳතාවයක් බිඳවැටීමේ දී, රැකියාවේ ගැටලුවක දී හෝ එය අහිමි වූ අවස්ථාවක දී, අධික කාර්යබහුල තත්වයක දී ඔබ සහ ඔබ අවට සිටින්නන් විවිධ ආකාරයෙන් ඒවාට ප්‍රතිචාර දැක්වූ බව ඔබට මතක ඇති. මේ ප්‍රතිචාරවල විවිධත්වයට අපට ආරයෙන් ලැබුණු ලක්ෂණ, මෙයට පෙර මුහුණදුන් ජීවන අත්දැකීම්, පෞරුෂය මෙන්ම සංකීර්ණ සාමාජයීය සහ ආර්ථික කාරණා හේතු වෙනවා. අභියෝගයට මුහුණදෙමින් එය ජයගන්නට හෝ තත්වය යම් තරමකට හෝ දරාගන්නට මෙම ස්වභාවික ප්‍රතිචාරය යම් තරමකට පැවතීම ඇතැම්විට උපකාරී වුවත්, එය පමණ ඉක්මවා ගිය විට ඇතිවන්නේ හානිකර සහ අවාසිදායක තත්වයක්.

ඇතැම් අය මේ ආතතිය (Stress), මානසික අවපීඩනය (Depression) සහ වියෝ දුක ( Grief ) යන තත්වයන් එකක් ලෙස වැරදියට වටහාගෙන තිබෙනවා. මානසික අවපීඩනය (Depression) ලෙස හැඳින්වෙන්නේ නොපමාව ප්‍රතිකාර සහ උපකාර අවශ්‍යවන මානසික රෝගී තත්වයක් වන අතර, වියෝ දුක ( Grief ) ලෙස හැඳින්වෙන්නේ තමන්ගේ ආදරණීයකුගේ වියෝව හෝ මාරාන්තික අසනීප තත්වයක් පිළිබඳව දැනගැනීම හේතුවෙන් ඇතිවියහැකි ඉතාම ප්‍රබල ශෝකාකූල හැඟීම්බර තත්වයක්.

ජීවිතයේ නොයෙක් අවස්ථාවල අප කරා ආ හැකි ආතතිය, කලමණාකරණය කරගැනීමේ හැකියාව වැදගත් ජීවන නිපුනතාවක්. මේ සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිතා කරන්නට පුලුවන්. හැකි උපරිමයෙන් ව්‍යායාම් සහ ශාරීරික වශයෙන් ක්‍රියාශිලී ජීවන රටාවකට යොමුවීම, සම්පූර්ණයෙන් අක්‍රීය ලෙස නොසිට ඔබගේ ආතතියට හේතුවන ගැටලුවට කලහැකි පිළියම් වෙත යොමු වීම සහ එහිදී අන් අය නොව ඔබ සතුටුවන විසඳුම්වලට ප්‍රමුඛත්වය ලබාදීම, විශ්වාසනීය සමීපතමයන් /මිතුරන් ඇසුර, ඔබටම වෙන්වූ කාලයක් දෛනිකව ගතකිරීම සහ ඔබ මෙන්ම දුෂ්කර වකවානුවක් ගතකරනඅන් අයට හැකිතාක් උදව් උපකාර කිරීමට යොමුවීමත් ඔබගේ ආතතිය යම් තරමකට සමනය කරගැනීමට උපකාරී වෙන පියවර වනවා. හැකිතාක් ධනාත්මක ආකල්ප පවත්වාගන්නා අතරේ, ඇතැම් දෑ අපගේ පාලනයෙන් තොරබව ඒ ආකාරයෙන් පිළිගැනීමත් ඉතාම වැදගත්.

කෙසේ වුවත් අප එකිනෙකාගේ ඔරොත්තුදිය හැකි සීමාවන් විවිධයි. ඒ නිසා කවර වයසක සිටියත්, කුමන රැකියාව කලත්, මොන අධ්‍යාපන මට්ටමේ සිටියත්, ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත් අපට පීඩාකාරී මට්ටමින් ආතතිය ඇතිවන්නට ඕනෑම අවස්ථාවක ඉඩකඩ තිබෙනවා. එමෙන්ම එක් අයෙකුට ඉතා පහසුවෙන් මුහුණදිය හැකි ගැටලුවක් තවත් කෙනෙකුට ඉතා දරුණු මානසික පීඩාවක් ඇතිකරන්න ඉඩ තිබෙනවා.

ඔබ ආතතියෙන් පීඩා විඳින බව දැනගන්නට හැකි ලක්ෂණ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. හිසරදය, කැරකැවිල්ල, මස් පිඩු තද වීම, මස්පිඩු වේදනාව, උදරයෙ අපහසුතාවන්, පපුවේ වේදනාව, වේගවත් හදගැස්ම සහ ලිංගික ගැටලු යනාදිය සුලබ ශාරීරික රෝග ලක්ෂණ වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. අවධානය පවත්වා ගැනීමේ අපහසුතාවය, තීරණ ගැනීමේදී ඇතිවන අපහසුතාවය, අධික හැඟීම්බර ස්වභාවය, නිරන්තරයෙන් ඇතිවන කනස්සල්ල සහ නිතර අමතක වෙන සුළු ස්වභාවය යනාදිය ආතතියේ සුලබ මානසික ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි. මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයෙකුගේ හැසිරීමේ විවිධ වෙනස්කම් ඇති විය හැකියි. බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ සමීපතමයෙකු ට මේ වෙනස්කම් ඉතා සියුම් වුවත් හඳුනා ගැනීමේ ඉඩකඩක් තුබෙනවා. මානසික ආතතිය හේතුවෙන් ඇතිවීමට ගිය ඇතැම් ඛේදවාචක සමීපතමයන්ගේ විමසිලිමත් බව නිසා වළක්වාගත හැකි වූ අවස්ථා පිළිබඳ සිදුවීම් අප අවට පරිසරය නිතර දකින්නට ලැබෙන්නේ ඒ නිසායි. සුළු දේටත් කේන්ති ගැනීම, කලබලකාරී බව, නින්ද ඉතා අධික හෝ ඉතා අඩු බව, ඉතා අධිකව හෝ ඉතා අඩුවෙන් ආහාර ගැනීම, අසාමාන්‍ය ලෙස ඇතැම් ස්ථාන සහ පුද්ගලයන් මගහැර සිටීමට උත්සාහ කිරීම, අධික ලෙස දුම් හෝ මත්පැන් පානයෙහි යෙදීම වැනි ලක්ෂණ ආතතියෙන් පෙළෙන පුද්ගලයන් වෙතින් නිතර පිළිබිඹු වෙනවා. එනමුත් ඒ තත්වයන් කෙනෙකුගේ සාමාන්‍ය චරිත ස්වභාවයට වඩා වෙනස් බව හඳුනාගන්නට බොහෝවිට හැකියාව ලැබෙන්නේ අදාළ තැනැත්තා හොඳින් දන්නා හඳුනන සමීපතමයෙකුටයි. කෙසේ වුවත් මෙම ලක්ෂණ ආතතිය හැර වෙනත් කායික / මානසික ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බව අමතක කරන්නට බැහැ.

මෙවැනි තත්වයක ඔබ හෝ ඔබේ සමීපතමයෙකු සිටීනම් ඔවුන් කඩිනමින් අදාළ උපකාරක සේවාවන් වෙත යොමු කිරීම කල යුතුයි. ආතතිය හෝ වෙනත් ඕනෑම මානසික ගැටලුවක් පිළිබඳව විමසීම සඳහා 1926 - ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇමතීමට ඔබට පුලුවන්. ඊට අමතරව ඔබගේ ප්‍රදේශයේ රෝහල්වල ඇති මානසික සෞඛ්‍ය සායනවෙත යොමුවීමේ අවස්ථාවත් ඔබට තිබෙනවා.

මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආතතියට හෝ වෙනත් මානසික ගැටලු සමනය වන බව ඇතැම් අය අතර ඇති මිත්‍යා මතයක්. විසඳුම් පතා එවැනි දෑට යොමු වීමෙන් පවත්නා ගැටලුව උත්සන්නවීමට මෙන්ම කායිකව හා මානසිකව තවදුරටත් අප බිඳවැටීමට හේතුවන බවට විද්‍යාත්මක සත්‍යයක්. මෙයට අමතරව ඇතැම් අය ආතතිය සමනය කරගැනීමේ බලාපොරොත්තුවෙන් අධික ලෙස කැෆේන් අඩංගු පාන වර්ග ගැනීමත් සිදු කරනවා. කෝපි / කෝලා වර්ග/ කැෆේන් සහිත ශක්තිජනක පාන නිතර ගැනීමත් සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ.

කායික අපහසුතාවයක් ඇතිවූ විට එයට කල් නොහැර නිසි පිළියම් යොදන අප, මානසික අපහසුතාවයකදීත් ඒ ආකාරයෙන්ම අවධානය යොමුකර ඉක්මන් පිළියම් සඳහා යොමු වීම මෙවන් අර්බුදකාරි වටපිටාවක විශේෂයෙන්ම කලයුත්තක්. අප එකිනෙකා රැකබලාගන්නට අපට තරම් වෙන කිසිවෙකුට හැකියාවක් නැහැ. මේ අප එක්ව සුරැකිය යුතු කාලයයි.

Health Promotion Bureau හි පළ කල ලිපියකි,පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ ඔබගේ සමීපතමයින් වැඩි වශයෙන් උණ තත්වයන්ට ගොදුරුව...
12/01/2023

Health Promotion Bureau හි පළ කල ලිපියකි,

පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ ඔබගේ සමීපතමයින් වැඩි වශයෙන් උණ තත්වයන්ට ගොදුරුවනු නිරීක්ෂණය වන්නට ඇති. ඇත්තවශයෙන්ම උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවෙයි. ඉතින් මේ අප දකින උණ තත්වයන්ට හේතු වූ රෝගය කුමක් විය හැකි ද? උණ තිබේ නම් කළ යුත්තේ කුමක් ද? නොකළ යුතු දෑ මොනවා ද? යන්න ඔබත් සමඟ සාකච්ඡා කිරීමට අප මෙම කෙටි සටහනෙන් අපේක්ෂා කරනවා.

මේ දිනවල පැතිරයන උණ තත්වයන්ට ප්‍රධානතම හේතුව ලෙස , ශ්වසන වෛරසයක් වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රබේධයක් හේතු වී ඇති බවට විශේෂඥයින් විශ්වාස කරනවා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි ලක්ෂණ සමඟ ඇතිවන උණ මෙහිදී දකින්නට ලැබෙනවා. කෙසේ නමුත් මෙවැනිම රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ්-19 ඇතුලු තවත් ශ්වසන වෛරස අප අවට පරිසරයේ පවතින බව අමතක කරන්නට බැහැ.

රට තුල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවත් සීග්‍රයෙන් ඉහළගොස් තිබෙන වකවානුවක අප දකින ඇතැම් උණ තත්වයන් ඩෙංගු වන්නටත් ඉඩ තිබෙනවා. මී උණ වැනි අප රටේ පැතිර පවත්නා තවත් බෝවෙන රෝගවලත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ උණ ඇතිවීමයි.

ඇතැම්විට නිවසේදී ඔබට වෙන්කර ගැනීමට අපහසු, මෙවැනි හේතු ගණනාවක් නිසා උණ ඇතිවිය හැකි වුවත් පොදුවේ එවන් අවස්ථාවක අප කලයුතු දෑ දැනගෙන සිටීම සංකූලතා අවම කරගෙන ඉක්මනින්ම සුවපත්වීමට ඉතා වැදගත්.

ඔබට හෝ සමීපතමයෙකුට උණ ඇතිනම් හොඳින් දියර වර්ග ලබාගනිමින් විවේකීව සිටීම වැදගත්. පානීය ජලය පමණක් නොව කැඳ, සුප්, තැඹිලි වැනි ඛනිජ ලවණ අඩංගු පාන වර්ග ඔබට ලබාගත හැකි නම් වඩාත් සුදුසුයි. එමෙන්ම ශරීරයේ දියර මට්ටම ඉක්මනින් ඉහළ නංවන සහ පහසුවෙන් සකස් කරගත හැකි පානයක් වන ජීවනී පැකට්ටුවක් නිවසේ තබාගත හැකිනම් මෙවන් මොහොතක ඔබට එය ක්ෂණිකව පිළියෙල කරගෙන භාවිතා කල හැකියි. පෝෂණීය ආහාරවේලක් ලබාගැනීමත් ඉක්මන් සුවයට උපකාරයක්. උණට සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධය පමණක් නිසි මාත්‍රාවෙන් ලබාගැනීම කල හැකියි.

ඔබ වයස්ගත පුද්ගලයෙකු , ගැබිණි මවක හෝ වෙනත් නිධන්ගත රෝගයකින් පෙළෙන අයෙකු නම් උණ ඇති වූ පළමු දිනයේදීම වෛද්‍ය උපදෙස් ලබාගැනිම වැදගත්. එසේ නොමැති නිරෝගී අයෙකු වුවත් දින දෙකකට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාරවෙත යොමුවීම සුදුසුයි.

කිසිදු හේතුවක් නිසා පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ ලබාගැනීම නොකලයුතුයි. ප්‍රතිජීවක ( ඇන්ටිබයොටික් ) වෛද්‍ය නිර්දේශයක් මත පමණක් සම්පූර්ණ මාත්‍රා ගණන ලබාගත යුතු අතර ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධත් වෛද්‍ය නිර්දේශ රහිතව ලබාගැනීම අනතුරුදායකයි.

ඇතැම් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට උණ සුවවීමෙන් පසුව කල්පවතින කැස්සක් ඇතිවනබව නිරීක්ෂණය වී තිබෙනවා. මෙවන් තත්වයන්ට වෛද්‍ය උපදෙස් මත ලබාගන්නා ඉන්හේලර් ( Inhaler ) හෝ වෙනත් ඖෂධ කෙටි කාලයකට අවශ්‍ය විය හැකියි.

වෛරස මගින් බෝවන ශ්වසන රෝග වළක්වාගැනීම ගැන ඔබ දැනටමත් දන්නා නිතර දෑත් පිරිසිදු කරගැනීම, මුහුණු ආවරණ පැළඳීම, හැකි හැමවිටම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, කහින කිවිසින විට වැළමිටේ ඇතුල්පැත්තට හෝ ටිෂූ කඩදාසියකට එය පිටකිරීම වැනි ක්‍රමෝපායන් භාවිතා කිරීම මඟින් හැකියාව ලැබෙනවා. ඩෙංගු ආසාදන වළක්වා ගැනීමට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මදුරු දශ්ඨනයෙන් වැළකීම ඉතා වැදගත්. මී උණෙන් වැළකීමේ වැදගත් පියවරක් ලෙස ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයෙන් (MOH) ලබාදෙන ඖෂධ ලැබෙන උපදෙස් පරිදි කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන කාල සීමාව තුල ලබාගැනීම, සඳහන් කරන්නට පුලුවන්.

මේ සියලු රෝග තත්වයන් හැකිතාක් වළක්වා ගැනීමටත්, ‍යම් හෙයකින් ආසාදනයට ලක් වුවහොත් සුදුසුම ක්‍රියාමාර්ගය නොපමාව ගැනීමට මෙන්ම සංකූලතා වළක්වා ගැනීමටත් මේ දැනුම ඔබට ඉවහල්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Now We Are OPEN,      𝗪𝗲𝗲𝗸𝗱𝗮𝘆𝘀/𝗦𝗮𝘁𝘂𝗿𝗱𝗮𝘆𝘀 - 7.00AM-9.00PM      𝗣𝘂𝗯𝗹𝗶𝗰 𝗛𝗼𝗹𝗶𝗱𝗮𝘆𝘀/𝗦𝘂𝗻𝗱𝗮𝘆𝘀 - 8.00AM-8.00PM
25/12/2022

Now We Are OPEN,
𝗪𝗲𝗲𝗸𝗱𝗮𝘆𝘀/𝗦𝗮𝘁𝘂𝗿𝗱𝗮𝘆𝘀 - 7.00AM-9.00PM
𝗣𝘂𝗯𝗹𝗶𝗰 𝗛𝗼𝗹𝗶𝗱𝗮𝘆𝘀/𝗦𝘂𝗻𝗱𝗮𝘆𝘀 - 8.00AM-8.00PM

ඇෆ්ලටොක්සින් (aflatoxin)  ශ්‍රී ලංකාව වගේ උණුසුම් තෙතබරිත ආර්ධතාවය සහිත රටක අප ආහාරයට ගන්නා කව්පි,  මුං, පරිප්පු කඩල, රට...
20/12/2022

ඇෆ්ලටොක්සින් (aflatoxin)
ශ්‍රී ලංකාව වගේ උණුසුම් තෙතබරිත ආර්ධතාවය සහිත රටක අප ආහාරයට ගන්නා කව්පි, මුං, පරිප්පු කඩල, රටකජු, සෝයා, බඩ ඉහිරිගු, පොල්, කොප්පරා, පොල් තෙල් හෝ ඕනෑම බීජ ආහාර "පුස්" කෑමට ලක් වේ. ඒ අතර ඇස්පජිලස් ෆ්ලේවස් දිලීර වර්ගයද පැවතිය හැක (Aspergillus flavus), මෙහිදී a--fla--toxin වචනය හැදෙන්නෙත් මේ දිලීරයේ මුල් අකුරු භාවිතා වීමෙන්.ඉතින් පලවෙනි දේ තමයි ඔය පුස්කාපු ඇට, බීජ, කෑම ළමයින්ට විතරක් නෙමේ වැඩිහිටියන්ට වත් කන්න දීමෙන් වැළකී සිටීම.

ඔය aflatoxin විෂ, තැම්බුවා ඉව්වා කියලා නැති වෙන්නෙත් නෑ. අනික බොහෝ ආහාරවල මේ ප්‍රමාණය කිලෝග්‍රෑමයක මිලි ග්‍රෑම් 50 ක් දක්වා තිබිය හැකියි (0-50mg/kg). එම නිසා ආහාර සුරක්ෂිතතා සම්මතයන්ට අනුව මේ අගය හැකි පමණ අඩු මට්ටමක තබා ගත යුතුයි. එම නිසා එම අගය කිලෝ ග්‍රෑමයකට මිලි ගෑම් දශම පහකට අඩුවෙන් (

වායු දූෂණය නිසා සෞඛ්‍යයට දීර්ඝකාලීන බලපෑම් ඇතිවන්න පුලුවන්ද?මෙම වායු දූෂණ තත්ත්වය එක්වරම අද ඊයේ ඇති වූවක් ද? එහි සෞඛ්‍යම...
14/12/2022

වායු දූෂණය නිසා සෞඛ්‍යයට දීර්ඝකාලීන බලපෑම් ඇතිවන්න පුලුවන්ද?

මෙම වායු දූෂණ තත්ත්වය එක්වරම අද ඊයේ ඇති වූවක් ද? එහි සෞඛ්‍යමය බලපෑම කෙබඳු ද? අපට මුහුණ දෙන්නට විය හැකි අනාගත අවදානම් මොනවාද යන්න හඳුනාගෙන ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග තීරණය කර කඩිනමින් ක්‍රියාත්මක වීමට මේ සුදුසුම අවස්ථාවක්.

ශ්‍රී ලංකාවට මේ වන විට බලපා ඇති වායු දූෂණය තත්ත්වය ගැන බොහෝ අයගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව සංවේදී කණ්ඩායම් , එනම් කුඩා දරුවන්, ගැබිණි මවවරුන්, වයස්ගත පුද්ගලයන් සහ ඇදුම වැනි නිධන්ගත ශ්වසනාබාධ වලින් පෙලෙන පුද්ගලයන්හට මුහුණු ආවරණ භාවිතා කිරීමටත් හැකිතාත් නිවසින් පිටතට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් උපදෙස් නිකුත් කර ඇති බව දැනටමත් ඔබ දන්නවා ඇති.

වාතයේ ස්වභාවික සංයුතිය හානිකර අයුරින් වෙනස්කරවන වායු දූෂක විශාල සංඛ්‍යාවක් අතරින් ලංකාවෙ අප මේ දිනවල අවධානයෙන් පසුවන වායු දූෂණ තත්වයට වගකිව යුතු බවට හඳුනාගෙන ඇත්තේ අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) බව විශ්ලේශකයින්ගේ අදහසයි.

අංශුමය දූෂක ලෙස පොදුවේ හැඳින්වෙන්නේ දුම්, අලු, දුහුවිලි සහ නොයෙක් වාෂ්ප වර්ගයි. වාහන වලින්, විවිධ කර්මාන්තශාලා සහ බලාගාර මඟින් මෙන්ම බාහිර පරිසරයේ නොයෙක් දෑ පිළිස්සීම මගිනුත් මිනිසා විසින් මේවා වැඩි වැඩියෙන් වායුගෝලයට මුදාහරිනවා. පහසුවෙන් දැකියහැකි වර්ණයකින් සහ එක් ස්ථානයක වැඩි වශයෙන් එක් රැස් වී පවතින අවස්ථාවල පමණක් මේවා පියවි ඇසෙන් දුමාරයක් ලෙස දකින්නට හැකියාව තිබෙනවා. මෙම අංශු අතරින් වඩාත් කුඩා කාණ්ඩයට (PM 2.5) පෙනහලුවල සියුම් අභ්‍යන්තර කොටස් දක්වාම ගමන් කිරීමටත් රුධිරයට ඇතුලුවීමටත් හැකියාව පැවතීම භයානක තත්වයක්.

වායු දූෂණය නොයෙකුත් ක්‍රම මගින් අපට ජීවිත හානි ගෙනදෙන අතරම නිරෝගී පැවැත්මටත් බරපතල තර්ජනයක් එල්ල කරමින් තිබෙන්නේ අද ඊයේ සිට නොවෙයි. අඝාත තත්වයන්, හෘදයාබාධ, පෙනහලු පිළිකා, නියුමෝනියාව, සහ නිධන්ගත ශ්වසන මාර්ග අවහිරතා (COPD) වලට වායු දූෂණය ඍජුවම හේතු වන අවස්ථා ගණන අප සිතනවාට වඩා බොහෝ විශාලයි. මීට අමතරව ඇස් දැවිල්ල සහ කඳුලු ගැලීම වැනි ආසාත්මික ලක්ෂණ ඇතිවීමත් ඇතැම් සමෙහි රෝග උත්සන්න වීමත් වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. කාලගුණයේ වෙනස්කම් සමඟ වරින්වර නිරීක්ෂණය වන බාහිර පරිසරයේ වායු දූෂණ තත්වයට අමතරව ලාංකික අප බොහෝ දෙනා ජීවත්වන්නේ දූෂිත වාතයෙන් යුතු නිවාස ඒකක තුල බව විද්‍යාත්මකව තහවුරු කල කරුණක්. ලාංකිකයින් ලක්ෂයක් සැළකුවහොත් වර්ෂයක් තුල දී 65 දෙනෙකුට ඍජුවම වායු දූෂණය නිසා ජීවිත අහිමි වෙන බව ගණනය කර තිබෙනවා.

මේ මොහොතේ උද්ගතවී ඇති තත්වයට නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින අතරේම , දිගුකාලීන වශයෙන් අප හුස්මගන්නා වාතය පවිත්‍රව පවත්වාගැනීමට නිවාස අභ්‍යන්තරයේ මෙන්ම බාහිර පරිසරයේත් වා‍යු දූෂණයට තුඩු දෙන ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීම ඉතා වැදගත් වනු ඇති. නිවෙස් තුල මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු සඳහා දර වැනි ඝණ ඉන්ධන භාවිතයෙන් ඈත්වීම, උඳුනෙන් පිටවන දුම් නිවසින් පිටතට ගමන් කරන ලෙස චිමිනියක් සකස් කිරීම, කැළිකසල ගිනි තැබීමෙන් වැළකී දිරායන දෑ කොම්පෝස්ට් සෑදීමට දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට කටයුතු කිරීම මෙන්ම අප භාවිතාකරන වාහන නියමාකාරයෙන් නඩත්තුව මඟින් විෂ දුම් වාතයට නිකුත්වීම අවම කරගැනීම පුරවැසියන් ලෙස අපට ගතහැකි වැදගත් පියවර වනවා.

අප සියලු දෙනාම පුද්ගලික මට්ටමෙ අපේ වගකීම් කොටස ඉටු කරන අතරේම සමස්ත ලෝකයම මේ කරුණ ප්‍රමුඛතාවයේ ලා සැළකුවහොත් අනාගතයේ සුරක්ෂිත හුස්ම පොදක් ඉතිරි කරගැනීමට අපට හැකියාව ලැබෙනු ඇති. එසේ නොවුවහොත් මිනිසාට මෙන්ම සතුනට පවා ජීවත්වීමට නොහැකි වටපිටාවක් මිහිමත නිර්මාණය වීම නුදුරේම සිදුවනු නොඅනුමානයි.

ගැබිනි ඔබට උණ හැදුණොත්?මේ දිනවල රට තුල විවිධාකාර උණ රෝග තත්වයන්  පැතිරෙමින් පවතින බව අපට දකින්නට ලැබෙනවා.  තොරතුරු විමසා...
08/12/2022

ගැබිනි ඔබට උණ හැදුණොත්?

මේ දිනවල රට තුල විවිධාකාර උණ රෝග තත්වයන් පැතිරෙමින් පවතින බව අපට දකින්නට ලැබෙනවා. තොරතුරු විමසා බැලීමේ දී පෙනී යන්නේ, මේ තත්වයන්ට හේතුව එක් තනි රෝගයක් නොවන බවත්, පොදුවේ රෝග ලක්ෂණයක් ලෙස උණ පෙන්නුම් කරන රෝග කිහිපයක් නිසා මේ තත්වය ඇති වී තිබෙන බවයි. ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු සහ තවමත් පහව ගොස් නැති කොවිඩ් -19 වැනි නොයෙකුත් රෝග නිසා උණ ඇතිවෙන්න පුලුවන් බව අපි දැනටමත් දන්නවා.

අවාසනාවට , බොහෝ දෙනාට එතරම් සංකූලතා නොමැතිව සුවය ලැබෙන එවන් උණ රෝග තත්වයන් ගැබිණි මවකට වැළඳීම එතරම් සුබ දායක වන්නේ නැහැ. මෙයට උදාහරණයක් ලෙස, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වල සංකූලතා නිසා 2018 වසරේ පමණක් මාතෘ මරණ 41ක් සිදු වීම දක්වන්න පුලුවන්. ගැබිණි මවකට කොවිඩ්-19 තත්වය වැළඳුනොත්, අසාධ්‍ය වීමට මෙන්ම කුස තුල සිටින දරුවාට පවා සංකූලතා ඇති වීමට වැඩි ඉඩක් ඇති බව බව අප දන්නවා. ඉතින් මේ උණ අවදානම් සහ ඒවා අවම කරගැනීමට කල හැකි හොඳම දේ ගැන මේ මොහොතේ දැනුවත්ව සිටීම අතිශයින් වැදගත්.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වී ඇති විට සුලබව ඇතිවන රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, මස් පිඬු / අතපය වේදනාව, හිසරදය සහ ඇතැම් විට වමනය හා පාචනය තත්වයන් දක්වන්න පුලුවන්. කොවිඩ් - 19 ආසාදනයේ දී ත් මීට සමාන රෝග ලක්ෂණ ඇතිවන බව අප දන්නා කරුණක්. ඩෙංගු ආසාදයක දීත් උණ, හිසරදය, මස් පිඬු වේදනා ඇතිවීම දකින්නට පුලුවන්.

ඇතැම් පොදු රෝග ලක්ෂණ නිසා මේ තත්වයන් එකිනෙකෙන් මෙන්ම වෙනත් සාමාන්‍ය වෛරස් උණ තත්වයන්ගෙන් වෙන්කර හඳුනාගැනීමට ඔබට අපහසු වෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම ගැබිණි ඔබට ඉහත කී උණ තත්ව වල දී විශේෂිත ප්‍රතිකාර සහ වැඩි වෛද්‍ය අවධානයක් අත්‍යාවශ්‍යයි.

මේ නිසා ගර්භණී කාන්තාවකට උණ ඇති වුවහොත් මුලින්ම ගත යුතු වැදගත්ම පියවර වන්නේ , පළමු දිනය තුල දී ම රෝහලක් වෙත යොමු වී වෛද්‍ය උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කිරීමයි.

ඉන්ෆ්ලුවෙන්සාව / කොවිඩ් -19 වැනි ශ්වසන බිඳිති මගින් බෝවන රෝග වළක්වා ගැනීමට අප දැනටමත් හොඳින් දන්නා සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද වන,

-රෝගලක්ෂණ ඇති විට නිවසේම රැඳීම හා මුහුණු ආවරණ භාවිතය,
-නිතර අත් පිරිසිදු කරගැනීම,
සහ
-කහින / කිවිසින විට ටිෂූ හෝ වැළමිටේ ඇතුල් පැත්තෙන් එය ආවරණය කරගැනීමත් ඉතාම වැදගත්.

මේ තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් වන අතරේම, තවත් ගර්භණී මවකගේ ජීවිතයක් රැකගැනීම පිණිස අන් අය අතරත් බෙදා හදාගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

උපුටා ගැනීම වෛද්‍ය මනෝජ් කුමාර ගෙනිතුවාල වේලෙන්න බෙහෙත් කරල්...🤔🤔🤔මේ ඉස්පිරිතාලේ OPD එකේ නිතර ඇහෙන කතාවක්. ගොඩක් දෙනෙක් ...
04/12/2022

උපුටා ගැනීම වෛද්‍ය මනෝජ් කුමාර ගෙනි

තුවාල වේලෙන්න බෙහෙත් කරල්...🤔🤔🤔

මේ ඉස්පිරිතාලේ OPD එකේ නිතර ඇහෙන කතාවක්.
ගොඩක් දෙනෙක් තුවාලයකට බෙහෙත් දැම්මම අනිවාර්යයෙන් ඉල්ලන දෙයක් තමයි තුවාල වේලෙන්න බෙහෙත් කරල්...

නොදුන්නාම රවාගෙන යන, හිතෙන් බැන බැන යන මොකක්ද මෙකේ ඇත්ත???....😇😇😇

අනතුරකින් තුවාලයක් උනාම ඒකට ප්‍රතිකාර කරන්න්නේ තුවාලයේ ස්වභාවය අනුව.

1) මැහුම් දැමිය යුතුද
2) පිරිසිදු කල යුත්තේ කුමකින්ද
3) යෙදිය යුතු බෙහෙත කුමක්ද
4) බොන බෙහෙත් හෝ විදින බෙහෙත් අවශයද.

තුවාලය පිරික්සිමෙන් අනතුරුව මේ සියල්ල වෛද්‍යවරයා තීරනය කරනු ලබයි.

බෙහෙත් කරල්....🙂🙂🙂

ඇත්තටම මේ බෙහෙත් කරල් වලින් තුවාලේ වේලෙනවද???
උත්තරය නැත යන්නයි.

එහෙනම් ඇයි මේ කරල් දෙන්නේ තුවාල වලට.

මේ බෙහෙත් කරල් (බොහෝවිට cloxacillin - flucloxacillin) වෛද්‍යවරයෙකු තුවාලයක් සඳහා නිර්දේශ කරනු ලබන්නේ ඒ තුවාලය විශබීජ සහිත පැසවු තුවාලයක් නම් හෝ විශබීජ තුවාලයට ඇතුලුවීමේ හැකීයාවක් ඇති අවස්ථාවන්වලදිය.

මේ බෙහෙත් කරල් වලින් සිදුවන්නේ තුවාලයේ ඇති විශබීජ (බැක්ටීරියා) වීනාශ විමයි.
එසේ නොමැතිව තුවාලය වේලිමට වෙනත් කිසිදු දායකත්වයක් මේ මගින් සිදු නොවේ.

එමෙන්ම විශබීජ රහිත පැසවීමක් නොමැති තුවාල වලට මේ බෙහෙත් කරල් වලින් කිසිදු වාසියක් අත් නොවන අතර අනවශ්‍ය ලෙස මේ බෙහෙත් කරල් භාවිතයෙන් ශරීරයේ සාමාන්‍යයෙන් ඇති බැක්ටිරියා වර්ග මේ බෙහෙතට ඔරොත්තු දිමේ හැකියාව ලබාගන්නා බැවින් ඊළග වාරයේදි මේ බෙහෙත වැඩකට නැති බෙහෙතක් වීමේ අවදානමක් ඇතිවේ.

තුවාල සුව වීම ශරීරය මගින්ම සිදුවන අතර බෙහෙත් කරල් මගින් සිදුවන්නේ තුවාලය සුව විමක් නොවන අතර විශබීජ විනාශ වීමක් පමනි.

එබැවින් අනවශය ආකාරයට ප්‍රතිජිවක භාවිතයෙන් මෙන්ම ඉල්ලාසිටිමෙන්ද වැලකිය යුතු අතර එය වෛද්‍යවරයා තීරනය කරනු ඇත.😇😇😇

අනවශය ලෙස ප්‍රතිජිවක බෙහෙත් භාවිතයේ ප්‍රතිපල අපහට දැනටම අත්විදිමට ඇති අතර දැනට ලංකාවේ භාවිතයේ ඇති කිසිදු ප්‍රතිජිවක බෙහෙතකින් මර්ධනය කල නොහැකි බැක්ටිරියා අසාදිත රෝගීන් අප අවටින්ම හමු වී ඇත.

එබැවින් බෙහෙත් කරල් හිතුමතේ බාවිතා කිරිම හෝ ඉල්ලා සිටිම සිදු නොකර වෛද්‍යවරයාගේ තීරනය පිලිගන්නා මෙන් ඉල්ලා සිටිමි.💯💯

උපුටා ගැනීමකි

අධික ලෙස ඖෂධ මිල ඉහළ ගොස්‌ ඇති මේ අවස්ථාවේ  අපෙන් සහනයක් ඔබට!!!!! ✅මිල අධික BRANDED ඖෂධ වෙනුවට ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් ය...
03/12/2022

අධික ලෙස ඖෂධ මිල ඉහළ ගොස්‌ ඇති මේ අවස්ථාවේ අපෙන් සහනයක් ඔබට!!!!!

✅මිල අධික BRANDED ඖෂධ වෙනුවට ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් මිල අඩු SPC සහ SPMC ඖෂධ අප සපයනු ලැබේ.
✅ මාසික සායනික ඖෂධ වට්ටෝරු සහ විශේෂඥ වෛද්‍ය වට්ටෝරු සදහා විශේෂිත වට්ටම්
✅සියලුම BRANDED ඖෂධ

மருந்து விலை மிக அதிகமாக அதிகரித்துள்ள இந்த நேரத்தில் எங்களிடமிருந்து நிவாரணம்!!!!

✅விலையுயர்ந்த பிராண்டட் மருந்துகளுக்குப் பதிலாக மலிவான SPC மற்றும் SPMC மருந்துகளை உயர் தரத்தில் வழங்குகிறோம்.
✅மாதாந்திர மருத்துவப் பரிந்துரைகள் மற்றும் சிறப்பு மருந்துச் சீட்டுகளில் சிறப்புத் தள்ளுபடிகள்
✅ அனைத்து பிராண்டட் மருந்துகள்

වතුර බෝතලේ මාරයාවතුර බෝතලේ ඇතුළෙ මාරයෙක් ඉන්න පුලුවන්ද? පුලුවන්. ඇත්තටම වතුර බිව්වම මැරෙන්න පුලුවන්ද? නෑ……………..උත්තරේ අක...
03/12/2022

වතුර බෝතලේ මාරයා

වතුර බෝතලේ ඇතුළෙ මාරයෙක් ඉන්න පුලුවන්ද? පුලුවන්.
ඇත්තටම වතුර බිව්වම මැරෙන්න පුලුවන්ද? නෑ……………..උත්තරේ අකමැත්තෙන් උනත් ඔව්

මේ ප්ලාස්ටික් බෝතල්වල වතුර ගෙනියන ඔබ ගැනයි!

බොහො දෙනා වතුර ගෙනියන්න අද කාලේ භාවිතා කරන්නෙ ප්ලාස්ටික් වතුර බෝතල්. ඉතින් තත්වයෙන් උසස් උනත් තත්ත්වයෙන් බාල උනත් ප්ලාස්ටික් කියන්නෙ ප්ලාස්ටික්.ප්ලාස්ටික් බෝතල් වල අධික ලෙස විවිද රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනව. ඊට අමතරව මේ බෝතල් ඇතුලේ විවිධ බැක්ටීරියාවන් රැදෙන්න පුලුවන් සහ ඔවුන් අහිතකර මට්ටමක් දක්වා වර්ධනය වෙන්නත් පුලුවන්. ඉතින් ප්ලාස්ටික් බෝතල් වල වතුර බොනව කියන්නෙ හරියට හෙමීට හෙමීට වසක් බොනව වගේ වැඩක්.

අපි බලමු කොහොමද මේ ප්ලාස්ටික් බෝතල් අතුලෙ විෂ වර්ග හැදෙන්නෙ කියල

ප්ලාස්ටික් වලට පුලුවන් විවිධ අහිතකර රසයනික ද්‍රව්ය නිපදවන්න. උදාහරණයක් තමයි ෆ්ලෝරයිඩ්, ආසනික් සහ ඇලුමිනියම්. මේ රසයනික ද්‍රව්යයන්ට පුලුවන් ඔබගෙ ශරීර අභ්‍යන්තරයේ ඇති අවයව විනාශ කරල ඔබගෙ සෞඛ්‍යයට අයහපත් කරන්න සහ විවිධ සංකූලතා අතිකරන්න. ඉතින් මේක හෙමීට වස බොනවා වගේ වැඩක් නෙමෙයිද?

ඩිඔක්සින් නිපදවීම
ගොඩ දෙනෙක් කරන දෙයක් කරන වැරැද්දක් තමයි මේ ප්ලාස්ට්ක් වතුර බෝතල් කාර් එකේ හරි තමන්ගේ වාහනයේ හරි දාලා ගිහිල්ලා ගොඩ වෙලාවකට පස්සේ එහෙම නැත්තම් දවස් ගානකට පස්සෙ බොන්න ගන්නව.අපි දන්නව ප්ලාස්ටික් කියන්නේ රස්නෙට දියවෙන්න බලන දෙයක්. ඉතින් මේ ප්ලාස්ටික් බෝතල් තාපයට නිරවරනය උනාම "ඩිඔක්සින්" කියන රසයනික ද්‍රව්ය නිපදවනව. මේ ඩිඔක්සින් නිසා පිලිකා විශේෂයෙන් පියයුරු පිලිකා වැලදීමේ වැඩි අවදානමක්
තියෙනව.

අක්මාවේ පිලිකා
ප්තෑලේට් (Pthalate) වැනි රසායනික සoයෝග නිපදවන්නත් ප්ලාස්ටික් වලට පුලුවන්. මේ රසයනික සoයෝගයට පුලුවන් අක්මාවේ පිලිකා තත්ව ඇතිකරන්න.

BPA නෑමති සoයෝගය නිපදවීම මගින්
Biphenyl A කියන රසායනික සoයෝගය “ඊස්ට්‍රජන්” නැමති හොර්මෝනයට රසයනික ලෙස සමානකමක් දක්වනව. ප්ලාස්ටික් බෝතල් මගින් මේ සoයෝගය නිපදවන්න පුලුවන්. මෙම රසයනික ද්‍රව්යට පුලුවන් දියවැඩියාව, ස්ථුලතාවය, මදසරු භාවය, අඩු වයස් වලදී වැඩි වියට පැමිනීම, හැසිරීමේ වෙනස්වීම් වැනි විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිකරන්න.

ශුක්‍රානු ප්‍රමානය අඩුකිරීම
ප්තෑලේට් (Pthalate) වලට පුලුවන් ශුක්‍රානු නිපදවෙන ප්‍රමානය අඩුකරන්න සහ එමගින් මදසරු භාවය ඇතිකරන්න.

ඔබගේ ප්‍රතිශක්තී කරන පද්ධතියට හානිකිරීම
මේ ප්ලාස්ටික් මගින් නිපදවන රසයනික සoයෝගය වලට පුලුවන් විවිධාකාරයෙන් ඔබගේ ප්‍රතිශක්තී කරන පද්ධතියට හානිකිරීමට.දුර්වලවු ප්‍රතිශක්ති පද්ධතියකට පුලුවන් ඔබට විවිධ බෝවන රෝග වැලදීමට ඉඩ ලබාදීමට.

ඉතින් දැන් ඔබ දන්නවනෙ ප්ලාස්ටික් බොතල්වල වතුර ගෙනියන එකේ අවදානම. ඔබගේ සෞඛ්‍යය ගැන හිතලා ප්ලාස්ටික් බෝතල් වලට විකල්පයක් හොයාගන්න එක ඔබට බාරයි!

උපුටාගැනීම HEALTH SRI LANKA PAGE

ඔබට නිරෝගිමත් දිනයක් වේවා
SMART PHARMACY Puttlam

" මෙවැනි තොරතුරු දැනගන්න අපිත් සමඟ හැමදාම රැඳෙන්න අපේ ෆේස්බුක් පිටුව Like කර Follow කරන්න"

ඔබට සතුට ගෙනෙන හෝමෝන (ප්‍රීතිමත් හෝමෝන) උත්තේජනය කරන්නේ කොහොමද?1. ඩොපමයින් (Dopamine)මොළයේ ඉෂ්ඨඵල පද්ධතිය(rewards syste...
21/11/2022

ඔබට සතුට ගෙනෙන හෝමෝන (ප්‍රීතිමත් හෝමෝන) උත්තේජනය කරන්නේ කොහොමද?

1. ඩොපමයින් (Dopamine)
මොළයේ ඉෂ්ඨඵල පද්ධතිය(rewards system) මෙහෙයවන ශුභඵලදායි ස්නායු සම්ප්‍රේෂකයකි (feeel good neurotransmitter).
ඩොපමයින් උත්තෙජනය කිරිමට,
• උද්යෝගය දනවන සංගීතය ඇසීම (upbeat music)
• පැණිරස අතුරුපසක් කෑම
• දිගු සුවපත් රාත්‍රි නින්ද
• කුඩා වැඩ කොටසක් අවසන් කිරිම වැදගත් වේ.

2. එන්ඩොෆින් (Endophins)
මෙය මොළයේ ස්වාභාවික වේදනා නාශකයයි. මානසික ආතතිය සහ තෘප්තිය වැඩි කරයි.
එන්ඩොෆින උත්තේජනයට,
• සාරවත් සුවඳ තෙල් වර්ග (essential oil) කාමරය තුල දහනය
• හාස්‍යදනවන දේ බැලීම
• ව්‍යායාම කිරිම
• ඩාක් චොකලට් ආහාරයට ගැනිම වැදගත්වේ.

3. සෙරොටොනින් (Serotonin)
මෙය මනෝභාවයන් (mood) පාලනයේ තබා ගැනිමට සහ සැපවත් නින්දකට උපකාරිවේ. එමෙන්ම සිතේ කාංසාව අඩු කර සතුට වැඩි කරයි.
උත්තේජනය කිරිමට,
• හිරු එළියට නිරාවරණය වීම
• ස්වායු ව්‍යායාම (cardio) කිරිම
• ඇවිදිම
• භාවනා කිරිම වැදගත්වේ.

4. ඔක්සිටොසින් (Oxytocin)
මෙය "තුරුලු කරගැනිමේ හෝමෝනය" හෙවත් ආදර හෝමෝනය ලෙස හඳුන්වයි. දෙදෙනෙක් අතර සබඳතාවක් ගොඩනැගිමේදි මෙය වැදගත්ය.
උත්තේජනය කිරිමට,
• සුරතල් සතුන් සමඟ සුරතල් වීම
• ආදරය කරන අයගේ අත් අල්ලා සිටිම
• ආදරණිය වැළඳගැනිම් (hug)
• තමාගේ අයට ආහාර පිළියෙල කර පිළිගැන්විම ආදිය වැදගත්වේ.

Be Medicine Smart 😎
20/11/2022

Be Medicine Smart 😎

රියදුරු අසුනට යාබදව ඩෑෂ්බෝඞ් එකේ කකුල් තබාගෙන යාම මෝටර් වාහනයක ඔබ ගමන් කළ හැකි වැඩිම අවදානමක් සහිත ආකාරයයි. යම් හෙයකින් ...
16/11/2022

රියදුරු අසුනට යාබදව ඩෑෂ්බෝඞ් එකේ කකුල් තබාගෙන යාම මෝටර් වාහනයක ඔබ ගමන් කළ හැකි වැඩිම අවදානමක් සහිත ආකාරයයි. යම් හෙයකින් අනතුරක් සිදු වුවහොත් මෝටර් වාහනයේ එයාබෑගය බෝම්බයක් පුපුරන්නාක් සිහිපත් කරමින් විවර වෙයි. පාද විතරක් නොවෙයි උකුල් ඇටය දක්වා අස්ථි කුඩු පට්ටම් කිරීමට එම ඝට්ටනය ප‍්‍රබල විය හැක.

Keeping your feet on the dashboard next to the driver's seat is the most dangerous way you can ride in a motor vehicle. In the event of an accident, the airbag of the motor vehicle will open like a bomb exploding. The impact can be strong enough to crush bones not only in the legs but also in the hip bones.

Bharata Gunathilaka - උපුටා ගැනිමකි

Address

124/A, Kurunegala Road
Puttalam
61300

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when SMART PHARMACY Puttlam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram