Dr Sujani Premarathne

Dr Sujani Premarathne Health is the worth thing that some one who want achive

Available successful treatment for Cataract ,Glucoma ,CTS , Kidney calculi ,Lumbar spondylisis, Cervical Spondylosis ,Diabetes Mellitus ,Anti aging & Skin rejuvenating collagen treatment

01/11/2025

අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව අමූලික බොරුවක් ..!
++++++++++++++++++++++++++++++++

සිංහල බේත් වල නුගුණ පෙන්වා ඉංග්‍රීසි බේත් වල අගුණ වහන අමනා කතා...!!
=================================

මිනිස්සු කන බොන විෂ වල හානියත් අරිෂ්ට පිටින් යවන දොස්තර ඇරියස් ...!!!
***************************************

අරිෂ්ට බොන අයගෙ අක්මාව නරක් වෙලා ලිවර් සිරෝසිස් හැදෙන බවට මතයක් ජනතාව අතර ප‍්‍රචාරය වෙමින් තිබෙන අවස්ථාවක එහි ඇත්ත නැත්ත විමසා බැලීමයි මේ ලිපියේ අරමුණ. අක්මාව ශරීරයේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් වන අතර එය සිරුරේ බරින් වැඩිම ඉන්ද්‍රිය ලෙස ද විරුදාවලි ලබා වොරැඳේ. ශාස්තී‍්‍රය භාෂාවෙන් යකෘතය යන පාරිභාෂික වදනින් මෙම ඉන්ද්‍රිය සඳහා සාමන්‍ය ගැමියන් වහරනුයේ කැවුත්ත යන්නයි. එහෙත් දැන් දැන් සාමාන්‍ය මහජනතාව අතර වඩාත් මෙය ප‍්‍රචලිතව ඇත්තේ ලිවර් (liver) යන ඉංගී‍්‍රසි පදයෙනි. හදවත, මොළය සහ අක්මාව යන ඉන්ද්‍රියන් එකසේ වැදගත් වන එක් හේතුවක් වන්නේ ඒවා ජෝඩු වශයෙන් පිහිටා නොමැති නිසා යැයි අයෙකුට තර්ක කළ හැකිය. සාමාන්‍යයෙන් අක්මාවට හානි සිදු කරන එක් ප‍්‍රධාන හේතුවක් ලෙස සමාජය පිළිගත් මතය වූයේ අධික මද්‍යසාර භාවිතයයි. එය සාමාන්‍ය ජනමතය වූවා පමණක් නොව ප‍්‍රකට වෛද්‍ය මතය ද විය. අධික මද්‍යසාර කාලයක් තිස්සේ භාවිත කරන අයෙකු අවසානයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ අක්මා සිරෝසියාව හෙවත් ලිවර් සිරෝසිස් නමැති රෝග තත්වයට ගොදුරුවීමෙන් බව තවමත් සමාජගත මතයකි. මෙම සමාජ ප‍්‍රචාරණයේම නවතම මතය ලෙස ප‍්‍රචලිත වී තිබෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අයත් අරිෂ්ට බීමෙන් ද අක්මාව දුර්වලත්වයට පත්ව ලිවර් සිරෝසියාව වැළඳෙන බවයි. මෙම චෝදනාව බොහෝ විට ආයුර්වේද ප‍්‍රතිකාර ගෙන බටහිර වෛද්‍යවරුන් කරා යන රෝගීන් මුහුණ දෙන ඉතා බරපතල ගැටළුවක් ද වේ.

මෙබඳු මතයකට පාදක වී ඇති යම් විද්‍යාත්මක සාක්ෂියක් නොමැති වුවද අරිෂ්ට වල යම් මද්‍යසාර ප‍්‍රතිශතයක් අන්තර්ගත බවට ඇති විශ්වාසය විකෘති කොට ප‍්‍රකාශ කිරීම එහිලා හේතුකාරක වී තිබේ. අරිෂ්ට සහ ආසව යන ආයුර්වේද ඖෂධ වර්ග දෙකම නිෂ්පාදනය කරනු ලබන්නේ සන්ධාන (fermentation) කි‍්‍රයාවලියකින් අනතුරුවය. ඖෂධ ද්‍රව්‍ය සන්ධානය ආයුර්වේද භෛෂජ්‍ය කල්පනාවේ ඉතා ඈත ඉතිහාසයක් ඇති ඖෂධ සංස්කරණ විධියක් වන අතර ඊට ඉතා ක‍්‍රමානුකූල සහ විධිමත් ශාස්තී‍්‍රය පදනමක් තිබේ. ඖෂධය අවශ්‍ය වන්නාවූ ප‍්‍රධාන ඖෂධ වර්ග කිහිපයක් තම්බා ඉන් ලබා ගන්නා කෂායට තවත් ඖෂධ ද්‍රව්‍ය ප‍්‍රක්ෂේපණය කොට උක්සකුරු හෝ සීනි මිශ‍්‍ර කොට මලිත මල් සමඟ මසයක් පිඟන් මැටි බරණි හෝ ලී ගුදම් වල මාසයක් මැටි බැඳ තබා පෙරා ගැනීම මෙහි සරල සංස්කරණ කි‍්‍රයාවලියයි. මෙහිදී සන්ධානය භෙවත් ස්වයංජාත මද්‍යසාර ජනනය සඳහා යොදා ගනු ලබන්නේ ධාතකී නමින් හඳුන්වන මලිත මල් නමැති ශාකමය ද්‍රව්‍යයයි. ඒ අනුව අරිෂ්ටයක අවසන් ප‍්‍රතිඵලය තුළ අන්තර්ගත වන්නේ අතිශයින් සංකීර්ණ ජෛව පදාර්ථ සමූහයක සංයෝගයකි. එය රසායනික වශයෙන් විශ්ලේෂණය කළ හැකි තරම් සරල සංයෝගයක් නොවන අතර එක් එක් අරිෂ්ට හෝ ආසව වර්ගය අනුව එයට යොදා ගන්නා ඖෂධ වර්ග ද වෙනස්ය. ඒ අනුව එක් එක් අරිෂ්ටය හෝ ආසවය යොදා ගනු ලබන්නේ වෙනස් වෙනස් ප‍්‍රතිඵල අපේක්ෂාවෙන්ය.

ඒ අනුව අරිෂ්ටයක් යනු හුදු මද්‍යසාර සහිත ද්‍රාවණයක් තුළට ඌනනය කිරීම ඉතා අසාධාරණය. එහි විවිධ ශාකමය සංඝටකයන් මෙන්ම ඒවායේ සංයෝගයෙන් බිහිවන ජෛව කි‍්‍රයාකාරකයන් ද ස්වාභාවික ලෙස අරිෂ්ටය තුළ ද්‍රාවණය වී තිබේ. එය ඉතා සකි‍්‍රය සංඝටක සහිත සෞඛ්‍යාරක්ෂක ඖෂධයක් වන අතර කිසි ලෙසකත් සෞඛ්‍යයට හානිකර විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නොවන පරිදි නිපදවීමට නිර්දේශ කර තිබේ. එසේම, සාමාන්‍ය අරිෂ්ටයක් හෝ ආසවයක් ස්වයංජාත මද්‍යසාරයෙහි නිස්සාරණය කළ බහුශාකමය (polyherbal) සංයෝගයක් ලෙස හැඳින්වේ. සමහර තැනෙක අරිෂ්ට ආසව ඖෂධීය වයින් (medicated wine) ලෙස හඳුන්වනු ලැබුවද එය එතරම් සාධාරණ නොවන්නේ වයින් නිෂ්පාදන කි‍්‍රයාවලිය, අන්තර්ගතය සහ ඉන් අපේක්ෂිත ප‍්‍රතිඑලය බෙහෙවින් වෙනස් නිසාය. එසේම අරිෂ්ටයක් එක් වරකට බීමට නිර්දේශ කරන මාත‍්‍රාව මේස හැඳි 2ක් භෙවත් මිලිලීටර් 30 ක් වේ. එමගින් ශරීර ගත වන මද්‍යසාර ප‍්‍රමාණය නොගිණිය හැකිය. එසේම, සීමාවකින් තොරව වෛද්‍ය නිර්දේශ වලට පටහැනිව අරිෂ්ට හෝ වෙනත් කිසිදු ආයුර්වේද ඖෂධයක් භාවිත කිරීම නුසුදුසය. සාමාන්‍යයෙන් ආයුර්වේද ඖෂධ වෛද්‍ය නිර්දේශ වලින් තොරව තමාම මිළදී ගැනීමට පුරුදුව සිටින ජනතාව විශ්වාස කරනුයේ ආයුර්වේද ඖෂධ කොතෙක් භාවිත කළ ද ඉන් සිදුවන හානියක් නොමැති බවය. එය මිථ්‍යා විශ්වාසයකි. රස ඖෂධ වැනි සමහර ආයුර්වේද ඖෂධ වර්ග වෛද්‍ය උපදේශයකින් තොරව භාවිත කිරීම අතිශයින් හානිකරය.

සමහර පුද්ගලයින් තමාගේ හිතුවක්කාර මතයට ලබා ගන්නා ආයුර්වේද ඖෂධ හෝ සුදුසුකම් නොලත් බොරු වෙදුන් ගේ උපදෙස් මත භාවිත කරන සමාජයේ ඇති වන සෞඛ්‍ය ගැටළු සඳහා වගකිව යුත්තේ හුදු ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය නොවේ. හිතු මනාපයට අරිෂ්ට මිළදී ගෙන බීමේදී සිදුවිය හැකි අතුරු ආබාධ හෝ වෙනත් උපද්‍රව සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට චෝදනා එල්ල කිරීම ඉතා අසාධාරණය. ඒ සඳහා ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් ද ඖෂධ සුපරීක්ෂණ (pharmacovigilance) වැඩසටහනක් කි‍්‍රයාත්මක කළ යුතුය. අරිෂ්ට ආසව පමණක් නොව වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතු සුවිශේෂී ඖෂධ වර්ග ද හිතුමතේට භාවිත කරන තැනැත්තන් ගේ ඔළමොට්ටලකම නිසා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට පොදුවේ එල්ල වන චෝදනා එමටය. එසේම, යාන්තම් වෙදකම කට ගාගත් බොරු වෙදුන් නොයෙකුත් වෙළඳ සමාගම් වලින් ඖෂධ මිළදී ගෙන ඒවායේ ලේබලය කියවා රෝගීන්ට ප‍්‍රතිකාර කරන සමාජයක ආයුර්වේදයට මෙබඳු ඉරණමක් අත්වීම පුදුමයක් නොවේ. හුදු ලාභය පමණක් පතන ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම් විශේෂඥ වෛද්‍ය තනතුරු පිරිනමා රෝගීන් සූරා කෑමට යොදවා ඇති වෛද්‍ය සූචකයින් අරිෂ්ට බෝතලයේ ලේබලය ගලවා එවලේම දසගුණයකට විකුණා රෝගීන් ගේ සෞඛ්‍යයට වින කරයි. ජනතාව බිය විය යුත්තේ අරිෂ්ට ආසව බීමට නොව මෙබඳු හොර වෙදුන් ගෙන් ප‍්‍රතිකාර ගැනීමටය. නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙතින් ලබා ගන්නා ඖෂධයක් සම්බන්ධයෙන් වගවීමක් තිබෙන නිසා නිතරම තමන් ප‍්‍රතිකාර ලබාගන්නා වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳ සැලකිලිමත්වීම අවශ්‍යය.

මේ තත්වය යටතේ ආයුර්වේද ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන් තලා පෙළා හෙළා කථා කිරීමේ අශික්ෂිත වෘත්තීය චර්යාවෙන් ගොඩ ආ නොහැකි බටහිර වෛද්‍යවරුන් ද අපේ රට තුළ තවමත් සිටීම කණගාටුවට කරුණකි. බහුසෞඛ්‍ය පද්ධතීන් (pluralistic healthcare systems) පවතින රටක පැවතිය යුතු වෘත්තීය සමෝධානය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඒකාධිකාරය නිසා වල් වැදී තිබීම නිසා රෝගීන් ගේ තෝරා ගැනීමේ අයිතිය අභියෝගයට ලක්වී තිබේ. එනිසාම රත්කල්කයට, කොළ මැල්ලුම් පත්තු බැඳීමට, ගුලි කල්ක අරිෂ්ට බීමට එරෙහිව ප‍්‍රසිද්ධියේ අවඥාව එල්ල කරන කිසිදු වෛද්‍ය විශාරදයෙකු මෙබඳු දේශීය වෛද්‍ය ක‍්‍රම ගොඩගැනීමට අතහිත දී නොමැත. එහෙත් අරිෂ්ට බීමෙන් සිරෝසිස් හැදෙන බව කීමට විද්‍යාත්මක සාක්ෂියක් නොමැතිවම ඉදිරිපත්වීමට තරම් ජනහිතකාමීය. ලිවර් සිරෝසියාවේ සත්‍ය හේතු සඟවා ඒ සියල්ල අරිෂ්ට පිට පටවා අහක බලා ගන්නා වෛද්‍ය විශේෂඥයින් ගේ අවධානය යොමු නොවන කරුණු ජනතාව දැනගත යුතුමය. මේවා දැන දැන ජනතාවට බොරු කියනවාද එසේ නොමැති නම් නොදන්නා කම නිසා ජනතාවට ඇත්ත කියනවාද යන්න විමතියකි. විශේෂයෙන්ම, සියළු රෝග සුවපත් කළ හැකි සර්ව දෝෂ නිවාරණ වෛද්‍ය ක‍්‍රම මේ ලොව නොපවතින නිසා වෛද්‍ය ක‍්‍රම වල අන්‍යෝන්‍ය සහයෝගය සහ එකිනෙක කෙරෙහි ගරුකිරීමේ වෘත්තීය සදාචාරය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ.

ඕනෑම බටහිර වෛද්‍ය පාඨ්‍ය ග‍්‍රන්ථයක් පෙරළා බැලුවහොත් එහි ලිවර් සිරෝසියාවට හේතුකාරක දේ අතර චිරකාලීනව මද්‍යසාර භාවිතය දැක්වෙන අතර එය එතරම් නිශ්චිත සහ ඒකායන හේතුව ලෙස නොදැක්වේ. යමෙක් ලිවර් සිරෝසියාව මද්‍යසාර නිසාම වැළඳෙන රෝගයක් යැයි පැවසුව හොත් එය වෛද්‍යමය වශයෙන් ඉතා අතාර්කික සහ අවිනිශ්චිත ප‍්‍රකාශයකි. එසේම, මීට අමතරව එහි දැක්වෙන තවත් සාධක කිහිපයක්ම තුළ ඖෂධ වර්ගයන් මෙන්ම ඇතැම් රසායනිකයන් ද ඒ අතර වේ. ඒවා සම්බන්ධයෙන් සොයා බලන විට අරිෂ්ට වෙත එක් ඇඟිල්ලක් දිගු කරන විට තමන් දෙසට ඇඟිලි දෙකක් එල්ල වී ඇති බව එල්ල වන බව ඉඳුරාම පෙනේ. අද සමාජයේ ජීවත් වන ජනතාවගේ ජීවන ශෛලිය දෙස බලන විට සිරුරට ඇතුළු වන අහිතකර පදාර්ථ සියල්ල තුළින්ම නිරන්තර පීඩාවට පත් වන ඉන්ද්‍රිය අක්මාව බව අමුතුවෙන් කිව යුතු නොවේ. අක්මාවේ කි‍්‍රයාකාරිත්වය දෙස බලන විට එය සිරුර තුළ භෞතවේදීය සමබරතාව ආරක්ෂා කර ගැනීමේ ලා ඉතා වෙහෙසකර මෙහෙයක නියැලෙන බව ඉතා පැහැදිලිය. මේ තත්වය යටතේ අපේ අක්මාව අනතුරට පත් කිරීමේ ලා දායක වන දේ දහසකුත් එකක් දිනපතා නිතිපතා අපේ සිරුරු තුළට ඇතුළු වන බව නිසැකවම පෙනේ. අද සමහර රෝගාබාධ සම්බන්ධයෙන් ඍජුව සහ අනියමින් බලපාන එක් හේතුවක් ලෙස අක්මා කි‍්‍රයාකාරිත්වයේ දුර්වලතාව ද පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම, මිනිසුන් නිතර නිතර වේදනා නාශක භාවිතය ද අක්මාවේ කි‍්‍රයා හානියට බලපාන මෙබඳු එක් සාධකයකි. එහිදී වඩාත් භායානක වන්නේ කුඩා දරුවන්ට නිතරම විවිධ අවස්ථාවන්හි දෙමාපියන් හිතුමනාපයේ අත්බේත් ලෙසට ෆාමසියෙන් ගෙනවිත් දෙන උණ සහ වේදනානාශක ලෙස ප‍්‍රකට ඖෂධයන්ය. එසේම, ප‍්‍රදාහ අවස්ථාවන්හිදී භාවිත කරන ස්ටෙරොයිඩ වර්ග සහ සමහර ප‍්‍රතිජීවක ඖෂධ ද අක්මාවේ සෞඛ්‍යයට හානි සිදුකරන බවට විද්‍යාත්මක සාක්ෂි එමටය. Drug-Induced Liver Injury (DILI) හෙවත් Drug-Induced Hepatotoxicity (DIH) යනු එයයි. ශාකමය සංඝටක නිසා ඇතිවන Herb-Induced Liver Injury (HILI) නමින් හැඳින්වේ. ඖෂධ, විෂ හා ශාක 900 කට වැඩි ප්‍රමාණයක් අක්මාව හානි වීමට හේතු වන අතර, පූර්ණ අක්මා හානි වලින් 20-40% අතර ප්‍රමාණයකට හේතු වන්නේ ඖෂධ වේ. ඖෂධ ප්‍රතික්‍රියා වලින් 75% ක් පමණ අක්මාව බද්ධ කිරීම හෝ මරණයට හේතු අන්දමේ බරපතල හානි වලට හේතු වේ. පුද්ගලයින් 10,000 සිට 100,000 කින් 10 දක්වා 15 ක් සංඛ්‍යාවක් අක්මා හානිය සිදුවන බෙහෙත් වට්ටෝරු වලට නිරාවරණය වන බවට ගණන් බලා ඇත. ඒ අනුව, එක්සත් ජනපදයේ 44,000 ක් පමණ දෙනා වාර්ෂිකව මෙවැනි හානි අත්විඳින, එය මිනිසුන්ට සිදුවන හානිය පමණක් නොව අධික සෞඛ්‍ය වියදම් සඳහාද හේතු වේ. International Organizations of Medical Sciences (CIOMS) මඟින් ගිය වසරේ නිකුත් කළ “Drug-induced liver injury (DILI): Current status and future directions for drug development and the post-market setting” නම් වාර්තාව මේ පිළිබඳ වැදගත් තොරතුරු හෙළි කරයි.

ඊළඟට වැදගත් කරුණ වන්නේ අපේ ආහාරය සමඟ සිරුරට ඇතුළු කර ගනු ලබන විවිධ කෘති‍්‍රම රසායනික පදාර්ථ විශාල සංඛ්‍යාව අතර අක්මාවට හානි සිදුකරන ඒවාද තිබීමය. මේවා ගැන නොකියන වෛද්‍යවරුන් සිය වගකීම අමතක කරන්නේ ඒවා බහුජාතික සමාගම් වල නිෂ්පාදන නිසා නම් එය මහත් සමාජ ඛේදවාචකයකි. අපේ ආහාර සමඟ ශරීරගත වන බැර ලෝහ, කෘමිනාශක, වෙනත් කෘෂිරසායන ආදිය ඍජුවම අක්මාවේ කි‍්‍රයා හානියට බලපාන බව නොකිවමනාය. එසේම, සුපර්මාකට් සංස්කෘතිය හරහා අපේ ආහාර වේලට එක් වන විවිධ ටින් කෑම නිසා ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය නිතැතින්ම අක්මාවට හානි කරයි. ඊළඟට අප ආශ්වාස කරන වාතය විවිධ හේතු නිසා දූෂණය වීමේ අවසන් ප‍්‍රතිඵලය ද අක්මාවේ කි‍්‍රයාකාරිත්වයට බලපාන රසායනික ද්‍රව්‍ය සිරුරට ඇතුළු වන එක් මඟක් වේ. ප‍්‍රධාන හේතු සමුදාය අත්හැර අවශේෂ සැකයක් පිටුපස හඹායන්නේ ද්වේෂසහගතව ආයුර්වේදයට පහර එල්ල කිරීමේ යම් අවශ්‍යතාවක් නිසාදැයි සිතේ. මෙරට යටත්විජිත යුගයේ දී පැවති පරාධීන හීන දීන මානසිකත්වයෙන් උරුම වූ චින්තන සම්ප‍්‍රදායේ එක් ප‍්‍රතිඑලයක් ලෙස දේශීය වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි උපහාසාත්මක ප‍්‍රකාශ නිකුත් කරන සෞඛ්‍ය බලධාරීන් ද වත්මනෙහි සිටී. ඒවාට උඩගෙඩි දෙමින් ඇරියස් කවර් කරන දොස්තර මහතුන් ද එලෙසින්ම බොරු මත රෝගීන් අතර පතුරුවා හරියි.

මෙහිදී මතු කළ යුතු ඉතාමත් වැදගත් කරුණ වන්නේ සමහර ආයුර්වේද ඖෂධ අක්මාව ආරක්ෂා කරන අතර අක්මාවේ භෞතවේදීය සෞඛ්‍යය ද රැක දෙයි. දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව ආයුර්වේදයේ භාවිත කරන ශාකමය ඖෂධ වෙනත් බාහිර හේතු නිසා අක්මාවට සිදු විය හැකි හානි වැළක්වීමට මෙන්ම අක්මාවේ කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් සහිත බව හෙළිවී තිබේ. සමහර විටෙක අක්මා හානිය සිදුවූ විටෙක පවා එය සුවපත් කළ හැකි ශක්තියක් මෙබඳු ශාකමය ඖෂධ වල තිබේ. එබඳු එක් ප‍්‍රකට ඉන්දියානු ආයුර්වේද ඖෂධයක් අද බටහිර වෛද්‍යවරුන් අප‍්‍රසිද්ධියේ රෝගීන් හට නිර්දේශ කරන බව බොහෝ දෙනා නොදනී. ඉන්දියානු විද්වතුන්ගේ පර්යේෂණ අනුව මෙම ශාකමය ඖෂධ අක්මාවේ එන්සයිම ස‍්‍රාවය සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගෙන යන අතර අක්මා සෛල ප‍්‍රතිජනනය කිරීමේ කි‍්‍රයාවලිය ද මෙමගින් ඉහළ යන බව ද සොයාගෙන තිබේ. අප මෙබඳු අවස්ථාවක කළ යුත්තේ මෙරට අක්මා හානියට හේතුවන අවශේෂ කරුණු සම්බන්ධයෙන් මීට වඩා ජනතාව දැනුවත් කිරීමත් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසඳුම් උපරිම මට්ටමෙන් කි‍්‍රයාවට නැංවීමත් ය. එය විද්වත් සමාජයේ කාර්යභාරය විය යුතුය. එහිදී ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට කළ හැකි දෑ සඳහා ද යම් ඉඩකඩක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිර්මාණය කළ යුතුය. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් දියුණු ලෝකයේ අවධානය යොමු වන විට අපේ අරිෂ්ට යුරෝපයේ ඇමරිකාවේ අලෙවි කෙරෙන විට ඒවාට අපහාස උපහාස කිරීමෙන් ආයුර්වේදයට ඇති වෙමින් පවත්නා ගෝලීය ඉල්ලුම පහළ නොබසී. එසේම, ආයුර්වේදය හෙළා දැකීමෙන් එය අනාගතයේ දී විද්‍යාත්මක සාක්ෂි මත පාදක වන වෛද්‍ය ක‍්‍රමයක් ලෙස ලොව ප‍්‍රචලිත වීම වැළක්වීමත් කළ නොහැකිය. අප කළ යුත්තේ ආයුර්වේදය වැනි ජාතික සම්පතක දායකත්වය ජනතා සෞඛ්‍ය සංවර්ධනයට උපරිම ලෙස යොදාගැනීම සඳහා අවශ්‍ය මංපෙත් සැලසීමයි.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Contact 071 550 0943
28/09/2025

Contact 071 550 0943

අපි අදුරේ නිදන්න ඕනි ඇයි ? 🌃🕯අපි හැමෝම දිවා කාලයේ බොහෝ වෙහෙසට පත් වෙනවා රාත්‍රියට සුව නින්දක් අපි හැමෝටම අත්‍යවශ්‍යයි .ද...
22/09/2025

අපි අදුරේ නිදන්න ඕනි ඇයි ? 🌃🕯

අපි හැමෝම දිවා කාලයේ බොහෝ වෙහෙසට පත් වෙනවා රාත්‍රියට සුව නින්දක් අපි හැමෝටම අත්‍යවශ්‍යයි .දිවා හිරු එලිය අපේ ගතට සිත වෙහෙසට පත් කරනවා , රාත්‍රියේ අදුරු බව ස්වභාවයෙන්ම අපේ සිරුරේ විඩාව නිවනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම අදුරු නිදන කාමරයක නිදා ගැනීම නිසා සිරුරේ නිරෝගී බව වැඩි වන බවයි පර්යේෂකයන් දක්වන්නේ.

ගැඹුරු නින්දකට අවශ්‍ය melatonin ස්‍රාවය අඩ අදුරත් රහිත කලුවර කාමරයක වැඩි බවයි දැක්වෙන්නෙ. නිදන කාමරයේ පිලිවෙල මනසටත් සුව නින්දකටත් හේතු වෙනවා , නින්දට පෙර සිරුර සිසිල් කිරීම හා නිදන කාමරය සිසිල් කිරීම මගින් melatonin ස්‍රාවය වැඩි වෙනවා. සවස් කාලයේ සිටම එනම් හිරු බැස යාමත් සමග අපේ සිරුර ස්වභාවයෙන්ම සැහැල්ලු වීමට පටන් ගන්නවා. නමුත් දීප්තිමත් විදුලි පහන් දුරකතන හා නවීන ඩිජිටල් උපකරණ භාවිතය නිසා සිරුර සැහැල්ලු වීම අඩු වෙනවා . නින්දට පෙර ජංගම දුරකතන භාවිතය සිරුරට ඉතාම අහිතකර බවයි දැක්වෙන්නෙ. දුරකතන switch off කිරීම අනිවාර්යයෙන්ම කලයුතුයි, එසේ නැතිනම් එය සමීපයේ තබ ගැනීම නොකල යුතුයි .

Melatonin යනු අපේ සිරුරට අවශ්‍ය ඉතාම වැදගත් හෝමොනයක්. එය සිරුරේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා . නූතන ලෝකයේ සිරුර ප්‍රතිඔක්සිකරනයකීරීමට කොතරම් මිලක් වැය කිරීමට අපට සිදු වෙනවාද ඒ සදහා වස විස වලින් තොර නැවුම් එලවලු පලතුරු , ස්වභාවික ඖෂධ ආදී විවිධ දේ ලබා ගතයුතු වෙනවා.

නමුත් ස්වභාවයෙන්ම ඔබට ලැබෙන melatonin මගින් එය සාර්ථකව ඉටු කර ගත හැකි වෙනවා. එය සිරුරේ තරුණ බව රැකදෙනවා, පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති නිසා විවිධ පිලිකාමය තත්වයන් වලක්වනවා , ඉන්සියුලින් සදහා ශරීරයේ බාධා ඉවත් කොට දියවැඩියා තත්වය පාලනය කරනවා , සිරුරේ ජීව විද්‍යාත්මකව කාලය (biological clock ) නිර්නය කිරීමට උදව් වෙනවා , අක්ෂි රෝග අවම වී පෙනීම දියුණු වෙනවා , සිරුරේ ප්‍රතිශක්තිකරණ වැඩි කර රෝග සදහා ඔරොත්තු දීමට සිරුර සකසනවා ( bacterial ,viral ) එහිදී ප්‍රතීජීවක ඖෂධ භාවිතය අවම කිරීමට හැකි වෙනවා, වයස්ගත වීම වලකවනවා.

එසේම නින්ද අඩුවෙන් ලැබූ අයගේ ආහාර ගැනීමේ ප්‍රවනතාවය හොද නින්දක් ලැබූ පුද්ගලයකට වඩා වැඩි බවයි දැක්වෙන්නෙ , මේ නිසා නින්ද අඩු අයගේ ශරීර භාරය වැඩි වීමේ (obesity ) ප්‍රවනතාවයක් ද තිබෙනවා . එනම් ක්‍රමානුකූල හා නිවැරදි නින්ද මගින ශරීර බර තුලනාත්මකව තබා ගැනීමටත් පිලිවන් .

මේ හැම දෙයක්ම ඔබට කිසිම වියදමක් නොමැතිව රාත්‍රි නින්දෙන් ලබා ගත හැකි වෙනවා . නමුත් මේ සදහා ඔබ නිදන කාමරය එලිය බිදුවක්වත් නොමැති ඝන අදුරු කාමරයක් ( Totally dark room ) ලෙස සකස් කර ගත යුතු වෙනවා. සුව නින්දක් හා ඔබ සැමට නීරෝගී සිරුරක් !

Dr. සුජානි ප්‍රේමරත්න
BAMS (university of Colombo )
17/10/2018

දැනට වසර කිහිපයකට පෙර ලියු ලිපියකි,මුත්‍ර විරංජනීය ද්‍රව්‍ය වල ක්‍රියාත්මක වීම හා  නවීන   Buffers  පසු ගිය ඉරු දින මුත්‍...
20/09/2025

දැනට වසර කිහිපයකට පෙර ලියු ලිපියකි,

මුත්‍ර විරංජනීය ද්‍රව්‍ය වල ක්‍රියාත්මක වීම හා නවීන Buffers

පසු ගිය ඉරු දින මුත්‍ර ව්‍යුහාවතුල ක්‍රියාත්මක වන මුත්‍ර විරංජණීය ද්‍රව්‍ය තුල පවතින ගුණ කර්ම හා ඒවායේ ක්‍රියාත්මක වීම් පිලිබඳව Dr Danister L Prera සර් සමඟ සිදු කල පර්‍යේශනාත්මක සාකච්ඡවේදී මතු වූ කරුණු පිලිබඳව යම් විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන්නෙ, ඔබගේද විමසුම් ඇස මේ පිලිබඳව යොමු කිරීමට හා නව සංවාදයක ආරම්භයක් ද ලෙසයි .

මුත්‍ර විරංජණීය ද්‍රව්‍ය ඝනයට වැටෙන ඕලු , නෙලුම්, මානෙල් , උත්පල , කුමුදු, වැල්මි , මලිත ආදී ද්‍රව්‍ය අතිශය සුවඳවත් වූද , මධුර , ස්නිග්ධ , පිච්චිල , ලඝු ගුණ ඇති ද්‍රව්‍යන් වේ. විශේෂයෙන්ම මේවායේ ජල හා පෘථිවි භූත සම්බන්ධයක් ඇත . එය නව්‍ය විද්‍යාත්මකව සලකා බැලූ විට භාෂ්මික තත්වයක් පෙන්නුම් කරයි .

අපේ සිරුරේ අම්ල හා භෂ්ම සමායෝජනයට අයන සමතුලිතතාවය රැක ගැනීමට Buffering system ඉතාම වැදගත් කාර්‍යක් ඉටු කරයි . රුධිර PH අගය 7.4 ක් ද මුත්‍ර වල PH අගය 5.5 ක් ද ක් වන අතර එ අඩු වැඩි වීම සිරුරේ සමතුලිතතාවයට බලපෑම් කරන අතර රෝග ඇතිවීමට හේතුවේ. නිරන්තරයෙන් මානසික සුවය හා නිවැරැදි ආහාර රටාවකට හුරුවීම නිසා antioxidants හා parasympathatic nerves active වීම නිසා සිරුරේ ආම්ලිකතාවය අඩු වීමක් සිදුවේ.

විශේෂයෙන්ම ශාක ආහාර හා ශාක ඖෂධ භාවිතය නිසා සිරුරේ සෛල oxidation අඩු වන අතර බිඳ වැටීම් අඩු වේ. ආම්ලිකතාවය අඩු වේ , PH ⬆️වේ. මේ දිනවල ඉතාම කතා බහට ලක් වන ප්‍රතිඔක්ෂිකාරක (Antioxidants )ක්‍රියාවලිය නැවුම් ශාකමය ආහාර හා ඖෂධ නිසා නිතැතින්ම සිදුවේ.

සිසිල් පිච්චිල ලඝු ගුණ යුත් මුත්‍ර විරංජණීය ද්‍රව්‍යයන් භාවිතය තුලින් මෙය ඉතාම කාර්‍යක්ෂමය සිදුවන බව පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණයි .

මුත්‍ර වලට පැහැය එක්වන්නෙ කෙසේද ,

එනම් අක්මාවේ පිත් කොටස් ,නොයෙකුත් ආහාර හා ඖෂධ ( බීට් රූට් , විටමින ) , ජලය පානය අවම විට ,විශේෂයෙන්ම සිරුරේ පිත දෝෂය වැඩි වූ විට එනම් රුධිර ආම්ලික තත්වය වැඩි වූ විට PH ⬇️ මුත්‍රා වලට තද කහ පැහැයක් ලැබේ.
තවද වෘක්කාණු වල පෙරණයේ යම් අක්‍රමිකතාවයක් නිසා ද එහි PH අගයන් වල හා අයන හුවමාරුවේ වෙනසක් නිසා ප්‍රෝටීන හා රතු රුධිරාණු මුත්‍ර වලට ඇතුල් වීම නිසාද පැහැයේ වෙනස් කමක් ඇතිවේ.

විශේෂයෙන්ම මුත්‍රා සමග පිටවන්නෙ ජලද්‍රාවී ද්‍රවයන් වේ. ඉහත විරංජණ ඝනය සැලකූ විට සියලුම ද්‍රවයන් ජල ,පෘථිවි භූත අඩංගු නිසා ජල ද්‍රාවි වේ. එම නිසා හොඳින් මුත්‍රා ව්‍යුහාව තුල ක්‍රියාත්මක වන අතර පිච්ඡිල ගුණ මගින් භාෂ්මික තත්වයක් ඇතිකරමින් Buffer එකක් ලෙසද ක්‍රියා කරයි. ලඝු ගුණ නිසා වෘක්කාණු හරහා ගමන් කිරීමේ හැකියාව ඇති අතර මෙම ඖෂධයන්හී අඩංගු මධුර රස ශීත ගුණ නිසා පිත් ශමන ගුණ ඇති කරමින් පිතේ ක්‍රියාව නිසි ලෙස සකසන ආකාරයක් පෙනී යයි .

වෘක්කාණු මත පෙරණයේ ක්‍රියාව නිසි ලෙස සකසන අතරම රංජක ද්‍රව්‍යයන් වෘක්කාණු වෙත ගමන් කිරීමට පෙර රුධිරය තුලදීම පිත් ශමන ගුණ හා භාෂ්මික ගුණ නිසා යම් සකස් කිරීමක් වන බව මාගේ අදහසයි . එය acidosis ක්‍රියාව නවතමින් සිදුවන alkalosis ක්‍රියාවක් විය හැකියි .

මේ අනුව සලකා බලන විට මුත්‍ර පෙරීම ක්‍රමවත් කිරීමට ආයුර්වේද ඖෂධ භාවිතය නව්‍ය ඖෂධ වලටත් වඩා ඉදිරියෙන් සිටින බව මගේ අදහසයි . හේතුව අප භාවිතා කරන ඖෂධ වල සැකැස්ම පංච භෞතික වන අතර එය chemical extraction එකක් නොවන නිසාත් chemically extract ද්‍රව්‍යන් වෙත වෙන වෙනම reactions ඇති වන නිසා ස්ථානිකව වෘක්කාණු වලට බලපෑමක් ඇති විය හැකි බවත්ය . එනම් බටහිර ඖෂධ භාවිතයෙන් සිදුවන අතුරු අබාධ අප ආයුර්වේද ඖෂධ භාවිතයෙන් සිදු නොවන බවයි .

ඔවුන් physiologically fluid balance කිරීම සඳහා caco3 , Na + , K + භාවිතා කරන අතර මීට වසර දහස් ගණනකට පෙර සෘෂින් තම ඥානයෙන් දැක මුත්‍ර ව්‍යුහාව තුල හා ඊට ඇතුල්වන ද්‍රව්‍යයන් ශෝධනයට පවා නවීන විද්‍යාවටත් එහා ගිය කරුණු වලින් දැක ඇති බව මගේ අදහසයි . එනම් මුත්‍ර විරංජණීය ද්‍රව්‍යය ආදිය යෙදීමෙන් රුධිරයේ පැවතිය යුතු අයන සමතුලිතතාවයද එලෙසෙම පවත්වා ගනිමින් ඖෂධ මුත්‍ර ව්‍යුහාවේ ක්‍රියාත්මක වීම සිදු වේ.

නවීනව වකුගඩු අකර්මණ්‍ය වූ විට අවසානයේ dialysis කිරීම සිදු කරන අතර අප ඖෂධ භාවිතයෙන් එම තත්වයන් ඇති වීමටත් පෙර ස්වාභාවික පෙරීමේ යාන්ත්‍රණය රුධිරය තුලදීම පහසු කරන බව හා වෘක්කාණු වලට ස්ථානිකව වන හානියද අවම බව මගේ හැඟීමයි .

වෛද්‍ය W R සුජානි N.ප්‍රේමරත්න
BAMS (University of Colombo )
PG Dip In Ayurveda Pharmacology Nutraceutical & Product Development
Medicl Officer Incharge
Ayurvedic Hospital ,Kithulgala
Suwayu Hollistic Wellness Home
Puwakptiya
0715500943

Carpel Tunnel Syndrome සඳහා ප්‍රත්‍යක්ෂයි 🤲(ශල්‍ය කර්ම වලින් තොරව සුව කර ගන්න )=====================================නූතන...
17/09/2025

Carpel Tunnel Syndrome සඳහා ප්‍රත්‍යක්ෂයි 🤲
(ශල්‍ය කර්ම වලින් තොරව සුව කර ගන්න )
=====================================

නූතන සමාජය තුල බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමි පාර්ශවයද පීඩා විඳින රෝග තත්වයක් වන Carpel Tunnel Syndrome හෙවත් මධ්‍ය ස්නායුව අවහිරවීම එදිනෙදා ජීවිතයට බොහෝ බාධාකාරී තත්වයන් මතු කරයි. විශේෂයෙන්ම මේ තත්වය නිසා පීඩා විඳින කන්තාවන් බහුල බව අප සායන වලදී පෙන්නවන කාරණයක් . මෙයට විසඳුම ලෙස බොහෝ සෙයින් ශල්‍ය කර්මයන් සඳහා යොමු උවද එයද නැවත පැන නැගීමේ හැකියාවක් පවතීනවා. මේ සඳහා නියම ලෙස ප්‍රතිකාර නොකීරීමෙන් මධ්‍ය ස්නායුව ආඝාතයට ලක් වීමද Nerve Damage සිදුවිය හැකියි .

මෙම රෝග තත්වයය හේතු කාරණා ලෙස එදිනෙදා කාර්‍යයන් වමතින් හෝ දකුණතින් ආදි ලෙස එකම අතකින් සිදුකිරීම් , අධිකව අතින් බර එසවීම , රෙදි සේදීම ,බොහෝ වේලා පරිඝනක යතුරු පුවරු භාවිතය Type setting . සංගීත භාණ්ඩ වැයීම උදාහරණ ලෙස දැක්විය හැක .

රෝග ලක්ෂණ

උදෑසන අතේ ඇඟිලි වල පවතින හිරිය , තද ගතිය , මැණික් කටු සන්ධියෙන් නැවීමේ හා දිග හැරීමේ අපහසුතා දැක්විය හැක . (Numbness & tingling ).දහවල් වන විට එම තත්වයේ පහසුවක්ද ඇතිවේ . කාලීන අවස්ථාවේදී මනිබන්ධ සන්ධිය/wrist joint ආශ්‍රිත වේදනාව නොකඩවා පවතී .

නිවසේදී කර ගත හැකි පිලියම් ,

◾එකම අතකින් කාර්‍යන් සිදු නොකොට අත්දෙකින්ම් කාර්‍යන් සිදු කිරීම

◾මඳ උණුසුම් ජලයේ විනාඩි 10 ක් පමණ අත් බහා තැබීම .

◾මැණික් කටු සන්ධියට හා ඇඟිලි වලට ව්‍යායාම කිරීම .

කාලීන තත්වයන් සුව කර ගැනීමට අපහසු අවස්ථා සඳහා වෛද්‍යමය මැදිහත් වීමක් අවශ්‍යයි . ඒ සඳහා අභ්‍යන්තර ඖෂධද සමග භාවිතා කලයුතු , ස්වාභාවික ඖෂධ මගින් සැකසූ මා විසින් අත් හදා බලා ඇති ප්‍රත්‍යක්ෂ පත්තුවක් ඔබට හඳුන්වා දිය හැකිවේ.

මෙම ඖෂධය භාවිතය ,
පත්තුව කුඩා ප්‍රමාණයක් මි පැණි සමග කලවම් කර අතේ මැණික් කටු සන්ධියේ අල්ල පැත්තේ කුඩා සත විසිපහක පමණ ප්‍රමාණයක් රාත්‍රී කාලේ ආලේප කල යුතුයි .උදෑසන සෝදා ඉවත් කල යුතුයි. වැඩි විස්තර ඖෂධය සමග විස්තර පත්‍රිකාවකින් ඔබව දැනුවත් කරනු ඇත .

Dr Sujani Premarathne
BAMS (Uni of Col )
Pg Dip in Ayuvedic Pharmacology Nutraceutical & Product Development (Faculty Of Indigenous Medicine )
SuwAyu Ayurvedic Wellness Home
Main Street , Puwakpitiya

ප්‍රතිකාර සඳහා විම්සන්න .
SuwAyu 0715500943

Address

Main Street
Puwakpitiya
10712

Opening Hours

Tuesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94763853956

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Sujani Premarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Sujani Premarathne:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram