Dr.Prabodha Ranathunga

Dr.Prabodha Ranathunga Welcome to Dr. Prabodha Ranathunga’s Official Page! Your journey to true healing starts here.

As a dedicated Ayurvedic doctor & wellness mentor, I combine ancient wisdom with modern insights to help you achieve balance, vitality, and lasting well-being!

Tiredness - නිතරම ඇඟට දැනෙන තෙහෙට්ටුව දිගින් දිගටම පැවතීම සාමාන්‍ය නැහැ.දවස පුරාම කය,මනස මෙහෙයවන කාන්තාවන්ට මේ තත්වය නිර...
28/03/2026

Tiredness - නිතරම ඇඟට දැනෙන තෙහෙට්ටුව දිගින් දිගටම පැවතීම සාමාන්‍ය නැහැ.
දවස පුරාම කය,මනස මෙහෙයවන කාන්තාවන්ට මේ තත්වය නිරන්තරවම දකින්න තිබෙනවා.

සායනයේදී බොහෝ රෝගීන් පවසන්නේ
"ඩොක්ටර්, උදේට ඇහැරෙද්දිත් තෙහෙට්ටුයි...දවස පුරාම ඇඟ පණ නැහැ.. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ.."

මේ වගේ තත්වයකදි ප්‍රතිකාරයට යොමු වීමට පෙර රෝගියාගේ දෛනික ජීවි⁣තය ගෙවන අයුරු පිලිබඳව අවබෝධයක් තිබිය යුතුමයි.

ඇත්තටම, 'තෙහෙට්ටුව' කියන්නේ නිකම්ම කම්මැලිකමක් නෙවෙයි.
බොහෝ විට සිරුරේ හෝර්මෝන පද්ධතිය හෝ පෝෂණ මට්ටම ගැන ඔබට දෙන 'ඇඟවීමක්'.
මේ අධික තෙහෙට්ටුවට ප්‍රධානතම හේතු කිහිපයක් තිබෙනවා..

• හෝර්මෝන අසමතුලිතතාවය: මෙන්න මේ හේතුවෙන් පීඩා විඳින රෝගීන් දෛනිකව බොහෝ ප්‍රමාණයක් Saundarya Clinic එකේදි හමුවෙනවා. හෝමෝන වෙනස් වීමත් සමඟ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩාල වෙනවා. ගොඩක් වෙලාවට මෙතනදි බලපාන්නේ Cortisol සහ Thyroid හෝර්මෝන වල විෂමතාවයන්.
⁣බහුතරයක් කාන්තාවන්ට රෑට නින්ද නොයාම, එසේත් නැතිනම් පාන්දර 2.00-3.00 වී නින්ද යාම දකින්න තිබෙනවා.

• ​පෝෂණ ඌනතා:
යකඩ ඌනතාවය (Anemia),
විටමින් B12 සහ Vitamin D3 ඌනතාවය නිසා සිරුරට අවශ්‍ය ශක්තිය නිපදවීමට අපහසු වෙනවා.
එවැනි අවස්ථාවලදිත් අධික තෙහෙට්ටුව රෝග ලක්ෂණයක් විදියට දකින්න තියෙනවා.

• ​දිගුකාලීන පීඩනය (Stress):
අද වනවිට බොහෝ කාන්තාවන් රැකියාවේ ගැටලු ආර්ථිකමය ගැටලු, මානව සම්බන්ධතාවල ගැටළු හේතුවෙන් අධික මානසික පීඩනය යන තත්වයෙන් පෙලෙන අතර මේ හේතුන් නිසා,
ඇඩ්‍රිනලින් ග්‍රන්ථි වෙහෙසට පත්වීමත් සමඟ (Adrenal Fatigue) දවසේ වැඩි කාලයක් තෙහෙට්ටුව දැනේ.
එමෙන්ම සිරුර තුල පවතින වෙනත් රෝගී තත්ව හේතුවෙන්ද, දින චර්යාවේ පවතින ගැටළුද මෙවැනි තත්වයන්ට හේතු වෙනවා.

මෙවැනි තත්ත්වයන් දේශීය වෛද්‍ය විද්‍යාවන් තුළ හඳුන්වන්නේ පිත සහ වාතය අතර දෝෂ විෂමතාවයක් ලෙසට.
මෙලෙස අධික තේට්ටුව දැනෙන පුද්ගලයන්ට කායික වේදනා මෙන්ම, බොහෝවිට ශරීරයේ උෂ්ණාධික වීමත්, Gastritis වැනි ලක්ෂණත් පොදුවේ නිරන්තරවම දක්නට තිබේ.

ආයුර්වේදය හා දේශීය පාරම්පරික වෛද්‍ය විද්‍යාවන් තුලදී මෙවැනි තත්ව සඳහා රෝග මූලයට - Root cause
එකට නියමිත ප්‍රතිකාර පද්ධතීන් අනුගමනය කරමින් සාර්ථකව රෝගියා ස්වස්ථතාවය කරා රැගෙන එයි.

Saundarya Clinic | Rajagiriya | 0772144134

ඔබේ ශරීරය ඔබට පවසන දේට සවන් දෙන්න.
නිතර දැනෙන වෙහෙස කියන්නේ ඔබේ සිරුර විවේකය සහ පෝෂණය ඉල්ලා කරන ඉල්ලීමක් වෙන්න පුළුවන්!

ඔබේ ඔසප් වීම පහත පරිදි සිදු වෙනවා නම්, ඔබ ඉන්නේ නිරෝගී මට්ටමකයි! • ​දින ගණන: එක Period එකක් පටන් ගත්ත දවසේ ඉඳන් ඊළඟ peri...
27/03/2026

ඔබේ ඔසප් වීම පහත පරිදි සිදු වෙනවා නම්, ඔබ ඉන්නේ නිරෝගී මට්ටමකයි!

• ​දින ගණන: එක Period එකක් පටන් ගත්ත දවසේ ඉඳන් ඊළඟ period එක පටන් ගන්න දවසට දින 21ක් හෝ 35ක් අතර කාලයක් තියෙනවා නම්.

• ​පවතින කාලය: රුධිරය වහනය වීම දින 3ත් 7ත් අතර කාලයක් විතරක් පවතිනවා නම්.

හැම මාසෙම එකම දින ගණනකට (උදාහරණයක් ලෙස දින 28කට සැරයක්) වගේ හරියටම සිද්ධ වෙනවා නම්.

මේ ලක්ෂණ පවතිනවා නම් ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත් සහ නිරෝගී!

මීට වඩා වෙනස් ලක්ෂණ පහතින් දක්වා ඇති පරිදි සිදුවෙනවා නම් පොඩ්ඩක් හිතන්න!
අන්න ඒක Irregular Period එකක් වෙන්න පුලුවන්!

• ​දින ගණන: දින 21කට කලින් periods වෙනවා නම් හෝ දින 35කටත් වඩා පරක්කු වෙනවා නම්.

• ​වෙනස් දින: එක මාසෙක දින 25කින් වෙලා, ඊළඟ මාසෙ දින 40කින් විතර වෙනවා නම්.

• ​සමහර මාසවලදී පීරියඩ්ස් නොවී මගහැරෙනවා නම්.

• දින 7කට වඩා වැඩියෙන් අධික රුධිර වහනයක් වීම

දේශීය වෛද්‍ය විද්‍යාවන්ට අනුව කාන්තාවකගේ ඔසප් චක්‍රය කියන්නේ තවත් එක ශරීර ක්‍රියාවලියක් නෙවෙයි.ඇයගේ සමස්ත සෞඛ්‍යම රඳා පවතින්නේ ඔසප් චක්‍රයේ සංසිඳීන් මත.

නිරෝගී ඔසප් වීමක් යනු වාත, පිත්ත, කප යන තුන්දොස්වල මනා සමතුලිතතාවයක් බාවය.
ඔබේ චක්‍රය ක්‍රමවත් නම් එයින් අදහස් වන්නේ ඔබේ ශරීරයේ අභ්‍යන්තර "ගින්න" (අග්නිය) සහ හෝමෝන ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් පවතින බවයි.
නමුත් වෙනස් ලක්ෂණ පවතිනවා නම් ඔබේ අග්නිය සහ හෝමෝන ක්‍රියාවලීන් අතර අසමතුලිතතාවයන් පැවතීමට ඇති හැකියාව වැඩියි.
වසරකට එක මාසයක මෙවැනි වෙනසක් පෙන්නන⁣වානම් එය සාමාන්‍ය දෙයක් ලෙස ගත හැකි වුවත් දිගින් දිගටම පැවතීම රෝගී තත්වයක් දක්වා වර්ධනය වීමට ඇති ඉඩ වැඩි කරයි.
ආර්තවය යනු ඉතාම ස්වභාවික ක්‍රියාවලියක් බවත් එහි එන විවිධ වෙනස්කම් නිසි රෝග කාරකය නිර්ණය කොට ඒ සඳහා නියමිත ඖෂධ යෙදීමෙන් සුව කර ගත හැකි බවත් අ⁣වබෝධයෙන් සිටීම කාන්තාවකට නී⁣රෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීමට පිටුවහලක් වේ.

ඔබත් අක්‍රමවත් ඔසප් චක්‍රයක ලක්ෂණ අත්විඳිනවා නම්,
නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

Saundarya Clinic | Rajagiriya | 0772144134

ඔබට ආර්තවය - ඔසප් සම්බන්ධව ඇති ගැටළු පහලින් Comment කරන්න!

සරු කාලෙයදි Ovulation period එකේදි කාන්තාවන් ආකර්ෂණීය වෙනවා!යුවතියන් සුන්දරම වෙන්නේ මේ කාලෙට.ඇත්තටම, කාන්තා ශරීරය හරියටම...
26/03/2026

සරු කාලෙයදි Ovulation period එකේදි කාන්තාවන් ආකර්ෂණීය වෙනවා!
යුවතියන් සුන්දරම වෙන්නේ මේ කාලෙට.
ඇත්තටම, කාන්තා ශරීරය හරියටම දන්නවා ඒ කාලය කවදද කියලා.
මොකද සරු කාලය එන්න කලින් ඒකට අදාල signals ඕන තරම් ඇඟෙන් දෙනවා..
ඒ රහස් පණිවිඩ ටික හඳුනාගන්න යුවතියකට ඕනෙ කැඩපතක් සහ තමන්ගෙ සිරුරට සවන් දීම පමණයි!

මාසයේ එක සතියක් ඔබ වෙනදාට වඩා ලස්සනට පේනවා.
ඒක නිකම්ම දැනීමක් නෙවෙයි. එහෙම වෙන්නේ ඔයාගේ ඇඟේ Estrogen හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය නිසා.
මේ දවස්වලට Estrogen උපරිම මට්ටමකට පත්වෙන නිසා සමේ තෙතමනය සහ කොලජන් වර්ධනය වෙලා, සම ඇතුළතින්ම දීප්තිමත් වෙනවා. කුරුලෑ පවා අඩු වෙනවා.
විද්‍යාත්මක පරීක්ෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනවා මේ කාලයේදී කාන්තාවකගේ හඬ වෙනදාට වඩා මෘදු සහ මිහිරි වන බව.
ඔබේ මුහුණේ සමමිතිය (Symmetry) සහ පෙනුම මේ දවස්වලට වඩාත් ආකර්ෂණීය වන බව ඔබටත් කැඩපතින් පෙනේවි.

​Mirror එකෙන් පේනවා වගේම, ඔබේ සිරුරට දැනෙන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

• ​Cervical Mucus:
මේ දවස්වලට යෝනි මාර්ගයෙන් පිටවන ශ්‍රාවය (Discharge) වෙනස් වෙනවා.
ඒක හරියට අමු බිත්තර සුදු මදය වගේ.. විනිවිද පෙනෙන, ඇදෙන සුළු ස්වභාවයක් ගන්නවා.
මේ තමයි ඔබේ සරු කාලයේ ප්‍රධානතම ලක්ෂණය.
ඒ වගේම වෙනදාට වඩා සැහැල්ලුවක් සහ ක්‍රියාශීලී බවක් ඇඟට දැනෙනවා.

​මේ හෝමෝන ක්‍රියාවලිය මනසටත් පුදුම විදිහට බලපානවා.
මේ කාලෙදි Testosterone මට්ටම මදක් ඉහළ යන නිසා හොද ආත්ම විශ්වාසයක් සහ ශක්තියක් දැනෙනවා.
වෙනදාට වඩා සමාජශීලී වෙන්න, කතා කරන්න හිතෙනවා.
විශේෂම දේ තමයි සරු කාලය කියන්නේ ස්වභාවිකවම කාන්තාවක් දරුවෙක් පිළිසිඳ ගන්න සූදානම් කරන කාලය.අන්න ඒ නිසා ලිංගික ආශාව Libido එක මේ දවස්වලට ඉහළ යනවා.

​ඇයි Ovulation ගැටළු ඇති වෙන්නේ? 🤔🩺

​නමුත් අද වන විට ගොඩක් කාන්තාවන්ට ඔසප් ආශ්‍රිත ගැටලු පවතින නිසා මේ සරු කාලය අක්‍රමවත් වෙන්න, ව්‍යාකුල වෙන්න හේතු වෙනවා.
අපි මේ දැන් කතා කරපු කැඩපතකින් පේන සුන්දරත්වය ඔවුන්ට දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අන්න ඒක හෝමෝන අසමතුලිතතාවයක signal එකක් වෙන්න පුළුවන්.

මේ විදියට සරු කාලය වෙනස් වෙන්න විවිධ හේතු බලපානවා.
• ​PCOS: මේක ඉතාම පොදු හේතුවක්.හෝර්මෝන අවුල් වීම නිසා ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් නිසි පරිදි නිදහස් වෙන්නේ නැහැ.

• ​Stress: මානසික පීඩනය නිසා මොළයෙන් හෝර්මෝන වලට දෙන පණිවිඩ අවුල් වෙන්න පුළුවන්.

• ​ජීවන රටාව: වැරදි ආහාර පාලනය, බර වැඩිවීම හෝ ව්‍යායාම මදිකම.

මම හිතන්නේ හැම කාන්තාවක්ම තමන්ගේ ශරීරය ගැන සැලකිල්ලෙන්, තමන්ගේ ශරීරයෙන් දෙන signals ගැන කල්පනාවෙන් සිටිනවා නම්, ඔබේ සරු කාලය හරියටම හඳුනාගන්න පුළුවන්.

ඔබේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයන් පවතිනවා නම් තව තවත් ප්‍රමාද නොවී නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

සරු කාලය ගැන ඔබට තියෙන ගැට්‍ළු Comment කරන්න!

Saundarya Clinic | Rajagiriya | 0772144134

දෛනිකව මට හමුවන බොහෝ කාන්තාවන්ගේ පොදු ගැටළු කිහිපයක් තිබෙනවා. "ඩොක්ටර්, හේතුවක් නැතුව තරහා යනවා.. නිතරම මහන්සියි.. එක පා...
25/03/2026

දෛනිකව මට හමුවන බොහෝ කාන්තාවන්ගේ පොදු ගැටළු කිහිපයක් තිබෙනවා.
"ඩොක්ටර්, හේතුවක් නැතුව තරහා යනවා.. නිතරම මහන්සියි.. එක පාරටම බර වැඩි වෙලා.. මට periods හැදුනේ නෑ මාස 5-6කින්..." කියලා.

අපි හැමෝටම යම් යම් හේතු වලට තරහ යනවා. ඒත් අපි ආයෙම නිවෙනවා..
අපි දවස පුරාම වැඩ කරනවා.. ඉතින් මහන්සි තමයි..
ඒ දේවල් සාමාන්‍ය කාරණා..
හැබැයි යම් පුද්ගලයෙක්ට මේ දේවල් අසාමාන්‍ය විදියට දිගින් දිගටම පවතිනවනම් ඔන්න අපි පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන..

මේ දේවල් ඉතාම සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවන්. නමුත් මේ ශාරීරික ක්‍රියාවන්වල නීරෝගීතාවය රඳා පවතින්නේ, ශරීරයේ "හෝර්මෝන සමතුලිතතාවය" (Hormonal Balance) මත.
මේ වගේ අසාමාන්‍ය කේන්තිය, මහන්සිය, ශරීරයේ බර හා ඔසප් වෙනස් වන කාන්තාවන්ගේ ශරීර තුළ හෝමෝන අසමතුලිතතාවය නිරන්තරව ම දකින්න තිබෙනවා.

​එවැනි අය මේ ගැටළු නිරාකරණය කරගන්න වසර ගණන් විවිධ ප්‍රතිකාර පසුපස යනවා.. නමුත් මේ හෝර්මෝන ගැන කතා කරද්දී අපි නිතරම සිතන්නේ ඖෂධ ගැන පමණයි.
දේශීය වෛද්‍යවරියක ලෙස මගේ අත්දැකීම අනුව, හෝර්මෝන ක්‍රමවත් කිරීමේ පළමු පියවර තිබෙන්නේ ඔබේම කුස්සියේ ඖෂධගාරය ඇතුළේ!
නමුත් අපිට ඒ ඖෂධාගාරය දැන් දැන් අමතක වෙන්න පටන් අරන්..

​මේ හෝමෝන සමතුලිතතාවයට දෛනිකව ලබාගන්නා ආහාර සෘජුවම බලපෑමක් ඇති කරනවා.

අපේ දෛනික ආහාර වේලට එකතු වන කුළුබඩු වල ඇති "ක්‍රියාකාරී සංයෝග" (Active Compounds) මඟින් අපට නොදැනීම හෝමෝන සමතුලිත කරනවා.
ඒකට උදාහරණ ටිකක් මං පහලින් ලියන්නම්..

​1. කහ (Turmeric) - තාරුණ්‍යයේ සහ ප්‍රතිශක්තියේ රහස

• ​මෙහි ඇති ප්‍රධානතම ක්‍රියාකාරී සංයෝගය 'Curcumin' ය. එමඟින් ශරීරයේ දැවිල්ල (Inflammation) අඩු කිරීමට ඇති ප්‍රබල හැකියාව නිසා හෝර්මෝන පද්ධතියට මනා පිටුවහලක් ලබා දෙනවා. මෙය කුරුලෑ පාලනයට සහ සම ඇතුළතින්ම දීප්තිමත් කිරීමටත් උදවු වෙනවා.
• ඇඟ පිම්බිලා , පිරිලා වගේ දැනෙන තද ගතිය අඩු වෙන්න කහ ප්‍රත්‍යක්ෂ කුළුබඩුවක්..

​2. කුරුඳු (Cinnamon) - සීනි සහ බර පාලකයා

• 'Cinnamaldehyde' කුරුඳු වල ප්‍රධාන active compound එකක් විදියට ගන්න පුලුවන්. PCOS හෝ අනවශ්‍ය බර වැඩිවීම ගැන වද වෙන කාන්තාවකට කුරුඳු මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරලා ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරගන්න දිව්‍යමය ඖෂධීය ගුණ සහිත කුළු බඩුවක්.
• බොහෝ කාන්තාවන්ට Insuline Resistance එකත් සමඟ ඇතිවන බොහොමයක් ගැටළු පාලනය කරගන්නත් කුරුඳු උපයෝගී වෙනවා..

​3. උළුහාල් (Fenugreek)

උළුහාල් වල 'Diosgenin' වැනි සැබෑ හෝර්මෝන වලට සමාන 'Saponins' වර්ග තිබෙනවා.
ආර්තව වේදනාව (Period pain) සහ හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇති වන PMS අපහසුතා වලට උළුහාල් ඉතා ගුණදායකයි. මෙය ශරීරය සිසිල් කර හෝර්මෝන ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.

ආයුර්වේදයට අනුව, හෝර්මෝන අසමතුලිතතාවය පාලනය කරන්න මේ කුළුබඩු වල රස, ගුණ, වීර්යයත් බලපානවා.
මෙම කුළුබඩු තුනම උෂ්ණ වීර්යය සහිත නිසා ශරීරයේ 'පිත' මට්ටම සමතුලිත කරන්නත්, හෝර්මෝන පද්ධතිය උත්තේජනය කරන්නත් උදවු වෙනවා.

මේ ඉතාම සුළු ප්‍රායෝගික කාරණා පමණයි.
මම හැමදාම කියනවා, හෝමෝන සමතුලිත කරන්න පුලුවන්..!
ඒකට ඕනෙ ඉවසීම...කැපවීම..
නිවැරදි ඖෂධ, ආහාර, ව්‍යායාම නියමිත කාලයක් පුරාවට වෛද්‍ය උපදෙස් පිලිපදින රෝගීන් ක්‍රමයෙන් සුවපත් වෙනවා ඕනෑ තරම් මම දවස ගානේ දකිනවා!

Saundarya Clinic | Rajagiriya | 0772144134

24/03/2026

🔴 කුරුලෑ (Acne) නිසා ඔබත් පීඩා විඳිනවාද?

​මුහුණේ කුරුලෑ ඇති වීම තරුණ අවධියේදි සාමාන්‍ය දෙයක් වුණත්, එය දිගින් දිගටම පවතිනවා නම් එය ඔබේ හෝර්මෝන, ආහාර රටාව හෝ ජීවන රටාවේ යම් වෙනසක් සිදුවන බවට සංඥාවක් විය හැකියි.

​කුරුලෑ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු.

➡️ ​හෝමෝන වෙනස්වීම් - නව යොවුන් වියේ හෝමෝන වෙනස්කම්,Pcos වැනි රෝග තත්ත්වයන් නිසා.

➡️ ​වැරදි ආහාර රටාව - තෙල්,පිටි,සීනි සහිත ආහාර,කෘත්‍රිම රසකාරක අධිකව ගැනීම.

➡️ ​මානසික ආතතිය (Stress) - සිරුරේ හෝර්මෝන අසමතුලිතතාවයට මෙය ප්‍රධාන හේතුවක් වේ.

➡️ ​අහිතකර නිෂ්පාදන - ඔබේ සමට නොගැලපෙන ආලේපන,ක්‍රීම් වර්ග භාවිතය.

➡️ ​අපිරිසිදුකම - දූවිලි සහ බැක්ටීරියා නිසා සමේ කුඩා සිදුරු අවහිර වීම.

ඔබට කළ හැකි සරල දේවල් කිහිපයක් 👇

✅ දිනකට වරක් මෘදු ක්ලෙන්සර් (Mild Cleanser) එකකින් මුහුණ පිරිසිදු කරන්න.
✅ සමේ තෙතමනය රැක ගැනීමට දිනකට ජලය 2-3 L පානය කරන්න.
✅ තෙල් සහිත පිටි සහ පැණිරස ආහාර පාලනය කරන්න.
✅ දිනකට පැය 6-7 ක සුවදායක නින්දක් ලබාගන්න.
✅ කුරුලෑ ඇල්ලීම හෝ කඩා දැමීමෙන් වැළකී සිටීම වැදගත් .(කැළැල් සහ වළවල් ඇතිවීමට මෙය ප්‍රධාන හේතුවක් වේ)
✅ නිවැරැදි නිශ්පාදන - ඔබේ සමට ගැලපෙන නිශ්පාදනයක් තෝරාගෙන භාවිතා කිරීම ඉතා වැදගත්.

ආයුර්වේදයට අනුව, මෙය ශරීරයේ 'පිත' (Pitta) දෝෂය අසමතුලිත වීම සහ රක්තය දූශිත වීම නිසා ඇතිවන තත්ත්වයක්.

➡️ ​අසමතුලිත ආහාර - අධිකව තෙල්, මිරිස්,පිටි සීනි සහ උෂ්ණාධික කෑම ගැනීම.

➡️ ​ශරීරයේ විෂ කොටස්(Ama) - ආහාර ජීර්ණය නිසි ලෙස සිදු නොවීම නිසා සිරුරේ රැඳෙන විෂ කොටස් සම මතුපිටින් පිටවීම.

➡️ ​මානසික පීඩනය,
පිත දෝෂය ඉහළ නැංවීමට බලපාන ප්‍රධාන සාධක ලෙස දැක්විය හැකියි.

​ නිරෝගී සමක් සඳහා ආයුර්වේද උපදෙස්,

✅ නිරෝගී ආහාර වේලක් - ස්වභාවික එළවළු,පළතුරු මෙන්ම පිපිඤ්ඤා, කෝමාරිකා වැනි සිසිල් ගුණැති ආහාර වැඩිපුර එකතු කරගන්න.

✅ බාහිර සත්කාර
​කොහොඹ (Neem) - බැක්ටීරියා නාශකයක් ලෙස.
​කහ (Turmeric) - අසාත්මිකතා සහ ඉදිමුම අඩු කිරීමට.
​සුදු හඳුන් (Sandalwood) - සම සිසිල් කර කැළැල් මැකීමට.

​🔴 මතක තබාගන්න,

එක් එක් පුද්ගලයාගේ ශරීර ස්වභාවයට (Prakriti) අනුව ප්‍රතිකාර වෙනස් වේ. එබැවින් නිසි වෛද්‍ය පරීක්ෂාවකින් පසු ඔබේ ශරීරයට ගැලපෙන ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමෙන් කුරුලෑ සුව කරගන්න ඔබටත් පුළුවන්.

Dr.Ravishan Waduge
Saundarya Clinic | Rajagiriya
0772144134

14/03/2026
14/03/2026
12/03/2026
My heartfelt wishes to Roonara Ayurvedic Medical Center🍃 for more and more success!💖
05/03/2026

My heartfelt wishes to Roonara Ayurvedic Medical Center🍃 for more and more success!💖

Shine softly💖
04/03/2026

Shine softly💖

❤
26/02/2026

22/02/2026

Address

Hemayur Wellness, Obesekarapura Road
Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Prabodha Ranathunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category