Pain Management Unit-Teaching Hospital,Rathnapura

Pain Management Unit-Teaching Hospital,Rathnapura වේදනාවෙන් සුවපත්ව සිනා නගමු...❤️😍🥰

අද දින හෘද රෝග සායන රෝගීන් සඳහා වේදනා කළමනාකාරනය පිළිබඳ දැනුවත් කිරීම.🫀❤️‍🩹🥰
08/04/2026

අද දින හෘද රෝග සායන රෝගීන් සඳහා වේදනා කළමනාකාරනය පිළිබඳ දැනුවත් කිරීම.🫀❤️‍🩹🥰

වේදනාවෙන් තොර සුව පහසු දරු ප්‍රසූතියකට.......Introduced pharmacological and non-pharmacological pain management techniqu...
13/01/2026

වේදනාවෙන් තොර සුව පහසු දරු ප්‍රසූතියකට.......
Introduced pharmacological and non-pharmacological pain management techniques.....😍🤱👼

01/01/2026
💢වේදනාවට උණු වතුරෙන් තවනවද? ❄️ අයිස් තියනවද? 🔥 හරියට දැනගෙන කරමු 💢අපිට කොන්ද රිදෙනකොට, බෙල්ල තදවෙලා වගේ දැනෙනකොට, නැත්නම...
09/11/2025

💢වේදනාවට උණු වතුරෙන් තවනවද? ❄️ අයිස් තියනවද? 🔥 හරියට දැනගෙන කරමු 💢

අපිට කොන්ද රිදෙනකොට, බෙල්ල තදවෙලා වගේ දැනෙනකොට, නැත්නම් වළලුකර උළුක්කු වුණාම 😫, අපි ගෙදරදීම කරන ප්‍රතිකර්ම දෙකක් තමයි,

⛔ උණු වතුරෙන් තැවීම

⛔අයිස් තැබීම

ඒත්, මොන වෙලාවටද රස්නය දෙන්න ඕන? 🤔 මොන වෙලාවටද සීතල දෙන්න ඕන?

"Cryotherapy" හෝ "Thermotherapy" කිව්වම ඒ මොනවද?

අද අපි කතා කරමු, භෞත චිකිත්සක (Physiotherapy) මූලධර්ම සහ නවතම පර්යේෂණ අනුව, මේ ප්‍රතිකර්ම දෙක ක්‍රියාකරන්නේ කොහොමද, සහ ඒවා නිවැරදිව සහ ආරක්ෂිතව කරන්නේ කොහොමද කියලා. 👇

❄️ සීතල ප්‍රතිකර්මය (Cryotherapy)

💥Cryotherapy යනු සුව කිරීමේ අරමුණින් "සීතල" භාවිතා කිරීමයි. මෙය අධි-තාක්ෂණික "Whole Body Cryotherapy" වැනි කුටිවල සිට, ගෙදරදී පාවිච්චි කරන අයිස් පැක් එක දක්වා පුළුල් පරාසයක පවතී.

⭕කවදාද පාවිච්චි කරන්නේ? (හදිසි ඉදිමුම් සහ වේදනා සඳහා)

⚡"අලුත්" තත්වයන් සඳහා. (Acute Stage). එනම්, යමක් සිදුවී (උදා: වැටීමක්, උළුක්කු වීමක්) පළමු පැය 48-72 (දින 2-3) ඇතුළත. විශේෂයෙන් බාහිර තුවාල නැති අවස්ථා වල

* වළලුකර උළුක්කු වීමක් (Ankle Sprain)
* මස්පිඬු පෙරළීමක් (Muscle Strain)
* වැටීමකින් හෝ ගැටීමකින් පසු ඇතිවූ ඉදිමුමක් (Swelling)
* දණහිස, වැලමිට වැනි සන්ධියක් හදිසියේ ඉදිමුණු විට.

⭕ කොහොමද වේදනාව අඩු කරන්නේ? (ක්‍රියාකාරීත්වය)

⚡සීතල දීමෙන් ඒ ප්‍රදේශයේ රුධිර නාල හැකිලීම (Vasoconstriction) සිදුවේ.

* රුධිර නාල හැකිලුණාම, ඒ ස්ථානයට එන රුධිර ගමනාගමනය සහ සෛල අතර දියර ගැලීම (දැවිල්ල/Swelling) අඩුවේ.
* ඒ වගේම, සීතල නිසා ස්නායු අග්‍ර තාවකාලිකව හිරිවැටීමකට (Numbness) ලක්වී, මොළයට වේදනාව ගැන යන සංඥා අවහිර කරයි.

⭕කරන ක්‍රම (Mthods of Cryotherapy):

➡️ Ice Pack
➡️ Ice Massage
➡️ Cold Water Immersion
➡️Vapocoolant Spray
➡️Dipstick Method
➡️Whole body Cryotherapy

🔥 උණුසුම් ප්‍රතිකර්මය (Thermotherapy)

💥Thermotherapy යනු සුව කිරීමේ අරමුණින් "උණුසුම" භාවිතා කිරීමයි. භෞත චිකිත්සක මධ්‍යස්ථානවලදී අපි Ultrasound, Shortwave Diathermy (SWD) වැනි 'ගැඹුරු රස්නය' (Deep Heat) දෙන ක්‍රම භාවිතා කරයි. නමුත් ගෙදරදී අපිට 'මතුපිට රස්නය' (Superficial Heat) සරලව යොදාගන්න පුළුවන්.

⛔පාවිච්චි කරන්නේ මොන වෙලවටද ? (නිදන්ගත වේදනා සහ තද ගතිය සඳහා)

⚡"පරණ" සහ "දිගුකාලීන" (Chronic) තත්වයන් සඳහා. (එනම්, දින 3-4 කට පසුව, අලුත් ඉදිමුම බැස ගිය පසු).
* දින ගණනාවක් තිස්සේ තියෙන වේදනාව (Chronic low back pain, Chronic neck pain.....)
* බෙල්ලේ, උරහිසේ මාංශ පේශිවල තද ගතිය (Muscle Stiffness / Tightness)
* සන්ධිවල ආතරයිටිස් වේදනාව (ඉදිමුම නොමැති විට)

🚨නමුත් ඉදිමුම පවතින අවස්ථා වල

⭕කොහොමද වේදනාව අඩු කරන්නේ? (ක්‍රියාකාරීත්වය)

⚡රස්නය දීමෙන් වෙන්නේ රුධිර නාල ප්‍රසාරණය වීමයි (Vasodilation).

* රුධිර නාල පළල් වුණාම, ඒ ප්‍රදේශයට රුධිර ගමනාගමනය, ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ සැපයුම වැඩි වෙනවා.
* ප්‍රතිඵලය: තදවෙච්ච මාංශ පේශි සහ පටක ලිහිල් වෙනවා (Muscle relaxation), සන්ධිවල තද ගතිය (Stiffness) අඩුවෙනවා.

⚠️ විශේෂ අවවාද

* විවෘත තුවාල (Wounds): කැපුම්, සීරීම්, හෝ ලේ එන තැන්වලට මෙන්ම ඉදිමුණු, රත් වූ තැනකට උණු වතුරෙන් එපා. එය රුධිර ගමනය වැඩි කර ඉදිමුම සහ දැවිල්ල දරුණු කරයි.

* ආවරණයක් අත්‍යවශ්‍යයි: අයිස් (Ice Massage හැර) හෝ Hot water packs කෙලින්ම සම මත (Directly on skin) තබන්න එපා. පිලිස්සීම් වළක්වා ගැනීමට හැමවිටම තුවායක් වැනි ආවරණයක් පාවිච්චි කරන්න.

* සංවේදනය අඩු නම්: දියවැඩියාව වැනි රෝග (Diabetic Neuropathy) හෝ රුධිර සංසරණ ගැටළු (e.g., Raynaud's) නිසා හිරිවැටුණු, දැනීම අඩු තැන්වලට මේවා තැබීමේදී ඉතාම ප්‍රවේශම් වන්න. පිලිස්සීමේ අවදානම ඉතා වැඩියි.

* විනාඩි 20 කට වඩා Ice packs apply කිරීමෙන් ice burns ඇතිවිය හැකියි.

මේවා රෝග ලක්ෂණ තාවකාලිකව පාලනය කිරීමට උදව් වන ප්‍රතිකර්ම පමණයි. ඔබේ වේදනාව දරුණු නම්, අඩු නොවන්නේ නම්, හෝ අත-පය හිරිවැටීමක් වැනි වෙනත් ලක්ෂණ ඇත්නම්, එය නොසලකා හරින්න එපා.....

අධ්‍යයනවලින් පෙනී යන්නේ පාවහන් නොමැතිව සිටගෙන ගසක් මත අත් තැබීමෙන් ආතති මට්ටම් අඩු කර, ස්නායු පද්ධතිය සන්සුන් කර, මිනිත්...
14/10/2025

අධ්‍යයනවලින් පෙනී යන්නේ පාවහන් නොමැතිව සිටගෙන ගසක් මත අත් තැබීමෙන් ආතති මට්ටම් අඩු කර, ස්නායු පද්ධතිය සන්සුන් කර, මිනිත්තු කිහිපයකින් මානසික ආතතිය අඩු කළ හැකි බවයි.

මෙම පිළිවෙත භූගත කිරීම හරහා ක්‍රියාත්මක වන අතර එය භූමිකරණය ලෙසද හැඳින්වේ, එය ඔබේ ශරීරය පෘථිවියේ ස්වාභාවික විද්‍යුත් ශක්තියට සම්බන්ධ කරයි. පාවහන් නොමැතිව ස්පර්ශය කෝටිසෝල්, ආතති හෝමෝනය අඩු කිරීමට සහ හෘද ස්පන්දන විචල්‍යතාවය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ස්වයංක්‍රීය ස්නායු පද්ධතියේ වඩා හොඳ සමතුලිතතාවයක් ඇති කරයි.

එළිමහනේ, තණකොළ හෝ පස මත පාවහන් නොමැතිව මිනිත්තු 5-10ක් ගත කිරීමෙන්, ගසක කඳක් මෘදු ලෙස ස්පර්ශ කිරීමෙන්, ආතතිය අඩු කර, මනෝභාවය වැඩි දියුණු කර, චිත්තවේගීය යහපැවැත්මට සහාය විය හැකිය. ගැඹුරු හුස්ම ගැනීම සමඟ මෙම යුගලය කිරීම ප්‍රතිලාභ වැඩි කරන අතර කාර්යබහුල දිනකට පසු ඔබේ ශරීරය නැවත සකස් කිරීමටද මෙය උපකාරී වේ.

මෙම අධ්‍යයනය අපට මතක් කර දෙන්නේ සොබාදහම ආතතිය අඩු කිරීමට සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීමට බලවත්,අපට පහසුවෙන් නොමිලේ ම ලබා ගත හැකි මෙවලමක් බවයි. ඊළඟ වතාවේ ඔබට අධික ලෙස ආතතිය දැනෙන විට, ගසකින් ඔබව නැවත පණ ගන්වා ගැනීමට උත්සාහ කරන්න - ඔබේ මනස සහ ශරීරය එයට ඔබට ස්තූති කරනු ඇත.

දනහිස් වේදනාවඅද රටේ බහුතරයකට වගේ නිතර නිතර සෑදෙන දනහිස් වේදනාව තමා අහන්න ලැබෙන්නේමේ සදහ බලපාන හේතු සාදකනම් බෝහෝමයක් තිබෙ...
08/10/2025

දනහිස් වේදනාව
අද රටේ බහුතරයකට වගේ නිතර නිතර සෑදෙන දනහිස් වේදනාව තමා අහන්න ලැබෙන්නේ

මේ සදහ බලපාන හේතු සාදකනම් බෝහෝමයක් තිබෙනවා නමුත් ඒ සෑම එකක් පිලිබද වම දැනුවත් කීරීමට අපහසු හෙයින් .ඔබට තේරුමි ගැනීමට පහසු වෙන පරදි තෝරා ගත් කරුනු කීපයකුත්.සුලු දනහිස් අමාරුවක් ආ පසු එක පාරටම වෛද්‍යවරුන් ලගට දුවන්නෙ නැතිව ගෙදරදීම කරගත හැකි ප්‍රතිකාර ක්‍රම ටිකක් කියා දෙමි....

හරි අපි බලමු දැන් දනහිස් සන්දිය සෑදී ඇත්තේ කෙසේද කියා...මෙය අස්ති හතරකින් සෑදි ඇත එනම් femur.tibia .fibula.සහ pattella යන අස්ථි වලිනි රෑපයේ පරිදි උඩින් femur එකත් යටින් tibia .fibular යන දෙකත් ඉදිරියෙන් නිදහසේ දනිස් පොල් කට්ට නැමති pattella එකත් සම්බන්ද වේ ..මෙම සන්දියේ මැද meniscus නැමති කාටිලේජයක් පිහිටා ඇත.මෙය සන්දියට කම්පන දරා ගැනීමට සහ උඩ අස්තියත් පහල අස්ථි යත් දෙක ඝට්ටනය වීම වැලකීම සදහ පිහිටා ඇත.මෙම සන්දියේ එහා මෙහා යාම වැලකීම සදහ සන්දිය කන්ඩරා එනම් Ligement හතරකින් බැදී ඇත එනම් ACL..PCL...MCL...LCL..යන මේවාය...මෙම ligement වැඩියෙන්ම damage වන්නේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේය..මෙය 100%damege උනත් යලි ශෛල කර්මයකින් ස්තාපිත කල හැක...උඩින් එන quadriceps..පිටුපසින් Hamstring කියන mucsels group මෙයට සම්බන්ද වේ මෙමගින් කුකුල නැමීමෙ දීග හැරීමේ හැකියාව ලබා දෙයි..තවත මෙම සන්දියේ synovial fluid එක නැමති දියරමයකින් පිරී පවති මෙය දනහිසේ ලිහිසිබාවයට උදවුවේ .......

🟢අපි දැන් බලමු මේ දනහිස් අමාරුවට හේතු මොනවද කියලා....

🔹Ligament sprain .කන්ඩරා ඇබරීමක්
🔹Meniscus tear මැද කාටිලේජය ඉරීමක් කඩතොලුවීමකදි
🔹Mucsels sprain ඉහත දැක්වු මස්පිඩු ඇඹරීමකදී
🔹අස්ථි බිදීමකදී
🔹Mucsels tightness මස්පිඩු තද වීමකදී
🔥මේ සියල්ල වැරදි ඉරියවු..අදික වියායාම...අදික තරබාරු කම....නිසා විය හැක...
🔥කිසිම වියායාම යක් නොමැති කමත් දනිස් අමාරැව ඒමට තවත් එක්තරා කරුනකි...

🟣දනහිස ආශ්‍රිත සෑදෙන රෝග...

🔶Knee osteoarthritis (මැද කාටිලේජය ගෙවීමකින් හෝ කැඩියාමකින් හට ගනී)
🔶Knee rheumatoid arthritis (මෙය autoimmune desease එකකි එනම් තමන්ගේ ප්‍රතිශක්ති පද්දතියේම බලපෑමකින් මැද කාටිලේජය කා දමයි)
🔶Cyst හට ගන්නා ගෙඩි නිසා
🔶Pattella tendanitis පැටෙල්ලා ටෙන්ඩන් එකේ හට ගන්නා ප්‍රදාහක තත්ව
🔶Hamstring tendaniti
🔶synovitis මධ්‍ය දියරමයයේ හට ගන්නා ප්‍රදාහක තත්ව
තව විශාල ප්‍රමානයක් ඇත.....

🔹රෝග ලක්ෂණ

🔹අදික වේදනාව
🔹ඉදිමීම (arthritis condition වලදීමෙය නිතර නිතර ඇතිවේ)
🔹දිගහැරීමට නැමීමට ඇති අපහසු තාව
🔹ඇවිදීමේ අපහසුතාව
🔹හිටගෙන සිට නැගිටීමේදි අපහසුව

🟣ඔබගේ් දනහිසට යමක් උන වෙලාවේම ඔබ කල යුත්තේ එනම් ඇඹරීමක් තැලීමක්.කෙටීමක් ..එය නොසොල්වා පැය 2 න්2ට වත් දවසක්වත් යනතුරු අයිස් තැබීමයි.ඉන්පසු එය නොසොල්වා තබා ගැනීමට බැනඩේජ් එකක් දමන්න දින තුනක් පමන මෙමගින් ඔබට සිදු උන අනතුර වැඩි නොවී පවත්වා ගත හැක..........මුකුත් ගාන්න අතගාන්න යන්න එපා ප්‍රතිකාර පටන් ගතයුත්තෙ දින තුනකට පමන පසුවය...........(පරන එකකට මෙය අදාල නොවේ)

🟣හරි අපි බලමු කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
🟣 මුලින් ඔබ කල යුත්තේ හොද ලොකු සාලුවක් සොයා ගැනීමයි.ඊට පස්සෙ හොද උනු වතුර එකක් නටවා ගන්න ඉන්පසු 50c අංශක පමන නිමාගෙන අර සාලුව එම උනු වතුරේ හොදින් පොගවා රස්නය තිබියදීම සාලුව කකුල වටේ වට 2-3 පමන ඔතන්න ..ඉන් පසු නිවීගෙන එන විට යලිත් සාලුව කකුලේ තිබියදීම උනු වතුර ටික ටික එකතු කරන්න මෙය විනාඩි 20 පමන කරන්න..ඉන් පසු මම රෑපයේ දක්වා ඇති ආකාරයට වියායාම ටික එකකින් 15 සැරය බැගින් කරන්න පලමු දවසේ පහ බැගින්ද දෙවනි දවසේ දහය බැගින්ද තුන්වන දිනයේ පහලොව බැගින් පරදි කරන්න...වියායාම අවසන්වූ පසු ආයුර්වේද සංස්තාවේ ගහන වාත විදුරංග තෙල් හෝ නාරායන තෙල් කුප්පියක් අරන් දනිස්සේ ඉදිරිපසත් පිටු පසත් දෙපැත්‍ගතෙත් හරියටම විනාඩි 10 පමන හොදින් මහපට ඇගිල්ලෙන් හොදට රවුමට පිරිමදින්න ඉන්පසු තෙල් යලිත් දනිස්සෙන් උඩ මස්පිඩුවලත් පිටිපස මස්පිඩු වලත් යට බත් කෙන්දෙත් හොදට ගාලා තව විනාඩි 10 පමන උඩ අතට පිරි මදින්න ...මෙය ටික දිනක් කරන විට ඔබට යම් කිසි සුවයක් දැනේවි..හැබැයි කියල තියෙන පිලිවලටම උනන්දුවෙන් කලොත් ජය නියතයි...
🔶ඊට අමතරව මේ පහත සදහන් දේවල් ටික බොන්න පුලුවන් නම් ගොඩක් හොදයි..මොකද ගෙවී ගිය කාටිලේජ නැවත වර්දනයට සහ මස්පිඩු ශක්තිමත් බාවයට හොදයි...
🍎හැමදාම කෝමාරිකා කෑල්ලක් බෙන්ඩර් කරලා දෙහි බිංදු කීපයක් ද සීනි චුට්ටක් දමා බොන්න....
🍎බිත්තර සුදු මදයට තලතෙල් තේ හැන්දක් පමනක් දමා සෑම දාම බොන්න...
🍎හැමදාම බන්ඩක්කා කන්න තියෙනවනම් ඒකත් හොදයි..
🔶 මා ලද දෙයින් ඔබට ප්‍රයොජනයක් ගැනීම සදහ මෙය පල කලෙමු ඔබත් හැකිතාක් මෙය බෙදා දෙන්න තව අයෙකුගේ හිත සුව පිනිස...තෙරුවන් සරනයි...

මුල්හිමිකරැට ස්තුතියි

🌳 ගසක් පාවහන් නොමැතිව ස්පර්ශ කිරීම: සොබාදහමේ සැඟවුණු චිකිත්සාව.ඔබ පොළොව මත පාවහන් නොමැතිව සිටගෙන ගසක් මත අත තැබූ විට, යම...
29/09/2025

🌳 ගසක් පාවහන් නොමැතිව ස්පර්ශ කිරීම:

සොබාදහමේ සැඟවුණු චිකිත්සාව.

ඔබ පොළොව මත පාවහන් නොමැතිව සිටගෙන ගසක් මත අත තැබූ විට, යම් දෙයක් සිදු වේ. විද්‍යාඥයින් එය භූගත කිරීම ලෙස හඳුන්වයි - පෘථිවියේ ඉලෙක්ට්‍රෝන ඔබේ ශරීරයට ස්වාභාවිකව මාරු කිරීම ලෙස මෙය සරලව ගත් කල ආතතිය අඩු කිරීම, දැවිල්ල අඩු කිරීම සහ නින්ද වැඩි දියුණු කිරීම වැනි බොහෝ දේ ඇත. පොළොව සහ අහස අතර ජීවමාන වාහකයන් ලෙස ක්‍රියා කරමින්, ඒවා අපට සෙවන සහ ඔක්සිජන් ලබා දෙනවා පමණක් නොවේ ඒවා ඒවායේ මුල් සහ කොළ හරහා සියුම් විද්‍යුත් ආරෝපණ රැගෙන යයි. පාවහන් නොමැතිව ඔබ ගස් ස්පර්ශ කිරීමෙන්, ඔබ මෙම ප්‍රවාහය සමඟ කෙලින්ම සම්බන්ධ වන අතර, ඔබේ ශරීරයේ රිද්මයන් හා ස්වභාවධර්මයේ රිද්මයන් සමඟ ඒකාග්‍ර වේ. වර්තමාන අපගේ ජීවිතය කොන්ක්‍රීට්, වනාන්තර සහ කෘතිම උපකරනයන් වලින් අපව වට කර ගෙන ඇත.
මෙම පුරාණ සම්බන්ධතාවයෙන් මිනිත්තු 15 කින් පමණ ස්නායු පද්ධතිය සන්සුන් කළ හැකිය, කෝටිසෝල් මට්ටම අඩු කළ හැකි අතර ඔබව ඉහල කේන්ද්‍රගත බවක් ඇති කළ හැකිය.
ජපානයේ, මෙම පිළිවෙත ෂින්රින්-යෝකු හෝ "වනාන්තර ස්නානය" ලෙස හඳුන්වන අතර, වෛද්‍යවරු සමහර විට එය කාංසාව සහ තෙහෙට්ටුව සඳහා ස්වාභාවික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නිර්දේශ කරති. නවීන වෛද්‍ය විද්‍යාවට වඩා ස්වභාවධර්මයට මනස සහ ශරීරය සුව කළ හැකි යැයි ඔබත් විශ්වාස කරනවාද?

උදේ පාන්දර ළා ඉර එලිය, ඇත්තටම ඒක පුංචි දෙයක් වගේ හිතුනත්, ඒක අපේ සෞඛ්‍යය සම්පන්නබවට දෙන්නෙ ලොකු උදව්වක්.. Serotonin කියන...
23/09/2025

උදේ පාන්දර ළා ඉර එලිය, ඇත්තටම ඒක පුංචි දෙයක් වගේ හිතුනත්, ඒක අපේ සෞඛ්‍යය සම්පන්නබවට දෙන්නෙ ලොකු උදව්වක්.. Serotonin කියන්නේ 'happy hormone' එකක්. එයා අපිට සන්සුන් හැඟීමක් එක්ක අලුත් දවසට මෝටිවේෂන් එකකුත් අරගෙනයි එන්නේ. ඉතිං පුලුවන් හැම දවසකම උදේ පාන්දරින් නොමිලේම ලැබෙන මේ Serotonin dose එක විඳගන්න අමතක කරන්නෙපා.

-උදේම ජනෙල් දොරවල් ඇරලා පාන්දර ළා ඉර එලියට ගේ ඇතුළට එන්න ඉඩදෙන්න..

-පුංචි විනාඩි පහක් දහයක් ළා අව්ව විඳින ගමන් මිදුලෙ පොඩි රවුමක් දාන්න..

-පාන්දර ළා අව්ව විඳින ගමන් ව්‍යායාම ටිකක් කරල බලන්න..

Mindfulness , gratitude පුහුණු කරන්න ඇත්තටම මේක තමයි කියාපුම දවසේ කාලය..

පාන්දර වැටෙන ළා ඉර එලියෙන් අපේ..

✅ Mood එක uplift කරනවා.
✅ Stress එක අඩු වෙනවා.
✅ අපේ Biological clock එක reset කරනවා. (හොඳ නින්දක් ලැබෙන්න ඒම)
✅ Vitamin D ලැබෙනවා.
✅ අපේ Focus එකයි motivation එකයි වැඩි වෙනවා.

ඉතිං දවසටම හොඳ feeling එකක් ගන්න සීතල සුළඟයි ළා උණුසුම් ඉර එළියයි, සොබාදහමේ නිස්කලංකබවයි ටිකක් විඳලම අලුත් දවස පටන් ගන්න. ඇත්තටම ඒක අපිට මේ සොබාදහමින් ලැබෙන natural therapy එකක් !!! Your first dose of happiness is sunlight! Let your skin feel it. Let your heart thank you for it!

Madhushika Udagedara | Happy Life
කරුණාකර උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.

සම්බාහනය :සම්බාහන වර්ග බොහොමයක් ඇත, ඒ සෑම එකකම ආවේණික ශිල්පීය ක්‍රම සහ  සුවිශේෂී ප්‍රතිලාභ ඇත. එම සම්බාහන ක්‍රම අතර,🌱 චි...
16/06/2025

සම්බාහනය :

සම්බාහන වර්ග බොහොමයක් ඇත, ඒ සෑම එකකම ආවේණික ශිල්පීය ක්‍රම සහ සුවිශේෂී ප්‍රතිලාභ ඇත. එම සම්බාහන ක්‍රම අතර,

🌱 චිකිත්සීය සම්බාහනය -Therapeutic massage

🌱 ස්වීඩන් සම්බාහනය - Swedish massage:

🌱 ගැඹුරු පටක සම්බාහනය - Deep tissue massage

🌱 උණුසුම් ගල් සම්බාහනය - Hot stone massage

🌱 ඇරෝමා තෙරපි සම්බාහනය - Aromatherapy massage

🌱 ක්‍රීඩා සම්බාහනය - Sports massage
ඇතුළත් වේ.

ජනප්‍රිය සම්බාහන වර්ග කිහිපයක විස්තර පහත දක්වමි:

🌷 චිකිත්සීය සම්බාහනය -Therapeutic massage :

චිකිත්සක සම්බාහනය, ලිහිල් කිරීම ( relax) සඳහා පමණක් නොව, සුව කිරීම ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා නිශ්චිත ශාරීරික රෝග හෝ තත්වයන් ආමන්ත්‍රණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන සම්බාහන ප්‍රතිකාර වර්ගයකි.

වේදනාව සමනය කිරීම, මාංශ පේශි ආතතිය අඩු කිරීම, සංසරණය වැඩි දියුණු කිරීම සහ තුවාල වලින් සුවය ලබා ගැනීමට උපකාර කිරීම සඳහා මෘදු පටක හැසිරවීම සිදුවේ.

මෙම සම්බාහනයේ විශේෂත්වය නම්

🌼 සාමාන්‍ය ලිහිල් කිරීමේ සම්බාහන මෙන් නොව, මාංශ පේශි වේදනාව, තද ගතිය අඩු කිරීම ,

🌼 තුවාල සුවවීම ඉක්මන් කිරීම.
එය තාවකාලික සහනයක් ලබා දීම පමණක් නොව, ගැටලුවේ මූල හේතුවට ප්‍රතිකාර කිරීම අරමුණයි.

🌼 චිකිත්සක සම්බාහනය චිකිත්සකයාගේ පුහුණුව සහ සේවාදායකයාගේ අවශ්‍යතා මත පදනම්ව ගැඹුරු පටක සම්බාහනය ( Deep tissue massage), ප්‍රේරක ලක්ෂ්‍ය චිකිත්සාව (trigger point therapy) සහ දිගු කිරීම (stretching) ඇතුළු විවිධ ශිල්පීය ක්‍රම ඇතුළත් කළ හැකිය.

🌼 මෙය සායනික හෝ පුනරුත්ථාපන සැකසුමක සිදු කරනු ලැබේ, නමුත් එය ලංකාවේ ස්පා වල සොයාගත නොහැකිය.

🌼 සමහර චිකිත්සක සම්බාහන ශිල්පීය ක්‍රම, විශේෂයෙන් ගැඹුරු පටක වැඩ, චිකිත්සකයා පටක හරහා ක්‍රියා කරන විට තීව්‍ර විය හැකිය හෝ යම් මුදු මොළොක් බවක් ඇති කළ හැකිය, නමුත් මෙය බොහෝ විට විස්තර කරනුයේ සහනයට හේතු වන "හොඳ වේදනාවක්" ලෙසය.

🌼 විශේෂයෙන් නිශ්චිත තත්වයක් සඳහා වෛද්‍යවරයෙකු විසින් යොමු කරනු ලබයි.

චිකිත්සක සම්බාහනයේ ප්‍රතිලාභ වන්නේ,

🌴 වේදනා සහනය: මාංශ පේශි වේදනාව, සන්ධි වේදනාව සහ නිදන්ගත වේදනා තත්වයන් අඩු කරයි.

🌴 චලනයේ පරාසය වැඩි දියුණු කිරීම: නම්‍යශීලී බව වැඩි කරන අතර මාංශ පේශි සහ සන්ධිවල තද බව අඩු කරයි.

🌴 තුවාල සුවය ලැබීම: තුවාල වලින් පසු සුවවීමේ ක්‍රියාවලියට උපකාරී වේ.

🌴 ආතතිය අඩු කිරීම: ආතතිය, කාංසාව සහ ඒ ආශ්‍රිත තත්වයන් කළමනාකරණය කිරීමට උපකාරී වේ.

🌴 සංසරණය වැඩි දියුණු කිරීම: රුධිර ප්‍රවාහය (blood circulation) සහ වසා ජලාපවහනය (Lymphatic drainage) වැඩි දියුණු කරයි.

🌴 ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම: සාමාන්‍ය මාංශ පේශි ක්‍රියාකාරිත්වය සහ චලනය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.

සමස්ත ලිහිල් කිරීම සහ ආතතිය අඩු කිරීම ප්‍රමුඛතාවය දෙන ලිහිල් කිරීමේ සම්බාහනයට ප්‍රතිවිරුද්ධව, චිකිත්සක සම්බාහනය විශේෂිත තත්වයක් හෝ තුවාලයක් සඳහා නිශ්චිත චිකිත්සක ප්‍රතිඵලයක් ලබා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරයි.

🌷🌷 ස්වීඩන් සම්බාහනය - Swedish massage🌷🌷:

දිගු, ලිස්සා යන පහරවල් ( long, gliding strokes) ඇනීම සහ චක්‍රීය චලනයන් ( kneading, and circular movements.) භාවිතා කිරීමෙන් මුළු ශරීරයම ලිහිල් කිරීම (relaxing) අරමුණු කරයි.

🌷🌷ගැඹුරු පටක සම්බාහනය - Deep tissue massage 🌷🌷 :

මාංශ පේශි සහ සම්බන්ධක පටක වල ගැඹුරු ස්ථර නැවත සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එය නිදන්ගත වේදනාවන් (chronic aches) සහ වේදනාවන්ට (pain) උපකාරී විය හැකිය.

🌷🌷උණුසුම් ගල් සම්බාහනය - Hot stone massage🌷🌷 :

මාංශ පේශි උණුසුම් කිරීමට සහ ලිහිල් කිරීමට රත් වූ ගල් භාවිතා කරයි. එමඟින් ගැඹුරු පීඩනය සහ ආතතිය මුදා හැරීමට ඉඩ සලසයි.

🌷🌷ඇරෝමා තෙරපි සම්බාහනය - Aromatherapy massage 🌷🌷 :

ඇරෝමා තෙරපි සඳහා, ලැවෙන්ඩර්, යුකැලිප්ටස්, ලෙමන්, ලෙමන්ග්‍රාස්, චමමයිල්, ක්ලැරි සේජ්, රෝස්මරී සහ බර්ගමොට් වැනි අත්‍යවශ්‍ය තෙල් ජනප්‍රිය තේරීම් වේ.

මෙම තෙල් ඒවායේ සන්සුන්, ප්‍රබෝධමත් සහ මනෝභාවය වැඩි දියුණු කිරීමේ ගුණාංග සඳහා ප්‍රසිද්ධ වන අතර ඒවා විවිධ ඇරෝමා තෙරපි සම්බාහන සඳහා සුදුසු වේ.

මෙහිදී අත්‍යවශ්‍ය තෙල්වල චිකිත්සක ගුණාංග සමඟ සම්බාහනය ඒකාබද්ධ කරයි.

🌷🌷 ක්‍රීඩා සම්බාහනය - Sports massage 🌷🌷 :

ක්‍රීඩා ඉසව්වලට පෙර, අතරතුර හෝ පසුව හෝ තුවාල සුවය ලැබීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපකාර කිරීම සඳහා මෙම සම්බාහන ක්‍රමය නිර්මාණය කර ඇත.

🌷 🌷ෂියාට්සු සම්බාහනය - Shiatsu massage🌷🌷 :

ශරීරයේ ශක්ති ප්‍රවාහය සමතුලිත කිරීම සඳහා ඇඟිලි පීඩනය සහ රිද්මයානුකූල චලනයන් භාවිතා කරන ජපන් තාක්‍ෂණයකි.

🌷🌷 තායි සම්බාහනය - Thai massage 🌷🌷 :

කටු පීඩනය (accupressure), දිගු කිරීම (stretching) සහ සහායක යෝග ඉරියව්වල (assisted yoga posture) එකතුවක් ඇතුළත් වේ.

🌷🌷 ප්‍රත්‍යාවර්ත විද්‍යාව - Reflexology🌷🌷 :

ශරීරයේ අනෙකුත් කොටස්වල සුව කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා අත්, පාද සහ කන් වල නිශ්චිත ස්ථානවලට පීඩනය යෙදීම කෙරෙහි අවධානය යොමු කරයි.

🌷🌷පූර්ව ප්‍රසව සම්බාහනය - Prenatal massage 🌷🌷:

ගර්භනී කාන්තාවන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ සම්බාහන වර්ගවල ශිල්පීය ක්‍රම භාවිතා කරයි.

🌷🌷පුටු සම්බාහනය - Chair massage 🌷🌷 :

ගෙල, පිටුපස සහ උරහිස් කෙරෙහි අවධානය යොමු කරමින් උත්සව හෝ සේවා ස්ථානවල බොහෝ විට පිරිනමනු ලබන වාඩි වී සිටින සම්බාහනයකි.

ව්‍යායාම අඩුකම හේතුවෙන් වර්තමානයේ මිනිසාගේ කාර්‍යබහුල ජීවන රටාව නිසා නීරෝගී බවින් මිදී ලෙඩ රෝග සෑදීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර, කායිකව, මානසිකව හා සාමාජයීය වශයෙන් සුවපත්භාවයෙන් සිටීමට නිවැරදි සම්බාහනය මහත් පිටුවහලක් වේ.

✍️ ඩබ්. ඩී. ඒ. නිමාලි,
ඒකක භාර හෙද නිළධාරිනි,
වේදනා කළමනාකරණ ඒකකය,
අපේක්ෂා රෝහල,
මහරගම.

වේදනාවෙන් තොර සුව පහසු දරු ප්‍රසූතියකට......🙏🌸
03/06/2025

වේදනාවෙන් තොර සුව පහසු දරු ප්‍රසූතියකට......🙏🌸

Address

Teaching Hospital
Ratnapura

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Pain Management Unit-Teaching Hospital,Rathnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category