නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana

නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana Meditation, Counseling and Charity Services

නිසල සුව අරණ වැඩ වසනා මහ සගරුවනට නමස්කාර වේවා. උතුම් තෙරුවන් සරණයි.
24/11/2025

නිසල සුව අරණ වැඩ වසනා මහ සගරුවනට නමස්කාර වේවා. උතුම් තෙරුවන් සරණයි.

🔆පේලී කීපයක් කියවන්නතණ්හාව හෙවත් අධිකතරව ආශාව ජීවිතයේ සතුට වනසාලයි. සැනැසීම මුලිනුපුටා දමයි. අනාගත බිය සහ සංත්‍රාසය ඇති ...
22/09/2025

🔆පේලී කීපයක් කියවන්න

තණ්හාව හෙවත් අධිකතරව ආශාව ජීවිතයේ සතුට වනසාලයි. සැනැසීම මුලිනුපුටා දමයි. අනාගත බිය සහ සංත්‍රාසය ඇති කරයි. මේ තණ්හාව තේරුම් ගන්නෙ කොහොමද? අපේ හිතේ තියෙනව මොන තරම් දේ ලැබුනත්, නොලැබුන දෙයක් ගැනම හිතමින් ඉන්න, ලතැවෙන, ඉතාම සෘණාත්මක අතෘප්තිකර මනෝභාවයක්. මනසට දැනෙන බර ගතියක්.අන්න ඒ අතෘප්තිකර මනෝභාවයට කියනව තණ්හාව කියල.

මේක කවමදාකවත්ම දේවල් කොපමන දුන්නත් ඉල්ලන ඉල්ලන සියල්ලම දුන්නත් තෘප්තිමත් කරන්න පුලුවන් මනෝභාවයක් නෙමෙයි.

මේ මනෝභාවය ඔබට ගෙනත් දෙන්නෙ දුක් වේදනාව අසහනය කදුළ පමණයි.
මේ මනෝභාවය අඩපණ කිරීම සඳහා මෙසේ පුහුණු වන්න.

• නිතරම තමන්ට දැනට ලැබී ඇති දේ පිළිබඳව සිතා ඊට කෘතවේදී වීම පුරුදු කරන්න.

• පහසුවෙන් හුස්ම ගැනීම , බීමට සහ නෑමට වතුර ලැබීමේ සිට මෙවන් වූ ඉතාම කුඩා දේ සිට ඔබට ලැබී ඇති සියලූම දේ කෙරෙහි කෘතවේදී වීම පුහුණු වන්න.

• පළමුව ඔබට තිරිසන් ජීවිතයක් නොලැබී මනුස්ස ජීවිතයක් ලැබීම ගැන කෘතවේදී වන්න.

• ඒ ජීවිතයේ අතපය හතර නිරෝගීව පිහිටීම ගැන කෘතවේදී වන්න. මන්ද අබ්බගාත අංග විකල අසරණ මිනිසුන් මේ මොහොතේද ඉපදෙමින් සිටින නිසා.

• කිසිදාක ආලෝකයේ සේයාවක් නොදුටු මිනිසුන් අතර ඇස් පෙනීම ලැබීම ගැන කෘතවේදී වන්න.

• සින්දුවක් තබා තම මවට කටහඬක් තිබේද යන්න පවා නොදන්නා ජනතාව අතරින් කුරුල්ලන්ගේ නාසය ඇසීමට හැකීවීම ගැන කෘතවේදී වන්න.

• සුනාමි, සුලිසුළං, භූමිකම්පා අන්තරායෙන් ඇලලී සිටින රටවල් අතර එවන් අවධානමක් නැති දේශයක ඉපදීම ගැන කෘතවේදී වන්න.

• ආදරණීය දෙමාපියන් ලැබී තිබේ නම් ඒ ගැන කෘතවේදී වන්න.

• නොතෙමී ඉන්නට කුමක් හෝ නිවහනක් තිබීම ගැන කෘතවේදී වන්න.

• වේල් ගණන් කුසගින්නේ සිටිමින් මියැදෙන කුඩා දරුවන් සිටින ලෝකයක එක වේලක් හෝ කෑමට යමක් ලැබීම ගැන කෘතවේදී වන්න.

• මඩ වතුර පවා බීමට නොමැති ලෝකයක ඉතාම පිරිසිදු සිසිල් වතුර උගුරක් බීමට හැකියාව තිබීම ගැන කෘතවේදී වන්න.

• සරණට කිසිවෙක් නොමැතිව ගාසා තීරයේ වැනි යුධ ගැටුම් අතර අතරමන් වී මිනිසුන් සිටින ලෝකයක එක මිතුරෙක් හෝ සිටීම ගැන කෘතවේදී වන්න.

🔆මෙසේ එසේ කී නොකී කොතරම් නම් ප්‍රමාණයක් කෘතවේදී වීමට ඔබේ ජීවිතය තුල ඉතිරි වී තිබේදැයි නිතර සොයා බලන්න.

කවර වේලාවකද ?
ඔබ විවේකීව හිඳින හැම වෙලාවකම.
පුහුණු වන්නේ කෙසේද?

1) ඔබ අනවශ්‍ය සිතිවිලි වල ගිලී කාලය ගත කරන සෑම වේලවක්ම මේ කෘතවේදී භාවය පුහුණු කිරීම කරන්න.

2) දින 90 ක් මේ වචන පෙළ දවස ආරම්භයේ සෑම උදෑසනකම එක වරක් කියවා දවස අරම්භ කරන්න.

දින 90 කට පසු ජීවිතයේ සිදු වූ වෙනස අහසට පොළව සේ වෙනස් බව ඔබටම අවබෝධ වනු ඇත.
🙏🔆🙏

💦 ගලා යෑම💦💧එක්තරා භික්ෂුවක් ගුරුවරයාගෙන් ඇසුවේ ජීවිතය යනු කුමක්දැයි කියාය. සෙන් ගුරුතුමා "ජීවතය යනු ගලා යෑමකී" පිලිතුරු ...
18/09/2025

💦 ගලා යෑම💦

💧එක්තරා භික්ෂුවක් ගුරුවරයාගෙන් ඇසුවේ ජීවිතය යනු කුමක්දැයි කියාය. සෙන් ගුරුතුමා
"ජීවතය යනු ගලා යෑමකී" පිලිතුරු දුන්නේය. " ජීවිතයේ ගලා යාම යනු කුමක්ද ?"
ගුරුවරයා ඔහුව ගඟකට රැගෙන ගියේය. ගඟේ ජලය ගල්වලින් හා ගස්වලින් බාධාවකින් තොරව ගලා ගියේය.

💧ගුරුවරයා ගගකින් ජලය ගත්තේය. "මෙය බලන්න," ඔහු කීවේය. "ජලය ගල්වලට ගැටෙන විට, එය ඒවාට එරෙහිව සටන් නොකරයි.

💧එය ඒවා වටා ගලා යයි, හෝ ඉවසිලිවන්තව ඒවා බිඳ දමයි. එය තම මාවතේ රැඳී නොසිටී; එය ගමනාන්තයකට ලඟා වීමට උත්සාහ නොකරයි. එය සරලව ගලා යයි."
භික්ෂුව ඇසුවේය, "එවිට ජීවිතයේ ගලා යාම යනු කුමක්ද?"
ගුරුවරයා සිනාසුණේය. " ජලය වන්න. බාධක එන විට, ඒවාට එරෙහිව සටන් නොකරන්න. ඒවා වටා ගලා යන්න, හෝ ඉවසිලිවන්තව ඒවා බිඳ දමන්න.

💧යමකට ඇලී නොසිටින්න, යමකට ලඟා වීමට උත්සාහ නොකරන්න. ඒ මොහොතේම ජීවත් වන්න, එවිට ඔබ ගලා යයි ."

© නිසල සුව අරණ

The red moon massage දුනු ශිල්පය පමණක් නොව වෙනත් කලාවන් ද ජපානයේ සහ ඈත පෙරදිග රටවල පුහුණු කරනු ලබන ආකාරයෙන් පෙනී යන්නේ ඒ...
10/09/2025

The red moon massage

දුනු ශිල්පය පමණක් නොව වෙනත් කලාවන් ද ජපානයේ සහ ඈත පෙරදිග රටවල පුහුණු කරනු ලබන ආකාරයෙන් පෙනී යන්නේ ඒවා හුදු උපයෝගීතාව සඳහා හෝ සෞන්දර්ය වින්දනය සඳහා පමණක් හෝ අදහස් කරන ලද ඒවා නොවන බවය. ඒවායින් මූලික වශයෙන් අදහස් කෙරෙනුයේ මනස පුහුණු කොට ඊට පරමාර්ථමය යථාර්ථය ස්පර්ශ වීමට සැලැස්වීමයි.

එබැවින් දුනු ශිල්පය පුහුණු කරන ලද්දේ ඊතලයෙන් එල්ලයට විදීම සඳහා පමණක්ම නොවේ. කඩුහරඹ කරුවා කඩුව අමෝරන්නේ ප්‍රතිවාදියා පිටු දැකීම සඳහා පමණක්ම නොවේ. නැට්ටුවා නටන්නේ ශරීරය රිද්මයානූකූල චලනයන් පෙන්වීමට පමණක්ම නොවේ. මනස අවිඥානය වෙතට සුසර කළ යුතුය. (ස්වයං ගවේෂණය ස්වාභාවිකව ඉඩ දී විදර්ශනාත්මක බැල්ම හෙළිය යුතු වේ).

කිසියම් අයෙකුට යම් කලාවක විශාරදයෙකු වීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ ශිල්පීය දැනුම ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. කලාව කෙනෙකුගේ අවිඥානයෙන් පැන නගින " අකලංක කලාවක් " (කලා විරහිත කලාවක්) බවට පත් වන තුරු කලාව ඉක්මවා යා යුතුය. (නි-කෙලෙස්)

ජීවන කලාවද එසේමය .
🪷සුවපත් වේවා.
©නිසල සුව අරණ

🌟තරු එළියේ ගමන🌟කුඩා ගමක, තරුණයෙකු ජීවත් විය.ඔහුගේ නම රවි ය. රවි රාත්‍රියක තම ගෙවත්තේ හිඳ තරු දෙස බලමින් සිටියේ, ඔහුගේ හි...
04/09/2025

🌟තරු එළියේ ගමන🌟

කුඩා ගමක, තරුණයෙකු ජීවත් විය.
ඔහුගේ නම රවි ය. රවි රාත්‍රියක තම ගෙවත්තේ හිඳ තරු දෙස බලමින් සිටියේ, ඔහුගේ හිත බරව තිබියදී ය. “මම වෙනස්. මගේ හිත ලෝකයේ බොහෝ දෙනාගේ ආදරයේ රටාවට ගැලපෙන්නේ නැහැ. මම තනි වෙලාද?” ඔහු තමන්ටම මිමිණුවේය.

එක් රාත්‍රියක, ගමේ වැඩිමහල් කලාකරුවෙකු වූ ලක්ෂ්මි එම ගෙවත්තට පැමිණියාය. ඇය රවිගේ බිඳුණු බැල්ම දුටුවාය. “ඔබ තරු දෙස බලන්නේ මන්ද?” ඇය ඇසුවාය.
“මට හිතෙනවා මම ඒවායින් වෙනස්. ඒවා එකිනෙකට ගැලපිලා එක රටාවකට බැබලෙනවා. ඒත් මම ඒ රටාවට ගැලපෙන්නේ නැහැ,” රවි කීවේය.
ලක්ෂ්මි සිනාසුණාය. ඇය තම අතින් අහසේ තරු රටාවක් ඇඳුවාය.

“මේ බලන්න, රවි. තරු එක රටාවකට බැබලෙනවා යැයි ඔබ හිතුවත්, ඒ එකිනෙකට වෙනස් එළියන්. සමහර ඒවා රතු, සමහර ඒවා නිල්, සමහර ඒවා බොඳ වෙලා. ඒත් ඒ සෑම එකක්ම අහසේ කොටසක්. ඒවා එකිනෙකට තරහින් නැහැ. ඒවා එකට බැබලෙනවා.”
රවි ඇසුවේ, “ඒත් ලෝකයේ බොහෝ දෙනා එක රටාවකට ආදරය කරනවා. මගේ ආදරය ඒ රටාවට ගැලපෙන්නේ නැහැ. ඒක වැරදිද?”

ලක්ෂ්මි තරු එළියෙන් බැබළුණු බිම දෙස බැලුවාය. “ආදරය යනු එක රටාවකට බැඳෙන්න ඕනෑ දෙයක් නොවේ. එය තරු එළියක් වගේ—විවිධ වර්ණවලින්, විවිධ රටාවලින් බැබලෙනවා. ඔබේ ආදරය ඔබේ එළියයි. එය ලස්සනයි, මන්ද එය ඔබේ හිතෙන් එන බැවිනි. එය ලෝකයට පෙන්වන්න බය වෙන්න එපා.”

රවි ගැඹුරු හුස්මක් ගත්තේය. “ඒත් ලෝකය මාව පිළිගන්නේ නැත්නම්?”
ලක්ෂ්මි ඔහුගේ උරහිසට අත තැබුවාය. “අහස තරුවලට බය නැහැ. ඒත් ඔබ තනිව බැබලෙන්න ඕන නැහැ. ඔබේ එළියට ගැලපෙන තරු තව බොහෝ තිබෙනවා. ඒවා සොයා ගන්න, ඒවා එක්ක බැබලෙන්න. ඔබේ එළිය බෙදා ගන්න, එවිට අහස තවත් ලස්සන වෙනවා.”
රවිට තම හිත තුළ ආලෝකයක් දැනුණි.

ඔහු ගමේ තවත් තරුණයන් හමුවිය. ඔවුන්ගේ හිත්වලත් එවැනි බියක් තිබිණි. ඔවුන් එකිනෙකාගේ කතා බෙදා ගත්හ, එකිනෙකාගේ ආදරයේ රටා පිළිගත්හ. ඔවුන් එකට රාත්‍රී අහසක් මෙන් බැබළුණි. ඒ විවිධත්වයෙන් හා එකමුතුවෙනි.

වසර ගෙවී ගියේය. රවි ගමේ අනෙකුත් තරුණයන්ට කතා කළේය. “ඔබේ ආදරය යනු ඔබේ තරු එළියයි. එය ලැජ්ජාවකින් තොරව බැබලෙන්න ඉඩ දෙන්න. එවිට අපි හැමෝම ලස්සන එක අහසක බැබලේවී,” ඔහු කීවේය.

සුවපත් වේවා
©Nisala Suwa Arana

💜🔆💜
04/09/2025

💜🔆💜

සෑම කෙනෙක්ම තම තමන්ගෙ ලෝකතුල සතුට, සැනසීම නිදහස සොයනවා. ඒක මේ සත්ව ලෝකෙ පොදු න්‍යායක්.අපි නව අත්දැකීම්, බැඳීම්, සහ රැස්ක...
31/08/2025

සෑම කෙනෙක්ම තම තමන්ගෙ ලෝකතුල සතුට, සැනසීම නිදහස සොයනවා. ඒක මේ සත්ව ලෝකෙ පොදු න්‍යායක්.

අපි නව අත්දැකීම්, බැඳීම්, සහ රැස්කිරීම් තුලින් සොයන්නේ තෘප්තියක්. මානවයා මූලික අවශ්‍යතාවලින් තොරව ජීවිතය සංකීර්ණ කරගත් නිසා මානව මනස තුල මුලාකාරී තරඟයක් නිර්මාණය වෙලා තියනවා. එය හුදෙක් මෝහය සහ අවිද්‍යාව මත පදනම්ව නිර්මාණය වී ඇත.

ගොඩක් අය දුවන්නෙ රේස් එකක්. ඒ රේස් එක බොරුවක් කියලා නොපෙනෙන තරමටම බොහෝ දෙනෙක්ගෙ ඇස් අන්ධවෙලා.

මිනිස්සු හිතනවා මේකෙ සදාකල් පවතින්න. ඒ නිසා සියල්ල එක් රැස් කරලා සියල්ලට බැඳිලා, තණ්හාවෙන්, උඩඟුවෙන්, ඊර්ශ්‍යාවෙන් ජීවත්වෙලා හිස් අතින් මියයනවා.

බොහෝ දෙනාගේ ජීවන රිද්මය ඔන්න ඕක. අතලොස්සක් නිර්වාණය අත්දැක සියලු කෙලෙස් බරින් ජීවත්ව සිටියදීම නිදහස් වෙනවා. ඔවුන් තමන්ගේ ආධ්‍යාත්මය නිවාගන්නවා.

අනෙක් අය කෙලෙස්ගින්න තුලම දැවෙමින් කෙලෙස් සන්සිදවීම පිණිස තරඟවදිනවා.

©රාහුල ථේර

🔆ප්‍රත්‍යවේක්‍ෂා🔆🌄සැබැවින්ම අප ජීවිතාවබෝධයට සඳහා යන  මගෙහි සිද්ධාර්ථ කුමාරයා මෙන් *ස්වයං අවධානය* අප වෙතටම යොමු කිරීමට පට...
18/08/2025

🔆ප්‍රත්‍යවේක්‍ෂා🔆

🌄සැබැවින්ම අප ජීවිතාවබෝධයට සඳහා යන මගෙහි සිද්ධාර්ථ කුමාරයා මෙන් *ස්වයං අවධානය* අප වෙතටම යොමු කිරීමට පටන් ගත යුතුමය.

🌻සිතිවිලි මත පමණක් පදනම් ව ලබා ගන්නා අවබෝධය මෙන්ම, ස්වාභාවික *දැනීම්* ස්වභාවය තම අවධානය හුරු විය යුතුය. එවිට සැබෑ සතිපට්ඨානය *සැබෑ සිහිය* අප තුලම දියුණු වේ.

🌄එසේ නම් මොහොතක් නිහඩව තමාට අවධානය ටික ටික හුරු වන්න. ඔබ සැම සුවපත් වේවා

🌻උතුම් තෙරුවන් සරණයි.
නිසල සුව අරණ

🔆අප ඇතුලාන්තය තේරුම් ගැනීමට🔆🌄නිතරම ඔබේ හැඟීම් හදුනා ගන්න..මේ අපි ගෙවන ජීවිතය,ඔබට මට ලැබිලා තියෙන වටිනම තෑග්ගක්. මේ ගෙවන ...
12/08/2025

🔆අප ඇතුලාන්තය තේරුම් ගැනීමට🔆

🌄නිතරම ඔබේ හැඟීම් හදුනා ගන්න..
මේ අපි ගෙවන ජීවිතය,ඔබට මට ලැබිලා තියෙන වටිනම තෑග්ගක්. මේ ගෙවන ජීවිත කාලය තුළ නොයෙකුත් අවධීන්වල ,නොයෙක් විදියට දුක, සතුට කියන දෙය අපි හැමෝටම අඩු වැඩි වශයෙන් උරුමය.

🌄ඒ අතරින් මානසික පීඩනය හැමෝටම පොදු කරුණක්. එය ඔබ රැකියා ස්ථානය තුළ, ඉගෙනීම් කටයුතු තුළ, පවුල් ජීවිතය තුළ, ආදර සබඳතා තුළ...මෙවැනි තවත් බොහෝමයක් අවස්ථා තුළ නිතැතින්ම දකින්න පුළුවන්.මෙයින් අපට සහමුලින්ම මිදීමට නොහැකි වුවත් යම්තාක් දුරට මෙය අපට පාලනය කරන්නට පුළුවන්.

🌻මේ මානසික පීඩනය දුකක්, බියක්, කෝපයක්, තනිකමක්....වැනි හැගීම් ඔස්සෙ ඔබ, මා තුළින් ජනිත වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.ඉතින් මෙවැනි අවස්ථාවක ඔබ ඔබව හදුනා ගැනීම ඉතාමත් වැදගත්. නිතරම ඔබේ හැගීම් හදුනා ගැනීම ඔබේ මනස නිරෝගීව තියාගන්න වැදගත් පියවරක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ වෙලාවට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද. කියලා. ඔව් පුළුවන්. අපි ඒ සඳහා අපට අවදානයක් නොදීමත් , ඒ සඳහා යුහුසුළු නොවීමත් නිසා තමයි අපට අපව මගහැරෙන්නෙ..

🪷කොහොමද අපි ඒක කරන්නෙ🪷

🌄මොහොතක් ඔබ ඔබටම අවදානය දෙන්න. ඔබට පමණක්..ඒ සමඟ ඔබට ඇතිවී තිබෙන තත්ත්වයට අවදානය දෙන්න.. දැනට ඔබ තුළ තිබෙන තත්වය පිලිගන්න..එය ඔබ විසින් පාලනය කිරීමට නොහැකි සේ හැගේ නම් ඔබට විශ්වාසවන්ත අයෙකු හා කතා කරන්න..එසේත් නොමැති නම් එවැනි අයෙකු නොමැති නම් ඔබේ හැගීම් වචන කරන්න...ලියන්න..අග මුල ගැලපීමක් අවශ්‍ය නෑ. හිතට එන සිතුවිලි ඒ විදියටම වචන කරන්න..ඔබේ හිතේ හැගීම් ඔබට බරක් වෙන්නෙ ඒවා අප්‍රකාශිතව තිබියදී.

🌄ඒ නිසා ලිවීම හෝ කතාකිරීම කියන්නෙ ඒ පීඩනය අඩක් පමණ ඔබ තුළින් පහව යෑමට හේතුවක් වෙනවා... ඒ මගින් ඔබ ඔබ තුළ ඇති වී තිබෙන තත්ත්වය හොඳින් තේරුම් ගන්නවා. ඒවාට ඉඩදීමෙන් ඔබ ක්‍රම ක්‍රමයෙන් නිදහස් වීමට පටන් ගන්නවා. තවත් විශ්වාසවන්ත අයෙකු හා කතා කිරීම මගින් ඔබ තනිවෙලා නෑ කියන හැගීම් ඔබ තුළ බලවත් වෙනවා.ඔබ තුළ ආරක්ෂිත හැගීමක් මතුවීමට පටන් ගන්නවා.

🌻ඔබ තුළ ඇති අඳුරු හැගිම් ටිකෙන් ටික පහව යන්නට පටන් ගන්නවා. (නමුත් ඔබ ඔබේ ගැටළුකාරී තත්ත්වය බෙදා ගන්නෙ කා සමඟ ද යන්න පිළිබඳ සිහියෙන් සිදුකළ යුතු දෙයක්. ඒ නිසා තමයි එවැනි අයෙකු නොමැති විට ලිවීම ඉතාමත් හොඳ පිලියමක් වෙන්නෙ )
මානසික සෞඛ්‍ය කියන්නෙ අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක්.

🌻අපේ හැසිරීම,අපගේ තීරණ, අපගේ සබඳතා...මේවල ගුණාත්මක බාවය බොහෝවිට තීරණය වෙන්නෙ අපේ මානසික සෞඛ්‍ය තුළින්.. ඉතින් කිසිම වෙලාවක ඔබට ඔබව මඟහැරෙන්නට දෙන්න එපා..
නිතරම ඔබේ හැඟීම් හදුනාගන්න..ඔබව පිලිගන්න....🤍🩵

ජීවිතය🌄ජීවත්ව සිටිනා කාලය තුල ඔබට ඇත්තටම අවශ්‍ය කරනුයේ කුමක්ද. දැනටමත් ඔබ සොයායන්නේ ඔබට අවශ්‍ය දෙයද, එහෙමත් නැත්නම් ඔබට ...
05/08/2025

ජීවිතය

🌄ජීවත්ව සිටිනා කාලය තුල ඔබට ඇත්තටම අවශ්‍ය කරනුයේ කුමක්ද. දැනටමත් ඔබ සොයායන්නේ ඔබට අවශ්‍ය දෙයද, එහෙමත් නැත්නම් ඔබට අවශ්‍ය වේ යැයි සමාජය විසින් සම්මත කල දෙයද.

🌄ලෝකයා කිසිදිනක සත්‍ය සොයායන්නේ නැත. මන්ද ලෝකයා සිටින්නේ කෙලෙස් වසඟයෙහිය. එම නිසා සියල්ලෝම සාමූහික නිද්‍රාවක පසුවෙයි.

🔆නූතන ලෝකයේ ආගම් සහ දර්ශන යනු මිනිසාට සුවපහසුවෙන් නිද්‍රාව සිටීමට පහසුකම් සලසන වෙලඳපොළවල් පමණි. බොහෝ ආගමික ඇදහිලි මිනිසුන්ව අවදියට පත්නොකරයි.

🔆මිනිසුන් හැමතැනකම අපි සොයන්නෙ සහනයක්, හැමදේකින්ම අපිට ඕනෙ නිවීමක්. ගැටලුවනම් කිසිම දේකින් අපි සෑහීමකට පත්නොවීමයි.

🔆අපිට වඩ වඩා දේවල් අවශ්‍ය කරනවා. අපිට වඩා වඩා බැඳීම්, වඩ වඩා මිතුරන්, වඩ වඩා භෞතිකය අවශ්‍ය කරයි. අපි මේ දේවල් පසුපස ගමන් කරන්නේ අපේ අභ්‍යන්තරය සහනයට පත්කරගන්න කියලා තමා අපේ සිත අපිට කියන්නෙ.

🌻ඒත් ඒක ඇත්ත නෙවේ. සිත මෙහෙම කරන්නෙ ඔබව නිද්‍රාවෙම තබන්න.

🌻ඔබ එක තැනකදි මේ යාන්ත්‍රනයේ බොරුව අවබෝධ කරගෙන මේ චක්‍රය බිඳදැම්මොත් ඔබ අවදිවෙනවා.

🪷ඔබ අවදිවුනාම ඔබට දෙපැත්තකින් මේ පැවැත්ම දකින්න පුළුවන්. එකක් සාමාන්‍ය මිනිස්සු වැඩකරන සාංසාරික රිද්මය. අනෙක සාංසාරික රිද්මයට පරිබාහිරින් පවතින විශ්ව සත්‍ය.

🪷සත්‍ය දැක්ක කෙනාව පිටින් අදුරගන්න බෑ. සත්‍ය ඇත්තටම ඉන්ද්‍රීය ගෝචර නැති නිසා ඒක මෙහෙමයි කියලා ඒක අවබෝධ කරපු කෙනෙක්ට තව කෙනෙක්ට කියන්නත් බෑ.

🔆එක දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි මේ පවැත්මෙ පවතින මුලාව පෙන්නලා දෙන්න පුලුවන්. එතනින් එහා කිසිවක් කිසිවෙකුට ඔබ වෙනුවෙන් කල නොහැක. විශ්වයේ කිසිවෙකු ඔබගේ ගුරුවරයා නොවේ.

🌄ඔබගේ සැබෑ ගුරුවරයා සිටින්නේ ඔබගේ ආධ්‍යාත්මය තුලයි. ඔහු දැනටමත් සූදානම් ඔබව මෙහෙයවන්න. ඔබට මගපෙන්වන්න.

🌄ගැටලුවනම් ඔබ අවදිවෙන්න තවම සූදානම් නැතිනිසා, ඔබ තවම මේ පේන ඇහෙන ලෝකය ඇත්තම ඇත්ත කියලා සිතන නිසා ඔබට ඔබතුලම සිටින ගුරුවරයාව හඳුනාගන්නට නොහැකි වෙලා.

🌄නමුත් එක මොහොතකදී ඔබ සමස්ථ සත්‍යයෙන් අංශු මාත්‍රයක් දුටුවහොත් ඔබ මේ සියල්ල හැරදමා අර ඔබ ඉදිරියේ පෙනීසිටි සත්‍ය සොයා ගමන් කරනවා.

🌄🔆🪷
අවසානයේ ඔබ සියල්ල නිරාවරණය කරගන්නවා!නිදහස් වෙනවා.

උතුම් තෙරුවන් සරණයි

රාහුල ථේරෝ

ශරීරය, වචනය සහ මනස යන තුන්දොරින්ම යහපත් කම්ම කිරීමේ හැකියාව සැම දෙනාටම තිබේ. ඒ තුළින් තම මිනිස් බව නිරපරාදේ අපතේ නොයවා, ...
01/08/2025

ශරීරය, වචනය සහ මනස යන තුන්දොරින්ම යහපත් කම්ම කිරීමේ හැකියාව සැම දෙනාටම තිබේ. ඒ තුළින් තම මිනිස් බව නිරපරාදේ අපතේ නොයවා, එය තමන්ගේම අභ්‍යන්තර පිහිට කරගත හැකිය.

🌄තරුණයෙකුට ගැලපෙන ආධ්‍යාත්මික ජීවිතයට, මනෝ විද්‍යාව හා උපදේශනයේ වැදගත්කම🌄ආධ්‍යාත්මික ජීවිතය යනු තමන් ගැන, ජීවිතයේ අරමුණු...
28/07/2025

🌄තරුණයෙකුට ගැලපෙන ආධ්‍යාත්මික ජීවිතයට, මනෝ විද්‍යාව හා උපදේශනයේ වැදගත්කම🌄

ආධ්‍යාත්මික ජීවිතය යනු තමන් ගැන, ජීවිතයේ අරමුණු ගැන, ලෝකය එක්ක තමන්ගේ සම්බන්ධතාව ගැන හිතන එකයි. ඒත් තරුණයෙකුට මේක ටිකක් ගැඹුරුයි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි, මනෝ විද්‍යාව (psychology) හා උපදේශනය (counseling) වගේ දේවල් යොදා ගත්තම, ආධ්‍යාත්මික ජීවිතය තරුණයෙකුටත් ලේසි, රසවත්, ඒ වගේම ජීවිතයට ගොඩක් වටින ගමනක් බවට පත් කරන්න පුළුවන්. මේ ලිපියෙන් ඒ ගැන බලමු.

🌻 # # # මනෝ විද්‍යාව : තමන්ව තේරුම් ගන්න ලේසි මඟක්
මනෝ විද්‍යාව කියන්නේ ඔයාගේ හිත, හැඟීම්, හිතන විදිහ ගැන ඉගෙන ගන්න විද්‍යාවක්. තරුණයෙකුට ජීවිතයේ ගොඩක් ප්‍රශ්න එනවා: “මම කවුද?”, “මට ඕන මොකක්ද?”, “මම ඉන්නේ මේ ලෝකෙට ගැලපෙන්නද?” වගේ. මනෝ විද්‍යාව ඔයාට උදවු කරන්නේ මේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න.

ප්‍රායෝගික උදාහරණය:
උදාහරණයක් විදිහට, ඔයාට බයක් හිතෙනවා හෝ ආතතියක් තියෙනවා කියලා හිතුණොත්, මනෝ විද්‍යාත්මක උපදෙස් ඔයාට ඒ හැඟීම් හඳුනා ගන්න උදවු කරනවා. ඔයාට උත්සාහ කරන්න පුළුවන් ලේසි දෙයක් තමයි **සිහිය (mindfulness)**. මේක එක තත්පරයකට ඔයාගේ හුස්ම ගැන හිතන එක. උදේට විනාඩි 5ක් හුස්ම ගැන හිතලා බලන්න. ඔයාගේ හිත ටික ටික සන්සුන් වෙනවා, ඒ එක්කම ඔයාට ජීවිතය ගැන ගැඹුරින් හිතන්න ඉඩක් ලැබෙනවා.

🌻 # # # උපදේශනය:
ඔයාට හිතවත් මිතුරෙක් වගේ
උපදේශනය තමයි ඔයාට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්, ඔයාව හොඳින් අහගෙන, මඟ පෙන්වන හිතවතෙක් වගේ. තරුණයෙකුට ජීවිතයේ ගොඩක් වෙලාවට තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න ඕන, ඒත් ඒකට ලැජ්ජාවක් හෝ බයක් එන්න පුළුවන්. උපදේශකවරයෙක් ඔයාට ඒ හිතවත් ඉඩක් හදලා දෙනවා.

ප්‍රායෝගික උදාහරණය:
ඔයාට හිතෙනවා ඔයාගේ ජීවිතයේ අරමුණක් නැහැ කියලා. උපදේශකවරයෙක් එක්ක කතා කරද්දි ඔයාට ඒ ගැන හිතන්න, ඔයාට ඇත්තටම ඕන දේවල් හඳුනා ගන්න උදවු ලැබෙනවා. උදාහරණයක් විදිහට, ඔයාට සමාධි ගන්න ලේසි විදිහක් උපදේශකවරයෙක් යෝජනා කරන්න පුළුවන්. “දවසකට එක හොඳ දෙයක්” ලියන ජර්නල් එකක් තියා ගන්න. හැම රෑකම ඔයාට ඒ දවසේ හිතට සතුටු දෙයක් ලියන්න. මේක ඔයාට ජීවිතයේ ලස්සන දේවල් දකින්න උදවු කරනවා.

🌻 # # # තරුණයෙකුට ගැලපෙන ආකාරය
තරුණයෙකුට ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟන්න මනෝ විද්‍යාව හා උපදේශනය ගොඩක් ලේසි උපදෙස් දෙනවා. මේවා ඔයාගේ ජීවිතයට එකතු කර ගන්න පුළුවන් ලේසි විදිහට බලමු:

1. ලේසි ආධ්‍යාත්මික පුරුදු: ඔයාට බුදු දහමේ විතරක් නෙමෙයි, ඕනෑම ආධ්‍යාත්මික මඟක යන්න පුළුවන්. උදාහරණයක් විදිහට, **කෘතඥතාව පුහුණු කිරීම** (gratitude practice). හැම උදේම ඔයාට ස්තුතිවන්ත වෙන්න ඕන එක දෙයක් හිතලා බලන්න. මේක ඔයාගේ හිතට සතුටක් ගේනවා, ඒ එක්කම ආධ්‍යාත්මික ගමනටත් උදවු වෙනවා.

2. **අපිට ගැලපෙන උපදේශනය:** තරුණයෙකුට උපදේශනය ලබා ගන්න ලැජ්ජා හිතෙන්න පුළුවන්. ඒත්, ඔන්ලයින් උපදේශන හෝ යාළුවෙක් එක්ක කතා කරනවා වගේ ලේසි විදිහට උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට, **ජීවිතේ ඉලක්ක ලියන ලිස්ට් එකක්** හදා ගන්න. උපදේශකවරයෙක් එක්ක ඒවා ගැන කතා කරලා ඒ ඉලක්කවලට යන්න පුළුවන්.

3. **සමාධිය හා සිහිය:** තරුණයෙකුට සමාධි ගන්න ලේසි යෙදුම් (apps) තියෙනවා, එනම් Headspace හෝ Calm වගේ. Relaxation music, nature therapy වගේ දේවල්. මේවා ඔයාට විනාඩි 5-10කින් සිහිය පුහුණු කරන්න උදවු කරනවා. එතකොට ඔයාගේ හිත සන්සුන් වෙලා, ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතන්න ලේසි වෙනවා.

🔆 ජීවිතාවබෝධය ඇති වෙලා දිවිය පිළිබඳ පිරුණු, නැවුම්, බවක් ගෙන දෙනවා. එය තමයි අප ජීවන දැක්ම වගේම ජීවන අර්ථය වන්නේ.🔆

# # # *ඇයි මේ තරුණයෙකුට වැදගත්?*
තරුණ වයසේදී ජීවිතය ගැන ගොඩක් හිතනවා. ඒත් ඒ හිතුවිලි එක්ක එන ආතතිය, බය, බලාපොරොත්තු ගැන හරිම ලේසියෙන් හසුරවන්න මනෝ විද්‍යාව හා උපදේශනය උදවු කරනවා. උදාහරණයක් විදිහට, ඔයාට හිතෙනවා ඔයා තනි වෙලා කියලා? උපදේශකවරයෙක් එක්ක ඒ ගැන කතා කරලා, ඒ හැඟීම හසුරවන්න ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම, ඔයාගේ ආධ්‍යාත්මික ගමනටත් ඒක උදවු වෙනවා, මොකද එතකොට ඔයාට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා.

🌻 # # # *නිගමනය*
තරුණයෙකුට ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟන්න මනෝ විද්‍යාව හා උපදේශනය ලේසි, රසවත් විදිහට උදවු කරනවා. ලේසි පුරුදු වගේ සිහිය, කෘතඥතාව, ජර්නල් ලිවීම වගේ දේවල් එක්ක, ඔයාට තමන්ගේ හිත හඳුනා ගන්න, ජීවිතයේ ගැඹුරු අරමුණු හොයා ගන්න පුළුවන්. ඉතින්, ඔයාගේ ආධ්‍යාත්මික ගමන ටිකක් ලේසි කර ගන්න, අදම මේ ලේසි උපදෙස් ටික උත්සාහ කරලා බලන්න!

Address

Ratnapura

Telephone

+94776480755

Website

Alerts

Be the first to know and let us send you an email when නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana:

Share