29/01/2026
🔴ඔයත් දනහිස් සන්ධියට TKR (Total Knee Replacement) එකක් කරන්න ලිස්ට් එකේ ඉන්න කෙනෙක් නම් ,මේ ලිපිය අනිවාරයෙන් කියවන්න
🔴දිනෙන් දින වැඩිවන දනහිස් කැක්කුම, ඇවිදිවිට ඇතිවන වේදනාව, පඩිපෙළ නඟින විට හෝ ඉඳගෙන නැගිටින විට දැනෙන අමාරුව තව දුරටත් උත්සන්න වී කාලයත් සමඟ දනහිස් සන්ධිය ඇද වීම් හා චලන පරාසය අඩුවිම් සිදු වේ.
🔴මෙය බොහෝ දෙනාගේ දෛනික ජීවිතයට බරපතළ ලෙස බලපෑම් ඇති කරනවා.
🔴මෙවැනි අවස්ථාවලදී වෛද්‍යවරුන් විසින් අවසාන විසඳුමක් ලෙස Total Knee Replacement (TKR) ශල්‍යකර්මය නිර්දේශ කරනු ලබනවා.
🔴මෙමගින් වේදනාව අඩු කර ගැනීමටත්,චලන පරාසයන් දියුණු කරගැනීමටත්,දනහිස් සන්ධිය ඇදවී ඇත්නම් එය නිවැරදි කරගැනීමටත් හැකියාව ලැබෙන අතර එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
🔴නමුත් මෙම ශල්‍යකර්මයෙන් පසු ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ
👉 ශල්‍යකර්මයට පෙර
👉 ශල්‍යකර්මයෙන් පසු
😃Physiotherapy නිසි ලෙස කරන අයට පමණයි.
✅ශල්‍යකර්මයට පෙර අවම මාසයක කාලයක් හෝ භෞතචිකිත්සක ප්‍රතිකාර වල නියැලීම ඉතාම වැදගත්.
මෙම කාලසීමාව තුලදී,
✅දනහිස හා උකුල අවට මාංශපේශී ශක්තිමත් කිරීමේ ප්‍රතිකාරමය ව්‍යායාම,
✅දනහිස් සන්ධියෙහි චලන පරාසයන් දියුණු කිරීමේ ව්‍යායාම,
✅මාංශ පේශී දිගු ඇදීමේ ව්‍යායාම පුහුණු කරනු ලබනවා.
🔴එමෙන්ම ශල්‍යකර්මය සිදු කිරීමෙන් අනතුරුව සිදු කල යුතු ව්‍යායාම පුහුණු කිරීම සිදු කරනු ලබන අතර එමඟින් ශල්‍යකර්මයෙන් අනතුරුව නිවැරදි ලෙස ව්‍යායාම සිදු කිරීම හා ඒ සඳහා ඇති වන බිය පහව යාම සුව වීම ඉක්මන් වීම සිදු වෙනවා.
𝐏𝐫𝐞-𝐨𝐩 𝐏𝐡𝐲𝐬𝐢𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐲 (ශල්‍යකර්මයට පෙර 𝐩𝐡𝐲𝐬𝐢𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩y වැදගත් ඇයි?
1️⃣ මාංශපේශී ශක්තිය වැඩි කරගැනීම
TKR surgery එකෙන් පසු
Quadriceps
Hamstrings
Hip muscles
දුර්වල වුවහොත්, ඇවිදීම සහ දණහිස පාලනය කිරීම අපහසු වේ.
👉 Pre-op physiotherapy මඟින් මේ මාංශපේශී surgery එකට පෙරම ශක්තිමත් කරගත හැක.
2️⃣ දණහිස් සන්ධියේ චලන පරාසය (ROM) වැඩි කරගැනීම
ශල්‍යකර්මයට පෙර දණහිස් ස්න්දිය දැඩිව තිබුණොත්,
Surgery එකෙන් පසුවත් දණහිස හොඳින් නැමිය නොහැකි වීමට මෙන්ම සම්පූර්ණයෙන් දිගහැරීම අඩු වීමට අවදානම වැඩිය.
👉 Pre-op exercises මගින් දණහිස නැමිය හැකි ප්‍රමාණය වැඩි කරගැනීම, surgery එකෙන් පසු ඉක්මනින් සුවය ලැබීමට උපකාරී වේ.
3️⃣ ශල්‍යකර්මයෙන් පසු Physiotherapy ගැන රෝගියාට පුහුණුව ලැබීම.
බොහෝ රෝගීන් surgery එකෙන් පසු
🥴Exercises කරන්න බිය වෙනවා
🥴වේදනාවට exercise සිදු කිරීම නතර කරනවා
Pre-op physiotherapy තුළ
🥰ශල්‍යකර්මයෙන් පසු පසු කළ යුතු ප්‍රතිකාරමය ව්‍යායාම
🥰ඇඳ මත චලනයන් සිදු කරන ආකාරය
🥰ඇවිදීමට අවශ්‍ය විශේෂ ආධාරක(Walker / crutches )භාවිතය
🥰වේදනාව හා ඉදිමුම අඩු කරගැනීමට අවශ්‍ය දැනුම
කලින්ම ලබාදීම සිදු කරනවා.
👉 එවිට surgery එකෙන් පසු රෝගියා මානසිකව සූදානම් වේ.
4️⃣ Surgery එකෙන් පසු වේදනාව හා සංකූලතා අඩු වීම
Pre-op physiotherapy කරපු රෝගීන්ට
✅වේදනාව අඩු වීම
✅ඉදිමුම අඩු වීම
✅රුධිර නාලිකා තුල ලේ කැටි ඇති වීම (DVT) වැනි සංකූලතා අඩු වීම
ඉතා බහුලව දැකිය හැක. #
5️⃣ ඉක්මනින් ඇවිදීමට හා සාමාන්‍ය ජීවිතයට යා හැකි වීම
Physiotherapy කලින්ම සිදු කළ රෝගීන්,
✅Surgery එකෙන් පසු ඉක්මනින් නැගී සිටිති
✅ඉක්මනින් ඇවිදීමට හැකි වේ
✅රෝහල් ගත වී සිටීමට සිදුවන කාලය කෙටි වේ
🤷♂️Pre-op Physiotherapy නොකළොත් මොනවාද වෙන්නේ?
❌ Surgery එකෙන් පසු දණහිස දැඩිවීම
❌ Exercises කරන්න අපහසු වීම
❌ වේදනාව දිගු කාලයක් පැවතීම
❌ සම්පූර්ණ සුවය ලැබීමට වැඩි කාලයක් ගත වීම සිදුවේ.
🤷♂️ අවසානයේ ශල්‍යකර්මයෙන් පසු ඔබ බලාපොරොත්තු වන දෙය ඉටු කරගැනීමට නොහැකි වීම හෝ කල් ගත වීම සිදු වේ.
Pre-operative Physiotherapy ආරම්භ කළ යුත්තේ කවදාද?
👉 TKR surgery එකට අවම වශයෙන් මාසයකට හෝ පෙරphysiotherapist කෙනෙක් හමුවී ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතා සුදුසුය.
අවසන් වශයෙන්…
Total Knee Replacement surgery එක සාර්ථක වීමට,surgery එක පමණක් ප්‍රමාණවත් නොවේ.
👉 Surgery එකට පෙර කරන Pre-operative Physiotherapy
👉 Surgery එකෙන් පසු කරන Post-operative Physiotherapy
මේ දෙකම එකසේම වැදගත් වේ.
ඔබත් TKR surgery එකක් සඳහා සූදානම්ව සිටිනවා නම්,
අදම physiotherapist කෙනෙක් හමුවී Pre-op physiotherapy ආරම්භ කරන්න.
එය ඔබේ අනාගත ඇවිදීම තීරණය කරයි.
TKR එකෙන් පස්සේ Physiotherapy පටන් ගන්න ඕනේ කවදාද?
👉 TKR ශල්‍යකර්මයෙන් පසු පැය 24 – 48 ඇතුළත physiotherapy ආරම්භ කළ යුතුයි (වෛද්‍ය උපදෙස් අනුව).
බොහෝ රෝහල්වල
🔵ශල්‍යකර්මය කළ දවසේම හෝ
🔵ඊළඟ දවසේම Physiotherapist කෙනෙක් රෝගියා හමුවෙනවා.
🔵නමුත් ඔබ රෝහලෙන් පිට්ව ගිය පසු ප්‍රතිකාර මඟ හැරගන්න එපා.
ශල්‍යකර්මයෙන් පසු මුල් physiotherapy වල අරමුණු:
☺️දනහිස් සන්දිය දැඩි වීම (stiffness) වැළැක්වීම
☺️ඉදිමුම අවම කිරීම .
☺️Blood circulation හොඳින් පවත්වා ගැනීම
☺️Blood clot (DVT) අවදානම අඩු කිරීම
☺️මාංශපේශි සක්‍රීය කරගැනීම
☺️ඉක්මනින් නැගිටින, ඇවිදින්න පුහුණු කිරීම
🥴TKR පස්සේ Physiotherapy ප්‍රමාද කළොත් මොනවා වෙයිද?
මේක බොහෝ රෝගීන් නොසලකා හරින්නා වූ, නමුත් ඉතා වැදගත් කරුණක්.
❌ 1. දනහිස් සන්ධිය දැඩිවීම (Severe stiffness)
Physiotherapy ප්‍රමාද කළොත්
👉චලන පරාසයන් සහ ශක්තිමත් බව අඩු වීම
👉 සන්ධිය දැඩිවීම නිසා
👉 පසුව physiotherapy කළත් යතා තත්වයට පත්වීම අඩු වෙන්න පුළුවන්.
❌ 2. දිගුකාලීන වේදනාව
චලනයන් සිදු නොකර සන්දිය තියාගත්තොත්
👉කැක්කුම වැඩි වෙනවා
👉 Pain killer මත රඳා පවතින තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
❌ 3. මාංශපේශි දුර්වල වීම (Muscle wasting)
Physiotherapy කිරීම පරක්කු වීමෙන්
👉 Quadriceps වගේ වැදගත් මාංශපේශි ඉක්මනින් දුර්වල වෙනවා
👉 ඇවිදිනවිට ද්නහිස ශක්තිමත් නෑ වගේ (knee instability)දැනෙන්න පුළුවන්.
❌ 4. අධාරකයක් නැතිව ඇවිදින්න බෑ / assistive devices දිගුකාලීනව අවශ්‍ය වීම
Walker,Crutchesදිගු කාලයක් භාවිතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්.
❌ 5. රෝහලේ හා නිවසේ recovery කාලය දිගු වීම
Physiotherapy පරක්කු වීමෙන්
👉රෝහල් ගත් වී සිටීමට සිදුවන කාලය දිගු වෙනවා
👉 එදිනෙදා දවසේ වැඩ කටයුතු (ඇවිදීම,වැසිකිලි යාම, පඩිපෙල් නැගීම,) කරගන්න අමාරු වෙන්න පුලුවන්
“කැක්කුම තියෙනකම් physiotherapy කරන්න එපා” කියලා හිතනවාද?
මෙය වැරදි අදහසක්.
👉 Physiotherapy කියන්නේ කැක්කුම අඩු කරන, සන්ධිය ආරක්ෂා කරන විද්‍යාත්මක ප්‍රතිකාරයක්.
👉 නිසි ලෙස භෞතචිකිත්සක උපදෙස් අනුව කරන physiotherapy මඟින්
➡️ කැක්කුම වැඩි කරන්නේ නෑ
➡️ කැක්කුම අඩු කිරීමටම උපකාකාරී වෙනවා
Pre-op + Post-op Physiotherapy එකතු වුණාම ලැබෙන හොඳම ප්‍රතිඵල තමයි
✔️ ඉක්මන් ඇවිදින්න පුලුවන් වෙනවා
✔️ දනහිස් සන්ධියේ හොඳ චලන පරාසයක් ලබාගන්න පුලුවන් වෙනවා
✔️ ඉක්මනින් වේදනාවන් අඩු වෙනවා
✔️ වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා ගැනීමට හැකි වෙනවා
අවසාන වශයෙන්
ඔබ කෘතීම දනහිස් බද්ධ කිරීමකට(TKR) කරන්න සූදානම් වෙමින් ඉන්නවා නම්
හෝ දැනටමත් TKR ශල්‍යකර්මය කරගෙන ඉන්නවා නම්
👉 Physiotherapy ප්‍රමාද කරන්න එපා.
👉 ඔයත් TKR list එකේ ඉන්න කෙනෙක් නම්, physiotherapy ටික “පස්සේ කරමු” කියලා හිතන්න එපා – අදම පටන් ගන්න.
ප්‍රදීප් ජයසේකර
භෞතචිකිත්සක නිලධාරී
දිස්ත්‍රික් මූලික රෝහල -තෙල්දෙණිය.
SLMC-1067
0760810260