21/12/2021
😊Snacks නොහොත් කෙටිකෑම කියූ සැනින් බොහෝ අයගේ සිතට නැගෙන්නේ එය ඔබේ එය ඔබේ ශරීරයේ බර වැඩි කිරීමට හේතු වන, ඔබේ ආහාර රටාවට එක් වන අහිතකර එකතු කිරීමක් ලෙසයි.🍟️🍔🌭🥪😯😥🤔 ❓
🔴☝️නිසි ක්‍රම වේදයකින් තොරව කෙටි කෑම ලබා ගැනීමේ දී එසේ විය හැකි නමුත්,
නිසි ක්‍රම වේදයකින් යුතුව සුළු කෑම වේල් ආහාරයට එකතු කර ගන්නා පුද්ගලයින්හට හැඩැති සිරුරක් ලබා ගත හැකිය.
මෙම "Snacks" ඔබට හොඳ ද නරක ද යන්න පිළිබඳ තීරණය වන්නේ,
👉ඔබ තෝරාගන්නා සුළු ආහාර වර්ගය (Snacks) මොනවා ද?
👉ඔබ ඒවායින් කොපමණ ප්‍රමාණයක් අනුභව කරනවා ද?
👉ඒ වෙනුවෙන් ඔබේ ආහාර සැලසුම තුල ඔබ වෙන් කර ඇති වේලාව කුමක් ද?
යන කාරණා මත වෙයි.
⭕බහුතරයක් සුළු ආහාර අතිරේක මේදය, සීනි සහ ලුණු අධික ප්‍රභවයන් වෙයි.
🔴☝👉ඒ නිසා ඔබ තෝරාගන්නා කෙටි ආහාර වර්ගය, එහි අඩංගු ද්‍රව්‍ය හා ඔබ එයින් ලබා ගන්නා ප්‍රමාණය කෙරෙහි වැඩි අවධානයක් ලබා දීම අනිවාර්ය වේ.
👉විටමින් සහ ඛනිජ ලවණ බහුල පලතුරු හා එළවළුද, කාබෝහයිඩ්රේට් බහුල පාන්, බත්, අර්තාපල්, පැස්ටා සහ වෙනත් ධාන්‍ය වර්ග සහ ඒ ආශ්‍රිත නිශ්පාදනද, ප්‍රෝටීන් බහුල මස්, මාළු, බිත්තර, කිරි සහ කිරි ආහාරද මෙහිදී ඔබට කෙටි කෑම ලෙස හමුවේ.
🔴☝️මෙසේ තෝරා ගන්නා ආහාර වර්ගය හා එහි ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ඒ සදහා අදාළ පුද්ගලයා තුල පවතින රෝග තත්ත්වයන් සහ පෝෂණ අවශ්‍යතා පිළිබඳ සලකා බැලීම ඉතා වැදගත් වෙයි.
💥කෙසේ වෙතත් ඔබ ශරීර බර අඩු කර ගැනීමට බලා සිටින අයෙක් නම් මෙම සුළු කෑම (Snacks) සදහා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර තේරීම සීමා කිරීම අනිවාර්ය වේ.
☝ප්‍රෝටීන් බහුල ආහාරද අපගේ ශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහාත් ශරීරය ගොඩ නැන්වීමට, මාංශපේශී වර්ධනය සදහාත් සැළකිය යුතු දායකත්වයක් දක්වන බැවින් ප්‍රධාන ආහාර වේලෙහි ප්‍රමාණවත් තරම් අනුභව කළ යුතුවේ.
🔴☝️😥මීලඟ ආහාර කාණ්ඩය සෑදී ඇත්තේ මේදය හා සීනි අධික ආහාර වලින් වන අතර එයට රෝල්ස්, පැටිස් සහ බිස්කට්, බයිට් වර්ග ද චොකලට් සහ රසකැවිලි වැනි ආහාර වර්ග ඇතුළත් වේ.
🔴☝️ ඉඳහිට පමණක් මෙම ආහාර වලින් සුළු ප්‍රමාණයක් ආහාරයට ගැනීම සුදුසු වෙයි.
😥☝️ඔබ තෝරා ගන්නා සුළු කෑමක් හෝ එහි අන්තර්ගතය පිළිබඳ ඔබට සැක සහිත නම් සහ එහි අන්තර්ගතය පිළිබඳ නිසි දැනුමක් නොමැති නම් ආහාර තෝරා ගැනීමට පෙර ලේබලය පරීක්ෂා කිරීමට පුරුදු වන්න.
☑️මෙමගින් ඔබට වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගැනීමටත්, සැබවින්ම කුසගිනි වී ඇති නමුත් අවට සෞඛ්‍ය සම්පන්න කෑම වර්ග නොමැති අවස්තාවක වුවද සෞඛ්‍ය සම්පන්න නොවන දෙයක් අනුභව කිරීම සම්බන්ධයෙන් නිවැරැදි තීරණයක් ගැනීමට මග පාදයි.
🔴පහත දැක්වෙන උපාය මාර්ග සමඟ පෝෂ්‍යදායී ලෙස සුළු ආහාර ගැනීමට ඔබව යොමු කරයි.
=====================================
👉රැකියා ස්ථානයේ, ඔබේ මේසයේ ලාච්චුවේ හෝ කාර්යාල ශීතකරණයේ ඔබට ගැලපෙන සෞඛ්‍ය සම්පන්න කෑම වර්ග තබා ගන්න.
👉සෑම දිනකම වැඩ කරන ස්ථානයට නැවුම් පළතුරක් රැගෙන යන්න.
👉ඔබ පිටත යන්නේ නම්, ඔබේ බෑගයේ ඇපල් ගෙඩියක් හෝ කජු, රට කජු, ආමන්ඩ් අඩංගු අතේ ගෙන යා හැකි කුඩා මල්ලක් ලඟ තබා ගන්න.
👉සාප්පු වලදී බයිට් වර්ග සහ බිස්කට් වැනි පෝෂණ ගුණයෙන් අඩු ආහාර මිලදී ගැනීමෙන් වළකින්න. (එමගින් ඔබ එවැනි ආහාර නිවසට රැගෙන යාමට පෙළඹීම අඩු වෙයි)
👉නිවසේ මුළුතැන්ගෙයි පළතුරු බඳුනක් ප්‍රදර්ශනය කරන්න.
👉ශීතකරණයේ ඉදිරිපස මේදය හා සීනි බහුල යෝගට්, චීස්, චොකලට් ආදිය අඩුවෙන් ගබඩා කරන්න.
👉එළවළු සලාද, සුප් සහ කැබලිවලට කපා ගත් පළතුරු ආදිය ශීතකරණයේ ඉදිරිපස ගබඩා කරන්න. (එවිට ඔබට සෞඛ්‍ය සම්පන්න විකල්පයන් තෝරා ගැනීම පහසු වෙයි)
🔴☝️මීට අමතරව, ආහාර තිබෙන පමණටම ආහාරයට ගැනීමෙන් වැළකීමට වග බලා ගත යුතුය.
🔴☝️ඔබ ප්‍රධාන ආහාර වේල් වලට අමතරව කෙටි ආහාර වේලක් ගත යුත්තේ,
❇️ඔබ කුසගින්නෙන් සිටින විටකදී හෝ ❇️ආහාර වේල් අතර පරතරය දීර්ඝ කාලයක් වන විටදී හෝ
❇️යම් කිසි ව්‍යායාම මාලාවක් සැලසුම් කිරීමේදී විය යුතුයි.
🔴☝️පිපාසය කුසගින්න යැයි කියා වැරදියට තේරුම් ගන්නා අවස්තා බොහෝමයකි.
👉එවැනි අවස්තාවලදී ඔබ විශාල වතුර වීදුරුවක් පානය කර🥛🍶, තවමත් බඩගිනි නම් මිනිත්තු දහයකට , පසුව කෑමක් ගනීම කළ හැක.
🔴☝️කෙසේ වෙතත් ඔබේ ආහාර රටාව යහපත් හා පෝෂ්‍යදායී ආහාර රටවක්ද , නැතහොත් ඒවා අනවශ්‍ය මේදය, සීනි සහ ලුණු වල එකතුවක්ද යන්න ඔබ විසින් තීරණය කළ යුතු වේ.
💥😥ඔබ සාමාන්‍යයෙන් පරිභෝජනය කිරීමට පුරුදු වී සිටින සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර තිබේ නම්, එය මග හැරීමට උත්සාහ කරන්න.
ඔබට එය හමු වන අවස්තාවට වඩා පෝෂ්‍යදායී යමක් තෝරා ගන්න.
🔴☝ඔබේ ආහාර රටාව මඳක් ඉදිරියට ඉතා සියුම් ලෙස සැලසුම් කිරීමෙන්, ඔබේ ජීවිතය වඩා සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් බවට පත් කර ගත හැක.😃😃
✍️✍️ආහාර හා පෝෂණවේදීනී
චංචලී හිමාෂිකා