Thaaru Paranavithana

  • Home
  • Thaaru Paranavithana

Thaaru Paranavithana Former psychotherapist at Gampaha & Kiribathgoda Hospital. Qualified- BA, MA, MSc, PGDC, PhD(Reading)
(1)

උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ හා මුස්ලිම් ශිෂ්‍යයන් වෙනුවෙන් Motivirus University මගින් සංවිධානය කරන ලද උපාධි හා ඩිප්ලෝ...
31/03/2026

උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ හා මුස්ලිම් ශිෂ්‍යයන් වෙනුවෙන් Motivirus University මගින් සංවිධානය කරන ලද උපාධි හා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සම්භාවනීය අමුත්තෙකු ලෙස මම සහභාගී වීමි. මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය සහ මැලේසියානු මහකොමසාරිස්වරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.

I attended the Convocation Ceremony for Tamil and Muslim students from the North and East, organized by Motivirus University, as a Distinguished Guest. The event was graced by several prominent figures, including Professor Anusha Edirisinghe (Professor of Criminology at the University of Kelaniya) and the High Commissioner of Malaysia, along with many other invited dignitaries.

ඔබේ අනාගත සැමියාට "මගේ බිරිඳ මනෝ විද්‍යාඥවරියක්" කියලා කියන්න පුළුවන් නිසා ගොඩක් මහන්සි වෙලා සබ්ජෙක් එක ගැඹුරින් ඉගෙන ගන...
29/03/2026

ඔබේ අනාගත සැමියාට "මගේ බිරිඳ මනෝ විද්‍යාඥවරියක්" කියලා කියන්න පුළුවන් නිසා ගොඩක් මහන්සි වෙලා සබ්ජෙක් එක ගැඹුරින් ඉගෙන ගන්න, ඒ වගේම එය ඔබේ දරුවන්ට හොඳම සංවර්ධනාත්මක හැදී වැඩීමක් ලබා ගන්නත් පුළුවන් 😊

Studying diligently so your future husband can proudly say, "My wife is a psychologist," and so your children will receive the best developmental upbringing.

28/03/2026
උපාධියකට එහා ගිය "මිනිස් සබඳතාවල" වටිනාකමමේ පාරත් අපි උතුරු ඉන්දියාව සහ නේපාලය පුරා සංචාරය කළේ කිලෝමීටර් 4000 කට වඩා වැඩ...
22/03/2026

උපාධියකට එහා ගිය "මිනිස් සබඳතාවල" වටිනාකම

මේ පාරත් අපි උතුරු ඉන්දියාව සහ නේපාලය පුරා සංචාරය කළේ කිලෝමීටර් 4000 කට වඩා වැඩි දිගු ගමනක්. දවස් 9ක් පුරා දිවුණු මේ සංචාරය සඳහා අලුත්ම Seven-Seater වාහනයක් තෝරාගත්තේ, ගෙදර අයට කිසිදු අපහසුවක් නොවී ඉතා ඉක්මනින් මගේ වැඩකටයුතු කරගැනීමට අවශ්‍ය වූ නිසයි.

මෙම ගමන පහසු කර ගැනීමට හා රසවත් කරගැනිමට මට සහය වූයේ වෙනදා වගේම මගේ හිතවත් නේපාලයේ ලංකා ලුම්බිණි පන්සලේ නායක හාමුදුරුවන් වහන්සේයි. මට උන්වහන්සේව හඳුනා ගැනීමට ලැබුණේ අපේ විශ්වවිද්‍යාලයේ මගේ සමකාලීනයෙකු වූ, දැනට තායිලන්තයේ වැඩ වසන රත්නසාර හාමුදුරුවන් මාර්ගයෙන්

සමහරු හිතන්නේ විශ්වවිද්‍යාලයකින් පිටවෙද්දී රැගෙන එන්නේ උපාධියක් සහ ඒ විෂය දැනුම පමණක් කියායි. නමුත් මගේ අත්දැකීම ඊට වඩා වෙනස්. මම අද ඉන්න තැනට එන්නත්, මෙතරම් සාර්ථක වෙන්නත් ප්‍රධානම හේතුව මම කැලණිය, කොළඹ හා පිටරට විශ්වවිද්‍යාලවල දි ඇති කරගත් ශක්තිමත් සම්බන්ධතා ජාලයයි

මම කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු 12ක් 13ක් පමණ වෙනවා. නමුත් එදා ඇති කරගත් ඒ සම්බන්ධතා අදටත් මාව ඉහළට ඔසවා තබනවා.

මම ඉතා ඉක්මනින් මිනිසුන් සමඟ හිතවත් වෙනවා, කතාබහ කරනවා එකිනෙකාට උදව් කරගන්නවා. ඒක මගේ දියුණුවට බලපාපු ප්‍රධාන ඇබිලිටි එකක්. ඒ හරහා ගොඩනැගෙන "Connection Network" එක ඕනෑම ව්‍යාපාරයකට හෝ පෞද්ගලික දියුණුවකට මිල කළ නොහැකි වත්කමක්.

නන්නාදුනන රටක වුවත් මට අවශ්‍ය දේ නිවැරදිව කර ගැනීමට මට මග පෙන්වන්නේ මේ හිතවත්කම්.

විශ්වවිද්‍යාලයකින් දෙන ලොකුම දායාදය උපාධි සහතිකය නෙවෙයි, ජීවිත කාලයටම වටිනා මිනිස් සම්පත් ජාලයයි.

ඇත්තෙන්ම, දැනුම අපිට මග පෙන්වනවා විය හැකියි. නමුත් අවස්ථාවන් (Opportunities) නිර්මාණය කර දෙන්නේ අප වටා සිටින මිනිසුන් විසිනුයි.

22/03/2026
මගේ උපරිමය නොකළ නිසා වයස අවුරුදු 50 දී ආතතියට හා මානසික අවපීඩනයට පත්වීමට වඩා, මගේ වයස අවුරුදු 20 සහ 30 ගණන්වලදී විශිෂ්ට ...
21/03/2026

මගේ උපරිමය නොකළ නිසා වයස අවුරුදු 50 දී ආතතියට හා මානසික අවපීඩනයට පත්වීමට වඩා, මගේ වයස අවුරුදු 20 සහ 30 ගණන්වලදී විශිෂ්ට දෙයක් ගොඩනඟා ගනිමින් ආතතියට හා වෙහෙසට පත්වීමට මම කැමැත්තෙමි.

I prefer to feel stressed and tired while creating something meaningful in my 20s and 30s rather than be stressed and depressed at 50 for not having tried my best.

ඔබට ප්‍රගුණ කළ හැකි විශාලතම දක්ෂතාවය වන්නේ ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාවයි (Reset කිරීම). සංවාදයක් වැරදුණාද? එය ...
19/03/2026

ඔබට ප්‍රගුණ කළ හැකි විශාලතම දක්ෂතාවය වන්නේ ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාවයි (Reset කිරීම). සංවාදයක් වැරදුණාද? එය අමතක කර ඉදිරියට යන්න.

දවසම අසාර්ථකද? හෙට අලුතින්ම ආරම්භ කරන්න.
ව්‍යායාමයක් මගහැරුණාද? පසුදින එය අනිවාර්යයෙන්ම කරන්න. වැරදි තීරණයක් ගත්තාද? එයින් ඉගෙනගෙන නිවැරදි වන්න.

ඔබට සිදුවන දේවල් පාලනය කිරීමට ඔබට නොහැකි විය හැක, නමුත් ඒවායින් ඔබ කොපමණ කාලයක් පීඩා විඳිනවාද යන්න පාලනය කිරීමේ හැකියාව ඔබට ඇත.

18/03/2026

අපේ නේපාලේ යන ගමනේ ඉන්දියන් රියදුරා කියනවා ඔයා වැරදි පොසිෂන් එකක ඉන්නේ ඔයා ඩොක්ටර් කෙනෙක් නෙමේ වෙන්න තිබ්බේ ඔයා මොඩල් කෙනෙක් 🤭(එයාලා සයිකොලොජිස්ට්ලව ආමන්ත්‍රණය කරන්නේ ඩොක්ටර් නමින්).

අපි පුංචි කාලේ ආසාවෙන් බලපු සුපිරි හින්දි චිත්‍රපට වල සින්දු තමයි රියදුරා ප්ලේ කරන්නේ මේ ගමන පුරාවටම. හිංදි සංගීතය කියන්නේ අපේ Nostalgia අවදි කරන ප්‍රබලම සාධකයක්. මෙකෙන් අපේ මේ දිර්ඝ ගමන තවත් උද්යෝගිමත් වෙනවා.

අපි කරන වැඩ සිරියස් වුනාට අපි සිරියස් වෙන්න අවශ්‍ය නැහැ. අපි ඇතුලේ ඉන්නේ හරිම සාමාන්‍ය මනුෂ්‍යයෙක්.

මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අප සතුව තියෙන ජීවී ගුණය සහ නිදහස් හැසිරීම ආරක්ෂා කරගන්න ඕනේ මොන තනතුරක, අධ්‍යාපනික මට්ටමක හිටියත්. ගොඩක් වෙලාවට මිනිස්සු හිතාගෙන ඉන්නේ "සයිකොලොජිස්ට්" කෙනෙක් කිව්වම හැමතිස්සෙම හරිම බැරෑරුම්, නිශ්ශබ්ද කෙනෙක් වෙන්න ඕනේ කියලා.

නැවතත් කියනවා අපි කරන වෘත්තිය සිරියස් වුණාට, අපි හැම වෙලාවෙම සිරියස් වෙන්න ඕනේ නැහැ. ඇත්තටම සාර්ථක මනෝවිද්‍යාඥයෙක් කියන්නේ තමන්ගේ මානසික නිදහස සහ සතුට උපරිමයෙන් භුක්ති විඳින කෙනෙක්.

මම ලංකාවේ වෘත්තිකයෙක් වුණත්, නේපාලයේදී මම නිදහස් සංචාරකයෙක්. වෘත්තීකයන් සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ස්ටීරියෝටයිප් බිඳෙන්න ඕනේ. හැම වෙලේම අපි තුල ඉන්න සාමාන්‍ය මනුෂ්‍යයා බාහිර අයගේ අපේක්ෂාවන් නිසා බිදෙන්න දෙන්න එපා.

Address


Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94719001212

Alerts

Be the first to know and let us send you an email when Thaaru Paranavithana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Thaaru Paranavithana:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Professional Psychologist

Im qualified with B.A(special) Degree in psychology from University of Kelaniya and Studies Master Of Art in Buddhist Ayurvedic Counselling at Postgraduate Institute of Pali and Buddhist Studies,

SKILLS

• Proven leadership and human management skills

• Able to adapt quickly to new challenges