05/01/2026
ශ්‍රී ලංකා රජය 2025 අයවැයෙන් රුපියල් මිලියන 250ක් පාසල් පාදක කරගත් විශේෂ මානසික සෞඛ්‍ය වැඩසටහන් සඳහා වෙන් 2026 අයවැයෙන් ප්‍රාථමික සත්කාර මධ්‍යස්ථාන (රු. බිලියන 1.5) සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය වැනි අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් වෙන්කර තිබුනත් 2026 අයවැයෙන් පාසල් පාදක මානසික සෞඛ්‍යය සඳහා නිශ්චිත වෙන් කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ
මම දැක්කා අගෝස්තු මාසේ Daily News වල දාලා තිබ්බා ලබන වසරේ ඒ කියන්නේ 2026 දි මානසික සෞඛ්‍ය සහ උපදේශන සේවා සඳහා වෙන් කරන අරමුදල් වැඩි කිරීමට රජය සැලසුම් කර තිබෙන බව.
අපි දන්නවා ශ්‍රී ලාංකිකයින්ගෙන් 10% ක් පමණ විවිධ මානසික සෞඛ්‍ය තත්වයන්ගෙන් පෙළෙන අතර 2% ක් බරපතල ගැටළු අත්විඳිනවා. ඒවගේම 2024 දී රෝගීන් 37,000 කට ආසන්න සංඛ්‍යාවක් මානසික සෞඛ්‍ය සායනවලින් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බව Daily News වල සඳහන් වෙලා තිබුනා.
2025 වෙන්කරන ලද රුපියල් මිලියන 250 අරමුදල් මගින් නව යොවුන් වියේ පසුවන්නන් අතර සියදිවි නසාගැනීම් අනුපාත, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ මනෝ සමාජීය ගැටළු විසඳීම සඳහා පාසල් ළමුන් සහ තරුණයින් සඳහා දැනුවත් කිරීම, අධ්‍යාපනය සහ උපදේශනය කෙරෙහි අවධානය යොමු කරන ලද මධ්‍ය කාලීන ව්‍යාපෘතියන්වලට වෙන්කරලා තිබ්බේ.
මේ අරමුදල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය සහ දේශීය සෞඛ්‍ය සේවා සමඟ සහයෝගයෙන් මෙහෙයවනු ලබනවා කියලා සදහන් කරලා තිබ්බා.
ඒ වගේම ජාතික සමීක්ෂණවලින් හඳුනාගත් මානසික සෞඛ්‍ය අභියෝගවලට පුළුල් ප්‍රතිචාරයක කොටසක් ලෙස පාසල්වල උපදේශන සේවා පුළුල් කිරීම ද අවධාරණය කරා.
2025 වැඩසටහන මගින් මා ඉහත කී අරමුණ සඳහා සෘජුවම අදාළ අරමුදල් ලෙස පැවතුනා.
නමුත් මෙවර 2026 අයවැයෙන් "ජාතියක් එක්සත්" යන තේමාවෙන් මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1,500 ක වෙන් කිරීමක්, ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10 ක් ස්ථාපිත කිරීම සහ රුපියල් මිලියන 2,000 ක දැවැන්ත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා වෙන්කරලා තිබුනට 2025 වගේ ඍජුවම පාසල් මානසික සෞඛ්‍ය සඳහා වෙන්කිරිමක් දකින්නට නැත්තේ 2025 Rs. 250 මිලියන වැඩසටහන දිගටම ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වෙන නිසා ද?
මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?