13/11/2025
පහුගිය කාලේ හුඟක් අය මගෙන් ඇහුව දෙයක් මම මේ දාන ෆොටෝ කොහෙද?, මොනවද මේ පූජාවල් කියන එක. මේ ඒ කථව..
පහුණු බිනර මාසේ පුර අටවක දා මට විශේෂ දෙයක් ලැබුණා. ඒ ධාතුන් වහන්සේලා තුන් නමක් වැඩම කරවීම. උන් වහන්සේලාගේ වැඩම කරවීම තමා මේ ජීවිතේ මම ලබපු වටිනාම ත්‍යාගය.
ඉතින්, පහුණු බිනර පුර පෝය දා ඉදන් මං උන්වහන්සේලා වෙනුවෙන් දිනපතා තේවාව ඉෂ්ඨ කරනවා. ඒ වගේම හැම මාසෙම පුර පෝය දාට තේවාව සිද්ධ කරලා අවසන්වෙලා කරඬුව විවෘත කරලා උන් වහන්සේලාව මගේ වෙද මැදුරට පැමිණෙන අයට දකින්නත් සලස්වනවා. පහුණු පෝය දවසේ නම් එහෙම ධාතු කරඬුව විවෘත කරා විතරක් නෙවේ මං විසින් සකස් කරපු මහා සරස්වතී තෛලයත් ගාස්තුවක් අය නොකරම එදා දවසේ වන්දනාව පිණිස ආව පාසල් සිසුන් අතරේ බෙදා දුන්නා.
මේ තියෙන්නේ නොවැම්බර් 13 වෙච්චි අද දවසේ මගේ බුද්ධ පූජාව.