ourdoctor.lk

ourdoctor.lk Medical News and Call or chat with doctor

14/07/2021

කොවිඩ් -19 වසංගතය නිසා දරුවන් මුහුනදෙන මානසික ගැටළු හා පීඩාකාරී තත්වයන් පිළිබඳව ඔබ දැනුවත්ද?

20/06/2021

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Delta ප්‍රභේදය ලංකාවෙන් සොයාගැනේ?

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.

මෙය රටෙහි පවතින වසංගත තත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිලිබඳ අප ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඉහත කරුණු විමසා බලමු.
(https://www.gavi.org/vaccineswork/five-things-we-know-about-delta-coronavirus-variant-and-two-things-we-still-need)

මෙම කරුණු සාකච්ඡා කිරීමට කලින්, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

ඕනෑම වෛරසයක් ඉතා සීග්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක්. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිබවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිද්ධ වෙනවා.

Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළ ද සොයා ගැනීම අපි සියලු දෙනාම අත්දැකලා තියෙනවා. මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරීගිය රෝගී තත්ත්වය ම ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරීක්ෂණය කර තිබෙනවා. මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයින් අතර පැතිර යෑමයි.

මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා.

කෙසේ නමුත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම Delta (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යමින් පවතිනවා. කිසිඳු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු කරන්නේ නැහැ. එහෙත් දැනට ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන් ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය වනවා.

මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බවයි. ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, සෙනග ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සන්වුර්ත (එළිමහන් නොවන) අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු වෙනවා.

අන් ප්‍රභේදවල වගේම මේ ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත වෙන්න පුළුවන්. ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබෙනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබට නිතර හමුවන නිරෝගී යැයි පෙනෙන කෙනෙකුගෙන් පවා රෝගය බෝවීමේ අවදානමක් තියෙනවා. මේ ඔබගේ සමීපතම අසල්වැසියකු හිත මිතුරෙකු විය හැකියි.

මේ නිසා අත්‍යවශ්‍ය නොවන සියලු හමුවීම් ගමන් බිමන්, ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන් අනවශ්‍ය ලෙස අවදානමේ හෙලනවා වෙන්න පුළුවන්.

පවතින තත්වය යටතේ වසංගතය පාලනය කිරීම උදෙසා රෝග නිවාරණ පිලිවෙත් අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ අන් කවරදාකටත් වඩා තදින් දැනෙනවා.
මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

29/05/2021

මෙවර වෙසක් සමය නිමිත්තෙන් යාපනය ශීක්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය එම්.මලරවන් මහතා විවිධ අක්ෂි රෝග වලින් පෙලෙන ඉතාම දුප්පත් රෝගීන් 2000 කට අක්ෂි ශල්‍යකර්ම සිදුකිරීමේ පුණ්‍යමය කටයුත්තක් ආරම්භ කොට තිබේ.
”දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර ” වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින මලරවන් වෛද්‍යවරයා යාපනය ශීක්ෂණ රෝහල තුළ සෑම වසරකම වෙසක් උත්සවයක් සංවිධානය කිරීමට පුරෝගාමීව කටයුතු කරණ වෛද්‍යවරයෙකි.මලරවන් මහතා පැවසුවේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තමන් දිවා ආහාර විවේකය හා තේ පානය සදහා ඇති කාලයද වැය කොට විවිධ අක්ෂි ආබාධ සහිත රෝගීන් 2000 කට නොමිලයේ සැත්කම් සිදු කරගෙන යන බවත් මේ වැඩසටහන නිමා කරන්නට ටික දිනක් ගතවනු ඇති බවත් ඊට සහභාගි වන්නන්ගෙන් විශාල පිරිසක් දකුණු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වන සිංහල ගොවි ජනතාව බවත්ය

17/05/2021

⦿ Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

⦿ ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

⦿ වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

⦿ Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

⦿ Sinopharm සාර්ථක එන්නතක් ද?

--- Sinopharm එන්නත පිළිබඳව බහුලව නැගෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ---

1. Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

Sinopharm එන්නතෙහි අඩංගු වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දමන ලද වෛරසයක්. මේ නිසා ශරීරය තුළදී කිසිම ලෙසකින් ක්‍රියා කිරීමට හෝ ගුණනය වීමට මෙයට හැකියාවක් නෑ. ඒ නිසා මෙමගින් රෝගය වැළඳීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.

2. Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

මෙයට හේතුව ගැබිනි මාතාවන් අතරෙහි මේ එන්නත භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ දත්ත තවමත් ප්‍රමාණවත් අයුරින් වාර්තා වී නොතිබීමයි. කෙසේ වුවත් එන්නතෙහි ස්වභාවය හා සංඝටක සලකා බලන විට, ගර්භනී මව්වරුන් අතරෙහි ද එහි ක්‍රියාකාරිත්වය හා ආරක්ෂාකාරී බව නොවෙනස්ව පවතිනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා.

ඉදිරියේදී මෙම එන්නත ගැබිනි මව්වරුන්ටත් ලබා දෙනවාද, ලබා දෙන්නේ කුමන අවස්ථාවලදීද, යන කරුණු, එන්නත සම්බන්ධයෙන් යාවත්කාලින වන නවතම දත්ත පදනම් කරගනිමින් වසංගත රෝග විද්‍යායතනය විසින් තීරණය කෙරෙනවා ඇති.

3. ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

එන්නත ලබා දීමට ප්‍රථම ගර්භණී බව පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නැහැ. මේ එන්නත කිසිම ලෙසකින්වත් මදසරුභාවයට හේතු වීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඉදිරියේදී මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් මෙම එන්නත ලබා ගැනීමට කිසිදු බාධාවක් නෑ. ගර්භනී තත්ත්වය තුළ දී කොවිඩ් රෝගය බලපෑ හැකි ආකාරය සළකා බලද්දි එයට පෙර එන්නතෙන් ආරක්ෂාවක් ලබා ගැනීම ඉතා නුවණැති ක්‍රියාවක් බව පෙනෙනවා.

4. වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

මෙම එන්නත පිළිබඳව සිදුකරන ලද සායනික පරීක්ෂණ වලදී මෙම එන්නත කිසිදු වයස් කාණ්ඩයකට ගැටලුවක් ඇති කරන බවක් වාර්තා වී නැහැ. නමුත් ඒ සඳහා යොදාගෙන ඇති නියැදියේ (sample) වයසින් වැඩි පුද්ගලයින් සංඛ්‍යාව අඩුවීම නිසා ලංකාවට මුලින්ම මෙම එන්නත හඳුන්වා දෙන අවස්ථාවේ දී වැඩිහිටි පුද්ගලයින් සඳහා එය අනුමත කළේ නැහැ. නමුත් දත්ත තවදුරටත් සලකා බැලීමේදී සහ ලංකාවේ දැනට රෝගය පැතිරීගෙන යන අවදානම සලකාබලා කිසිදු රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති අවුරුදු 60 ට වැඩි සියල්ලන් සඳහා ද මෙම එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉහත කරුණු සියල්ලෙන්ම පැහැදිලි වෙන්නේ මහජනතාවට එන්නත් ලබාදීම පිළිබඳ තීරණය ගනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමෙන් මෙන්ම දේශීය විද්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් බව. නවතම දත්ත භාවිතා කරමින් සහ රටේ වසංගත ස්වභාවය අධ්‍යයනය කරමින් එන්නතක් ලබා දීමට තීරණය කරන්නේ ඉන් රෝගයට එරෙහිව ලැබෙන ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගවීමක් සහිතවයි.

5. Sinopharm සාර්ථක එන්නතක් ද?

කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා Sinopharm සාර්ථක එන්නතක් බව නවතම පර්යේෂණ දත්ත ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරනවා. මෙම එන්නත දැනටත් භාවිතා කර ඇති බහරේන් වැනි රටවල නිරීක්ෂණ දත්ත ආශ්‍රයෙන් මෙම කාරණාව තවදුරටත් තහවුරු වෙනවා.

රටකට එන්නතකින් පමණක් වසංගත තත්ත්වයෙන් ගොඩ එන්න බැහැ. අනෙකුත් ආරක්ෂාකාරී පියවර ද මනාව අනුගමනය කළ යුතුයි. ඒ කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පිටුදැකීමේ සටනේ දී එන්නත්කරනය අපට ඇති ප්‍රබලම ආයුධයක් වෙනවා. ගෝලීය වශයෙන් විශාල එන්නත් හිඟයක් පවතින මේ අවස්ථාවේ, රටට එන්නත් ලැබෙන්නේ මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් විදිහටයි.

එන්නත් කරණය කර ගැනීමට ඔබට යම්කිසි අවස්ථාවක් ලැබුනහොත් ලැබුණ පළමු අවස්ථාවෙන් ම එයට යොමු වීම වැදගත් වන්නේ ඒ නිසයි.

11/04/2021
25/03/2021

Address


Alerts

Be the first to know and let us send you an email when ourdoctor.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram