Lanka Yo-Qi Organization

  • Home
  • Lanka Yo-Qi Organization

Lanka Yo-Qi Organization Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Yo-Qi Organization, Medical and health, Idangoda, Kiriella, Rathnapura, .

Provide guide lines how to stay healthy , how maintain quality of life, meditation guidance how to calm your mind , manage stress , eating habits and dieting planes

05/01/2026

ජනපද කල්‍යාණිය නිසාවත්, ජීවිතය නිසාවත් බොරු නොකියන මිනිසුන් ,
කීර්ති ප්‍රශංසා ඉදිරියේ පිරිහී යන හැටි මම දකිමි.
කීර්ති ප්‍රශංසා එතරම්ම දරුණුය. දුරින්ම දුරු කරන්න. - බුදුන්වහන්සේ

https://tipitaka.lk/sn-2-5-2-1/sinh

01/01/2026

Happy New Year.2026

29/12/2025

ගැඹුරු හුස්මක්, සන්සුන් මනසක්, සුවපත් සිරුරක් - Yo-Qi for Life.

Yo-Qi පුහුණුව තුළින් ඔබට,
🔻 හුස්ම අභ්‍යාස මගින් සොබා දහමෙන් ඔබ අවශෝෂණය කරගන්නා ප්‍රාණ ශක්තිය බලවත් කරගැනීමෙන් දහසකුත් රෝග සුවපත් කරගන්නා විද්‍යාත්මක ක්‍රමවේද
🔻 මනෝවිද්‍යාත්මක උපදේශනය සමගින් අධ්‍යාපන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමේ ක්‍රමවේද
🔻 Cancer , Blood pressure , debates , Cholesterol , Heart Attack වැනි භයානක රෝග වලින් ආරක්ෂාව සලසා ගැනීමේ ක්‍රමවේද
🔻 වයස 16 ට වැඩි දරුවන්ගේ මතක ශක්තිය හා අවධානය දුර්වලතා මගහරවා උපරිම ශක්‍යතාවන් ඉස්මතු කරවීම
🔻 වියපත් වීමේ වේගය පාලනය කිරීම සහ කල්පනා ශක්තිය නොනැසී පවත්වා ගන්නා පුහුණුව
🔻 දුර්වල ආර්ථිකය ධනවත් කරගැනීම සදහා විද්‍යාත්ම Yo-Qi low of attraction method.
🔻 ජීවිතය එපා වෙන තරමට ජීවිතයේ රසය ගිලිහී ඇති නම් ඒ ජීවිතයේ රසය නැවත ලගා කරවීමේ පුහුණුව.
🔻 ඕනෑම මනෝ චිකිත්සක රෝගයක් බෙහෙත් වලින් තොරව සුවපත් කරගැනීමේ පුහුණුව
🧭හොරණ Care Pharmacy පළමු මහළ
වේලාව : සඳුදා සවස 5.00 -7.00
🧭රතන්පුර මෙත් සුව වෙද මැදුර ඉහළ මහල
ඉරිදා උදේ 8.00 - 10.00
බ්‍රහස්පතින්දා සවස 6.00-8.00
🧭Online ක්ලාස් සදහා ද අවස්ථාව ඇත. වෙලාවක් වෙන් කර ගැනීමට අමතන්න.
වැඩි විස්තර සදහා
Lanka Yo-Qi Organization (Pvt) Ltd
Sri Lanka.
Whatsapp - 077 480 1617
Web: ✅ www.yoqi.info

සිරිමාවෝ  සිදුවීම..මෙම සිදුවීමේදී සමාජයේ පිරිසක් සිසුවුයගේ ක්‍රියාකලාපය සාධාරණී කරණය කල අතර තවත් පිරිසක් එය විනය විරෝධී ...
22/12/2025

සිරිමාවෝ සිදුවීම..

මෙම සිදුවීමේදී සමාජයේ පිරිසක් සිසුවුයගේ ක්‍රියාකලාපය සාධාරණී කරණය කල අතර තවත් පිරිසක් එය විනය විරෝධී කටයුත්තක් ලෙස විවේචනය කිරීම දක්නට ලැබුණි.

ඇත්තටම මේ සිරිමාවෝ සිදුවීම හුදෙකලා සිදුවීමකට එහා ගිය සමස්ඨ ශ්‍රී ලාංකීය දරුපරපුර නියෝජනය කරන දැවැන්ත හඬක් ලෙස හඳුනාගත යුතු නොවන්නෙද? ඇය හඳ පෙන්නූ විට ඇඟිල්ල දෙස බලා එය විවේචනය කරන සමහර උගතුන් විසින් තේරුම් ගත යුතු සත්‍ය එය නොවන්නෙද?.

ඇයට එම සම්මානය ලැබීමට සුදුසුද නැද්ද ඇගේ ක්‍රියා කලාපය ස්ථානෝචිද නැද්ද යන්න කතා කිරීමට වඩා එහා ගිය පළල් අර්ථ දැක්වීමට මම සිදුවීම සමාජයේ ඇස් විවර නොකරන්නේද ? සමාජයේ බහුතරයක් තමන්ට ඇස් පනාපිට පැහැදිලිව පෙනන අසාධාරණයක් සිදු වුවත් කට පියාගෙන කරබාගෙන සිටී. මෙහිදී සිදු වූයේ ලාංකීය සිසු පරපුර නියෝජනය කරන එක් සිසුවියක් තමන්ට අසාධාරණයක් සිදු වූ බවට ඇගේ දැනුමේ හැටියට වැටහීම නිසා ඒ වෙනුවෙන් කොන්ද පණ ඇතුව නැගී සිටීම නොවන්නේ ද? විදුහලට නිග්‍රහ කිරීමක් නොව , ඕනෑම විටෙක දරුවන්ගේ ජීවිත ගොඩනගන විදුහල තුළින් කිසිවිටෙකත් කිසිම දරුවෙකුට අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන්න යන කාරුණික ආයාචනය නොවන්නේද?.

මෙම සිදුවීමේ අගමුල කුමක් උවත් පාසල් පද්ධතීන් තුල තර්කයක් නොමැතිව දරුවන්ගේ ජීවිත ගොඩනැගීම සිදු වන අතර, සමහර දරුවන් යම් යම් අසාධාරණයන්ට ලක්වීම 100% සිදු නොවන තැනක් බවට තර්ක කල හැකි කිසිවෙක් සිටීදැයි අප නොදනී. එම කටුක යථාර්ථය අකමැත්තෙන් වුවද සමාජයක් ලෙස පිළිගැනීමට සිදුවේ. වැඩිහිටියන් නම් ඔවුන් තමන්ට අසාධාරණයක් වූ විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හෝ ගෙන ඊට එරෙහිව නැගී සිටී. නමුත් පාසල් දරුවන් තමන්ට අසාධාරණයක් සිදු වී විට අසරණව ඒ පිළිබඳ හඩක් නොනගාම කරබාගෙන නිහඬව සිටිනවා හැර, තමාට සිදු වූ අසාධාරණය පිළිබද අධිකාරිය ප්‍රශ්ණ කිරීමට කිසි විටෙකත් ඉදිරිපත් නොවේ. එයට හේතුව රට ප්‍රජාතන්ත්‍රවාදී වුවත්, "විනය කඩ කිරීම " යන්න දරුවන් යහ මගට ගැනීමේ ඖෂධයක් ලෙස සේම ඔවුන්ගේ හඬ යටපත් කිරීමේ අවියක් ලෙස වැරදි ලෙස භාවිතා කිරීම විසින් ඔවුන් පාගාගෙන ඇති නිසා ඔවුන්ගේ හඬ සදහටම යටපත් වී ඇති හෙයිනි. එවන් අවස්ථාවල දෙමාපියන් පවා කරකියා ගත දෙයක් නොමැතිව කරබාගෙන සිටිනවා හැර විකල්පයක් නැති බව දන්න නිසා නිහඬ විය.

නමුත් මෙම සිසුවිය අන් අය මෙන් නිහඬ වීමට ප්‍රතික්ෂේප කලාය. මෙතරම් සමාජ ආන්දෝලනයක් ඇති කිරීමට ඇය සමත් වූයේ ඒ අවිහිංසාවාදී නැගිටීම නිසාය.

මෙය සමාජයක් ලෙස කියවා ගත යුතුයයි අපට හැඟෙන අදහස මෙසේය: ඇයට සම්මානය ලැබීමට සුදුසුද, ඇය පාසලට අවනම්බු කලේද නැද්ද යන්න නොව, ඇය තමා විශ්වාස කල මතය වෙනුවෙන් ඉතාම විශ්වාසයෙන්, අවිහිංසාවාදීව තම මතය සමාජය ඉදිරියේ සෘජුව ප්‍රකාශ කළාය. ඒ කොන්ද පණ ඇති බවය ඒ හරහා ඇය විසින් සමාජයට නිකුත් කල " සමස්ථ ශ්‍රී ලාංකීය දරුපරපුරේ කිසිවෙකුටත් අසාධාරණයක් සිදු නොවීමට වැඩිහිටියන් වන ඔබ වගකීම් සහගත වන්න " යන කාරුණික ආයාචනයයි. ඇය ඉතාම සංයමයෙන් ඇගේ විශ්වාස කළ අදහස සමජය හමුවේ තැබුවා පමණි. එය ඒ අකාරයෙන් කියවා ගන්නට සැමට හැකි වී නම් ඇයගේ ක්‍රියාකලාපය සෘණාත්මක ලෙස විවේචනයට ලක් නොවනු ඇත. එසේම එවන් කොන්දක් සහිත සිසුවියක් බිහකිරීම පිලිබද පාසලට පවා ආඩම්බර වීමට හැකි වනු ඇත. ඇත්තටම එවන් පෞරෂයක් ඇති සිසුවියන් බිහිකරන තැනක් ලෙස විද්‍යාලට ඇය ආඩම්බරයක් එක් කලාය.

අවසාන වශයෙන් මෙහි අදහස වන්නෙ ලාංකීය ගුරු ප්‍රජාව දරුවන් මානසිකව වට්ටන අසාධාරණයට ලක් කරන පිරිසක් ලෙස හුවා දැක්වීමක් නොව. කවුරුන් හෝ එසේ සිතුවොත් එයද නැවත වරක් හඳ පෙන්නූ විට ඇගිල්ල දෙස බැලුවා හා සමානම වේ. පාසල් පද්ධතීය තුළ දරුවන්ගේ මුළු ජීවිතය සාර්ථකත්වයේ හිනිපෙත්තටම රැගෙන යන දෙමාපියන් හෝ සමහර අවස්ථාවල ඊටත් එහා ගිය ගුරු විදුහල්පතිවරුන් එමට සිටී. ඔවුන් සියලු දෙනාටම ලාංකීය දරු පරපුරේ සිත් තුළ අප්‍රමාණ ගෞරවයක් හා ආදරයක් ඇත. නමුත් ඒ අතර සමහර තැනෙක ඔවුන්ගේ ජීවිත බරපතල අසාධාරණයන්ට ලක්වන අවස්ථා පවතින බව ප්‍රසිද්ධ රහසකි. එනිසා මේ සිසුවියගේ පණිවිඩය ඉතා පැහැදිලිය. ඇගේ හඬ හුදකලා සිදුවීමක් ලෙස සලකා ඇයට සම්මනයක් නොලැබීම නිසා ඇති වූ හිත් වේදනාවට කල කතාවක් ලෙස කියවා ගැනීමට එහා ගොස් ඇගේ හඬ අවදි කිරීම තුල නොකියා කිවූ පණිවිඩය : " වැඩිහිටයනි, පාසල් දරුවන් වන අපට අසාධා‍රණයක් වන්නට නොදී ආරක්ශා කර ගන්න " යන අහිංසක පණිවිඩය සමාජයක් ලෙස කියවා ගනිමු.

හදවත් රෝගයෙන් මිදීමටත් ඇතිවීමට ඇති අවධානම වලක්වා ගැනීමටත් කැමතී නම් පහත ක්‍රම වේදය අකමැත්තෙන් හෝ පුරුදු වන්න. ඔබගේ වටිනා...
22/12/2025

හදවත් රෝගයෙන් මිදීමටත් ඇතිවීමට ඇති අවධානම වලක්වා ගැනීමටත් කැමතී නම් පහත ක්‍රම වේදය අකමැත්තෙන් හෝ පුරුදු වන්න. ඔබගේ වටිනා ජීවිතය ආරක්ෂා වනු ඇත.

මෙම පානයන් ගැනීමට පෙර රුධිර වාර්ථාවක් ලබා ගන්න.

💢01.පානය
අරමුණ :හදවතේ රුධිර නාල වල කොලෙස්ටරෝල් ඉවත් කිරීමට

සියලුම Process foods නවත්වන්න. ස්වභාවික ආහාර පමණක් ගන්න. ශාකමය ආහාර වැඩිපුර ගන්න.
පානය :
අවශ්‍ය ද්‍රව්‍ය : සුදු ලූණු , ඉඟුරු , ලෙමන් ,
සුදු ළූණු බික් 5 ක් 6 ක් ගන්න. අඟලක් දිග පොත්ත හැර ගත් ඉඟුරු කැබැල්ලක්,
ක්‍රමය :
ඉඟුරු සහ සුදු ළූණු හොඳින් අඹරා වතුර ලීටර් 1 ට මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය විනාඩි 5-7 ක් පමණ නටවන්න. කාමර උෂ්ණත්වයට එනතුරු තබන්න. ඉන්පසු එයට සම්පූර්ණ ලෙම්න ගෙඩිය යුෂ එකතු කරන්න.
වීදුරු බඳුනක බහා ශීතකරණයක ගබඩා කර තබන්න.
භාවිතයට උපදෙස් :
දිනපතා උදෑසන හිස්බඩ 50 ml ක් බොන්න. එපමණයි

💢02 පානය
කොලෙස්ටරෝල් සහ සිරුරේ සීනි පාලනයට:
පානය : උළුහාල් වතුර
තේ හැඳි 1 ක් හෝ 2 ක් රාත්‍රී කාලයේ මද රස්නය වතුරට දමා උළුහාල් ඇට පෙරා උදෑසන හිස්බඩ පානය කරන්න. ඉතිරි වූ උළු හාල් ඇට දවස පුරා විටින් විට ආහාරයට ගැනීම වඩා ප්‍රතිඵල දායක වේ.

💢03 පානය
හදවතේ නිරෝගීභාවය සහ රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනය / ආහාර මාර්ගයේ නිරෝගීභාවය මගින් සෙසු රෝග ඇති වීමද බොහෝ පාලනය වේ.
පානය :
ත්‍රිඵලා Power form
භාවිතය : රාත්‍රී නින්දට පෙර තේ හැඳි භාගයක් වතුර සමග පානය කරන්න.
( විශේශ අපහසුවක් ( බඩ බුරුල් වීමක් ) ඇති නොවී නම් රාත්‍රියට එක තේ හැන්දක් සහ උදෑසන එක තේ හැන්දක් බැගින් ගැනීම වඩා හොඳය)

💢04 පානය
රුධිර නාලව Elasticity එක වැඩි කිරීම මගින් රුධිර පීඩනය පාලනය කිරීම , හෘද්‍යාබාධ සඳහා හේතුවන inflammation තත්තවය පාලනය කිරීමට :
පානය : උණුසුම් වතුර වීදුරුවකට කහ කුඩු තේ හැඳි 1/4 ක් සහ ඇඟිලි දෙකට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කර නින්දට පෙර පානය කරන්න.

💢05 පානය
අර්ජුනා Powder
අර්ජුනා Powde තේ හැන්දක් මද උණුසුම් ජලය වීදුරුවකට දමා මද ගින්නෙ විනාඩි 3-5 ක් පමණ රත් කර නිවා පානය කරන්න. මෙය උදේ හිස්බඩ පානය කල යුතුය.

මෙම පාන පහ එක පානය සතිය බැගින් පානය කරන්න. උදා හරණයක් මෙම 1 පානය සතියක් 2 පානය සතියක් ලෙස 5 වන පානය ගත් පසු නැවත් පෙර පරිදි එකේ සිට ආරම්භ කරන්න.

👉සැ.යු. : හිමොෆීලීයාව ඇති අය සුදු ළූණු සහිත පානය භාවිතා නොකරන්න. පිත්තාශයේ ගල් ඇති අය කහ භාවිත පානය වලකින්න.

✌️මෙම පානය දිනපතා ගැනීමෙන් හා නිවැරදි ආහාර රටාව අනුගමනය කිරීමෙන් හදවත් රෝග ඇතිවීමෙ අවධානම වලක්වා ගන්න.

💗දැනටමත් හෘදරෝගයකින් පෙළෙන්නේ නම්
මෙම ක්‍රියාවට දින 50 ක් කරන්න. දින 50 අවසානයේ නැවත රුධිර වාර්ථාවක් ලබා ගෙන සංසන්ඳනය කර බලන්න අමතක නොකරන්න. එසේ ම ඔවුන් පහත link එකෙන් මෙම කාලය තුළ ඔබට ගත හැකි ආහාර හා වැලකිය යුතු ආහාර ගැන විස්තර Download කරගන්න.
https://drive.google.com/file/d/1IiRB3AhcijibEFxaKK4DoqVU32O3asyr/view?usp=sharing

තෙරුවන් සරණයි. !
කිසිදාක හදවත් රෝගය නිසා ඔබගේ ජීවිතයට හානියක් නොවේවා !

ආයුර්වේද මූලාශ්‍ර ඇසුරෙනි.
Lanka Yoqi Organization

නොමිලේ පැවැත්වෙන එක්දින යෝගා වැඩමුළුව.උඳුවප් පොහොය දා නුගේගොඩ , පාගොඩ පාරේ විද්‍යා විජය ආරාමයේදී උදෑසන 9.00-12.00 දක්වා.
26/11/2025

නොමිලේ පැවැත්වෙන එක්දින යෝගා වැඩමුළුව.
උඳුවප් පොහොය දා නුගේගොඩ , පාගොඩ පාරේ විද්‍යා විජය ආරාමයේදී උදෑසන 9.00-12.00 දක්වා.

21/10/2025

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Anusha Karunarathna, Nilusha Silva, Ratna Sri Rangana Prasad

Yo-Qi පුහුණුව තුළින් ඔබට,🔻 හුස්ම අභ්‍යාස මගින් සොබා දහමෙන් ඔබ අවශෝෂණය කරගන්නා ප්‍රාණ ශක්තිය බලවත් කරගැනීමෙන් දහසකුත් රෝග...
15/10/2025

Yo-Qi පුහුණුව තුළින් ඔබට,
🔻 හුස්ම අභ්‍යාස මගින් සොබා දහමෙන් ඔබ අවශෝෂණය කරගන්නා ප්‍රාණ ශක්තිය බලවත් කරගැනීමෙන් දහසකුත් රෝග සුවපත් කරගන්නා විද්‍යාත්මක ක්‍රමවේද
🔻 මනෝවිද්‍යාත්මක උපදේශනය සමගින් අධ්‍යාපන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමේ ක්‍රමවේද
🔻 Cancer , Blood pressure , debates , Cholesterol , Heart Attack වැනි භයානක රෝග වලින් ආරක්ෂාව සලසා ගැනීමේ ක්‍රමවේද
🔻 වයස 16 ට වැඩි දරුවන්ගේ මතක ශක්තිය හා අවධානය දුර්වලතා මගහරවා උපරිම ශක්‍යතාවන් ඉස්මතු කරවීම
🔻 වියපත් වීමේ වේගය පාලනය කිරීම සහ කල්පනා ශක්තිය නොනැසී පවත්වා ගන්නා පුහුණුව
🔻 දුර්වල ආර්ථිකය ධනවත් කරගැනීම සදහා විද්‍යාත්ම Yo-Qi low of attraction method.
🔻 ජීවිතය එපා වෙන තරමට ජීවිතයේ රසය ගිලිහී ඇති නම් ඒ ජීවිතයේ රසය නැවත ලගා කරවීමේ පුහුණුව.
🔻 ඕනෑම මනෝ චිකිත්සක රෝගයක් බෙහෙත් වලින් තොරව සුවපත් කරගැනීමේ පුහුණුව

🧭හොරණ Care Pharmacy පළමු මහළ
වේලාව : සඳුදා සවස 5.00 -7.00
🧭රතන්පුර මෙත් සුව වෙද මැදුර ඉහළ මහල
ඉරිදා උදේ 8.00 - 10.00
බ්‍රහස්පතින්දා සවස 6.00-8.00
🧭Online ක්ලාස් සදහා ද අවස්ථාව ඇත. වෙලාවක් වෙන් කර ගැනීමට අමතන්න.
වැඩි විස්තර සදහා
Lanka Yo-Qi Organization (Pvt) Ltd
Sri Lanka.
Whatsapp - 077 480 1617
Web: ✅ www.yoqi.info

Address

Idangoda, Kiriella, Rathnapura

70000

Telephone

+94774801617

Alerts

Be the first to know and let us send you an email when Lanka Yo-Qi Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Lanka Yo-Qi Organization:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram