Uhana - AMOH Office

  • Home
  • Uhana - AMOH Office

Uhana - AMOH Office "Quality indigenous health care services to achieve healthier population by providing quality and reliable indigenous health care service.."

Farewell 2018 - 2025
30/03/2025

Farewell 2018 - 2025

වසර 13ක් නැගෙනහිර පළාත් ආයුර්වේද කොමසාරිස් තනතුර හොබවමින් නැගෙනහිර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් ආයුර්වේද හා...
20/12/2023

වසර 13ක් නැගෙනහිර පළාත් ආයුර්වේද කොමසාරිස් තනතුර හොබවමින් නැගෙනහිර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ශෙත්‍රරයට මහත් සේවාවක් ලබාදෙමින් අම්පාර ආයුර්වේද වෛද්‍ය ආයතනවල මානව සම්පත් හා භෞතික සම්පත් වැඩි දියුණු කරමින් සිදුකරන ලද අවංක රාජ්‍ය සේවය වෙනුවෙන්, වීරගොඩ මහජනතාව , වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ වෛද්‍යවරුන්, උහන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ කාර්ය මණ්ඩය විසින් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ආර්. ශ්‍රීදර් මැතිණියට නිදුක් නීරෝගි සුබ විශ්‍රාම දිවියක් සදහා මෙසේ සුභාශිංශන එක් කරමු.

28/09/2022

ආයුර්වේද ප්‍රතිකාර වලින් පිත්තාශ අශ්මරී සුව කළ හැකිය
+++++++++++

පිත්තාශය යනු ආහාර මාර්ග පද්ධතියේ පිහිටි ඉතා වැදගත් ඉන්ද්‍රියකි. එය ඉංග්‍රීසියෙන් gallbladder නමින් ද වෛද්‍ය විද්‍යාත්මකව cholecyst නමින් ද හැඳින්වේ. අක්මාවෙන් නිපදවන පිත ගබඩා කර තිබෙනුයේ මෙම කුඩා පැසක් වැනි ඉන්ද්‍රිය තුළය. එහි ගබඩා කොට තිබෙන පිත නිසා ආහාරයට පිත්තාශය පිම්බී තිබෙන අතර ආහාරයෙන් පසුව හැකිලී යයි. මෙම පිත මුදාහරින්නේ ග්‍රහණිය නමින් හඳුන්වන කොටසටය. බොහෝ සෙයින්ම මෙම පිත ආහාරයේ තිබෙන මේදය දිරවීම සඳහා උපකාරී වෙයි. පිත්තාශයේ හට ගන්නා රෝගාබාධ අතුරින් අශ්මරී හෙවත් ගල් හටගැනීම gallstones හෙවත් cholelithiasis නමින් හැඳින්වේ. මෙවැනි අශ්මරී අතුරින් 80% ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වන silent gallstones නමින් හැඳින්වේ. එහෙත් සමහර අවස්ථා වලදී රෝගීන් අනවශ්‍ය ලෙස ශල්‍යකර්ම සඳහා යොමු කරන බව පෙනේ. එසේම සමහර රෝගීන් ගේ පිත්තාශය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ද සිදු කෙරේ. සමහර රෝගීන් ශල්‍ය කර්මය නිසා ජීවිත අවදානමට හෝ වෙනත් උපද්‍රව වලට ද ගොදුරු වේ.

අශ්මරී කාලයක් තිස්සේ පිත්තාශයේ රැස්වී පසු කලෙක එනිසාම පිත්තාශය ප්‍රදාහ තත්වයට පත්වීමට ද ඉඩ තිබේ. පිත්තාශයේ හට ගන්නා මෙම අශ්මරී එහි නාලය අවහිර කරන විට ඇතිවන අධික වේදනාව පිත්තජ ශූලය (biliary colic) නමින් හැඳින්වේ. එය අනින්නාක් බඳු වේදනාවකි. මේ වේදනාව උදරය මැද කොටසේ හෝ දකුණු පස ඉහළ කොටසේ ආරම්භ වී දකුණු උරහිස් දක්වා පැතිරෙන වේදනාව, උරපතු අතර වේදනාව, දක්වා වර්ධනය වේ. මෙම වේදනාව පවතින කාලය, එහි ව්‍යාප්තිය, එය වැඩිවීමට බලපාන හේතු ආදී කරුණු ඔස්සේ රෝගය නිගමනය කිරීමට උපකාරයක් ලැබේ. පිත්තාශයේ පවතින අශ්මරී වල ප්‍රමාණය ගැන නිශ්චිතව දැනගනීමට නම් ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වේ. මෙම අශ්මරී නිසා පිත්තාශ ප්‍රදාහය ඇති වුව හොත් අධික උණ, වෙව්ලීම, වමනය, සමේ කැසීම, කහ පැහැය, ඇස් කහපැහැ වීම ආදී ලක්ෂණ ඇතිවේ. එහෙත් පිත්තාශයේ ආසාදන නිසා ඇතිවන ප්‍රදාහ (cholecystitis), අග්න්‍යාශ ප්‍රදාහ (pancreatitis), උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (apendicitis) වැනි රෝග වලින් ද මෙම තත්වය වෙන් කර ගත යුතුය.

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව පිත්තාශ අශ්මරී ප්‍රධාන වර්ග 8 කට බෙදා දක්වයි. ඒවා නම් cholesterol stones, pigment stones, calcium carbonate stones, phosphate stones, calcium stearate stones, protein stones, cystine stones සහ mixed stones යනුවෙන් නම් කළ හැකිය. සාමාන්‍යයෙන් 80% ක් පමණ අශ්මරී කොලෙස්ටරෝල් වලින් නිර්මිතය. රංග අශ්මරී (pigment stones) වල බෙහෙවින් ඇත්තේ බිලිරුබින් වේ. පිත්තාශ අශ්මරී ඇතිවීම සහ අක්මාවේ කොලේස්ටරෝල් පරිවෘත්තීය අතර සම්බන්ධයක් තිබෙන බව පෙනේ. පිත්ත යුෂයේ කොලෙස්ටරෝල් හෝ බිලිරුබින් ප්‍රමාණය වැඩි වීම නිසා මෙවැනි අශ්මරී නිර්මාණය වන බව සොයාගෙන තිබේ. ඒ අනුව පිත්තාශ අශ්මරිය වෙනත් රෝගයක ලක්ෂණයක් වීමට ද ඉඩ තිබේ. ආයුර්වේද ප්‍රතිකාර වලදී එම අශ්මරී වර්ග ප්‍රධාන වශයෙන් වාතජ, පිත්තජ, කඵජ, ත්‍රිදෝෂජ යන වර්ගීකරණයට අනුව සලකා බැලේ. එසේම වාතරක්ත රෝගයේ ප්‍රතිඵලයක් ලෙස ද මෙවැනි අශ්මරී ඇති වන බව මගේ අත්දැකීමයි. එම අශ්මරී වල සංයුතිය අනුව ඒවා දිය වීමට යෙදිය යුතු ප්‍රතිකාර මෙන්ම කාලය ද තීරණය වේ. සමහර අශ්මරී වර්ග පහසුවෙන් දිය නොවේ.

ආයුර්වේදය අනුව පිත්තාශ අශ්මරී යනු පිත්ත විකෘතියකි. බොහෝ පිත්තාශ අශ්මරී රෝගීන් හට අම්ලපිත්ත රෝග ලක්ෂණ ද බහුලව දක්නට ලැබේ. පිත්ත දෝෂයේ විකෘතිය නිසා ඇතිවන බොහෝ රෝග ලක්ෂණ එක හා සමාන නිසා එවැනි රෝගීන් ප්‍රවේශමෙන් රෝග නිර්ණයට බඳුන් කළ යුතුය. එසේම සමහර පිත්තාශ අශ්මරී රෝගීන් ගේ ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීමේ ප්‍රවණතාවක් ද ඇති බව අත්දැකීමෙන් පෙනේ. එසේම සමහර විටෙක වකුගඩු වල ඇති වන අශ්මරී ද පිත්තාශ අශ්මරී රෝගය ද එකවිට තිබෙන රෝගීන් ද අපට හමුවේ. මෙවැනි රෝගීන් ගේ අශ්මරී ඇතිවීමේ රෝග හේතුව පොදු හේතුවක් ලෙස සලකා ප්‍රතිකාර කළ හැකිය. කෙසේ වෙතත් පිත්තාශ අශ්මරී රෝගය බරපතල වීමට පෙර මුල් අවස්ථා වලදී ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකිය. එවැනි අශ්මරි ඉවත් කිරීමට ශල්‍යකර්ම නිර්දේශ කරන සමහර වෛද්‍යවරු ඒවා ආයුර්වේද ප්‍රතිකාරයෙන් ඉවත් වූ පසු ඒවා ඉබේ සුව වන වර්ගයට අයත් වන බව කීමට තරම් කුහක වේ. එසේ නම් ශල්‍යකර්ම නියම කොට තිබියදී ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන නැවත පරීක්ෂා කළ විට ගල් අතුරුදහන් වන්නේ ස්කෑන් යන්ත්‍රයේ වරදක් නිසා විය යුතුය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව පිත්තාශයේ අශ්මරී ඇතිවීමට හේතුවන ප්‍රධාන හේතු වන්නේ ප්‍රකෘතිය හෙවත් පුද්ගලයා ගේ ප්‍රවේණික හෝ සහජ බලපෑම්, අහිතකර ආහාර පාන සහ ජීවන රටාව නිසා ඇතිවන පරිවෘත්තීය වෙනස් කම් වේ. බොහෝ පිත්තාශ අශ්මරී ඖෂධ ප්‍රතිකාර සහ ආහාර රටාව වෙනස් කිරීම හරහා දියකර හැරීම සිදු කළ හැකිය. එහෙත් සමහර අවස්ථා වලදී ශල්‍ය කර්මයක් මගින් එම අශ්මරී ඉවත් කළ යුතු වේ. මස් මාංශ ආහාර වලට හුරු වූ සහ අධික තරබාරුව සහිත සමහර අයට මෙම අශ්මරී ඇතිවීම නැවත නැවත සිදු වේ. එම නිසා ආහාර පාන සහ ජීවන රටාව වෙනස් කිරීම හරහා මෙම රෝගය වර්ධනය වීම වළක්වා ගැනීමට හැකි බව පර්යේෂණ මගින් ඔප්පු වී තිබේ. ආයුර්වේද ප්‍රතිකාරයේ දී අශ්මරී විදාරණය (lithotrophic), පිත් විරේචනය (cholagogue) සහ අශ්මරී නිර්මාණයට හේතුවන පිතෙහි සංයුතිය වෙනස් කිරීම සඳහා පිත් ශ්‍රාවය වැඩිකිරීම (choleretics) ද සිදු කෙරේ. ඒ අනුව ශල්‍ය කර්මයකින් තොරව පිත්තාශ අශ්මරී රෝගය සුව කර ගත හැකිවේ. ඖෂධ ප්‍රතිකාරය අතරතුර පථ්‍ය ආහාර පාන ද ගත යුතුය.

මෙම රෝගය ඇති විට වයස හා වෙනත් සාධක මත රෝගය අවදානම් සහිත වන බව ද අවධාරණය කළ යුතුය. රෝගියා ගේ වයස අවුරුදු 40 ඉක්මවා ඇති විට මෙන්ම රෝගියට අදාළ පවුලේ ඉතිහාසයක් ඇති විට ද රෝගය බරපතල වීමේ ඉඩකඩ වැඩිය. කාන්තාවක් නම් ගර්භිණීභාවය සහ උපත්පාලන පෙති වර්ග හෝ හෝමෝන ආදේශක ලබා ගන්නේ නම් රෝගයේ අවදානම වැඩි බව පෙනේ. එසේම තරබාරු පුද්ගලයින්, අක්මා සිරෝසියාව, රක්තානුධ්වංසන රක්තහීනතාව, මධුමේහය වැනි රෝග වලදී ද මෙම රෝගයේ සංකූලතා වැඩිය. එවැනි රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට පෙර රෝග පරීක්ෂණ වාර්තා වලින් තිබෙන රෝග තත්වය ගැන නිශ්චිත තහවුරුවක් ලබා ගැනීම සුදුසුය. සමහර විටෙක අශ්මරියේ විශාලත්වය සහ එහි අවහිරතාව ගැන සලකා හදිසි ශල්‍යකර්ම කිරීමට සිදුවන අවස්ථා උදාවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සැමවිටෙකම වෛද්‍යවරයා සලකිලිමත් විය යුත්තේ රෝගියා ගේ ජීවිතාරක්ෂාව ගැනය. එසේම අඩුම සංකූලතා සහිතව රෝගියා සුවපත් කිරීමේ වෘත්තීය සදාචාරයක් සෑම වෛද්‍ය ක්‍රමයක්ම සතුය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

අම්පාර වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ දෛනික සායන කටයුතු වලට අමතරව උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර...
30/05/2022

අම්පාර වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ දෛනික සායන කටයුතු වලට අමතරව උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු වලට සම්බන්ධ වීම. #
වෛද්‍ය නිලුකා පෙරේරා සහ රෝහල් කාර්ය මණ්ඩලය විසින් # 2022 අප්‍රේල් මාසයේ - ජංගම සායන, ඩෙංගු ව්‍යාප්තවීම වැලැක්වීමේ දැනුවත් කිරිමේ වැඩසටහන්, ඩෙංගු මදුරුවන් බෝවන ස්තාන මර්දනට උපදෙස් ලබා දීම, ඔසු පැල බෙදා දීම සහ රෝග පාලනය සදහා දේශීය ඖෂධ හා ආහාර ප්‍රවර්ධනය සිදු කරන ලදී.

🍁 # Inflection - 2019 ☘️🌾🌿
21/02/2022

🍁 # Inflection - 2019 ☘️🌾🌿

03/02/2022
01/02/2022

කොත්තමල්ලි බිව්වම දරු ගැබ අහිමි වන කතාව ඇත්තක් ද?
=======================
ගැබිණි මව්වරුන්ට කොත්තමල්ලි පානය අහිතකර ද?
***********************************
ආයුර්වේදීය මතය අනුව කොත්තමල්ලි වල ඖෂධීය ගුණ මොනවාද?
+++++++++++++++++++++++++

කොත්තමල්ලි වලට ආයුර්වේදයේ බහුලව සඳහන් වන නාමය වන්නේ ධාන්‍යක යන්නයි. කොත්තමල්ලි යනු දෙමළ හා මලයාලම් භාෂාව වල භාවිතා වන වචනයකි. සිංහලෙන් මෙය කොතඹුරු යනුවෙන් ගැනේ. එය කුස්තුම්බුරු යන සංස්කෘත පදයෙන් බිඳී ආ වචනයකි. coriander යන ඉංග්‍රීසි පදය 14 වැනි සියවසේ දී පමණ coriandrum යන ලතින් වචනයෙන් සකස් වූ coriandre යන පැරැණි ප්‍රංශ වචනයෙන් තද්භව වී තිබේ. ලතින් වචනයට මුල් වී ඇත්තේ koriannon යන ග්‍රීක් වචනයෙන් බව භාෂාවේදීන් ගේ මතය වේ. එය මකුණන් හඳුන්වන koriandron යන වචනය හා සම්බන්ධ බව ඔවුන් ගේ මතයයි. ඊට හේතුව කොත්තමල්ලි ඇටයේ හැඩය හෝ එහි ගන්ධය බව කියැවේ. Coriandrum sativum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොත්තමල්ලි මැදපෙරදිග සිට ව්‍යාප්ත වී චීනය වැනි රටවල පවා වගා කරන ලෝකයේ බහුලව භාවිතා වන ආහාර රසකාරකයක් හා සම්ප්‍රදායික ඔසුවක් වේ.

කොත්තමල්ලි ඊශ්‍රායලයේ නවශිලා යුගයට අයත් ලෙන් වල හා මැසිඩෝනියාවේ මුල් ලෝකඩ යුගයට අයත් පුරාවිද්‍යාත්මක කැනීම් වලින් විශාල වශයෙන් හමු වී තිබේ. බයිබලයේ නික්මයාම ග්‍රන්ථයේ සඳහන් කොත්තමල්ලි ඊජිප්තුවේ තූතන්කාමන් සොහොන් ගැබේ ද හමු වී තිබේ. ක්‍රි.පූ. 15 වැනි සියවසේ දී පැපිරස් පතුරු මත ලියූ ඊජිප්තු වෛද්‍ය ලේඛන වල කොත්තමල්ලි වල ගුණ දක්වා තිබේ. රුසියාව, උතුරු අප්‍රිකාව, ඉන්දියාව, මධ්‍යම ඇමරිකාව, චීනය ආදී රටවල මහා පරිමාණයෙන් වග කරන කොත්තමල්ලි මෙට්‍රික් ටොන් 300000 ක් වාර්ෂිකව ලෝක වෙළඳපොළට නිකුත් වේ. මෙයින් 25% ක් වග සපයන්නේ ඉන්දියාව විසින් ය. විශේෂයෙන් ම ඖෂධ හා ආහාර වලට අමතරව කොත්තමල්ලි වලින් නිස්සාරණය කරන සගන්ධ තෛල සඳහා හොඳ ඉල්ලුමක් තිබේ. ක්‍රි.පූ. දෙවන සහශ්‍රකයේ සිටම ග්‍රීසියේ කොත්තමල්ලි වගා කළ බවට සාක්ෂි හමුවන අතර හිපොක්‍රටීස් හා ඩයෝස්කොරිඩස් යන අයගේ ලේඛන වල ද දක්නට ලැබේ.

ආයුර්වේද මූල ග්‍රන්ථ වන චරක සංහිතා, සුශෘතසංහිතා, අෂ්ටාංගහෘදය සංහිතා වැනි ග්‍රන්ථ වල හා පසු කාලයේ ලියැවුණු ශාරඞ්ගධර සංහිතා, වංගසේන සංහිතා, චක්‍රදත්ත, භාවප්‍රකාශ වැනි ග්‍රන්ථ වල කොත්තමල්ලි වල ඖෂධීය භාවිතයන් බොහොමයක් අන්තර්ගත වේ. ඊට අමතරව ධන්වන්තරී නිඝණ්ටුව, මදනපාල නිඝණ්ටුව, රාජ නිඝණ්ටුව, ශාලිග්‍රාම නිඝණ්ටුව වැනි ද්‍රව්‍යගුණ සංග්‍රහ වල කොත්තමල්ලි වල ඖෂධීය ගුණ ඉතා හොඳින් විස්තර කර තිබේ. රසයෙන් කෂාය, තික්ත, මධුර හා කටුක ලෙසත් ගුණයෙන් ලඝු හා ස්නිග්ධ ලෙසත්, වීර්යෙන් උෂ්ණ ලෙසත් විපාකයෙන් මධුර ලෙසත් සඳහන් වේ. වා, පිත්, සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි විශේෂයෙන් පිත්තදෝෂ ශාමක වේ. එබඳු ගුණ සහිත කොත්තමල්ලි වල ගර්භනාශක හෝ ගර්භාපාතන ක්‍රියාවක් ඇති බවට ආයුර්වේද ග්‍රන්ථයන් හි සඳහන් නොවේ. එය ගැබිණි සමයේ දී දෙන ඖෂධ වල ද අන්තර්ගතය. එනිසා කිසිම අවස්ථාවක කොත්තමල්ලි නිසි ලෙස පානය කිරීම ගැබිණි සමයේදී අහිතකර නොවේ.

කොත්තමල්ලි වල අන්තර්ගත වාෂ්පශීලී තෛල ප්‍රතිශතය 1% කි. එහි ගන්ධය ඇතිවන්නේ d-linalool නම් මද්‍යසාරය නිසාය. අමතරව d-α-pinene, β-pinene, α-terpinene, geraniol, geranyl acetate, borneol, decylaldehyde, කපුරු සහ ඇසිටික් අම්ලය මෙම තෛලයේ අන්තර්ගත වේ. මෙම තෛලය ලෝකයේ ඉහළින්ම ඇති සගන්ධ තෛල වලින් එකකි. එසේම මෙම බීජ වල linalool නම් තෛලය 60%–80% ක් අඩංගු වේ. ඊට අමතරව petroselenic, caffeic, ferulic, gallic, chlorogenic acids අම්ල, ග්ලයිකොසයිඩ් වර්ග, 2E-decenal, decanal, 2E-decen-1-ol, සහ decanol යන මද්‍යසාර අඩංගුය. සාමන්‍යයෙන් කොත්තමල්ලි තෙල් කිලෝග්රෑම් එකකට මිලිග්‍රෑම් 0.0714 ක් දක්වා පරිභෝජනය කිරීම ආරක්ෂිතය. කොත්තමල්ලි සාමාන්‍යයෙන් ආරක්‍ෂිත ලෙස පිළිගත් (generally recognized as safe) කුළුබඩුවක් ලෙස ඇමරිකානු ඖෂධ හා ආහාර අධිකාරිය GRAS කාණ්ඩය යටතේ පිළිගෙන තිබේ. එහි කිසිදු ආකාරයක විෂ සහිත සංඝටක හෝ පිළිකාකාරක සංයෝග අඩංගු නොවන බවත් පෙන්වා දී තිබේ.

1925 දී පළවූ Sinhalese Materia Medica නම් ග්‍රන්ථය ලියූ දොස්තර ජෝන් ආටිගල මහතා කියන්නේ සමහර ගම්වල දුප්පත් මව්වරුන් සිය බිලිඳුන්ට මව්කිරි හෝ එළකිරි නොදී කොත්තමල්ලි වතුර දී පෝෂණය කරන බවය. බොහෝ දෙනා සැහැල්ලුවෙන් සැලකුවද කොත්තමල්ලී සතුව සුවිශේෂ ගුණාංග අතර ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණය පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව ඇත. ඒ අනුව මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාර පරිපූරකය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි. සමහරවිට මාස 6-7 ක කාලයක් ම කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පණ ගැටගසාගත් ළදරුවෝ කෘත්‍රිම ළදරු ආහාර පරිපූරක නොවූ ඒ කාලයේ අතීත ගම්වල විසූහ. ඔවුන් ද මව්කිරි හෝ එළකිරි බිව් දරුවන් හා එකට නිරෝගීව වැඩුණු අතර වැඩිහිටියන් ලෙස සමාජය තුළ ශ්‍රම බලකායේ සක්‍රිය දායකත්වය දුන්නෝය.

ආයුර්වේදයට අනුව කොත්තමල්ලි වල මස්තිෂ්ක බලකාරක ගුණය නිසා මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීමටද ඊට හැකියාවක් ඇත. අක්මාවේ ක්‍රියාව නිසි පරිදි පවත්වාගැනීමට ද එය පිළිසකර කිරීමට ද කොත්තමල්ලි වලින් සහයක් ලැබේ. විශේෂයෙන් ම පිත් කෝපය හා සිරුරේ උෂ්ණාධික බව නිසා ඇති වන මුත්‍රා දැවිල්ල හා ආසාදන වෙතොත් ඒවා සමනය කිරීමට ද කොත්තමල්ලි තම්බා පානය කිරීම මෙන්ම කොත්තමල්ලි රාත්‍රියට වතුරේ දමා උදෑසන පානය කිරීම සුදුසු ය. කුඩා දරුවන් ගේ සිට මහල්ලන් දක්වා අජිර්ණ, අතීසාර, පාචන අවස්ථා වලදී කොත්තමල්ලි කබලේ බැද තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද කොත්තමල්ලි තම්බා පාවිච්චි කිරීමෙන් එදිනෙදා වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යා, ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස යෝග්‍ය වේ.

කොත්තමල්ලි වල තිබෙන පිත් සමන ගුණය නිසා ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වල කොත්තමල්ලි වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසු අතර අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනය සලසා ගත හැකිය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකිය. විශේෂයෙන්ම පිපාසය දුරු කරන මහඟු ඔසුවක් වන ලෙස කොත්තමල්ලි හෘදයට හිතකර පානයකි. ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙන කොත්තමල්ලි පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. අධිරුධිර පීඩනය අඩු කිරීමට මෙන්ම රුධිරයේ විෂ ඉවත් කිරීමට ද කොත්තමල්ලි වලට හැකියාවක් තිබේ.

කොත්තමල්ලි ගැබිණි මාතාවන් පළමු තුන්මස තුළ භාවිතයෙන් වැළකිය යුතු යැයි යන මතය වෛද්‍යමය හේතුවක් තිබේ ද යන්න සොයා බලමු. මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ කොත්තමල්ලි වලින් ගැබ් ගැනීම වළක්වන හෝ ගැබ ස්ථාපනය වීම වළක්වන හැකියාවක් ඇති බවයි. එහෙත් විද්‍යාගාර මීයන් සම්බන්ධයෙන් කරන ලද එක පර්යේෂණයක් නිසා එහි ප්‍රතිඵල මිනිසුන්ට සාධාරණ යැයි කිසිදු තර්කයක් ගොඩනැගිය නොහැකිය. එසේම මිනිසුන් ගේ ජීවන රටාව හා ආහාරපාන සමඟ සිරුර තුළ කොත්තමල්ලි ක්‍රියාකරන ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස් ය. එසේ වුවත් කොත්තමල්ලි තම්බා බීමෙන් ගැබිණි මව්වරුන් ගේ දරු ගැබට හානියක් සිදුවෙතැයි ප්‍රකාශ කිරීම සමාජය බියගැන්වීමක් බඳුය. ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැතිව සමාජයට වැරැදි පණිවුඩයක් දීමෙන් සිදුවන්නේ කොත්තමල්ලි වලට එරෙහි පදනම් විරහිත ප්‍රචාර වලට තටු ලැබීම පමණි.

කොත්තමල්ලි ගැන මෑත කාලයේදී කරනු ලැබූ විද්‍යාත්මක පර්යේෂණ වලින් එහි ඇති සෞඛ්‍යමය හා වෛද්‍යමය ප්‍රතිලාභ වලට ඉතා වටිනා සහයක් ලැබී තිබේ. නවීන පර්යේෂණ අනුව කොත්තමල්ලි නිස්සාරණය අන්ත්‍රයේ ස්වාභාවික ක්ෂුද්‍රජීවින්ට හානි නොකොට Escherichia coli ආසාදන පාලනය කරන බව පෙනී ගොස් තිබේ. එසේම දියවැඩියාව මුල් අවස්ථාවේ දී රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට ද උපකාරී වන අතර අධික තරබාරුව මෙල්ල කිරීමට යම් බලපෑමක් ඇති කරන බව ද සොයාගෙන ඇත. විශේෂයෙන්ම ස්නායු ක්‍රියාකාරීත්වය වඩා ශක්තිමත් කරන කොත්තමල්ලි මතක ශක්තිය වැඩි කරන, සංජානනය දියුණු කරන, කාංසාව නැති කරන, ඇල්සයිමර් රෝග ලක්ෂණ පාලනය කරන මහඟු ඔසුවක් ලෙස විද්‍යාත්මක සාක්ෂි වලින් ඉදිරියට ගොස් තිබේ, එසේම ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය දියුණු කරන ඔසුවක් ලෙස අනාදිමත් කාලයක පටන් මහජන විශ්වාසය දිනාගෙන තිබේ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

උහන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පී.එන්. නිලුකා පෙරේරා මහත්මිය සහ වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල එක්ව සංවිධාන...
22/01/2022

උහන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පී.එන්. නිලුකා පෙරේරා මහත්මිය සහ වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල එක්ව සංවිධානය කරනු ලබන ජංගම වෛද්‍ය සායන වැඩසටහන් මාලාවේ තවත් ජංගම සායනයක් අම්පාර රජගම ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ දී ඉතා සාර්ථකව සිදුකරන ලදී. # සංවිධාන සහාය - රෝහල් කාර්ය මණ්ඩලය සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ/බහුකාර්ය සංවර්ධන බලකා පුහුණු නිලධාරින්.

උහන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පී.එන්.එන්. පෙරේරා මහත්මිය සහ වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල එක්ව සංවිධානය ක...
14/01/2022

උහන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පී.එන්.එන්. පෙරේරා මහත්මිය සහ වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල එක්ව සංවිධානය කරනු ලබන ජංගම වෛද්‍ය සායන වැඩසටහන් මාලාවේ තවත් ජංගම සායනයක් සහ රෝගයන්ගෙන් වැලකීමට නිවැරැදි ආහාර විහරන පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකව අම්පාර කුමාරිගම ප්‍රජා ශාලාවේ දී සිදුකරන ලදී. සංවිධාන සහාය - රෝහල් කාර්ය මණ්ඩලය සහ බහුකාර්ය සංවර්ධන බලකා පුහුණු නිලධාරින්.

උහන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පී.එන්.එන්. පෙරේරා මහත්මිය සහ වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල එක්ව සංවිධානය ක...
12/01/2022

උහන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පී.එන්.එන්. පෙරේරා මහත්මිය සහ වීරගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල එක්ව සංවිධානය කරනු ලබන ජංගම සායන වැඩසටහන් මාලාවේ තවත් එක් සායනයක් ඉතා සාර්ථකව අම්පාර රුහුණුගම විහාරස්ථානයේදි සිදුකරන ලදී. සංවිධාන සහාය - රෝහල් කාර්ය මණ්ඩලය සහ බහුකාර්ය සංවර්ධන බලකා පුහුණු නිලධාරින්.

Address

District Ayurveda Hospital - Weeragoda , Ampara

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 11:45

Telephone

+94772054359

Website

Alerts

Be the first to know and let us send you an email when Uhana - AMOH Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uhana - AMOH Office:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram