Ayur Medicare by Dr.Nisansala De silva

Ayur Medicare by Dr.Nisansala De silva Be comfortable with nature

💔Broken Heart Syndrome💔 (පපුව  පැලිම    ගැන   දැන   ගන්න)✅✅✅🔅සාමාන්‍ය ව්‍යවහරයේ සමහර අය "පපුව පැලෙයි" ලෙස පවසනවා ඔබ අසා ...
01/10/2023

💔Broken Heart Syndrome💔 (පපුව පැලිම ගැන දැන ගන්න)✅✅✅

🔅සාමාන්‍ය ව්‍යවහරයේ සමහර අය "පපුව පැලෙයි" ලෙස පවසනවා ඔබ අසා තිබේද. එය අපගේ ව්‍යවහරට එකතු වූයේ අපේ මුතුන් මිත්තන් මෙම රෝග තත්වය පිලිබද අවුරුදු සිය ගණනකට පෙර දැන සිටීම නිසා විය හැක

🔅 Broken Heart Syndrome එහෙමත් නැතිනම් Takotsubo Syndrome ලෙස හදුන්වන මෙම රෝගී තත්වය ඇති වන්නේ ඔබ යම්කිසි මානසික හෝ ශරීරික පීඩනයකට මුහුණ දුන් අවස්ථාවලදීය.

🫀හදවතට මොකද වෙන්නේ ?

🔅මෙහිදී පීඩනයේ ප්‍රතිපලයක් ලෙස ඔබේ හදවතේ මාංශපේශී වල තාවකාලික දුර්වල වීමක් සිදුවේ. එම නිසා හදවතේ සමහර කොටස් වල හැඩයේ වෙනස් වීමක් සිදුවේ.

🫀ඇතිවෙන්න පුලුවන් හේතු මොනවද ?

🔅ඔබේ සිතට ඇතිවන ඕනෑම දරුණු පීඩනයක් නිසා, (ප්‍රියයෙකුගේ වෙන්වීම, ආදර සම්බන්ධතා නැතිවීම, රැකියාව, මුදල් නැතිවීම)
🔅ඔබේ ශරීරයට ඇතුවන ඕනෑම දරුණු පීඩනයක් නිසා, (දරුණු වේදනාව, දුර දිවීම, ශල්‍ය කර්මයන්)
🔅මෙය බොහෝලෙස මැදි වයසේ කාන්තාවන්ට ඇතිවිය හැක.

🫀හදුනාගන්නේ කොහොමද ?

🔅මානසික පීඩනයකට විනාඩි ගණනකට - පැය ගණනකට පසු ඇති වන පපුවේ වේදනාව
🔅දහඩිය දැමීම
🔅හුස්ම හිරවීම
🔅වමනය
🔅පපුවේ ගැස්ම ඔබට දැනීම
🔅රුධිර පීඩනය අඩු වීම

🫀මොකද කරන්න ඕනේ ?

🔅සම්පූර්ණයෙන්ම සුව කල හැකි තත්වයක් වුවත් වෛද්‍ය උපකාර අවශ්‍ය වේ. එම නිසා ඔබට දරුණු පීඩනයකට පසු මෙම රෝග ලක්ෂණ ඇති උනොත් ඉක්මනින් රෝහල් ගතවන්න.

🔅ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම සුව කල හැක.

🔯 කායික රොග පිලිබද විශේෂඥ වෛද්ය Dr Laknath Welagedara මහතාගේ ලිපියකි,

කලින් මේ පින්තුරය දැක්කම.... ඒකෙ තේරුම තේරුනේ නෑ... . කුඩා සිදුරකින් සර්පයෙකුගේ වලිගයක් එළියට එනු පූසා දැක ඇති අතර එය මී...
20/09/2023

කලින් මේ පින්තුරය දැක්කම.... ඒකෙ තේරුම තේරුනේ නෑ... .

කුඩා සිදුරකින් සර්පයෙකුගේ වලිගයක් එළියට එනු පූසා දැක ඇති අතර එය මීයාගේ වලිගය යැයි සිතා බළලාට එය ඇදගෙන එළියට එන තෙක් උසුළු විසුළු කිරීමට අවශ්‍ය වූ බව පෙනේ.

එතකොටයි මට තේරුනේ... මේ ෆොටෝ එක සුප්‍රසිද්ධ ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වන Marco Melgrati ගේ නිර්මාණයක්,

ඔහුගේ සිතුවමේ තේරුම: "ඔබ කිසි විටෙකත් අවදානම නොදැන, ඔබ සෙල්ලම් කරන්නේ කවුරුන් සමඟදැයි නොදන්නේ ය, මන්ද අපි නොදැනුවත්කම, ප්‍රදර්ශනය කිරීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ඉක්මන් විසඳුම් යනාදිය වැනි අද ගුණාංග වලින් පිරී ඇත."

අද වේගවත් හා කාර්යබහුල ජීවිතය තුළ අපට පෙනෙන්නේ සත්‍යයේ ඉතා කුඩා කොටසක් පමණි.

අනෙක් අය සෞඛ්‍යයෙන් පීඩා විඳින බව අපි සමීපව දුටුවහොත්, ඔවුන්ගේ ජීවිතය අන් අය මත බර පැටවීම, බලාපොරොත්තුව පසුපස හඹා යාම, දින ගණන් කිරීම, සැමරුම් ප්‍රීතියෙන් ඈත් වීම, චමත්කාරයෙන් හා වෘත්තීයභාවයෙන් ඉවත් වීම යනාදිය.

අපි මොකද කරන්නේ ?? අපි සෞඛ්‍ය තත්වයන් මීයාගේ වලිගය ලෙස සලකන අතර බිත්තිය පිටුපස සිටින සැබෑ නාගයා යැයි කිසි විටෙකත් අනුමාන නොකරමු.

ඒ නිසා ඔබේ සෞඛ්‍යයට මුල් තැන දෙන්න.
කිසිවිටෙක ඔබේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා හරින්න එපා.
නාගයාගේ වලිගය මී වලිගය ලෙස සලකා සෙල්ලම් කරන්න එපා.
අවසාන වශයෙන්, ජීවිතය වැදගත් වේ, එබැවින් සෞඛ්යය වැදගත් වේ.

මෙම පින්තූරය මතක තබා ගන්න: ඔබට සම්පූර්ණ පින්තූරය දැකිය නොහැක. ඔබට සම්පූර්ණ පින්තූරය දැකගත හැකි නම්, අපි කුඩා යැයි සිතන දේ ඇත්ත වශයෙන්ම අපට වඩා විශාල බව ඔබට වැටහෙනු ඇත.

එබැවින් අපි ඔබේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන සැලකිලිමත් වී නිරෝගීව සිටිමු.
මෙය බෙදාගැනීමෙන් ඔබට යහපැවැත්ම පිළිබඳ දැනුවත්භාවය ගොඩනඟා ගැනීමට උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

සෞඛ්‍යය මේ යුගයේ නව සුඛෝපභෝගීභාවයයි.

Copied from Dr Rathnayaka Ayush

ඔබගේ කාලීන හා අනෙකුත් රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර Online ක්‍රමය යටතේ ලබා ගැනීමට අමතන්න WhatsApp 00393713989371
08/09/2023

ඔබගේ කාලීන හා අනෙකුත් රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර Online ක්‍රමය යටතේ ලබා ගැනීමට අමතන්න
WhatsApp 00393713989371

🌷තරබාරු බවට ආයුර්වේදයෙන් පිලියම්නවීන ජීවන රටාව හා සම්බන්ධ වන්නා වූ; "බෝ නොවන රෝග"අතරින් වයස් භේදයකින් තොරව හමුවන රෝග තත්...
23/08/2023

🌷තරබාරු බවට ආයුර්වේදයෙන් පිලියම්

නවීන ජීවන රටාව හා සම්බන්ධ වන්නා වූ; "බෝ නොවන රෝග"අතරින් වයස් භේදයකින් තොරව හමුවන රෝග තත්වයක් ලෙස තරබාරු බව හදුනා ගැනීමට හැකිය.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්වය ඇති වන්නේ මේදස් ධාතුවේ වෘද්ධි තත්වයක් හේතු කොටගෙනය.

ව්‍යායාම අඩු වීම හෝ ව්‍යායාම සිදු නොකිරීම,පැණි රස,තෙල් සහිත,සෙම් රෝග ඇති කරන ආහාර අධික ලෙස ආහාරයට ගැනීම,ආහාර ගැනීමෙන් පසු නිදා ගැනීම ;විශේෂයෙන් දිවා කාලයේදී නිදා ගැනීම තරබාරු බවට හේතු වන බව සංහිතාවන්හි සදහන් වේ.

තරබාරු බව විවිධ වූ සංකූලතාවයන්ට මූලික විය හැකි රෝග තත්වයකි.අධික ලෙස දහඩිය දැමීම,දඩිය දුගද වීම,ඉක්මනින් වෙහෙසට පත්වීම ආදී සරල සංකූලතාවයන්ද; අධි රුධිර පීඩනය,දියවැඩියාව,මදසරු භාවය හා හෘද රෝග ආදී සංකීර්ණ රෝග ඇතිවීමටද තරබාරු බව හේතු වේ.

ඔබ තරබාරු බව සදහා ප්‍රථිකාර ලබා ගන්නේ නම් ඔබගේ නිරෝගී බවට හානි නොවන සේ එය සිදු කල යුතුය.විශේෂයෙන් බර අඩු කිරීමේදී අම්ල පිත්ත(gastritis),සන්ධි රෝග,පෝෂණ ඌණතා ආදියට ගොදුරු නොවන සේ සිදු කල යුතුය.

☀ නිරෝගී ලෙස ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට උපදෙස්.

☘ උදෑසන ඔබ පානය කරන කිරි හෝ වෙනත් මෝල්ට් පානයන් සම්පූර්ණයෙන් නතර කර ඒ වෙනුවට කොළ කැද හෝ රණවරා මල් /බෙලි මල්/ඉරමුසු ආදී ඖෂධීය පානයකට හුරු වන්න.

☘ සෑම විටම සමබල ආහාර වේලකට හුරු වන්න.ඔබගේ ආහාර වේලෙහි අඩංගු පිෂ්ඨ කොටස් හැකිතාක් අඩු කර ඒ වෙනුවට එළවලු හා පලා වර්ග එකතු කර ගන්න.

☘ ඉස්සො,දැල්ලන්,කකුළුවන්,මුහුදු බෙල්ලන්, මාංශ වර්ග හා බිත්තර කහ මදය හැකිතරම් අවම ලෙස ආහාරයට ගන්න.

☘ ආහාර පිසින විට සම්පූර්ණ මිටි කිරි පමණක් භාවිතා කිරීමෙන් වළකින්න.එමෙන්ම එක් වරක් භාවතා කල තෙල් නැවත නැවතත් භාවිතා නොකරන්න.මාගරින් හෝ බටර් වර්ග තෙම්පරාදු කිරීම සදහා යොදා ගැනීමෙන් වළකින්න.

☘ රාත්‍රී ආහාරය අවම වශයෙන් නිදා ගැනීමට පැය දෙකකට වත් පෙර ලබා ගන්න.රාත්‍රී ආහරය සදහා සුප් /කොමඩු,පැපොල්/තැම්බූ එළවළු/බත් කැද ආදී සරල ආහාරයකට හුරු වන්න.නමුත් අමු එලවළු යෙදූ සලාද ගැනීමෙන් වළකින්න.

☘ අතරමැදි වේල් සදහා කෙටි කෑම/කෘතිම බීම හා ආහාර වර්ග/චීස් වර්ග /කේක්/බිස්කට් වර්ග භාවිතයෙන් වළකින්න.ඒ වෙනුවට පලතුරු/පලතුරු බීම/තැඹිලි වැනි දෙයක් භාවිතයට හුරු වන්න.

☘ ආහාර ගැනීමෙන් පසු මද උණුසුම් වතුර පානය කරන්න.උදෑසන අවදි වූ විගස මද උණුසුම් වතුර වීදුවක් පානය කරන්න.එමගින් ඔබගේ ශරීරයේ සියළුම පරිවෘතීය ක්‍රිය හොදින් සිදු වේ.

☘ දිනකට පැය භාගයක් වත් ව්‍යායාම/ යෝග සදහා කාලය වෙන් කරන්න.ඔබගේ සන්ධි වලට අහිතකර ලෙස බලපෑ හැකි ව්‍යායාම වල නිරත නොවන්න.(උදා- පඩිපෙල් නැගීම හා බැසීම)

☘ ඔබගේ ශරීරගත මේද මට්ටම අඩු කර ගැනීම සදහා ;

කරපිංචා දළු මිටක්
සූදුරු,කළු දුරු මේස හැදි 01 බැගින්
ගම්මිරිස් තේ හැදි 01
සුදු ලූනු බික් 04

මේ සියල්ල දෙහි ඇඹුලෙන් අඹරා ශීතකරණයේ තබාගෙන දිනපතා උදේ දවල් රාත්‍රී ආහාර සමග තිබ්බටු ගෙඩියක පමණ ප්‍රමාණයක් ආහාරයට ගන්න.

කළු දුරු කුඩු තේ හැදි 01ක් උණු වතුර වීදුරුවකට දමා රැයක් තබා පෙරා උදෑසන හිස් බඩ පානය කරන්න.(බඩ දැවිල්ල තත්වයක් ඇති වුවහොත් භාවිතය නවත්තන්න)

☀️සංකූලතා ඇති නොවන සේ තරබාරු බවින් මිදීමට අවශ්‍ය නම් ඒ සදහා සුදුසු ඖෂධ හා වෙනත් ප්‍රථිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත යොමූවීම අත්‍යාවශ්‍ය වේ.

03/08/2023

ඔබත් ස්නායු තෙරපීම නිසා පීඩාවිදින කෙනෙක්ද ? බෙල්ලේ හෝ පහල කොන්දේ ස්නායු තෙරපීමක් තිබෙන්නේද??? අනිවාර්යයෙන් මෙය කියවන්න.

කොන්දේ අමාරුවට හේතුව සොයා බැලීමේදී කොන්දේ පිටුපස ස්නායු තෙරපීමක් වෙලා කියා වෛද්‍යවරයා කියනවා ඔබ අසා තිබෙන්නේද??? එයට විසදුම ලෙස ශල්‍යකර්මයක් කල යුතුයැයි කියා බොහොවිට අප අසා ඇත.

නමුත් ශල්‍යකර්මයකට නොයා මෙම තත්වය පාලනය කල හැකිද?

✅ කොන්දේ ස්නායු තෙරපීමක් සිදුවන්නේ කෙසේද ?

සරලවම කිවහොත් අපගේ කොදුඇට පෙල සෑදී ඇත්තේ කශේරුකා වලිනි. මෙම කශේරුකා අතර පීඩනය අවශෝෂණය කර ගැනීමට අන්තර් කශේරුක තැටි(ජෙලි වැනි ව්‍යූහයන්) පිහිටා ඇත. අධික වික්‍රියා බලයක්, අනතුරකින්, කොන්දට ඉතා දැඩි පීඩනයක් එල්ල වීමෙන්, අධික බර එසවීම වැනි ක්‍රියාකාරකම් වලට පසුකාලීනව වයසත් සමග කශේරුකා වල සිදුවන පිරිහීම හේතුවෙන් මෙම අන්තර් කශේරුකා තැටි ඉදිරියට හෝ පිටුපසට ලිස්සා යෑම සිදුවේ. එසේ ලිස්සා යෑමෙන් කොදුඇට පෙලේ ස්නායුවක් සම්පීඩනය විය හැකිය. බොහෝ කොන්දේ වේදනාවට පාදක වන්නේ මෙම හේතුවය.

✅ කොන්දේ ස්නායු තෙරපීමක ලක්ෂණ

සාමාන්‍යයෙන් අන්තර් කශේරුකා තැටිය ස්නායු තෙරපීමක් සිදුවුවහොත් පහල කොන්දේ හෝ බෙල්ලේ වේදනාව, කකුලේ හෝ අතෙහි වේදනාව, දුර්වලතාවය, හිරි වැටීම වැනි රෝග ලක්ෂණ ඇතුළත් විය හැකිය.

1) Lumbar herniated disc symptoms (පහළ පිටුපස) තෙරපීමක රෝග ලක්ෂණ:

🔹 මධ්‍යස්ථව හෝ අඛණ්ඩ පහල කොන්දේ වේදනාව (මෙය චලනය, කැස්ස, කිවිසුම් යාම හෝ දිගු කාලයක් සිටගෙන සිටීම මගින් වඩාත් නරක අතට හැරිය හැක

🔹පිටුපස මාංශ පේශි වල තද ස්වභාවය

🔹වේදනාව පිටුපසට හෝ කකුලට ආසන්නයෙන් ආරම්භ වී කකුලෙන් බත්කෙන්ඩට හෝ පාදයට යොමුවීම
(මෙය “sciatica” වන අතර එහි අර්ථය වන්නේ පහළ පිටුපස හා කකුල් හරහා ගමන්කරන විශාල sciatic ස්නායුව මත පීඩනය යෙදීමයි.

🔹කකුල් වල මාංශ පේශි දුර්වල වීම

🔹කකුලේ හෝ පාදයේ හිරිවැටීම

2) Cervical herniated disc symptoms බෙල්ලේ ස්නායු තෙරපීමක රෝග ලක්ෂණ:

🔹තියුණු විය හැකි බෙල්ලේ හා උරහිස් තල අතර මාංශ පේශි වේදනාව

🔹දෑත් පහළට විහිදෙන වේදනාව

🔹මාංශ පේශි කැක්කුම

🔹අත්, අත් හෝ ඇඟිලිවල හිරිවැටීම, හිරි වැටීම හෝ දුර්වල වීම

🔹මාංශ පේශි ශක්තිය ක්ෂය වීම

කෙසේ නමුත් මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ,

ස්නායු තෙරපීමේ ප්‍රතිශතය, ප්‍රමාණය හා පිහිටීම, පුද්ගලයෙකුගේ බර හෝ යෝග්‍යතාවය සහ වෙනත් සාධක මත පදනම්ව මෙය වෙනස් විය හැකිය.

✅ සමහර විට මෙම තෙරපීමෙන් සුසුම්නාවද තෙරපිය හැකිය(Spinal cord compression) එසේ වුවහොත් මෙම ලක්ෂණ ඉස්මතු විය හැකිය.

🔹 ඇවිදීමේ අපහසුතාව

🔹සමබරතා ගැටළු

🔹බොත්තම් දැමීම, අත් අකුරු ලිවීම හෝ කුඩා වස්තූන් අල්ලාගැනීම වැනි සියුම් කුසලතා වල දුෂ්කරතා

🔹අත හෝ කකුලේ දුර්වලතාවය, කැක්කුම

🔹 මුත්‍රා කිරීමේ හා මලපහ කිරීමේ දුර්වලතාවය

✅ ප්‍රතිකාර හා වැලක්වීමේ ක්‍රම

පහත දැක්වෙන වැළැක්වීමේ පියවර මගින් ස්නායු තෙරපීමක් වැළැක්වීමට හෝ ඒවා නැවත ඇති නොවීමට උපකාරී වේ:

🔹උදරයේ මාංශ පේශි ශක්තිමත් කර පිටුපසට ආධාරක වන අතර ඉරියව් වැඩි දියුණු කරන්න.

කොඳු ඇට පෙළ ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යායාම අතරට කොඳු ඇට පෙළ, වාඩිවී සිටීමේ වෙනස්කම් සහ කොඳු ඇට පෙළේ ස්ථායිතාව ලබා දීම සඳහා වෙනත් ව්‍යායාම ඇතුළත් වේ. (අපගේ පැරණි ලිපි බලන්න.)

🔹බර එසවීමේදී නිවැරැදි ඉරියව් භාවිතා කරන්න (එනම් දණහිසෙන් නැමී බර ඔසවන්න).

🔹පිටුපස ආතතියට හේතු විය හැකි ක්‍රියාකාරකම් වලින් වළකින්න.

🔹ඔබේ බර සෞඛ්‍ය සම්පන්න මට්ටමක තබා ගන්න. බර වැවිවීම් මගින් පිටුපසට යෙදෙන පීඩනය හා ආතතිය වැඩිවිය හැකිය.

✅ කොන්දේ ස්නායු තෙරපීම බරපතළ වුවහොත් බොහෝවිට එයට විසදුම ශල්‍යකර්මයක්ය. නමුත් බොහොවිට කොන්දේ ශල්‍යකර්මයකට ඇති අවදානම හා බිය නිසා බොහෝ රෝගීන් භෞත චිකිත්සා ප්‍රතිකාර සදහා යොමුවේ. ස්නායු තෙරපීම ඉතා සංකීර්ණ වීමට පෙර ආයුර්වේද ප්‍රතිකාර හා භෞත චිකිත්සා ප්‍රතිකාර කිරීමෙන් මෙය පාලනය කරගත හැකිය. නිට්ටාවටම සුව කරගත හැකිය.

Copied.

දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා🥲🙄    සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් ය...
19/07/2022

දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා🥲🙄


සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය .
එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ .
මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ.
ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ.
එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි.
නමුත් කන දෙපස කනට ඉහලින් හා පිටුපස ඇතිවන ගෙඩි ගැසීම දරුණු බවින් වැඩිය .
ගෙඩියේ පලල සෙන්ටිමීටර් 3 ට වඩා වැඩි නම් එය දරුණු අනතුරක් වන අතර රෝහල් ගතවීම සුදුසුය .
එමගින් බොහෝ විට හිස් කබල බිදී හෝ මොලය ඇතුලට ලේ ගැලීම සිදුවී තිබිය හැකිය.
ගෙඩි සඳහා කළ යුත්තේ විනාඩි 10 -20ක් අයිස් තිබීමයි .
එ මගින් රුධිර නාළ සංකෝචනය වී ලේ ගැලීම අඩු වන අතර එම ලේ කැටියක් බවට කැටිගැසේ.

මීට අමතරව මෙම වේදනාව සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිතා කිරීම කළ හැක .
ඒ ඇරෙන්න වෙන කිසිම ඖෂධයක් භාවිතා කිරීම මේ සඳහා අවශ්‍ය නොවේ.
මෙවැනි ගෙඩියක් ඇතිවූ විට සාමාන්‍යයෙන් එය සතියක් සති කිහිපයක් යන විට නිකංම ශරීරයට උරාගෙන ගෙඩිය නැතිවී යන අතර එය තද කිරීම, පොඩි කිරීම සහ දියකර හැරීමට තැත් කිරීම අවශ්‍ය නැත.
මෙවිට ඇතුලත හිස් කබලට හානියක් සිදුවී ඇත්නම් එය වැඩි වීමට ද පුළුවන.

මීට අමතරව හිස් කබලේ ඇතුලත ඇති වන පිපිරීම් හා කැඩීම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම් / තැලුම් ඇති වියහැකිය .

එබැවින් නළල නොමැතිව අනිත් කොටසක ගෙඩි ගැසී ඇති විට හා 3cm වඩා විශාල වන විට ,
ඇස් වටා, කන පිටුපස ලේ ගලා ඇති නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අතර එහිදී ඒ සඳහා හදිසි ප්‍රතිකාර සිදු කරනු ඇත.
(උපුටා ගැනීමකි)

🤔 සුදුසුකම් ලත් ආයුර්වේද  වෛද්‍යවරයකු  බිහිවන්නේ කෙසේද? 🤔ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?🍂☘️ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද ව...
02/05/2022

🤔 සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු බිහිවන්නේ කෙසේද? 🤔
ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?

🍂☘️ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍ය උපාධිය ලබාදෙන එකම හා පිලිගත් ආයතන දෙකකි. එනම් කොලඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යායතනය හා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයයි. මෙම ආයතන දෙකට බඳවාගනු ලබන්නේ උසස්පෙළ ජීවවිද්‍යාව විෂය ධාරාව හදාරා අ.පො.ස. උසස්පෙළ විභාගය සමත්ව එකී ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍ය පාඨමාලාවට ගැලපෙන කඩයිම් ලකුණු (Z score) සම්පූර්ණ කර ඇති පිරිස පමණි. එසේ වුවද අද වනවිට ඊට වඩා ඉතා ඉහළ z අගයක් ලබා ගන්නා පිරිස්ද මෙම උපාධිය තෝරාගැනීමට තරම් නැඹුරුවක් ඇතිවී තිබෙ.

☘️🍂ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍ය උපාධියේ පාඨමාලා කාලය වසර 5 කි. ඉන් අනතුරුව උපාධිය සම්පූර්ණ වීමට නම් වසරක සීමාවාසික වෛද්‍ය පුහුණුවක්ද ලැබිය යුතුය. වසර 5ක අධ්‍යන කාලය තුළ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයා විශ්වවිද්‍යාලය තුළදී ආයුර්වේද විෂය ක්ෂේත්‍ර පමණක් නොව බටහිර වෛද්‍ය විෂයන්ද, ආයුර්වේද ක්ෂේත්‍රය හා සම්බන්ධ අතිරේක විෂයන් රැසක්ද අධ්‍යනය සිදුකරනු ලබයි.

ආයුර්වේද විෂයන් ලෙස,
▶️මානව ශරීර රචනා විඥානය - Human Gross Anatomy Ayurveda Component
▶️මානව ශරීර ක්‍රියා විඥානය - Human Physiology Ayurvedic Component
▶️පදාර්ථ විඥානය
▶️රස ශාස්ත්‍ර - Mineral Pharamacy
▶️ද්‍රව්‍යගුණ මූලධර්ම
▶️ද්‍රව්‍යගුණ කර්ම විඥානය - Ayurveda Pharmacognosy and Pharamacology
▶️භෛසජ්ජකල්පනා - Herbal Pharamacy
▶️ස්වස්තවෘත - Community Medicine
▶️Comparative Ayurveda Pathology
▶️කායචිකිත්සා
▶️ශාලාක්‍ය තන්ත්‍ර - ENT
▶️අගද තන්ත්‍ර - Toxicology
▶️ප්‍රසූත තන්ත්‍ර - Obsterics
▶️ස්ත්‍රීරෝග - Gynaecology
▶️කෞමාරභෘත්‍ය - Paediatrics
▶️ශල්‍ය තන්ත්‍ර - Surgery
▶️මනචිකිත්සා - Psychiatry
▶️Medical Astrology and Spiritualism

බටහිර වෛද්‍ය විෂයන් ලෙස,
▶️Human Gross Anatomy
▶️Human Physiology
▶️Biochemistry
▶️Human Histology
▶️Metabolism and Nutrition
▶️Embryology and Genetics
▶️Molecular Biology
▶️Immunology
▶️Pathology
▶️Medical Microbiology
▶️Histopathology
▶️Forensic Medicine
▶️Health and Epidemiology

මීට අමතරව,
▶️English Language
▶️Information and Communication Technology
▶️Sanskrit Language
▶️Hindi Language
▶️Tamil Language
▶️Music, Yoga and Meditation for Medical Practice
▶️German Language
▶️Medical Plant Cultivation
▶️Phytochemistry and Natural Products
▶️Analytical Chemistry
▶️Acupuncture and Chinese Medicine
▶️Siddha Medicine
▶️Yunani Medicine
ආදී විෂයන්ද ඇතුලත්ව විෂය ක්ෂේත්‍රයන් රැසක් අධ්‍යනය කිරීම සිදුවේ.

🍂☘️මෙහිදී ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයා මානව ශරීර රචනා විඥානය (Human gross anatomy) යටතේ කායච්ඡේදන, ප්‍රායෝගික පුහුණු ලබමින් එක් වසරකට අර්ධ සමාසික සහ සමාසික වශයෙන් පවත්වනු ලබන විභාග 4කට මුහුණ දෙමින් වසර 5 ක අධ්‍යයන කාලය අවසානයේ පරීක්ෂක මණ්ඩලයක් යටතේ තමාගේම පර්‍යේෂණයක (Research) නිබන්ධනයක් එලිදක්වනු ලැබේ.

☘️🍂ආයුර්වේදය තුළ විද්‍යා, ගණිත, කලා ,වාණිජ සහ තාක්ෂණ ඇතුළු සියලුම විෂයන් සංකලනය වී පවතින බව සඳහන් කළ යුතුය.

☘️🍂ආයුර්වේදය යනු ඉතා හොඳ මට්ටමේ බුද්ධියක් සහ ධාරණ ශක්තියක් සහිත පුද්ගලයෙක්ටම පමණක් අධ්‍යනය කළ හැකි විද්‍යාවක් බව ඔබට විෂය අන්තර්ගතය අධ්‍යයනයෙන් සක්සුදක් සේ තහවුරු වනු නියතය. පොදුවේ ඕනෑම වෛද්‍ය ශිෂ්‍යයෙක් සතු වියයුතු මූලික දැනුම බටහිර සහ ආයුර්වේද යන දෙආකාරයෙන්ම ලබාගැනීමට තරම් දියුණු මානසික මට්ටමක් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුට තිබිය යුතු බව ඔබට අත්‍යන්තයෙන්ම අවබෝධ කරගත හැකිවනු ඇත.
මිනිසාට වැළදෙන ඕනෑම රෝගයකට අදාලව රෝග මූලය හඳුනාගෙන ඒ ඔස්සේ ප්‍රතිකාර කළයුතු ආකාරය පිළිබඳව මෙන්ම ,එකී රෝග මූලය හඳුනාගැනීමට පාදක වන සාධක ආයුර්වෙද වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාත්මකවත්, ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයා තම වසර තුනක සායනික පුහුණු අදියර වලදී නිවැරදිව දැනගැනීම අනිවාර්යය කාරණාවකි. සායනික පුහුණුවේදී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මෙන්ම බටහිර වෛද්‍ය වරුන්ගේ හා පාරම්පරික වෛද්‍ය වරුන්ගේ ගුරු හරුකම් ලබාදීම සිදුවේ.

🍂☘️සාමාන්‍ය වෛද්‍ය සිද්ධාන්ත සහ ප්‍රායෝගික ක්‍රම ශිල්ප වලට අමතරව නක්ෂත්‍රවේදය, ගුප්ත විද්‍යාව,යෝග දර්ශනය යනාදී විෂය ක්ෂේත්‍රයන් පවා ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙක්ට අධ්‍යනය කිරීමට සිදුවේ. මන්ද යත් ආයුර්වේදය යනු ස්වභාව ධර්මය සමඟ සිදුකරන සංකීර්ණ ගනුදෙනුවක් වන නිසාවෙනි.
ආයුර්වේද වෛද්‍යවරයෙක් යනු අනාගතය දකිනා තරමට මනස දියුණු කරගත යුතු තැනැත්තෙකි. අතීතයේ වෙදමහතා යනු ගමේම ගෞරවනීය චරිතයකි. ගමේ සිදුවන ඕනෑම ක්‍රියාවකදී වෙදමහතා යනු ප්‍රබල චරිතයක් විය. නමුත් අද සමහර උදවිය හෑල්ලුවට ලක්කරන්නේ එවකට සිටි වෙද පරපුරේ නූතන පරම්පරාවට වීම කණගාටුවට කරුණකි. නමුත් එසේ කත කියන උදවිය SPA තුළ ආයුර්වේදය පමණක් දකින, දිවා රෑ නොබලා අසරණ මිනිසුන් වෙනුවෙන් කැපවන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවය වැනි සේවා නොපෙණෙන අන්ධ භක්තික බටහිරගැතියන් බව අමුතුවෙන් කිවයුතු නැත.

☘️🍂ශාකවේදය, සත්ත්ව විද්‍යාව(සර්ප වෙදකම),ලෝහ වේදය, නිල විද්‍යාව මෙන්ම සාම්ප්‍රදායික දේශීය චිකිත්සා පිළිබඳවත් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා උගත යුතු බව කතා හදන නුවණත්තැන් නොදැන සිටීම පිළිබඳව අපි පුදුමයට පත්වන්නෙමු.
පදාර්ථයේ අංශුමය ස්වභාවය පවා විනිවිද දක්නට තරම් ගැඹුරු මානසික ශක්තියක් සහිත සෘෂිවරු විසින් ආයුර්වේදය නිර්මාණය කළ බව කිවයුතුය. එබැවින් සෘෂිවරුනේ දැනුම් මට්ටම් අසලටවත් යෑමට උත්සාහ නොකරන, නූතන මිනිසා ආයුර්වේදය පිළිබඳව දරණ දුර්මත පිළිබඳව තර්ක කරන්නට යෑමද එක්තරා අතකට බිහිරි අලින්ට වීනා වාදනය කිරීමකි.
එමෙන්ම බටහිරගැති බොහෝ දෙනෙක් බටහිර විද්‍යාවන් නිර්මාණය වීමේ මූල බීජය පෙරදිග විද්‍යාවන් බව නොදැන සිටීම පිළිබඳව ඔවුන් ලැජ්ජා වියයුතුයි. පෙරදිග ආක්‍රමණ වලින් අපෙන් රැගෙන ගිය සාහිත්‍ය මූලාශ්‍ර ආශ්‍රය කරගෙන බටහිර විද්‍යාවන් බොහෝමයක් නිර්මාණය කළ බව සුද්දා පිළිගත්තද සුද්දාගේ රසවත් වස කුප්පිය පානය කොට ජීවිතය විඳවන කලු සුද්දා එය පිළිනොගන්නා බව විශ්වාසය. විවේචනයට පළමුව ඕනෑම දෙයක් නිවැරදිව දැනගතයුතුය. එයට බටහිරගැති අන්ධ භක්තිකබාවයෙන් පළමුව අත්මිදිය යුතුය.

🍂☘️උක්ත විෂය මාලාව වඩාත් උසස් ප්‍රමිතියකින් උගන්වා සමස්ත ලෝකය පිළිබඳව දැනුමක් තිබෙන ස්වභාව ධර්මයට , දේශීයත්වයට ආදරය කරන ගුණාත්මක වෛද්‍ය වෘත්තිකයන් බිහිකිරීමට විශ්ව විද්‍යාල ආයතන ද්විතවයම ක්‍රියා කරන බවද පැවසිය යුතුය. එමෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් රෝගය හඳුනාගෙන එකී රෝගයට තමා විසින්ම ඖෂධ ආදිය සකසා ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රබල දැනුමක් සහිත පුද්ගලයෙකි. වෛද්‍ය ශිෂ්‍ය අවධිය තුළ විවිධ ආකාරයේ ස්වභාවික ඖෂධ නිෂ්පාදනය පිළිබඳව සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා අත්දැකීම් ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය.
එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හැරුණුකොට නොයෙකුත් භාෂා අධ්‍යයනයද අත්‍යාවශ්‍ය ලෙස දක්වා තිබෙන්නේ ආයුර්වේද මූලික ග්‍රන්ථ ලෙස සැළකෙන සුශ්‍රැත සංහිතාව ,චරක සංහිතාව වැනි ගන්ථ අධ්‍යයනයේදී සංස්කෘත භාෂාව අත්‍යාවශ්‍ය වන බැවිනි.එමෙන්ම අනෙකුත් රටවල දේශීය සාම්ප්‍රදායික වෛද්‍ය ශිල්ප වෛද්‍ය ශිෂ්‍යයාගේ පශ්චාත් උපාධි අධ්‍යනය සඳහා වැදගත් වන බැවිනි.
මෙකී ලිපිය තුළ අපි විෂය මාලාවේ එක් එක් විෂයන් පිළිබඳව කතා නොකර සිටින්නෙමු. තවද western medicine subjects ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් අධ්‍යනය කළ යුත්තේ English වලින්ම වන අතර එකී විෂයන් ඔවුන් ආයුර්වේදාත්මකව සිංහලෙන්ද අධ්‍යනය කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය. එබැවින් එලෙස බිහිවන ආයුර්වේද වෛද්‍යවරයෙක් සතු දැනුම පිළිබඳව අප අමුතුවෙන් කතා කළ යුතු නැත.

☘️🍂කෙසේ වුවද ආයුර්වේදය හැදෑරීමටනම් සාංසාරික පිනක් තිබිය යුතුය. එය වෛද්‍ය විද්‍යාව හදාරන විට සහ පසුව රෝගීන්ට ප්‍රතිකාර කරන විට ආයුර්වේද වෛද්‍යවරෙයෙක්ට පමණක් දැනෙන හැඟීමකි. එහෙයින් "වෙදමහත්මයා" යන වචනය පවා ඇසීම අපට ඉමහත් සතුටකි. මන්ද යත් "Doctor" ට එහා ගිය ගෞරවාභිමානය " වෙදමහත්මයා" යන වචනය තුළ අත්විඳීන්නෙමු.
අනෙක් කාරණය වන්නේ ආයුර්වේද හා බටහිර විද්‍යාවන් යනු දැනුම් පද්ධතීන් දෙකක් බව අප මුලින්ම අවබෝධ කරගත යුතුය. එබැවින් ඒ දෙක සසඳන්න උත්සාහ කිරීමම අනුවණ ක්‍රියාවලියකි. ආයුර්වේදය සංසන්දනය කිරීමට තරම් දියුණු මනසක් සහිත සෘෂිවරු වර්තමාන සමාජය තුළ නොසිටින බව අප සැම දන්නා කරුණකි. බොහෝ පිරිසක් විශ්ව ශක්තීන් හා ගනුදෙනු කර ලබාගත් ආයුර්වේදය ඇතුළු පෙරදිග දැනුම් පද්ධතීන් බැහැර කරන්නය පෙළඹෙන්නේ මානසික මට්ටම්වල පවතින දුර්වලතා නිසාවෙනි. නමුත් අප උත්සාහ කළ යුත්තේ අපේ මානසික ශක්තිය වර්ධනය කරවාගෙන එකී විද්‍යාවන් අවබෝධ කරගැනීමට මිස බැහැර කිරීමට නොවෙයි.
වර්තමානයේදී බොහෝ පිරිසක් සිතන්නෙ ආයුර්වේදෙයේ තිබෙන ගුලි,චූර්ණ,අරිෂ්ට ලෙස පවත්නා ස්වභාවික ස්වරූපයෙන් ලබාදෙන බැවින් ඒවා ප්‍රාථමික ඖෂධ යනුවෙනි. නමුත් ඔවුන් නොදන්නා සත්‍ය කතාව වන්නේ බටහිර බෙහෙත් වල තිබෙන්නෙත් ,ආයුර්වේදය තුළ සඳහන් ශාක වලින් නිස්සාරණය කරගත් නියැදි ආශ්‍රය කරගෙන භාවිතයේ පහසුවට ඇසුරුම් කරණය කරන ලද,පෙර නිස්සාරණය කරන ලද නියැදිය මත පදනම්ව කෘතිමව නිපදවූ රසායනික ද්‍රව්‍ය වර්ගයන් යන්නයි. ඔබ සිතන්න, ඔබේ වගාවකට ස්වභාවික රසායන පොහොර තිබියදී ,කෘතිම රසායනික පොහොර යොදාගැනීම ශරීර සෞඛ්‍යයට බලපාන්නේ යම්සේද එලෙසින්ම ඖෂධද ඔබේ නීරෝගීකමට බලපානු ඇත. නමුත් අත්‍යාවශ්‍ය අවස්ථාවකදී කෘතිම රසායනික පොහොර යෙදීම වරදක් නොවේ.මන්ද යත් බෝග ටික රැකගැනීම මූලික අභිප්‍රාය වන නිසාවෙනි. නමුත් නිතර නිතර කෘතිම රසායනික පොහොර යෙදීම තුළින් අපි විනාශ කරගන්නේ අපගේම සෞඛ්‍ය බව කණගාටුවෙන් වුවද පිළිගත යුතූය.

🍂☘️අනෙක් කාරණාව වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ සුවපත් කිරීමට නැහැකි වූ ආඝාතය වැනි ලෙඩ වලට ප්‍රතිකාර කොට ස්නායු සෛල උද්දීපනය කර රෝගීන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව සුවපත් කළ බවට ජීවමාන සාක්ෂි පවා පැවතීමයි. එමෙන්ම ආයුර්වේද කැඩුම්-බිඳුම් වැනි විශිෂ්ට ප්‍රතිකාර ක්‍රම ගෙන අප අමුතුවෙන් කිවයුතු නැත. ආයුර්වේදය බොහෝවිට වැඩිහිටි ප්‍රජාව යොමුවීමට ප්‍රධානම හේතුව ලෙස අප දකින්නේ අත්දැකීම්වලින් පරිණත වන විට ඔවුන්ට තත්වය අවබෝධ වීමයි. නමුත් එකී තත්වය වේලාසනම අවබෝධ කරගෙන කටයුතු කරන්නේ නම් අනාගතය නීරෝගීමත් වනු ඇත. අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම නිෂ්ඵල වේ. තවද බොහෝවිට රෝග උත්සන්න වූ පසු බොහෝදෙනෙක් ආයුර්වේද සරණ පතන්නේ ආයුර්වේදය තුළ පවතින විශිෂ්ටත්වය නිසාවෙනි.
අපට අගයක් නැති ආයුර්වේදයට අද වන විට ලෝකයේ ප්‍රබල ඉල්ලුමක් පවතියි.ආයුර්වේද නිෂ්පාදන සඳහා පුළුල් වෙළද පොළක් පවා නිර්මාණය වී පවතියි.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන උගත් විද්‍යාව අවභාවිත කරන අනුවණයින් ඕනෑම ක්ෂේත්‍රයක සිටියි. නමුත් එකී සුළුතරයක් අනුවණයන්ගේ මට්ටමට වඩා වැඩි බහුතරයක් ගෞරවනීය වෛද්‍ය පරපුරක උරුමකරුවන් බවද කිවයුතුය. රෝගී ජීවිත ලක්ෂ ගණනින් සුවපත් කර ආයුර්වේද වෛද්‍යවරු ඕනෑ තරම් සමාජයේ සිටියි. එමෙන්ම නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථානවල වෛද්‍යවරු පිළිබඳව කතාකරන බොහෝදෙනෙක් එකී අත්දැකීම් අත්විඳි පුද්ගලයන් බවද වටහාගැනීම එතරම් අපහසු කාරණාවක් නොවනු ඇත.

☘️🍂වර්තමානයේදී පඳුරක් පඳුරක් පාසා හෙළ වෙද පරම්පරා මවමින් නව වෙදැදුරන් බිහිවන්නට පටන් ගෙන තිබේ. එවැනි වෙද හොරුන්ගෙන් ප්‍රවේශම් වීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. කෙසේ වුවත් මෙකී වෙදහොරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත් පසු අපේ ජනයා පුරුදු වී සිටින්නේ දැන දැන අමාරුවේ වැටී, අමාරුවේ වැටුණු පසු ආයුර්වේදය වෙත ඇඟිල්ල දිගුකිරීමටය. හෙළ වෙදවරු යැයි කියනා වෙදහොරුන්ද බොහොම පහසුවෙන් සියල්ල ආයුර්වේදයට බැර කර අතපිහදා ගන්නට උපන් හපන්කම් දක්වන බවත් පැවසිය යුතුමය. එබැවින් මෙකී නීතිවිරෝධී අනුවණයන්ට එරෙහිවීමට විධිමත් නීති පද්ධතියක් මෙන්ම හොඳ සවිමත් ප්‍රබල කොඳු නාරටියක් සහිත ආයුර්වේද වෛද්‍ය සභාවක් ප්‍රතිස්ථාපනය කිරීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

🍂☘️අපේ කම දේශීයත්වය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කිසිවිටෙක අපිට සමාජ පද්ධතියෙන බැහැර කොට අනාගතයට මුහුණ දීමට නොහැක. හොඳම උදාහරණය වන්නේ කොවිඩ් වසංගතයයි. අවසන අපිට පිහිටට සිටියේ ඔබම නිගාකරන ආයුර්වේදයේ ඔසුපැන් ටිකයි දුම් හට්ටියයි පමණක් බව මතක තබාගත යුතුය. සාමාන්‍යයෙන් මුල අමතක වීම සිංහලයාගෙ ගතියකි. නමුත් කොරොනා අපි අමතක කළ මුළ අපට නැවත මතක් කර දි ඇත.
අවසන පැවසිය යුත්තේ " වෙද මහතා" / " වෙද හාමිනේ" යනු තුන්කාලයේම සමාජ ගරුත්වය හිමිවන වැඳුම් පිදුම් පවා ලබන උතුම් ගෞරවනාම ද්විත්වයක් බවයි. එබැවින් එකී ගෞරවය රැකගෙන මතුපරපුරේ නීරෝගීභාවය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍යවරු ලෙස කැපවීමට බහුතරයක් විශිෂ්ට ආයුර්වේද වෛද්‍යවරුන් නිස්සරණාධ්‍යාශයෙන්ම කටයුතු කරනු ඇත. අයුර්වේදය විනාශ කිරීමට කිසිවෙකුටත් නොහැක. ආයුර්වේදය විනාශ වීම යනු සමස්ත් ලෝක විනාශය සිදුවීමයි . ඉරහඳ පවතිනා තුරු ආයුර්වේදයද පවතිනු ඇත. ආයුර්වේදය යනු ජීවත් වීමට කියාදෙන විද්‍යාව බව අවබෝධ කරගෙන තම බුද්ධිය මෙහයවීම සහ වචන හැසිරවීම සිදුකළ යුතුය. බටහිර ගැත්තෙකු ලෙස සුළු කරුණු අල්වාගෙන ඔබ පහර ගසන්නේ ඔබේම අනාගත යහපැවැත්මට සහ දේශීයත්වයට බව දැනගෙන කටයුතු කළවිට ආයුර්වේදයේ සෘණාත්මක පැතිකඩ වෙනුවට ධනාත්මක පැතිකඩ ඔබටම අවබෝධ වී ඔබද විශිෂ්ට ආයුර්වේදයට ආදරය කරන්නෙක් බව පරිව‍ර්තනය වනු ඇත.

☘️🍂අවසානයට පැවසිය යුතු දේ වන්නේ මෙයයි, සැබැවින්ම විය යුත්තේ ලංකවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආයුර්වේද - බටහිර ඒකාබද්ධ වෛද්‍ය සේවයක් ක්‍රියාත්මක වීමයි. පළමුව වෘත්තීමය භේදය සහ කුහකත්වය පසෙකලා නීරෝගීමත් රටක් නිර්මාණය කිරීත් මානුෂීය අවශ්‍යතා ඉටුකිරීමත් මූලික කරගෙන කටයුතු කිරීමයි. එලෙස කටයුතු කිරීමේදී වෘත්තීය ගරුත්වය සහ ආචාරධර්ම රැකගෙන කටයුතු කළ යුතුයි. එනම් බල්ලාගෙ රාජකාරිය බූරුවා විසින් නොකළ යුතුය. වෛද්‍ය වෘත්තිකයන් වන ආයුර්වේද - බටහිර දෙපාර්ශවය අතර පවතින අනවබෝධය පසෙකලා දෙපාර්ශවයම මනා අවබෝධයක් සහිතව කටයුතු කිරීමෙන් සුරක්ෂිත වන්නේ රටේ මතු පරපුර බව අප තරයේ මතක තබාගත යුතුය.

- Admin මඩුල්ල ( ආයුර්වේද අපි )-

01/04/2022
01/04/2022

දේශපාලකයන්ගේ කෲරත්වයට එරෙහිව ජනතාව වීදි බසින විට, පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අනෙකුත් ජන සමූහයන් පාලනය කරන ආයුධ ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරී මර්දනයන්ට උත්සහ දරති. . "අඩු-මාරාන්තික" ලෙස රැවටිලිකාර ලෙස හැඳින්වෙන මෙම ආයුධ අධික බලයෙන් භාවිතා කරන විට බරපතල තුවාල හා මරණය පවා ඇති කළ හැකි ඒවාය. එබැවින්, කඳුළු ගෑස් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සඳහා සූදානම් වීමටත්, ආරක්ෂා වීමටත් මෙම ලිපිය කියවන්න.

🔖🖋විරෝධතා දැක්වීමේදී කඳුළු ගෑස් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීමට පැළඳිය යුතු දේ:

😷 මුහුණු ආවරණය ( Face Mask) හෝ නාසයේ සිට නිකට දක්වා ඔබේ මුහුණ වැසීමට තරම් විශාල ස්කාෆ් එකක්.

😎 අක්ෂි ආවරණයක් (උදා. අව් කණ්ණාඩි (Shatter-resistant) , පිහිනුම් කණ්නාඩි (swim goggles) , හෝ ගෑස් ආවරණයක් (gas mask) ෆුල් ෆේස් හෙල්මට් එකක් වුවද සුදුසුය.

🕴️ හැකිතාක් ඔබේ සම ආවරණය වන පරිදි ඇඳුමක්. (අත් දිගට සහ කකුල් දිගට)

🏃ඔබට පහසුවෙන් ඇවිදීමට/දිවීමට හැකි කකුල වැසෙන ලෙස පැලදි සුවපහසු සපත්තු.

🙈 අක්ෂි කාච පැළඳීමෙන් වළකින්න. ඔබ අක්ෂි කාච පළඳින්නේ නම්, සෑම විටම සම්පූර්ණ මුහුණේ ගෑස් ආවරණයක් හෝ ඇස් කණ්ණාඩියක් තබා ගන්න.

🙋අයි ලයිනර් වැනි මේකප් භාවිතා කිරීමෙන් වළකින්න.


🔖🖋️විරෝධතාවයකට ගෙන යා යුතු දේ:

1). ප්ලාස්ටික් බෝතලයක ජලය (බීමට සහ ඔබේ සම හෝ ඇස් සෝදා ගැනීමට)

2). ඔබට රැගෙන යාමට කිසිවක් වේ නම් පිටේ එල්ලාගත හැකි කුඩා බෑගයක සියල්ල දමාගන්න. Side bag හෝ cross body bag භාවිතය සුදුසු නොවේ.

3). ඔබව හඳුනා ගැනීමේ සහ හදිසියකදී සම්බන්ධ කරගත යුතු අයෙකුගේ තොරතුරු (මෙය ඔබේ සම මත ලිවීම සලකා බලන්න)

4). ඔබ අත්අඩංගුවට ගනු ලැබුවහොත් ආහාර සහ ප්‍රවාහනය සඳහා මුදල් හෝ මුදල් ඇප.

5). ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි කාලීන රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා අයෙකුනම් දින 02/03ක් සදහා ඖෂධ (අත් අඩංගුවට ගනු ලැබුවහොත් භාවිතා කිරීම සදහා )

6). වෛද්‍ය අනතුරු ඇඟවීමේ බ්‍රේස්ලට් එකක් හෝ නිදන්ගත වෛද්‍ය තත්වයන් හෝ අසාත්මිකතා පිළිබඳ තොරතුරු

7). ඔබ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වුවහොත් ඇඳුම් මාරු කිරීම සදහා එක් ඇදුමක්.

🖋🔖කඳුළු ගෑස් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වලින් ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේද:

කඳුළු ගෑස් 1993 දී රසායනික අවියක් ලෙස වර්ගීකරණය කර ජාත්‍යන්තර යුද්ධ සඳහා භාවිතා කිරීම තහනම් කර ඇතත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එය භාවිතා කිරීමට ඇතැම් රටවල අවසර ඇත.

කඳුළු ගෑස් කැනිස්ටර් පිපිරෙන විට, CS කුඩු වාතයට ඉසින අතර ඔබේ ඇස්වල කඳුළු, ඔබේ සමේ දහඩිය, ඔබේ හිසකෙස්වල සහ ඔබේ මුඛය ආවරණය කරන කෙල සහ ශ්ලේෂ්මල , ශ්වසන මාර්ගය ඇතුළුව එයට සොයාගත හැකි ඕනෑම තෙතමනයකට ඒවා ඇලී සිටී.

🔖කඳුළු ගෑස් නිසා පහත රෝග ලක්ෂණ ඇති විය හැකිය:
• ඇස්: අධික ලෙස දැවිල්ල, රතු වීම, පිළිස්සීම, නොපැහැදිලි පෙනීම
• සම: පිළිස්සුම් සහ කුෂ්ඨ
• මුඛය: පිළිස්සීම, irritation, කෙළ ගැසීම, ගිලීමේ අපහසුතාව
• නාසය: දියර ගැලීම, දැවිල්ල සහ ඉදිමීම
• පෙනහළු: පපුවේ තද ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාවය, හුස්ම හිරවීම, කෙටි හුස්ම, කැස්ස, ඇදුම
• බඩ: ඔක්කාරය සහ වමනය

🖋️🔖ඔබ කඳුළු ගෑස් හෝ වෙනත් රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වී ඇත්නම් කුමක් කළ යුතුද?

🔖වහාම කළ යුතු දේ:

🔜 කඳුළු ගෑස් වලාකුළෙන් මිදී ඔබට හැකි ඉක්මනින් පොදු ප්‍රදේශයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බොහෝ බර බැවින්, උස් බිමකට යන්න. ඔබ පොලොවට සමීප වන තරමට වායු සාන්ද්‍රණය වැඩි වේ.

🔜 ඇවිදින්න, දුවන්න එපා. දිවීම නිසා ඔබට වඩාත් දැඩි ලෙස හුස්ම ගැනීමට සිදු විය හැක, එය ඔබේ පෙණහලු කරා යන කඳුළු ගෑස් ප්‍රමාණය වැඩි කරනු ඇත. එබැවින් ඔබේ හුස්ම ඒකාකාරව තබා ගැනීමට උත්සාහ කරන්න.

🔜 ඔබේ ඇස් නිරාවරණය වී ඇත්නම් සහ දැවෙන හෝ නොපැහැදිලි නම්, වහාම ඒවා වතුරෙන් සෝදා හරින්න. ඔබේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ නොකිරීමට උත්සාහ කරන්න. සේදීම සඳහා ඔබේ වතුර බෝතලයෙන් ජලය භාවිතා කරන්න. ඔබට විවෘත පානීය දිය උල්පතක් හෝ පොදු විවේකාගාරයක ගිල්විය හැකි නම්, විනාඩි 10 සිට 15 දක්වා ඔබේ ඇස් වතුරෙන් සෝදා හරින්න. ජලය වහාම ලබා ගත නොහැකි නම් wet tissues වැනි වෙනත් පිරිසිදු කිරීමෙර් ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හැකිතාක් වලකින්න. එය ඔබේ ඇස්වල හෝ මුහුණේ irritation එක වැඩි කිරීමට හේතු වේ.

🔜 හැකි නම්, ඔබට බලපෑමක් සිදු නොවේ නම්, අන් අය පිරිසිදු හා වාතාශ්‍රය ඇති ප්‍රදේශයකට ගෙන යාමෙන් ඔවුන්ට උදව් කරන්න.
කඳුළු ගෑස් කැනිස්ටර් ඉවත් කිරීමට උත්සාහ නොකරන්න, එසේ කිරීමෙන් ඔබට තවදුරටත් හානි සහ තුවාල සිදුවීමේ අවදානම වැඩි විය හැක.


🔖🖋️රසායනික ද්‍රව්‍ය තවදුරටත් ඉවත් කරන්නේ කෙසේද:

➡️ හැකි ඉක්මනින් ඔබේ ඇඳුම් මාරු කරන්න. ඔබ ස්නානය කිරීමට පහසුකම් ඇති ස්ථානයකට පැමිණි වහාම ඔබේ සිරුර සෝදන්න.

➡️ නිවස තුලට රසායනික ද්‍රව්‍ය ඇතුලුවීම වැලැක්වීම සදහා ඔබේ පාවහන් නිවසින් පිටත ගලවන්න.

➡️ ඔබ ඇඳ සිටි සියලුම ඇඳුම් ඉවත් කර ඒවා සේදීමට පෙර අවම වශයෙන් පැය 48 ක් විවෘත, වාතාශ්‍රය ඇති ප්‍රදේශයක එල්ලා තබන්න. ඔබට ඒවා විවෘත ස්ථානයක තබා ගැනීමට නොහැකි නම්, ඒවා සේදීමට සූදානම් වන තුරු මුද්‍රා තැබූ බෑගයක ඒවා බහා තබන්න. CS කුඩු මුදා හැරීමෙන් පසු දින පහක් වැනි කාලයක් ක්‍රියාකාරී විය හැකි බැවින්, පිරිසිදු ඇඳුම් සමඟ ඒවා මිශ්‍ර නොකරන්න.

➡️ රසායනික ද්‍රව්‍ය ඔබේ සමට තවදුරටත් හානි කිරීම වැළැක්වීම සඳහා අවම වශයෙන් විනාඩි 20 ක් සීතල ජලය ස්නානය කරන්න. ස්නානය කරන අතරතුර වැඩිපුර කඳුළු ගෑස් හුස්ම නොගැනීමටත්, ඔබේ ඇස් වසාගෙන සිටීමටත් උත්සහ කරන්න. ඔබේ හිසකෙස් විශේෂයෙන් හොඳින් සෝදන්න.

➡️ සියලුම දේ ඉහත ආකාරයෙන් ඉවත් කර මිනිත්තු 30ක් හෝ ඊට වැඩි කාලයකට පසුත් ඔබට තවමත් රෝග ලක්ෂණ ඇත්නම්, අක්ෂි හෝ පෙනහළු ආබාධ තිබේ නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

සටහන : වෛද්‍ය සචිනි අත්තනායක
(Physicians for Human Rights වෙබ් අඩවිය ඇසුරිනි )

රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය වැඩිකර ගමුද?.බලන්න පහත ලින්ක් එකෙන් 👇👇
29/05/2021

රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය වැඩිකර ගමුද?.
බලන්න පහත ලින්ක් එකෙන් 👇👇

Ep.1 - Corona Virus | "නව කොරෝනා වෛරසයට එරෙහිව අප ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගමුද.."නව කොරෝනා වෛරසයට එරෙහිව අප ශරීරයේ ප්‍....

ජීවයේ පැවැත්ම උපදින්නේ යම් දිනකද,ස්වභාවධර්මයද ඒ හා සමගින්ම බැදී එන්නේ ලෝකයේ ඇරඹීමත් සමගින්මය.ප්‍රාණය හා ජීවය බැදී එකිනෙක...
23/04/2021

ජීවයේ පැවැත්ම උපදින්නේ යම් දිනකද,
ස්වභාවධර්මයද ඒ හා සමගින්ම බැදී එන්නේ
ලෝකයේ ඇරඹීමත් සමගින්මය.
ප්‍රාණය හා ජීවය බැදී එකිනෙක යා වෙන්නා සේම,
ස්වභාවධර්මයෙන් තොර වූ ජීවයක් ගැන මානවයාට
සිතීමටවත් නොහැකිය...
ස්වභාවධර්මයා විසින්ම උත්පාදනය කරදුන්
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නම් මේ අපූරුතම දායාදය අතීතයේ සිටම
ජීවයේ පැවැත්මට මහත් පිටිවහලක් වන්නේය..
ඉතින්...
අපි කතා කරමු ආයුර්වේදය තුලින් ජීවිතය දකින්නට මෙන්ම,
නීරෝගී බව රැක ගැනීමටත්..
රෝගී බවින් මිදීමටත් ඉන් ලැබෙන පිටිවහල පිලිබදව..

වේධ you tube channel එක සමගින් මැයි මස 07 වන දා සිට

ජීවයේ පැවැත්ම උපදින්නේ යම් දිනකද,ස්වභාවධර්මයද ඒ හා සමගින්ම බැදී එන්නේ ලෝකයේ ඇරඹීමත් සමගින්මය.ප්‍රාණය හා ජීවය බැ....

අධික තරබාරුබවින් මිදෙමුද ?.................................................* අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, ස...
06/02/2021

අධික තරබාරුබවින් මිදෙමුද ?.................................................

* අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි.

* එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

* ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා.

* මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.

* අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්

* අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්.

* මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා.

* තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.

* මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා.

* වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා. මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.

තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?..................................................................

තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා

ජීවිතයට තර්ජනයක්
තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.

තරබාරුකමෙන් මිදීම.....................................
** ආහාර –
ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.

කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.

** ව්‍යායාම –
ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.

**ප්‍රතිකාර –
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත.

තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.

මීට අමතරව ආයුර්වේදයේ “ලේඛනීය” ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි. මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.
සරල ඔෟෂධ

** උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ. මද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)

** වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.

** උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.

** රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.

** දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.

** ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.

** කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.

මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.

Indirizzo

Florence
50018

Orario di apertura

Lunedì 09:00 - 17:00
Martedì 09:00 - 17:00
Mercoledì 09:00 - 17:00
Giovedì 09:00 - 17:00
Venerdì 09:00 - 17:00
Sabato 09:00 - 17:00
Domenica 09:00 - 17:00

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ayur Medicare by Dr.Nisansala De silva pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta Lo Studio

Invia un messaggio a Ayur Medicare by Dr.Nisansala De silva:

Condividi

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram