Emil Rohan

Emil Rohan අතීතයත් අනාගතයත් අත් හැර
වර්ථමානයේ ජීවත් වන
《නිදහස් මාධ්‍ය වේදයේ ක්‍රියාකරුවෙක්》
■ ○□○□○□○□○□●
(1)

06/01/2026

අගමැතිනිට විරුද්ධව විශ්වාසභංයක්
ගෙන එයිද?

වෙන්නප්පුව ප්‍රදේශයේ මත්පැන් වර්ගයක් විෂ වීමෙන් පස්දෙනකු මරුටසිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට අත් අඬංගුවට...
06/01/2026

වෙන්නප්පුව ප්‍රදේශයේ මත්පැන් වර්ගයක් විෂ වීමෙන් පස්දෙනකු මරුට
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට අත් අඬංගුවට

වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු අද (06) පෙරවරුවේ සැකකටයුතු ලෙස මියගොස් තිබූ අතර තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා මීගමුව රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබන බවය.

නීතිවිරෝධී මත්පැන් යැයි සැක කෙරෙන දියරයක් මෙම මරණවලට හේතු වී ඇති බවට දැනට සැක පළ කෙරේ.

වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ ඇඹරුම්හලක සේවකයන් පස්දෙනෙක් සැකසහිත ලෙස මියයාමේ සිදුවීමක් වාර්තාවූයේ අද පෙරවරුවේය.

මීට දින දෙකකට පෙර මෙම පිරිස යම් දියරයක් පානය කර ඇති බව වාර්තා වේ.

පසුව අවස්ථා කිහිපයකදී ඔවුන්ට යම් සංකූලතා මතුව ඇති බව පැවසේ.

ඒ අතරින් දෙදෙනෙක් අද පෙරවරුවේ එම ඇඹරුම්හලේ පිහිටි කුටියක් තුළ මියගොස් සිට ඇති අතර තවත් තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

මේ අතර එම ඇඹරුම්හල ආසන්නයේම තවත් නිවසක පුද්ගලයෙකුද අද පෙරවරුවේ අභිරහස් ලෙස මියගොස් ඇත.

එසේම එම ප්‍රදේශයේම පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තවත් පුද්ගලයින් තිදෙනෙකු අද පෙරවරුවේ අසාධ්‍ය රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඉන් දෙදෙනෙකුද මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින අතර නීතිවිරෝධී මත්පැන් පානය කිරීමක් මීට හේතු වන්නට ඇති බවට දැනට සැක කෙරේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ගලෙන්බිඳුනුවැව ඛේදවාචකයෙන් පවුලේ තුන්වෙනියට බිරියත් මරුටඅනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියෙන...
06/01/2026

ගලෙන්බිඳුනුවැව ඛේදවාචකයෙන් පවුලේ තුන්වෙනියට බිරියත් මරුට

අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අද (06) අලුයම 2.00ට පමණ පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබුණි. එම ගින්නට හසු වීමෙන් නිවසට ගිනි තැබූ 43 හැවිරිදි ගෘහමූලිකයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මියගිය අතර, බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර සිටි 36 හැවිරිදි බිරිඳ මෙලෙස මීට සුළු වේලාවකට පෙර මරණයට පත්වූ බව ගලෙන්බිඳුණුවැව පොලීසිය තහවුරු කරයි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ප්‍රතිකාර ලබන්නේ මියගිය යුවළගේ 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි වියේ පසුවන මියගිය කාන්තාවගේ මව යි.

පියා විසින් නිවසට ගිනි තබන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි 20 හැවිරිදි පුත්‍රයා ගින්න මැද සිටි තම මව සහ සහෝදරියන් බේරා ගැනීමට දැරූ උත්සාහයේදී ඔහුද මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිරන්තරයෙන් මත්පැන් පානය කර බිරිඳට පහර දීම් සිදු කරන අයෙකු බවත්, මෙම යුවළ අතර පවතින ආරවුල් හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබූ බවත් අනාවරණය වී ඇත. එම අවස්ථාවන්හිදී පොලීසිය මැදිහත් වී දෙපාර්ශ්වයටම අවවාද කිරීමට ද කටයුතු කර තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය දර්ශකය ලංකාව ලොව පිරිහුණුම සෞඛ්‍ය ඇති රටවල් 40 අතරටලෝකයේ සෞඛ්‍ය සේවා මනින CEO World Global Health Index දර්ශක...
06/01/2026

ලෝක සෞඛ්‍ය දර්ශකය ලංකාව ලොව පිරිහුණුම සෞඛ්‍ය ඇති රටවල් 40 අතරට

ලෝකයේ සෞඛ්‍ය සේවා මනින CEO World Global Health Index දර්ශකය අනුව 2025 වසරේ ලොව සෞඛ්‍ය සම්පන්න රටවල් අතර ලංකාව 158 වන තැනට පහළ වැටී ඇත.

මේ අනුව ලංකාව ලොව සෞඛ්‍ය පිරිහුණු රටවල් 40 ලැයිස්තුවට ද ඇතුළත් වේ.

සෞඛ්‍ය සම්පන්න ජීවන අපේක්ෂාව, රුධිර පීඩන මට්ටම්, රුධිරයේ සීනි මට්ටම්, ස්ථුලතාව, විෂාදය ඇති වීමේ ප්‍රවණතාව, සමස්ත සන්තුෂ්ටිය, මද්‍යසාර භාවිතය, දුම් කොළ භාවිතය, ශාරීරික ක්‍රියාකාරිත්වය, රජය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වැය කරන මුදල සැලකිල්ලට ගෙන මෙම දර්ශකය සකසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ මරණවලට ප්‍රධාන හේතුව ආඝාතය සහ හෘදයාබාධ වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව වසර 5.72න් කලින් වසරවලදීට වඩා වැඩි වී තිබේ. යුද්ධයෙන් බැට කන උපසහරානු අප්‍රිකාව මේ දර්ශකයේ පහළින් ම සිටියි.

ලංකාවේ මහජන සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම මඳකම බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ඝාතන සැකකරුගේ නිවෙසින් ගිනි අවි සහ උණ්ඩ හා හෙරොයින් සමග පුද්ගලයකු අත්අඩංගුවටගිනි අවි 02 ක් T56 උණ්ඩ, 9mm උණ්ඩ හා හෙරොයින...
06/01/2026

ඝාතන සැකකරුගේ නිවෙසින් ගිනි අවි සහ උණ්ඩ හා හෙරොයින් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ගිනි අවි 02 ක් T56 උණ්ඩ, 9mm උණ්ඩ හා හෙරොයින් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින කොහුවල පොලිස් වසමේ සිදු කල වැටලීමේ දියි.

එහි දී විදේශ රටක නිෂ්පාදිත අංක 23263 දරණ කානු දෙකක් සහිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ලංකාවේ නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවි 01ක්, T56 උණ්ඩ 05ක්, 9mm උණ්ඩ 10 ක්සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොහුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

06/01/2026

මාදුරෝ සහ බිරිය හෙලිකොප්ටරෙන් නිව්යොර්ක් රැගෙන ආ අන්දම

මට යන්න දෙන්න මං තාම වෙනිසියුලා ජනපති - මදුරෝ නිව්යෝර්ක් අධිකරණයේදී කියයිවෙනිසියුලාවේ නිකලස් මදුරෝ නිව්යෝර්ක් අධිකරණයක් ...
06/01/2026

මට යන්න දෙන්න මං තාම වෙනිසියුලා ජනපති - මදුරෝ නිව්යෝර්ක් අධිකරණයේදී කියයි

වෙනිසියුලාවේ නිකලස් මදුරෝ නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ ප්‍රථම වරට පෙනී සිටිමින් තමන් තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව අවධාරණය කළ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදි බව ප්‍රකාශ කර තිබේ. විශේෂ ඇමෙරිකානු බලකායක් විසින් දියත් කරන ලද මෙහෙයුමකදී කැරකස්හි පිහිටි සිය නිල නිවසේදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙනවිත් තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේදීය.

අධිකරණ විභාගය අවසානයේදී මහජනතාව අතරින් අයෙකු මදුරෝට එරෙහිව කෑගසමින් "ඔබ කළ දේට වන්දි ගෙවනු ඇතැයි" පැවසූ අවස්ථාවේදී, දැඩි ආතති සහගත වචන හුවමාරුවක් ඇති වූ අතර, එහිදී මදුරෝ පෙරළා පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් "යුද සිරකරුවෙකු" බවයි.

ඔවුන් දෙපළ අධිකරණය වෙත රැගෙන එන ලද්දේ දැඩි ආරක්ෂක රැකවල් මැද, මාංචු දමා, හෙලිකොප්ටර් යානයක් මගිනි. අධිකරණ පරිශ්‍රයෙන් පිටත විරෝධතාකරුවන් රැස්ව සිටි අතර, ඇතැම් පිරිස් "ඇමෙරිකාව වෙනිසියුලාවට අත නොතබනු" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කළ අතර, තවත් පිරිසක් "ජනාධිපති ට්‍රම්ප්ට ස්තූතියි" යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන සිටියහ. මදුරෝ මෙන්ම ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් නිවැරදි බව අධිකරණය හමුවේ කියා සිටියාය. අත්අඩංගුවට ගැනීමේදී සිලියා ෆ්ලෝරස්ගේ ඉල ඇටයකට හානි සිදුවී ඇති බවත් ඇය දැඩි ලෙස තැලීම්වලට ලක්ව ඇති බවත් ඇයගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි අතර, විනිසුරුවරයා නියෝග කළේ ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසයි.

මේ අතර, වෙනිසියුලාවේ ජාතික සභාව ඉදිරියේ එරට නව අන්තර්වාර ජනාධිපතිවරිය ලෙස ඩෙල්සි රොඩ්‍රිගස් දිවුරුම් දී තිබේ. මීට පෙර මදුරෝ යටතේ උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ ඇය, මෙම සිදුවීමෙන් පසු ඇමෙරිකානු රජය සහ ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වොෂින්ටනය සමඟ "සහයෝගීතා න්‍යාය පත්‍රයක්" බෙදා හදා ගැනීමට කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි. මෙම සිදුවීම් මාලාව කලාපීය දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ද ඇමෙරිකාවට කොකේන් ජාවාරම් කරන බවට ට්‍රම්ප් චෝදනා කළද පෙට්‍රෝ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ඇමෙරිකානු මෙහෙයුම අතරතුර කියුබානු ජාතිකයන් 32 දෙදෙනෙකු මියගිය බව වාර්තා වීමත් සමඟ වෙනිසියුලාවේ සමීපතම මිතුරෙකු වන කියුබාව දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ජගත් ආරක්ෂක මණ්ඩලය ද රැස්වී මෙම තත්ත්වය සාකච්ඡා කළ අතර, එහිදී ඇමෙරිකානු නියෝජිතයා මෙය නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් ලෙස හැඳින්වුවද, වෙනිසියුලානු තානාපතිවරයා එය හෙළා දකිමින් ප්‍රකාශ කළේ මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවයි. මදුරෝගේ ඊළඟ නඩු විභාගය මාර්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිතය.

පියා නිවසට ගිනිතබා දියණියවද මරාගෙන මැරෙයිගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව, නුවරගම් ප්‍රදේශයෙන් අද (06) අලුයම ඛේදනී...
06/01/2026

පියා නිවසට ගිනිතබා දියණියවද මරාගෙන මැරෙයි

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව, නුවරගම් ප්‍රදේශයෙන් අද (06) අලුයම ඛේදනීය පවුල් ආරවුලක අවසානයක් වාර්තා විය. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු සිය නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන්, ඔහු සහ ඔහුගේ 13 හැවිරිදි බාල දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිදුවීමෙන් පවුලේ තවත් සිව්දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද අලුයම 2.00 ට පමණ මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි. ගින්නට හසුවීමෙන්, නිවසේ ගෘහමූලිකයා වූ 43 හැවිරිදි පියා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇත. සිද්ධියෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ 36 හැවිරිදි මව, 15 හැවිරිදි වැඩිමහල් දියණිය සහ 66 හැවිරිදි මිත්තණිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ගිනි තැබීම සිදුවන අවස්ථාවේදී පවුලේ 20 හැවිරිදි පිරිමි දරුවා නිවසේ රැඳී සිට නොමැත. කෙසේවෙතත්, ගින්න හටගත් බව සැලවීමත් සමඟ ඔහු වහාම එම ස්ථානයට පැමිණ තිබේ. ගින්නෙන් දැවෙමින් සිටි සිය මව සහ සහෝදරියන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමේදී, එම තරුණයාද පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදුව ඇති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිරන්තරයෙන් මත්පැන් පානය කර සිය බිරිඳ සමඟ ආරවුල් ඇති කර ගන්නා අයෙකු බවය. එමෙන්ම, මෙම පවුල් ආරවුල් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් වී ඇති අතර, එවැනි අවස්ථාවලදී පොලීසිය මැදිහත් වී දෙපාර්ශ්වයටම අවවාද කර ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

"අපේක්ෂා"ඉතාලියේ මිලානෝ නගරයේ "අපේක්ෂා" කියන්නෙ ලංකාවේ  කෙනෙකුට බලාපොරොත්ත්වේ ඉසව්වට ගමන් කිරීමට අපහසු කෙනෙකු හෝ පවුලකට ...
05/01/2026

"අපේක්ෂා"

ඉතාලියේ මිලානෝ නගරයේ "අපේක්ෂා" කියන්නෙ ලංකාවේ කෙනෙකුට බලාපොරොත්ත්වේ ඉසව්වට ගමන් කිරීමට අපහසු කෙනෙකු හෝ පවුලකට අසරණයෙකුට තමන්ගේ ඉසව්ව කරා බලාපොරොත්තුවේ මාවතේ ගමන් කිරීමට දෑත් දිගු කිරීමට සෑදී පෑදී සිටින ජාතික මෙහෙවරක් ඉටු කරන පිරිසක්.

වසර ගනනක පටන්ම මේ "අපේක්ෂා" වේ දෑත් දිගු කරමින් බලාපොරොත්තුවේ මාවත කරා ගමන් කිරීමට දායකත්වයෙන් සරණ වෙමින් ඉමහත් ගමන් මඟක රන් අකුරින් ලියැවුන සංවිධානයක්.

ඒ ගමන් මඟ තුලින් නැති බැරි කමට ඇති හැකි අයුරින් සිය දායකත්වය ලබාදෙන්නට ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් හරි හම්බ කරන මුදලින් මූල්‍යාධාර පුණ්‍ය කටයුතු කරමින් ආගමික ජාතික පක්ෂ පාට භේදයකින් තොරව සිය හදවත් තුල පමණක් හෘදයාංගම තෘප්තියක් ලබමින් මෙතෙක් කල් ගෙවූ මඟ සෙනෙහසේ මානව දයාව වෙනුවෙන්ම ඉතාලියේ මිලානෝ නගයේ ජීවිත් වන සහෘදයින් පිරිසක් විසින් පසුගිය දවසක අපූරුවතම පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් සිය හෘදයාංගම දායක්තය ලබාදීමට උත්සුක වී තිබුනා.

ශ්‍රී ලංකාවේ දුවා දරුවන් 71 දෙනෙකුට ආසන්න වශයෙන් සිය දෙමාපියන් හෝ එක් අයෙකු හෝ අහිමි කරවමින් හරි හම්බ කරගත් වස්තුව සිය නිවෙස් ව්‍යාපාර යාන වාහන රුදුරුවූ මහ වතුරත්,හමාගෙන ගිය සැඩ සුළඟත් මඟින් ජන ජීවිත ජල කඳත් එකතු කරගෙන මහ මුදට අවාසනාවන්ත ලෙස දියවී පාවී ගිය මොහොතක ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රයෙන් මූලිකව කටයුතු කර ප්‍රසිද්ධ කරන ලද REBUILDING මූල්‍යමය සහනාධාරය උදෙසා පසුගියදා රුපියල් පන් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් ඉතාලියේ මිලානෝ නගරයේ කොන්සලර් ජෙනරල් වරයා වෙත ප්‍රධානය කරනු ලැබුවා.

සුපුරු පරිදි "අපේක්ෂා" සංවිදානය මගින් වාර්ෂිකව නත්තලේ අසිරිය සැමරීම සඳහා මෙවරත් එම නත්තල් උත්සයවයද පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත්,ශ්‍රී ලංකාවේ සිදුවූ විපතට පත් ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කඳුළු මතින් නත්තලේ ප්‍රීතියේ උත්සවයද අත් හිටුවමින් එයින් ලබන සතුට පසෙකට ලමින් "අපේක්ෂා" සංවිධානය මෙවර ව්‍යවසනයට පත් ජනතාවගේ දුකට පිහිට වීමට තීරණයකට එලැඹීම කාලෝචිත වුනා.

"අපේක්ෂා" සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් සිය දෑත් දිගු කරමින් ලබාදුන් මුදල එම සංවිධානයේ නිළධාරීන් මණ්ඩලය විසින් මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික කොන්සල්වරයා වෙත ලබාදෙමින් ව්‍යවසනයට ලක්වූ සිය සහෘදයින්ගේ ජීවිත නගාසිටුවා ගැනීමට දායකත්වය ලබා දීමට මවුබිමේ සහ ශ්‍රී ලාංකිකත්වයේ එකමුතු සහයෝගීතාවය මනාවට පිළිබිඹු කරනු ලැබුවා.

©එමිල් රෝහන් 🟩🟩🟩 මිලානෝ සිට

බල්ලන් බළලුන් ගැන පවා ඔත්තු බලමින් මදුරෝ අල්ලන්න ට්‍රම්ප් සිදුකළ සූක්ෂ්ම මෙහෙයුම වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔ...
05/01/2026

බල්ලන් බළලුන් ගැන පවා ඔත්තු බලමින් මදුරෝ අල්ලන්න ට්‍රම්ප් සිදුකළ සූක්ෂ්ම මෙහෙයුම

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් ඇමරිකානු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව නිව්යෝර්ක් හි ස්ටුවර්ට් ගුවන් ජාතික ආරක්ෂක කඳවුරේදී දක්නට ලැබුණු අතර එහිදී ඔහු නිලධාරීන්ට සුබ නව වසරක් වේවා යැයි පවසා තිබේ. මෙම අත්අඩංගුවට ගැනීමට පෙර 2025 අගෝස්තු මාසයේ සිට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) රහසිගත කණ්ඩායමක් වෙස්වලාගෙන කරාකස් නුවර වීදිවල රැඳී සිටිමින්

මදුරෝගේ දින චර්යාව, ඔහු හමුවන පුද්ගලයින් සහ ඔහුගේ බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන්ගේ පුරුදු පවා නිරීක්ෂණය කරමින් තොරතුරු රැස් කර ඇත. ඇමරිකානු තානාපති කාර්යාලය 2019 සිට වසා දමා තිබීම නිසා බාහිර සහායක් නොමැතිව ක්‍රියාත්මක වූ මෙම ඒජන්තයින්ට මදුරෝගේ අභ්‍යන්තර කවයේ සිටි ඔත්තුකරුවෙකුගේ සහාය ලැබී ඇති අතර අහසේ සැරිසැරූ ස්ටෙල්ත් ඩ්‍රෝන යානා මගින් වීඩියෝ සහ ඡායාරූප ලබා ගෙන තිබේ.

2020 වසරේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මදුරෝව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම් කර තිබූ අතර, වෙනිසියුලාවේ තෙල් සම්පත සහ දේශපාලන පාලනය අත්පත් කර ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම දියත් කර ඇත. මදුරෝ අල්ලා ගැනීම සඳහා ඇමරිකාවේ විශේෂ ඩෙල්ටා ෆෝස් ඒකකය යොදවා තිබූ අතර,

කෙන්ටකි හි ජනාධිපති මන්දිරයේ පූර්ණ පරිමාණ ආකෘතියක් නිර්මාණය කර 'ඔපරේෂන් ඇබ්සොලියුට් රිසෝල්ව්' නමින් පෙරහුරු පවත්වමින් වානේ දොරවල් කඩා දමන ආකාරය සහ අඳුරේ ගමන් කරන ආකාරය පිළිබඳව කමාන්ඩෝ භටයින් පුහුණු කර තිබේ. ආරක්ෂක හේතූන් මත මදුරෝ ස්ථාන 6-8ක් අතර මාරුවෙන් මාරුවට රැඳී සිටීම නිසා ඔහු සිටින නිශ්චිත ස්ථානය සොයා ගැනීම අභියෝගයක් වී තිබුණි.

ප්‍රහාරය දියත් කිරීමට පෙර ඇමරිකාව විසින් ප්‍රදේශයේ යුධ ගුවන් යානා, ඉලෙක්ට්‍රොනික යුධ නැව් සහ ඩ්‍රෝන යානා ධාරිතාව ඉහළ නංවන ලද අතර නත්තල් නිවාඩුව සහ අයහපත් කාලගුණය හේතුවෙන් මෙහෙයුම ප්‍රමාද වී අවසානයේ 2026 ජනවාරි 3 වන දින රාත්‍රියේ දියත් කෙරුණි. ෆ්ලොරිඩාවේ මාර්-අ-ලාගෝ හි සිට මෙම මෙහෙයුම රූපවාහිනී වැඩසටහනක් මෙන් සජීවීව නැරඹූ ට්‍රම්ප් විසින් රාත්‍රී 10:46 ට අවසන් අනුමැතිය ලබා දී ඇත. සයිබර් ප්‍රහාරයකින් කරාකස් නුවර විදුලිය විසන්ධි කිරීමත් සමඟ ඇරඹුනු මෙම මෙහෙයුමේදී ගුවන් යානා 150කට අධික සංඛ්‍යාවක් යොදවා රේඩාර් පද්ධති සහ රේඩියෝ කුළුණු වෙත බෝම්බ හෙලමින් ප්‍රහාර එල්ල කර තිබේ.

මුහුද මට්ටමේ සිට අඩි 100ක් වැනි ඉතා පහළ මට්ටමකින් පියාසර කළ හෙලිකොප්ටර් යානා මගින් ඩෙල්ටා ෆෝස් භටයින් මදුරෝ රැඳී සිටි ෆුවර්ටේ ටියුනා හමුදා කඳවුරට ගොඩබැස ඇති අතර

එහිදී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවිය. අලුයම 2:01ට පමණ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් දොරවල් කඩා ඇතුළු වූ ඇමරිකානු භටයින් විනාඩි 3ක් ඇතුළත ගොඩනැගිල්ලට ඇතුළු වී, ආරක්ෂිත කාමරයක් වෙත පලා යමින් සිටි මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම ආරක්ෂිත කාමරයේ දොර ඉතා ඝනකම් එකක් වුවද ඔවුන්ට එය වසා ගැනීමට නොහැකි වූ බව පසුව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

අලුයම 3:29 වන විට ඇමරිකානු භටයින් මදුරෝ රැගෙන වෙනිසියුලාවෙන් පිටත්ව ගිය අතර, පසුව ඔහුව ග්වාන්තනාමෝ බේ හරහා නිව්යෝර්ක් වෙත ගෙන ගොස් බෲක්ලින් බන්ධනාගාරයේ රඳවා තිබේ. මෙම මෙහෙයුමෙන් වෙනිසියුලානු සෙබළුන් සහ සිවිල් වැසියන් 40 දෙනෙකු මියගොස් ඇමරිකානු භටයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ට්‍රම්ප් විසින් වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර රටේ පාලනය ඇමරිකාව යටතට ගන්නා බව නිවේදනය කර ඇත. ජාත්‍යන්තර නීතිය යටතේ මෙය නීතිවිරෝධී වාඩිලා ගැනීමක් ලෙස නීති විශාරදයින් පෙන්වා දී තිබේ.

05/01/2026

ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ

04/01/2026

බොඳ උන හීන

එකපාරකට වඩා බලන්න එපා
ගොඩාක් දුක හිතෙයි
සංවේදී නං බලන්නම එපා

Indirizzo

Milan
20121

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Emil Rohan pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Digitare