21/09/2019
ඔබගේ පුද්ගලික දුරකථනය කුමනවේලාවක හෝ නැතිඋනොත්,කැඩුනනොත් නැවත එහි දත්ත ලබා ගන්නේ කෙසේද?
ඔබගේ දුරකථනය නැතිඋනොත් හෝ කැඩුනොත්......පෝන් නම්බර්ස් ටික,පොටෝ,වීඩියෝ,මැසේජස් ?..හරිම අවුලක් නේ වෙන්නේ.....
ඉතින් මේවගේ ගැටලුවක් ඇතිනොවෙන්න කල්තියාම සූදානම් වෙන එක වටිනවා .
ඉතා සරලයි. 'Outo backup' ඔවු ඒක තමයි.සමහරක් අය මේක ගැන දන්නවා උනත් බොහෝ දෙනා දන්නේ නැහැ. ඉතින් මේ පහසුකම ඇපල් ආයතනය මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් පෝන් භාවිතා කරන ඔබ සදහා ගූගල් ආයතනය වෙතින් නොමිලයේ ලබාදී තිබෙනවා.
මේක මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ.සරලවම වෙන්නෙ මේකයි. ඔබ විසින් ඔබේ දුරකථනෙයේ ගබඩා කරගන්න පොටෝ,වීඩියෝ, දුරකථන අංක නාමාවලිය, මෙන්ම තවත් අවශ්‍යනම් massage,bookmark, ආදී දේ ගූගල් ආයතනය හෝ ඇපල් ආයතනය විසින් ඔවුන්ගේ මතක ගබඩාවක ගබඩා කරගන්නවා.ඒ ඔබේ ඇපල් හෝ ගූගල් ලිපිනය හරහා.ඒ නිසා ඊමේල් ලිපිනය හා මුරපදයා මතක තබා ගැනීම ඉතා වැදගත්. දිනපතා ඔබ ඔබ ගබඩා කරන සියලු තොරතුරු ඒ විදියට සුරක්ෂිත වෙනවා.(ඒ වගේම මේ සදහා data වැයවන බව මතක තබා ගන්න)
ඉතින් අපි හිතමු දැන් ඔබේ දුරකථනය නැතිඋනා.හෝ නැවත හදාගන්න බැරි විදියටම කැඩුනා.
දැන් පෝන් එකක් නෑ ...ඉතින් ඔබට පුලුවන් ඕනෑම පරිඝණකයකින් හෝ යහලුවෙකුගේ දුරකථනයක බ්‍රවුසරයක් හරහා ඔබේ දත්ත ගොණුවට පිවිසී ඔබේ දත්ත නරඹන්න හෝ බාගත කරගන්න. ඔබ අලුත් දුරකථනයක් මිලදී ගත්තා නම්...ඔබේ පරන දුරකථන දත්ත ඔබට අවශ්‍යයි .බොහොම ලේසියි..ඔබේ පරන දුරකථනයේ තිබුන ඊමේල් ලිපිනය හා මුරපදය ලබාදී sync කියන විධානය ලබාදෙන්න. ටිකවෙලාවකින් පරන දුරකථනයේ තිබුන සියලු දත්ත ඒ ආකාරයෙන්ම නව දුරකථනයේ තිබෙනවා ඔබට දැකගන්න පුලුවන්.
ඒ සදහා සැකසුම් සකස් කරගන්නා ආකාරය පහත link දෙකෙන් දැනගන්න පුලුවන්
ඇපල් දුරකථන සදහා
https://support.apple.com/en-us/HT203977ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා
https://support.google.com/android/answer/2819582?hl=en
Arunad