27/11/2025
තෙරුවන් සරණයි ! තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ මිහිඳු පෙරේරා මහත්මාගේ පියාණන් 2025 ක් වූ නොවැම්බර් මස 24 වන දින අභාවයට පත් වූයෙන් එතුමන්ගේ පරලොව ගත ජීවිතයට පින් පතා සිදු කරනු ලබන විශේෂ කාව්‍යමය ධර්ම දේශනාව 2025 .11. 28 වන සිකුරාදා දින ප.ව. 8.00 ට පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වනමෙන් පින්වත් ඔබ සැමට ඉතා කරුණාවෙන් ආරාධනා කරමු. තෙරුවන් සරණයි