03/12/2025
‼️මී උණ මාරාන්තිකයි
මේ විශාල ආපදාවෙන් පීඩා විදි ඔබ වෙනුවෙන් ලංකාවාසී හැම දෙනාම එකා මෙන් කැප වෙලා වැඩ කරන්වා. රාජ්‍ය පෞද්ගලික සහන කණ්ඩායම්, උපකාර කරන්නන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ වන විට ජල මට්ටම පහල ගියද අවදානම අඩු වෙලා නෑ. ඉතින්, මෙවැනි කාලයක මී උණ (Leptospirosis) රෝගය යලි හිස ඔස වන්න පටන් ගැනීමේ හැකියාවක් ඇත.
මෙම රෝගය වැලදුන සතුන්ගේ මුත්‍රා හරහා මිනිසුන්ට මෙය බෝවීම සිද්ධ වෙනවා. මේ කාලයේ, ගං වතුරෙන් පීඩා විදින අයද, සහන කණ්ඩායම් වල අයද, ගං වතුර නැරඹීමට යන අයද නැත්නම් උපකාර කල අයද මේ රෝගය වැලදීමේ අවදානමේ පසු වෙනවා. යම් විටක ඔබගේ පාද වල ඇති සියුම් සීරීමක හරහා මෙම රෝගය ඔබට වැලදිය හැක.
⭐️රෝග ලක්ශණ
තද උණ
තද හිසරදය
මස් පිඩු වේදනාව
ඔක්කාරය
ඇස් රතු වීම
අදික තෙහෙට්ටුව
ආරක්ෂාක පියවර
ආරක්ශක පාවහන් පලදින්න.
නිරාවරණය වූ සම සබන් යොදා සෝදන්න.
ගං වතුරට නිරාවරනය වීමෙන් වලකින්න. එසේ අවදානමට ලක් වුවහොත් ප්‍රතිජීවක ඖෂධ (Doxycycline 💊) ලගම ඇති MOH හෝ PHI මහත්මයා හරහා ලබා ගන්න.
ඒ වගේම ඉහත රෝග ලක්ෂණක් තිබේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න. නිසි කලට ප්‍රතිකාර ලබා ගත නොගතහොත් හොත් ඔබගේ වකුගඩු, මොලය, අක්මාව හරහා පැතිර මාරාන්තික විය හැක.
මෙම අභියෝගාත්මක වේලාව තුළ අපි එකිනෙකා ආරක්ෂා කර ගෙන හැමෝටම උදව් කරමු.
✍ Kau's Diary