19/10/2025
දැඩි සතිකාර ඒකකයක(ICU) ඉන්න Patient කෙනෙකුට ලැබෙන දැඩි සත්කාර මොනවාද?🤔
සාමාන්‍ය වාට්ටුවකදී රෝගීන්ට දෙන්න පුළුවන් ප්‍රතිකාරයන්ට වඩා විශේෂිත වූ, අත්‍යවශ්‍ය ප්‍රතිකාර 💊සහ ඔයාලා නොහිතන විදියේ බොහෝ පහසුකම් ICU එකකදී රෝගීන්ට ලැබෙන නිසා තමයි අපි ඒක දැඩි සත්කාර ඒකකය 🏥කියලා හඳුන්වන්නෙ.
ඇත්තටම මොනවද මේ දැඩි සත්කාර? මං කලින් post එකේදි කිව්වා වගේ රෝගියෙකුට ventilator මැෂින් 📟 වලින් පහසුවෙන් හුස්ම ගන්න සලස්වන එක, වේදනා නාශක 💉සහ අනෙකුත් ඖෂධ හරියාකාරව ලබා දිය හැකි විශේෂිත කැනියුලා සහ කැතීටර් සිරුරට 👩🔬සම්බන්ධ කිරීම,වකුගඩු පිරිසිදු කිරීමේ 🧫 ප්‍රතිකාර ලබා දීම, සියලු විශබීඡ 🦠හරණය කළ උපකරණ සහ ඉතාම පිරිසිදු වටපිටාව, අවශ්‍ය පෝෂක සහිත ආහාර 🍛🥙පාන, Physiotherapy,ඇතුළු බොහෝ සත්කාර🤝රෝගීන්ට ලැබෙන තැනක් වගේම එක් දිනකදී එක් රෝගියෙකු වෙනුවෙන් විශාල වියදමක් දරණ ප්‍රතිකාර ඒකකයක් තමයි ICU එක කියන්නෙ.
සාමාන්‍ය වාට්ටුවක ඉන්න රෝගීන්ට වඩා ICU එකේ ඉන්න රෝගීන්ගේ රෝගී තත්වයන් තීරණාත්මක 🥹නිසා තමයි, මේ විදියට අපි ඒ රෝගීන් හොදින් රැක බලා ගන්න 🧑🏻⚕️අවශ්‍ය වෙන්නෙ.
ඉතින් මේ ICU bed එකක 🛌 ඉන්න රෝගියෙකුගේ රෝගී තත්වය සහ ලැබෙන ප්‍රතිකාර 🧪අනුව ගොඩක් වෙලාවට ආපසු සුවය ලැබෙනකම්, රෝගියෙකුට තමන්ගේ ශරීරය සම්බන්ධ වුණ දෙයක් 🛀 තනියෙම කරගන්න හැකියාවක් නෑ.
ඒ නිසා එයාලව දිනපතාම පවුලෙ කෙනෙක් වගේ පිරිසිදු කරන්නෙ 🧼,ඇදුම් 🥼අන්දවන්නෙ, දත් මදින්නෙ🪥,ඔළුව පීරන්නෙ,කැත කුණු අයින් කරන්නෙත් අපේ medical staff එකේම nurses ල සහ Attendents ල තමයි.
ඒ වගේම තමයි ICU එකට රෝගීන් බලන්න පිටින් එන කෙනෙක්ව, වාට්ටුවකට යනවට වඩා ගොඩක් සීමා සහිතව, අවශ්‍ය ආවරණ😷(masks, overcoat) ත් එක්ක විතරක් අපි ඇතුළට ගන්නෙ, මේ රෝගීන්ව අනිත් අයට වඩා හොදින් විෂබීඡ වලින් 🦠ආරක්ෂා කර ගන්න අවශ්‍ය වෙන නිසා.
ඉතින් මේ වගේ බොහෝ සත්කාර,ප්‍රතිකාර🤝ලබාගෙන සුවය ලැබුනට පස්සෙ තමයි දැඩි සත්කාර ඒකක(ICU)යෙන් රෝගියෙක්,👳නැවතත් සාමාන්‍ය වාට්ටුවකට බාර දෙන්න පුළුවන් වෙන්නෙ.
ඒ නිසා මේ වගේ විෂේශිත පහසුකම් සලස්වලා මෙතරම් හොඳින් රැක බලාගන්න තැනකට එන්න ඔයාලාගෙ පවුලෙ කෙනෙකුට සිදු වුණොත්,ඒ ගැන වෙනදාට වඩා positive හිතන්න මේ post එක හේතු වෙයි කියලා මං හිතනවා.🩶
🩺෴ඩොක්ටර් අචී…..
👉 follow Doctor Achi