05/01/2021
ඔබත් හිතුමතේට ඇඟේ ඉන්න බැක්ටීරියාවන් සර්ප්‍රයිස් කරන කෙනෙක්ද ??
--------------------------------------------------------------------------
අප අවට සිටින අය සමඟ සහයෝගයෙන් ජීවත්වීම ශිෂ්ට සම්පන්න මෙන්ම හොඳ සෞඛ්‍ය සම්පන්න සමාජයක ලක්ෂණයක්. නමුත් අප සහයෝගයෙන් කටයුතු කළ යුත්තේ අපගේ පියවි ඇසට පෙනෙන අයවලුන් සමග පමණද? අපටත් නොදැනීම අපේ සිරුර නිවහන කරගත් දස ලක්ෂ ගණනින් ක්ශුද්‍ර ජීවීන් අපේ සිරුර තුළ ජනාවාස සාදාගෙන ස්ථාපිත වී සිටි. ඔවුන් අපට වැදගත් ද? මොවුන් සමඟ අප සහයෝගයෙන් සිටිය යුතුද? අද ලිපියෙන් ඒ පිළිබඳ විමසමු.
• සහයෝගයෙන් කටයුතු කරමු යැයි කතා කරන විට බොහෝ දෙනාට එකවර මතකයට එන්නේ අප අවට වෙසෙන පුද්ගලයන් ගැනයි. නමුත් අපට නොපෙනෙන බලවේගයක් බඳු මේ ක්ශුද්‍ර ජීවී සමුදාය අප උදෙසා ඉටු කරන කාර්යභාරය ගැන අප කාටත් අල්ප මාත්‍රයක වත් අවබෝධයක් නැත. අපේ සිරුර තුළ මෙන්ම සිරුරෙන් පිටත පෘෂ්ඨය මත ද වාසය කරමින් අප ආරක්ෂා කර ගැනීම උදෙසා සිදුකරන යාන්ත්‍රණ ගැන අප තුළ වූ නොදැනුවත්කම නිසා අප විසින් සිදු කරන යම් යම් අහිතකර ක්‍රියා මගින් මෙම ක්ශුද්‍ර ජීවීන් විනාශ වී යයි.
• ක්ෂුද්‍ර ජීවීන් ප්‍රධාන වර්ග දෙකකි, එනම් හිතකර ක්ශුද්‍ර ජීවීන් හා අහිතකර ක්ශුද්‍ර ජීවීන් ලෙසයි. අහිතකර ක්ශුද්‍ර ජීවීන් යනු, රෝගකාරක තුළින් ව්‍යාප්ත වී, සිරුර ආක්‍රමණය කර, රෝග ඇති කිරීමට සමත් වන "ව්‍යාධිජනකයා" ලෙසින් හඳුන්වන ජීවීන් කොට්ඨාශයයි. හිතකර ක්ෂුද්‍ර ජීවීන් යනු, සිරුර තුළ මෙන්ම සිරුරෙන් පිටත ද වාසය කරමින් අහිතකර ව්‍යාධිජනකයින් ගෙන් අප ආරක්ෂා කරදෙන ජීවීන් කොට්ඨාශයයි.
• අපගේ සිරුරේ බරින් රාත්තල් 4 - 5ක් පමණ අයත් වන්නේ මෙම හිතකර ශුද්ධ ජීවීන් සමුදායටයි. එතරම් විශාල ක්ශුද්‍ර ජීවීන් ප්‍රමාණයක් අපේ සිරුරේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර පවතිනවා. උදාහරණයක් ලෙස සැලකූ විට සිරුරෙන් පිටත සම මත, රෝම කූප ආශ්‍රිතව, සිරුර තුළ ආහාර මාර්ගය ආශ්‍රිතව, මෞත්‍ර ලිංගික මාර්ගය ආශ්‍රිතව, මුඛය තුළ මොවුන් ජීවත් වෙනවා. තවද ස්වසන පද්ධතිය, අක්මාව, වකුගඩු, හෘදය පටල ආශ්‍රිතව මෙන්ම රුධිර වාහිනී තුළත් මොවුන් වාසය කරනවා. මෙම ශුද්ධ ජීවීන් බාහිර පරිසරය දක්නට ලැබෙන්නේ නැත. හේතුව මොවුන්ට ජීවත්විය හැකි වන්නේ සිරුරේ අභ්‍යන්තරය ඇති පරිසර තත්ත්ව වලදී පමණයි. මොවුන් නියමිත ස්ථානවල, නියමිත ප්‍රමාණවලින්, නියමිත පෝෂණ කාර්යයන් ඉටු කරමින්, සමතුලිතව පවති. මෙය "Symbiosis" ලෙස හඳුන්වන අතර ශරීරයේ නිරෝගිබාවයට වැදගත් වේ.
• මෙලෙස සිරුර තුළ වෙසෙන මිලියන ගණන් ක්ශුද්‍ර ජීවීන්ගේ ගහනයන් අප පොදුවේ හඳුන්වන්නේ "Microbiome" ලෙසයි. හිතකර ක්ෂුද්‍ර ජීවීන් නිසා අපේ සිරුරට අත්වන වාසි විශාල ප්‍රමාණයක් ඇත.
1) මොවුන් අපේ සමේ සෞඛ්‍ය රැකගැනීමට උදව් වේ.
2) ආහාර ජීරණ පද්ධතියේ සෞඛ්‍යසම්පන්න භාවය ආරක්ෂා කර ගනී.
3) දියවැඩියාව, කොලොස්ට්‍රෝල් මෙන්ම තරබාරුව ඇති වීමද පාලනය කිරීමට උපකාරී වේ.
4) පිළිකා වැළැක්වීමට උපකාරී වේ.
5) ස්වයං ප්‍රතිදේහ නිසා ඇතිවන රෝගාබාධ (Auto Immune Disease) වැළැක්වීමට උපකාරී වේ.
6) මානසික රෝග ඇති වීම වැළැක්වීමට උපකාරී වේ.
අපි සිරුර ආරක්ෂා කරන බහුතරයක් ක්ශුද්‍ර ජීවීන් වාසය කරන්නේ ආහාර ජීරන පද්ධතිය ආශ්‍රිතවයි. එලෙස ආහාර මාර්ගය තුළ ජීවත්වන ක්ශුද්‍ර ජීවීන් විසින් සිරුරේ සෑම ප්‍රදේශයකම යහ පැවැත්ම සඳහා වැදගත් වන ක්‍රියාවලිය ඉටු කරයි .
ආහාර මාර්ගයේ සිටින ක්ශුද්‍ර ජීවීන් පෝෂණයට දායක වන අයුරු.
-----------------------------------------------------------------------
මොවුන් ආහාර ජීරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැදගත් කාර්යයක් ඉටු කරයි.
ආහාර මාර්ගයේ වාසය කරන්න බැක්ටීරියා ප්‍රමාණය ආසන්න වශයෙන් 10 බල 14ක් බව අනුමාන කර ඇත. (උදා - Bacteroides, Actinobacteria, Ruminococcus, Clostridium, Escherichia coli, Lactobacillus) බැක්ටීරියාවන්ට අමතරව දිලීර වර්ග ද වාසය කරයි. (උදා- Candida albicans, Saccaromycis)
මේ අතරින් Bacteroides හා Ruminococcus යන බැක්ටිරියා වර්ග දෙකම සත්ව ආහාර බහුලව ගන්නා පුද්ගලයන්ගේ වැඩිපුර දක්නට ලැබේ. තවත් බැක්ටිරියා වර්ගයක් වන Prevotella යන බැක්ටීරියාව ශාකමය ආහාර ගන්නා පුද්ගලයන් තුළ වැඩිපුර දක්නට ලැබේ.
මෙම බැක්ටීරියාවන් අතර ඇති අනුපාතයේ සිදුවන වෙනස්කම් මගින් රෝග නිර්ණය කිරීම සිදු කරයි.
ආහාර මාර්ගයේ ජීවත් වන හිතකර බැක්ටීරියා මගින් පහත සඳහන් කෘත්‍යයන් ඉටු කරයි.
1) අප ගන්නා ආහාර කොටස් ජීරණයට අවශ්‍ය එන්සයිම ශ්‍රාවය කරයි. එම එන්සයිම මගින් ආහාර ජීර්ණයට ලක් කර පසුව අවශෝෂණය කිරීමට දායකත්වය සපයයි.
2) මොවුන් විසින් අප ගන්නා ආහාරයෙ ඇති ශක්තිය, ශරීරයට ලබා ගැනීම, ශක්තිය ගබඩා කිරීම හා ශක්ති සංඝටක අනෙකුත් ස්ථාන කරා පරිවහනය කිරීම සිදු කරයි. මෙලෙස පරිවහනය කිරීම් සිදුකරන්නේ ප්‍රධාන වශයෙන් කෙටි දාම මේද අම්ල හරහාය. ප්‍රධාන වශයෙන් ශරීරය තුළ ශක්තිය ලබා ගැනීමේ උපස්තරය ලෙස ලිපිඩ භාවිතා කරයි.
3) Intestinal Microflora හෙවත් ආන්ත්‍රිකව වාසය කරන ක්ශුද්‍ර ජීවීන් විසින් සිරුරට වැදගත් වන විටමින් වර්ග ස්වභාවිකව නිපදවයි. විටමින් K, විටමින් B1, විටමින් B2, B3, B5, B6 හා B12 සිරුර තුලදී ආන්ත්‍රික ජීවීන් මගින් නිපදවයි.
4) ආන්ත්‍රික ජීවීන් විසින්, ප්‍රධාන වශයෙන් Lactobacillus මගින් ආහාර මාර්ගය තුලදී ප්‍රතිදේහ වල ක්‍රියාකාරිත්වය පාලනය කරමින් සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවයි.
5) මොවුන් විසින් ආහාරයේ අඩංගු පෝෂක කොටස් පරිවහනය කිරීම මෙන්ම, ආහාරයේ අඩංගු විෂ කොටස් ඉවත් කිරීම ද සිදුකරයි. මොවුන් ශ්‍රාවය කරන රසායනික සංයෝග මේ සඳහා උපකාරී වේ.
යම් පුද්ගලයකු සතුව එම පුද්ගලයාට ආවේනික වූ ක්ශුද්‍ර ජීවී සංයුතියක් පවතී. මෙම ක්ශුද්‍ර ජීවී සංයුතිය සමබරව පවත්වා ගැනීම මගින් ආහාර මාර්ගය ආශ්‍රිතව මතුවිය හැකි බෝ නොවන රෝග ගණනාවකින් ආරක්ෂා වීමට හැකියාව ලැබේ. මෙම ක්ශුද්‍ර ජීවී සමබරතාවය සදහා පෝෂණීය ආහාර, ප්‍රතිශක්තිය, ශරීර උෂ්ණත්වය, ජාන සැකසුම, පාරිසරික බලපෑම යන කරුණු බලපායි. මේ අතරින් වඩාත් වැදගත් වන්නේ පෝෂණීය ආහාර වේ. සමහර ආහාර ක්ශුද්‍ර ජීවීන් ගේ යහ පැවැත්මට නුසුදුසු වන අතර සමහර ආහාර ඉතා හිතකර වේ.
ක්ෂුද්‍ර ජීවීන්ට නුසුදුසු ආහාර හෝ ඖෂධ භාවිතා කිරීමෙන් අඩාල වන ක්ශුද්‍ර ජීවී ක්‍රියාවලින් පුද්ගලයාගේ නිරෝගී යහ පැවැත්මට තර්ජනයක් එල්ල කරයි. එම නිසා මෙම ක්ශුද්‍ර ජීවී ගහන වල ප්‍රශස්ත සමතුලිතතාව පවත්වා ගැනීම වැදගත් වේ.
ක්ශුද්‍ර ජීවීන් වැඩි වූ විට, ක්ශුද්‍ර ජීවීන් විසින් ස්‍රාවය කරන රෝගකාරක සංයෝග ප්‍රමානය වැඩිවී, එමගින් රෝග ඇතිවීම උත්තේජනය වීමෙන් ධාරකයාට හානි සිදුවන අතරම, ක්ශුද්‍ර ජීවී ගහණය අඩු වූ විට, ක්ශුද්‍ර ජීවීන් විසින් සිදුකරන රෝග කාරක ද්‍රව්‍ය නිශේධක ක්‍රියාවලිය අඩුවී පුද්ගලයාට හානි සිදුවේ.
දිගු කාලීනව තන්තු සහිත ආහාර ගන්නා පුද්ගලයන්ගේ ආහාර මාර්ගය තුළ හිතකර ක්ෂුද්‍ර ජීවීන් වන Prevotella වැනි ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වන අතර, තන්තු අඩු ආහාර දිගුකාලීනව ගැනීමෙන් අහිතකර ක්ශුද්‍ර ජීවීන් වර්ධනය වේ. තවද දිගුකාලීනව සත්ත්වමය ආහාර, අධික පිෂ්ඨය සහිත ආහාර ගැනීම, තෙල් අධික ආහාර, සීනි අධික ආහාර, කෘතිම රසකාරක අඩංගු ආහාර නිතරම ගැනීමෙන් අහිතකර ක්ශුද්‍ර ජීවී ගහන වර්ධනය වීම වේගවත් වේ.
ක්ශුද්‍ර ජීවින් ආහාර මාර්ගය තුළ සමතුලිතව පැවතීම Symbiosis ලෙස හඳුන්වන අතර එම සමතුලිතතාව බිඳී යාම Dysbiosis ලෙස හඳුන්වයි. මෙම සමතුලිතතාව බිඳ වැටීමට බලපාන හේතු සාධක ගණනාවක් ඇත.
1) ඖෂධ ( NSAID, Antibiotics)
2) කෘෂි රසායන අඩංගු ආහාර
3) කෘතිම රසකාරක අඩංගු ආහාර
4) අධික සීනි සහිත ආහාර ( බිස්කට්, කේක්, අයිස්ක්‍රීම්, Sweets)
5) අධික තෙල් සහිත ආහාර
6) MSG අඩංගු ආහාර (චයිනීස්, සේවරි රස කල ආහාර)
7) සෝස් වර්ග
8) සියලුම මස් වර්ග
9) පාන් සහ පාන් පිටි අඩංගු ආහාර
10) Transfat වැනි තෙල් අඩංගු ආහාර (බර්ගර්, පිට්සා, මාගරින්, මස්, සොසේජස්, එළවළු තෙල් වලින් බදින ලද කට්ලට්, පැටිස් , රෝල්ස්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්)
11) වතුර වල අඩංගු කලරින්
12) දිගුකාලීන කිරිපිටි භාවිතය
13) මද්‍යසාර
නූතන අහිතකර ආහාර රටාවන් මගින් ශරීරයට හිතකර ක්ශුද්‍ර ජීවී ක්‍රියා අඩපණ වී අහිතකර ක්ශුද්‍ර ජීවී ක්‍රියා වර්ධනය වේ. මොවුන් විසින් සිරුර තුලදී අහිතකර සංඝටක නිපදවයි. මෙම ක්‍රියාවලිය "pathogen associated molecular pattern " ලෙස හඳුන්වයි. මොවුන් නිපදවන අහිතකර ද්‍රව්‍ය මගින් අහාර මාර්ගය තුලදී ප්‍රදාහ තත්වයන් ඇති කරයි. සියලුම ඉන්ද්‍රියයන්ට මෙය බලපාන අතර දියවැඩියාව, ස්ථුලතාවය ප්‍රතිශක්තිය අඩු වීම, පිලිකා, හෘදයාබාධය ඇතිවේ.
ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම.
-----------------------------------------------
1928 දී පළමු වරට "ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්" විසින් පෙනිසිලීන් නම් ප්‍රතිජීවකය සොයා ගැනීමේ සිට මේ දක්වා දහස් ගණනින් නව ප්‍රතිජීවක ප්‍රභේද සොයාගෙන ඇත. මේවා ස්වභාවිකව දෘව්‍යන්ගෙන් නිස්සාරණය කරගත් ඒවා හෝ කෘතිමව නිපදවන ලද ඒවා වේ. ප්‍රතිජීවක නිපදවීමේ මූලික අරමුණ හදිසි ව්‍යාධිජනක ආක්‍රමණවලින් සිරුර ආරක්ෂා කරගැනීම වුවත් අද වන විට සිදු වන්නේ හාත්පසින්ම වෙනස් දෙයකි. දිගුකාලීන නොසැලකිලිමත් ප්‍රතිජීවක භාවිතය මිනිසාගේ සෞඛ්‍යයට සෘණාත්මක බලපෑම් එල්ල කරයි.
සිදුකරන ලද කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී ඇති ආකාරයට, ප්‍රතිජීවක මගින් "Microbial dysbiosis" තත්ත්වය හෙවත්, ස්වභාවික ක්ශුද්‍ර ජීවී සමතුලිතය බිඳ වැටීම සිදු කරන අතර එය වැඩිහිටියන්ගේ මෙන්ම කුඩා දරුවන්ගේ ආහාර මාර්ගය ආශ්‍රිතව ද දුබලතා ඇති කරමින් දියවැඩියාව, ස්ථුලතාවය, ඇදුම, රුමැටික් ආතරයිටීස්, විශාදය, ඔටිසම් සහ ආන්ත්‍රික ප්‍රදාහය වැනි දිගුකාලීන රෝග රැසකට මුල පුරයි.
ප්‍රතිජීවක මඟින් ආන්ත්‍රික බැක්ටීරියා කෙරෙහි ඍජුවම හෝ වක්‍රාකාරව බලපෑම් එල්ල කරයි. ප්‍රතිජීවක ලබා ගැනීමේ මූලික අරමුණ ශරීරගතවී ඇති ව්‍යාධිජනකයින් විනාශ කිරීම වුවත්, ඒවායේ ඇති විසරිත ප්‍රතිචාර හැකියාව මගින් ආන්ත්‍රික හිතකර බැක්ටීරියා ගහණයන්ට ද මෙහි බලපෑම් එල්ල වී ඔවුන් මිය යාම හෝ ඔවුන්ගේ ක්‍රියාවලිය අඩපණ කිරීම සිදුකරයි. එකෙක් ප්‍රතිජීවක වර්ගය විවිධාකාරයෙන් බලපෑම් කරයි.
උදා- Vancomycin මගින් ගුද මාර්ගයේ ඇති මළ ද්‍රව්‍ය වල වෙසෙන ක්ශුද්‍ර ජීවී ගහණය හා ග්‍රෑම් ධන බැක්ටීරියා ගහණයන්ගේ අඩුවීමක් සිදු කළත්, Amoxcilin මගින් එවැන්නක් සිදු නොකරයි. තවද Ampicillin , Gentamicin, metronidazol, Neomycin වැනි ප්‍රතිජීවක මගින් බැක්ටීරියා ගහනය අඩු කරනවාට අමතරව, ආන්ත්‍රික බැක්ටීරියාවන්ගේ සංයුතිය වෙනස් කිරීමක් ද සිදු කරයි. එම නිසා ව්‍යාධිජනක යන්ට එරෙහිව ප්‍රතිජීවක තෝරා ගැනීමේදී එහි නිවැරදි භාවය සහ එමගින් ආන්ත්‍රික ජීවීන්ට සිදුකරන බලපෑම පිළිබඳවද සලකා බැලිය යුතුයි. සෑම විටම වෛද්‍ය නිර්දේශ මත පමණක් ප්‍රතිජීවක ලබා ගත යුතු වන්නේ ඒ හේතුව නිසයි.
සමහර ආන්ත්‍රික ක්ශුද්‍ර ජීවීන් මගින් නිපදවන ද්විතීයික පරිවෘත්තික සංඝටක (Secondary Metabolite) තවත් සමහර ක්ශුද්‍ර ජීවී කොලනියක් සඳහා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් විය හැක. (උදා- Bifidobacterium විසින් නිපදවන "ෆ්‍රක්ටොඔලිගොසැකරයිඩ - Fructooligosaccharide" සහ පිෂ්ටය භාවිතා කර lactate සහ ඇසිටේට්athitayata සාදයි. සමහර නිර්වායු ජීවීන්ට මෙම ෆ්‍රක්ටොඔලිගොසැකරයිඩ සෘජුවම භාවිතයට ගත නොහැකි අතර ඔවුන් ලැප්ටේට් සහ ඇසිටේට් ඔවුන්ගේ වර්ධනයට භාවිතා කරයි.
මේ අතර සමහර පරිවර්තික ද්‍රව්‍ය අන්ත්‍රය තුළ එකතුවීම, වෙනත් ජීවි විශේෂ වලට විෂ දායක විය හැකි අතර ඔවුන්ගේ වර්ධනයට බලපෑම් එල්ල කරයි.
ප්‍රතිජීවක නියමිත මාත්‍රාව ඉක්මවා ගැනීම හෝ අනවශ්‍ය අවස්තා වලදී වෛද්‍ය නිර්දේශයකින් තොරව ගැනීම මඟින් ධාරකයාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරයි. ප්‍රතිජීවක මගින් අන්ත්‍රය තුළ දී ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන ඇතිකරයි . මෙය Antibiotic Resistance ලෙස හඳුන්වයි. දිගුකාලීනව එකම ප්‍රතිජීවකය ලබා ගැනීමේදී ධාරකයා තුළ එයට ප්‍රතිරෝධයක් ඇති වේ. එම ප්‍රතිරෝධී ජාන ආකාර කිහිපයකින් බැක්ටීරියාවන් තුළට ඇතුල් වේ. එවිට එම බැක්ටීරියාවන් තුළද එම ප්‍රතිරෝධීතාව ඇතිවන අතර අදාළ ප්‍රතිජීවක නැවත භාවිත කිරීමේදී එම බැක්ටීරියාවන් එයට ඔරොත්තු දේ . (උදා - සුළු සුළු තුවාල සඳහා නිතර නිතර Cloxacillin ඖෂධය භාවිතා කිරීමේදී එයට ප්‍රතිරෝධීතාවයක් අප සිරුර තුළ ඇති වේ. එවිට පසුව විශාල තුවාලයක් ඇති වූ විට Cloxacillin මඟින් එය සුව නොවන අතර ඊටත් වඩා ප්‍රබල ඖෂධයක් ලබා ගත යුතු වේ. එය අපේ සිරුරට තවත් අහිතකරයි )
මීට අමතරව ප්‍රතිජීවක වලට ධාරක ප්‍රතිශක්තිය කෙරෙහි බලපෑම් ඇති කිරීමට ද හැකියාව පවතී. මෙහිදී ඒවා විසින් ආන්ත්‍රික බැක්ටීරියාවන් නිපදවන පරිවෘත්ත ද්‍රව්‍ය වෙනස් කිරීම හෝ ඔවුන් විසින් ධාරකයා වෙත, විශේෂයෙන් ධාරකයාගේ ආන්ත්‍රික අපිච්ඡද සෛල හා ආන්ත්‍රික ප්‍රතිශක්තීකරණ සෛල වෙත නිකුත් කරන සංඥා වෙනස් කිරීම මගින්ද ධාරක ප්‍රතිරෝධය ක්ශීණ කරයි. තවද අන්ත්‍රය ආශ්‍රිතව ඇති ලිපිඩ, පිත් අම්ල, ඇමයිනෝ අම්ල හා ඇමයිනෝ අම්ල ආශ්‍රිත සංඝටක සඳහා ද දැඩි බලපෑම් බලපෑමක් එල්ල කිරීමට ප්‍රතිජීවක වලට හැකියාව ඇත.
මහාන්ත්‍රය ජීවත් වන බැක්ටීරියා මගින් කෙටි දාම මේද අම්ල නිපදවයි. ප්‍රතිජීවක භාවිත කිරීමේදී මෙම ආන්ත්‍රික බැක්ටීරියා විශේෂය විනාශ වීමෙන් කෙටි දාම මේද අම්ල නිපදවන ප්‍රමාණය අඩුවේ. මෙය ආන්තික ප්‍රදාහ තත්වය ඇති වීමට බලපායි.
අපේ මහාන්ත්‍රය තුලදී Ruminococacea පවුලට අයත් වන බැක්ටීරියා වර්ග විසින් ප්‍රාථමික පිත් අම්ල, ද්විතියික පිත් අම්ල බවට පරිවර්තනය කරයි. මෙම ද්විතීක පිත් අම්ල මගින්, සමහර බැක්ටීරියා මගින් ඇති කරන "ප්‍රතිජීවක ආශ්‍රිත පාචනය" යන තත්ත්වය ඇතිවීම වළක්වයි. නමුත් Clindamycin වැනි ප්‍රතිජීවක මගින් මෙම ද්විතීක පිත් අම්ල සෑදීමේ ක්‍රියාවලිය නිෂේධනය කිරීමෙන් ඉහත කී පාචන තත්ත්වය වැනි අසාත්මිකතා ඇතිවේ.
සරලව ගත් කල ආන්ත්‍රික බැක්ටීරියා මෙන්ම සිරුරේ අනෙකුත් ස්ථානවල වාසය කරන බැක්ටීරියා ගහණ විනාශ වීම සම්පූර්ණයෙන්ම සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වියවුල් වීමට හේතුවක් වේ. ආහාර ජීරණ පද්ධතියේ ජීරණ ක්‍රියාවලිය අඩපණ වීමෙන් පෝෂක අවශෝෂණයට බාධා ඇතිවී ස්ථූලතාවය, පෝෂක ඌනතා රෝගී තත්ත්ව, දියවැඩියාව, කොලෙස්ටරෝල් හා ඒ ආශ්‍රිත හෘදයාබාධ තත්ත්ව ඇති වේ. එම නිසා සෑම විටම අපි ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන මාත්‍රාව පමණයි. තවද අප ආහාර ගන්නා විට වුවද ගුණාත්මක මෙන්ම බැක්ටීරියා හිතකර ආහාර වන එළවළු, පලතුරු, probiotic සහිත ආහාර වර්ග, නැවුම් එළකිරි, තන්තුමය ආහාර, ධාන්‍ය වර්ග ගැනීම පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. කෙටි කාලයක් මෙලෙස හිතකර ආහාර රටාවකට හුරු වන විට ඔබේ ආහාර ජීරන ක්‍රියාවලිය ආශ්‍රිතව පැවතුණු අක්‍රමිකතා මග හැරී ඇති බවට ඔබටම වැටහෙනු ඇත.
(උපුටා ගැනීම මූලාශ්‍ර ඇසුරෙනි.)