Sanara Pharmacy

Sanara Pharmacy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanara Pharmacy, Pharmacy / Drugstore, No. 281, Kiridigala, Balangoda.

03/11/2025

⁣⛔කාටත් තියන පුශ්නයක්
====================================
බඩේ ඉන්න "රහස් ආක්‍රමණිකයා" හෙවත් හෙලිකොබැක්ටර් පයිලෝරි !
ආයුබෝවන් ! අද අපි කතා කරමු අපේ බඩේ (ආමාශයේ) කිසිම සද්දයක් බද්දයක් නැතුව හැංගිලා ඉන්න පුංචි, ඒත් හරිම කපටි "අමුත්තෙක්" ගැන. එයාගේ නම තමයි හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori). අපි කෙටියෙන් කියමු 'H. pylori' කියලා. 🦠

අපි දැන් බලමු මේ කතාව මොකද්ද කියල ...

🏰 අභියෝගය: ඇසිඩ් බලකොටුව

අපේ ආමාශය කියන්නේ හරියට "ඇසිඩ් බලකොටුවක්" වගේ. අපි කන කෑම දිරවන්න සැර ආම්ලික දියර (Stomach Acid) වලින් පිරිලා තියෙන්නේ. මේ වගේ දරුණු තැනක කිසිම බැක්ටීරියාවකට ජීවත් වෙන්න බෑ කියලා තමයි දශක ගාණක් තිස්සේ වෛද්‍යවරුත් හිතුවේ.

🛡️ කපටියාගේ සුපිරි බලය !

ඒත්... H. pylori කියන්නේ සුපිරි වීරයෙක් (නැත්නම් දුෂ්ඨයෙක් !) වගේ. එයා ළඟ තියෙනවා මේ ඇසිඩ් බලකොටුවේ ජීවත් වෙන්න පුදුම "රහස් ආයුධ" දෙකක්.

1. හැඩය: එයාට තියෙන්නේ "ඉස්කුරුප්පුවක්" (Spiral) වගේ හැඩයක්. මේකෙන් පුළුවන් ආමාශයේ බිත්තිය වහගෙන තියෙන ඝන ශ්ලේෂ්මල (mucus) පටලය අස්සෙන් සූරගෙන ගිහින්, බිත්තියටම තුරුල් වෙන්න.

2. පලිහ: එයා "යූරියේස්" (Urease) කියලා විශේෂ එන්සයිමයක් හදනවා. මේ එන්සයිමයෙන්, තමන් වටේ තියෙන සැර ඇසිඩ් එක "උදාසීන" (neutralize) කරනවා. හරියට තමන් වටේ ආරක්ෂිත "බබල්" එකක් හදාගන්නවා වගේ !

ඉතින්, මේ කපටියා, ඇසිඩ් ගොඩක් මැද්දේ, ආමාශයේ බිත්තියටම තුරුල් වෙලා කිසිම හානියක් නැතුව සතුටින් ජීවත් වෙනවා.

💥 ප්‍රශ්නේ පටන් ගන්නේ මෙතනින් !

H. pylori නිකන් ඉන්නෙ නෑ. එයා ආමාශ බිත්තියේ සෛල වලට හානි කරන්න පටන් ගන්නවා.

ගැස්ට්‍රයිටිස් (Gastritis): මුලින්ම, ආමාශයේ බිත්තියේ "ප්‍රදාහයක්" (inflammation) හදනවා. අපි මේකට කියන්නේ "ගැස්ට්‍රයිටිස්" කියලා. (ගොඩක් අය කියන "ගැස්ට්‍රික්" හැදෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ !)

බඩේ තුවාල (Ulcers): කල් යද්දී, මේ ප්‍රදාහය වැඩි වෙලා ආමාශ බිත්තියේ හෝ කුඩා අන්ත්‍රයේ (Duodenum) "තුවාල" (Peptic Ulcers) හදන්න පුළුවන්.

🚨 මේ අමුත්තා ඉන්නවා කියලා දැනගන්නේ කොහොමද ? (රෝග ලක්ෂණ)

පුදුමම දේ තමයි, ලෝක ජනගහනයෙන් භාගයකටම වගේ H. pylori හිටියට, 80% කට විතර කිසිම ලක්ෂණයක් පෙන්නන්නේ නැහැ !

ඒත් සමහරුන්ට මේ වගේ දේවල් දැනෙන්න පුළුවන්:

බඩේ ඉහළ කොටසේ වේදනාවක් හෝ දැවිල්ලක් (විශේෂයෙන් බඩගිනි වෙලාවට හෝ රෑට).
බඩ පුරවා දැමීම, ඉක්මනට බඩ පිරුණු ගතියක්.
නිතර නිතර ගුඩුස් යෑම (වාතය පිටවීම).
ඔක්කාරය හෝ වමනය.
කෑම අරුචිය සහ පැහැදිලි හේතුවක් නැතුව බර අඩු වීම.

🔍 හොරාව අල්ලගන්නේ මෙහෙමයි ! (පරීක්ෂණ)
වෛද්‍යවරයෙක්ට සැක හිතුනොත්, මේ "අමුත්තා" ඉන්නවද කියලා බලන්න ලේසි ක්‍රම කිහිපයක් තියෙනවා:

හුස්ම පරීක්ෂාව (Urea Breath Test): 🌬️ ඔයාට විශේෂ දියරයක් බොන්න දීලා, ටික වෙලාවකින් බැලූනයක් වගේ එකකට හුස්ම පිඹින්න දෙනවා. H. pylori හිටියොත් ඒ හුස්මෙන් අඳුරගන්න පුළුවන්. (මේක තමයි ජනප්‍රියම ක්‍රමය).

මළ පරීක්ෂාව (Stool Antigen Test): 💩 මළ සාම්පලයකින් මේ බැක්ටීරියාව ඉන්නවද කියලා කෙලින්ම බලනවා.

එන්ඩොස්කොපි (Endoscopy): 🎥 (මේක කරන්නේ අනිත් ක්‍රම වලින් බැරි වුනොත් හෝ වෙනත් ප්‍රශ්නයක් බලන්න) කැමරාවක් සහිත සිහින් බටයක් මුඛයෙන් ඇතුල් කරලා ආමාශය පරීක්ෂා කරනවා. එතනදීම පුංචි පටක කැබැල්ලක් (Biopsy) අරගෙන පරීක්ෂා කරන්නත් පුළුවන්.

🚀 "අමුත්තාව" එළවා දැමීම ! (ප්‍රතිකාර)

හොඳම ආරංචිය තමයි, H. pylori ව හොයාගත්තොත්, එයාව සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් !

වෛද්‍යවරු සාමාන්‍යයෙන් "ත්‍රිත්ව ප්‍රතිකාරයක්" (Triple Therapy) වගේ දෙයක් දෙනවා. ඒකෙ තියෙන්නේ:

ප්‍රතිජීවක (Antibiotics) වර්ග 2 ක් (බැක්ටීරියාවව මරන්න).
ඇසිඩ් අඩු කරන බෙහෙතක් (Proton Pump Inhibitor - PPI) (තුවාල සුව වෙන්න උදව්වට සහ බැක්ටීරියාව මරන්න උදව්වට).

මේ බෙහෙත් ටික හරියටම දවස් 10-14 ක් නියමිත විදියටම (කම්මැලි නැතුව !) බොන්න ඕනේ.

🤫 එයා බෝවෙන්නේ කොහොමද ?
මේක හරියටම දන්නේ නැතත්, H. pylori අපිරිසිදු ජලය, ආහාර, හෝ කෙළ වැනි දේ හරහා (උදා: එකම පිඟන් කෝප්ප පාවිච්චිය, හරියට අත් නොසේදීම) කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝවෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.

කතාවේ සාරාංශය:

H. pylori කියන්නේ ආමාශයේ ඇසිඩ් වලට ඔරොත්තු දෙන හරිම කපටි බැක්ටීරියාවක්. ගොඩක් අයට ප්‍රශ්නයක් නැතත්, සමහරුන්ට "ගැස්ට්‍රික්" සහ "බඩේ තුවාල" හදනවා. කලාතුරකින්, අවුරුදු ගාණක් ප්‍රතිකාර නොකළොත් ආමාශ පිළිකා අවදානමකුත් වැඩි කරන්න පුළුවන්. 😟

ඒ නිසා, ඔයාටත් දිගටම බඩේ අමාරුවක්, දැවිල්ලක් තියෙනවා නම්, "මට ගැස්ට්‍රික්" කියලා නිකන් ඉන්නේ නැතුව, වෛද්‍යවරයෙක් හමුවෙලා මේ "රහස් අමුත්තා" ගැනත් පරීක්ෂා කරගන්න. 👨‍⚕️👍

💊💊Folic Acid ( Vitamin B9) 💊💊ෆෝලික් ඇසිඩ් ගැන ගොඩක්  ප්‍රශ්න  තියෙනවා කියලා මං දැක්කා සමහර අය අහන ප්‍රශ්නවලින් සහ දාන සම...
01/11/2025

💊💊Folic Acid ( Vitamin B9) 💊💊

ෆෝලික් ඇසිඩ් ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා මං දැක්කා සමහර අය අහන ප්‍රශ්නවලින් සහ දාන සමහර පෝස්ට්වලින්. ඒ වගේම ගොඩක් අය මේ පිලිබඳ තාම හරියට දැනුවත් නෑ කියලත් තේරුනා ඔයාලාගෙ කමෙන්ට් දැක්කාම. මේ ගැන දැනටමත් දැනුවත් අය මේ සමූහයේ ඉන්නවා ඇති..
ඒත් මේක සෑම කාන්තාවක්ම දැනුවත් වියයුතු මාතෘකාවක් නිසා අපි හැමෝම මේක කියවමු සහ ශෙයාර් කරමු..

🟩 ෆෝලික් ඇසිඩ් යනු ?

මෙය විටමින් B වර්ගයට ( Vitamin B complex) එකට අයත් විටමින් වර්ගයකි. ෆෝලික් අම්ලය යනු විටමින් B9 හි ​​කෘතිම ආකාරයකි, එය බොහෝ විට Supplements සහ ශක්තිමත් කළ ආහාර( fortified foods) වල දක්නට ලැබේ, විටමින් B9 (හෝ ෆෝලේට්) යනු ආහාර වල දක්නට ලැබෙන B විටමින් වල ස්වභාවිකව ඇති ආකාරයයි.
ෆෝලික් ජලද්‍රාවී විටමිනයකි. අවශ්‍ය ප්‍රමාණය අවශෝෂණය වෙලා අතිරික්තය මුත්‍රා සමඟ ශරීරයෙන් බැහැර වේ.

විටමින් වර්ග අපිට අපේ ශරිරයේ ඇතුලේ නිපදවිය නොහැකි අතර ඒ නිසා විටමින් වර්ග අපිට ආහාරයට ගත හැකි ආකාරයට ස්වාභාවික පරිසරයේ අන්තර්ගත වේ..

🟩ෆෝලික් අම්ලය අඩංගු වන ආහාර

✅රතු බත්
✅දුඹුරු පාන්
✅කරල් බෝග
✅මයිසූර් පරිප්පු
✅කඩල වැනි ධාන්‍ය වර්ග
✅හාතාවාරිය
✅මාගරින්
✅බෝංචි
✅මල්ගෝවා,
✅නිවිතිය
✅දෙහි, දොඩම් වැනි පැඟිරි කුලයේ ආහාර
✅හතු

💊ෆෝලික් ඇසිඩ්වලින් සිදුවන කාර්යයන්

1. රතු රුධිර සෛල සහ සුදු රුධිර සෛල සෑදීමට ෆෝලේට් අවශ්‍ය වේ.

2. ඇමයිනෝ අම්ල සංස්ලේෂණයේදී විටමින් B12 සමග එක්වී ෆෝලේට් විශේෂ මෙහෙයුමක් ඉටු කරයි.

3. හිමොග්ලොබින් වල යකඩ සංයුතියට ෆෝලික් ඇසිඩ් අත්‍යවශ්‍ය වේ.

4. මව් කුස තුල සිටින කලලයේ හා දරුවාගේ ස්නායු පද්ධතියේ මෙන්ම මොලේ වර්ධනයට ෆෝලික් ඇසිඩ් ඉවහල් වේ.

5. පිළිකා රෝග වැළඳීමේ අවදානම අඩු කරයි.

6. හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු කරයි.



🟩 ෆෝලික් අම්ල ඌණතාවයේ ලක්ෂණ

1. කෙටි හුස්ම ගැනීම.
වෙහෙසකර කටයුත්තක නොයෙදී සිටින විට දී පවා නිතර කෙටි හුස්ම ගැනීම. මෙය හේතුවන්නේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමයි. රතු රුධිර සෛල හිඟ වීම මෙය මූලිකවම බලපායි. මේ සමගම, හෘද ස්ඵන්දනය වේගවත් වීම, හිස කැරකීම හා ක්ලාන්ත ගතිය ආදී ලක්ෂණ ද ඇතිවිය හැකිය.

2. දිවේ බිබිලි, තුවාල ආදිය හට ගැනීම.

ඒ නිසා දිවේ අති රස අංකුර වලට හානි වී, ස්නායූ හරහා මස්තිෂ්කයට රස සංවේදනය නොවීම. ඒ නිසා රස නොදැනී යයි. එමෙන්ම දිව රතු පැහැ ගැන්වී , ඉදීමීමට ද හැකියාවත් ඇත.

3. ආහාර ඇරුචිය, උදරයේ වේදනාව හා වමනය
මෙවැනි ආහාර මාර්ගය ආශ්‍රිත නොයෙකුත් ගැටළු කාරී තත්වයන් මෙම ඌණතාවයේදී ඇති වේ.

4. සම සුදුමැලි ස්වභාවයක් ගැනීම.

ශරීරය පුරා ඔක්සිජන් රැගෙන යන්නේ රතුරුධිර සෛල වල ඇති හිමොග්ලොබින් මගිනි. අවශ්‍ය ප්‍රමාණයට රතු රුධිරාණු නැති විට හිමිග්ලොබින් ප්‍රමාණය ද අඩුවේ. සමට හොඳින් රුධිරය නොලැබේ. එම නිසා සම සුදුමැලි වේ.

5. ශරීරයේ වේදනාවල් හට ගැනීම.

මේ ඌණතාවය නිස මොළයට ඔක්සිජන් අඩුවෙන් ලැබේ. එම නිසා මොළයේ රුධිර වාහිනි ඉදිමී යයි. එම නිසා හිසරදයක් ආකාරය මෙම වේදනාව ඇති වේ. මේ වේදනාව, පපුව, පාද වැනි අවයව වල ද වේදනාව ඇතිවිය හැකිය.

6. මානසික ගැටළු ඇති වීම

ස්නායූ පද්ධතියේ පැවැත්ම සඳහාද ෆෝලික් අම්ලය වැදගත් වේ. එය නොලැබී යාම නිසා මානසික ඒකාග්‍රතාවය අඩුවීම, නිතර අමතක වීම, ඉක්මන් කෝපය හා මානසික ආතතිය ඇති විය හැකිය.

ඉහත කී ලක්ෂණ ඔබට ඇත්නම් ඔබ වහාම ක්‍රියාත්මක විය යුතුය. අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ලය ලබා ගත යුතුය. වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම ඉතා වැදගත් වේ. නැතහොත් ඩිමෙන්ෂියා, ඇල්ෂයිමර් වැනි දරුණු රෝගී තත්වයන් ඇති විය හැකිය.

‼️ ගර්භනී කාලයේදී ෆෝලික් අම්ල ඌණතාවය නිසා, දරුවාට ඉතා අයහපත් බලපෑම් ඇති වීමට විශාල හැකියාවක් ඇත.

ගර්භනී සමයේ මෙම විටමිනය අවශ්‍ය ප්‍රමාණය ට නොලැබී යාමෙන්, දරුවන්ගේ උපතේදීම මොළයේ හා සුසුම්නාවේ විකෘති හා ආබාධ ඇති වේ. ( ෆෝලික් ඇසිඩ් ස්භාවික එළවළු පළතුරු මගින්ද ලබා ගත හැක. එහෙත් එම ප්‍රමාණය ගර්භණී මවකට ප්‍රමාණවත් නොවන නිසා අමතරව ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමට සිදුවේ. )

බොහෝ දෙනා සිතන්නේ ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ ගර්භනී මව්වරුන් පමණක් බවය. එය මිත්‍යා මෙන්ම ඉතා වැරදි අදහසකි. එය සෑම දෙනාම ලබා ගත යුතු විටමිනයක් වන්නේ, ශරීරයේ සෛල නිපදවීමට , DNA අලුත් වැඩියා කිරීමට, මෙන්ම රතු රුධිරාණු නිපදවීමට ත් ෆෝලික් අම්ලය අත්‍යවශ්‍ය නිසාය.‼️

🟩ෆෝලික් ඇසිඩ් භාවිතා කිරීම ආරම්භ කරන්නේ කෙසේද?

බොහෝ දෙනාගේ මතයට අනුව ෆෝලික් ඇසිඩ් ලබා ගත යුත්තේ දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකි නැතිනම් ගැබ්ගත් පසුය යන්න තවත් සමහර අයගේ මතය වේ. එසේ නැති නම් තවත් සමහර අයගේ මතයට අනුව දරුවෙකු බලාපොරොත්තු වීමට මාස තුනකට පෙර ෆෝලික් ඇසිඩ් ගැනීම සුදුසු යැයි විවිධ මත පලවේ. එහෙත් ඇත්තටම විය යුත්තේ ගැහැණු දරුවෙකු මල්වර වීමෙන් පසු ෆෝලික් ඇසිඩ් ගැනීම වඩාත් සුදුසුය. මක් නිසාද යත් ගැහැණු දරුවෙකු මල්වර වූවා යන්නෙහි තේරුම ඇය අනාගතයේ මවක් වීමට සුදුසුකම් ලැබුවා යන්නයි. එම නිසා ගර්භාෂය ඒ සදහා සූදානම් කිරීමට ෆෝලික් ඇසිඩ් ගත හැක.

නමුත් ෆෝලික් ඇසිඩ් ලබා ගන්නා ප්‍රමාණය එක එක අවධිය අනුව වෙනස් වේ. ඒ අනුව ගර්භණී නොවන දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින අයෙකුගේ දෛනික ෆෝලික් ඇසිඩ් අවශ්‍යතාවය 400mcg වේ. ගර්භණී තත්වයට පත්වූ මුල් මාස තුන දක්වාද ඒ ප්‍රමාණය එසේමය. ගර්භණී තත්වයට පත් වී මාස හතරෙන් පසු එහි අවශ්‍යතාවය 600mcg බවට පත් වේ.ඉන්න පසු දරුවාට කිරිදෙන අවධිය වනවිට එය 500mcg ප්‍රමාණය බවට පත් වේ. මෙය ඔබට වෛද්‍යවරයෙක් මගින් හෝ ඔබේ පලාතේ මිඩ් වයිෆ්ගේ උපදෙස් මගින් නිවැරදිව තහවුරු කරගත හැක.( මං මේ ඉහත කියපු මාත්‍රාවන් වෙනස් වෙන්නත් පුළුවන් ගර්භනී සහ කිරිදෙන අයට)

‼️‼️ ගර්භණී අවස්ථාවේ ෆෝලික් ඇසිඩ්. අනිවාර්යයෙන් ගත යුතු ඇයි ?

✅දරුවාගේ මොළයේ වර්ධනය සදහා
✅නොමේරූ දරු උපත් වලින් ආරක්ෂා වීම සදහා
✅අඩු බර දරු උපත්වලින් ආරක්ෂා වීම සදහා
✅ස්නායු වර්ධනය සදහා
✅මුත්‍රා මාර්ගයේ සහ බඩවැල් ආශ්‍රිත ප්‍රශ්න සදහා
✅හෘද රෝගවලින් ආරක්ෂා වීම සදහා
✅අංග විකෘති වලින් ආරක්ෂා වීම සදහා

ෆාමසි වල හොඳ බ්‍රෑන්ඩ්ස් ඕනි තරම් තියෙනවා. මේ ලිපියෙන් අදහසක් අරන් වෛද්‍ය නිර්දේශයක් යටතේ ෆෝලික් ඇසිඩ් ලබාගන්න උනන්දු වෙන්න. ගර්භනී නම් මිඩ්වයිෆ්ගෙන් උපදෙස් ගන්නත් පුළුවන්..

ලොකු බඩවල් තියාගෙන උජාරුවට ඉන්න අය පොඩ්ඩක් කියවන්න. ඔයාලා දන්නවද මිනිස් සිරුරේ මේදය ගබඩාවෙන ආකාරයන් ගැන. අපි අද ඒ පිලිබද...
01/11/2025

ලොකු බඩවල් තියාගෙන උජාරුවට ඉන්න අය පොඩ්ඩක් කියවන්න.

ඔයාලා දන්නවද මිනිස් සිරුරේ මේදය ගබඩාවෙන ආකාරයන් ගැන.

අපි අද ඒ පිලිබදව සරලව දැනුම වර්ධනය කරගමු.

මෙහීදී මම ප්‍රධාන ආකාර දෙකක් ගැන කතා කරනවා.

1️⃣ Subcutaneous Fat
2️⃣ Visceral Fat

🔆 Subcutaneous Fat
මෙය අපගේ සමට යටින් මේදය තැන්පත් වීමයි.
බොහෝ දෙනාගේ බඩ අවට කකුලේ ඉහල කොටසේ සහ අත් වල පිට පැත්තේ මෙලෙස මේදය ගබඩා වේ.

මෙම මේදය තැන්පත් වීම බයානක නොවුනත් මෙය අපි ඊලගට කතා කරන්න ඉන්න Viscerl fat වලට යන පාර කැපීමයි.

මෙම subcutaneous fat ඔබගේ සිරුරේ හැඩය තරබාරු පෙනුමකට හරවයි. ඔබගේ අවයව ක්‍රියකාරී වේගය මන්දගාමී කරයි.

ඔබට මෙමෙ මේදය සමබල ආහාර රටාවක් සහ ව්‍යායාම හරි ආකාරව සිදු කිරීම මගින් මගහරවා ගෙන නීරෝගී හැඩැති සිරුරක් ලබාගත හැකිවේ.

🔆 Visceral fat.
මෙම මේදය ශර්‍රීර අභ්‍යන්තරයේ සැගවී ගබඩාවෙන මේදයයි.

මෙය ශරීර අභ්‍යන්තර අවයව වටා තැන්පත් වීම සිදුවේ.

මෙය පෙර කී ආකාරයට වඩා බරපතල අවස්තාවකි.

බොහෝමයක් රෝග හට ගැනීමට මෙම Visceral fat හේතුවේ.
හදවත් ආශ්‍රිත රෝග, අදි රුදිර පීඩනය ආදී තවත් බොහෝ රෝග ඇතිවීමට ඉඩකඩ සැලසේ.

Cardio exercise, strength training සිදුකිරීම සහ නිවැරදි ආහාර රටාවකට යොමුවී ඒ ඔස්සේ මෙම තතවයන් මගහරවා නීරෝගීමතව සිටීමට හැකිය.

✴️ ඉතන් පිටතන් අපේ ශරීරය දිහා බලලා සෑහීමකට පත්වනවාට වඩා ශරීරය ගැන අවදානය යොමු කිරීම සියලු දෙනාගේම වගකීමක්. එමගින් අනාගතයේ ඇති වීමට තියෙන රෝගාබාදයන් ගෙන් කල්තියාම ඇත්ව සිටීමට ඉඩ සැලසෙනු ඇත.

හතිපෙති..එහෙම නැත්නම්  දම් පාට පොඩි පෙත්ත කියලත් ගොඩක් අය කියනවා..අද ඒ ගැන කතා කරමු..සැල්බියුටමෝල්  (Salbutamol) තමයි ඖෂ...
30/10/2025

හතිපෙති..එහෙම නැත්නම් දම් පාට පොඩි පෙත්ත කියලත් ගොඩක් අය කියනවා..අද ඒ ගැන කතා කරමු..

සැල්බියුටමෝල් (Salbutamol) තමයි ඖෂධයේ නාමය (සමහර රටවල ඇල්බියුටරෝල් - albuterol ලෙසද හැඳින්වේ) ශ්වාසනාලිකා විස්තාරකයකි..ඒ කියන්නේ ශ්වාසනාලිකා ලොකු කරනවා.විශාල කරනවා කරනවා එහෙම උනාම හුස්ම ගන්න පහසු වෙනවා.. (මේකට කියන්නේ bronchodilator effects කියලා).

භාවිතා වෙන්නේ මොන වගේ අවස්ථාවලට අවස්ථාවලට ද..?.
1.ඇදුම (asthma)

2.දීර්ඝකාලීනව පවතින පෙනහළු අවහිරතා රෝග වලදී(chronic obstructive pulmonary disease - COPD)

3.ශ්වාසනාලිකා සංකෝචනය (bronchospasm - ​ශ්වාසනාලිකා බිත්තිවල ඇති මාංශ පේශිවල හදිසි සංකෝචනය) ඇති කරන වෙනත් තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිතා වේ.

​ක්‍රියා කරන ආකාරය ..
​එය පෙනහළු වල ඇති බීටා-2 ඇඩ්‍රිනර්ජික් ප්‍රතිග්‍රාහක (beta-2 adrenergic receptors) (beta-2 agonist) වල ක්‍රියාකරයි.ඒ කියන්නේ මෙතන සිදුවෙන්නේ මෙහෙම දෙයක්. සෛලයක ප්‍රතිග්‍රාහකයකට බැඳී එය සක්‍රීය කර, ශරීරයේ ස්වභාවික රසායනික ද්‍රව්‍යයන්ට සමාන ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් සිදුවෙනවා.උත්තේජනය වීම වගේ දෙයක්..
​මෙය ස්වසන මාර්ග ලිහිල් කර විවෘත වීමට හේතු වන අතර, එමඟින් හුස්ම ගැනීම පහසු වේ.

​ආකාර (Forms)..
​ආශ්වාසකයක් (Inhaler - MDI or DPI)
​නෙබියුලයිසර් ද්‍රාවණය (Nebulizer solution)
​පෙති 2mg
සිරප් (Tablet or syrup)2mg/5ml

​භාවිතයන් (Uses)..
1.​ඇදුම රෝගාබාධවලින් සහනය ලබා දීම. (ගලවා ගැනීමේ ආශ්වාසකයක් - rescue inhaler ලෙස)

2.​විවිධ තත්ත්ව වලදී ඇතිවන ශ්වාසනාලිකා සංකෝචනය වැළැක්වීම.

3.​COPD රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට.

​සාමාන්‍ය අතුරු ආබාධ (Common Side Effects)
​වෙව්ලීම (Tremors - ශරීරය සෙලවීම)..
​වේගවත් හෘද ස්පන්දනය ( tachycardia)..
​හිසරදය (Headache)..
​නොසන්සුන් බව (Nervousness)..
​මාංශ පේශි කැක්කුම (Muscle cramps)..

​සැල්බියුටමෝල් කඩිනම් සහනයක් ලබා දෙන නමුත් ප්‍රදාහක සඳහා ප්‍රතිකාර නොකරයි. ඇඳුම රෝග තත්ත්වයන් වලදී දිගුකාලීන පාලනය සඳහා, ආශ්වාස කරන කෝටිකොස්ටෙරොයිඩ් (inhaled corticosteroids) ද අවශ්‍ය විය හැකිය.

මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශයේ මත පමණක් ලබා ගන්නා ඖෂධයක් නිසා වෛද්‍ය නිර්දේශය මත පමණක් භාවිතා කරන්න.✅

සුවයෙන් සිටින්න..❤

ඔබේ ඖෂධවේදියා..🙋..

​Salbutamol (The Purple Little Tablet)
​Salbutamol is the name of the medicine (also known as Albuterol in some countries). It is a bronchodilator, which means it widens the bronchial tubes. When this happens, it becomes easier to breathe (these are called bronchodilator effects).

​When is it used?✋
1.​Asthma

2​Chronic Obstructive Pulmonary Disease (COPD)

3.​Also used to treat other conditions that cause bronchospasm (sudden constriction of the muscles in the walls of the bronchial tubes).

​Mechanism of Action
It acts on the beta-2 adrenergic receptors (a beta-2 agonist) in the lungs. This means that it binds to a receptor on a cell and activates it, causing a biological response similar to the body's natural chemicals—like a stimulation.
This causes the airways to relax and open up, which makes breathing easier.

​Forms
​Inhaler (MDI or DPI)
​Nebulizer solution
​Tablets 2mg
​Syrup 2mg/5ml

​Uses
1.​Provides relief from asthma attacks (as a rescue inhaler).
2.​Prevents bronchospasm that occurs in various conditions.
3.​Manages symptoms of COPD.

​Common Side Effects
​Tremors (shaking of the body)
​Tachycardia (fast heart rate)
​Headache
​Nervousness
​Muscle cramps

​Salbutamol provides quick relief but does not treat inflammation. For long-term control of asthma conditions, inhaled corticosteroids may also be required.

​This is a prescription-only medication, so use it only on a doctor's recommendation. ✅

​Stay well... ❤️

​Your Pharmacist... 🙋..

අක්මාවේ මේද තැන්පත් විමේ දි සුදුසු නුසුදුසු ආහාර වර්ග. අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගීන් සඳහා නුසුදුසු   ආහාර වර්ග 7 ක්...🔸...
27/10/2025

අක්මාවේ මේද තැන්පත් විමේ දි සුදුසු නුසුදුසු ආහාර වර්ග.
අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගීන් සඳහා නුසුදුසු ආහාර වර්ග 7 ක්...🔸

🔥 ෆැටි ලිවර්, රෝගීන් සඳහා.👇👇👇

අක්මාවේ මේද පැවතීම සාමාන්‍ය තත්වයකි.නමුත් 5%-10% ප්‍රමාණයකට වඩා මේද පැවතීම ෆැටි ලිවර් රෝගය ලෙස හඳුනාගනියි. මත්පැන් පානය, දුර්වල ආහාර පාන රටාව,ස්ථුලතාව,ව්‍යායාම නොමැතිකම හෝ අධි රුධිර පීඩනය වැනි සාධක නිසා අක්මාව තුළ මේද තැන්පත්වීම ඉහළ යා හැකියි.පුරුද්දක් ලෙස මේද බහුල ආහාර පරිභෝජනය කිරීම හා සිරුරට ජීර්ණය කළ හැකි ප්‍රමාණයට වඩා අධිකව ඒවා පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අක්මාවේ මේද තැන්පත්වීම සිදුවේ.අක්මාවේ මේද ඒකරාශී වීම එය තවදුරටත් හානියට ලක්වීමේ අවදානම වැඩිකරයි (විශේෂයෙන්ම ප්‍රදාහයට හා කැලැල් පටක ඇතිවීමට).

⭕නීරෝගි ආහාර පාන රටාවක් ඇතිකරගැනීම ෆැටි ලිවර් රෝගය ඇතිවීම වළක්වාගැනීමට මෙන්ම එම තත්වයෙන් අක්මාවට ඇතිවූ හානි ප්‍රකෘතිමත් වීමට සහය ලබාදෙයි.මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා හිතකර හා අහිතකර ආහාර පාන මොනවාද කියායි අද අපි කතා කරන්නට සූදානම

⭕අක්මාව සුවපත් වීමට ගුණදායි ආහාර පාන:-

*🔸 සැමන්, සාඩින්,ටූනා වැනි මාලු වල ප්‍රෝටීන් හා ඔමේගා-3 මේද අම්ල බහුලයි.මෙම පෝෂක මඟින් අක්මා සෛල තුළ එකතුවී ඇති මේද කොටස් බිඳ දැමීමට හා ප්‍රදාහය අඩුකිරීමට සහය වෙයි.මස් වෙනුවට මාලු ආහාරයට එක්කරගැනීමෙන් සිරුරට අහිතකර මේද වර්ග ශරීරගත වීම පාලනය කරගත හැකියි.

* 🔸සුදුලූනු සුදුලූනු පරිභෝජනය කිරීම මඟින් අක්මාවේ ඇති වස විස අපද්‍රව්‍ය බැහැර කර දමන එන්සයිම නිෂ්පාදනය සිරුර තුළ වැඩිවන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි. සුදුලූනු වල සල්ෆර් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා අක්මාව පවිත්‍ර කර සුවපත් කරවයි.සුදුලූනු අමුවෙන් හෝ වෑංජන වලට එක්කර ආහාරයට ගන්න.

* 🔸කෝපි අක්මාවේ සෛල වලට හානිකළ හැකි එන්සයිම දුරුකළ හැකි ගුණාංග කෝපි වල අඩංගුයි.අක්මා රෝග අවදානමෙන් පෙළෙන පුද්ගලයින් තුළ අසාමාන්‍ය ලෙස අක්මාවේ එන්සයිම ස්‍රාවය වීම අවම කරවයි.අක්මාවේ කැලැල් ඇතිවිම බොහෝදුරට පලානය කරයි.දිනකට කෝප්ප 2-3කට වඩා දිනකට කෝපි පානය කිරීමෙන් වළකින්න.කෝපි වලට සීනි එක්නොකර පානය කරන්න.

*🔸 කොළ පැහැති එළවළු බෝංචි,නිවිති,සලාද,කොළ ගෝවා, බ්‍රොකොලි වැනි එළවළු වර්ග පෝෂණයෙන් අනූනයි.මෙවැනි එළවළු ආහාරයට ගැනීමෙන් අක්මාව තුළ මේද එකතුවීම බොහෝදුරට පාලනය වන බව ඇතැම් අධ්‍යයන පෙන්වාදෙයි.අකාබනික නයිට්‍රේට අඩංගු නිසා කොළ පැහැති එළවළු මඟින් අක්මාවේ මේද එකතුවීම අඩුකරවන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

*🔸 ග්‍රීන් ටී බර අඩුකරගැනීමට උත්සහ කරන ගොඩක් දෙනාගේ තේරීමක් තමයි ග්‍රීන් ටී කියන්නේ. ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක බහුලයි.එම නිසාම සිරුරට මේද උරාගැනීමට සහය වී අක්මාවේ මේද ගබඩාවීම වළකයි.ප්‍රතිඔක්සිකාරක අක්මාවේ ක්‍රියාකාරීත්වය නීරෝගි කරයි.

*🔸 අලිගැට පේර හිතකර මේද, සිරුරට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ වලින් බහුල ආහාරයක්. ඊට අමතරව අක්මාවේ පටල මතුපිට අහිතකර මේද වර්ග තැන්පත්වීම වළකන ශාක රසායනයන් ද මේවායේ බහුලයි.ඒවා මඟින් අක්මාව හානිවීම ද වළකයි.ග්ලූටතයෝන් අන්තර්ගතය ද ඉහළ නිසා අක්මාවේ හා ජීර්ණ පද්ධතියේ එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරවයි.

⭕අක්මාව ලෙඩ කරවිය හැකි මෙවැනි ආහාර පාන වලින් හැකිතාක් වළකින්න. ඔබ ෆැටි ලිවර් රෝගයෙන් පීඩා විඳින අයෙක් නම් මේ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්න.

* 🔸මත්පැන් අක්මාව ලෙඩකරවන ප්‍රධානතම හේතුවක් ලෙස මද්‍යසාර පාන වර්ග දැක්විය හැකියි.මත්පැන් පානය අඩුකිරීමට වඩා සම්පූර්ණයෙන්ම එය අත්හැරීම ඔබේ සිරුරට ඉතාම හිතකර වේවි.දින කිහිපයක් එක දිගට මත්පැන් පානය කිරීමෙන් පවා සැළකිය යුතු ලෙස අක්මාවේ මේද එකතුවීමට පටන්ගත හැකි බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙයි.මත්පැන් නිසා අක්මාවට සිදුවන හානි බොහෝවිට යථා තත්වයට පත්කළ නොහැකි තරමේ බරපතල තත්වයන් ඇතිකළ හැකි බව මතක තබාගත යුතුයි.

* 🔸මස් වර්ග සොසේජස්,බේකන්,මීට් බෝල්ස්,හර්ක් මස්, ඌරු මස්ම්,බැටළු මස් වැනි රතු මස් වර්ග සෞඛ්‍යයට එතරම්ම හිතකර නැහැ.සැකසූ මස් නිෂ්පාදන වල සංතෘප්ත මේද ඉතා බහුලයි.මෙවැනි ආහාර අධිකව ගැනීමෙන් ෆැටි ලිවර් රෝග අවදානම ද ඉහළ යයි.

* 🔸සීනි සීනි හා පැණි රස ආහාර පාන අධිකව ගැනීම බොහෝ සෞඛ්‍ය ගැටලු වලට හේතුවෙයි. දියවැඩියාව හා ස්ථුලතාව එවැනි බරපතල අවදානම් තත්වයන් වේ.කෙක්,බිස්කට්,රස කැවිලි,චොකලට්,සෝඩා වැනි සීනි අධික බීම වර්ග අධි රුධිර සීනි මට්ටම් වලට හේතුවෙයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස අක්මාවේ මේද ප්‍රමාණයන් ද ඉහළ යයි.එම නිසා ඔබේ දෛනික සීනි පරිභෝජනය හැකි උපරිමයෙන් සීමා කරන්න.

*🔸 බිත්තර බිත්තර වල ආහාරමය කොලෙස්ටරෝල් අධිකබව සඳන වෙයි.මේවා අධිකව පරිභෝජනය කිරීමෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවීම හා අක්මාවේ මේද තැන්පත්වීම ඉහළ යා හැකි බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වෙයි.අක්මාවේ මේද මට්ටම් ඉහළ යාමට බලපාන SREBP සාධක වැඩිවීමට ද මේවා හේතුවන බව සඳහන්.

*🔸 ගැඹුරු තෙලේ බදින ලද තෙල් අධික ආහාර අල පෙති, බර්ගර්,පේස්ට්‍රි,පීසා ආදි ආහාර වල සිරුරට අහිතකර සංතෘප්ත මේද බහුලයි.සිරුරේ එම මේද මට්ටම් වැඩිවීම ෆැටි ලිවර් රෝග අවදානම් වැඩිකරවයි.එම මේද මට්ටම් ඉහළ යාමෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය එසැණින් දුර්වල වීමට පටන්ගත හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.

*🔸 පාන් පිටි පාන්, සුදු සහල්, පැස්ටා, බේකරි ආහාර වැනි පිරිපහදු කළ ධාන්‍ය පිටි වලින් සකසන ආහාර රුධිර සීනි මට්ටම් ඉහළ යාමට හේතුවිය හැකි බව පෙන්වාදෙයි.මින් අක්මාවට ඇතිකරන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ට්‍රයිග්ලිසරයිඩ වැනි ලිපිඩ මට්ටම් වැඩි වී ෆැටි ලිවර් රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි.පිරිපහදු කළ පිටි වලට වඩා සම්පූර්ණ ධාන්‍ය වලින් සකසාගත් පිටි වලින් ආහාර සකසන්න.

* 🔸අධික ලෙස පලතුරු ආහාරයට ගැනීම ෆෘක්ටෝස් වැනි සීනි බහුල පලතුරු වර්ග (වියළි මිදි ඇතුළු වියළි පලතුරු) අධිකව ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රදාහය හා ෆැටි ලිවර් රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි.ඊට හේතුව මේවායේ අඩංගු ෆෘක්ටෝස් සීනි මට්ටම්ය.මේවා නිසා රුධිරය තුළ අසාමාන්‍ය මට්ටමින් මේද එකතුවිය හැකියි..

උපුටාගැනුමකි .

ඔබේ අක්මාව උදව් ඉල්ලා කෑ ගහනවද?ගොඩක් දෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ...ඒත්, ඔවුන්ගේ අක්මාව අධික බරකින් පීඩා විඳිමින්, නිහඬවම ...
21/10/2025

ඔබේ අක්මාව උදව් ඉල්ලා කෑ ගහනවද?

ගොඩක් දෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ...
ඒත්, ඔවුන්ගේ අක්මාව අධික බරකින් පීඩා විඳිමින්, නිහඬවම සහනයක් ඉල්ලනවා වෙන්න පුළුවන්.

ඔබේ අක්මාව අවදානමක ඇති බවට අනතුරු අඟවන ලක්ෂණ 6ක් සහ එයට පිළියම් මෙන්න

1. නිරන්තරව පවතින, පහව නොයන තෙහෙට්ටුව
කොච්චර විවේක ගත්තත් හැමතිස්සෙම මහන්සියක් දැනෙනවද? ඔබේ අක්මාව අධික ලෙස වෙහෙසට පත් වූ විට, ශක්තිය නිපදවීම අඩු වෙනවා. ඒ ඇයි? මොකද අක්මාව කියන්නේ අපේ පරිවෘත්තීය ක්‍රියාවලියේ එන්ජින් කාමරය වගෙයි. තෙහෙට්ටුව කියන්නේ ඔබේ ශරීරය මුලින් කොඳුරලා... පස්සේ කෑ ගහලා දෙන සංඥාවක්.
2. නිතර බඩ පුරවා දැමීම, වාතය පිරීම සහ

අජීර්ණය
"සෞඛ්‍ය සම්පන්න" ආහාර ගත්තත් ආහාර දිරවීමේ අපහසුතා වලින් පෙළෙනවද? ඔබේ අක්මාව මඟින් මේදය බිඳ දැමීමට අත්‍යවශ්‍ය වන "පිත" නිපදවනවා. පිත ගමනාගමනය මන්දගාමී වූ විට, ආහාර දිරවීම දුර්වල වෙනවා. බඩ පුරවා දැමීම බොහෝ විට ඔබේ අක්මාව අපහසුතාවයට පත්ව ඇති බවට ලකුණක්.

3. ඔක්කාරය හෝ තෙල් සහිත ආහාර දරාගැනීමට නොහැකි වීම
තෙල් අධික ආහාර ගත් විට ඔක්කාරය එනවද? මේදය තැන්පත් වූ හෝ ඉදිමුණු අක්මාවකට බර ආහාර දරාගන්න බෑ. තෙල් සහිත ආහාර ගැනීමෙන් පසු ඔබට අපහසුවක් දැනෙනවා නම්, ඔබේ අක්මාව විෂ ද්‍රව්‍ය සහ ඉදිමීම නිසා අධික ලෙස පීඩාවට ලක්වී තිබිය හැකියි.

4. පැහැදිලි හේතුවක් නොමැතිව සම කැසීම
ඔබේ සම කියන්නේ ශරීරයේ විෂ ඉවත් කරන උපස්ථ අවයවයක්. අක්මාව අධික ලෙස පීඩාවට පත් වූ විට, විෂ ද්‍රව්‍ය ශරීරයේ එකතු වී සම හරහා පිටවීමට උත්සාහ කළ හැකියි. පැහැදිලි කළ නොහැකි කැසීමක් ඔබේ අක්මාව වනන රතු කොඩියක් වෙන්න පුළුවන්.

5. හිටි හැටියේ වෙනස් වන මනෝභාවයන්, නුරුස්සන ගතිය හෝ මනස මීදුමෙන් වැසුණු ස්වභාවයක් (brain fog)
අක්මාව මඟින් මොළයට බලපාන විෂ ද්‍රව්‍ය පවා ඉවත් කරනවා. එහි ක්‍රියාකාරීත්වය අඩාල වූ විට, ස්නායු සම්ප්‍රේෂකවල පරිවෘත්තීය ක්‍රියාවලියට බලපෑම් ඇති වෙනවා. එවිට මනෝභාවයේ වෙනස්වීම්, කාංසාව සහ මානසික මීදුම වැනි තත්ත්වයන් ඇති වෙනවා
6. බර වැඩිවීම, විශේෂයෙන් උදරය වටා මේදය තැන්පත් වීම
බඩ වටා ඇති මේදය අඩු කරගන්න බැරිද? අක්‍රීය වූ අක්මාව නිසා හෝමෝන සහ ලිපිඩ පරිවෘත්තීය ක්‍රියාවලිය අසමතුලිත වී, උදරයේ මේදය තැන්පත් වීම වැඩි කරනවා. මෙය හුදෙක් ආහාර රටාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි, එය පරිවෘත්තීය ක්‍රියාවලියේ අවුලක්.

ඔබේ අක්මාවට ස්වභාවිකව සහාය වන්නේ කෙසේද? 🛠️
→ මත්පැන්, සීනි සහ අධි-සැකසූ කසළ ආහාර සීමා කරන්න.
→ අක්මාවට හිතකර ආහාර ගන්න: ආටිචොක්, කහ, ඩැන්ඩලියන්, විටමින් B බහුල ආහාර, සිලිමරින් (Artichoke, Turmeric, Dandelion, Choline, Silymarin) වැනි දෑ.
→ දිනපතා ව්‍යායාම කරන්න.
→ ඔබේ බඩවැල් සුවපත් කරගන්න. බොහෝ විට විෂ ද්‍රව්‍ය ශරීරගත වීම ආරම්භ වන්නේ බඩවැල් වලිනුයි.

සාරාංශය: ඔබේ අක්මාව ඉතා වැදගත් කාර්යයන් 500කට වඩා ඉටු කරනවා. රෝග විනිශ්චයක් ලැබෙන තෙක් බලා නොසිට එය රැකබලා ගැනීම ආරම්භ කරන්න. කුඩා දෛනික පුරුදු වලින් විශාල වෙනසක් ඇති කළ හැකියි. ඔබේ අක්මාවට සහාය දෙන්න → ඔබේ ශක්තිය, හෝමෝන, මොළයේ ක්‍රියාකාරීත්වය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නංවාගන්න. ඔබේ ශරීරය ඔබට ස්තූති කරනු ඇත.

Prepared by Chaminda Lakmal Kalubovila using the Internet.

ඔයාලා කවදා හරි කවුරු හරි කියනවා අහලා ඇති Metformin වකුගඩු වලට හොඳ නෑ කියලා කතාවක්..ඉතින් මෙන්න මේ නිසා මේ ගැන අද මම කථා ...
14/10/2025

ඔයාලා කවදා හරි කවුරු හරි කියනවා අහලා ඇති Metformin වකුගඩු වලට හොඳ නෑ කියලා කතාවක්..ඉතින් මෙන්න මේ නිසා මේ ගැන අද මම කථා කරන්න හිතුවා.. ඇත්තටම Metformin වකුගඩු නරක් කරනවා ද නැද්ද කියලා.. ඉතින් හරියටම ඒ විස්තරය දැන ගන්න මේ ලිපිය අවසන් වනතුරු කියවන්න..

මොනවද මේ Metformin කියන්නේ..?

Metformin කියන්නේ වර්ෂ 1957 ඉඳලා අද වෙනකන් භාවිත කරන bigunide කියන කාණ්ඩයට අයත් රුධිර ගත ග්ලුකෝස් මට්ටම පාළනය කරන්න භාවිතා කරන ඖෂධයක්...

Metformin වෙන මොන රෝග සදහා ද භාවිතා කරන්නේ..?

දෙවන වර්ගයේ දියවැඩියාවට (Type 2 Diabetes mellitus) අමතරව පහත සදහන් රෝග සදහා ද භාවිතා කරන අතර වැදගත්ම කරුණ නම් ඒ සදහා Metformin භාවිතා කල යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් මත පමණි..

● කාන්තාවන් සදහා ඇති වන Polycystic Overy Syndrome තත්වය සදහා..
● Polycystic Overy Syndrome නිසා කාන්තාවන්ගේ මුහුනේ රැවුල ඇති වීම හා රෝම ඇතිවීම (hirsutism) පාලනය කිරීම සදහා..
● ශරීර බර අඩු කිරීම සදහා..

ඉහත සදහන් සියළු රෝග සදහා Metformin ලබා ගන්නේ නම් ඒ සදහා සුදුසුකම් වෛද්‍යවරයකු විසින් නිර්දේශ කිරීම අනිවාර්ය වේ..

මොනවද Metformin පවතින ආකාර..?
500mg, 500mg SR,1000mg SR, 850mg යන ආකාර වලින් Metformin පෙති පවතින අතර ඔබට ලබා දිය යුතු පෙති ආකාරය වෛද්‍යවරයා විසින් තිරණය කරණු ලැබේ.

කොහොමද Metformin රුධිරගත ග්ලුකෝස් මට්ටම අඩු කරන්නේ..?
Metformin ප්‍රධාන ආකාර තුනකින් රුධිරගත ග්ලුකෝස් මට්ටම අඩු කිරීම සිදු කරනවා.

1. රුධිරගත ග්ලුකෝස් glycogen බවට පරිවර්තනය කර ශරීරය තුළ තැම්පත් කිරීම වැඩි කරනවා (glycogen glucose බවට පරිවර්තනය වීම අඩු කරනවා)

2. පටක සහ ශෛල මගින් භාවිතා කරන ග්ලුකෝස් ප්‍රමාණය වැඩි කිරීම.

3. අන්ත්‍රය මගින් ග්ලුකෝස් උරා ගැනීම අඩු කිරීම..

ඉහත ආකාරයට Metformin ක්‍රියා කිරීමට නම් ශරීරය තුළ insulin පැවැතීම අනිවාර්ය වේ..

Metformin ලබා ගැනීම නිසා ලැබෙන වාසි මොනවාද..
1. දේහ බර අඩු වීම..
2. දියවැඩියාව සදහා ලබා ගන්නා අනෙක් ඖෂධ වලින් මෙන්ම Metformin මගින් රුධිරගත ග්ලුකෝස් මට්ටම සාමන්‍යයෙන් පැවැතිය යුතු මට්ටමට වඩා අඩු වීමක් වෙන්නේ නෑ(ඉතාමත් කලාතුරෙකින් සිදු විය හැකි නමුත් ඉතාමත් දුර්ලභයි)

සැත්කමක් කිරීමට පැය 24 කට පෙර Metformin ලබා ගැනීම නතර කල යුතු අතර එම කාල සිමාව තුළ දියවැඩියාව පාළනය සදහා අවශ්‍ය නම් insulin ලබා දිය හැකිය..

මොනවද Metformin නිසා එන්න පුළුවන් අතුරු ආබාධ..?
ඕනම ඖෂධයක් නිසා හිතකර හෝ අහිතකර අතුරු ආබාධ ඇතිවන අතර ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්..
Metformin නිසා මෙන්න මේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්...
1. වමනය
2. ඔක්කාරය
3. බර අඩු වීම
4. බඩේ වේදනාව.
5. ඉතා කලාතුරෙකින් Lactic acidosis නම් තත්ත්වය
6. ඉතා කලාතුරෙකින් vitamin B12 අවශෝෂණය වීම අඩු විය හැකිය..

Metformin ලබා දීම සිදු නොකළ යුතු අවස්ථා(contraindications)මොනවාද
1. Ketoacidosis නම් තත්වය
2. eGFR අගය විනාඩියකට 30ml වඩා අඩු නම්..
3. ඉතාමත් අධික ලෙස බර අඩු පුද්ගලයින්ට
4. Metformin සදහා ආසාත්මිකතා ඇතිවන පුද්ගලයන් ට

Metformin ගර්භනී අවස්ථාවේ ලබා ගන්න පුළුවන් ද..
ගර්භණී අවස්ථාවකදී Metformin වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම සිදු කල හැකිය...

Metformin වකුගඩු වලට හොඳ නැද්ද..?

Metformin වකුගඩු වලට හොඳ නෑ කියන එක සමාජය තුළ තිබෙන කාරණාවක්.. ඉතින් මෙන්න මේ කාරණාව ඇත්තක් ද..?

කෙටියෙන්ම කියනවා නම් Metformin වකුගඩු වලට හොඳ නෑ කියන කාරණය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්.. හාස්‍යයට කරුණ නම් Metformin වකුගඩු වලට හොඳ නෑ කියලා කියන කථාව කියන්නෙම ඖෂධ ගැන කිසිම දැනුමක්, අවබෝධයක් නැති පුද්ගලයින් විසින්..
ඒක නිසා කියන්න තියෙන්නේ ඖෂධ ගැන කොන්දොස්තරගෙන් අහන්න යන්නේ නැතුව ඒ සම්බන්ධව දැනුමක් තියෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ගෙන් හෝ ඖෂධවේදියෙක් ගෙන් අසා දැන ගන්න..

ඇයි සමාජයේ මෙහෙම මතයක් තියෙන්න..?
ඒකට ප්‍රධාන හේතු කිහිපයක් දකින්න පුළුවන්..

දියවැඩියාව හදුන්වන්නේ නිහඩ මරුවා ලෙසට. ඒකට හේතුව තමයි දියවැඩියාව සදහා නිසියාකාරව බෙහෙත් ලබා ගෙන පාලනය කරේ නැත්නම් ඔබ ඉක්මනින්ම මරණය කරා ගෙනයනව..

ඉතින් දියවැඩියාව පාළනය සදහා නිසියාකාරව ඖෂධ ලබා ගත්තෙ නැත්නම් ඔබේ ශරීරයේ සියුම් අවයව වන වකුගඩු අක්මාව ඇස් වගේ අවයව විනාස කරන්න පටන් ගන්නවා..

මෙන්න මේ විඳිය ට වකුගඩු අකර්මන්‍ය වෙලා වකුගඩුවල පෙරීම හැකියාව eGFR(Estimated glomerular filtration rate) විනාඩියකට 30ml ට වඩා අඩු නම් Metformin ලබා දීම නවත්වනව..

ඉතින් අන්න ඒ විඳිය ට Metformin නවත්වපු ගමන් අදාළ රෝගියා ඒකට හේතුව මොකද්ද කියල දන්නේවත් නැතුව Metformin වකුගඩු නරක් කරනවා කියලා කියන්න පටන් ගන්නවා..

ඔන්න ඔය විඳියට තමයි සමාජයේ මතයක් හැදෙන්නේ Metformin වකුගඩු නරක් කරනවා කියලා..

හරි ආකාරව බෙහෙත් ලබා නොගෙන ඔබ කරන වරදට ඔබව සුව කරන Metformin අන්තිමට වරදකරු වෙනවා..

අනිත් කාරණය නම් දැනටමත් වකුගඩු රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් නම් සහ eGFR අගය 30ml/min වඩා අඩුයි නම් ඒත් Metformin ලබා දීම නවත්වනවා..

බහුතර දියවැඩියා රෝගීන් (90% ට වඩා)ලබා ගන්න ඖෂධයක් තමයි Metformin කියන්නේ.. Metformin වලින් වකුගඩු නරක් කරනවා නම්, ලංකාවේ බහුතර දියවැඩියාව රෝගීන් වකුගඩු රෝගීන් වෙන්න ඕන... ඒක එහෙම නෙවේ කියන්න හොඳම උදාහරණයක් තමයි මේ.

අනිත් කාරණාව නම් 1957 ඉඳලා අද වෙනකන් දශක ගනනාවක් මේ Metformin භාවිතා කරන්න බැරි වෙනවා Metformin ඔය කියන විඳිය ට වකුගඩු නරක් කරනවා නම්..

ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එක එක මිත්‍යා මත පස්සේ ගිහිල්ලා දියවැඩියා රෝගය පාලනයට ඖෂධ ලබා නොගෙන ඉඳලා රෝගියෙක් වෙන්නේ නැතුව වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද ඖෂධ ප්‍රමාණය නිවරදිව ලබා ගන්න කියලා..

ආපහු කියන්නේ ඖෂධ ගැන මොනවා හරි සැකයක් ගැටලුවක් තියේනම් ඒ සම්බන්ධව කිසිම දැනුමක් නැති අයගෙන් උපදෙස් ගන්නේ නැතුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ගෙන් හරි ඖෂධවේදියෙක් ගෙන් හරි විමසලා දැන ගන්න කියලා...

මේ වගේ වැදගත් තොරතුරු ඉදිරියටත් දැන ගන්න page එක follow කරලා like කරලා තියා ගන්න..

තයිරොක්සින්..🙋තයිරොක්සීන් (T4) යනු තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝනයකි.​ප්‍රධාන කාර්යයන් (Main Functions)✅1.​පරිවෘ...
14/10/2025

තයිරොක්සින්..🙋

තයිරොක්සීන් (T4) යනු තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝනයකි.

​ප්‍රධාන කාර්යයන් (Main Functions)✅
1.​පරිවෘත්තීය ක්‍රියාවලිය (metabolism) නියාමනය කරයි.

2.​වර්ධනයට සහ සංවර්ධනයට (growth and development) සහය දක්වයි.

3.​ශරීර උෂ්ණත්වය, හෘද ස්පන්දන වේගය සහ ශක්ති මට්ටම් (body temperature, heart rate, and energy levels) පවත්වා ගනී.

​වෛද්‍ය භාවිතය (Medical Use)✅
​ඖෂධ ලෙස කෘතිමව නිපදවූ තයිරොක්සීන් (ලිවෝතයිරොක්සීන් - Levothyroxine) තයිරොයිඩ් ග්‍රන්ථිය අක්‍රිය වීමේ (hypothyroidism/underactive thyroid) රෝගයට හා අඩු තයිරොක්සින් ප්‍රමාණයක් පැවතීම යන කාරණා සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි.

​ලබා දෙන ආකාරය (Given as)..
​මුඛ මාර්ගය ලබා ගන්නා පෙති ලෙස, සාමාන්‍යයෙන් උදෑසන ආහාරයට පෙර ලබා දේ.

​වැදගත් කරුණු (Important Notes)
​මාත්‍රාව තීරණය කරන්නේ තයිරොයිඩ් ක්‍රියාකාරීත්ව පරීක්ෂණ (TSH, T4) මත පදනම්වය.

​අනිවාර්යයෙන්ම හිස් බඩට (empty stomach) ගත යුතුය.ඖෂධ ලබාගෙන අවම පැයක් පමණ යනතුරු කිසිදු ආහාරයක් ගැනීම නොකළ යුතුය..ඊට අමතරව තේ කෝපි වැනි දේ පානය ද සුදුසු නැත.

​කැල්සියම් හෝ යකඩ අතිරේක (calcium or iron supplements) සමඟ නොගත යුතුය .මෙම ඖෂධ දෙකම එකම දිනයක ලබා ගන්නවා නම් අවම පැය හතරක පමණ පරතරයකින් මේ ඖෂධ ලබා ගැනීම කළ යුතුයි.(එකට ගැනීමෙන් ඖෂධ අවශෝෂණය වීම අඩු කළ හැකිය).

සුභ දවසක්..❤..

දරුවෙක් පිළිසිඳ ගැනීමට සූදානම් වන ඔබගේ මුළු අවධානය යොමු විය යුතුම වැදගත්ම පෝෂකයක් තමයි ෆෝලික් ඇසිඩ් (Folic Acid) කියන්නේ...
11/10/2025

දරුවෙක් පිළිසිඳ ගැනීමට සූදානම් වන ඔබගේ මුළු අවධානය යොමු විය යුතුම වැදගත්ම පෝෂකයක් තමයි ෆෝලික් ඇසිඩ් (Folic Acid) කියන්නේ. මේ 'පුංචි විටමිනය' ඔබේ අනාගත දරුවාගේ නිරෝගී ජීවිතයට මහා බලපෑමක් කරනවා.

🥗 ෆෝලික් ඇසිඩ් අඩංගු ආහාර මොනවාද?
ෆෝලික් ඇසිඩ් යනු විටමින් B9 වල කෘත්‍රිම ස්වරූපයයි. ස්වභාවික ආහාර වල තිබෙන විටමින් B9, ෆෝලේට් (Folate) ලෙස හැඳින්වෙනවා. ඔබගේ ආහාර වේලට මේවා එකතු කර ගැනීම ඉතා වැදගත්.
* පලා වර්ග සහ කොළ එළවළු: නිවිති, ගෝවා සහ අනෙකුත් තද කොළ පැහැති පලා වර්ග.
* රනිල බෝග: කඩල, පරිප්පු, රටකජු, සෝයා බෝංචි.
* පළතුරු: දොඩම්, කෙසෙල්, අලිපේර, ගස්ලබු වැනි පළතුරු.
* ධාන්‍ය වර්ග: සම්පූර්ණ ධාන්‍ය (whole grains), රතු හාල් සහ ෆෝලික් ඇසිඩ් එකතු කරන ලද පාන්, සීරියල් වැනි ආහාර.
* සත්ව ආහාර: කිරි සහ මාංශ
🔊උයන විට හෝ වැඩි වේලාවක් රත් කරන විට ෆෝලේට් ප්‍රමාණය අඩු විය හැක. එබැවින් හැකි පමණ අමුවෙන් හෝ මදක් තැම්බීමෙන් ආහාරයට ගැනීම සුදුසුයි.

ෆෝලික් ඇසිඩ් වල ප්‍රයෝජන.
ෆෝලික් ඇසිඩ් ශරීරයේ බොහෝ වැදගත් ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍යයි.
* ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට: දරුවාගේ මොළය සහ කොඳු නාරටිය (ස්නායු නාලය) නිසි ලෙස වර්ධනය වීමට මෙය අත්‍යවශ්‍යයි.
* සියලුම කාන්තාවන්ට සහ පිරිමින්ට: අලුත් සෛල නිපදවීමට (DNA සෑදීමට සහ අලුත්වැඩියා කිරීමට) සහ නිරෝගී රතු රුධිරාණු නිපදවීමට මෙය අවශ්‍යයි.
* සෞඛ්‍ය ප්‍රතිලාභ: රක්තහීනතාවය (ලේ අඩුකම), ඇතැම් හෘද රෝග අවදානම් අවම කිරීමට සහ මතක ශක්තිය (Cognitive Function) පවත්වා ගැනීමටද මෙය උපකාරී වේ.

ගැබ් ගැනීමට සූදානම් නම්, ගත යුතු නිවැරදිම ආකාරය.
වෛද්‍ය උපදෙස් අනුව, ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවක් ෆෝලික් ඇසිඩ් ගත යුතු නිවැරදිම ක්‍රමය මෙසේය.
* ගැබ් ගැනීමට පෙර සිට: ඔබ දරුවකු ලැබීමට සැලසුම් කරන බව තීරණය කළ දින සිට (අවම වශයෙන් මාස 1 සිට 3කට පමණ පෙර) දිනපතාම ෆෝලික් ඇසිඩ් පෙත්තක් ගැනීම ආරම්භ කරන්න.
* ගර්භණී සමය තුළ: ගැබ්ගත් බව තහවුරු වූ පසු, ගර්භණී සමයේ මුල් සති 12 දක්වා දිනපතාම මෙය ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.
💡 මතක තියාගන්න: දරුවාගේ මොළය සහ ස්නායු පද්ධතිය නිර්මාණය වීම සිදුවන්නේ ගැබ්ගත් බව දැන ගැනීමටත් පෙර (පිළිසිඳගත් මුල් සති කිහිපයේදී) බැවින්, ගැබ් ගැනීමට පෙර සිටම ගැනීම අත්‍යවශ්‍ය වේ.

⚠️ නොගැනීමෙන් විය හැකි බරපතල අවදානම් මොනවාද?
ප්‍රමාණවත් ෆෝලික් ඇසිඩ් නොගැනීමෙන් දරුවාට සහ මවට මෙවැනි අවදානම් ඇතිවිය හැකිය.
දරුවාට ඇතිවන අවදානම්:
වඩාත්ම බරපතල අවදානම වන්නේ ස්නායු නාල දෝෂ ඇතිවීමයි.
* Spina Bifida: දරුවාගේ කොඳු නාරටිය නිසි ලෙස වැසී නොයෑම.
* Anencephaly: මොළයේ සහ හිස් කබලේ කොටස් නිසි ලෙස වර්ධනය නොවීම

මවට සහ ගර්භණී සමයට ඇතිවන අවදානම්:
* රක්තහීනතාවය: මවට ලේ ඌනතාවය ඇතිවීම.
* නොමේරූ දරු උපත්: දරුවා නියමිත කාලයට පෙර ඉපදීම.

🌟 පියවරුන්ටත් වැදගත්!
නිරෝගී ගැබ් ගැනීමකට පියාගේ දායකත්වයද වැදගත්ය. ෆෝලික් ඇසිඩ් මඟින් ශුක්‍රාණු වල DNA සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට උදව් වන අතර, එමඟින් පිළිසිඳ ගැනීමේ අවස්ථා වැඩි දියුණු කළ හැකි බව සමහර අධ්‍යයනයන් පෙන්වා දෙයි.

🚫 වැරදි මතයක්බිඳ දමමු!
වැරදි මතය: "මට ආහාරවලින්ම ඕනෑ තරම් ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්."
නිවැරදි දේ: ස්වභාවික ෆෝලේට් ආහාරවල තිබුණද, ශරීරයට එය නිසි ලෙස අවශෝෂණය වන්නේ 50%ක් පමණි. පිසීමේදීද විශාල ප්‍රමාණයක් විනාශ වේ. එබැවින් ගර්භණී සමයේදී අවශ්‍ය අවම මට්ටම පවත්වා ගැනීමට වෛද්‍ය නිර්දේශිත පෙති ගැනීම අත්‍යවශයි.

⚖️ ෆෝලික් ඇසිඩ් මාත්‍රාව වෙනස් වන්නේ කාටද?
ඔබට තිබිය හැකි වෙනත් රෝගී තත්ත්වයන් මත වෛද්‍යවරයා විසින් ඔබට අවශ්‍ය ෆෝලික් ඇසිඩ් මාත්‍රාව නියම කරනු ඇත.

📣 වෛද්‍ය උපදෙස් ලබාගන්න.
මෙම ලිපියේ ඇති තොරතුරු දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, වෛද්‍ය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ගැබ් ගැනීමට සූදානම් වන සෑම විටම ඔබගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හමුවී නිසි උපදෙස් ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.
මෙම ජීවිතාරක්ෂක පණිවිඩය ඔබේ මිතුරියන් සමඟ බෙදා ගන්න
Erandi Subasinghe Kamala Peiris Sanara Pharmacy fans

Address

No. 281, Kiridigala
Balangoda
70100

Opening Hours

Monday 06:30 - 23:30
Tuesday 06:30 - 23:30
Wednesday 06:30 - 23:30
Thursday 06:30 - 23:30
Friday 06:30 - 23:30
Saturday 06:30 - 23:30
Sunday 06:30 - 23:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sanara Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram