Miracle L

Miracle L Dedicated to providing Speech & Language Therapy & Hearing solutions for children and adults

💙 Every child communicates… just in different ways.On this World Autism Awareness Day, let’s move beyond awareness let’s...
02/04/2026

💙 Every child communicates… just in different ways.

On this World Autism Awareness Day, let’s move beyond awareness
let’s choose understanding, patience, and acceptance.

Autism is not a limitation.
It’s a different way of seeing, feeling, and experiencing the world.

✨ Listen differently
✨ Support consistently
✨ Celebrate every small progress

Because when we understand them…
they begin to express themselves.

අපේ පුංචි ළමයෙක්ට “මට ඕන දේ”, “මට අමාරුයි”, “මට ඕනේ”  "මට බැහැ" කියලා හරියට කියන්න බැරි වුණාම ඒ නිසා  ඔහු/ඇය තුළ frustra...
29/03/2026

අපේ පුංචි ළමයෙක්ට “මට ඕන දේ”, “මට අමාරුයි”, “මට ඕනේ” "මට බැහැ" කියලා හරියට කියන්න බැරි වුණාම
ඒ නිසා ඔහු/ඇය තුළ frustration එකක් එකතු වෙලා, ඒක කෝපය (anger) ලෙස පිට වෙන්න පුළුවන්.

ඇත්තටම මේක වෙන්නේ කොහොමද?
* දරුවාට අදහසක් තියෙනවා →
* ඒක වචන වලට පෙරලගන්න බැහැ →
* වැඩිහිටියෝ තේරුම් ගන්නෙ නැහැ →
* නැවත නැවත උත්සාහ කරලා අසාර්ථක වෙනවා →

අවසානයේ ඇඩීම / කෑ ගැසීම / දේවල් විසි කිරීම, කැඩීම, ඔලුව ගසා ගැනීම වගේ හැසිරීම් පෙන්වනවා

මෙය බොහෝවිට දරුවා හිතාමතා කරන දෙයක් නෙවෙයි!
ඔවුන් “නරක” නැහැ
ඔවුන් යම්කිසි අපහසුතාවක් පසුවන නිසා කරන දෙයක්,

🌟 එසේ නම් අපි බුද්ධිමත් මව්පියන් ලෙස යුතු දේ වන්නේ,

✔️ දරුවා අධ්‍යයනය කරන්න – කෝපය එන වෙලාව හදුනා ගන්න
✔️ සරල භාශාවක් භාවිතා කරන්න – “ඔයාට වතුර ඕනද?”, “ help” වගේ (දරුවා භාවිතා කරන භාශාව අනුව) දරුවාට වචන කියා දෙන්න
✔️ තෝරා ගැනීම් ලබා දෙන්න – “බීමද ? / වතුරද ?”
✔️ සංඥා භාශාව භාවිත කරන්න – පෙන්වීම, හස්ත සංඥා භාවිතා කිරීම
✔️ අවස්තාව අනුව දරුවා සැහැල්ලු කරන්න- එකක් හදන්න – වැලද ගැනීම, හොදින් හුස්ම ගැනීමට කියා දීම

හොඳ හැසිරීම් අගය කරන්න නරක හැසිරීම් කොපමන කලත් ඒවාට අවදානය නොදී හොද හැසිරීම් පමනක් අගය කරන්න.

දරුවා වචනෙන් හෝ සංඥාවකින් සන්නිවේදනය කළාම
ඒ අවස්තාවේදීම අගය කරන්න: “Good job!” / “හරිම ලස්සනට කිව්වා”

මෙවැනි දරුවන් සදහා Speech Therapy අවශ්‍යද ?

Speech Therapist කෙනෙක්:
* දරුවාගේ සන්නිවේදන මට්ටම තක්සේරු කරනවා
* දරුවාගේ වයසට අනුව තිබිය යුතු සන්නිවේදන කුසලතා දියුනු කරනවා
* කතා කිරීම සහ තෙරුම් ගැනීම දියුනු කරනවා
* Alternative communication methods (gestures, pictures) හදුන්වා දෙනවා.
* දෙමව්පියන්ට උපදෙස් ලබාදෙනවා
ඉතින් තම අදහස් නිවැරදි ලෙස සන්නිවේදනය කිරීමට අපහසු දරුවෙක්ට අනිවර්‍යයෙන් කථන චිකිත්සනය සහ නිවැරදි මග පෙන්වීම අවශ්‍ය වනවා.

Therapy එකෙන් වෙන වෙනස්කම්
✔️ දරුවාට නිවැරදි ලෙස කතා කිරීම හා සන්නිවේදන කිරීමට පුළුවන් වෙනවා
✔️ කලකිරීම (frustration) අඩු වෙනවා
✔️ කෝපය සහ හැසිරීම් ක්‍රමයෙන් අඩු වෙනවා
✔️ ආත්ම විශ්වාසය වැඩි වෙනවා

මතක තියාගන්න:
“කෝපය” කියන්නේ දරුවාගේ පනිවිඩයක්,
ඔබ ඒ පනිවිඩය නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ වගේම ඔවුන්ගේ කෝපයට වැරදි හැසිරීමට අනුබල නොදිය යුතුයි.
නිවැරදි ලෙස එය පාලනය කිරීමට දරුවාට සහය ලබා දීම ඔබගේ වගකීමයි

සටහන
කථන හා භාශා චිකිත්සක
දුලංගි පණ්ඩිතසේකර
Miracle L Speech & Hearing
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

සෑම දරුවෙක්ම තම තමන්ට ආවේණික ලෙස ඔවුන්ගේ වර්ධනය සිදුවෙනවා. කෙසේවෙතත් කථන හා භාෂා ප්‍රමාදය සහිත දරුවෙක්ට  මුල් අවදියේම හඳ...
21/03/2026

සෑම දරුවෙක්ම තම තමන්ට ආවේණික ලෙස ඔවුන්ගේ වර්ධනය සිදුවෙනවා. කෙසේවෙතත් කථන හා භාෂා ප්‍රමාදය සහිත දරුවෙක්ට මුල් අවදියේම හඳුනාගැනීම (Early intervention) හරහා ඔවුන්ගේ දිගුකාලීන සන්නිවේදනයේ විශාල වෙනසක් සිදුකළ හැකිය. ඒ සදහා හේතුවන්නේ,

මොළයේ ඉහළ සංවර්ධන අවධිය
මුල් අවුරුදු කිහිපය දරුවාගේ මොළයේ සෛල වේගයෙන් වෙනස්වන (neuroplasticity) තීරණාත්මක අවධියක් වන අතර අලුත් දේ ඉගෙන ගැනීමට හොදම කාලයකි. මේ අවධියේදී කතා කිරීමට උපකාර ලබාදීම සන්නිවේදනය,ඉගෙනුම සහ සමාජ සබදතා සදහා අවශ්‍ය ස්නායු ශක්තිමත් වීමට බලපායි.
කේන්තිය (frustration) අවමකර සන්නිවේදනය වර්ධනය කිරීම
තමන්ගේ අදහස් හෝ අවශ්‍යතා ප්‍රකාශකිරිමට අපහසුබව බොහෝවිට දරුවන්ගේ හැසිරීමට හා මානසික සෟඛ්‍යයට ඍජුව බලපෑම් ඇතිකරයි. මුල් අවධියේදීම සහය ලබාදීම මගින් ඔවුන්ට සරලව හා සාර්ථකව කතාකිරීමට හැකිවෙයි. එමගින් විශ්වාසයත් සමාජ සබදතාත් ශක්තිමත් වේ.
ඉගෙනුමට අවශ්‍ය මූලික අඩිතාලමයි
කථන හා භාෂා කුසලතාව දරුවන්ගේ ලිවීම හා කියවීම (literacy),
ගැටලු විසදීම( problem solving) , පන්තියේ සහභාගීත්වය (classroom participation) සදහා මූලිකව බලපායි.

පවුලේ සහභාගීත්වය බලගැන්වීම
මුල් අවධියේ මැදිහත්වීම යනු තනිවම therapy sessions වලින් සිදුකරන දෙයක් නොවේ. එය පවුලේ සාමාජිකයනුත් සමග එකට යන ගමනක්. ඔවුන්ටත් එහි විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. Therapy වලදී කියාදෙන සන්නිවේදන ක්‍රම නිවසේදී දරුවා සමග එකතුවී භාවිතා කලයුතු අතර එයින් දරුවාට භාෂාමය පරිසරයක් නිර්මාණය කලහැකිය.

අවාසනාවකට අපේ වැඩිහිටියන් සෑම විටම ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද කිරීම අපි බහුලව දකිනවා.

ඔවුන් හිතනවා දරුවා පෙර පාසල් යන්න පටන් ගත්තට පස්සේ කතා කරයි. නැත්නම් තාත්තත් කතා කරේ පරක්කු වෙලා එහෙම නැත්නම් බබාගේ අයිය නං පොඩ්ඩක් පරක්කු වුණා. ඒ නිසා මෙයත් පරක්කු වෙලා කතා කරයි.
ඔබ දන්නවාද දරුවාගෙන් දරුවාට මේ හැකියාවන් වෙනස් සහ තිබෙන රෝග තත්ත්වයනුත් වෙනස් වෙනවා. මේ නිසා දරුවාගේ කථන ප්‍රමාදයක් දුටු විගස ප්‍රතිකාර වෙත යොමු වන්න

කලින් ඇරඹිය යුත්තේ ඇයි?
Therapy පසුව අරඹනවාට වඩා කල්තියා ආරම්භ කරන දරුවන්ගේ ඉක්මන් වර්ධනයක් සිදුවනබව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. එය ඉතා ඵලදායී වන අතර දිගුකාලීන සාර්ථකත්වයට හේතුවේ.

ඔබේ දරුවාගේ කතා කිරීමේ ප්‍රමාදයක් දුටුවොත් ඉක්මනින් කථන චිකිත්සාවට යොමුවන්න. එය දරුවාගේ හඩ, සන්නිවේදනය, විශ්වාසය හා අනාගතය ගොඩනැගීමට කරන යහපත් ආයෝජනයකි.

සටහන:
කථන හා භාෂා චිකිත්සක
හෂිනි වි‌ජේසූරිය
Miracle L Speech & Hearing
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

Today, we celebrate the beauty, strength, and endless potential of every child with Down syndrome. 💙💛At Miracle L Speech...
21/03/2026

Today, we celebrate the beauty, strength, and endless potential of every child with Down syndrome. 💙💛
At Miracle L Speech & Hearing, every child is deeply valued, loved, and deserves to shine. ✨

අපේ දිව යට, දිව සහ කටේ පතුල සම්බන්ධ කරන කුඩා සමේ කොටසක් තියෙනවා. සමහර දරුවන්ගේ මේ කොටස උපතින්ම හුඟක් කෙටි හෝ තද වෙන්න පු...
15/03/2026

අපේ දිව යට, දිව සහ කටේ පතුල සම්බන්ධ කරන කුඩා සමේ කොටසක් තියෙනවා. සමහර දරුවන්ගේ මේ කොටස උපතින්ම හුඟක් කෙටි හෝ තද වෙන්න පුළුවන් Tongue tie ( දිව බැඳීම) . ඒ නිසා දිව නිදහසේ එහා මෙහා කරන්න අමාරු වෙනවා.

මේ නිසා දරුවාට ඇති වන ප්‍රධාන ගැටලු:

ඇතැම් අකුරු උච්චාරණය කිරීමට අපහසු වීම:
විශේෂයෙන්ම දිව උඩට උස්සලා කියන්න ඕනේ "ල, න, ත, ද, ට, ඩ" වැනි අකුරු සහ දිව නමලා කියන්න ඕනේ "ර" වැනි අකුරු පැහැදිලිව කියන්න දරුවාට අමාරු වෙන්න පුළුවන්.

කතාව "පැටලෙන" ස්වභාවය:
දිව වේගයෙන් හසුරවන්න බැරි නිසා දරුවා කතා කරන කොට වචන අපැහැදිලි වෙන්න (Mumbling) පුළුවන්.

කතා කරන විට දැනෙන වෙහෙස:
සාමාන්‍ය දරුවෙකුට වඩා මේ දරුවන්ට කතා කරන්න වැඩි වෙහෙසක් ගන්න වෙනවා. ඒ නිසා වැඩි වෙලාවක් කතා කරන කොට දරුවාට කටේ තෙහෙට්ටුවක් හෝ වේදනාවක් දැනෙන්න පුළුවන්.

වෙනත් ගැටලු:
කුඩා කාලයේදී මව් කිරි බීමේ අපහසුතා
අයිස්ක්‍රීම් එකක් ලෙවකෑමට අපහසු වීම, දිව එළියට දැමීමට නොහැකි වීම සහ කෑම හපන විට දිවෙන් කෑම එහා මෙහා කිරීමට අපහසු වීම වැනි ලක්ෂණ දකින්න ලැබෙන්න පුළුවන්.

දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?
Tongue tie තිබුණු පළියටම හැම දරුවෙකුටම ශල්‍යකර්ම (Surgery) අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට කථන චිකිත්සක (Speech Therapy) ව්‍යායාම මගින් දිවේ චලනයන් පුහුණු කරලා මේ ගැටලුව විසඳගන්න පුළුවන්. එසේ නොමැති අවස්ථාවක ඒ සම්බන්ධව Doctor කෙනෙක්ගේ උපදෙස් මත surgery එකක් සහ ඉන් පසු අවශ්‍ය ව්‍යායාම තුළින් මෙම ගැටලුව විසඳගන්න පුලුවන්.

ඔබේ දරුවාටත් මෙවැනි ලක්ෂණ තියෙනවා නම් හා උච්චාරණ අපහසුතාවයක් ඇති විට කථන සහ භාෂා චිකිත්සකයෙකුගේ උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි.

සටහන
කථන හා භාෂා චිකිත්සක,
මලින්දි දිල්හාරා
Miracle L Speech & Hearing
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

අද කාලයේ බොහෝ දෙමාපියන් තම දරුවා කතා කිරීමට "ප්‍රමාද" වීම ගැන කනස්සල්ලට පත්ව සිටිනවා. ඔවුන් දරුවාගේ වර්ධන සන්ධිස්ථාන සංස...
07/03/2026

අද කාලයේ බොහෝ දෙමාපියන් තම දරුවා කතා කිරීමට "ප්‍රමාද" වීම ගැන කනස්සල්ලට පත්ව සිටිනවා. ඔවුන් දරුවාගේ වර්ධන සන්ධිස්ථාන සංසන්දනය කරනවා, දරුවා කතා කරන වචන ගණන් කරනවා, සහ දරුවා කතා කරන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

නමුත් බොහෝ විට අපට වැදගත් ප්‍රශ්නයක් මග හැරෙනවා. දරුවා සැබැවින්ම කතා කිරීමට ප්‍රමාදද — නැතිනම් අප පෙරට වඩා දරුවන් සමඟ කතා කරන ප්‍රමාණය අඩු වී තිබේද යන්න.

නූතන ජීවිතය තුළ දරුවන් ශබ්ද, වීඩියෝ සහ විවිධ උපකරණවලින් වටවී සිටියද, ඔවුන්ට සෘජු හා අර්ථවත් සංවාද ලැබෙන්නේ ඉතා අඩුවෙන්. භාෂාව වර්ධනය වන්නේ හුදු ශබ්ද මඟින් නොවේ. එය වර්ධනය වන්නේ සම්බන්ධතාවය මඟිනි.

භාෂාව වර්ධනය වන්නේ අන්තර්ක්‍රියා මඟිනි.
දරුවන් කතා කිරීමට ඉගෙන ගන්නේ වචන ඇසීමෙන් පමණක් නොවේ. ඔවුන් ඉගෙන ගන්නේ:

⭕යමෙකු ඔවුන් දෙස බලා කතා කරන විට,
⭕ යමෙකු ඔවුන්ගේ ප්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටින විට,
⭕ ඔවුන් සන්නිවේදනය කිරීමට දරන උත්සාහයට යමෙකු ප්‍රතිචාර දක්වන විට,
⭕ යමෙකු ඔවුන් පවසන දේ නැවත පවසමින් එය පුළුල් කරන විට.

තිරයකට (Screen) දරුවෙකුට ඇසෙන සේ කතා කළ හැකිය. නමුත් දරුවෙකු සමඟ කතා කළ හැක්කේ මනුෂ්‍යයෙකුට පමණි. දරුවන්ට අන්තර්ක්‍රියාකාරී සන්නිවේදනය ප්‍රමාණවත් ලෙස නොලැබෙන විට, ඔවුන් වීඩියෝ හෝ රූපවාහිනියෙන් දිනකට වචන දහස් ගණනක් ඇසුවද, ඔවුන්ගේ භාෂා වර්ධනය අඩාල වෙනවා.
අපගේ නිවෙස් කෙතරම් ඝෝෂාකාරී වුවද ශබ්දවලින් පිරී තිබුණද, බොහෝ විට සංවාදවලින් තොරයි.
දෙමාපියන් කාර්යබහුලය, වෙහෙසට පත්ව සිටි. එකවර වැඩ රාශියක නිරත වේ.
ආහාර ගන්නා වේලාවන් කෙටි වී තිබේ, නැතහොත් නිහඬ වී තිබේ.
ක්‍රීඩා කරන කාලය වෙනුවට තනිවම තිරය දෙස බලා සිටින කාලය (Screen time) ආදේශ වී ඇත.
වැඩිහිටියන් දරුවා සන්නිවේදනය කරන තෙක් නොසිට, ඔවුන්ගේ අවශ්‍යතා කලින්ම හඳුනාගෙන ඉටු කර ගන්නවා.

එම නිසා දරුවන්ට යමක් ඉල්ලීමට, විස්තර කිරීමට හෝ සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවේ — ඔවුන් කරන්නේ ඇඟිල්ලෙන් පෙන්වීම, තිරය ස්වයිප් (Swipe) කිරීම හෝ ලබා දෙන දේ ලබා ගැනීම පමණි. ශාරීරික මාංශ පේශි මෙන්ම, භාෂා මාංශ පේශිද භාවිත නොකරන විට දුර්වල වේ.

දරුවන්ට වචන අවශ්‍ය නොවන විට, ඔවුන් ඒවා පුහුණු කරන්නේ නෑ.
දරුවෙකු යමක් දෙසට ඇඟිල්ල දිගු කළ සැණින් එය ලැබෙන්නේ නම්, ඔවුන් වචනවල ඇති බලය ඉගෙන ගන්නේ නෑ. වැඩිහිටියන් ඉක්මන් වී දරුවාගේ වැකිය සම්පූර්ණ කිරීමට හෝ අනුමාන කිරීමට ගියහොත්, දරුවාට පහත අවස්ථා මග හැරේ:

⭕ උත්සාහ කිරීම
⭕ වැරදි කිරීම
⭕ තමන් පවසන දේට සවන් දෙන බව දැනීම
⭕ දියුණු වීම

අපි බොහෝ විට ඉතා ඉක්මනින් දරුවාට උදවු කිරීමට යාමෙන්, නොදැනුවත්වම ඔවුන්ගේ සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවය නැති කර දමනවා.

වැඩියෙන් කතා කිරීම සහ නිවැරදිව කතා කිරීම එකක් නොවේ.
මෙහි අදහස දරුවා වටා නිතරම කියවීම නොවේ. එය ප්‍රතිචාරාත්මක කතාබහ (Responsive talking) පිළිබඳවයි:

⭕ දරුවා ඔබ දෙස බලන තෙක්, සංඥාවක් කරන තෙක් හෝ ශබ්දයක් කරන තෙක් රැඳී සිටින්න.
⭕ දරුවා අවධානය යොමු කර ඇති දේට ප්‍රතිචාර දක්වන්න.
⭕දරුවා භාවිතා කළ වචනවලට වඩා මදක් වැඩිපුර වචන එකතු කරන්න.

උදාහරණයක් ලෙස:
දරුවා: "බෝල."
වැඩිහිටියා: "ඔව් — රතු බෝලයක්! බෝලය දානවා!"
මෙය ස්වභාවිකවම වචන මාලාව, වාක්‍ය ව්‍යුහය සහ විශ්වාසය ගොඩනංවයි.

මෙය ඔබට කෙරෙන දෝෂාරෝපණයක් නොව, අවබෝධ කර දීමකි.
දෙමාපියන් මෙහිදී අසාර්ථක වී නැත. ඔවුන් දරුවන් ඇති දැඩි කරන්නේ පෙරට වඩා බෙහෙවින් වෙනස් ලෝකයක. මෙම පණිවිඩය වරදකාරී හැඟීමක් ඇති කිරීමට නොව, අවස්ථාවන් පෙන්වා දීමටයි. හොඳම දේ නම්, අන්තර්ක්‍රියා වැඩි කරන ඕනෑම අවස්ථාවක භාෂා වර්ධනය සිදු විය හැකි වීමයි. කුඩා වෙනස්කම්වලින් විශාල වෙනසක් කළ හැකිය.

අපට කළ හැකි වෙනස්කම් මොනවාද?
✅ එදිනෙදා වැඩ කටයුතු අතරතුර දරුවා සමඟ කතා කරන්න (නාන විට, උයන විට, ඇඳුම් අන්දවන විට).
✅ දරුවා ප්‍රතිචාර දක්වන තෙක් මඳක් රැඳී සිටින්න.
✅ ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමට දරුවාට සුළු වෙහෙසක් ගැනීමට ඉඩ දෙන්න.
✅ නිෂ්ක්‍රීයව තිරය දෙස බලා සිටින කාලය (Screen time) අඩු කරන්න.
✅ එකට පොත් කියවන්න, සින්දු කියන්න සහ සෙල්ලම් කරන්න.
✅දරුවා උනන්දු වන දේ ගැන ඔවුන් සමඟ කතා කරන්න.

දරුවන් දුර්වල නැත. ඔවුන් කම්මැලි නැත. ඔවුන්ට හැකියාවන් නැතිවා නොවේ. ඔවුන් හුදෙක් හැදී වැඩෙන්නේ, ඔවුන් සමඟ කතා කරන ප්‍රමාණය අඩු සහ ඔවුන්ට පෙන්වන (දර්ශන) ප්‍රමාණය වැඩි ලෝකයක ය.

අපි දරුවන්ට නැවත සංවාදය ලබා දෙන විට, අපි ඔවුන්ට ඔවුන්ගේ හඬ නැවත ලබා දෙනවා.

සටහන,
නදීෂා බණ්ඩාර
කථන හා භාෂා චිකිත්සක
Miracle L Speech & Hearing
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

Moments from our recent Parent Training Workshop at Miracle L Speech and Hearing Center 💬✨Our Battaramulla Speech & Lang...
04/03/2026

Moments from our recent Parent Training Workshop at Miracle L Speech and Hearing Center 💬✨

Our Battaramulla Speech & Language Therapists guided parents with real-life techniques — because true progress happens not only inside the therapy room, but within everyday family moments.

As a team, we are proud that we were able to make this meaningful programme happen together.

When dedicated parents and passionate professionals unite, children’s voices become stronger 💜💜💜

ලෝක ශ්‍රවණ දිනය - මාර්තු 3 වෙනිදා, එදිනට ඔබට නොමිලේම ඔබේ ශ්‍රවන හැකියාව පරීක්ෂා 🎧 කරගැනීමේ අවස්ථාව තිබෙනවා...එදිනට අනිවා...
01/03/2026

ලෝක ශ්‍රවණ දිනය - මාර්තු 3 වෙනිදා,
එදිනට ඔබට නොමිලේම ඔබේ ශ්‍රවන හැකියාව පරීක්ෂා 🎧 කරගැනීමේ අවස්ථාව තිබෙනවා...

එදිනට අනිවාර්යෙන්ම ඔබගේ දෙමාපියන් රැගෙන එන්න...

වේලාවක් වෙන්කර ගැනීමට අදම 0761 838484 අමතන්න
📍Miracle L Speech & Hearing Center - Battaramulla

ගොතය 💥(Stuttering) කියන්නේ කථන දෝෂයකි (speech fluency disorder). මෙය පුද්ගලයාගේ බුද්ධිමත්බාවයේ අඩුවක් හෝ උත්සාහ නොකිරීමක...
28/02/2026

ගොතය 💥(Stuttering) කියන්නේ කථන දෝෂයකි (speech fluency disorder). මෙය පුද්ගලයාගේ බුද්ධිමත්බාවයේ අඩුවක් හෝ උත්සාහ නොකිරීමක් නොවේ.

ගොතය ඇති බොහෝ දරුවන්, යෞවනයන් සහ වැඩිහිටියන් බුද්ධිමත් සහ විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් වෙයි. නමුත් කථනයේ ඇති අපහසුතාවය ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපායි.

🛑ගොතයේ ලක්ෂණ මොනවාද?

ගොතය ඇති පුද්ගලයෙකුට: • ශබ්ද හෝ වචන නැවත නැවත කියවීම – “ම-ම-මම”
* ශබ්ද දිගු කිරීම – “ක.....ට”
* කථා කරන්න උත්සාහ කරන වෙලාවට හිරවී යාම
* “අ… ම්…” වගේ fillers භාවිතා කිරීම
* සමහර වචන හෝ අවස්ථා වලින් වැළකී සිටීම
* ඉතා වේගයෙන් හෝ ඉතා පහළ හඬින් කථා කිරීම
* ඇස් පිය ගැසීම, මුහුණ හෝ හිස චලනය වීම වැනි ශාරීරික ලක්ෂණ

මෙය ජීවිතයට කොහොමද බලපාන්නේ?
ගොතය කථනයට පමණක් සීමා වෙන්නේ නැහැ.
එය හැඟීම්, ආත්ම විශ්වාසය සහ සමාජ ජීවිතයට සම්පූර්ණයෙන්ම බලපානවා.

ගොතය ඇති බොහෝ දෙනා: • ලැජ්ජාව සහ අසහනය අත්විඳිනවා
* පන්තියේ හෝ රැස්වීම් වල කථා කිරීමට වැළකෙනවා
* දුරකථන ඇමතුම් වලට බියවෙනවා
* කථා කිරීමට පෙර දැඩි ආතතියක් දැනෙනවා
* විහිළුවට ලක්වෙලා හෝ වැරදි ලෙස තේරුම් ගන්නා වෙලාවන් තියෙනවා
* “මම හොඳ කථිකයෙක් නෙමෙයි” කියලා විශ්වාස කරනවා

කාලයත් සමඟ මෙය:
❌ අඩු ආත්ම විශ්වාසයට
❌ සමාජයෙන් වෙන්වීමට
❌ අධ්‍යාපනික හා රැකියා අපහසුතාවයන්ට
❌ සන්නිවේදනයට බිය වීමට හේතුවක් වෙයි.

සුබවාදී පණිවිඩයක් තියෙනවා 💬

ගොතය නිසි කථන හා භාෂා (speech therapy) ක්‍රම මඟින් කළමනාකරණය කළ හැකියි.

Speech therapy මඟින් පුද්ගලයාට:
✔ කථන ප්‍රවාහය (fluency) වැඩි කරගන්න
✔ කථනයේ ආතතිය අඩු කරගන්න
✔ සුමට කථන ක්‍රම ඉගෙනගන්න
✔ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න
✔ බිය නොවී සන්නිවේදනය කරන්න
හැකි වෙයි.

Miracle L Speech Therapy Center හි අපි කොහොමද ඔබට උදව් කරන්නේ?

අපි පුහුණු සහ සුදුසුකම්ලත් Speech & Language Therapists ලෙස:

🔹 සම්පූර්ණ ඇගයීම (Assessment)
🔹 පුද්ගලයාට ගැලපෙන therapy plan
🔹 Fluency shaping techniques
🔹 Stuttering modification strategies
🔹 Relaxation training
🔹 Confidence සහ communication skills
🔹 දෙමාපියන්ට උපදෙස් සහ මාර්ගෝපදේශ

අපේ therapy විද්‍යාත්මක, ප්‍රායෝගික සහ පුද්ගල කේන්ද්‍රිතයි.
අපි කථනයට පමණක් නොව, හැඟීම්, අදහස් සහ සැබෑ ජීවිත සන්නිවේදනයටත් අවධානය යොමු කරනවා.

මතක තබාගන්න:
ගොතය ඔබේ වරදක් නෙමෙයි. ඔබ තවත් දුක් විඳින්න අවශ්‍ය නැහැ. ප්‍රතිකාර වෙත යොමු වී විශ්වාසයෙන් කතා කරන්න අදම අපට කතාකරන්න.

සටහන,
කථන සහ භාෂා චිකිත්සක,
සුරංගි කැප්පෙටිපොල
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම සහ කතා කිරීම යනු එකිනෙකට වෙන් නොවන, එකටම ක්‍රියා කරන ක්‍රියාවලියන් බව ඔබ දන්නවාද?අප කතා කිර...
21/02/2026

හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම සහ කතා කිරීම යනු එකිනෙකට වෙන් නොවන, එකටම ක්‍රියා කරන ක්‍රියාවලියන් බව ඔබ දන්නවාද?

අප කතා කිරීම 🗣 ආරම්භ වන්නේ හුස්ම පිට කිරීමෙන්. එම හුස්ම උගුර හරහා ගමන් කරන විට, එහි ඇති ස්වර තන්තු චලනය වී ශබ්දයක් ඇති කරයි. පසුව අපගේ නාස් කුහරය දිව, තොල්, දත් සහ තල්ල මගින් හැඩගැසී, පැහැදිලි වචන ලෙස අපට ඇසෙයි.

👉 කටහඬ වෙනස් වීමට හේතු
• ජලය ප්‍රමාණවත් ලෙස නොපානය කිරීමෙන් උගුර වියළී යාම
• නිතර උගුර පෑදීම හෝ නිතර කැස්ස කිරීම
• අධික ඝෝෂාකාරී පරිසරයන් තුළ දිගු වේලාවක් කතා කිරීම
• වැරදි කතා කිරීමේ රටාව (හුස්ම නිසි ලෙස භාවිතා නොකිරීම)
• දිගු කාලයක් වායුසමීකරණය කළ පරිසරයක සිටීම
• දූවිලි, දුම්, රසායනික ද්‍රව්‍යයවලට නිරාවරණය වීම.
• ඇලර්ජි තත්ත්වයන් (නාසය, උගුර සම්බන්ධ)
• ආමාශයෙන් අම්ලය උගුරට නැගීම (Acid reflux / GERD)
• නිදා ගැනීමට පෙර බර ආහාර ගැනීම
• නින්ද අඩුව සහ ශාරීරික වෙහෙස
• හදිසියේම උස් හඬින් කතා කිරීම
• කටහඬට නිසි විවේකයක් නොලැබීම
• වෘත්තීය හේතු (ගුරුවරු, ගායකයින්, නිවේදකයින් වැනි අය)
• දිගු කාලයක් මාස්ක් පැළඳ කතා කිරීමේදී හුස්ම වැරදි ලෙස භාවිතා කිරීම


🤒🤕රෝගී කටහඬක දැකිය හැකි ලක්ෂණ

* ගොරෝසු, රළු කටහඬ (roughness)
* කතා කිරීමේදී ඇතිවන වෙහෙසකර බව, උගුරේ වේදනාව
* උගුරේ වියළුණු ස්වභාවය (sore throat)
* උගුරේ යමක් සිරවී ඇති ලෙස දැනීම ( stuck in the throat)
* කටහඬ ක්‍රමයෙන් අඩුවීම, සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් නැතිවීම
* නිතර කැස්ස හෝ උගුර පෑදීමට අවශය වීම ( coughing or throat clearing)
* කතා කිරීමේදී අසාමානය ලෙස හුස්ම පිටවීම

👉👉 කටහඬ රැක ගැනීමට කළ යුතු දේ (Simple way)
• නිතර ජලය පානය කර උගුර තෙතමනයෙන් තබාගන්න
• ඝෝෂාකාරී තැන්වල උස් හඬින් කතා කිරීමෙන් වළකින්න
• දුම්වැටි, මත්ද්‍රව්‍ය ඇතුළු මත්පැන් භාවිතය නොකරන්න
• නිතර උගුර පෑදීම සහ රහසින් කතා කිරීමෙන් වළකින්න
• තෙල්, මිරිස්, ආම්ලික ආහාර සහ කැෆේන් අඩංගු පාන අඩු කරන්න
• ආමාශයේ දැවිල්ල ඇත්නම් එය පාලනය කරන්න
• දිනකට දෙවරක් හුමාලය අල්ලන්න
• දූවිලි සහ දුම් ඇති තැන්වලට වැඩිපුර නොයාමට උත්සාහ කරන්න
• නින්ද හොඳින් ලබාගන්න
• දිගු වේලාවක් කතා කළාට පස්සේ කටහඬට විවේකයක් දෙන්න

කටහඬහඬ ආශ්‍රිත රෝගී තත්ව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අදම කථන චිකිත්සකවරයෙක් සම්බන්ධ කරගන්න

සටහන
වරුණි මධුෂාණි
කථන හා භාශා චිකිත්සක
Miracle L Speech & Hearing Center
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

Today we are conducting our Parent Training Programme at Miracle L Speech and Hearing Center 💬Because real progress does...
15/02/2026

Today we are conducting our Parent Training Programme at Miracle L Speech and Hearing Center 💬

Because real progress doesn’t happen only during therapy sessions…
It happens at home — during play, daily routines, and simple conversations💜

දරුවන්ගේ කථන ප්‍රමාද ගැන  ඇති මිත්‍යා විශ්වාසයන් සහ ඒවාගේ ඇත්ත පිලිබදව ඊට සම්බන්ද විශේශඥවරයෙක්ගෙන් අසා දැනගමුද? ❌ “පිරිම...
14/02/2026

දරුවන්ගේ කථන ප්‍රමාද ගැන ඇති මිත්‍යා විශ්වාසයන් සහ ඒවාගේ ඇත්ත පිලිබදව ඊට සම්බන්ද විශේශඥවරයෙක්ගෙන් අසා දැනගමුද?

❌ “පිරිමි ළමයි කතා කරන්න පරක්කු වෙනවා, ඒ නිසා කමක් නෑ”
✔️ සත්‍යය: පිරිමි හෝ ගැහැණු කියලා වෙනසක් නැහැ. වයසට අදාල කථන හැකියාව නැතිවීම ප්‍රමාදයක් විය හැක..

❌ “ගෙදර කතා කරන් නැති වුනාට ඉස්කෝලේ ගියාම හරි යයි”
✔️ සත්‍යය: ඉස්කෝලේ යාමෙන්ම කථන ගැටලු හොඳ වෙන්නේ නැහැ. නිසි ප්‍රතිකාර නැත්නම් ගැටලුව තව දුරටත් වැඩි වෙන්න පුළුවන්.

❌ “Autism තියෙන ළමයින්ට ඉගෙනගන්න බැහැ”
✔️ සත්‍යය: Autism කියන්නේ learning disability එකක් නෙමෙයි. නිසි ආකාරයෙන් මගපෙන්වීම ලැබුනොත් ඔවුන්ට අනෙක් දරුවන් වගේම ඉගෙනගන්න පුළුවන්. මේ හැකියාවන් දරුවාගේ දරුවාගේ මට්ටම අනුව වෙනස් විය හැකියි.

❌ “ළමයා කතා නොකරත් ඇත්තටම බුද්ධිමත්”
✔️ සත්‍යය: බුද්ධිය සහ කථන හැකියාව දෙකම වෙන වෙනම වර්ධනය වෙන දේවල්. කථන ගැටලු තිබුණත් ළමයා තේරුම් ගැනීමෙ හැකියාව හොද මට්ටමක තිබෙන්න පුළුවන් එමනිසා දරුවාගේ කතනය වර්දනය වීම තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය වූ පමනින් සිද්ද වෙන්නෙ නැහැ.

❌ "දරුවාගෙ අපල කාලය නිසා කතාව පරක්කුයි. අපලය ගෙවී ගියාම කතා කරයි"
✔️ සත්‍යය: ආගමික විශ්වාස ඇදහිලි තමන් තුල තිබන්නට පුලුවන් නමුත් දරැවාගේ වයසට අදාල ප්‍රමානයකින් කතන හැකියාව හෝ ක්‍රියාකාරකම් වල අඩුපාඩු ඇති නම් ඔබ සෞඛ්‍ය අංශයේ විශේශඥ සහය ලබා ගත යුතුම වෙනවා.. දරුවාගේ වර්දනයට අදාල දේවල් ආගමික ඇදහිලි මගින් සුව කරන්න බැහැ.

❌ “Therapy පටන් ගත්තොත් අවුරුදු ගානක් යන්න වෙනවා”
✔️ සත්‍යය: බොහෝ දෙනා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න කැමති. ඒ නිසා කෙටි කාලීන ප්‍රතිකාර වෙත යොමු වෙනවා. ප්‍රතිකාර සඳහා ගතවන කාලය තීරණය වන්නේ ළමයාගේ ගැටලුව, වයස සහ අනෙකුත් අදාල කාරනා අනුව ප්‍රගතිය වෙනස් වෙන්න පුළුවන්.

❌ “Autism කියන්නේ මවගේ හෝ පියාගේ වැරැද්දක් නිසා ඇතිවන තත්ත්වයක්”
✔️ සත්‍යය: Autism කිසිම විදිහක parent fault එකක් නෙමෙයි. ඒක neurological condition එකක්.

❌ “Speech Therapy කරන්න පුළුවන් අවුරුදු 5–6 පස්සේ විතරයි”
✔️ සත්‍යය: අවුරුදු 1½–2 ඉඳන්ම therapy ආරම්භ කරන්න පුළුවන්. මුලදීම පටන් ගත්තොත් එය දරැවාටද ඉතා පහසු වෙනවා

❌ “ළමයා gestures කරනවා, ඒ නිසා therapy ඕනෙ නෑ”
✔️ සත්‍යය: gestures භාවිතය හොඳයි, නමුත් spoken communication වර්ධනය කරන්න therapy වැදගත්.

ඔබත් මේ දේවල් ගැන මේ විදිහට හිතනවාද? එසේත් නැති නම් ඔබේ ආදරණීයන් මෙවැනි අදහස් දරනවා ද?

ඔබේ දරුවා නම කියද්දි ප්‍රතිචාර නැත්නම්, වචන අඩු නම් ,eye contact අඩු නම්, එකම ක්‍රියාව නැවත නැවත කරනවා සහ කතන ප්‍රමාදයක් ඔබ දරුවා තුල දකිනවා නම් ඒ ගැන නොසලකා හරින්න එපා!

ඉතින් ඔබේ දරුවා පිලිබද ඔවුන්ගේ හැසිරීම් , ක්‍රියාකාරකම් පිලිබදව බුද්දිමත්ව සිතන්න..

සටහන
දුලංගි පණ්ඩිතසේකර
කතන හා භාශා චිකිත්සක
Miracle L Speech & Hearing Center
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

Address

472/1, Kaduwela Road, Ganahena
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94761838484

Alerts

Be the first to know and let us send you an email when Miracle L posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Miracle L:

Share