19/05/2023
විශ්ව විද්‍යාල ජීවිතයේ විද්‍යාර්ථයෙක්ව අධ්‍යාපනය ලබන කාලයේ ආරම්භ කරන ලද “සියවසක් වෙනුවෙන් සිහිනයක් පැල දසදහසක් රුක්රෝපන වැඩසටහන” නොනවත්වා පෙරටම කරගෙන යාමට හැකිවීම මා ලද භාග්‍යක් සේ සලකමි.
මේ විශ්වයට පැලයක් ලබා දීම තුලින් පරම්පරා ගණනාවකට හුස්මට අවැසි ඔක්සිජන් ලබා දෙයි.මිනිසාට මෙන් සතා සිවුපාවුන්ට හෙවන,වාසස්ථාන සහ ආහාරපානාදිය ලබාදෙයි.
විශ්වයට අප විසින් හොද දේවල් ලබාදෙන්නේ නම් විශ්වයද අපට හොදම දේවල් ලබාදේවි.බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිදි;
“(යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං) යම් ආකාරයක බිජුවක් ද වපුරන්නේ, ඒ ආකාරයේ අස්වැන්නක් තමයි ගන්නේ (කල්‍යාණකාරී කල්‍යාණං - පාපකාරී ච පාපකං) කල්‍යාණ කර්ම කරන කෙනා කල්‍යාණ වූ ප්‍රතිඵල ගන්නවා. පවිටු දේවල් කරන කෙනා පවිටු ප්‍රතිඵල ගන්නවා.”
අපට පුළුවන් නම් පරාර්ථකාමීව බලාපොරොත්තු විරහිතව මේ විශ්වට,මනුශ්‍යාට සහ සතාසිවුපාවන් වෙනුවෙන් හොද දෙයක් කරන්නට,මා විශ්වාස කරන පරිදි ‘ආධ්‍යාත්මික සතුට’(spiritual Happiness) ලබාගත හැකි මාර්ගයකි.
මේ බව මා හට පසක් කරන ලද්දේ මහාචාර්‍ය Rohana Ulluwishewa ගුරුපියාණන්ය.එතුමාගේ ගුරුහරුකම් මැද ආධ්‍යාත්මිකත්ව පර්යේෂණ (Spirituality Research)පවා සිදුකිරීමට අවස්ථාව ලැබීම මා ලද තවත් භාග්‍යයක් කොට සලකමි.
ඒවගේම 2021 වසරේ ප්‍රජා නායකයාට හිමි පීඨාධිපති සම්මානය(Dean’s award 🥇 Community Leader of the Year 2021) දිනාගැනීමට අවස්ථාව හිමිකරගත්තේද මේ විශ්වයට හොද දේවල් ලබාදීම නිසාම බව විශ්වාස කරමි.එම සම්මානය ලබා දුන් මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචර්‍ය Shirantha Heenkenda මැතිදුන්ව ගෞරවයෙන් සිහිපත් කරමි.
ඡායාරූප 2023-04-15 දින තලාව Inspire Village හිදී කිළිනොච්චිය Aboranam Boys Home දරුවන් වෙනුවෙන් පැවැත් වූ අවුරුදු උත්සවයේදී.෴!