15/09/2025
අප රටේ රෝහල් තද බදයට හේතුව වෛද්‍ය හිඟමය ද ?
බාහිර රෝගී අංශ වලද, විශේෂයෙන් දියවැඩියා, අධික රුධිර පීඩන වැනි බෝ නොවන රෝග සායන වල ද සාමාන්‍යයෙන් අධික තද බදයක් පවතී.
වෙනත් විශේෂිත සායනයකට දිනයක් ලබා ගැනීමට වුවද , දින කිහිපයක් හෝ සති කිහිපයක් බලා සිටීමට සිදු වේ.
මෙයට හේතුව විසේසඥ වෛද්‍යවරු හිඟය පමණක් නොවේ.
බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය ලෙස භාවිතා කරන සෑම රටක්ම සීමාවාසික පුහුණු නිම කළ , මූලික වෛද්‍ය උපාධි දාරීන්, වෛද්‍යවරුන් ලෙස බඳවා ගැනීමෙන් පසුව , ඔවුන්ගේ පුහුණුව ආකාර කිහිපයකට ලබා දේ.
1. විසේසඥ වෛද්‍යවරුන් ලෙස කෙළින්ම පුහුණු වීම සඳහා කැමති අයට අදාළ තේරීම් විභාග වලට මුහුණ දී, අවුරුදු කිහිපයක් තිස්සේ අදාළ පුහුණු වීම් ලබා දී, ඇගයීම් සිදු කරයි.
2. සාමාන්‍ය වෛද්‍යවරුන් ලෙස රෝහල් සේවය සිදු කිරීමට කැමති අයට ඒ සඳහා අවස්ථාව ලබා දේ.
ඔවුන්ගේ සේවය අතර තුර කැමති අයට එම විශය පිළිබඳ තව දුරටත් ඉගෙනීමට අවස්ථාව ලබා දෙන අතර , ඔවුන් ලබා ගන්නා පුහුණු පිළිබඳව නිරන්තර ඇගයීම් සිදු කරයි.
ඒ අනුව ඔවුනට ද , ක්‍රමානුකූලව යම් විශයක ඉහළ මට්ටම් වලට ළඟා වීමට අවස්ථාව ලැබේ.
3. General practioner ලෙස , එනම් රෝගීන්ට පළමු හමුවීමටත් , හඳුනා ගත් රෝග වල , දීර්ග කාලීන රැක බලා ගැනීමටත් , ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ශණය සඳහාත් , වසර තුනක පමණ විශේෂ පුහුණුවක් ලබා දේ.
එය රෝගී සත්කාරයේ යෙදෙන අතර තුරම , සිදු කරන පුහුණුවකි.
අප රටේ පවතින්නේ, ඉහත කී පලවන ක්‍රමය පමණි.
මේ නිසා විසේසඥ වෛද්‍යවරුන් දෙදාස් පණහක් පමණක් සිටින විට, ඉතිරි 19000 ක් පමණ වෛද්‍යවරු , කිසිම විශේෂ පුහුණුවක් අහිමි වෛද්‍යවරුන් ය. ඔවුන් සියල්ලෝම ඔවුන් සේවය කරන විවිධාකාර ක්ශේත්‍ර වල පුහුණුව ලබා ඇතත් , ඒ කිසිවක් ඇගයීමට හෝ නියාමනට ලක් කර නොමැති බැවින් , ඔවුන් දක්ශ කුමන ක්ශේත්‍රයට ද කියා කිසිවකු නොදනී.
එසේම General practice සම්බන්ධව ලබා දෙන පුහුණු ඉතා අල්පය. Family medicine , ඩිප්ලෝමාධාරී වෛද්‍යවරුන් ද සෑහෙන ප්‍රමාණයක් සිටිය ද , ඔවුන් ට අදාළ තනතුරු ලබා දී , නැත.
මේ ගැටළුව නොවිසිඳන තාක් , රෝහල් තද බදය අඩු කළ නොහැකිය.
Sriyani Abeywicrama