Dr Ganganath Gunathilaka

Dr Ganganath Gunathilaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Ganganath Gunathilaka, Doctor, Colombo.

MBBS, MD(Paediatrics)
pHERMES European and APPS Diploma in Paediatric Respiratory Medicine
Consultant in Paediatric RespiratoryMedicine
ලමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය
Lady Ridgeway Hospital for Children - Colombo
(කොළඹ ලමා රෝහල) &
National Hospital Galle

🛑මේ දිනවල බහුලව පැතිරෙන ඉන්ෆ්ලුවන්සා වෛරසය  🛑☑️වර්ෂයක සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි ඒවගේම ඔක්තෝබර් අවට කාලවල ඉන්ෆුවන්සා වෛර...
23/10/2025

🛑මේ දිනවල බහුලව පැතිරෙන ඉන්ෆ්ලුවන්සා වෛරසය 🛑

☑️වර්ෂයක සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි ඒවගේම ඔක්තෝබර් අවට කාලවල ඉන්ෆුවන්සා වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම සිදුවේ. මේ වසරේත් මේ දිනවල එම වෛරසය පැතිරීම සිදුවෙනවා.
විශේෂයෙන්ම පාසැල් පෙර පාසැල් ආශ්‍රිතව මෙම පැතිරීම වැඩිපුර සිදුවෙනවා.

☑️මෙම රෝගය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ශ්වසන ආසාදනයක් බෝවෙන ආකාරයටම බෝවීම සිදුවේ. එනම් ශ්වසන බිදිති සහ ශ්වසන ශ්‍රවයන් මඟින් බෝවීම සිදුවේ.
මෙහිදී සමහර රෝගීන්ට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් උණක් වැනි රෝග ලක්ෂණත් සමහර රෝගීන්ට තද උණ සමඟ ශ්වසන අපහසුතා, වමනය වැනි රෝග ලක්ෂණත්, සමහර රෝගීන්ට නියුමෝනියාව දක්වාත් වර්ධනය විය හැකියි.

☑️මෙහිදී ඉන්ෆ්ලුවන්සා antigen test එකක් මඟින් එය හඳුනාගැනීමට හැකියි.
සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකින් පසු අවශ්‍ය රෝගීන්ට ඉන්ෆුවන්සාව වෛරසයට එරෙහිව ඖෂධ ලබාදීම සිදුකල හැකියි.

☑️සෑම ආසාදියෙකුටම ඖෂධය අවශ්‍ය වන්නේ නෑ. එය රෝගියාගේ විවිධ ලක්ෂණ සහ කරුණු අධ්‍යනය කොට වෛද්‍යවරයා විසින් නිර්දේශ කල යුතුයි)

☑️රෝගය වලක්වාගැනීමට හොඳ ශ්වසන පුරුදු භාවිතාකරන්න. රෝගී දරුවන් රෝග ලක්ෂණ පහවීයනතුරු (විශේෂයෙන් උණ) පාසැල් යැවීමෙන් වැලකීම වැදගත්.





හුස්ම ගැනීමේ වේගය වැඩිවෙන්නේ ඇයි?ප්‍රධාන වශයෙන් හේතු දෙකක් • පෙනහලු වල රෝගී තත්වයක් • ⁠පෙනහලු රෝගී නොවන තත්වයන් පෙනහලු ව...
28/08/2025

හුස්ම ගැනීමේ වේගය වැඩිවෙන්නේ ඇයි?

ප්‍රධාන වශයෙන් හේතු දෙකක්
• පෙනහලු වල රෝගී තත්වයක්
• ⁠පෙනහලු රෝගී නොවන තත්වයන්

පෙනහලු වලට බාහිර හේතූන් වලදී Oxygen ලබාගැනීමේ demand එක වැඩිවීම සිදුවන හේතු වලදී (Exercises කරන විට වැඩි Oxygen ප්‍රමාණයක් අවශ්‍යවීම නිසා, උණ තිබෙන විට උෂ්ණත්වය නිසා පරිවෘත්තීය ක්‍රියාවලිය Metabolic rate එක වැඩිවීම නිසා) හුස්ම ගැනීමේ වේගය වැඩි වේ.

ශරීරයේ ආම්ලිකතාවය Acidosis නිසාත් psychological hyperventilating තත්වයන් නිසාත් පෙනහලු ආබාධයක් නැතිව හුස්මගැනීමේ වේහය වැඩිවේ.

පෙනහලු ආබාධ තිබෙනවිට (උදා - නියුමෝනියාව, wheezing වැඩිවීම)
Oxygen අවශ්‍යතාවය demand එක වැඩිනොවේ. නමුත් පෙනහලු වල Oxygen ලබාදීමේ හැකියාව අඩුවේ. මේ නිසා හුස්මගැනීමේ වාරගනන වැඩි කිරීමට හුස්මගැනීමේ වේගය වැඩිවේ.
මෙම තත්වය හදුනාගැනීම ඉතාමත් වැදගත්. එම Oxygen අවශ්‍යතාවය හුස්මගැනීමේ වේගය වැඩිකිරීම මඟින් වැඩිකර ගැනීමට අපොහොසත් වුවහොත් ශරීරයේ Oxygen ප්‍රමාණය අඩුවීම සිදුවේ. එය medical emergency 🚨 එකක් නැත්නම් හදිසි තත්වයක්.







මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

ඇදුම සහ පීනස ඇති රෝගීන්ගේ රෝගී තත්වය රාත්‍රී කාලයේ සහ උදෑසන කලයන් වල වැඩි බවට එම රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ට අත්දැ...
11/08/2025

ඇදුම සහ පීනස ඇති රෝගීන්ගේ රෝගී තත්වය රාත්‍රී කාලයේ සහ උදෑසන කලයන් වල වැඩි බවට එම රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ට අත්දැකීමක් ඇති.
එයට හේතු කිහිපයක් බලපෑවත් එයින් බහුතරය එතරම් බලපෑමක් නොවන දිනය තුල සිදුවෙන ශරීර වෙනස්කම් සහ ශරීර පිහිටීමේ වෙනස්කම් වේ.
නමුත් වැදගත් ඉහල බලපෑමක් ඇතිවන වෙනස්කිරීමට හැකි කරුණු දක්නට ලැබේ.
අපි කිහිපවතාවක්ම අවදාරනය කල පරිදිම ශ්‍රී ලංකාවේ ඇදුම සහ පීනසට හේතුවන්ස් වඩාත්ම බහුලතම ශ්වසන අසාත්මකාරකය (aero allergen) ගෙවල් දූවිල්ල/ ඇඳමෙට්ට දූවිල්ල හෙවත් House Dust Mite වේ.
රාත්‍රී කාලයේදී නිවස තුල රැදීසිටීම නිසා අසාත්මකාරක හුස්ම ගැනීම වැඩියි.
මේ නිසා රාත්‍රීයේදී සහ උදෑසන මෙම රෝග උත්සන්න වේ.







මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

🛑මේ දිනවල පවතින උණ රෝග වලට හේතු කිහිපයක් සම්බන්ධයි. එයින් ඩෙංගු, චිකුන්ගුන්‍යා, කොවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා රෝග වලට ප්‍රධාන ත...
03/06/2025

🛑මේ දිනවල පවතින උණ රෝග වලට හේතු කිහිපයක් සම්බන්ධයි. එයින් ඩෙංගු, චිකුන්ගුන්‍යා, කොවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා රෝග වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා.
මෙයින් ඩෙංගු රෝගය විශේෂයෙන්ම ඩෙංගු රක්‍තපාත උණ හදුනාගැනීම ඉතාම වැදගත් නමුත් අනිකුත් රෝග සඳහාද ඩෙංගු රෝගයට සමාන ලක්ෂණ දක්නට ලැබෙනවා.

Influenza

ඉන්ෆුවන්සාව සාමාන්‍යයෙන් අධික උණ සමඟ ශ්වසන රෝග ලක්ෂණ (කැස්ස,හෙබ්බිරිස්සාව,උගුර වේදනාව , ඇස්වලින් කඳුළු ගැලීම Coryza ලක්ෂණ) ඇතිවේ. Influenza antigen test - Nasal swab නාසයෙන් ලබාගන්නා swab test මඟින් හඳුනාගැනීමට හැකියි. (Test එක positive නම් ආසාදනය තිබේ negative නම් එය 100% බැහැර කිරීමට නොහැකිය). රෝගය තහවුරු කල හැකිනම් (රෝග ලක්ෂණ හෝ test හෝ ආශ්‍රිතයන් Contacts මඟින්) එයට නිශ්චිත ඖෂධයක් ලබාදීමට හැකි රෝගයකි.

Covid

කොවිඩ් මේ දිනවල වඩා කතාබහට ලක්වෙන රෝගයක් මෙයට පසුගිය 2020-2022 කාලයේ ඇතිවූ තත්වයන් නිසා සමාජයේ භීතිකාවක් පවතී. නමුත් 2023 සිට Covid ගෝලීය වසංගතයක් නොවන අතර එය එය සෑම වර්ෂයකම 3-5% අතර මට්ටමක ආසාදනයක් පවතී මේ වසරේ එය සුලු ඉහලයාමක් 6-7% දක්නට ලැබේ. නමුත් මේ දක්වා වාර්තාවී ඇති ආකාරයට එය සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර එහි භයානක සංකූලතා දක්නට ලැබී නැත. සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව යම් සෝදිසියකින් පසු වුවද සාමාන්‍ය පුරවැසියන් එමඟින් බියක් ඇතිකර යුතු නැත. කෙසේ වෙතත් මනා සෞඛ්‍ය පුරුදු භාවිතයත්, මනා ශ්වසන සෞඛ්‍ය පුරුදුත් පවත්වාගෙන යාම ඕනෑම බෝවෙන ශ්වසන රෝගයක් වලක්වාගැනීමට උදවු උපකාරී වේ.

Chikungunya

චිකුන්ගුන්‍යා රෝගය ද මදුරුවන් මඟින් බෝවෙන උණ රෝගයකි. එහිදී රෝගය සුවවෙමින් පවතින විට හංදි රෝග ඇතිවීමට හැකියි. එය සාමාන්‍යයෙන් කාලයත් සමඟ ක්‍රමයෙන් සමනයට පත්වීම සිදුවේ.

Dengue

ඩෙංගු උණ විශේෂයෙන්ම ඩෙංගු රක්තපාත උණ අධික උණ ඇතිවීම මඟින් ආරම්භ වේ. මෙහිදී රෝගියාගේ ලක්ෂණ මෙන්ම රුධිර පරීක්ෂාවක් මඟින් එහි ඇති ලක්ෂණ අණුවත් රෝගය හඳුනාගැනීමට හැකි අතර පහසුකම් පවතීනම් Dengue antigen පරීක්ෂාවක් මඟින් එය positive නම් රෝගය තහවුරු කිරීමට හැකි නමු negative test මඟින් රෝගය බැහැර කල නොහැකිය. මෙහිදී වැදගත් වන්නේ ඩෙංගු රක්තපාත තත්වය ඇතිවන රෝගීන් හඳුනාගැනීමයි.

සියල්ලටම පොදු කරුණු

පොදුවේ වැදගත් කරුණු කිහිපයක් ඇත.
උණ පාලනයට පැරසිටමෝල් (නිවැරදි මාත්‍රාව) පමණක් භාවිතා කරන්න.
තදඋණ බෙහෙත් NSAIDS භාවිතා කිරීමෙන් වළකින්න.
ඩෙංගු රක්තපාත උණ පිළිබඳව සැමවිටම සිහිතබා ගැනීම
Influenza හදුනාගැනීමට හැකිනම් ඒ සඳහා ප්‍රතිකාර කල හැකිබව.
ඉහත සඳහන් කිසිඳු රෝගයකට (විශේෂිත අවස්ථාවන් හැර) ප්‍රතිජීවක ඖෂධ/Antibiotics අවශ්‍ය නැති බව.



මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

ඇදුම පීනස වැඩි ඇයි? 🟢ඇදුම රෝගය සහ පීනස රෝගය එකිනෙකට බැදුනු එකම ආකාරයට හටගන්නා රෝග දෙකක්.🟢මෙම රෝග දෙකටම හේතුව පරිසරයේ (වා...
10/04/2025

ඇදුම පීනස වැඩි ඇයි?

🟢ඇදුම රෝගය සහ පීනස රෝගය එකිනෙකට බැදුනු එකම ආකාරයට හටගන්නා රෝග දෙකක්.

🟢මෙම රෝග දෙකටම හේතුව පරිසරයේ (වායු ගෝලීය) අසාත්මකාරක වලට ඇති සංවේදීවීම නිසා ඇතිවන ප්‍රථිපලයක් ලෙස එය බොහෝ දුරට ශ්වසන පද්ධතිය තුල ඇතිවන අසාත්මිකතවයකට බොහෝ සමානය.
මෙය වාතයේ අසාත්මකාරකවලට නිරාවර්ණය වීමේදී වැඩිවීමට පුලුවන් අතර, විශේෂයෙන්ම දරුවන්ගේ වෛරස ශ්වසන අසාදනයකට පසු trigger වීමට/වැඩිවීමට පුලුවන්.

🟢ශ්‍රී ලංකාවේ බහුලතම අසාත්මකාරකය වන්නේ House dust mite නැත්නම් ඇද මෙට්ට දූවිල්ල වේ. අතීතයේදී නිරාවර්ණය වූ නිවාස වල ජීවත්වීම නිසා ස්වාභාවික වායු සංසරණය මඟින් වාතය පිටතට ගලාගෙන යාමනිසා අසාත්මකාරක සාන්ද්‍රනය අඩුවී රෝගය අවම මට්ටමක පැවතිනි. වර්තමානයේ නිවාස වැඩිපුර ආවර්ණය කර තිබෙන නිසාත් වසා තැබීම නිසාත් ස්වාභාවික වායු සංසරණය ක්‍රමවත්ව සිදුනොවීම නිසා අසාත්මකාරක /ගෙවල් දූවිල්ල සාන්ද්‍රනය වැඩිවීම නිසා රෝගය ඇතිවීම වැඩියි.







මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

She is my sister…Even though I have ever never seen her… I may never meet her tomorrow… But still she is my sister…Not a...
11/03/2025

She is my sister…
Even though I have ever never seen her…
I may never meet her tomorrow…
But still she is my sister…
Not anyone else’s…
So should I hesitate to do something against this incidence..
No…no…no…
Because this my own sister..
In our family of doctors…
(Copied)

For all ladies

📌නිවාඩුවෙන් පසු පාසැල් පෙර පාසැල් පටන්ගත් පසු වෛරස රෝග වැඩිවීමක් දැකීමට හැකියි. එය සාමාන්‍යයෙන් සෑම නිවාඩුවකට පසුම සිදුව...
18/01/2025

📌නිවාඩුවෙන් පසු පාසැල් පෙර පාසැල් පටන්ගත් පසු වෛරස රෝග වැඩිවීමක් දැකීමට හැකියි. එය සාමාන්‍යයෙන් සෑම නිවාඩුවකට පසුම සිදුවීම සිදුවේ. ශ්වසන වෛරසයන් පැතිරීම සෑම මිනිස් එක්රැස්වීමක් මඟින්ම සිදුවීමට හැකියි. මෙය ලමුන්ගේ එක් රැස්වීමකදී තවත් වැඩියි. මෙම ලමුන් මඟින් කුඩා දරුවන්ට පැතිරීම මඟින් ඔවුන් අතරත් මෙය පැතිරීම සිදුවේ.

📌පලමු කොටස සහ දෙවන කොටසද කියවීම මඟින් ඔබට වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකියි. මෙහෙදී ඇතිවන ගැටලු සහ ඒවාට පිලිතුරු ලෙස මෙම...
04/01/2025

📌පලමු කොටස සහ දෙවන කොටසද කියවීම මඟින් ඔබට වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකියි.
මෙහෙදී ඇතිවන ගැටලු සහ ඒවාට පිලිතුරු ලෙස මෙම ලිපිය ඉදිරිපත් කරනවා.

📌අලුත් ආහාර වර්ග කිහිපයක් එකවිට ලබාදීම සුදුසුද?

📌නැහැ. සැම විටම අලුත් අහාර වර්ගයක් වෙනම හඳුන්වාදෙන්න. එය දින තුනක් පමණ ලබාදෙන්න. ඒ කාලයේදී වෙනත් අලුත් දෙයක් හඳුන්වාදෙන්න එපා.

📌යම් ආහාරයකට allergy නැත්නම් අසාත්මිකතාවක් ඇතිවූ විට කල යුත්තේ කුමක්ද?

එවිට එම ආහාරය නැවත් ලබාදෙන්න එපා. එහිදී anaphylaxis shock යන කම්පන තත්වය වුවද ඇතිවීමේ අවධානමක් ඇත. නමුත් ආහාර අසාත්මිකතා බොහෝ විට කාලයක් යනවිට නැතිවීමට හැකියි. එම නිසා එවැනි ගැටලුවක් ඇතිවූ විට සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් අනුව ක්‍රියාකොට නිසි විද්‍යාත්මක ක්‍රමයකට අසාත්මිකතාවය සොයාගෙන අවශ්‍යනම් නැවත ආරම්භ කිරීම සුදුසු බව, කාලය සහ එහි ක්‍රියාදාමය පිළිබඳව තීරණය කල හැකියි.

📌අහාරයේ අත්‍යාවශ්‍ය ආහාර වර්ග මොනවද?
ප්‍රෝටීන අඩංගුවීම අත්‍යාවශ්‍යයි. සත්ත්ව ප්‍රෝටීන මෙහිදී ප්‍රධානවන අතර සත්ත්ව අහාර ප්‍රතික්ශේප කරයි නම් රනිල බෝග මඟින් ප්‍රෝටීන අවශ්‍යතාව සම්පූර්ණ කලයුතුයි.
අධික ලෙස කාබෝහයිඩ්‍රේට භාවිතාකිරීම මඟින් ස්ථූලතාවය ඇතිවීම සිදුවේ.

📌ජලය ලබාදීම සුදුසුද?
පිරිසිදු ජලය අවශ්‍ය ප්‍රමාණයට ආහාරයෙන් පසුව ලබාදෙන්න.

📌ආහාර කැබලි හා අහාරය රලු කලවිට ප්‍රතික්ශේප කරන්නේ ඇයි ?
ආහාරයේ රලුබව ක්‍රමයෙන් වැඩිකිරීම ඉතාසූක්ෂමව කල යුතුයි. නැත්නම් දරුවන් රලු ආහාර සහ කැබලි ප්‍රතික්ශේප කරනවා.

📌කලකට පසු අහාර ප්‍රතික්ශේප කරන්නේ ඇයි ?
ආහාරයේ රස, සුවඳ සහ වර්ණය ඉතා ප්‍රියමනාප විය යුතුයි.
එය ඒකාකාරී නොවිය යුතුයි.
සැමවිටප වැඩිහිටියෙකු මඟින් එය එම වැඩිහිටියාට ප්‍රියජනක රසක්, සුවඳක් සහ වර්ණයක් ඇතිදැයි පරීක්ෂා කරවාගැනීම වැදගත්.

📌මවුකිරි ලබාදීම

මවුකිරි සහ අනෙකුත් දියර ආහාර ලබාදීමේදී කෑම ලබාගැනීමට දරුවන් මැලිකමක් දක්වති. එසේම රාත්‍රීයේදී වැඩිපුර මවුකිරි බොන දරුවන් දවල් කාලයේදීද කෑම ප්‍රතික්ශේප කරති.

📌කෑම ලබාදිය යුතු කාලය

කෑම ඉතා ඉක්මනින් අවසන් කලයුතුයි. විනාඩි 15-20 ක් ඉතා සුදුසුයි. වැඩිවේලාවක් කෑම ලබාදීම දරුවාට කෑම අප්‍රියවීමට මෙන්ම වැඩිහිටියාට/මවට කෑම ලබාදීම එපාවීම හේතුවේ.

📌කෑම වේල දෙකක් අතර පරතරය

කෑම වේල දෙකක් අතර හොඳ පරතරයක් තිබිය යුතුයි. අවම වශයෙන් පැය 4ක් වත්.







මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

ආහාර ලබාදීම දෙවන කොටසඅපගේ ආහාරය ප්‍රධන කාණ්ඩ කිහිපයකට කැඩීමට හැකියි. 1. Cereals බත් හෝ එහි ආදේශක2. Legumines රනිල කුලයේ ...
31/12/2024

ආහාර ලබාදීම දෙවන කොටස

අපගේ ආහාරය ප්‍රධන කාණ්ඩ කිහිපයකට කැඩීමට හැකියි.

1. Cereals බත් හෝ එහි ආදේශක
2. Legumines රනිල කුලයේ ඇටවර්ග
3. Oil තෙල් ආහාර පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, බටර්
4. ⁠Protein සත්ත්ව ප්‍රෝටීන
5. ⁠Yams අල වර්ග /අල එලවලු
6. ⁠Green Vegetables කොල එලවලු
7. ⁠Green leaves කොල වර්ග
8. ⁠Fruits පලතුරු
9. ⁠Dairy Products කිරි ආහාර
10. ⁠Water and Minerals ජලය සහ ලවණ සහිත දියර වර්ග
📌මෙම ආහාර වර්ග පිලිවෙලින් හඳුන්වාදීම (අසාත්මිකතාවන් හඳුනාගනිමින් සහ අවම වන පරිදි) මෙම කොටස මඟින් සලකා බලමු.

📌මුලින්ම Cereal එකක් (උදා බත්) ලබාදීම සිදුකල හැකියි. මෙහෙදී මිශ්‍ර නොවූ Cereal එකක් භාවිතාකරන්න. (බත් නම් එහි එකම සහල් වර්ගය විය යුතු අතර එයට වෙනත් ධාන්‍ය වර්ග කවලම් නොවිය යුතුයි).

📌එය දොවාගත් මවුකිරි සමඟ පොඩිකර smashed මිශ්‍රකර ද්‍රවයකට මදක් වැඩි ඝනකමට සාදාගන්න (මවුකිරි ලබා නොදෙන දරුවෙකුට ලබාදෙන පිටිකිරි වර්ගය මේ සඳහා භාවිතාකල හැකියි.

📌මෙය වේලකට කුඩා හැදි දෙකතුනක් දිනකට වාර දෙකක් දින 3 ක් ලබාදෙන්න.

📌ආහාර ලබාදීමෙන් පසු පිරිසිදු වතුර හෝ මවුකිරි ලබාදීමට හැකියි.

📌මෙම දින තුන තුලදී ආහාර නිසා අසාත්මිකතාවක්, පලුදැමීමක්, වමනයක්, ජීර්ණයේ අපහසුතාවක් වැනි ලක්ෂණ ඇතිදැයි නිරීක්ෂණය කරන්න. එවැනි ගැටලුවක් නැත්නම් එම අහාරය දරුවාට යෝග්‍ය ආහාරයක් බවට පත්වේ. (එහිදී එසේ යෝග්‍ය වන්නේ ආදාල නිශ්චිත cereal වර්ගය වේ.)

📌ඉන්පසු 4 වන දිනයේ සිට එයට Legumine රනිල ධාන්‍ය වර්ගයක් (උදා පරිප්පු) ඉහත cereal එකට එකතු කල යුතුයි. එහිදී අදාල ධාන්‍ය වර්ගය පිරිසිදුව භාවිතා කල යුතුයි. වෙනත් ධාන්‍ය මිශ්‍ර නොකල යුතුයි.

📌එයත් දිනකට දෙවරක් බැගින් දින 3 ක් ලබාදෙන්න. එයටත් පොඩිකර smashed පිලියෙල කිරීමට මවුකිරි භාවිතාකරන්න.

📌එයත් ඉහත පරිදි නිරීක්ෂණය කරන්න. ගැටලුවක් නැත්නම් එයත් දරුවාට යෝග්‍ය ආහාරයක් බවට පත්වේ.

📌තුන්වන් අදියරේදී තෙල් වර්ගයක් එකතු කල හැකියි. (උදා බටර්). එහිදී ඉහත වර්ග දෙකට මෙය එකතු කිරීම සිදුකරයි. මෙහිදී මවුකිරි යොදාගැනීම අවශ්‍ය නෑ. (තෙල් මඟින් අවශ්‍ය පහසුව ලැබෙන නිසා). මෙම පියවරෙන් පසු oil තිබෙන නිසා මවුකිරි අවශ්‍ය නෑ.

මෙය දින 3 ක් ලබාදීම ඉහත පරිදි සිදුකල යුතුයි.

📌මීලඟ පියවර Proteins සත්ත්ව ප්‍රෝටීන එකතු කිරීමයි. මෙහෙදී බිත්තර භාවිතා කරයිනම් කහ මදයද (මෙහි කහ මදය සහ සුදු මදය ප්‍රෝටීන වර්ග 2 කි. එය ප්‍රෝටීන 2ක් ලෙස වෙන වෙනම හඳුන්වාදිය යුතුයි.

📌අනිත් ප්‍රෝටීනද මාලු Fish වෙනස් වෙනස් මලුවාගේ ප්‍රෝටීන වෙනස්, මස් වර්ගයන්ද එසේම වේ. එක් එක් ප්‍රෝටීන වෙන වෙනම් හඳුන්වාදීම සිදුකල යුතුයි.

📌මෙලෙස එක් ප්‍රෝටීන වර්ගයක් පමණක් තෝරාගෙන එය ඉහත ‍යෝග්‍ය වූ කෑම වර්ග සමඟ මිශ්‍ර කොට දින 3 ක් ලබාදෙන්න.

📌මේ ලෙසම ඊලඟ දින 3 දී Yams අල වර්ගයක්ද, ඊලඟ දින 3 දී කොල එලවලු වර්ගයක්ද, ඊලග දින 3 දී පලා වර්ගයක්ද වශයෙන් ක්‍රමානුකූලව 1-7 දක්වා ඇති ආහාර වර්ගවලින් එක බැගින් හඳුන්වාදීම සිදුකල යුතුයි.

📌එහිදී ප්‍රමාණය ආහාර වර්ග වැඩිකිරීදී වෑඩිකල හැකි අතර ආහාර වර්ග 7 ම ආවර්ණයට සති 3 ක් පමණ කාලයක් ගතවේ.

📌ඉන් පසු ක්‍රමයෙන් ඉහත ආහාර වර්ගවල වෙනත් සාමාජිකයන් එකතුකිරීම සිදුකල යුතුයි. මෙහිදී protein සත්ත්ව ප්‍රෝටීන , legumine රනිල ධාන්‍ය වලට ප්‍රමුඛතාවක් ලබාදීම කලයුතුයි.

📌සෑම අලුතින් ලබාදෙන කෑම වර්ගයක්ම දින 3 ක් ලබාදීමත් මේ කාලය තුල වෙනත් අලුත් කෑම වර්ගක් නොදීමත් කලයුතුයි.

📌එසේම අලුත් ආහාර කිහිපයක් හෝ එවැනි මිශ්‍රණයක් ලබාදීමත් නොකල යුතුයි.

📌යම් ආහාර වර්ග ප්‍රමාණයක් හඳුන්වා දුන් පසු (උදා මාස 2 කින් වරග 20ක්). පලතුරු අහාර හඳුන්වාදීමට හැකියි. එයත් වෙන වෙනම හඳුන්වාදීම කලයුතුයි. අලුත් පලතුරක් දෙනවිට එයද දින 3 ක් ලබාදීම වැදගත් එහිදීද වෙනත් අලුත් ආහාරයක් ලබා නොදිය යුතුයි.

📌ආහාර හඳුන්වාදීමට පසු ඉදිරියට යාම එහි ගැටලු නිරාකරණය නොබෝ දිනකින් මීලඟ ලිපිය මගින්.







මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

🛑කුඩා දරුවන්ට කෑම පටන්ගැනීම ඉතා විධිමත්ව විද්‍යානුකූලව සිදුකල යුතුයි.🛑📌අපි ක්ෂීරපායින් ඉපදෙන විට බඩවැල් මෝරා නැහැ. මේ නි...
27/12/2024

🛑කුඩා දරුවන්ට කෑම පටන්ගැනීම ඉතා විධිමත්ව විද්‍යානුකූලව සිදුකල යුතුයි.🛑

📌අපි ක්ෂීරපායින් ඉපදෙන විට බඩවැල් මෝරා නැහැ. මේ නිසා බඩවැල් මෝරන තුරු කිරි පමණක් ලබාගෙන වැඩෙනවා.

📌බඩවැල් මෝරීම කිරි ආහාර ලබාගැනීමෙන් පසු මාසකිහිපයක් ගතවෙනවා. වයස මාස 4 ක් පමණ වනවිට බඩවැල් මෝරනවා.

📌ලබාගන්නේ මවුකිරි නම් මාස 6 ක් යනතුරු මවුකිරි පමණක් ලබාදීම කලහැකියි. මාස 6 ආසන්නයේ ඝන ආහාර අරම්භකිරීමට හැකියි.

📌නමුත් මවුකිරි නොවන කිරිවර්ගයක් ලබාදේ නම්, වර්ධනය ප්‍රමාණවත් නොවේ නම්, රැකියාවක් කරන මවට මාස හතරවන විට රැකියාවට යාමට සිදුවේනම් මාස 4 සම්පූර්ණ වනවිට ඝන ආහාර ලබාදීම ආරම්භකිරීමට හැකියි.

📌ඝන ආහාර ලබාදෙන්නේ ආමාශයේ ඇති පරිමාව සීමාසහිත නිසා වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණය ලබාදීමටයි. ඒකක පරිමාවක් තුල ඇති පෝෂණය දියර වලට වඩා ඝන ආහාර වල වැඩියි. එමනිසා ආමාශය ඝන ආහාර වලින් පිරවූවිට ලැබෙන පෝෂණ ප්‍රමාණය වැඩියි.

📌අපගේ ආහාර මාර්ගය සර්වභක්ෂක නමුත් මාංශභක්ෂක ආහාර මාර්ගයකට බොහෝ නැඹුරු ආහාර මාර්ගයක්. එනම් එය සරල ආහාර මාර්ගයකට කිට්ටු සහ එහි දිග සාපේක්ෂව අඩුයි. ශාක භක්ෂක ආහාර මාර්ගයක් සංකීර්ණයි සහ එහි දිග වැඩියි.

මෙම කරුණු ගැන දල අවබෝධයක් කෑම ආරම්භයේදී තිබීම ඉතාම වැදගත්.

📌එලෙසම අප අහාර ලබගන්නේ කටින්. කට නැතිනම් මුඛය ඉතාම සංවේදී ප්‍රදේශයක්. එය ආහාරයේ ස්වාභාවය (රලු බව, ඝන හෝ දියර බව, ගඳ සුවඳ) ඉතා සමීපව නිරීක්ෂණය කරයි.
මේ නිසා අහාරවල ඝන ස්වාභාවය දියර සිට ක්‍රමිකව වැඩිකල යුතුයි. එසේ නැතිව ඝන බව ක්ෂනික වැඩිකලවිට දරුවා එය ප්‍රතික්ෂේප කිරීමද, ඝන ගතිය වැඩි නොකිරීමෙන් ද්‍රව ආහාරම ලබාදීම මඟින් අපගේ අරමුණ ඉටුනොවීමද සිදුවේ.

📌අපගේ ආහාරය ප්‍රධන කාණ්ඩ කිහිපයකට කැඩීමට හැකියි.

1. Cereals බත් හෝ එහි ආදේශක
2. Legumines රනිල කුලයේ ඇටවර්ග
3. Oil තෙල් ආහාර පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, බටර්
4. ⁠Protein සත්ත්ව ප්‍රෝටීන
5. ⁠Yams අල වර්ග /අල එලවලු
6. ⁠Green Vegetables කොල එලවලු
7. ⁠Green leaves කොල වර්ග
8. ⁠Fruits පලතුරු
9. ⁠Dairy Products කිරි ආහාර
10. ⁠Water and Minerals ජලය සහ ලවණ සහිත දියර වර්ග
මෙම ආහාර වර්ග පිලිවෙලින් හඳුන්වාදීම (අසාත්මිකතාවන් හඳුනාගනිමින් සහ අවම වන පරිදි) මීලඟ කොටස මඟින් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන්න







මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

📍මේ දිනවල වරින් වර උණ සහිත අසාදන දරුවන් අතර දකින්නට ලැබෙනවා. 📍මෙය බොහෝවිට දෙමව්පියන් සහ වැඩිහිටියන් බිය ගන්වන තත්වයක්. ම...
20/12/2024

📍මේ දිනවල වරින් වර උණ සහිත අසාදන දරුවන් අතර දකින්නට ලැබෙනවා.

📍මෙය බොහෝවිට දෙමව්පියන් සහ වැඩිහිටියන් බිය ගන්වන තත්වයක්.
මේ නිසා එහිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරමු.

📍උණ ඇතියැයි සැක සිතෙන සෑම විටම උණ කටුවකින් උණ මැනගන්න. එයට ඩිජිටල් (වඩා පහසුයි) හෝ රසදිය උෂ්ණත්වමානයක් භාවිතා කරන්න.

📍කිහිල්ලේ උෂ්ණත්වය axillary temperature ෆැරන්හයිඩ් 99 F සෙල්සියස් 37.3 C යන අගයන් හෝ ඊට වැඩි අගයන් උණ ලෙස හඳුනාගැනීමට හැකියි.

📍උණ ඇතිනම් පැරසිටමෝල් නිවැරැදි මාත්‍රාව ලබාදෙන්න (පැරසිටමෝල් මාත්‍රව සඳහා යටින් දක්වා ඇති ලිපිය බලන්න)
තද උණ බෙහෙත් (NSAIDs) ලබාදීමෙන් වලකින්න.

📍උණ අඩුකිරීමේ අරමුණින් තෙමීම සුදුසු නැති අතර එමඟින් සිදුවන්නේ දරුවා සීතල මඟින් අපහසුතාවයට පත්වීම පමණයි. එය විද්‍යානුකූලව පලක් නොවන බව පෙන්වාදී ඇත. (මේ පිළිබඳව comment section එකේ Dr Ganganath Gunathilaka ගේ comment දෙක කියවන්න)

📍පහත කරුණු පවතීනම් දරුවා සුදුසුකම් සහිත වෛද්‍යවරෙයෙකු මඟින් පරීක්ෂාකර ගන්න

• උණ දින දෙකකට වඩා පවතීනම්
• ⁠නිදිමත ගතිය
• ⁠හුස්මගැනීමේ අපහසුතාවය හෝ හුස්ම ගැනීමේ වේගය වැඩිවීම
• ⁠වමනය
• ⁠ක්‍රියාකාරීත්වය අඩුවීම
• ⁠මුත්‍රා පිටවීම අඩුවීම හෝ විජලනය
• ⁠වලිප්පුව
• ⁠වෙනත් සාමාන්‍ය නොවන තත්වයන්
• ⁠දෙමව්පියන් හෝ වැඩිහිටියන් පවතින තත්වයට බියවීම

පැරසිටමෝල් මාත්‍රවට මෙම ලිපිය කියවන්න.

https://www.facebook.com/share/p/1CjNGA1dyC/?mibextid=WC7FNe







මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.

YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ

Address

Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Dr Ganganath Gunathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Ganganath Gunathilaka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category