17/11/2025
ලංකාවේ දැනට තියෙන්නේ දියවැඩියාව රෝගීන් වගා කරලා නඩත්තු කරන ක්‍රමයක්. රෝගීන් ඇති ඇති වෙන එක වළක්වන්න හරි, රෝගීන් ඇතිවෙන එක ප්‍රමාද කරන්න හරි ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ ඇත්ත ක්‍රමයක් නැහැ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මනස හැම වෙලාවෙම රෝගීන් ඇතිවෙන එක වලක්වගන්න වගබලා ගන්නවට වඩා, රෝගීන් ඇති කරලා ඔවුන්ව රැකබලා හ ගන්න විශාල කැමැත්තක් දක්වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ආධාර ගන්න සංවිධාන වලට සෞඛ්‍ය අමාත්‍යාංශය කොච්චර බොරු කිව්වත්. , ඇත්තටම අපේ රටේ මොන පුරවැසියටද පුළුවන්කමක් තියෙන්නේ රෝහලකට ගිහිල්ලා තමන්ට දියවැඩියාව හෝ වෙනත් රෝගයක් හැදීමේ අවධානමක් තියෙනවද කියල දැනගන්න පරීක්ෂණයක් කරන්න. තමන්ට අහවල් රෝග අවධානම තියෙන නිසා ඒකෙන් ගැලවෙන්න ඕනේ කියලා කාට හරි පුළුවන්කමක් තියෙනවාද අපේ රටේ රෝහලකට ගිහිල්ලා පෝෂණ උපදේශයක් වගේ එකක් ගන්න.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකං ඉඳලා පෝෂණය වෙන රසායනාගාර සේවාවේ ජනරාල් ඇතුළු ජනරාල්ලා මේවට අසූ කෙළක් දේවල් කියයි. ඒත් මේ රටේ පුරවැසියෝ දන්නවා ඇත්තටම තමන්ට එහෙම පහසුකමක් නැති බව.
එහෙම පහසුකමක් නැතුව පුරවැසියෝ කොහොමද තමන්ට දියවැඩියාව හෝ එවැනි බෝ නොවන රෝගයක් වළක්වා ගන්නේ. ආණ්ඩුවෙන් වියදම් කරන මුදල පැත්තක තිබ්බත් අපේ රටේ සෞඛ්‍ය සේවාව ක්‍රමානුකූල කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව ගෝලීය අරමුදල වැනි ජාත්‍යන්තර ආධාර කන්දරාවක් කාබාසිනියා කරමින් හිටියට අපේ රටේ දියවැඩියාව වැනි වැනි රෝග වල ප්‍රවණතාවයවත් හරියට කියන්න පුළුවන් දත්ත නිර්මාණය කරන, ඒවා එකතු කරගන්න ක්‍රමයක් තවම සෞඛ්‍ය අමාත්‍යාංශයට නැහැ.
ලංකාවේ මරණානුපාතයෙන් සිහියට අසූ දෙකකටවඩා මිය යන්නේ දියවැඩියාව රෝගය වැනි බෝන වනරෝග නිසයි. ඒත් මෙවැනි රෝග පාලනය කරන්න ලෝකයේ පාවිච්චි වන ප්‍රධාන ක්‍රමය තමයි රසායනාගාර පරීක්ෂණවලින් නි රෝග ඇතිවීමේ අවධානම ඇති පුරවැසියන්ව හඳුනා ගැනීම. අපේ රටේ එහෙම පරීක්ෂණ රජයේ රෝහල්වල කරන්නේ නැති තරම්.
ඒ නිසා බොහෝ පුරවැසියන් ලෙඩේ හදාගෙන, තමන් විසින්ම රෝගය හඳුනාගත හැකි පරිදි ලෙඩේ වැඩි කරගෙන තමයි රෝහලට එන්නේ. එහෙම ආවොත් විතරයි අපි පරීක්ෂණය කරන්නේ. ඊට පස්සේ අපි ප්‍රශස්ත විදිහට ඔවුන්ට බෙහෙත් පෙති කිලෝ ගනන් ගිල්ලනවා. විශාල මුදලක් වැය කරලා ඔවුන්ගේ කකුල් අතපය ප්‍රශස්ත විදිහට කපල දානවා. ඒක තමයි ඉතා දියුණු හැකියාවක් සහ සෞඛ්‍ය සාක්ෂරතාවයක් තියෙන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විදිහට දැනට අපි සතුටු වෙමින් තිබෙන විදිය.
#රකුස්