Excel Made Easy

Excel Made Easy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Excel Made Easy, Colombo.

පොල් වතුවර විසිකරනවාද ? මේක කියවලා බලන්න අයේ විසිකරන එකක් නෑ..!පොල් ගෙඩියක් හැදෙන්නෙ මාස කිහිපයක් තිස්සෙ සිදුවන ජෛව පිරි...
11/03/2022

පොල් වතුවර විසිකරනවාද ? මේක කියවලා බලන්න අයේ විසිකරන එකක් නෑ..!

පොල් ගෙඩියක් හැදෙන්නෙ මාස කිහිපයක් තිස්සෙ සිදුවන ජෛව පිරිසිදු වීමේ ස්වාභාවික ක්‍රියාවලියකට ලක් වෙලා.. ඉතින් ඒකෙ තියන පොල් වතුරේ අවසාන සංයුතිය.. අපේ සෛල ප්ලාස්මාවේ සංයුතියටයි.. රුධිරයේ අයනික සංයුතියට ගොඩක් සමානයි.

පොල් වතුරවල සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් වගේ අයන වර්ගයි, සුළු වශයෙන් තියන ස්වභාවික සීනි යි නිසා.. අයණික ගුණ අතිනුත් විශිෂ්ට යි.

ඒ වගේම පොල් වතුර සහ මදය ආහාරමය තන්තු වලින් ඉතාම පොහොසත්.. ඒ කිව්වෙ මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් බී,සී, ඊ වගේ ක්ෂුද්‍ර පෝෂකත් තියෙනවා.

ඒ වගේම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව ක්‍රයාකාරී එන්සයිම වර්ග, ශාක රසායන, කාබනික අම්ල, පුතිඔක්සිකාරක, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග , ශාක රසායන, ශාක හෝමොන වර්ග වගේම හදවතට හිත කර මේදයත් අන්තර්ගත වෙනවා.

කොහොම වුණත් අපේ රටේ දේශීය වෙදකමේ දී ඖෂධයක් විදියට තැඹිලි වතුර පොල් වතුර ඉතිහාසෙ ඉඳලම භාවිතා කරනවනෙ.. විශේෂයෙන් තැඹිලි වතුර ප්‍රසිද්ධ ඇඟ නිවන ඔසුවක් විදියට.

පොල් වතුරෙ තියන අධික ඛනිජ ලබණ සංයුතිය නිසා, හෘදයාබාධ අධික රුධිර පීඩනය වැලැක්වීමේ ඖෂධීය ගුණයක් එහි අඩංගුයි.
බටහිර ඖෂධ අධිමාත්‍රාවකින් ශරීර ගත වුනොත් එහි විෂ නසන්නත්, ආහාර වරගවල තිබෙන පළිබෝධනාෂක අමතර කොටස් හා අසනික් කැඩීමියම් වගේ බැර ලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්නත් පොල් හා තැඹිලි වතුර භාවිතා කරනවා.

තැඹිලි පොල් කුරුම්බා වතුරවල මොනෝලොරික් ඇසිඩ් (Monoloric Acid) කියන අතවශ්‍ය මේද අම්ලය අඩංගු වන නිසා එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරන්න වගේම ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කරන්නත් හේතු වෙනවා.

දිය වැඩියා රෝගය පාලනය කිරීම සදහාද තැඹිලි වතුර වැදගත් වෙන බව සොයා ගෙන තිබෙනවා.
තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමටත් හේතු වන අතර, එහි පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ඨ ආහාරයක් වෙනවා.
තැඹිලි, කුරුම්බා හා පොල් වතුරෙහි, පිළිකා ඇති වීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත් බව සොයා ගෙන තියෙනවා.

තැඹිලි වතුරෙහි සින්ක් සහ සෙලෙනියම් වගේ ඛණිජ ලවණ වර්ග තියෙන නිසා, ලිංගික සරු බවට , මද සරු බව දුරු කරන්නත් ගුණදායක බව පැවසෙනවා.
මහළු අයට වගේම ඝණ ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබා දෙන්න පුළුවන් විශිෂ්ඨ පෝෂණීය පානයක් තමයි තැඹිලි වතුර කියන්නේ.
මවු කිරි වල තිබෙන ලෝරික් අම්ලය පොල් සහ තැඹිලි වතුරෙහි ද අඩංගු වන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ග වලට වඩා තැඹිලි වතුර ගුණදායක බව කියනවා. ගර්භනී මවුවරුන්ද පොල් තැඹිලි වතුර පානය කිරීම ගුණදායකයි.
ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථා වලදී හා විජලන තත්ත්වයන් වලදී තැඹිලි හෝ කුරුම්බා වතුර පානය කිරීමෙන් විශිෂ්ඨ ගුණ ලැබෙනවා.
දිනපතා උදෑසන පොල්/කුරුම්බා/තැඹිලි පානය කිරීම මඟින් ලැබෙන ප්‍රතිලාබ ඔබත් අත්විඳින්න.

ඔබේ දරුවන්ට පුංචි කාලයේ ඉඳලා කෘතීම රසකාරක, කල්තබා ගන්නා ද්‍රව්‍ය, වර්ණක, DCD, මෙලමයින්, ලුණු, තෙල්, සීනි අධික ආහාර වලට හුරු නොකර ස්වභාවික රසයට හුරු කරන්න..
ශ්‍රී ලංකාවේ දිනකට පොල් වතුර ලීටර් 6500000 පමණ විසි කරනවා..
ඇමරිකාවේ පොල් වතුර ලීටරයක් ඩොලර් 5ක් පමණ මුදලකට මිලට ගත හැකියි.

එක්සත් රාජධානියේ එය පවුම් 3ක් පමණ මිලකට අලෙවි වනවා.
ඇමරිකාවේ පමණක් 2013 වසරේ ඩොලර් මිලියන 395ක පොල් වතුර අලෙවියක් වාර්තා කර තිබෙනවා.
2004 මෙට්‍රික් ටොන් 10 000ක්ව පැවැති පොල් වතුර ආනයනය 2013 වන විට මෙට්‍රික් ටොන් 100 000 දක්වා වර්ධනය වන තරමට ඇමරිකානුවන් මෙම ස්වභාවික පෝෂ්‍යදායී පානයට හුරු වෙලා.
සම වියපත් වීම අවම කිරීමට පොල් වතුර සැලකිය යුතු බලපෑමක් කිරීමට සමත්.

ප්‍රති පිළිකා කාරක ගුණය , සිරුරේ පී.එච් අගය සමබරව පවත්වා ගැනීමට අවශ්‍ය සංඝටක සහ නව සෛල උත්පාදනයට අවශ්‍ය සයිටොකයින්ස් හා ලෝරික් අම්ලයත් පොල් වතුරේ අඩංගුයි.

පොල් වතුර මැග්නීසියම් සහ පොටෑසියම් බහුලයි.අඩු රුධිර පීඩනය වැනි රෝග වලින් පෙලෙන අය සදහා ඉතා ගුණදායකයි. එය හෘදයාබාධ අවදානම අඩු කරයි. රුධිර සංසරණය පාලනය කරයි.

පොල් වතුර නිතිපතා පානය පිළිකා සහ හෘද රෝග ශරීරය තුළ ඉන්සියුලින් මට්ටම පාලනය කරයි. පොල් වතුර පොටෑසියම් වලින් පොහොසත් බැවින් වකුගඩු සහ මුත්‍රාශය අාශ්‍රිතව ගල් ඇතිවීම වළක්වා වකුගඩු ගල් දියකර හැරීමට උපකාරී වෙනවා..

පොල් වතුරෙහි ෆෝලික් අම්ලය, පොස්පටේස්, කැටලේස්, ඩිහයිඩ්රොපජෙනේස්, ඩයස්ටේස්, පෙරොක්සිඩේස් හා RNA පොලිමරේස් වැනි එන්සයිම වලින් සමන්විතයි..
මේ එන්සයිම ආහාර ජීරණය පහසු කර පරිවෘත්තීයට මහෝපකාරී වේ. ඇතැම් පලතුරු වර්ග වලට වඩා කැල්සියම්, මැග්නීසියම් සහ සින්ක් තියන
පොල් වතුර අපූරු ශක්තිජනක පානයක්.

පොල් වතුර, අතීසාරය, කොලරාව, පාචනය සහ උණ හේතුවෙන් ඇතිවන විජලනය සඳහා හොඳ ප්‍රතිකාරකයක්.

පොල් වතුර මඟින් රුධිර සෛල අනුපාතය(බ්ලඩ් කවුන්ට්) නිසි පරිදි පවත්වා ගන්නා බව සොයා ගෙන තියනවා..

පොල් වතුර කෝප්ප දෙකක කිරි වීදුරුවක අඩංගු කැල්සියම් ප්‍රමාණය අඩංගුයි. එමගින්අස්ථි, මාංස පේශී සහ පටක ශක්තිමත් කරයි.
මානසික පීඩනය, විෂාදියට අඩු කිරීමට සහාය වන විටමින් බී ව්‍යුත්පන්න සහ වෙනත් ස්වභාවික පෝෂක වලින් සමන්විත යි.

පොල් වතුර මුත්‍රා පද්ධතිය පවිත්‍ර කරමින් ලේ පිරිසිදු කිරීම කාර්යක්ෂම කරයි. දෙහි යුෂ සමඟ පොල් වතුර පානය විජලනය සහ දරුවන්ගේ පණු රෝග සුව කිරීමටද උපකාරී වී තිබෙනවා..

බඩ පිපීම අවම කර සිරුරට සැහැල්ලු බවක් ගෙන දෙන එකම ස්වභාවික ප්‍රතිකාරකය පොල් වතුර බව සොයාගෙන තියනවා.
පොල් වතුර සිරුරේ බර අඞු කිරීමට සඳහා ලොව පුරා සියවස් සඳහා භාවිතා කර ඇති අතර ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා...

කුරුම්බා වතුර මළබද්ධය, අජීර්ණ, විෂ නැසීමට, ඩෙංගු උණ, අතීසාරය වැනි රෝග සඳහා හොඳම ඖෂධයක්. පහසුවෙන් ඖෂධ අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා.

අධි රුධිර පීඩන රෝගීන් සඳහා වෛද්යීවරු විසින් නිර්දේශ කරනු ලබනවා. එය නීරෝගී හා අලංකාර සමක් උරුම කරනවා.. සමේ තෙත් බව සහ මෘදු බව ඇති කර තෙල් මට්ටම පාලනය කරන අතර සම කාන්තිමත් කරනවා.. තරුණ පෙනුමක් සඳහා, නැවුම්, සෞඛ්ය සම්පන්න සහ දිප්තීමත්ව සම තබා ගැනීමට නිතර පොල් වතුර පානය මඟින් උපකාර වෙනවා.

සන් බර්න් හෙවත් සම හිරු එළියෙන් පිලිස්සීම සැමටම පොදු ගැටළුවක්. පොල් වතුර මඟින් නිති පතා මුහුණ සේදීමෙන් සමෙහි පිළිස්සුම් සුව කරනවා.
පොල් වතුර සමග සිහින්ව කුඩු කර ගත් කස්තුරි කහ, කොකුම් පොතු, කහ, වෙනිවැල්,සඳුන් , multani mitti වැනි ද්‍රව්‍ය මුසු කර ෆේස් මාස්ක්/සුක්‍රබ් කිරීම මඟින් මුහුණ සුන්දර කරවන බව පිළිගන්නවා.

කෘතීම රූපලාවන්‍ය සත්කාරක මඟින් සමට වන හානිය ඉතා ඉහළ බව මතක තබා ගත යුතුයි.
අප බොහෝ පීඩා විඳින බව තවත් ගැටළුවක් චර්ම රෝග. පොල් වතුර ආසාදන වලින් සම ආරක්ෂා කරන දිලීර නාශක ගුණ සහිතයි.

පොල් වතුරින් නිතිපතා මුහුණ සෝදන සම මත ඇති කුරුලෑ, කළු ලප, රැලි සහ
කැළැල්වලට තුරන් වෙනවා.
පොල් වතුර, කෙස්වල ශක්තිමත් හා කොණ්ඩය ඝනත්වය වැඩි කරන්න සමත්.
ස්නානය කිරීමට පෙර පොල් වතුර සමඟ ඔබේ හිසකෙස් සම්භාහනය ඔබ රළු සහ නොහික්මුණු කෙස් කළඹකින් මිදෙන්නට හා ඔබේ හිසකෙස්, මෘදු, සුමටව හැසිරවීමට උපකාරී වනවා.. පොල් වතුරෙහි අඩංගු ලෝරික් අම්ලය හිසකෙස් වැටීම වළක්වා කේශ මූල ආරක්ෂා කර කෙස් දීප්තිමත් කරනවා..
ගර්භනී සමයේ පොල් වතුර පානය අතිශයින් ප්‍රයෝජනවත්. පොල් වතුර ප්‍රතිශක්තිය හා මව සහ දරුවා යන දෙදෙනාගේම සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සදහා උපකාරී වෙනවා. බැක්ටීරියා නාශක, දිලීර නාශක ගුණ ගර්භනී සමයේ ආසාදන හා රෝගී තත්ව වැළැක්වීමට සුදුසු පානයක්.

කුංකුම(Saffron) හා කහ පොල් වතුරට මිශ්‍ර කර පානය කිරීම ගර්භනී කාන්තාවන්ට නිර්දේශ කරනවා.. ගර්භනී කාන්තාවන් වැඩි වශයෙන් ආම්ලිකතාවය ගැටළු වලින් පෙළෙනවා. මෙම අදියරේ දී කෘතිම ඖෂධ හැකි තරම් මඟ හැරිය යුතුයි. ඒ නිසා පොල් වතුර ආම්ලිකතාවය හා හෘදය සඳහා හොඳම ස්වාභාවික පිළියමක්. ගර්භනී කාන්තාවන් තුළ ලේ පිරිසිදු කර මුත්‍රා ආසාදන වලකනවා..

පොල් වතුර කෘතිම රසකාරක සහ වර්ණ, අස්වාභාවික සීනි, ෆෲක්ටෝස් සිරප් හෝ වෙනත් රසායනික වලින් තොර යි.
ඉතින් ....අද ඉඳලා.. පොල් ගෙඩිය බිඳපු ගමන්, ඒ අමෘතය සින්ක් එකට හලලා සෝදලා දාන්නෙ නැතුව... පිරිසිදු නැවුම් පොල් වතුර වීදුරුවක් දිනපතාම බොන්න බලන්න.

- උපුටාගැනීමකි -

ජීවිතේ කියන්නෙ වැටි වැටි යන ගමනක්...ඒ ගමන රෝස මල් අතුරපු ,දැක්කම ලස්සනට පිටට පේන හිනා වෙවී ආතල් එකේ යන්න පුලුවන් ගමනක් ක...
11/03/2022

ජීවිතේ කියන්නෙ වැටි වැටි යන ගමනක්...ඒ ගමන රෝස මල් අතුරපු ,දැක්කම ලස්සනට පිටට පේන හිනා වෙවී ආතල් එකේ යන්න පුලුවන් ගමනක් කියලද උඹලා හිතන්නෙ...ඒකද එකපාරක් වැටුනු ගමන් මුලු ලෝකෙම නැති උනා වගේ මැරෙන්න හදන්නෙ..

මං දන්නවා උඹලා කියයි "තුවාලේ තියෙන එකාටනෙ බං වේදනාව.අනිත් උන්ට කියන්න පුලුවන් ඔනෙ දෙයක්"ඇත්ත. ඔව් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලා තුවාලෙ හිඟන්නගෙ තුවාලෙ කරගෙන,නැත්තන් විෂබීජ උඩු දුවනකම්ම අඬඅඬා බලන් ඉන්න එකනෙ.

උඹ කියන විදියට එකම ප්‍රශ්නෙ උඩු දුවනකන් බලන් ඉන්නැතුව කකුලෙ නම් ප්‍රශ්නෙ කකුල කපලා දැම්මනම් හරි.නැත්තන් වෙන්නෙ ජීවිතෙන්ම වන්දි ගෙවන්න.

ප්‍රශ්නෙ තියෙන්නෙ ආදරේද?ඉවර කරපන්.දාලා ගියා කියලා හොටු පෙරන් ඇඬුවා කියලා ගියපු එකා එයිද?මතක තියාගනින් දාලා ගියපු එකෙක් ආපහු ආවොත් එ⁣න්නෙ ඉතුරැ වෙලා තියෙන ටිකත් උඹෙන් අරගන්න මිසක් උඹට ආදරේට නෙවෙයි.මතක තියාගනින් එකම වැරද්ද දෙපාරක් කරන්න තරම් මීහරකෙක්/හරකියක් වෙන්න එපා.යන උන්ට යන්න දියන් .උන් අද නැත්තන් හෙට යනවා.උඹ ගෙවන්න තියෙන පරන පව් ගෙවුවට පස්සෙ යන එක නවත්තන්න බෑ.හැබයි එහෙමයි කියලා උඹේ,හීන ,බලාපොරොත්තු විනාශ කරගන්න උඹට මට බෑ.අයිතියකුත් නෑ.මොකද උඹේ ඔය හීන ඇතුලෙ උඹට නොපෙනුනු අහිංසක මුණු දෙකක් තියෙනවා.මතක් කරපන් උඹට අමතක නම් උඹ වෙනුවෙන් උඹේ අම්මා මොනවද නොකලේ.කී දවසක් හොදම ටික උඹට දීලා ඒ මනුස්සයා බඩගින්නෙ ඉන්න ඇත්ද?උඹව රැක්කෙ බඩේ බැදන් නෙමෙයිද?කොචිිචර නම් දවසක් උඹ වෙනුවෙන් නිදි මරන්න ඇද්ද?ඉතින් උඹට අයිතියක් තියෙනවද රත්තරන් ඒ මුණ දිහා බලන් අවුරැද්දක් දෙකක් තුනක් උඹ එක්ක හිටපු එකෙක් වෙනුවෙන් ඒ අම්මාගෙ හීන බිදලා දාන්න.එපා එහෙම කරන්න ඒ පව ආත්ම ගානකට ගෙවන්න බැරි වෙයි උඹට .
තාත්තාගෙ ආදරේ පෙනුණේ නෑ තමා.හැබයි තාත්තා උඹට පනටත් වඩා ආදරේ කලා.එ්කයි ඒ මනුස්සයා බඩගින්නෙ ඉදන් උඹේ බඩ පිරෙව්වෙ.ඒ මනුස්සයා තමයි උඹ ඉල්ලන ඉල්ලන දේ අම්මට හොරෙන් හරි ගෙනල්ලා දුන්නෙ.ඒ මනුස්සයා තමයි බං උඹව නොපෙනී ඉදන් රැක්කෙ.මතක තියා ගනින් තාත්තෙක් කවදාවත් තමන්ගෙ අමාරැකම් කාටවත් පෙන්නන්නෙ නෑ.තනියම විදගන්නවා මිසක්.එහෙම කරලා බලාපොරොත්තු උනේ එකම එක දෙයයි.ඒ දරැවන්ගෙ සතුට .එහෙම මනුස්සයෙක්ගෙ හීන උඹ කුඩු කරලා දැම්මොත් හිතන්නෙපා උඹට ස්වභාව ධර්මයෙන් වත් සමාවක් තියෙයි කියලා.

ඒ නිසා දාලා යන උන්ට දාලා යන්න දීලා උඹේ ගමන උඹ පලයන්.දවසක දැනෙන්න දීපන් උන් විසිකලේ නිකන් මැනිකක් නෙමෙයි නිල් මැනිකක් කියලා.

දවසක උඹ දිහා බලලා විදවන තැනට උඹ වැඩ කරපන්.අංක 1 උඹේ ඉගෙනීම නම් ඒකට මුල් තැන දියන්.මොනම හේතුවකට ඒක විනාශ කරගන්න එපා.ඉගෙනගෙන ඉහළටම ගිහින් පෙන්නපන් උඹත් එක්ක ලේසි නෑ කියලා.

අංක 1උඹේ ජොබ් එක නම් ඒක කරපන්.ඒකෙ යන්න පුලුවන් ඉහලටම පලයන්.ගිහින් පෙන්නපන් එදා තිරිවාන උනාට දැන් මැනික් ඉල්ලමක් කියලා.

ජීවිතේ දිනපන්.මේ හැමදේටම විසදුම එතනයි තියෙන්නෙ.ඒක උඹට කරන්න පුලුවන් .අනිවා පුලුවන් .උඹලට බැරි නම් කාටද පුලුවන් රත්තරනේ.

ජය වේවා...!

තෙරැවන් සරණයි !

මං,

උඹලගෙ හදවතේ ගැස්ම ,

#රංගයා

--------------------------------------------------------------------------
උපුටාගැනීමකි !

දියවැඩියාව අපට ආගන්තුක රෝගයක් නොවේ. ඔබ පවුලේ සාමාජිකයෙකු, හිතවතෙකු එසේත් නැතිනම් ඔබ වුවද දියවැඩියාව රෝගයෙන් පෙළෙන්නෙකු ව...
10/03/2022

දියවැඩියාව අපට ආගන්තුක රෝගයක් නොවේ. ඔබ පවුලේ සාමාජිකයෙකු, හිතවතෙකු එසේත් නැතිනම් ඔබ වුවද දියවැඩියාව රෝගයෙන් පෙළෙන්නෙකු විය හැක. ඒ මක්නිසාද යත් දියවැඩියාව රෝගය එතරම්ම සුලබ, බෝ නොවන රෝගයක් වන බැවිනි.

ලෝක දියවැඩියා දිනය 1991 වර්ෂයේදී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් දියවැඩියාව නිසා ඇතිවන සෞඛ්‍ය තර්ජනය ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නිර්මාණය කරන ලද්දකි. මෙය 2006 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ නිල දිනයක් බවට පත්වූ අතර ඉන්සියුලින් සොයාගන්නට දායක වූ ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් බැන්ටිංගේ ජන්ම දිනය සැලකිල්ලට ගනිමින් ඔහුට උපහාරයක් වශයෙන් නොවැම්බර් 14 වන දිනය ලෝක දියවැඩියා දිනය ලෙස නම් කරන ලදී.

දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීමේ ලොව විශාලතම වැඩසටහන මෙය වන අතර රටවල් 160 කට අධික සංඛ්‍යාවක වූ බිලියනයකට අධික ජනතාවක් උදෙසා මෙය ක්‍රියාත්මක වේ. "දියවැඩියා ප්‍රතිකාර සඳහා ප්‍රවේශය" යන්න 2021-2023 වර්ෂ සඳහා තේමාව වී ඇත. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට අවශ්‍ය සහාය, තාක්ෂණය සහ රැකවරණය ලබාදීම, දියවැඩියාව වැළඳීම මර්දනය කිරීම සහ ප්‍රතිකාර සඳහා රජයේ ආයෝජන වැඩිකිරීම මඟින් දියවැඩියාවෙන් පෙළෙන මිලියන 460 කට අධික ජනතාවට අර්ථවත් වෙනසක් ඇතිකිරීම මෙවර අරමුණ වී තිබේ.

දියවැඩියාව යනු ඔබේ ශරීරයේ රුධිරගත ග්ලූකෝස්(සීනි) ප්‍රමාණය පැවතිය යුතු මට්ටමින් වෙනස් වු විට ඇතිවන රෝගී තත්ත්වයකි. දියවැඩියාවේ ආකාර කිහිපයක් දැකිය හැකි අතර ඒවා,
1) පලමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes)
2) දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes)
3) ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව ලෙස වර්ග කල හැක. නිරෝගී නිරාහාර පුද්ගලයෙකුගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම 100mg/dl නොවැඩි ලෙස පැවතිය යුතු අතර එම මට්ටම දිගින් දිගටම ඉක්මවා යෑමෙන් ඔබත් දියවැඩියාවට ගොදුරු විය හැක. දියවැඩියාව වැළඳීමේ අවදානම ස්ත්‍රී පුරුෂ භාවය, වයස, උස, බර, දේහ ස්කන්ධ දර්ශක අගය සහ පාරම්පරික සාධක මත වෙනස් වන අතර විශේෂයෙන් අපගේ එදිනෙදා ආහාර රටාව විශාල වශයෙන් බලපෑමක් ඇතිකරයි.

සෞඛ්‍ය සම්පන්න පෝෂණයක් ලබාගැනීම සහ ක්‍රියාශීලි ජීවන රටාව දියවැඩියාව රෝගී තත්ත්වය ඇතිවීමෙන් වැළකීමට මහත් සේ උපකාරී වන බව තහවුරු වී ඇත.

ඒ සඳහා නිසි පෝෂණය ලබාගැනීමට අප සමබල ආහාර වේලක් වෙත යොමුවිය යුතු බව ඔබට දැනටමත් අවබෝධ වී තිබිය යුතුය. ඒ සඳහා ඔබ හැකිතාක් පැණිරස සහ තෙල් සහිත ආහාර පාන වලින් වැලකී සිටීම යහපත් වන අතර තන්තු සහිත එළවළු, පලතුරු, පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් බොහෝදුරට දියවැඩියාව වැළඳීමේ අවදානම මැඩපවත්වාගත හැක. නිරෝගී පුද්ගලයෙකුට එම ආහාර රටාව ප්‍රමාණවත් වුවත් දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේල සුලු වශයෙන් මීට වෙනස් වේ. ඔවුන් සියලුම පැණිරස වර්ගයේ ආහාර (ටොෆි, චොක්ලට්, අයිස්ක්‍රීම්, හකුරු) වලින් වැලකී සිටිය යුතු අතර අඹ, අන්නාසි, දූරියන්, රට ඉඳි වැනි පලතුරුද ඔවුන්ට අහිතකර වේ. නමුත් පලතුරු ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීම අවශ්‍ය නොවේ. නමුත් සීමා කල යුතුය. එසේම සීමිත ප්‍රමාණයන්ගෙන් පිටි සහිත ආහාර ලබා ගත යුතුය. පාහින ලද සහල් භාවිතය අවම කල යුතු අතර නිවුඩු සහල් වලට අවධානය යොමුකල යුතුය. කව්පි, කඩල වැනි ධාන්‍ය වර්ග හිතකර වන අතර තන්තුමය එළවළු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගත යුතුය.

කුකුල් මස්, බිත්තර සුදු මදය, මාළු වැනි මාංශ ආහාර සහ අර්තාපල්, බතල, කොස්, දෙල් වැනි අල වර්ග මධ්‍යස්ථ ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීම සුදුසුය. එසේම ලුණු භාවිතය හැකිතාක් අවම කල යුතුය. ඒ මන්ද යත් දියවැඩියා රෝගීන් හෘද රෝග, අධි රුධිර පීඩනය ආදී තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බැවිනි.

පෝෂ්‍යදායී ආහාර රටාවට අමතරව ව්‍යායාම සහිත ක්‍රියාශීලි ජීවන රටාවකට යොමුවීම වඩාත් වැදගත් වේ. එය සිරුරේ තැන්පත්ව පවතින අතිරික්ත ප්‍රෝටීන සහ මේදය බිඳ දමා නියමිත දේහ බර පවත්වාගැනීමට උපකාරී වේ.

එසේම නිසි පරිදි ඖෂධ භාවිතයද, අනවශ්‍ය අවිවේකී බවෙන් මිදීම සහ යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමද ඉතා වැදගත් වේ.

මෙලෙස ඔබ අප සියලුදෙනා පෝෂ්‍යදා‍යී ආහාර රටාවකට යොමුවීම සහ ක්‍රියාශීලි ජීවන රටාවක් අනුගමනය කිරීම මඟින් දියවැඩියා මාරයාගෙන් ජීවිතය බේරාගැනීමට නිරන්තරයෙන් උත්සුක වෙමු.

Diabetes is not a foreign disease to us. Your friend, family member or you may have diagnosed with diabetes. Diabetes is a very common, non-communicable disease.

World Diabetes Day was established in 1991 by the IDF ( International Diabetes Federation) and the World Health Organization with the focus on the increasing health risk of diabetes.
It became an official United Nations day in 2006, and November 14 was designated as World Diabetes Day in honour of Sir Frederick Banting who contributed to the discovery of insulin, because 14th of November is his birthday.

World Diabetes Day is the world's largest diabetes awareness programme and it functions in more than 160 countries for more than one billion people. The theme for the year 2021-2023 is " Access to Diabetes Care". The aim is to make a meaningful difference to the more than 460 million people with diabetes by providing them with much needed support, technology and care, controlling diabetes and increasing government investment in treatments.

Diabetes is a condition which occurs due to the changes in blood glucose (sugar) level with respect to its normal level. There are several types of diabetes and they are classified as
1) Type 1 diabetes
2) Type 2 diabetes
3) Gestational diabetes.
The blood glucose level of a healthy fasting person should not exceed 100mg / dl and if you continue to exceed that level you may also develop diabetes. The risk of developing diabetes varies depending on gender, age, height, weight, body mass index value, genetic factors, and especially our daily diet.

It has been proven that, having a diet with proper nutrition and active lifestyle help to prevent from diabetes. A balanced diet has to be consumed, in order to get proper nutrition. For that, avoiding sugary and oily foods as much as possible is important and eating more fiber-rich vegetables, fruits and herbs also help to reduce the risk of developing diabetes. Though this diet may sufficient for a healthy person, the diet of a diabetic patient may vary slightly. They should avoid all sugary foods (toffee, chocolate, ice cream, jaggery) and fruits like mango, pineapple, durian, and date fruits. But it is not necessary to stop eating fruits completely. But should be limited. Also, you should get limited amounts of floury foods. Consumption of ground rice should be minimized and your attention should be paid to plain rice. Cereals like cowpeas and chickpeas are good and fiber should be added to the diet.

Meat dishes such as chicken, egg whites, fish and starchy food such as potatoes, sweet potatoes, jackfruit and bread should be taken in moderation. Also the usage of salt should be minimized as much as possible. This is because diabetics are at higher risk for heart disease and high blood pressure.

In addition to a nutritious diet, it is important to lead an active lifestyle with exercises. It helps to break down excess protein and fat stored in the body and maintain a proper body weight.

Proper medication, getting rid of unnecessary restlessness, and maintaining a good mental health are also very important.

Thus, we all strive to save our lives from diabetes by adopting a nutritious diet and an active lifestyle.

நீரிழிவு நோயானது நமக்கு வெளிநாட்டு நோய் அல்ல. உங்கள் நண்பர் உங்கள் குடும்ப அங்கத்தவர் அல்லது நீங்கள் இந்நோயால் பாதிக்கப்பட்டு இருக்கலாம்.

உலக நீரிழிவு தினமானது IDF (International Diabetes Federation) மற்றும் உலக சுகாதார தாபனத்தால் இந்நோயின் அதிகரிக்கும் ஆபத்தை முன்னிட்டு அறிமுகப்படுத்தப்பட்டது.இது 2006யில் உத்தியோகபூர்வ ஐக்கிய நாடுகள் தினமானதுடன் நவம்பர் 14ஆனது இன்சுலின் கண்டுபிடிப்புக்கு உதவிய sir Federic Banting யின் ஞாபகர்த்தமாக அறிமுகப்படுத்தப்பட்டது.
இது அவரின் பிறந்த தினமாகும்.

குருதியில் குளுகோசின் அளவு சாதாரண நிலையை விட கூடுவதால் இந்நோய் நிலைமை ஏற்படும்.இதில் பல வகை உண்டு.அவை
1.1ம் வகை நீரிழிவு
2.2ம் வகை நீரிழிவு
3.கர்ப்பகால நிரிழிவு என வகைப்படும்.

நோயற்ற சாதாரண மனிதனின் குருதி குளுகோசு மட்டம் 100 mg/dl ஐ விட கூடாது இருப்பதோடு இம்மட்டம் கூடினால் அது நீரிழிவு நிலையை ஏற்படுத்தும்.இந்நோய் ஏற்படும் ஆபத்தானது பால், வயது ,உயரம், நிறை, உடற்திணிவுச்சுட்டி, பரம்பரை அன்றாட உணவு என்பவற்றால் வேறுபடும்.

போதுமான போசணையுடன் கூடிய உணவு மற்றும் முறையான வாழ்க்கை முறை என்பன இந்நோய் உருவாவதை தடுக்கும்.ஆகவே சமநிலையான உணவை பெற வேண்டும்.இதற்காக அதிக இனிப்பான அதிக எண்ணெய் தன்மையான உணவை தவிர்ப்பதோடு அதிக நார்ச்சத்து உள்ள மரக்கறி பழங்கள் மூலிகை என்பவற்றை பெற வேண்டும்.நீரிழிவு நோயாளிக்கான உணவு முறை சற்று வித்தியாசமானது.அவர்கள் அதிக இனிப்பான உணவு(toffee,chocolate, icecream ,jaggery)
மற்றும் மா, அன்னாசி, துரியன் ,ஈச்சம்பழம் என்பவற்றையும் தவிர்க்க வேண்டும்.அத்தோடு குறைந்த அளவிலேயே மாப்பொருளை பெற வேண்டும்.
Cowpea ,கடலை என்பவற்றோடு நார்ப்பொருட்களையும் பெறுதல் சிறந்தது.

கோழி, இறைச்சி, முட்டை வெள்ளை பகுதி, மரவள்ளி, உருளைக்கிழங்கு என்பவற்றை போதுமான குறைந்த அளவில் பெற வேண்டும் .உப்பின் உபயோகத்தை குறைக்க வேண்டும்.

சிறந்த வாழ்க்கை பழக்கத்தோடு சுறுசுறுப்பான வாழ்க்கை முறையை பின்பற்றலும் அவசியம்.இது அதிக புரதம் மற்றும் கொழுப்பு என்பவற்றை குறைக்க உதவுவதோடு சிறந்த உடற்திணிவை பேணவும் உதவும்.

யோகா ,போதுமான ஓய்வு , மன ஆரோக்கியம் பேணல் என்பனவும் முக்கியம் .
ஆகவே முறையான உணவுப்பழக்கம் சுறுசுறுப்பான வாழ்க்கை முறை என்பவற்றால் இந்நோயிலிருந்து பாதுகாக்கலாம்.

රුධිර පීඩනය යනු කුමක්ද?මිනිස් සිරුරේ ඇති අවයව වල නිසි පැවැත්ම සදහා ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. මෙම ද්‍රව්‍ය රුධ...
06/12/2021

රුධිර පීඩනය යනු කුමක්ද?

මිනිස් සිරුරේ ඇති අවයව වල නිසි පැවැත්ම සදහා ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. මෙම ද්‍රව්‍ය රුධිරය සමඟ මිශ‍්‍ර වී එම අවයවයන් කරා ගෙන යනු ලබයි. රුධිරය නිසි ලෙස එම අවයව කරා යොමු කරවනුයේ හදවත මගින් ඇති කරනු ලබන බලය මගිනි. රුධිර පීඩනය කියා අදහස් කරනුයේ හදවත මගින් ඇති කරන බලයයි.

අධි රුධිර පීඩනය යනු කුමක්ද?

පුද්ගලයකුගේ රුධිර පීඩනය බොහෝ හේතු නිසා අඩු වැඩි වීමක් සිදුවිය හැක. විශේෂයෙන් මානසික පීඩනය, දැඩි සංකාව, ඇතැම් චිත්තවේග තත්ත්ව සහ මත්පැන් භාවිතය නිසා රුධිර පීඩනය වැඩිවිය හැක. එසේම වයස්ගතවීම සමඟම සුළු වශයෙන් රුධිර පීඩනය වැඩිවීම සාමාන්‍ය දෙයක් බව අප මතකය තබාගත යුතුය.

එහෙත් පුද්ගලයකුගේ රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත‍්‍රී පුරුෂ භාවයටත් නොගැළපෙන ලෙස දිගින් දිගටම වැඩිවී පවතී නම් එම තත්ත්වය අධි රුධිර පීඩනය ලෙස සැලකේ.

රුධිර පීඩනය මැන බලන විට සෑම විටම එය අගයන් දෙකකින් දක්වනු ලබයි. උදාහරණයක් ලෙස නිරෝගී අයකුගේ රුධිර පීඩනය 120/80 ක් ලෙස සැලකේ. මෙහි ඉහළින් දක්වා ඇත්තේ (120) හෘදය රුධිරය පොම්ප කරන විට (සංකෝචනය වන විට) ධමනි තුළ ඇතිවන අංකුච රුධිර පීඩනයයි. පහතින් දක්වා ඇත්තේ (80) හෘදය ඉහිල් වනවිට ඇතිවන (විස්තාරනය) රුධිර පීඩනයයි.

අධි රුධිර පීඩනය ලෙස සලකනු ලබන්නේ රුධිර පීඩනය දිගින් දිගටම 140/90 යන අගය ඉක්මවා පැවතීමයි. අධි රුධිර පීඩනය ඇතිවීමට නිශ්චිත හේතුවක්, රෝගින්ගෙන් සියයට 90 කගේම සොයාගත නොහැක. ඉතිරි සියයට 10 පමණක් රුධිර පීඩනය වැඩිවිය හැකි හේතු සොයා ගත හැක.

මේ හේතු අතර ඇතැම් ඖෂධ වර්ග, වකුගඩු ආශි‍්‍රත රෝග, හෝමෝන කි‍්‍රයාකාරිතවයේ වෙනසක් සිදුවීම වැනි තත්ත්වයක් දැකිය හැක. පොදුවේ ගත් කළ පහත තත්ත්වය නිසා අධි රුධිර පීඩනය සෑදිය හැක.

x පරම්පරාවෙන් - යම් කෙනකුගේ මවුපියන්ට අධිරුධිර පීඩනය සෑදී ඇත්නම්, ඔහුගේ හෝ ඇයගේ රුධිර පීඩනය වැඩිවිය හැක.

x තරබාරුකම -මේ අයගේ රුධිර නාළ තුළ මේදය වැඩි ලෙස තැන්පත් වීමෙන් රුධිර පීඩනය වැඩිවිය හැක.

x වැඩිපුර ලූණු කෑම - රුධිරයේ ලූණූ වැඩිවූ විට රුධිරය වැඩිපුර ජලය දරා ගැනීම නිසා රුධිර පීඩනය අධික වේ.

x පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් ලවණ අඩුවීම - මෙම ලවණවලින් රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ඇති බව විශ්වාස කෙරේ.

x දුම්පානය - දුම්පානය නිසා රුධිර පීඩනය අධික වේ.

x මත්පැන් භාවිතය - නිතර නිතර දීර්ඝකාලීනව මත්පැන් භාවිතය නිසා රුධිර පිඩනය වැඩිවේ.

x මානසික අසහනය වැඩිවීම - දීර්ඝකාලීනව අසහනකාරී තත්ත්වයක් ඇති අයගේ රුධිර පීඩනය අධික වේ.

x ව්‍යායාම නොකිරීම - නිසි ලෙස දීර්ඝකාලීනව ව්‍යායාම් කිරිම මගින් රුධිර පීඩනය පාලනය කරගත හැක.

අධි රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ

x නිතර නිතර ඇතිවන හිසරදය

x කැකැවිල්ල

x හුස්ම ගැනීමේ අපහසුව

x මහන්සි වනවිට ඇතිවන පපුවේ කැක්කුම

x පෙනීමෙහි අපැහැදිලි බව

x නාසයෙන් ලේ ගැලීම

x අධික තෙහෙට්ටුව

x වරින් වර ඇතිවන අතපය පණ නැතිවීම

අධි රුධිර පීඩනය පාලනය නොකළහොත් ඇතිවන සංකූලතා

x හෘදයාබාධ

x අංශභාගය

x අන්ධභාවය

x වකුගඩු අකි‍්‍රය වීම

අධික රුධිර පීඩනය කලින් හදුනාගත හැක්කේ කෙසේද?

සෑම පුද්ගලයකුම වසර 40 ඉක්මවූ පසු වසරකට වතාවක් තම රුධිර පීඩනය මැන බලා ගත යුතුවේ.

එසේම පහත සඳහන් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් නිරතුරුවම රුධිර පීඩනය මැන බලා ගත යුතුවේ. පවුලේ සාමාජිකයන් සහ සමීප ලේ ඥාතීන් අතර රුධිර පීඩනය පැවතීම, සමීප ඥාතීන් අතර වකුගඩු දුබලතා පැවතීම,

දුම්පානය කිරීම, අධික මත්පැන් භාවිතය, උපත් පාලන පෙති වැනි ඖෂධ භාවිතය, තම උසට නොගැළපෙන ලෙස බර වැඩිවීම ,දීර්ඝකාලීනව ව්‍යායාම නොකිරීම.

අධි රුධිර පීඩනය සෑදුණුවිට පිළිපැදිය යුතු දේ

x දිනපතා නිසි මාත‍්‍රාවට ඖෂධ ප‍්‍රතිකාර ගත යුතුයි. කිසි විටෙකත් තම හිතුමතේට ඖෂධ භාවිතය අඩු වැඩි නොකළ යුතුයි.

x ලූණු භාවිතය අවම කිරීම. විශේෂයෙන් කෑම මේසයේදී ආහාරවලට ලූණු එකතු කිරීම නොකළ යුතුයි.

x පලතුරු සහ එළවළු වැඩි වශයෙන් භාවිතා කිරීම.

x දිනපතා ව්‍යායාම කිරීම, අඩුම තරමින් සතියකට දින තුනක් දිනකට පැය භාගයක් ව්‍යායාම කළ යුතුවේ.

x දුම්පානය නොකිරීම.

x මත්පැන් භාවිතය අවම කිරීම

x පොල්තෙල් වැනි සංතෘප්ත මේදය අඩුකිරීම, හරක්මස් ඌරුමස් වැනි මේද අධික ආහාර ගැනීම සහ බිත්තර කෑම සීමා කළයුතුවේ.

x ශරීරයේ බර අඩු කර ගැනීම,

රෝගියා තරබාරු නම් උසට ගැළපෙන ලෙස බර ක‍්‍රමානුකූලව අඩුකරගත යුතුවේ.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 !
06/12/2021

!

GOOD MORNING World
30/11/2021

GOOD MORNING World

ළිංගිකව බෝවන රෝගලිංගික ඇසුරක් මඟින් ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන රෝග වේ.(ආසාදිත කෙනෙකු සමඟ යෝනි, ගුද හෝ මුඛ ලිංගි...
29/11/2021

ළිංගිකව බෝවන රෝග

ලිංගික ඇසුරක් මඟින් ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන රෝග වේ.
(ආසාදිත කෙනෙකු සමඟ යෝනි, ගුද හෝ මුඛ ලිංගික සම්බන්ධතා මඟින් මෙම රෝග බෝවිය හැක.)

මෙම රෝග වලින් ඇති බලපෑම

නිසි ප‍්‍රතිකාර නොගත් විට මෙම රෝග නිසා සංකූලතා ඇතිවිය හැක.

ස්තී‍්‍ර/පුරුෂ වඳභාවය (සුදු බිංදුම, ක්ලැමිඩියාව)

හෘදය වස්තුව හා මොළය හා ස්නායු පද්ධතියට බලපෑම (උපදංශය)

ඇතැම් රෝග වල රෝග ලක්ෂණ නැවත මතුවීම (හර්පීස් වෛරසය ආසාදනය)

ඇතැම් රෝග බීජ ගර්භනී කාලයේදී මවගෙන් ළදරුවාට පැතීරීම(උපදංශය, ඒඞ්ස්)

සමහර රෝග බීජ ප‍්‍රසූතියේදී මවගෙන් ළදරුවාට පැතීරීම. (සුදු බිංදුම. ඒඞ්ස්, ක්ලැමිඩියා ආසාදනය)

මෙම රෝග බෝවීමේ අවදානමක් ඇති කරන ලිංගික චර්යාවන්

කීපදෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
නිතරම තම ලිංගික සහකරු හෝ සහකාරිය මාරු කිරීම.
නන්නාදුනන අය සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
බීමත්ව සිටියදී ලිංගික සම්බන්ධතා වල යෙදීම.
වාණිජ ලිංගික සේවයේ යෙදීම.
වාණිජ ලිංගික සේවයේ යෙදෙන්නන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.

රෝග ලක්ෂණ

ලිංගික අවයව වල ඇති වන තුවාල (උපදංශය, හර්පීස්)
මූත‍්‍රා දැවිල්ල (සුදු බිංදුව, ක්ලැමීඩියා ආසාදනය)
පිරිමි මූත‍්‍රා මාර්ගයෙන් සැරව සුදු දියරමය ස‍්‍රාවයන් පිටවීම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය)
යෝනි මාර්ගයෙන් අධික ලෙස ස‍්‍රාවයක් පිටවීම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය, කැබ්ඞ්ඩා ආසාදනය)
ලිංගික ප‍්‍රදේශවල ඇතිවන දිය බිබිලි (හර්පීස් ආසාදනය)
ලිංගික ඉන්නන්
කන්තාවන්ගේ යටි බඩ ප‍්‍රදේශයේ ඇතිවන කැක්කුම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය)

රෝග ලක්ෂණ ඇති වන විට පිළිපැදිය යුතු ක‍්‍රියාමාර්ග

හැකි ඉක්මනින් ළඟම ඇති ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග සායනයෙන් හෝ සමීප රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් නිසි ප‍්‍රතිකාර ගැනීම.
පිටතට රෝග ලක්ෂණ නොපෙන්වුවත් වෛද්‍යවරයා නියම කල ආකාරයට නියමිත දින ගණන තුළ ප‍්‍රතිකාර ගැනීම.
පසු විපරම සඳහා නියම කළ දිනට නැවත සායනයට ගොස් අවශ්‍ය පරීක්ෂණ වලට භාජනය වී තමාට රෝගය සුව බව තහවුරු කරගැනීම.
ලිංගික සහකරු/සහකාරිය සායනයට යොමු කිරීමට අවශ්‍ය වූ විට එසේ යොමු කිරීම ඉතා වැදගත් වේ.
නිසි ප‍්‍රතිකාර ගැනීමෙන් මෙම රෝග සාර්ථකව සුව කරගත හැක. (උදා:-සුදු බිංදුව, උපදංශය, ක්ලැමීඩියා ආසාදනය)

රුධිර පරීක්ෂාවක් මඟින් සියලූම ලිංගිකව සම්පේ‍්‍රණෂණය වන රෝග හදුනාගත නොහැක. විවිධ රෝග හදුනාගැනීම සඳහා විවිධ සාම්පල පරීක්ෂා කළ යුතුවේ.

වැළකි සීටීම
සමාජ රෝග වලන් වැලකී සිටීම ඉතාම පහසුවේ.
ඒ සඳහා

විවාහය තෙක් ලිංගික සම්බන්ධතා පමා කිරීම.
විවාහ වී සිටින දෙදෙනා අතර පමණක් ලිංගික සම්බන්දතා පැවැත්වීම.
හදිසියේ මුණ ගැසෙන හෝ නන්නාදුනන අය සමඟ හෝ කීප දෙනෙකු සමඟ ලිංගික ඇසුරෙන් වැලකී සිටීම.
එවැනි ලිංගික සම්බන්ධතා වළක්වා ගැනීමට නොහැකිම අවස්ථාවලදී සෑමවිටම නිසිලෙස ආරක්ෂිත කොන්ඩමයක් පැළඳීම.

ලිංගිකව සම්පේ‍්‍රෂණය වන අනෙකුත් රෝග ඇති අයට HIV ආසාදනය වීමේ අවදනාම වැඩිය.

ලිංගාශ‍්‍රීත රෝග
සායනයන් පැවැත්වෙන ස්ථාන

මධ්‍යම සායනය :- ද සේරම් පෙදෙස, කොළඹ 10

පහත දැක්වෙන ප‍්‍රදේශ වල ඇති මහ රෝහල් හා මූලික රෝහල් අනුබද්ධව අනිකුත් සායන ඇත.

රාගම,කරාපිටිය,මහනුවර,අම්පාර,හම්බන්තොට,මොණරාගල,මඩකලපුව
පොළොන්නරුව,ත‍්‍රිකුණාමලය,කළුබෝවිල,කුරුණෑගල,අනුරාධපුර
කළුතර,පානදුර,මහියංගනය,මීගමුව,හලාවත,වවුනියාව,මාතර,කෑගල්ල
යාපනය,නුවරඑළිය,මාතලේ,බලපිටිය,රත්නපුර,බදුල්ල

29/11/2021

තම ආදරනීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන්න.
29/11/2021

තම ආදරනීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන්න.

*දරුවන්, අධ්‍යාපනය සහ කොවිඩ්  මාර්ගගත වැඩමු​ළු මාලාව* දෙමාපියන්, ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන් උදෙ​සා  *දෙවන දිනය - 29.10....
28/11/2021

*දරුවන්, අධ්‍යාපනය සහ කොවිඩ් මාර්ගගත වැඩමු​ළු මාලාව* දෙමාපියන්, ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන් උදෙ​සා *දෙවන දිනය - 29.10.2021 සිකුරාදා – උදෑසන 10.30 සිට 11.30 දක්වා* මෙම සජීවී online වැඩමුළුව සමග සහභාගී වීමට ඉහත වේලාවේදී Health Promotion Bureau - YouTube නාලිකාව සමග පහත දිගුවෙන් සම්බන්ධ වන්න. https://www.youtube.com/channel/UC6XsnLgVVzNkjTCpRVJ6u3w

Good Morning World
12/11/2021

Good Morning World

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Excel Made Easy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram