Corona virus ගැන සියල්ල දැනගමු

Corona virus ගැන සියල්ල දැනගමු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Corona virus ගැන සියල්ල දැනගමු, Medical and health, Colombo.

04/04/2020
පරිස්සම් වන්න
23/03/2020

පරිස්සම් වන්න

මේ වගේ ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් හිතලා බලලා කරමු
22/03/2020

මේ වගේ ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් හිතලා බලලා කරමු

වගකීමෙන් කියමි. මේ රට තරම් රටක් ලෝකයේ තවත් නොමැත.❤"ලොව අංක එක යයි කියන රටේ සිට ලියමි. covid-19 හමුවේ ලංකාවේද තවත් සමීප ස...
22/03/2020

වගකීමෙන් කියමි. මේ රට තරම් රටක් ලෝකයේ තවත් නොමැත.❤

"ලොව අංක එක යයි කියන රටේ සිට ලියමි. covid-19 හමුවේ ලංකාවේද තවත් සමීප සබඳතා ඇති රටවල් කිහිපයක ද සිදුවන දේ සාවදානයෙන් බලා සිටියෙමි. බලා සිටීමට බැරිම තැන ලියමි.

මා සිටින රටේ සෞඛ්‍ය සේවා නොමිලයේ ලබා දෙන්නේ නැත. සෞඛ්‍ය රක්ශනාවරන ලබා ගැනීමට ප්‍රමානවත් රැකියාවක් හෝ මුදල් තිබේනම් පමනක් corona හමුවේ medical clinic හෝ ER එකකට යාගත හැකිය. නැතිනම් හැදී මැරුනත් එය රජයේ වගකීමක් නොවේ. එසේ කෙසේ හෝ සෞඛ්‍ය සේවා වෙත ගියද, test results ඒමට දින 4 හෝ 5ක් ගත වන අතර අවශ්‍ය ප්‍රතිකාර කිරීමට තරම් සූදානමක් ද, නිපුණතාවක් ද තිබේ දැයි ප්‍රශ්නයකි. (මෙය New York city වල සිටින වෛද්‍ය වරුන් සහ රොගීන් විසින්ම කියන දේ මිස මගෙ අදහස් නොවේ). බොහෝ corona positive රෝගීන් Tylenol බොන්න යයි උපදෙස් දී ගෙදර යැවූ අවස්තා ද ඇත.
පැය 48, 72 එක දිගට හුස්මක් නොගෙන ජීවිත රකින්නට පොරබදින අති දක්ශ වෛද්‍යවරුන් හෙදියන් ලංකාවේ දුටුවෙමි. තම පවුල් වලින් වෙන් වී, කිසිදු වරප්‍රසාදයක් තමන්ට බලාපොරොත්තු නොවී ඔවුහු තම ජීවිත අවදානමට ලක් කරනු දුටුවෙමි. තාක්ශනයෙන් හිනිපෙත්තේ නොසිටියද, පැය කිහිපයෙන් test results ලබා දී යුහුසුලුව ප්‍රතිකාර කරනු දුටුවෙමි.

රටක ත්‍රිවිධ හමුදාව සිටින්නේ නීතිය සාමය ආරක්ශා කිරීමට වුවද, මා දුටුවේ දින දෙක තුනෙන් quarantine centers ඉදි කිරීමට ලේ දහදිය වගුරුවන හමුදාවේ තරුනයන් ය. මා සිටින රටේ හමුදාවන්ට මානුශීය මෙහෙවර කරමින් රෝගීන් වෙනුවෙන් දර දිය අදීමට වඩා "වැදගත්" භෞමික ආධිපත්‍ය රැකීම වැනි කාර්ය භාර ඇත. මේ සියල්ල මා සටහන් කරන්නේ කිසිවකුගේ ඇද සෙවීමට නොව, ලංකාවේ සිටින ලොව සියල්ල දත් අති පන්ඩිත අනුවනයන්ට සිතන්නට යමක් දීමට ය. අගය කල යුතු දේ අගය කිරීමට කරුනු පෙන්වා දීමට ය.
මා සිටින රටේ වෙනම රජය විසින් තැනූ quarantine camps නැත. නොමිලයෙ ආහර පාන සියලු පහසුකම් ලබා දී බලෙන් quarantine කරන්නේ නැත. වෙන රටක සිට පැමිනියහොත් නිවසේ සිට self quarantine වීමට උපදෙස් දෙන අතර එසේ නොකර පවුල් පිටින් රෝගී වී මැරුනොත් කිසිවකු වග කියන්නේද නැත.
ලංකාවේ මා දුටුවේ හාත්පසින්ම වෙනස් තත්වයකි.
මිනිසුන්ගේ ජීවිත රකින්නට සියලු පහසුකම් සහිත quarantine centers වෙනම සදා ඇති බව දුටුවෙමි.
දින ගනන් එක දිගට, ඉතා අඩු පහසුකම් යටතේ වුවද, මිනිස් ජීවිත වලට වටිනාකමක් දී ඔවුන් රැකීමට වෙහෙස වන වෛද්‍ය කණ්ඩායම් දුටුවෙමි.
ගස් යට, පස් උඩ, පැය දෙක තුන නිදාගෙන මිනිසුන්ගේ බර අදින ත්‍රිවිධ හමුදාවේ දෙවියන් වැනි මිනිසුන් දුටුවෙමි.
තමන් රැකීමට දමන නීති තමන් විසින්ම කඩ කරන අම්බරුවන් පසු පස යාමට සිදු වුනු පොලිස් නිලදරයන් දුටුවෙමි. කෝටිපති ව්‍යාපාරිකයන් මිලියන ගනන් වටින සෞඛ්‍ය සැපයුම් පරිත්‍යාග කරනු දුටුවෙමි. සංචාරක ව්‍යාපාර මුලින් ඇද වැටී අති මොහොතේදී වුව තම සංචාරක හෝටල් රජයේ quarantine ක්‍රියාවලිය සඳහා පරිත්‍යාග කල මිනිසුන් දුටුවෙමි.
මේ කිසිවක් ලොව අංක එකේ රටවල නැති බව වගකීමෙන් කියමි.

එ නිසා ඉල්ලීමට ඇත්තේ එකම දෙයකි.

මිනිස් ජීවිතයකට මෙතරම් වටිනා කමක් දී, ඔබගේ, ඔබ දරුවන්ගේ සහ මවු පියන්ගේ ජීවිත රැකීමට පොරබදින දෙවි මිනිසුන් මෙතරම් සිටියදී, අනුවනයන් සේ නොහැසිරී ඔවුන්ට සහය වන්න.
මෙය කොත්තමල්ලි දන්සැල් දීමටවත්, පිට රට සිට පැමින හොරෙන් පැන පැන සිට තමන්ගේ මිනිසුන්ව මරා දැමීමටවත්, curfew දැම්මම කන්නෙ හුලන්ග් ද යයි අසමින් මෝඩයන් සේ හැසිරීමටවත් කාලය නොවේ.
මේ තමන්ගේ ස්වයං විනය හදා ගැනීමට කාලයයි.
නොමිලයේ ලැබෙන සම්පත් සුළු කොට නොතකා අගය කිරීමට කාලයයි.
නීති දමන්නේ තමන්ගේම යහපතට බව තේරුම් ගෙන, නීති පිලිපැදීමට කාලයයි.
අවුරුදු 2500 ක පම්පෝරි ගසන ශිෂ්ඨාචාරයේ සැබෑ ශිෂ්ඨ සම්පන්න බව පෙන්වීමට කාලයයි.
එක් මිනිස් ජීවිතයක් හෝ තමන් අතින් අවදානමට ලක් නොකොට, වගකීමෙන් බුද්ධියක් ඇති මිනිසුන් සේ හැසිරීමට කාලයයි.

ඕෂධී ජයසිංහ
Oshadhi Jayasinghe"

මේ කොරෝනා ගැන සත්‍ය කතාවයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ආරක්ෂක අංශවල, ජනාධිපතිවරයා ගෙ අඩුපාඩු තිබිය හැක. නමුත් මේ මොහොතේ සියල්ල සාවධානව ඉවසා ගෙන මෙම මාරාන්තික කොරෝනා වෛරසය ජය ගැනීමට ඔවුන් සියල්ලට උපකාර කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ.
ජයවේවා

The bitter truth......
21/03/2020

The bitter truth......

කොරෝනා කුණාටුවට මුහුණ දීම උදෙසා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් ඇත.🔻 අවශ්‍ය වුවහොත් එක් දිනක්...
21/03/2020

කොරෝනා කුණාටුවට මුහුණ දීම උදෙසා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් ඇත.

🔻 අවශ්‍ය වුවහොත් එක් දිනක් තුළ පමණක් සැක සහිත රෝගීන්ගේ සාම්පල් 2000ක් පමණ පරීක්ෂා කළ හැකි තැනට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ධාරිතාව ඉහළ නංවා ඇත. මීට අමතරව ජයවර්ධනපුර රෝහල තුළද මෙවැනි ම හැකියාවක් වර්ධනය කර ඇත.

🔻 රෝගීන් 5000කට එකවර ප්‍රතිකාර කළ හැකි ලෙස රෝහල් ධාරිතාව වර්ධනය කරමින් තිබේ.

🔻 දිනකට මුහුණ ආවරණ එක්ලක්ෂ හැට දහසක් (160,000)පමණ දේශීයව නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයේ සහාය ඇතිව මේ වන විටත් ආරම්භ කර ඇත.

🔻 ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන් භාවිත කරන ආරක්ෂණ ඇඳුම් ආයිත්තම් දේශීයව නිෂ්පාදනය කිරීම මේ වන විටත් සිදුවෙමින් තිබේ. ඒ පුද්ගලික අංශයේ මහාපරිමාණ සමාගමක සහාය ඇතිවය. මෙය අනුරාධපුර රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය කුමාරගෙ නව නිපැයුමකි.

🔻 මේ තාක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශාල අඩුවක්ව පැවති ආරක්ෂිත සාම්පල් බැහැර කිරීමේ යන්ත්‍රයක් අද දින අදාළ ආයතනයට ලබා දීමට නියමිත ය.

🔻 නිරෝධායනයට ලක්විය යුතු පිරිස් සොයා, දැනුවත් කොට අදාළ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා දිවයින පුරා බුද්ධි අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ජාතිය, ආගම, දේශපාලනය හෝ වත්පොහොසත්කම් අදාළම නැත. ඔබේ සහ රටේ ආරක්ශාව තකා වගකීමෙන් හැසිරෙන්න.

#සුහාරා

තොරතුරු:
ගිහාන් ගාල්ලගේ ගෙනි.

කරුණාකර වෛද්‍ය උපදෙස් පිළිපදින්න
20/03/2020

කරුණාකර වෛද්‍ය උපදෙස් පිළිපදින්න

Copied from bro.....
20/03/2020

Copied from bro.....

ශෙයා කරන්න
19/03/2020

ශෙයා කරන්න

සෝදමු අත සෝදමුසෝදමු අත සෝදමු.....අනාගතය දැක්ක ඇඩ් එකක්😂😂😂
19/03/2020

සෝදමු අත සෝදමු
සෝදමු අත සෝදමු.....
අනාගතය දැක්ක ඇඩ් එකක්
😂😂😂

මේ ඔබ අවශ්‍යම මොහොතයි - අපව අමතන්න !කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා අප සතුව පවතින රුධිර සංච...
18/03/2020

මේ ඔබ අවශ්‍යම මොහොතයි - අපව අමතන්න !

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා අප සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. රුධිරය යනු කෘතිමව නිපදවිය නොහැකි අත්‍යාවශ්‍ය සංඝටකයකි.
මේ රුධිර පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතකි.

අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස් වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය අමතන්න. දුරකථන අංක :0115332153

එමෙන්ම ඔබ පහත කාණ්ඩවලට අයත් වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වලකින්න..

(01)- ඔබට පසුගිය මාසයක කාලයක් ඇතුලත
උණ,කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා පැවතියේ නම්, පවතීනම්

(02)- පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු, ඔබේ නිවසේ සිටී නම් හෝ ඔහු/ඇය සමග ඔබ සමීප සම්බන්ධතාවක් පැවැත්වූයේ නම්

(03)- ඔබේ නිවසේ/ පවුලේ වර්තමානයේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහිත සාමාජිකයකු සිටීනම්

(04)-ඔබ පසුගිය මාස තුන ඇතුලත විදේශ ගත වී සිටියේ නම්.

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Corona virus ගැන සියල්ල දැනගමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram