17/04/2026
අපි කවදාවත් “perfect couple” එකක් වෙන්නෙ නැහැ.
Online එකේ දකිනවා වගේ “couple goals” එකක් නෙවෙයි අපි.
අපි විවාද කරනවා. එහෙමත් නැත්නම් හරිම ආදරණීය ආදරයක් කරනවා, සමහර වෙලාවට හිනාවෙලා ඉවර වෙන විවාද නෙවෙයි. කතා ශබ්ද වෙලා, ඉවසීම අඩුවෙන තරම්ට ගැටෙන ඒ වගේ ඒවා.
මාත් එක්ක කතා කරන්න එපා, කියපු වෙලාවේම පස්සෙ හිතෙනවා “මේක කියන්නෙ නැතුව ඉන්න තිබුණා” කියලා.
සමහර වෙලාවට කෝපයෙන්ම නිදාගන්න වෙලා තියෙනවා. දෙන්නම නිදාගන්න බැරිව, දෙන්නම හිතන්නේ පළවෙනියට කතා කරන්නේ කවුද? කියලා.
සමහර වෙලාවට අපි හොඳටම කතා කරන්න බැහැ. සමහර වෙලාවට අපි මුහුණ වහගෙන ඉන්නවා. සමහර වෙලාවට වැරදි තේරුම් ගන්නවා, එකම විසඳුම වගේ පේන්නේ දුරට යන එක.
කාලයක් තියෙනවා, ආදරේ කරන එකම බරක් වගේ දැනෙන. අපි දෙන්නා ගෙන ආපු දේවල් තියෙනවා.පරණ වේදනා, පරණ හැසිරීම්, අපිත් නොදන්නා වෙලාවටම අපේ සම්බන්ධතාවට ඇවිත් තියෙන ඒවා.
එහෙම නිසා අපි “couple goals” එකක් වෙන්න බැරි නම්, එහෙම වෙන්න දෙන්න.
ඒත් මෙතන තියෙන්නේ මිනිස්සුන්ට නොපේන කොටස.
අපි හැම වෙලාවෙම එකවරම හැම දෙයක්ම හරි විදිහට කරන්නේ නැහැ.
සමහර වෙලාවට පැය ගණන් යනවා. සමහර වෙලාවට මුළු දවසක්ම යනවා. දෙන්නම සද්ද නැතුව, තම තමන්ගේ දේවල් කරගෙන, “හරි” වගේ පෙනිලා ඉන්නවා, ඇත්තටම හරි නැතිව.
ඒත් අපි දෙන්නාගෙන් කෙනෙක් හැම වෙලාවෙම ආපහු එනවා.
එක පාරට කියපු පොඩි වචනයක් වෙන්න පුළුවන්. කෑවද කියලා අහන එකක් වෙන්න පුළුවන්. හෝ කිසිම දෙයක් නොකියම, සෝෆාවෙ ටිකක් ලඟට ඉඳගන්න එකක් වෙන්න පුළුවන්.
අවසානයේ අපි කතා කරනවා.
සමහර වෙලාවට ඉවසීමෙන් නෙවෙයි, ඒත් එකිනෙකා තේරුම් ගන්න උත්සාහ කරන මිනිස්සු දෙන්නා විදිහට.දැන් හරි විදිහට කරන්න උත්සාහ කරන දෙන්නා විදිහට.
අපි එකිනෙකාට වේදනා දීලා තියෙනවා. අපි එකිනෙකාට තරහ කරලා තියෙනවා. තවමත් විසඳාගන්න තියෙන දේවල් තියෙනවා.
ඒත් ඒ හැම දෙයක් අතරේම, අපි ආපහු එකිනෙකා ලඟට එනවා. වරක් නොව, හැම සැරේම.
අපි අපේ ආඩම්බරකම නැතිකරගෙන, “සොරි” කියන්න ඉගෙන ගෙන තියෙනවා.
අපි ඇත්තටම අහන් ඉන්න ඉගෙන ගෙන තියෙනවා, අපේ වාරය එනකන් රැඳී ඉන්න පුරුදු වෙලා තියෙනවා.
අපි හැම වෙලාවෙම හරි දේවල් කරන්නේ නැහැ. ඒත් තේරුම් ගන්න උත්සාහය නවත්තන්නේ නැහැ, ඒක අමාරු වෙච්ච දවස් තියෙනවා.
ඒ නිසා , අපි “couple goals” නෙවෙයි.
අපි විවාද කරන, වරදින, සමහර දවස් වල හොඳ නැති, අපටම ලජ්ජා හිතෙන මොහොතන් තියෙන සාමාන්‍ය couple එකක්.
ඒත්
අපි තවමත් නිතරම එකිනෙකා වෙත ආපහු හැරෙන්න තෝරන couple එකක්.. ඇත්තටම බැලුවොත් එහෙම වෙන එක තමයි ඇත්තම “goals” කියන්නේ
වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist.