Wathsala Wijerathna

Wathsala Wijerathna Wathsala Wijerathna, a dedicated and compassionate psychotherapist counselor based in Sri Lanka.
(4)

වත්සලා විජේරත්න
- Psychological Counsellor
- Psychotherapist
- Relationship Counsellor
- Child Counsellor
- Certified NLP Practitioner
- Member of APA (American Psychological Association)
- Member of SLPPCA
- Member of NLPEA With her youthful energy and empathetic approach, Wathsala is committed to helping individuals and families overcome challenges and achieve emotional well-being. Specializing in counseling psychology, she offers her expertise in child counseling, education counseling, and family counseling.

Date කියලා කියන්නේ  දෙදෙනා අතර තියෙන ආදරය, ආරක්ෂාව, බැඳීම නැවත නැවත සජීවී කරන මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවයක්.මනෝවිද්‍යාත්මක...
19/01/2026

Date කියලා කියන්නේ දෙදෙනා අතර තියෙන ආදරය, ආරක්ෂාව, බැඳීම නැවත නැවත සජීවී කරන මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවයක්.

මනෝවිද්‍යාත්මකව බලද්දී Date යන වෙලාවට මොළයෙන්, Dopamine , Oxytocin ,Serotonin වගේ හෝමෝන නිකුත් වෙනවා.ඒ නිසාම, එකිනෙකාට ලන් වීම, විශ්වාසය, ආදර හැඟීම තවත් ශක්තිමත් වෙනවා.
ආතතිය (stress) අඩු කරලා, හදවත නිදහස් කරනවා. ගැඹුරු කතා බහට ඉඩ සලසයි.
අපි එකට ඉන්න එක සතුටක් කියන හැඟීම වැඩිවෙයි.මම වටින කෙනෙක් කියන self-worth හැඟීම ඉහළ යයි.ආදරයේ romantic පැත්ත නැවත ජීවත් වෙයි.
එකම හැඟීම් එකට අත්විඳීම bonding වැඩි කරයි.
“shared memories” සම්බන්ධතාවයේ මූලික ශක්තියක්.
කරුණාව සහ සංවේදීතාව වැඩි කරයි.
ගැටළු පසුකර යාමට emotional safety එකක් හදයි.
කාලය ගියත්, “අපි තවම එකිනෙකා තෝරනවා” කියන හැඟීම තබාගන්න උදව් කරයි.

අපි බලමු date වර්ග කීපයක්...

1. PICNIC DATE
එළිමහනේ තියෙන නිදහසත්, සුවඳත් වෙනමම රසයක්. කෑම ටිකක්, බීම ටිකක්, අරගෙන ලස්සන තැනක් හොයාගෙන සතුටින් කාලය ගත කරන්න.

2. WALK DATE
අත් අල්ලාගෙන, සිනාසෙමින්, උරහිසෙන් උරහිසට ගැටෙමින් දිගටම ඇවිදින්න. මුදල් කිසිවක්ම අවශ්‍ය නැති, බැඳීම තද කරන date එකක්.

3. ELEGANT DATE
සම්පූර්ණයෙන්ම විශේෂයක් කරන්න. ගෞරවනීයව ඇයව ආරාධනා කරලා, ලාංකීය හෝ විදේශීය, උසස් ස්ථානයකට ගන්න. ඇයට අලංකාර ඇඳුමක් ඇඳලා විශේෂත්වය හැඟෙන්න ඉඩ දෙන්න.

4. DANCE DATE
හොඳ සංගීතය තියෙන හෝ නර්තනය උගන්වන ස්ථානයක් හොයාගෙන එකට යන්න. නර්තන කරමින් වැටෙන තරම් සතුටු වෙන්න.

5. UNPLANNED DATE
Date කියන්නේ සැලසුම් කළ එකක්ම විය යුතු නෑ. කෙනෙකුට හදිසියේම “යමුද?” කියලා ගමනක් යන්න. ඒ හදිසි මොහොතම ලස්සන මතකයක් වෙයි.

6. MOVIE DATE
සිනමා ශාලාවට යන්න. චිත්‍රපට හරහා හැඟීම් එළියට එනවා. ඒ හැඟීම් එකිනෙකාව තවත් ලඟා කරයි.

7. DOUBLE DATE
ඔබට ලඟින් සිටින යාලුවෝ වෙන යුවළක් එක්ක date එකකට යන්න. යුවළක් ලෙස කතා කරමින් ආදරය සැමරීම ඔබේ බැඳීම තවත් ශක්තිමත් කරයි.

8.COMPASSION DATE
සමාජයේ උදව් අවශ්‍ය අය බොහෝදෙනෙක් ඉන්නවා. ළමා නිවාසයකට, මහළු නිවාසයකට, රෝහලකට හෝ අවශ්‍යතාවයක ඉන්න කෙනෙකුට එකට ගොස් කාලය වැය කරන්න. එවැනි ආදරයට ආශිර්වාද ලැබෙනවා.

9. CANDLE-LIGHT DINNER DATE
මෘදු ආලෝකය යට එකිනෙකාගේ ඇස් දිහා බලලා කතා කරන එක බොහොම romantic. ඒ මොහොත විශේෂ කරගන්න.

10. SPECIAL MOMENT DATE
උපන්දිනය, විවාහ සංවත්සරය, උපාධිය, උසස්වීම වගේ විශේෂ අවස්ථා යුවළක් ලෙස සැමරීම කිසිදා අමතක කරන්න එපා.

11. MAKE-UP DATE
දෙන්නා අතර දේවල් හොඳ නැත්නම්, ආදරය බේරාගන්න උත්සාහ කරන්න. හොඳ date එකක් කතාබස් කරලා නැවත හදවතින් බැඳෙන්න හොඳ අවස්ථාවක්.

12. LUNCH DATE
වෙන වෙනම වැඩ කරන නිසා, සමහර වෙලාවට පැයක් වටා එකට දිවා ආහාරයක් ගන්න. හමුවෙන්න.

13. OLD LOVE DATE
Date යන්නේ තරුණ ආදරයට පමණක් නෙමෙයි. කාලය ගත වෙද්දී date අඩුවෙනවා. කාලය කොච්චර ගියත්, එදිනෙදා වගකීම් අතහැරලා date එකකට යන්න.

14. SPORTS DATE
ඔබට කැමති ක්‍රීඩා කණ්ඩායමක් හෝ තරඟයක් තියෙනවද? එකට ගොස් කෑ ගසමින් , සතුටින් උද්යෝගයෙන් කාලය ගත කරන්න.

15. FRIENDS DATE
බාබිකියු එකක්, සාදයක් හෝ මිතුරන් එක්ක එකතුවක් සංවිධානය කරන්න. මිතුරන් අතර ඔබේ ආදරය සැමරෙයි.

16. TRAVEL DATE
බෑග් සකස් කරලා ගමනක් යන්න. අලුත් ස්ථාන, අලුත් අත්දැකීම් එකට බෙදාගන්න. එහෙම ආදරය කිසිදා කම්මැලි වෙන්නේ නෑ.

17. STAY AT HOME DATE
ගෙදර දොර වසාගෙන, වැඩ වගේ දේවල් නැතුව, එකිනෙකාටම අවධානය දී කාලය ගත කරන්න. එකට උයලා, එකට කෑම කාලා, දෙන්නාටම මතකයන් හදන්න.

කාලය සඳහා,අවධානය සඳහා, හදවතට ලඟා වීමට date යන්න ඕනි.date නවත්තනකොට සම්බන්ධතාවය නිශ්ශබ්ද වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අදම දුරක් නෙමෙයි, විශාල සැලසුමක් නෙමෙයි, හදවතින් කාලය දෙන්න පුළුවන් date එකක් තෝරගන්න.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

ආදරය සමබර වුණාම 💖පිරිමියෙකු කාන්තාවකට සැබවින්ම ආදරය කරන විට, ඇය ඔහුගේ මෘදු ස්ථානය බවට පත්වේ.ඔහුගේ ආරක්ෂාව ඇය සිටින  ස්ථා...
18/01/2026

ආදරය සමබර වුණාම 💖

පිරිමියෙකු කාන්තාවකට සැබවින්ම ආදරය කරන විට, ඇය ඔහුගේ මෘදු ස්ථානය බවට පත්වේ.
ඔහුගේ ආරක්ෂාව ඇය සිටින ස්ථානයයි.
ඔහුගේ ශක්තිය ඔහුගේ විවේක ගන්නා ස්ථානය ඇයයි.මිනිසෙකු විදිහට ඔහුට ආරක්ෂිත බවක් දැනෙන එකම ස්ථානය ඇයයි. එය ඔහුගේ දුර්වලතාවයක් නොවේ.

කාන්තාවක් පිරිමියෙකුට සැබවින්ම ආදරය කරන විට, ඔහු ඇගේ ශක්තිය බවට පත්වේ.ඇයගේ අවුල් සහගත සිටින විට ඇයගේ සන්සුන්කම,ලෝකය බරක් ලෙස දැනෙන විට ඇයගේ සැනසීම ඔහුයි. ඇයව ස්ථාවරව තබා ගන්නා සහයෝගය ඔහුයි.
නමුත් එය පාලනය කිරීම නොවේ.

සැබෑ ආදරය කියලා කියන්නේ
ආධිපත්‍යය නොව, දෙදෙනාගේ ශක්තිය හුවමාරු කර ගැනීමක්.
දෙදෙනාම සමානව හරිම ස්වභාවික ලෙස ලබන ආදරයේ සමබරතාවයක්.

සමහර වෙලාවට දෙදෙනාගෙන් කෙනෙක් ශක්තිමත් වෙයි. නායකත්වය දෙයි. කෙනෙක් නිහඬව සිටි. සරලවම කියනවනම් දෙදෙනාගේ මුණගැසීම ඔවුන්ගේ ජීවිතයේ ආදරණීයම අවස්ථාවයි.එය විවිධ අවස්ථාවන්හිදී එකිනෙකාගේ ආරක්ෂිත ස්ථානය බවට පත්වීමයි.

සැබෑ ආදරය කියලා කියන්නේ තරඟ කිරීමක් නෙවෙයි.එය දෙදෙනාව සම්පූර්ණ කිරීමක් වේ.

හදවත් දෙකක් මෙම සමබරතාවය තේරුම් ගත් විට,
ආදරය ශක්තිය සහ හිතේ සාමය යන දෙකම බවට පත්වේ.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

අද අපි බලමු පිරිමි අයට කාන්තාවන් කෙරෙහි උනන්දුව නැතිවෙන්න මොනාද බලපාන හේතු කියලා...ගොඩක් වෙලාවට සබඳතා වල තියෙන උනන්දුව  ...
17/01/2026

අද අපි බලමු පිරිමි අයට කාන්තාවන් කෙරෙහි උනන්දුව නැතිවෙන්න මොනාද බලපාන හේතු කියලා...
ගොඩක් වෙලාවට සබඳතා වල තියෙන උනන්දුව එක දවසින් නැති වෙලා යන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒක තනි සිදුවීමකට වඩා චිත්තවේගීය මානසික හැසිරීම් සාධක නිසා ක්‍රමයෙන් වර්ධනය වෙච්ච දෙයක් තමයි මේ හේතු තේරුම් ගන්න ඕනි දොස් කියන්න නෙවෙයි. දැනුවත් වෙන්න විතරයි. උනන්දු අඩුවෙන හේතුව අපිට දැනගත්තම අපිට පුළුවන් වඩාත් හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්න.

ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි කාලයත් එක්ක චිත්තවේගීය සම්බන්ධතාවය ක්‍රමයෙන් දුර්වල වීම. ගොඩක් වෙලාවට ආරම්භයේදී කුතුහලය,උද්දීපනය සම්බන්ධතාවය ඉස්සරහට අරගෙන යනවා. කාලයත් එක්ක මතුපිට තියෙන ආකර්ෂණය නැති වෙනකොට මේ චිත්තවේගීය ගැඹුර සම්බන්ධතාවයකට වැදගත් වෙනවා.
ගොඩක් වෙලාවට හොඳ අර්ථවත් සංවාද නැතිවුණාම චිත්තවේගීය බෙදා ගැනීම් අඩු වුණාම එහෙමත් නැත්නම් අන්‍යෝන්‍ය අවබෝධය අඩු වෙනකොට මනුෂ්‍යයෙක් විදිහට දුරස් වීමට පටන් ගනී. සවන්දීම සංවේදනය බෙදාගත් අත්දැකීම් සහ තේරුම්ගත් බව දැනීම හරහා චිත්ත වේගය සම්බන්ධතාවය ගොඩනැගේ. මේ දේවල් නැති උනාම හිස් බවක් දැනෙන්න පටන් ගනියි.
කාන්තාවකට වගේම පිරිමින්ද චිත්තවේගීය වශයෙන් අගය කරන බවක් දැනිය යුතුයි. ඔවුන්ගේ සිතුවිලි උත්සාහයන් හෝ හැඟීම් නොදැනුවත්ම හෝ නොසලකා හරින ලද බවක් පෙනුනොත් ඔවුන් චිත්තවේගීය වශයෙන් ඉවත් විය හැකිය. සමහර වෙලාවට මේ ඉවත්වීම හදිසි උනන්දුවක් නොමැතිකමක් ලෙස වරදවා වටහාගන්න පුළුවන් .ඇත්ත කතාව නම් එය කාලයත් සමඟ එකතුවන චිත්තවේගී අවශ්‍යතාවල ප්‍රතිඵලයකි.
චිත්තවේගී සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා දෙපැත්තෙන්ම නිතරම උත්සාහයක් අවශ්‍ය වේ. චිත්තවේගී සම්බන්ධතාවය නැති වූ විට උනන්දුව බොහෝවිට ඒ සමග මැකී යයි.
නිතරම ඍණාත්මක පරිසරය ඕනෑම සම්බන්ධතාවයක් කෙරෙහි බලපායි. නිතර නිතර පැමිණිලි කිරීම් විවේචනය කිරීම් ආදිපත්‍ය දැරීම් කරන විට චිත්තවේගීය මහන්සියක් ඇතිවෙයි. එවිට පිරිමින් සම්බන්ධතාවය සැනසීම සමග නොව ආතතිය සමඟ සම්බන්ධ කිරීමට පටන් ගැනීමට පුළුවන.

හොඳ සන්නිවේදනය සම්බන්ධතාවයකට අවශ්‍ය වේ. නිතර නිතර විවේචන එල්ල කිරීම ඔහුගේ උත්සාහය අගය නොකිරීම මේ දේවල් නිසා ඔවුන්ගේ චිත්තවේගීය උද්යෝගය නැතිවිය හැක.

පිරිමින් බොහෝ විට සම්බන්ධතාවල සාමය සහ චිත්තවේගීය ස්ථාවරත්වය අගය කරයි. පිරිමි පුද්ගලයකු අගය කිරීම මූලික චිත්තවේගීය අවශ්‍යතාවයකි. එය බොහෝ විට පිළිගැනීම ගෞරවය සහ කෘතඥතාවය කියලා හඳුන්වන්න පුළුවන්.
බොහෝ සම්බන්ධතා වලදී මුල් අවධියේදී අගය කිරීම ශක්තිමත් නමුත් හුරුපුරුදුකම වර්ධනය වන විට ක්‍රමයෙන් මෙය අඩුවේ. අගය කිරීම නැති වෙනකොට නොදැනුවත්වම චිත්තවේගීය දුරස් භාවය ඇතිවේ.

පිරිමින් බොහෝ විට වචන වලට වඩා ක්‍රියාවන් හරහා සැලකිල්ල ප්‍රකාශ කරයි.
පුද්ගලික නිදහස ගරු කිරීමත් හොඳ සම්බන්ධතාවයක ලක්ෂණයකි.
සන්නිවේදනයත් අඩු උනාම උනන්දුව බොහෝ විට අඩුයි. පුද්ගලික සීමාවන්ට ගරු කිරීම සම්බන්ධතා දුර්වල කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට සම්බන්ධතාවය ශක්තිමත් වෙනවා.
තවද පිරිමින් චිත්තවේගී අවබෝධය සහ අනුකම්පාව අපේක්ෂා කරනවා. හැම වෙලාවෙම සෘජුව මේ දේවල් ප්‍රකාශ නොකළත් කාලයත් එක්ක මේ අවශ්‍යතා නැති වෙනකොට චිත්ත වේගීය දුරස් වීමක් ඇතිවෙන්න පුළුවන්.
උනන්දුව පවත්වාගන්න කුතුහලය සමඟ සැනසීම අනිවාර්යයෙන් අවශ්‍ය වෙයි.

ගැටුම් දිගු කාලයක් තිස්සේ නොවිසඳී තිබීම නිසාද චිත්තවේගීය දුරස් භාවය ඇතිවේ. එවැනි ගැටලු ආතතිය වැඩිවීමට හේතුවේ. ඔවුන් දෙදෙනාට ගැඹුරින් එකතුවීමට ඇති කැමැත්ත ඒ නිසා අඩු වෙන්න පුළුවන්.
ගැටුම් වලට විසඳුමක් නොමැති විට විශ්වාසය සහ චිත්තවේගීය ආරක්ෂාව දුර්වල වෙන්න පුළුවන්. එවිට ඔවුන් ආතතියෙන් ආරක්ෂා වීමට චිත්තවේගීය දුරස්වීමට පුළුවනි. ගැටුම් නිරාකරණයට අවබෝධය සහ ගෞරවය ගොඩනගා ගැනීම වැදගත්.

විශ්වාසය දුර්වල වූ විට චිත්තවේගීය බැඳීම අඩුවේ. චිත්තවේගී අවශ්‍යතා සපුරනකොට සම්බන්ධතාවල ආරක්ෂිත සහ සහයෝගයක් දැනෙනවා. ඒවා නිරන්තරයෙන් නොසලකා හරින විට චිත්ත වේගය ඉවත්වීමක් නොදැනුවත්වම සිද්ධ වෙනවා. චිත්ත වේගය අවශ්‍යතා හඳුනගෙන ඒවට ප්‍රතිචාර දැක්වීම උනන්දුව පවත්වා ගැනීම දිගුකාලීන චිත්තවේගීය බැඳී ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා.

නොගැළපීම කියලා කියන්නේ කොයිවෙලාවකවත් එක පුද්ගලයෙක් වැරදි කියලා නෙවෙයි. ඒ වගේම චිත්තවේගීය සහයෝගය හොඳ වුණත් අධික යැපීම චිත්තවේගීය පීඩනයක් ඇති කරන්න පුළුවන්. පිරිමින්ට තමන් චිත්තවේගය ස්ථාවරත්වය හෝ සතුට සඳහා වගකිය යුතුය හැඟෙන විට ඔවුන් කෙරෙහි ඇති උනන්දුව නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ චිත්තවේගය සමතුලිතතාවය හරි වැදගත් සමබර චිත්තවේගී හැඟීම පුද්ගලයන් දෙදෙනාටම දිගුකාලීන උනන්දුව සහ සම්බන්ධතාවයට ගොඩක් උපකාරී වෙනවා.

පිරිමින්ට කාන්තාවන් කෙරෙහි ඇති උනන්දුව නැතිවීම කලාතුරකින් සිදුවන්නේ එක් වැරැද්දක් හෝ මොහොතක ප්‍රතිඵලයක් ලෙසයි. බොහෝ විට ක්‍රමයෙන් චිත්තවේගය මාරුවීම් ඉටු නොවූ අවශ්‍යතා සහ සම්බන්ධතාවය තුළ ප්‍රතිඵලයක්.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

දෙවියන් පවසනවා...මේ දේවල් 4 මතක තබාගන්න.මම ඔයාට හොඳම පාරක්  හදලා දෙනවා.මම ඔයාගේ සටන් වලට උදව් කරනවා.තමන්ම විශ්වාස කිරීම ...
17/01/2026

දෙවියන් පවසනවා...

මේ දේවල් 4 මතක තබාගන්න.
මම ඔයාට හොඳම පාරක් හදලා දෙනවා.
මම ඔයාගේ සටන් වලට උදව් කරනවා.
තමන්ම විශ්වාස කිරීම හොඳම ඖෂධයයි.
මගේ කාලය විශ්වාස කරන්න.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

මිනිත්තු කිහිපයක ස්පර්ශයක් (hug, අත අල්ලගෙන ඉන්න එක, සන්සුන්ව පිටුපසින් අල්ලාගෙන ඉන්න එක වගේ) ආදරය කරන කෙනාගේ ආතතිය අඩු ...
15/01/2026

මිනිත්තු කිහිපයක ස්පර්ශයක් (hug, අත අල්ලගෙන ඉන්න එක, සන්සුන්ව පිටුපසින් අල්ලාගෙන ඉන්න එක වගේ) ආදරය කරන කෙනාගේ ආතතිය අඩු කරන විදිහ අපි මනෝවිද්‍යාත්මකව බලමු.

මිනිත්තු කිහිපයක ආදර ස්පර්ශය කියලා කියන්නේ ස්නායු පද්ධතියට ආරක්ෂාව කියන පණිවිඩය ඇතිවෙනවා.

ස්පර්ශය ඇතිවෙන විට ශරීරය Oxytocin නිකුත් කරනවා.මෙය ආරක්ෂිත බව,විශ්වාසය,බැඳීම වැඩි කරන හෝර්මෝනයක්. Oxytocin වැඩිවෙද්දී
Cortisol (stress hormone) අඩුවෙනවා.ඒ කියන්නේ, ආතතිය ස්වභාවිකවම පහළ යනවා.

ආතතියෙන් ඉන්න වෙලාවට අපි “fight or flight” mode එකේ තමයි ඉන්නේ. ඒ උනාට ආදරයෙන් කරන ස්පර්ශය තුලදී,ශරීරයට කියනවා දැන් අවදානමක් නෑ. නවතින්න පුළුවන් කියලා.
ඒක Parasympathetic Nervous System සක්‍රිය කරනවා.එතකොට හෘද ස්පන්දන වේගය අඩු වෙනවා.හුස්ම ගැන්ම මෘදු වෙනවා. මනස සන්සුන් වෙයි.

Attachment Theory මනෝ විද්‍යාත්මකව,
ළමා කාලයේ අම්මා ,තාත්තා අල්ලාගත්තම සැනසිල්ල ලැබෙනවා වගේ, වැඩිහිටි වයසෙත් ආදරය කරන කෙනාගේ ස්පර්ශය මනසට කියනවා.ඔයා තනි නෑ. මං ඉන්නවා. කියන දේ. එතකොට anxiety, fear, overthinking අඩුවෙනවා.

Mirror Neurons (හැඟීම් සම්ප්‍රේෂණය)
ඔයා සන්සුන්ව, මෘදු ලෙස අල්ලාගෙන ඉන්නවා නම් ඔයාගේ calm state එක අනිත් කෙනාගේ මනසටත් copy වෙන්න පටන් ගන්නවා. ඒ නිසා
කතා නොකරත් ,උපදෙස් නොදීත්,ආතතිය අඩුවෙනවා.

ස්පර්ශය කියල කියන්නේ මං ඔයාව තේරුම් ගන්නවා .ඔයාගේ වේදනාව මට වැදගත් කියන නිශ්ශබ්ද පණිවිඩයක්.මේ වටිනාකම ලැබුණාම මනසට fight කරන්න ඕනේ නෑ.විරුද්ධව වැඩ කරන්න ඕනේ නෑ. relax වෙන්න පුළුවන්.

සරලව කියනවා නම් මිනිත්තු කිහිපයක ආදරයෙන් කරන ස්පර්ශය හෝර්මෝන මට්ටමින්,ස්නායු පද්ධතියෙන්, මනෝ විද්‍යාවෙන් මං ආරක්ෂිතයි කියන හැඟීම මනසට හුරු කරවනවා.ඒකයි ආතතිය අඩුවෙන්නේ.

ඇත්තටම,
සමහර වෙලාවට වචන වලට වඩා ස්පර්ශය හිත සුව කරන ඖෂධයක්.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

මම හැදුනේ වැඩුනේ බණ්ඩාරවෙල. ඉතින් කෝවිල කියන්නේ මට අලුත් දෙයක් නෙමෙයි. මම හරි ආසයි කෝවිල්ලට යන්න  පුංචි කාලේ නලලට මොට්ටු...
15/01/2026

මම හැදුනේ වැඩුනේ බණ්ඩාරවෙල. ඉතින් කෝවිල කියන්නේ මට අලුත් දෙයක් නෙමෙයි. මම හරි ආසයි කෝවිල්ලට යන්න පුංචි කාලේ නලලට මොට්ටුවක් තියන්න. ඔළුවේ මල් ගහන්න. අතට වළලු දාන්න. මං ගොඩාක් ආසයි.
ඒ වගේම වැල්ලවත්ත කෝවිලට ගිහිල්ලා ගණ දෙවියන්ට මගේ ජීවිතයේ විස්තර කියන්න මං හරිම ආසයි.
පන්සල පල්ලිය කෝවිල ඒ හැම තැනකම වෙන්නේ අපේ හිත නිවන එක.

මගේ දමිළ යාළුවෝ හැමෝටම සුභ තෛයිපොංගල් දිනයක් වේවා 💖💖

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

සෑම උදෑසනකම ඔබේ මතකයට නැගෙන  පළමු පුද්ගලයා සහ රාත්‍රියේදී ඔබේ මතකයට නැගෙන අවසාන පුද්ගලයා ඔබේ ජීවිතයේ සතුටෙහි හෝ දුකෙහි එ...
13/01/2026

සෑම උදෑසනකම ඔබේ මතකයට නැගෙන පළමු පුද්ගලයා සහ රාත්‍රියේදී ඔබේ මතකයට නැගෙන අවසාන පුද්ගලයා ඔබේ ජීවිතයේ
සතුටෙහි හෝ දුකෙහි එකම හේතුව වේ ...

- Sigmund Freud -

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

ඔබේ වයස නිදහසට කරුණක් ලෙස භාවිතා කිරීම නවත්වන්න.ඕනෑම වයසකදී, exercise කරන්න.ඕනෑම වයසකදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න.ඕනෑම වයස...
13/01/2026

ඔබේ වයස නිදහසට කරුණක් ලෙස භාවිතා කිරීම නවත්වන්න.

ඕනෑම වයසකදී, exercise කරන්න.
ඕනෑම වයසකදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න.
ඕනෑම වයසකදී, කඳු නගින්න.
ඕනෑම වයසකදී, අලුත් ආදරයක් සොයා ගන්න.
ඔබ මිය යන තුරු ඔබ මිය ගොස් නැත.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

අද උදේ මම නැගිටිනකොට මගේ ඇඳ උඩ මලක්... ඒක කියාගන්න බැරි හැඟීමක් මොකද උදේ පාන්දරම දැනුනේ සුභවාදී සිතිවිල්ලක් ..මම දන්නවා ...
13/01/2026

අද උදේ මම නැගිටිනකොට මගේ ඇඳ උඩ මලක්... ඒක කියාගන්න බැරි හැඟීමක් මොකද උදේ පාන්දරම දැනුනේ සුභවාදී සිතිවිල්ලක් ..
මම දන්නවා ඒ සිතිවිල්ල නිසා අද දවස මගේ ජීවිතයේ හොඳම දවසක් වෙනවා...

අද දවස කිසිම විදිහකින් උපන්දිනයක් සංවත්සරයක් කිසිම දෙයක් නැහැ .. ඒත් මාව මේ වගේ දේකින් මාව වටිනවා කියලා පෙන්නන්න එයා උත්සාහ තිබුණා.

මනෝ උපදේශනය තුළදී මං හැමදාම කතා කරනවා වගේ ගැහැණිය කියලා කියන්නේ හරිම පුංචි දේවල් එයා ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම ඒ දේවල් වලට ගොඩාක් ආස කරන කෙනෙක්. ගැහැණු චරිත එහෙම තමයි.එයාලට වයස අදාල නෑ ඒකට.
ඔයාටත් පුළුවන් නම් ඔයා ආදරය කරන කෙනා පුංචිම පුංචි දෙයකින් සතුටු කරන්න. මං හිතන්නේ ඔයා තමයි මේ ලෝකේ වාසනාවන්තම පිරිමි චරිතය වෙන්නේ. මම හැමදාම කියනවා වගේ පිරිමි අය තමන් ආදරේ කරන කෙනාට ගොඩාක් ආදරේ නමුත් ඒක පෙන්නන්න දන්නැහැ. ඒ නිසා ගොඩක් ප්‍රශ්න අපිට මනෝ උපදේශනය තුළදී දකින්න ලැබෙනවා. ඔයාටත් පුළුවන් හරිම පුංචි දේකින් ඔයාගේ ආදරේ පෙන්නන්න. වචනවලින් ක්‍රියාවෙන් මේ හැම දේකින්ම. ඒ ඔයා කරන කියන පුංචි දෙයකින් හිතාගන්න බැරි තරම් වෙනසක් ඔයාගේ ආදරේට සිද්ධ වෙනවා.
අදම ඔයාගේ ආදරය ඔයා ආදරේ කරන කෙනාට පෙන්වන්න.
Thank you Lahiru Wijerathna 💖💖

මේ රෝස මල දැක්ක වෙලාවේ මට තව දෙයක් හිතුණා... ගැහැණියත් රෝස මල වගේ කියලා ලස්සනයි .මෘදුයි ඒවගේම භයානක කටු තියනව.
මේ දෙකම එකට තියෙන්නේ රෝස මලේ වගේම කාන්තාවගේ කියලත් මට හිතුනා.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

උපදේශනයට එන ගොඩක් කාන්තාවන්  කියන දෙයක් තමයි ඇයි එයාට මට මැසේජ් එකක් දාන්න බැරි..ඉතින් මට හිතුනා මේ ගැන පොඩ්ඩක් කතා කරන්...
12/01/2026

උපදේශනයට එන ගොඩක් කාන්තාවන් කියන දෙයක් තමයි
ඇයි එයාට මට මැසේජ් එකක් දාන්න බැරි..
ඉතින් මට හිතුනා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න..

ඔයා ආදරය කරන පුද්ගලයාට යම්කිසි පණිවිඩයක් යවන ක්‍රම අතර අද ජීවත්වන සමාජය තුළ අපිට වැඩිපුරම තියෙන්නේ WhatsApp ,messenger, SMS කියන digital මාධ්‍යය තමයි. ගොඩක් වෙලාවට මේ තුළින් ආදරය කිරීමේදී තියෙන දෙයක් තමයි අපේ ආවේග ඒ වෙලාවම අපි පිට කරනවා. ඉස්සර ගොඩක් වෙලාවට ආදරය ප්‍රකාශ කළේ ලිපියක් හරහා. ලිපිය ලියලා කියවනකොට සමහර වෙලාවට ලියපු දේකින් හිත රිදෙනවා කියලා හිතෙනවා එතකොට ඒක යවන්නේ නැහැ. මොකද ඒ කාලේ ලියුමක් තැපැල් කන්තෝරුවට ගිහින් තැපැල් කරන්න ඕන. නමුත් අද සමාජය තුළ පණිවිඩ යැවීම හරිම වේගවත්. ඒ නිසා පණිවිඩ යැවීමේදී මේ ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න.

ආදරය තුළදී පණිවිඩයකට පිළිතුරු ලැබෙන්නේ නැතිව බලා සිටීම බොහෝ වෙලාවට කම්පනයක්, අසහනයක් ඇති කරවන දෙයක්.
විශේෂයෙන්ම ඇයි ඔහු පිළිතුරු නොදෙන්නේ කියලා තේරෙන්නේ නැති වෙලාවක ඒක තවත් අමාරුයි. හැබැයි, අතිශය දුක හෝ පීඩනයෙන් ඉඳගෙන ඉන්නවට වඩා, ආත්ම ගෞරවයත් මානසික සන්සුන්භාවයත් රැකගෙන මේ තත්ත්වය හසුරවන්න පුළුවන් ක්‍රම තියෙනවා.
මෙම ලිපියෙන්, ඔහු පණිවිඩයකට පිළිතුරු නොදුන්නාම ඔබට කරගන්න පුළුවන් ප්‍රායෝගික පියවර විස්තර කරලා දෙන්නම්.

වහාම දෙවරක් කෙටි පණිවිඩ යැවීමෙන් වළකින්න.වහාම තවත් පණිවිඩයක් යැවීමට ඇති ආශාවට ඒ වෙලාවේ ඒ දේ කරන්න එපා. දෙවරක් කෙටි පණිවිඩ යැවීම අවශ්‍යතා ඇති හෝ නොඉවසිලිමත් ලෙස පෙනෙන්නට පුළුවන. නරකම දේ උපකල්පනය කිරීමට පෙර ඔහුට ප්‍රතිචාර දැක්වීමට කාලය දෙන්න.

ඔබව කාර්යබහුල කරගන්න. අවධානය වෙනතකට යොමු කරන්න.
දුරකථනය දිහාම බලන් ඉන්න එක වෙනුවට, ඔබට කැමති දේවල් කරන්න. ව්‍යායාම, පොතක් කියවීම, මිතුරන් එක්ක කාලය ගත කිරීම වගේ දේවල් ඔබේ සිත සන්සුන් කරලා අසහනය අඩු කරනවා.

ගොඩක් ඉක්මනට ඔහු ගැන නරක දේවල් හිතාගන්න එපා.ඔහු පිළිතුරු නොදෙන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්.වැඩ වැඩි වීම, පෞද්ගලික ගැටළු, හෝ සරලවම එම මොහොතේ කාර්යබහුල වීම. ඉක්මනින්ම නරක නිගමන වලට යන්න එපා.

සමාජ මාධ්‍ය හඹා බැලීම සීමා කරන්න.ඔහු onlineද, post කරනවද කියලා නිතර බලන එක ඔබට තවත් අමාරු කරගන්න එකක්. ඒක අතිශය මානසික පීඩනය වැඩි කරනවා.

එයත් එක්ක කරපු අවසන් කතා බහ ගැන සිතා බලන්න.ඔබලා අතර අවසන් කතාබහේ ස්වභාවය මොන වගේද? උණුසුම්ද, උණුසුම් නැතිද, ඔහුගේ පිළිතුරු වේගය ගැන යම් අදහසක් ගන්න පුළුවන්.

ඔබේ විශ්වාසය අඩු කරගන්න එපා.ඔබේ වටිනාකම, ඔබට ලැබෙන reply එකක් මත තීරණය වෙන්නේ නැහැ. ඔබව සැබවින්ම අගය කරන කෙනෙක් නම්, ඔහු සන්නිවේදනයට උත්සාහ කරයි.

සුදුසු කාලයක් බලා පසුව follow-up කරන්න
කාලයක් ගත වෙලා තවමත් පිළිතුරු නැත්නම්, සරල, සැහැල්ලු පණිවිඩයක් යවන්න පුළුවන්. ඒක මෘදු, අසාධාරණ චෝදනා නැති එකක් වෙන්න ඕන.

සැර වචන වළක්වා ගන්න. “ඔයාට මට කාලයක් නැද්ද?” වගේ වාක්‍ය කියන්න එපා. පණිවිඩයක් යවන්නෙ නම්, උණුසුම්ව, සෘජුව, රිදවීමක් නැතිව යවන්න.ඔහුගේ උනන්දුව මැන බලන්න මේක අවස්ථාවක් කරගන්න.

නිතරම ඔහු පණිවිඩ නොසලකා හරිනවා නම් හෝ බොහෝ වෙලාවට ප්‍රමාද වන්නේ නම්, ඔහු සැබවින්ම උනන්දුවක් තියෙනවද කියලා සිතා බලන්න. උනන්දුව තියෙන කෙනෙක් කාලය හොයාගන්නවා.

සන්නිවේදන අපේක්ෂා පැහැදිලි කරගන්න.ඔහු ඔබ නිතරම හමුවන කෙනෙක් නම්, texting habits ගැන විවෘතව කතා කරන්න. එකිනෙකාගේ සන්නිවේදන රටා තේරුණොත් ගැටළු අඩු වෙනවා.

සමාජය යාළුවො අතර සබඳතා සහ සමාජ ජීවිතය වර්ධනය කරන්න.ඔහු පිළිතුරු නොදෙන්නේ නම්, ඔබට වටිනාකම දෙන අයට ඔබේ ශක්තිය යොමු කරන්න. මිතුරු සබඳතා ශක්තිමත් කරගන්න එක විශ්වාසයත් සන්සුන්භාවයත් වැඩි කරනවා.

එහෙම කියලා ඔහු වෙනුවෙන් ඕනවට වඩා නිවැරදි සාධක හදන්න එපා. සැකයෙහි වාසිය දෙන්න එක හොඳයි. හැබැයි නිතර නිතර ඔහුගේ නිහඬභාවය justify කරනවා නම්, ඒක උත්සාහය වැඩක් නැති දෙයක්.

අවශ්‍ය නම් ඉදිරියට ගමන් කරන්න
ඔහු නිතරම සන්නිවේදනය අතහැර දමනවා නම්, ඔබේ ජීවිතයේ ඔහුගේ අවශ්‍යතාවය නැවත සලකා බලන්න. ඔබව අගය කරන කෙනෙක් ඔබත් එක්ක සම්බන්ධව ඉන්න උත්සාහ කරයි.
ඔහුගේ හැසිරීම් රටා නිරීක්ෂණය කරන්න
මෙය අසාමාන්‍ය දෙයක්ද, නැත්නම් නිතරම සිදුවෙන දෙයක්ද? රටා හඳුනාගත්තොත්, මේක තාවකාලික ගැටළුවක්ද නැත්නම් දිගුකාලීන දෙයක්ද කියලා තීරණය කරන්න පුළුවන්.

මිතුරන්ට පැමිණිලි කිරීම කරන්න එපා.
එකිනෙකාට සම්බන්ධ මිතුරන්ට කියලා කතා කිරීම තුළින් සිද්ධ වෙන්නේ ප්‍රශ්නය වැඩිවීමක් වෙන්න පුළුවන්. පුද්ගලිකව තමන්ගේ ප්‍රශ්නය හසුරවන්න එක පරිණත බවත් ආත්ම ගෞරවයත් පෙන්වනවා.

ඔබේම උනන්දුව ගැනත් සිතා බලන්න.
ඔබ ඔහුට සැබවින්ම කැමතිද, නැත්නම් reply එකක් ලැබෙන එකට ඇලී ගිහින්ද මේක තේරුම්ගත්තොත් හුඟාක් පැහැදිලියි.

ඔබටම communication timeout එකක් දෙන්න
reply එක බලා ඉඳීම ඔබේ සිත සම්පූර්ණයෙන්ම අල්ලාගෙන ඉන්නවා නම්, ටික කාලයක් texting නවත්වන්න. ඒක ඔබේම යහපැවැත්මට හොඳයි.
ඔබේ බලාපොරොත්තුව නැවත සලකා බලන්න

මිනිස්සුන්ට texting habits වෙනස්. ඔබේ අපේක්ෂා ඔහුගේ සන්නිවේදන රටාවට ගැළපෙනවද කියලා හිතන්න.

මානසික නිදහස ශක්තිමත් කරගන්න
ඔබ emotionally independent වෙන තරමට ඔහුගේ නිහඬභාවය ඔබට අඩු බලපෑමක් කරයි. ආදර සම්බන්ධතා වලට පිටින් ඔබේ සතුට සහ විශ්වාසය ගොඩනගන්න.

ප්‍රතිඵලය ගැන විවෘත සිතකින් ඉන්න.හැම සබඳතාවයක්ම අපි හිතන විදිහට සාර්ථක වෙන්නේ නැහැ. නිවැරදි කෙනා ඔබව අගය කරමින් නිතර සන්නිවේදනය කරයි.

පණිවිඩයකට පිළිතුරු නැති වීම වේදනාවක් වුණත්, ගෞරවයෙන් සහ විශ්වාසයෙන් මේ තත්ත්වය හසුරවන්න පුළුවන් නම්, ඒක ඔබේ ශක්තියයි. ඕනවට වඩා හිතනව වෙනුවට, ඔබේ වටිනාකම මතක් කරගන්න.
ඔහු සැබවින්ම කැමති නම්, ඔහු ආයෙත් සම්බන්ධ වෙයි. නැත්නම්, ඔබ දැනටමත් ඔබට වටිනා අයත් අවස්ථාත් කරා ගමන් කරමින් ඉන්නවා වෙන්න පුළුවන්.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

ජීවිතයේ අපිට වෙන දේවල් එක්ක අපි දේවල් ඉගෙන ගන්නවා. පසුගිය දවසක ගෙදර පඩි පෙළ ළඟදි කකුල පැටලෙනවා. ඒක ගැන දැන් මම හිතනකොට ම...
12/01/2026

ජීවිතයේ අපිට වෙන දේවල් එක්ක අපි දේවල් ඉගෙන ගන්නවා. පසුගිය දවසක ගෙදර පඩි පෙළ ළඟදි කකුල පැටලෙනවා. ඒක ගැන දැන් මම හිතනකොට මට හිතෙනවා හැමදාම පුරුදු පාරෙත් අපි වැටෙනවා නේද කියලා... පුරුදු පාරෙත් පය පැටලෙන අපිට නුපුරුදු පාරවල් ගැන කියන්න පුළුවන්ද...

හරියට ජීවිතය වගේ...

ඉතින් ඔයා මෙතෙක් වැඩ කරන ශ්‍රේෂ්ඨතම ව්‍යාපෘතිය ඔයා විතරමයි...
ඔයාට අවශ්‍ය වාර ගණනක් නැවත ආරම්භ කරන්න.විවේක ගන්න.
නැවත අවධානය යොමු කරන්න.ඒත් කොයිම මොහොතකවත් ඔයාව අත් හරින්න එපා

මුදල් හරි කීර්තියෙන් නෙවෙයි ඔයාගේ හදවතින් කාට හරි ඔවුන් වැදගත් කියලා දැනෙන්නට සලස්වන්න පුළුවන් නම් ඔයා අද දවසේ ලස්සනම දේ කළා වෙනවා..

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

10/01/2026

චුට්ට චුට්ට සතුට ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන න්‍යායක් ඇසුරින් කතා කළා. මතකද මං උදාහරණයක් දෙනවා කිව්වා... මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ උදාහරණය බලන්න පුළුවන්.
පළවෙනි කමෙන්ට් එකේ මේකෙ පළවෙනි වීඩියෝ එක ඇති.. බලන්න

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

Address

Colombo

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 10:00 - 17:00

Telephone

+94777041406

Website

https://linktr.ee/CounsellorWathsala

Alerts

Be the first to know and let us send you an email when Wathsala Wijerathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wathsala Wijerathna:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram