Entomology අපි

Entomology අපි Health

13/01/2026
13/01/2026

🔴ශ්‍රී ලංකාව තුල 2026 වසරේ ප්‍රථම මැලේරියා රෝගියා හම්බන්තොට මූලික රෝහලේදී හමුවෙයි !🔴

මෙම රෝගියා සොලෙයිමන් දූපත් වල සිට පැමිණ ඇති අතර මින් පෙර අවස්ථාවකදීද මැලේරියාව ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත.මෙම රෝගියා මාස හතරකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අතර ඉන් කටුනායකට පැමින,නුවර නවාතැන් ගෙන උඩවලව ද නවාතැන් ගෙන ඇත.උඩවලව පෞද්ගලික වෛද්‍ය මද්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාඉන් පසුව ඇඹිලිපිටිය පෞද්ගලික වෛද්‍ය මද්‍යස්ථානයකින් ද ප්‍රතිකාර ප්‍රතිකාර ලබා අවසානයේ හම්බන්තොට රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.එහිදි පලවෙනි දා මැලේරියා ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇති අතර එය ධනාත්මක වීමෙන් මැලේරියාව ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.ඉන්පසුව හම්බන්තොට මැලේරියා මර්ධන ඒකකයේ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරී ප්‍රමුක කීටවිද්‍යා සමීක්ෂණ කණ්ඩායම් හා අනෙකුත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය හම්බන්තොට රෝහල තුල හා ඒ අවට කීටවිද්‍යා සමීක්ෂණ,අවශ්‍ය සෞඛ්‍ය දැනුවත් කිරීම් සහ මදුරු පාලනය කීරීමට අවශ්‍ය දෑ යුහුසුලුව සිදුකර ඇති අතර මේ වනවිට තත්වය සාමාන්‍ය අතට පත් වී ඇත.ඔබත් මැලේරියාව ඇති රටකින් පැමිණියේ නම් පහත පියවරයන් අනුගමනය කරන්න.

⚠️ මැලේරියාව ලංකාවෙන් තුරන් කළද, අවදානම තවමත් පවතී!
මැලේරියාව පවතින රටක සිට ඔබ පැමිණියේ නම් හෝ එවැනි රටකට යෑමට සූදානම් නම් මේ ගැන දැඩිව සැලකිලිමත් වන්න:
🌡️ ප්‍රධාන රෝග ලක්ෂණ:

තද උණ: රුධිරයේ පරපෝෂිතයන් ක්‍රියාකාරී වන විට වරින් වර (දිනක් ඇර දිනක් වැනි කාල පරාසයන් තුළ) තදින් උණ මතු වීම.
• වෙව්ලුම සහ සීතල: අධික ලෙස වෙව්ලුම සමඟ එන සීතල ගතිය.
• හිසරදය සහ ඇඟපත වේදනාව: දැඩි හිසරදය සහ මස්පිඬු වේදනාව.
• අධික ලෙස දහඩිය දැමීම: උණ බැස යන අවස්ථාවේදී ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවීම.
• වමනය සහ ඔක්කාරය: ආහාර අරුචිය සමඟ ඇතිවන අපහසුතා.
• අධික තෙහෙට්ටුව: ශරීරයට දැනෙන පණ නැති ගතිය සහ මහන්සිය.
• සමහර අවස්ථාවලදී: කැස්ස සහ පාචනය වැනි රෝග ලක්ෂණ ද මතු විය හැක.

🔴 ඔබ කළ යුතු දේ:
1. විදේශගතව සිට පැමිණියේ නම්: උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකට යන්න. 🏃‍♂️💨
2. සත්‍ය පවසන්න: ඔබ විදේශගතව සිටි බවත්, සිටි රටත් වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම පවසන්න. 🗣️🌍
3. විදේශගත වීමට පෙර: මැලේරියාව ඇති රටකට යන්නේ නම්, ඊට පෙර ලබාගත යුතු ඖෂධ ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්(MOH) හෝ ප්‍රාදේශීය මැලේරියා කාර්‍යාලයෙන් හෝ මැලේරියා මර්දන ව්‍යාපරයෙන් නොමිලේ ලබාගන්න. 💊

මතක තබා ගන්න! මැලේරියාව ලංකාවෙන් තුරන් කළද, රෝගය බෝ කරන මදුරුවන් තවමත් අපේ රටේ සිටින බැවින් එක් රෝගියෙකුගෙන් වසංගතයක් පැතිරීමට ඉඩ ඇත. 🦟🚫
සුරක්ෂිත වෙමු! තොරතුරු බෙදා හරිමු! 🤝🛡️

Admin ; HEO මහත්තයා

බරවා රෝග මර්දන ව්‍යාපාරය මගින් සිදුකල බරවා රෝගය තුරන් කිරීම සදහා සිදූ කරන විශේෂ එක්දින ප්‍රතිකාර වැඩ සටහන 2026.01.03 දින...
03/01/2026

බරවා රෝග මර්දන ව්‍යාපාරය මගින් සිදුකල බරවා රෝගය තුරන් කිරීම සදහා සිදූ කරන විශේෂ එක්දින ප්‍රතිකාර වැඩ සටහන 2026.01.03 දින බොරැල්ල ප්‍රදේශයේ සිදු කෙරෙනි.

බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක තුමාගේ මග පෙන්වීමෙන් සිදුකරනු ලැබු මෙම වැඩසටහනට කීට විද්‍යා පුහුණු පාසලේ අභාසලාභී කීටවිද්‍යා නිලධාරීන් විදුහල් පති තුමාගේ මග පෙන්වීමෙන් දායක විය.මේ සදහා බොරැල්ල moh , ඇතුලු එහි නිලධාරීන් ,බරවා මර්දන ව්‍යාරයෙ සියලු නිලධාරීන් සම්බන්ධ විය.

අද දින හම්බන්තොට මැලේරියා මර්දන කාර්යාලය මගින් හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොල පරිශ්‍රය තුළ විශේෂ කීට විද්‍ය...
30/12/2025

අද දින හම්බන්තොට මැලේරියා මර්දන කාර්යාලය මගින් හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොල පරිශ්‍රය තුළ විශේෂ කීට විද්‍යා සමීක්ෂණ කටයුත්තක් සිදු කළ අතර ඒ සදහා හම්බන්තොට මැලේරියා මර්දන කාර්යාලයේ කීට විද්‍යා නිළධාරී මහතා , මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරී හා ගුවන්තොටුපල මහජන සෞඛ්‍ය පරීක්ෂක යන නිළධාරීන් සහභාගී විය.

Today, the Hambantota Anti-Malaria Campaign Office conducted a special entomological survey within the premises of the Mattala Rajapaksa International Airport (MRIA).
The survey was carried out with the participation of the Health Entomological Officer from the Hambantota Anti-Malaria Campaign Office, the Public Health Field Officer, and the Airport Public Health Inspector.

Entomology අපි

කොලඹ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ සුවසේවාභිමානී 2025 වැඩසටහන 2025.12.29 දින අති උත...
29/12/2025

කොලඹ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ සුවසේවාභිමානී 2025 වැඩසටහන 2025.12.29 දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී විවිධ කාණ්ඩයන් ඔස්සේ සුවසේවා විරුවන් අගයනු ලැබූ අතර, සෞඛ්‍යය කීට විද්‍යා නිලධාරීන්ද ඇගයීමට පාත්‍ර විණි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ වසරේ කීට විද්‍යා නිලධාරියා වශයෙන් බත්තරමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඩී. සී.එල්. ගුණවර්ධන මහතා ඇගයීමට පාත්‍ර වූ අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් දෙහිවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එම්. ඒ. එම්. ඒ. ඛාන් මහතා හා පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බී. එල්. ජයවර්ධන මහතා ඇගයීමට පාත්‍ර විය.

Suwasewabhimani 2025 Awards Ceremony
The Suwasewabhimani 2025 award ceremony, organized by the Regional Directorate of Health Services (RDHS) Colombo, was held on December 29, 2025, in a grand manner.
The program aimed to recognize and appreciate the outstanding service of healthcare heroes across various categories. Notably, the Health Entomological Officers were also honored for their vital contribution to public health.
Key Award Winners (Entomology Category - Colombo District):
* First Place (Entomological Officer of the Year): Mr. D.C.L. Gunawardena (MOH Office, Battaramulla)
* Second Place: Mr. M.A.M.A. Khan (MOH Office, Dehiwala)
* Third Place: Mr. B.L. Jayawardena (MOH Office, Piliyandala)

Entomology අපි

MERRY CHRISTMAS !🌲✨❄️ලෝකවාසී සියලුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා ! 🤍✨🌲Entomology අපි
25/12/2025

MERRY CHRISTMAS !🌲✨❄️

ලෝකවාසී සියලුම දෙනාට සාමය සතුට පිරි
සුබ නත්තලක් වේවා ! 🤍✨🌲

Entomology අපි

අයහපත් කාලගුණයෙන් පසු අද දින (16) පාසල් නැවත විවෘත කිරීමට ප්‍රථම විශේෂ පාසල් පාදක කීටවිද්‍යා සමීක්ෂණයක් එම පාසල් ඩෙංගු ව...
16/12/2025

අයහපත් කාලගුණයෙන් පසු අද දින (16) පාසල් නැවත විවෘත කිරීමට ප්‍රථම විශේෂ පාසල් පාදක කීටවිද්‍යා සමීක්ෂණයක් එම පාසල් ඩෙංගු වලින් තොර සුරක්ෂිත ස්ථාන බවට තහවුරු කිරීම උදෙසා සිදුකරන ලදි.

මේ වන විට අධික වර්ෂාවෙන් පසු, මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ද දක්නට ලැබෙන බැවින් පලාත්,දිස්ත්‍රික්,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමෙ හා ජාතික මට්ටමේ කීටවිද්‍යා නිලධාරීන් ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම උදෙසා දැඩි පරිශ්‍රමයක් යොදමින් සිටී.

එබැවින්, පාසල් ආරම්භ කිරීමට පෙර, කිලිනොච්චියේ කීට විද්‍යා කණ්ඩායම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල්වල විශේෂ ඩෙංගු කීට විද්‍යා නිරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර මෙහිදී, සෑම පාසලකම පාහේ ඩෙංගු වාහක Aedes මදුරු විශේෂ හදුනාගත් අතර, එම බෝවෙන ස්ථාන අඩු කිරීමේ හා ඉවත් කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් කල යුතු ආකාරය පිලිබදවත් කීටවිද්‍යා නිලධාරීන් පාසල්වල ගුරු භවතුන් හට දැනුම් දී අවශ්‍ය කටයුතු සිදුකල අතර හෙට සෑම පාසලකම පාහේ පිරිසිදු කිරීමේ වැඩසටහන් පවත්වනු ලබන අතර, ඩෙංගු වාහක බෝවන ස්ථාන හැකි ඉක්මනින් ඉවත් නොකළහොත්, ඉදිරි සති කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ දැඩි ලෙස වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය. ඔබගේත් අපගේත් ආරක්ෂාව උදෙසා නිරතුරුව ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන ඉවත් කරන මෙන් සෞඛ්‍ය අංශ ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

After the bad weather, schools will reopen tomorrow (16).
After the heavy rains, there is also an increase in dengue cases these days.
Therefore, before the start of school, the Entomology team in Kilinochchi is implementing a Dengue entomology surveillance program in main schools in the Kilinochchi district.
Here, dengue vectors were positive in almost every school and we informed the teachers of the schools that a source reduction program should be implemented.
Clean-up programs will be held in almost every school tomorrow, and if dengue vector breeding sites are not removed as soon as possible, an increase in dengue cases can be expected in the upcoming weeks.

ඔබ කවදා හෝ දැවැන්ත වන්දා (Praying Mantis) කෙනෙකුගේ ඇඟෙන් දිගු, කළු කම්බියක් වගේ දෙයක් එළියට එනවා දැකලා තියෙනවද? ඒ තමයි ක...
16/12/2025

ඔබ කවදා හෝ දැවැන්ත වන්දා (Praying Mantis) කෙනෙකුගේ ඇඟෙන් දිගු, කළු කම්බියක් වගේ දෙයක් එළියට එනවා දැකලා තියෙනවද? ඒ තමයි කේසර පණුවා (Hairworm)!
​මේක සාමාන්‍ය පණුවෙක් නෙවෙයි, වන්දාගේ මුළු ජීවිතයම පාලනය කරන භයානක පරපෝෂිතයෙක්! 😱
​🎣 වන්දාගේ "සියදිවි නසාගැනීම" පිටුපස රහස
​වන්දා වතුර ළඟට ගිහින් හිතාමතාම වතුරට පනිනවා. විද්‍යාඥයන් කියන්නේ, වන්දාගේ මනස වෙනස් කරලා, වතුරට ඇදෙන්න සලස්වන්නේ මේ පණුවා විසින් නිකුත් කරන රසායනික ද්‍රව්‍ය නිසයි කියලා.
​🐍 මේ පණුවා කවුද?
​නම: නෙමටෝමෝෆා (Nematomorpha) වංශයට අයත් කේසර පණුවා හෙවත් ගෝඩියස් පණුවා (Gordian Worm).
​පෙනුම: සිහින්, කළු හෝ දුඹුරු පැහැති කම්බියක් වගේ.
​දිග: සෙන්ටිමීටර කිහිපයක සිට මීටරයක් දක්වා දික් වෙන්න පුළුවන්! (වන්දාගේ ඇඟට වඩා හුඟක් දිගයි!)
​🔄 ජීවන චක්‍රය කෙටියෙන්:
​ආරම්භය: පණුවා ජලයේ බෝ වී බිත්තර දමනවා.
​පැමිණීම: වන්දා කෑමට ගන්නා කුඩා කෘමීන් (තණකොළ පෙත්තන් වගේ) මේ පණුවාගේ කීටයන්ව කනවා.
​ආසාදනය: වන්දා ඒ ආසාදිත කෘමියාව කෑවම, පණුවා වන්දාගේ බඩේ වර්ධනය වෙනවා.
​පිටවීම: පණුවාට ආයෙත් බෝ වෙන්න වතුර ඕන නිසා, වන්දාගේ හැසිරීම වෙනස් කරලා වතුර ළඟට ඇදලා, එතනදි වන්දාගේ සිරුරෙන් එළියට එනවා. 😨
​👀 දැනගන්න! මේ පරපෝෂිතයා වන්දාගේ හැසිරීම පාලනය කරන්නේ හරියට සොම්බි වගේ කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා.
​ඔබ මේ වගේ දෙයක් දැකලා තියෙනවාද? 🤔
​👇 Comment එකකින් අදහස කියන්න!

Admin ; HEO මහත්තයා

​ #වන්දා #කෘමි_ලෝකය

ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශ තුල, ඩෙංගු හා අනෙකුත් වසංගත තත්වයන් සීඝ්‍රයෙ...
12/12/2025

ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශ තුල, ඩෙංගු හා අනෙකුත් වසංගත තත්වයන් සීඝ්‍රයෙන් පැතිර යාමට ඇති අවධානම හේතුවෙන්, එම ප්‍රදේශ ආශ්‍රිතව කීට විද්‍යා සමීක්ෂණ වැඩසටහනක් 2025.12.12 දින පැවැත්විණ.
ඒ සදහා කීට විද්‍යා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය..

A vector surveillance program was conducted on 12th December 2025 in the flood-affected areas belonging to the Gothatuwa Medical Officer of Health division. This program was carried out due to the increased risk of dengue and other vector-borne diseases spreading rapidly in these regions.
A team of entomology officers and other staff members participated in this activity.

A year has passed..🕰️It's been a year since a new chapter began, ending many fond memories.⏮️
06/12/2025

A year has passed..🕰️
It's been a year since a new chapter began, ending many fond memories.⏮️

ඩෙංගු, මී උණ සහ ලාදුරු රෝග පිළිබඳ අද පැවති දැනුවත් කිරීමේ සහ දැනුවත් වීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත පුරා වැළැක්වීමේ උපාය ම...
06/11/2025

ඩෙංගු, මී උණ සහ ලාදුරු රෝග පිළිබඳ අද පැවති දැනුවත් කිරීමේ සහ දැනුවත් වීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත පුරා වැළැක්වීමේ උපාය මාර්ග ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුකාරවරයා, ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන් ,මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සමග අද දින ක්‍රියාත්මක වන ලදි.

මේ සදහා පලාත පුරා සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී, ක්‍රියාකාරීව සහභාගී වූ අතර, ක්ෂේත්‍ර අභියෝග සහ කලාපීය ක්‍රියාකාරී සැලසුම් පිළිබඳ සාකච්ඡා විය
✨️Today’s Advocacy & Awareness Program on Dengue, Leptospirosis & Leprosy brought together the Governor, Chief Secretary, Ministry and Provincial Health officials, Regional Directors, and medical experts to strengthen prevention strategies across the Eastern Province.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Entomology අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram