Ayur inspire

Ayur inspire To uplift ayurvedic knowledge for healthy life among the community

සල්ලි වලට වස කවන අපේම මිනිස්සුමේ කතාව යෝගට් ගැනයිමේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි ...
06/10/2024

සල්ලි වලට වස කවන අපේම මිනිස්සු
මේ කතාව යෝගට් ගැනයි

මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන... ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක්.. ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ශකවරයා... සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්.. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා ලංකාවේ යෝගට් ගැන..ඔහු ක්යපු දේවල් ඇහුවාම අපිට තරු වීසි උනා ..ඒ නිසයි මේක ලියන්නම හිතුනේ..

යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි.. මුහුන්.. රසකාරක.. ප්‍රදානවශයෙන්ම... ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.. කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්යත් එකතු කරනවා.. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන..
යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්‍රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි.. මම ඒකට හෙතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මේන්න..

" යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ..ඒවා අදික පැනි රසයි.. ඝනයි.. ඒකනිසා පොඩි ලමයි වැඩියෙන් කැමති පැනි රස යෝගත් එකට..

දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..එතකොට තම නියම කතාව කිව්වේ.
සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.. යුරියා...කිරිපිටි...සීනි වගේ දෙවල්...එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවලඒත් දෙමල අය ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල අයගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල අය ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..

කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි... ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකෙනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු... නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලන්කාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි... අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ..නොයෙක් වස විස දානවා ඒවට..
තුනක් ගත්තාම එකක් දෙනවා වගේ ප්‍රයෝග දාලා එක එක නම් වලින් විකුනන ජරාව පොඩි අයට දෙන්නම එපා..අර මහලොකු ඇඩ් දාලා විකුනන බහුජාතික සමාගමේ යෝගත් නම් දෙන්නම එපා පොඩි අයට.. ඕනෙනම් කාලා බලන්න.. සෑහෙන්න පැනි රසයි.. ඝනයි.. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා...
කෝන් ෆ්ලවර්...යුරියා.. වීසිකරන ජරා පිටිකිරි.. ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා... පව්..

------ Edited 2020-09-05 -------
සාමාන්‍යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...
දැනට අපේ රටේ වෙළදපොලේ තිබෙන ප්‍රධාන යෝගට් වර්ග බොහොමයක් අරගෙන මම බලලා තියෙනවා සති 2ට වඩා අඩුවෙන් තියාගන්න පුලුවන් මොනවද කියලා. එතකොට මම දැකපු දෙයක් තමයි ඇත්තටම කල් ඉකුත්වීමේ දිනය සති 2ට සීමා වෙලා තිබුණ එකම යෝගට් එක හයිලන්ඩ් යෝගට් එක කියලා.

- මහාචාර්ය ශිරාණි රණසිංහ
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

තවත් කෙනෙකුට කියවන්න ශෙයා කරන්න
සම්මා සම්බුදු සරණයි ! ❤️❤️❤️🙏🙏🙏

ඔබගේ ශරීරය මරණින් පසු ආයුර්වේද වෛද්‍ය සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු දියුණු කරගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්...
13/03/2023

ඔබගේ ශරීරය මරණින් පසු ආයුර්වේද වෛද්‍ය සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු දියුණු කරගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයට පරිත්‍යාග කරගන්නා අන්දම...

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පීඨයට (රාජගිරියේ පිහිටි) ගොස් මෘත ශරීරය පරිත්‍යාග කිරීම සඳහා සකසා ඇති අයදුම්පත සහ උපදෙස් පත්‍රිකාව ලබාගන්න.
(පහත link එක ඔස්සේද ඔබට එම උපදෙස් පත්‍රිකාව සහ අයදුම්පත Download කරගත හැකියි 👇
https://drive.google.com/file/d/1pFSxYX-Wofq1c9-7Pbiz8nHMjMSV-8o8/view?usp=drivesdk)
එම උපදෙස් පත්‍රිකාව තමන් ලඟ තබාගෙන අදාල අයදුම්පත පුරවා භාරදෙන්න. එවිට facebook post එකේ පෙන්වා ඇති මෙම සහතිකය එම මොහොතේම ඔබට ලබාදීම සිදුකරයි. නැතහොත් පසුව තැපෑලෙන් ගෙදරටම එවනු ලබයි.

මේ සම්බන්ධව ඔබට අවශ්‍ය සියලුම තොරතුරු දේශීය වෛද්‍ය විද්‍යා පීඨයේ පහත දුරකථන අංක ඇමතීමෙන් ද දැනගන්න පුලුවන්...

📞 011-2694308
📞 011-2692385

දේශීය කැඳ සංස්කෘතිය පෝෂණ ගැටලුවට විසඳුමකි++++++++++++මන්දපෝෂණයට කැඳ ප්‍රතිකාරය පර්යේෂණාත්මකව දියුණු කරමු===========බටහිර...
06/10/2022

දේශීය කැඳ සංස්කෘතිය පෝෂණ ගැටලුවට විසඳුමකි
++++++++++++

මන්දපෝෂණයට කැඳ ප්‍රතිකාරය පර්යේෂණාත්මකව දියුණු කරමු
===========

බටහිර ගායට සුද්දන්ගේ සුප් වෙනුවට කොළ කැඳ පොවමු
******************

මන්දපෝෂණ ඇති ළමුන් හට කැඳ දීම නුසුදුසු යැයි බටහිර වෛද්‍යවරුන් ගේ මතයක් පළවීම ගැන සංවාදයක් ඇතිවී තිබේ. අපේ රටේ කැඳ සංස්කෘතියක් තිබුණු රටකි. ආයුර්වේදය යනු කැඳ වල ගුණ විවරණය කරන වෛද්‍ය ක්‍රමයකි. අපේ දේශීය වෙදකම කැඳ වලින් රෝගීන් සුවපත් කරන වෛද්‍ය ක්‍රමයකි. එබැව්න් කැඳ යනු නොයෙක් ආකාරයෙන් සකසා ගත හැකි පෝෂණීය මෙන්ම දිරවීමේ පහසු ආහාරයක් බව පළමුව කිව යුතුය. කැඳ යනු නිරෝගී පුද්ගලයින් හට ආහාරයක් මෙන්ම රෝගීන් හට ඖෂධීය ගුණ සහිත චිකිත්සීය පෝෂකයක් මෙන්ම සමහර විටෙක ප්‍රතිකාරයේ කොටසක් වන ඖෂධයක් හෝ පථ්‍ය ආහාරයක් ලෙස ද භාවිතා වේ. චිකිත්සීය පෝෂණය (therapeutic nutrition) යනු අපේ වෙදකමේ කොටසක් විය. කැඳ යනු එක්තරා ආකාරයකින් සෞඛ්‍ය අතිරේකයක් (health supplement) ලෙස ද භාවිත විය. එය නවීන දෘෂ්ටිකෝණයෙන් බලන විට කෘත්‍යාත්මක ආහාර (functional food) ගණයට වැටේ.

මන්දපෝෂණය යනු ආයුර්වේදය නොදැන සිටි රෝග තත්වයක් නොවේ. එය රෝග තත්වයකට වඩා රෝග වලට හේතු වන පෝෂණ ප්‍රශ්නයකි. මන්දපෝෂණ තත්වය නිසා හටගන්නා රෝග දේශීය වෛද්‍ය ක්‍රමයේ දී මාන්දම නමින් හැඳින්වූ රෝග කොටසට අයත් වේ. ප්‍රධාන වශයෙන් මාන්දම් ප්‍රභේද 18 ක් දේශීය මාන්දම් වෙදකමේ දී විස්තර කෙරේ. වාත මාන්දම, කාලි මාන්දම, පිත් මාන්දම, කිරි මාන්දම, සෙම් මාන්දම, කොට්ටුපේරු මාන්දම, කෝලසන්නි මාන්දම, තිදොස් මාන්දම, නීල ගලපටලමාන්දම, අජීර්ණ මාන්දම, සීතල සන්නි මාන්දම, යක්ෂාති මාන්දම, උදරවායු මාන්දම, වාලි මාන්දම, ඌදු මාන්දම, ගුණතුංග මාන්දම, ශෝථ මාන්දම, කණ්ඩමාල මාන්දම, පණු මාන්දම, කුරුමිණි මාන්දම, අහිරි මාන්දම, ජ්වර මාන්දම ආදී නම් ඒවාට යෙදේ. මේවායේ ලක්ෂණ මෙන්ම ඒවාට කළ යුතු ප්‍රතිකර්ම ද පොත පතේ සඳහන් වේ. එම ප්‍රතිකර්ම අතරට කෂාය, බස්න වර්ග මෙන්ම කැඳ වර්ග ද ඇතුළත් වේ.

පෝෂණ ඌනතාව මෙන්ම ආහාර දිරවීමේ සහ අවශෝෂණයේ දුර්වලතා නිසාද මන්දපෝෂණය ඇති විය හැකිය. ආහාර හිඟයක් නොමැතිව වුවත් මන්දපෝෂණය ඇතිවන්නේ පරිවෘත්තීය ආබාධ නිසාය. ඒ අනුව කැඳ වලින් මේ වැරදි නිවැරැදි කොට පෝෂණය ද ලබා දෙන බව අත්දැකීමෙන් දනිමු. බත් වලින් සකස් කරනු ලබන කැඳ හා සමාන ආහාරවර්ග කිහිපයක් ආයුර්වේදයේ සඳහන් වේ. මණ්ඩ, පේයා, යවාගු, විලේපී, ඕදන යනුවෙන් ඒවා නම් කොට තිබේ. මෙහිදී ඒවා පිළිවෙළින් එකිනෙක අනිකට වඩා ඝනකමින් (thicker) යුක්තය. ඒවා සකසනු ලබනුයේ ඒ ඒ පුද්ගලයා ගේ දිරවීමේ හැකියාව අනුවය. ඒවා සඳහා යොදා ගනු ලබනුයේ ද ආයුර්වේදයේ සඳහන් ඖෂධීය සහල් වර්ග වේ. ඒවා විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත්ය. අපේ රටේ ද තිබෙන දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් මේ පෝෂණ ගුණ සහිතය. මෙවැනි කැඳ වර්ග වලට පොදුවේ හීනැටි හෝ කළු හීනැටි හාල් යොදා ගනී.

අලුත්ම ප්‍රශ්නය වී තිබෙනුයේ කොළ කැඳ හෝ කැඳ වර්ග වල ජල ප්‍රතිශතය වැඩි නිසා මන්දපෝෂණය ඇති දරුවන් හට ඒවා නුසුදුසු බවය. ඒවායින් පෝෂණය හෝ ශක්තිය නොලැබෙන බවය. කොළ කැඳ වල ප්‍රධාන සංඝටක 4 ක් තිබේ. ඒවා නම් කොළ ඉස්ම, පොල්කිරි, සහල් සහ කුළුබඩු (ඉඟුරු, සුදුළූණු) යන ඒවාය. මෙය බැලු බැල්මට ප්‍රධාන පෝෂණ සංඝටක සහ අනෙකුත් පෝෂක සහිත ආහාරයකි. එහෙත් මෙය ප්‍රෝටීන ඌනතාවය සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. එසේ වුවත් මේ සඳහා මුං, කඩල, කව්පි, උඳු වැනි රනිල ඇට වර්ග වල පිටි එකතු කළ හැකිය. විශේෂයෙන්ම ඒවා දිරවීමට පහසු පරිදි රැයක් දියේ පොඟවා ඇට වශයෙන් ද එකතු කරගැනීම සුදුසුය. එහෙත් කොළ කැඳ යනු අතිරේක ආහාරයක් ලෙස මන්දපෝෂණය ඇති දරුවන්ට දීම වරදක් නොවේ. ඒ සඳහා කොක්මොට වැනි කොළ වර්ග තෝරා ගැනීම ද සුදුසුය. මුරුංගා වල පෝෂක අගය ගැන සලකා බලන විට එය ඉතාම වටිනා පෝෂකයකි.

පසුගිය වර්ෂයේ පළ වූ Moringa Oleifera in Malnutrition: A Comprehensive Review යන පත්‍රිකාව මුරුංගා කොළ මන්දපෝෂණය සඳහා යොදා ගත හැකි ඉතා වටිනා පෝෂණ ප්‍රභවයක් ලෙස පෙන්වා දී තිබේ (Curr Drug Discov Technol. 2021;18(2):235-243). ඒ වසරේ දීම පළ වූ Nutritional significance and therapeutic potential of Moringa oleifera: The wonder plantයන පත්‍රිකාව අනුව මුරුංගා කොළ මන්දපෝෂණයට එරෙහිව යොදා ගත හැකි බහුපෝෂක ප්‍රභවයකි (J Food Biochem . 2021 Oct;45(10):e13933). මුරුංගා පෝෂක ප්‍රභවයක් ලෙස ඉතා පහසුවෙන් යොදා ගැනීමට හැකියාව ඇති බව Moringa oleifera is a Prominent Source of Nutrients with Potential Health Benefits යන සමාලෝචනය අනුව පෙනේ (Int J Food Sci . 2021 Aug 10;2021:6627265). මුරුංගා මෙන්ම අනෙකුත් කොළ වර්ග සම්බන්ධයෙන් ද මෙවැනි පර්යේෂණ වාර්තා එමටය. එහෙත් ඒවා නොකියවා කොළ කැඳ ගැන අදහස් පළ කිරීම වෘත්තීය සදාචාරයට පටහැනි නොහොබිනා ක්‍රියාවකි. අඩු වශයෙන් කොළ කැඳක් සකසන ආකාරය ගැන මූලික දැනුම හෝ නොමැතිව එය වතුර විතරක් ඇති ආහාරයක් ලෙස සලකා මත පළ කිරීම දියාරු වැඩකි.

කැඳ සැකසීමේ ප්‍රධාන සංඝටකය සහල් වුවත් ඒ සමඟ වෙනත් ධාන්‍ය වර්ග, අල වර්ග, කොළ වර්ග හෝ ගෙඩි වර්ග ද යොදා ගැනීමට හැකියාවක් තිබේ. අපේ රටේ පොල් කිරි යනු කැඳ වර්ග වලදී යොදා ගත හැකි ඉතා වටිනා පෝෂණීය සංඝටකයක් වේ. අප්‍රිකානු රටවල කෘමීන් හා පණුවන් යොදා ගෙන කැඳ වර්ග සකසයි. ඒ ඔවුන්ගේ ආහාර සංස්කෘතියට අනුව සිදු කරන්නකි. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් ළමා මන්දපෝෂණය සඳහා කැඳ වල තිබෙන උපයෝගීතාව සහ විභවතාව අධ්‍යයනය කරමින් සිටියි. බොහෝ සම්ප්‍රදායික ආහාර සංස්කෘතීන් ඇති රටවල පෝෂණ ගැටළු තිබෙන ළමයින්ට කැඳ දීමේ සිරිත පවතී. ආහාර අහේනිය ඇති කාලයේ දී කැඳ යනු ඉතා පහසුවෙන් සකස් කළ හැකි වටිනා ආහාරයකි. 2016 දී ලයිබීරියානු පෝෂණ ව්‍යාපෘතියක් නිකුත් කළ The Power of Porridge: Fighting Malnutrition With Local Ingredients වාර්තාවේ එක් සොයාගැනීමක් පහත දැක්වේ.

“An analysis of the porridge has shown that it is highly nutritious. A half cup of the ‘plantain and peanut’ variety of porridge, for example, provides between 82% and 225% of average daily complimentary calories (depending on the child’s age between 6-23 months), well over 100% of average daily protein needs, and 21% of average daily fat needs for children under two years of age. In terms of micronutrients, again depending on the age of the child, a half cup of the porridge provides between 64% and 73% of vitamin A needs, and between 12% and 19% of daily iron needs”.

උගන්ඩාවේ මන්දපෝෂණය සහිත ළමයින් හට කැඳ වර්ගයක් නවීන ආකාරයෙන් සකසා දීම ශක්තිවර්ධිත කිරීම (fortification) හරහා ලබා ගත් සාර්ථක ප්‍රතිඵල Effect of a novel supplementary porridge on the nutritional status of infants and young children diagnosed with moderate acute malnutrition in Uganda: a cluster randomised control trial යන වාර්තාවේ දක්වා තිබේ (J Hum Nutr Diet. 2019 Jun;32(3):295-302). උගන්ඩාවේ සිදු කළ මෙම අධ්‍යයනය අනුව නව නිෂ්පාදනයක් ද අත්හදා බලා තිබේ (Formulation, Sensory Attributes and Nutrient Content of a Malted Sorghum-based Porridge: Potential for the Management of Moderate Acute Malnutrition among Infants and Young Children. Curr. Nutri. Food Sci. 2021; 17(5): 483-9). එහිදී ශක්තිවර්ධිත ක්‍රියාවලියසඳහා සම්ප්‍රදායික සංඝටක යොදා ගත හැකිය.

ප්‍රෝටීන් ඌණතාව කෙසේ වෙතත් ප්‍රධාන පෝෂණ ගැටලුවක් වන A විටමින් ඌනතාව සඳහා කොළ කැඳ වල සාර්ථක උපයෝගීතාව ගැන සොයා බලන්නට හෝ ඉස්පාසුවක් නැති බටහිර ගැති මානසිකත්වය ගැන ඇත්තේ කළකිරීමකි. බීටා කැරොටීන් වලින් අනූන කොළ වර්ග වලින් ඉතා පහසුවෙන් පොල්කිරි වැනි තෛල මාධ්‍යයක් හරහා A විටමින සංශ්ලේෂණය සිදුවන බව ඔප්පු කළ හැකිව තිබියදී තවමත් දුවන්නේ බහුජාතික සමාගම් වල විටමින් අතිරේක සොයාගෙනය. කැරොටීන් බහුලව තිබෙන්නේ කැරට් වල පමණක් යැයි සිතා සිටින සමහර දොස්තර මහතුන් වට්ටක්කා සුප් බොන්නේ තරු පහේ හෝටල් වලදී පමණි. වට්ටක්කා කැඳ හෝ අපේ දේශීය අල වර්ග වලින් සකසන කැඳ වල පෝෂණ ගුණය නොදැන සිටීමට වඩා ඒවා නොඉවසන උඩඟුකමක් ඔවුන් තුළ තිබේ. එහෙත් වෙනත් රටවල් වල විද්වතුන් සිය දේශීය සම්පත් යොදා ගෙන නව නිපැයුම් සිදු කරයි.

කොළ කැඳ සැකසීමේදී අනිවාර්යෙන්ම සුදුළූණු සහ ඉඟුරු එකතු කිරීම සිදු කරයි. ඒ මගින් අග්නිය වර්ධනය වීමත් ඉතා හොඳින් අවශ්‍ය පෝෂණ සංඝටක සිරුරට උරා ගැනීමත් වැඩි දියුණු කරයි. එනිසා මන්දපෝෂණය සහිත දරුවන්ට කොළ කැඳ ලබා දීමේදී ඔවුන් ගේ ආහාර දිරවීමේ හැකියාව මෙන්ම රුචිය ද වර්ධනය වේ. එහි අන්තර්ගත ජලය හුදු ජලය පමණක් නොව යම් ආකාරයක පෝෂණ සංඝටක දියවු ශක්තිකෘත තරලයක් බව අමතක නොකළ යුතුය. සාමාන්‍ය දැනුම තිබෙන ඕනෑම ගැමි මවක් මේ කාරණය ගැන දැනුවත්ය. ඒ සඳහා අමුතු විද්‍යාවක් ඉගෙන ගැනීමට අවශ්‍ය නොවේ. පිටරටින් එන කෘත්‍යාත්මක ආහාර (functional foods) හෝ පෝෂකෞෂධ (nutriceuticals) වලට වැය කරන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අපේ සාම්ප්‍රදායික ආහාර ගැන සමාජය දැනුවත් කිරීම සෑම වෛද්‍යවරයෙකු ගේම වගකීම සහ යුතුකම විය යුතුය. එසේ නොමැති නම් අපේ කොළ කැඳ වල පෝෂණ අගය ගැන පර්යේෂණ සිදු කොට ඒවා ප්‍රසිද්ධ කළ යුතුය. ඒවා වඩා හොඳින් භාවිතයට ගත හැකි ආකාරයෙන් වැඩි දියුණු කළ යුතුය.

ඒ අනුව අපේ රටේ බටහිර වෛද්‍යවරුන් මෙන්ම පෝෂණවේදීන් කළ යුත්තේ කැඳ වලට දෙස් දෙවොල් තබමින් ඩොලර් කීයක් හෝ වැයවන මිළ අධික ආහාර අතිරේක නිර්දේශ කරනවාට වඩා පහසුවෙන් සකසා ගත හැකි දේශීය ආහාර වල ගුණාත්මකභාවය දියුණු කිරීමට අවශ්‍ය සහය ලබා දීමය. එසේ නොවුවහොත් ඊළඟ නිමේෂයේ දී බහුජාතික සමාගම් වලින් නිපදවූ පිටි කැඳ (powdered porrigde) පැකට් පිටරටින් ගෙන්වීමට සිදුවේ. දැනටමත් නෙස්ලේ සමාගම ඒ සඳහා සූදානම් වෙමින් තිබේ. Nestlé tackles malnutrition with sorghum-based porridge using valorized ingredients යනු 2022 වර්ෂයේ ඔවුන්ගේ ව්‍යාපෘතිය වේ. ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන කරුණු අනුව ධාන්‍ය වර්ග වලින් කැඳ පිස ආහාරයට ගැනීම මන්දපෝෂණය සඳහා ඉතාම යෝග්‍ය විසඳුමකි. අපේ රටේ තිබෙන තණහාල්, මෙනේරි, කිතුල්පිටි වැනි දේ වලින් ඉතා වටිනා නව නිපැයුම් සිදු කළ හැකිව තිබියදී කොළ කැඳ වල ඇද හොයමින් සිටින විද්‍යාඥයින් රටට සාපයකි.

Copied
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

පිළිකාව සහ මඤ්ඤොක්කා.. එක් ජීවිතයක් හරි බේරගන්න මෙම ලිපිය වැදගත් වන බව නිසැකය..මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිත...
01/10/2022

පිළිකාව සහ මඤ්ඤොක්කා.. එක් ජීවිතයක් හරි බේරගන්න මෙම ලිපිය වැදගත් වන බව නිසැකය..

මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු විසින් තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබූ පිළිකා රෝගී තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප්‍රතිචාරයක් ලෙසටය.

පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව වැනි උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට උත්සහ කිරීම බුද්ධිමත් නොවනු ඇත.
එසේ වූවද පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොසලකා හැර, විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් පි ළිකා වැළැක්වීමටත්, ප්‍රතිකාර වලින් ලැඛෙන සුවය ප්‍රගුණ කිරීමටත්, එකීස්වභාවික ශක්තීන් ප්‍රයෝජනයට ගත හැකිය.

මඤඤොක්කා අල ප්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක් පිළිබඳවයි මේ.
පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මහතා විසින් බොහොම කාලකට ඉහතදී මඤ්ඤොක්කා අල ප්‍රතිකාරයෙන් උග්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙනවා. මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රම පහත දක්වේ.

අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් සොයා ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරගන්න.
දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් පිරිසිදු ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වන ආකාරය දැකගත හැකිය.
ඉහළින් තිබෙන ජලය වැනි අවර්ණ දියර කොටස ප්‍රවේශමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසයක් ගනී) ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතු බවට මතක තබා ගන්න.

මෙසේ ක්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (ඔබ මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)
පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න වග බලාගන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 8 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 7 හමාරක් විය යුතුය.)

මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.එය නිසි ආකාරයෙන් සිදු කරන්න.
මෙම ද්‍රවණයේ රසය, ප්‍රසන්න කර ගැනීම වෙනුවට දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.එවිට ඔබට අප්පිරියාවක් නොදැනෙනු ඇත.

මෙම ප්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි කර තිබෙනවා. වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර තිබෙනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබිණා.ළමුන් සඳහා භාවිත කිරීමේදී ප්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීම වනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිඛෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද සුදුසු විමයි.
පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව මෙන්න

මඤ්ඤොක්කා අල සහ ඇප්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන හේතුව නිසා සහ එය සාමාන්‍ය නිරෝගී සෛල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසෙනවා.
පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක් මෙන්න.

මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 100 ක් පමණ තිඛෙන බවත් සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය දෙළුම් කරවිල ඇට සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කර තිබෙනවා.
Copied නේරංජනා කස්තුරිආරච්චි ❤

14/09/2022

සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ වෛද්‍ය අංක
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

1. රුධිර පීඩනය: 120/80
2. ස්පන්දනය: 70 - 100
3. උෂ්ණත්වය: 36.8 - 37
4. ශ්වසනය: 12-16
5. හිමොග්ලොබින්: පිරිමි (13.50-18)
ගැහැණු (11.50 - 16)
6. කොලෙස්ටරෝල්: 130 - 200
7. පොටෑසියම්: 3.50 - 5
8. සෝඩියම්: 135 - 145
9. ට්‍රයිග්ලිසරයිඩ: 220
10. ශරීරයේ ඇති රුධිර ප්‍රමාණය:
Pcv 30-40%
11. සීනි: ළමුන් සඳහා (70-130)
වැඩිහිටියන්: 70 - 115
12. යකඩ: 8-15 mg
13. සුදු රුධිරාණු: 4000 - 11000
14. පට්ටිකා: 150,000 - 400,000
15. රතු රුධිර සෛල: මිලියන 4.50 - 6..
16. කැල්සියම්: 8.6 - 10.3 mg/dL
17. විටමින් D3: 20 - 50 ng/ml (මිලිලීටරයකට නැනෝග්‍රෑම්)
18. විටමින් B12: 200 - 900 pg/ml

*ඉක්ම ගිය අය සඳහා උපදෙස්:*
*අවුරුදු 40*
*50*
*60*

*පළමු ඉඟිය:*
ඔබට පිපාසය දැනෙන්නේ නැතත්, අවශ්‍ය වූවත් සෑම විටම ජලය පානය කරන්න... ලොකුම සෞඛ්‍ය ගැටලු සහ ඒවායින් බොහොමයක් ශරීරයේ ජලය නොමැතිකමයි. දිනකට අවම වශයෙන් ලීටර් 2 (පැය 24)

*දෙවන ඉඟිය:*
ඔබ ඔබේ අභිලාෂයේ ඉහළින්ම සිටින විට පවා ක්‍රීඩා කරන්න... ඇවිදීමෙන් හෝ පිහිනීමෙන් හෝ ඕනෑම ආකාරයක ක්‍රීඩාවකින් පමණක් වුවද ශරීරය චලනය කළ යුතුය. ඇවිදීම ආරම්භයකට හොඳයි...

*තුන්වන ඉඟිය:*
කෑම අඩු කරන්න...

අධික ආහාර තෘෂ්ණාව අත්හරින්න... මන්ද එය කිසිදා යහපතක් ගෙන නොදෙන බැවිනි. ඔබම අහිමි නොකරන්න, නමුත් ප්රමාණ අඩු කරන්න. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මත පදනම් වූ ආහාර වැඩිපුර භාවිතා කරන්න.

*හතරවන ඉඟිය*
හැකිතාක් දුරට, අත්‍යවශ්‍ය නම් මිස මෝටර් රථය භාවිතා නොකරන්න... ඔබට අවශ්‍ය දේ ( සිල්ලර බඩු, යමෙකු බැලීමට...) හෝ ඕනෑම ඉලක්කයක් සඳහා ඔබේ පාදවලට ළඟා වීමට උත්සාහ කරන්න. සෝපානය, එස්කැලේටරය භාවිතා කිරීමට වඩා පඩිපෙළ නගින්න

*පස්වන ඉඟිය*
තරහව අතහරින්න...
තරහව අතහරින්න...
තරහව අතහරින්න...
කනස්සල්ල අත්හරින්න ... දේවල් නොසලකා හැරීමට උත්සාහ කරන්න ...

බාධාකාරී අවස්ථාවන්ට ඔබ සම්බන්ධ නොවන්න ... ඒවා සියල්ලම සෞඛ්යය හීන කර ආත්මයේ තේජස නැති කරයි. ඔබට පහසු යැයි හැඟෙන ළදරුවෙකු තෝරන්න. ධනාත්මක අය සමඟ කතා කරන්න සහ සවන් දෙන්න

*හයවන ඉඟිය*
කියන පරිදි..ඔබේ මුදල් හිරු එළියේ තබා.. සෙවණේ හිඳගන්න.. තමන් සහ ඔබ අවට සිටින අය සීමා නොකරන්න... මුදල් උපයා ගත්තේ ජීවත් වීමට මිස ඒ වෙනුවෙන් ජීවත් වීමට නොවේ.

*හත්වන ඉඟිය*
ඔබ කිසිවකු ගැන හෝ ඔබට අත් කරගත නොහැකි වූ දෙයක් ගැන අනුකම්පා නොකරන්න,
ඔබට අයිති කර ගැනීමට නොහැකි වූ කිසිවක් නැත.
එය නොසලකා හරින්න, එය අමතක කරන්න;

*අටවන ඉඟිය*
නිහතමානීකම.. එතකොට නිහතමානීකම.. මුදලට, කීර්තියට, බලයට, බලපෑමට... ඒ හැමදෙයක්ම උඩඟුකම, අහංකාරකම නිසා දූෂිත වූ දේවල්.
නිහතමානිකම මිනිසුන් ඔබට ආදරයෙන් සමීප කරයි.

*නවවැනි ඉඟිය*
ඔබේ හිසකෙස් අළු පැහැයට හැරේ නම්, මෙයින් අදහස් කරන්නේ ජීවිතයේ අවසානය නොවේ. වඩා හොඳ ජීවිතයක් ආරම්භ වී ඇති බවට එය සාක්ෂියකි. ශුභවාදී වන්න, මතක තබා ගනිමින් ජීවත් වන්න, සංචාරය කරන්න, විනෝද වන්න. මතකයන් ඇති කරන්න!

*ඔබ එය බෙදා ගන්නා විට එය යමෙකුට ප්‍රයෝජනවත් විය හැක*

මගේ වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය ඉඟි
******************
ඔබ කෙතරම් කාර්යබහුල වුවත් නිරෝගීව සිටීමට මේ සියල්ල නිරීක්ෂණය කරන්න:
:::::::::::::::::::::::::::::::::::
තේ වල කිරි අඩුවෙන් බොන්න. ඒ වෙනුවට ලෙමන් හෝ දෙහි යුෂ එකතු කරන්න.
~~~~~~~~~~~~~~~
දිවා කාලයේදී වැඩිපුර ජලය පානය කරන්න; නමුත් රාත්‍රී කාලය අඩුවෙන් බොන්න.
~~~~~~~~~~~~~~~
දිවා කාලයේදී කෝපි කෝප්ප 2 කට වඩා බොන්න එපා, සම්පූර්ණයෙන්ම නතර කිරීමද සුදුසුය.
~~~~~~~~~~~~~~~
තෙල් සහිත ආහාර අඩුවෙන් අනුභව කරන්න.
~~~~~~~~~~~~~~~
නිදා ගැනීමට හොඳම කාලය රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා වේ.
~~~~~~~~~~~~~~~
සවස් වරුවේ, සවස 5 හෝ 6 න් පසු ටිකක් හෝ කිසිවක් කන්න.
~~~~~~~~~~~~~
සීතල වතුරෙන් නොව උණුසුම් ජලයෙන් බෙහෙත් නොගන්න, නින්දට පැය භාගයකට පෙර ඔබේ ඖෂධ ගන්න. කිසිවිටෙක ඖෂධ පානය කර වහාම වැතිරෙන්න එපා
~~~~~~~~~~~~~~~
ඔබ තව දුරටත් වයසට යන විට, සිසිල් ජලය පානය කිරීම නවත්වන්න, නමුත් කාමර උෂ්ණත්වයේ දී ජලය පමණක් පානය කරන්න
~~~~~~~~~~~~~~~
දිනකට අවම වශයෙන් පැය 8 ක්වත් නිදා ගැනීමට උත්සාහ කරන්න.
~~~~~~~~~~~~~~~
දහවල් සිට සවස 3 දක්වා පැය එකහමාරක් නිදා ගැනීම, ආතතිය දුරු කිරීමට සහ තරුණ හා පහසුවෙන් වයසට නොයෑමට.
~~~~~~~~~~~~~~~
ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය එක තීරුවක් පමණක් ඉතිරි වූ පසු, තවදුරටත් ඇමතුම් ලබා නොගන්න, මන්ද භයානක විකිරණ සහ තරංග සම්පූර්ණයෙන්ම ආරෝපණය වූ බැටරියකට වඩා කිහිප ගුණයකින් වැඩි ය.
~~~~~~~~~~~~~~~
ඇමතුම් වලට පිළිතුරු දීමට ඔබේ වම් කන භාවිතා කරන්න, දකුණු කන ඔබේ මොළයට කෙලින්ම හානි කරයි. ඇමතුම්වලට පිළිතුරු දීමට ඉයර්ෆෝන් භාවිතා කිරීම වඩා හොඳය.
~~~~~~~~~~~~~~~
ඔබට හැකි සෑම විටම පරීක්ෂා කිරීමට කරුණු දෙකක්:
(1) ඔබේ රුධිර පීඩනය
(2) ඔබේ රුධිර සීනි.
~~~~~~~~~~~~~~~
ඔබේ ආහාර අවම වශයෙන් අඩු කළ යුතු කරුණු හයක්:
(1) ලුණු
(2) සීනි
(3) කල් තබා ගන්නා ලද මස් සහ ආහාර
(4) විශේෂයෙන් බැදපු රතු මස්
(5) කිරි නිෂ්පාදන
(6) පිෂ්ඨමය නිෂ්පාදන
~~~~~~~~~~~~~~~
ඔබේ ආහාරවල වැඩි කළ යුතු කරුණු හතරක්:
(1) හරිතයන්/එළවළු
(2) බෝංචි
(3) පළතුරු
(4) ඇට වර්ග
~~~~~~~~~~~~~~~
ඔබ අමතක කළ යුතු කරුණු තුනක්:
(1) ඔබේ වයස
(2) ඔබේ අතීතය
(3) ඔබේ කනස්සල්ල / දුක්ගැනවිලි
~~~~~~~~~~~~~~~
ඔබ කෙතරම් දුර්වල වුවත් ශක්තිමත් වුවත් ඔබට තිබිය යුතු කරුණු හතරක්:
(1) ඔබට සැබවින්ම ආදරය කරන මිතුරන්
(2) සැලකිලිමත් පවුල
(3) ධනාත්මක සිතුවිලි
(4) උණුසුම් නිවසක්.
~~~~~~~~~~~~~~~
නිරෝගීව සිටීමට ඔබ කළ යුතු කරුණු හයක්:
(1) ගායනය
(2) නැටුම්
(3) නිරාහාරව සිටීම
(4) සිනහව/සිනාසෙයි
(5) ට්‍රෙක්/ව්‍යායාම
(6) ඔබේ බර අඩු කරන්න.
~~~~~~~~~~~~~~~
ඔබ කළ යුතු නැති දේවල් හයක්:
(1) ඔබ කෑමට බඩගිනි වන තුරු බලා නොසිටින්න
(2) ඔබට බීමට පිපාසය ඇති වන තෙක් බලා නොසිටින්න
(3) ඔබ නිදා ගැනීමට නිදිමත වන තෙක් බලා නොසිටින්න
(4) ඔබට විවේක ගැනීමට වෙහෙස දැනෙන තෙක් බලා නොසිටින්න
(5) වෛද්‍ය පරීක්ෂණ සඳහා යාමට ඔබ අසනීප වන තෙක් බලා නොසිටින්න, එසේ නොමැතිනම් ඔබට ජීවිතයේ පසුතැවිලි වනු ඇත.
(6) ඔබ ඔබේ දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමට පෙර ඔබට ගැටලුවක් ඇති වන තෙක් බලා නොසිටින්න.
~~~~~~~~~~~~~~~
මෙම සෞඛ්‍ය උපදෙස් කියවීමෙන් පසු ඔබ කළ යුතු එක් දෙයක්:
(1) මෙය ඔබගේ ආදරණීයයන් සහ මිතුරන් වෙත යොමු කරන්න, ඔබ එසේ කරන විට, දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි.
=================
ඔබේ සාමාන්‍ය ව්‍යාපාරය කරගෙන යන අතරතුර, ඔබ කෙතරම් යෝග්‍ය දැයි දැන ගැනීමට අපගේ ශරීරය නිතරම පරීක්ෂා කර බැලීමට මතක තබා ගනිමු. සෞඛ්ය ධනය වේ.

වෛද්‍ය යෝග්‍යතා

අධි රුධිර පීඩනය
----------
120/80 -- සාමාන්ය
130/85 --සාමාන්‍ය (පාලනය)
140/90 -- ඉහළ
150/95 -- V.High
----------------------------

ස්පන්දනය
----------
විනාඩියකට 72 (සම්මත)
60 --- 80 ප.ව. (සාමාන්‍ය)
40 -- 180 p.m.(අසාමාන්‍ය)
----------------------------

උෂ්ණත්වය
-------------------
98.4 F (සාමාන්‍ය)
99.0 F ඉහල (උණ)

කරුණාකර ඔබගේ නෑදෑ හිතමිතුරන්ට මෙම තොරතුරු බෙදා හදා උදව් කරන්න....

හෘදයාබාධ---
උණුසුම් ජලය පානය:

මෙය ඉතා හොඳ ලිපියකි. ඔබේ ආහාර ගැනීමෙන් පසු උණුසුම් ජලය ගැන පමණක් නොව, හෘදයාබාධ ගැන. චීන සහ ජපන් ජාතිකයින් ඔවුන්ගේ ආහාර සමඟ උණුසුම් තේ පානය කරයි, සීතල වතුර නොවේ, සමහර විට අපි ආහාර ගන්නා අතරතුර ඔවුන්ගේ බීම පුරුද්දට හුරු වීමට කාලයයි. සීතල වතුර බොන්න කැමති අය සඳහා, මෙම ලිපිය ඔබට අදාළ වේ. ආහාර වේලකදී සිසිල් බීම/ජලය පානය කිරීම ඉතාම හානිකරයි. මක්නිසාද යත්, ඔබ විසින් පරිභෝජනය කරන ලද තෙල් සහිත ද්‍රව්‍ය සිසිල් ජලය මගින් ඝන කරනු ඇත. එය ආහාර දිරවීම මන්දගාමී කරනු ඇත. මෙම 'මඩ' අම්ලය සමඟ ප්‍රතික්‍රියා කළ පසු, එය බිඳී ගොස් ඝන ආහාරවලට වඩා වේගයෙන් අන්ත්‍රය මගින් අවශෝෂණය වේ. එය අන්ත්රය පෙලගැසෙනු ඇත. ඉතා ඉක්මනින්, මෙය මේදය බවට පත් වී පිළිකා ඇති කරයි. ආහාර ගැනීමෙන් පසු උණුසුම් සුප් හෝ උණුසුම් ජලය පානය කිරීම වඩාත් සුදුසුය.

ප්‍රංශ ෆ්‍රයිස් සහ බර්ගර් හෘද සෞඛ්‍යයේ ලොකුම සතුරා වේ. ඊට පසු කෝක් එකක් වැඩි බලයක් ලබා දෙයි
මෙම යක්ෂයා.
ඔබේ හදවත සහ සෞඛ්‍යය සඳහා ඒවායින් වළකින්න.

හෘදයාබාධ හෝ ආඝාත වළක්වා ගැනීම සඳහා රාත්‍රියේදී රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීම සඳහා ඔබ නින්දට යාමට සූදානම් වන විට උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්න.

හෘද රෝග විශේෂඥයෙක් පවසන්නේ මෙම පණිවිඩය කියවන සෑම කෙනෙකුම එය පුද්ගලයන් 10 දෙනෙකුට යවන්නේ නම්, අපි අවම වශයෙන් එක් ජීවිතයක්වත් බේරා ගන්නා බව ඔබට සහතික විය හැකිය.

එබැවින්, කරුණාකර සැබෑ මිතුරෙකු වී ඔබ සැලකිලිමත් වන පුද්ගලයින්ට මෙම ලිපිය යවන්න.

(Copied-)

💕💕💕💕💕💕💕💕💕

ආයුර්වේදයට ගැරහීමට පෙර ආයුර්වේද ගැන සොයා බලන්න❤️❤️
05/09/2022

ආයුර්වේදයට ගැරහීමට පෙර ආයුර්වේද ගැන සොයා බලන්න❤️❤️

කුප්පමේනියා ආහාරයට ගැනීම මාරාන්තික ද? +++++++++කුප්පමේනියා අන්තර්ගත දේශීය ඖෂධ විෂ වෙනවාද? ============පසුගිය දිනෙක කුප්ප...
21/08/2022

කුප්පමේනියා ආහාරයට ගැනීම මාරාන්තික ද?
+++++++++

කුප්පමේනියා අන්තර්ගත දේශීය ඖෂධ විෂ වෙනවාද?
============

පසුගිය දිනෙක කුප්පමේනියා කොළ ආහාරයට ගැනීම නිසා මූත්‍ර සමඟ රුධිරය පිටවීම හේතුවෙන් අසාධ්‍යව රෝහල් ගත කළ දරුවෙකු ගැන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යයේ පළවිය. එම ලිපිය බැලූ බැල්මට පෙනී යන්නේ කුප්පමේනියා විෂ විය හැකි බැවින් එය ආහාරයට ගැනීම අවදානම් සහිත බවත්ය. එය එක්තරා ආකාරයකින් ව්‍යංගාර්ථයෙන් දේශීය ඖෂධ කෙරෙහි ජනතාව තුළ අනියම් බියක් ජනිත කරවීමේ උත්සහයක් දැයි සැකයක් ද ඇතිවේ. කුප්පමේනියා යනු අපේ රටේ සාමාන්‍ය ජනතාව පලා වර්ගයක් ලෙස ආහාරයට ගන්නා ඉතා බහුල ශාකයකි. එසේම කුප්පමේනියා බොහෝ දේශීය ඖෂධ වල සංඝටකයක් වන අතර ගුලි වර්ග ඇඹරීමේ දී යොදා ගන්නා මාත්තුවක් ලෙස ද භාවිතා වේ. වෙදකමේ දී වඩාත් බහුලව කුප්පමේනියා දළු අනුපාන වල ප්‍රධාන සංඝටකයකි. ඒ අනුව කුප්පමේනියා ශරීර ගත වීම ඉතා අවදානම් සහිත බවට සමාජ මතයක් ගොඩනැගීමට එක්තරා කණ්ඩායමක් ක්‍රියාකරමින් සිටියි. ඒ හරහා දේශීය ඖෂධ ආරක්ෂා සහිත නොවන බවට යම් බියක් සමාජයේ ඇති කිරීමට ඔවුන් උත්සහ කරන බව පැහැදිලිය.

මේ සිද්ධියට අදාළ කුඩා දරුවාගේ වයස අවුරුදු 3 ක් වන අතර ඔහුගේ මුත්‍රා තද රතු පැහැයෙන් යුක්ත වීම නිසා ඔහුට මුත්‍රා සමඟ රුධිරය පිට වන බව වෛද්‍යවරුන් නිගමනය කොට තිබේ. මේ සංසිද්ධිය painless haematurea හෙවත් macroscopic haematurea ලෙස වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වයි. කුමන හෝ හේතුවකින් මූත්‍රා සමඟ රුධිරය මිශ්‍ර වන්නේ මුත්‍ර පද්ධතිය ඇසුරු කළ රුධිර වහනයක් සිදුවන විටය. මේ දරුවා කුප්ම්මේනියා කොළ මැල්ලුමක් ආහාරයට ගෙන තිබූ හෙයින් වෛද්‍යවරුන් එහි සම්බන්ධය අනුමාන කර තිබෙනුයේ මේ දරුවාට ඉතාමත් කළාතුරකින් ඇතිවන G6PD Deficiency නම් රෝගය තත්වය තිබෙන බවය. G6PD යනු glucose-6-phosphate dehydrogenase නම් එන්සයිමයට යෙදෙන කෙටි නාමය වේ. මෙහිදී සිදුවන්නේ රුධිරයේ ඇති රතුරුධිරාණු සෛල බිදීයාමෙන් වළක්වා ගැනීමට ඇති එන්සයිමයක් වන G6PD එන්සයිමය උපතින්ම නොමැති වීමයි. යම් හේතුවක් නිසා රතුරුධිරාණු විනාශ කල හැකි ද්‍රව්‍යයක් ශරීරගත වුවොත් ඔවුන්ගේ රුධිර සෛල බිදීයාම වේගවත් වී වකුගඩු තුළින් බිදීගිය රක්තාණු ඉවත්වී මුත්‍රා සමග පිටවීම නිසා මුත්‍රා රතු පැහැයට පත්වේ.

මෙම රෝගය මුලින්ම හඳුනාගනු ලැබුයේ 1956 දී මැලේරියා රෝගයට ලබාදෙන primaquine නම් ක්විනීන් ඖෂධයේ බලපෑමෙන් සිදු වූ උපද්‍රව නිසාය. ඒ අනුව මෙවැනි රෝගීන් හට ක්විනීන්, ඇස්ප්‍රින් වැනි සමහර බටහිර ඖෂධ නිසාද මේ ආකාරයෙන් අසාධ්‍ය තත්වයකට මුහුණ දීමට සිදුවේ. එහෙත් එම නිසා එම ඖෂධ අනෙකුත් රෝගීන් හට නොදී සිටින්නේ නැත. විශේෂයෙන්ම මැලේරියාව බහුල වියළි කලාපයේ මෙවැනි රෝගීන් හඳුනාගෙන ඔවුන් හට නොගත යුතු ඖෂධ සහ ආහාර ගැන දැනුවත් කිරීම් සිදු කරයි. කුප්පමේනියා ඒ අතුරින් ප්‍රධානය. මෙම රෝග තත්වය favsim නමින් ද හඳුන්වයි. ඊට හේතුව මේ රෝගය වඩාත් ප්‍රචලිතව මධ්‍යධරණී රටවල වාර්තා වූයේ fava bean නම් පළල බෝංචි විශේෂයක් ආහාරයට ගැනීමෙන්ය. මෙම රෝගය ජානමය දුර්වලතාවක් මිස විෂවීමක් හෝ අසාත්මිකතාවක් නොවන බව වෛද්‍ය විද්‍යාව තහවුරු කොට තිබේ. මෙහි විශේෂත්වය වන්නේ එහි ජානමය ප්‍රවේණිය පිරිමින්ට වැඩිවශයෙන් ඇතිවීමයි. මේ රෝගයට ගොදුරු වූ පුද්ගලයින් මිලියන 400 ක් පමණ ලොව පුරා වෙසෙන බව ඇස්තමේන්තු කොට තිබේ. 2015 දී මේ නිසා මිය ගිය සංඛ්‍යාව 33,000 කි.

ලංකාවේ කුප්පමේනියා නිසා මෙවැනි සිදුවීම් වෛද්‍යමය වශයෙන් වාර්තා කොට තිබේ. 1994 දී Acalypha indica induced haemolysis in G6PD deficiency යනුවෙන් පළ වූ වාර්තාව (Ceylon Med J 1994 Mar;39(1):46-7.) කුප්පමේනියා කොළ කැඳ ලෙස ආහාරයට ගත් පුද්ගලයෙක් සම්බන්ධයෙන් වේ. එහි ද ආයුර්වේද ඖෂධ වලට පහර එල්ල කිරීමක් සිදු කොට තිබිණ. It is a common belief that ayurvedic medicines are free of side effects. Our report confirms again the fallacy of this belief. මෙම සිදුවීම පදනම් කොට මෙවැනි නිගමනයකට එළඹීමේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැත. 1996 දී පළවූ Acute intravascular haemolysis in glucose-6-phosphate dehydrogenase deficient patients following ingestion of herbal broth containing Acalypha indica යන වාර්තාවේ ද කුප්පමේනියා කොළ කැඳ ආහාරයට ගැනීමෙන් ඇති වූ රක්තපාත තත්වයක් පෙන්වා දෙයි (Trop Doct. 1996 Jan;26(1):32). එහෙත් සමාජයේ අත්දැකීම් අනුව කුප්පමේනියා කොළ කැඳ ආහාරයට ගැනීමේදී සියලු දෙනාට එවැනි තත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව අපි දනිමු.

2018 වර්ෂයේ දී පළ වූ A vegetable-induced hemolytic crisis in a G6PD deficient person: a case report අනුව කුප්පමේනියා ආහාරයට ගත් මැදිවියේ පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් රුධිර පාරවිලයනට ද බඳුන් කොට තිබේ (BMC Res Notes. 2018 Mar 14;11(1):179). 2020 වර්ෂයේ දී Clinical Characteristics of Acalypha indica Poisoning යන මාතෘකාවෙන් පළ වූ වාර්තාවක කුප්පමේනියා විෂ වීම යන යෙදුම පවා විද්‍යාත්මකව සාවද්‍ය වේ. කුප්පමේනියා පත්‍ර වල අඩංගු quinine, 2-methyl anthraquinone සහ tectoquinone යන සංඝටක මෙම තත්වයට හේතු වන බව අනුමාන කෙරේ (Int J Gen Med. 2020 Aug 25;13:539-545). මේ වර්ෂයේ මාර්තු මාසයේ දී පළ වූ Acalypha indica - induced transient glucose-6-phosphate dehydrogenase deficiency with acute haemolysis නම් පත්‍රිකාවේ කුප්පමේනියා කොළ තම්බා පානය කළ මැදිවියේ පුද්ගලයෙකු ඉන් සතියකට පසු රෝග ලක්ෂණ ඇතිවී රෝහල් ගත කළ සිදුවීමක් ඉදිරිපත් කොට තිබේ. ඔහුගේ තත්වය සාමාන්‍ය වීමට මාස හතරක් පමණ ගත වී ඇතත් ජානමය හේතුවකින් තොරව ඔහුගේ එන්සයිමය අඩු ක්‍රියාකාරිත්වයකින් පැවති බව වාර්තා විය (BMJ Case Rep 2022 Mar 1;15(3):e245447).

කුප්පමේනියා යනු ඉතා ප්‍රබල ඖෂධයකි. එබැවින් එය ආහාරයක් ලෙස ගැනීමේ දී වරකට ආහාරයට ගන්නා ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. එය ඕනෑම ප්‍රබල ඖෂධීය ගුණ සහිත ශාක වර්ග සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙසකි. එවැනි කොළ වර්ග කලවම් පළා ලෙස වෙනත් කොළ වර්ග සමඟ මිශ්‍ර කොට සකසා ගැනීම වැදගත්ය. කොළ කැඳ සඳහා වුවත් වෙනත් කොළ වර්ග සමඟ එකතු කොට යොදා ගැනීම වඩා යහපත් වේ. දේශීය ඖෂධ වුවත් අනවශ්‍ය ලෙස වැරදි මාත්‍රාවෙන් හෝ වැරදි සංයෝගයෙන් ගත් විට ඒවායේ අහිතකර විපාක ඇතිවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් යම් ජානමය විකෘතියක් නිසා ඇතිවන එන්සයිම ඌනතාවක් හේතුවෙන් සිදුවන රෝග තත්වයක් ඖෂධයක් පිට පැටවීම ඉතාම අවිද්‍යාත්මක ප්‍රයත්නයකි. එහෙත් මෙවැනි රෝගී තත්වයක් වාර්තා වූ විට රෝගියා හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන්නේ නම් ඊට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වේ. යම් පුද්ගලයෙකු හට වෙනත් රෝග හේතුවකින් තොරව අසාමාන්‍ය ලෙස මුත්‍රා වල රතු පැහැය තිබේ නම් ඊට පැය විසි හතරක් ඇතුළත කුප්පමේනියා ආහාරයට ගෙන තිබේදැයි සැලකිලිමත් වීම වැදගත් වේ. එය රෝගියාගේ ජීවිත අවදානම අවම කිරීමට හේතු විය හැකිය.

දේශීය ඖෂධ වලට එරෙහිව චෝදනා එල්ල කිරීම කාලයක සිට මේ රටේ පවතින ගැටලුකාරී තත්වයකි. සාම්ප්‍රදායික දැනුමෙන් ජන විඥානය තුළ සුපෝෂිතව පවත්නා සෞඛ්‍ය සංරක්ෂණ ආහාර රටාව බිඳ හෙළීමේ අරමුණින් එවැනි මානසික මෙහෙයුම් ක්‍රියාත්මක වේ. එහෙත් ඊට නොදෙවෙනි ලෙස සාම්ප්‍රදායික ආහාර සහ දේශීය වෛද්‍ය ක්‍රම ගැන මිථ්‍යා මත ද සමාජයේ ප්‍රචලිතව පවතී. ඕනෑම ලෙඩක් නිට්ටාවට සුව කරන විස්කම් හාස්කම් සහ යූටියුබ් හරහා බොරු වෙදකම් සමාජ ගත කරන පම්පෝරිකරුවන් නිසා ද මිනිසුන් අමාරුවේ වැටෙන අවස්ථා එමටය. එවැනි සිදුවීම් වල බලපෑම ද දේශීය වෛද්‍ය ක්‍රමය කෙරෙහි අහිතකර ලෙස ඇතිවේ. විවිධ ශාක වර්ග ගැන අතිශයෝක්තියෙන් පළ වන ලිපි මෙන්ම ඒවා ගැන නොයෙකුත් වැරදි මත ප්‍රචාරය කරන රූපවාහිනී වැඩසටහන් හරහා ද සමහර පුද්ගලයින් අපේ සම්ප්‍රදායික දැනුම විහිළුවක් බවට පත් කරයි. ඒවා කර තබා ගෙන යන ගෝලබාලයින් ද එවැනි බොරු සමාජ මාධ්‍ය තුළ ඔසවා උලුප්පා පෙන්වති. එම නිසා සාමාන්‍ය ජනතාව ඖෂධීය ශාක ගැන නිවැරදි දැනුම් ලබා ගැනීම වඩාත් වැදගත් වේ.

සටහන - වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Address

Colombo

Telephone

+94771958645

Website

Alerts

Be the first to know and let us send you an email when Ayur inspire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram