Gamma's Gripe Mixture

Gamma's Gripe Mixture A Truly Sri Lankan pharmaceutical company manufacturing and marketing quality medicines. Be Srilankan

02/11/2022
සූදුරු තෙල් අඩංගු ගැමා ග්‍රයිප් මික්ස්චර් ඔබේ දරුවාගේ උදරයේ ඇති අහිතකර වායු ඉවත් කර ඉක්මන් සහනය ලබා දෙයි.පොඩිත්තන්ගේ උදර...
12/06/2021

සූදුරු තෙල් අඩංගු ගැමා ග්‍රයිප් මික්ස්චර් ඔබේ දරුවාගේ උදරයේ ඇති අහිතකර වායු ඉවත් කර ඉක්මන් සහනය ලබා දෙයි.

පොඩිත්තන්ගේ උදරයේ වේදනාවන් සමනය කරන ගැමා ග්‍රයිප් මික්ස්චර් දැන් ඔබට කිසිම අපහසුවකින් තොරව, ඩිලිවරි ගාස්තුවක් නැතිවම නිවසටම ගෙන්වා ගත හැක.
0112 698 078 අමතා අදම ඇණවුම් කරන්න.

🌧 වැස්ස දවසට පුංචි පැටියව ආරක්ෂා කරගන්න සරළ ආකාර 5ක් අපි අද කතා කරනවා.👚 උණුසුම රැඳෙන ඇඳුම් භාවිතා කිරීමවැස්ස දවසක පවතින ...
09/06/2021

🌧 වැස්ස දවසට පුංචි පැටියව ආරක්ෂා කරගන්න සරළ ආකාර 5ක් අපි අද කතා කරනවා.

👚 උණුසුම රැඳෙන ඇඳුම් භාවිතා කිරීම
වැස්ස දවසක පවතින ශීත කාලගුණයෙන් වැඩි ආරක්ෂාවක් ඇති කරන්න පුලුවන් එක විදියක් තමයි බබා අඳින පළදින ඇදුම්. ශරීරයේ උණුසුම රැඳෙන ආකාරයට ස්ථර කිහිපයක ඇඳුම් බබාට ඇන්දවීම සැරසවීම තුළින් සුවදායක තත්ත්වයක් ඇති කරන්න පුලුවන්. ශරීරයට වඩාත් ලිහිල් ඇඳුම් මේ දින වලට ගැළපෙන්නේ නැති වුනත්, අපි අන්දවන ඇදුම් වලින් දරුවාගේ චලනයන් සීමා නොවිය යුතුයි, විශේෂයෙන්ම පුංචිම දරුවෙක්ව වඩාගෙන ඉන්න අවස්ථා වැඩි නිසා සමට හානියක් නොවෙන ඇඳුම් අපි තෝරාගත යුතුයි. මේ කාලයේදි, තොප්පි, මේස් වගේම අත් ආවරණ භාවිතා කරන්න පුලුවන් කොහොම උනත් සනීපයක් දැනෙන රෙදි වලින් නිපැයූ ඇඳුම් හැකිතාක් තෝරා ගැනීම වැදගත්.
🩺 ලෙඩ රෝග සහ ආසාදන වලින් ආරක්ෂාව
වැස්ස දවස් කියන්නේ මව්වරුන් ටිකක් බය කාලයක් මොකද ලෙඩ රෝග සහ ආසදන තත්ත්ව පැටියට ඇති වෙන්න තියෙන ප්‍රමාණය වැඩි නිසා. ඉතින් බය නොවී, ආරක්ෂාව ටිකක් වැඩි වෙන විදියට ක්‍රියා කරාම අපිට දරුවට සුවදායක තත්ත්වයක් ඇති කරන්න පුලුවන්. විශේෂයෙන් මේ දිනවල ඔබ දරුවව වඩා ගන්න කලින් අත් සෝදාගෙන වඩාගන්න, දැන් පවතින කොවිඩ් තත්ත්වය එක්ක මේක බොහෝ මව්වරුන් ඉතා සැළකිල්ලෙන් කරන දෙයක්. ඔබ විතරක් නෙමෙයි වෙන කෙනෙක් දරුවව වඩා ගන්න යනවා නම්, අත් සෝදාගෙන එන්න කියන්න අමතක කරන්නෙපා.

🥦 සමබර ආහාර වේලක් තුළින් නිසි පෝෂණය
සමබර සහ පෝෂ්‍යදායී ආහාර වේලක් දරුවාට ලබා දීම හුඟාක් වැදගත්. පලා වර්ග, සුප්, කැඳ වර්ග, සලාද කොළ සහ තවත් පෝෂ්‍යදායී ආහාර ලබා දීම තුළින් ශරීරය වගේම මානසික තත්ත්වය ඉහළ යාමක් සිදු වෙනවා. විශේෂයෙන් තරමක් රස්නෙ ජලය පානය කිරීමට යොමු කිරීම, ශීත ආහාර තරමක් අඩු කිරීම අපට කරන්න පුලුවන් තවත් පුංචි වෙනස්කම් වෙනවා. මේ වගේ දිනවල දරුවාට ආස හිතෙන විදියට කෑම පිළිගැන්වීමත් කරන්න පුලුවන් දෙයක්.

👶 තෙල් සම්භාහනය
ශීත කාලගුණය තවත් එක සුවදායක කාලයක් කරන්න පුලුවන් සරළම ආකාරයක් තමයි තෙල් සම්භාහනය. මෙහිදි අප තෝරාගන්නා තෙල් වර්ගය ඉතාම වැදගත් වෙනවා වගේම දරුවන්ට එය සුවදායී ආකාරයට ලබා දීමත් හුඟාක් වැදගත්. ස්නානයෙන් පස්සේ හෝ නින්දට යාමට පෙර බබාට ගැළපෙන සුවඳක් සහිත තෙල් ශරීරයේ ගැල්වීමත්, හොඳින් සම්භාහනය කිරීමත් තුළින් ශරීරයේ අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගෙන යාමට අපිට හැකි වෙනවා. සම්භාහනය කිරීමේදි අත්, පා රිදෙන්නේ නැති වෙන්න, පහසුවක් දැනෙන ආකාරයට කිරීම තුළින් සුව නින්දක් ලබා ගන්නත් හැකි වෙනවා.

🏃 එළිමහනේදි විශේෂ ආරක්ෂාවක්
එළිමහනේදි පින්න වැඩියෙන් තියෙන කාලයක් තමයි වැස්ස දවස් කියන්නේ, ඒ නිසා පාන්දර වගේම හවස් වරුවෙත් දරුවව නිවස තුළම තියාගන්න ගොඩක් නුවණට හුරු දෙයක්. ඒ වගේම එළිමහනට ඇවිදගෙන යන දරුවට පාවහන් පැලළඳීම අනිවාර්යෙන් හුරු කළ යුතු දෙයක්. මේ වගේ දින වලදි තොප්පියක්, මේස්, අත් ආවරණ පැළඳවීම අවශ්‍ය වෙනවා, පුංචි දරුවා තොප්පියක් පළඳින්න අකමැති නම් ඔබත් තොප්පියක් පැළඳගෙන බබාවත් එයට හුරු කරන්න.

✨වඩා වැදගත් වන්නේ වැසි දිනයක පවා ක්‍රියාශීලිව සහ සතුටින් කාලය ගත කිරීමයි, ඒ නිසා වැස්ස නිවසේ ඉඳන්ම සුන්දරව විඳින්නත් දරුවට කියලා දෙන්න අමතක කරන්නෙපා!

👉මේ කතා කරපු සරළ කරුණු ඔබට වැදගත් වෙයි, ඒ වගේම මේ දැනුම තවත් කෙනෙක් සමඟ බෙදා ගන්න අමතක කරන්නෙපා.

දරුවන්ට ගුණදායී, පෝෂණයෙන් ඉහළ ආහාර වේලක් දෙන එක මගේ යුතුකම.
07/06/2021

දරුවන්ට ගුණදායී, පෝෂණයෙන් ඉහළ ආහාර වේලක් දෙන එක මගේ යුතුකම.

මගේ පැටියට සොබාදහමට, සතා සිවුපාවට ආදරේ කරන්න උගන්නන එක මගේ යුතුකමක්! මං ඒක ඉහළින්ම ඉෂ්ට කරනවා.
05/06/2021

මගේ පැටියට සොබාදහමට, සතා සිවුපාවට ආදරේ කරන්න උගන්නන එක මගේ යුතුකමක්! මං ඒක ඉහළින්ම ඉෂ්ට කරනවා.

27/05/2021
ඔබ සැමට සිත් මෙත් ගුණයෙන් සපිරෙන පින්බර පොහොය දිනයක් වේවා!
26/05/2021

ඔබ සැමට සිත් මෙත් ගුණයෙන් සපිරෙන පින්බර පොහොය දිනයක් වේවා!

හොඳම දේ දන්න අම්මි ගැන බබා කියන කතන්දරේ.
23/05/2021

හොඳම දේ දන්න අම්මි ගැන බබා කියන කතන්දරේ.

ගැබිණි මව්වරුන් වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිකුත් කළ විශේෂ උපදෙස් මාලාවගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කා...
18/05/2021

ගැබිණි මව්වරුන් වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිකුත් කළ විශේෂ උපදෙස් මාලාව

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කාලයේ වඩාත් අවධානයෙන් කටයුතු කල යුත්තේ ඇයි?

ගැබිණි ඔබගේත් කුසතුල සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත්. කොවිඩ් පැතිරෙන මේ කාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් මේ සඳහා අත්‍යවශ්‍යයි.

ගැබිණි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති නිසා, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිම හේතුවකට නිවසෙන් පිටතට නොයන්න.

සායනයට හෝ රෝහලට හෝ යාමට සිදු වුවහොත්, කොවිඩ් 19 රෝගයෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපදින්න.

1. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථාන වල රැඳී සිටීම අවම කරන්න
2. සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම
3. පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම
4. අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම
5. නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම

කොවිඩ් රෝගයට දක්වන බිය හේතුවෙන් ගැබිණි මවුවරුන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාර වලට යොමු වීම ප්‍රමාද වෙනවා දකින්න තිබෙනවා. ඒ ප්‍රමාදය නිසා ගැබිණි මවගේත්, කුස තුල සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවිය හැක.
මේ කොවිඩ් අවදානම වැඩි කාලයේදී, සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් තිබෙනවා වෙන්න පුළුවන්. එමනිසා ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමිය හෝ අමතා එම සේවාවන් දැන් ලබාගත යුතු ආකාරය ගැන අදම දැනුවත් වෙන්න.

“ගර්භණී සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා” ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නැවත වරක් ඒවා මතක් කර දෙනවා නම්, උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව (Fit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම, හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවක් අවදානම් සංඥාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙවැනි අවදානම් සංඥාවක් මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතුයි. ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමියවත් දැනුවත් කරන්න.

ගර්භණී ඔබගේ ආරක්ෂාව උදෙසා රෝහල් තුළ කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඒ නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කිසිසේත්ම පැකිලීමට අවශ්‍ය වන්නේ නෑ.

ඔබේ පවුලේ අයකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ කොවිඩ් රෝගියෙකු යැයි සැකකරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව වහාම ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමිය දැනුවත් කරන්න. ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමට, හැකිතාක් ඔහුගෙන් / ඇයගෙන් ඈත්ව සිටින්න.

යම්හෙයකින්, ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය දැනුවත් කරන්න. අවශ්‍ය ප්‍රතිකාර වලට වහාම යොමුවන්න. රෝහල් පද්ධතිය ඔබ වෙනුවෙන් සූදානම්..
මේ සියලු සිදුවීම් අතරතුර ඔබට යම් මානසික පීඩනයක් දැනෙනවා වෙන්න පුළුවන්. එය මගහරවා ගැනීමට සෑමවිටම සැහැල්ලුවෙන්, නිරවුල් මනසකින් ඉන්න උත්සාහ කරන්න.

ඕනෑම වේලාවක ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරී තුමිය හෝ 1999 සුවසැරිය දුරකතන සේවාව හරහා වෛද්‍ය වරයෙකු හෝ අමතා ඔබගේ ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නත් පුළුවන්.

මේ කරුණු ලක්වාසී සියලු මවුවරුන්ගේ සහ අනාගත දරුපරපුරේ යහපත වෙනුවෙන් බෙදා ගන්න අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94115220400

Alerts

Be the first to know and let us send you an email when Gamma's Gripe Mixture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gamma's Gripe Mixture:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram