08/04/2020
නිවසේ ඇති කුළුබඩු අතර කොත්තමල්ලි, ගම්මිරිස්, කහ සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ ත්‍රිත්වය පිළිබද වෙන් වෙන්ව සලකා බැලීමට යොමු වීම වර්තමානයේ අත්‍යවශ්‍ය දෙයක් යැයි සිතමි.
🔴 කොත්තමල්ලි
================
ඖෂධයක් ලෙසත් , කුළු බඩුවක් ලෙසත් අතිශය ප්‍රකට කොත්තමල්ලි භාවිතා කිරීමට යොමුවන ලෙස අදවන විට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා පවසා ඇත. වර්තමානයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වයිරස් ආසාදන ආදියෙන් වැළකී සිරැරෙහි ප්‍රතිශක්තීකරණය වැඩි දියුණු කරගැනීම සඳහා තරාතිරම්, වයස් භේදයකින් තොරව කොත්තමල්ලි භාවිතා කිරීමට යොමුවීම අපේකම යළි ඉස්මතු කරවාලයි.
Coriandrum sativum උද්භිද නාමයෙන් හැඳින්වෙන කොත්තමල්ලි Apiaceae පවුලට අයත් වේ.
අමු කොත්තමල්ලි කොළ බටහිර සූප වේදයට නැතුවම බැරිය. අමු කොත්තමල්ලි පිත සමනය කරන අතර වියළි කොත්තමල්ලි සෙම් හා වාත සමනය කිරීමේ ගුණයෙන් යුක්ත වේ.
උණ,පිපාසය, දැවිල්ල,සහ වමනය සදහා කොත්තමල්ලි ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එලෙසම කුසගිනි වර්ධනය කිරීමේ ගුණය, මුත්‍රකාරක ගුණය මේ තුළ පවතී. ඇස් වලට හා හෘදයට ගුණදායක අතර සෙම, ප්‍රතිශ්‍යා සහ පීනස් රෝග සදහා තනනු ලබන ඖෂධ බොහෝමයක් සදහා කොත්තමල්ලි නැතුවම බැරිය. එලෙසම ගැස්ට්‍රයිටීස්, ආහාර රුචිය වැඩීම සදහා, මළ බුරුලට පහවන විට මෙන්ම තුන්දොස කිපීම පාලනයට නිසැකව යොදා ගැනේ.
🔴 ගම්මිරිස්
============
Piper nigrum යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ගම්මිරිස් අයත් වන්නේ Piperaceae කුලයටය. ගම්මිරිස් හඳුන්වාදීමට වාසගම් අවශ්‍ය නැත. කුළු බඩුවක් ලෙස ගම්මිරිස් ඒ තරමටම ප්‍රකටය. ගම්මිරිස් නොමැති මුළුතැන් ගෙයක් සොයා ගැනීමට නොහැකි තරම්ය.
හෙළ සූපවේදෙය් දක්නට ලැබෙන සුවිශේෂී ගුණාංගය වන්නේ කෘතිම රසකාරක කිසිවක් නොමැතිවීමයි. ඒවායින් සිදුවන්නේ ආහාර රසවත් කිරීම පමණක් නොවේ. ආහාර දිරවීම පහසු කිරීම, ආහාරයේ ගුණය වැඩිකිරීම, ආදියත් මෙම කුළු බඩු නිසා සිදු වේ. එහෙයින් ආහාර අරුචියක් ඇතිවූ වහා තැම්බුම් හොද්දක් / මිරිස් හොද්දක් පිළියෙල කර පානය කිරීමට අමතක නොකරති. මේ සදහා ගම්මිරිස් නොවරදවාම භාවිතා කරනු ලැබේ. ඒ මඟින් ආමයක් හටගෙන තිබුනා නම් ආමය පචනය වී ආහාර රුචිය ඇති කරනු ලැබේ.
ගම්මිරිස් යනු කුළුබඩුවක් පමණක් නොවේ. එය විවිධ රෝගා බාධ සදහා යොදා ගැනෙන විශිෂ්ඨ අමුද්‍රව්‍යයකි. ඖෂධීය වශයෙන් සෙම හා වාතය නැසීමේ ගුණයෙන් පෝෂිතයි. උෂ්ණ ගුණයෙන් යුක්ත බැවින් රත්පිත් රෝගීන්ට එතරම් ගුණදායක නැත. ආහාර රුචිය වැඩිවීමේ සුවිශේෂි ගුණයක් ගම්මිරිස් වල ඇත. එලෙසම සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම, උගුරේ වේදනාව, ශ්වසන ආබාධ, පණු රෝග, වාත වේදනා, දත් කැක්කුමට, දත්මුල් දියවීම, ගර්භනී සමයේ ඇතිවන වේදනා අපහසුතාවන්ට, ඔසප් වේදනාව සඳහා යොදාගනු ලැබේ.
🔴 කහ
========
අතිශය ජනප්‍රිය කුළුබඩුවක් වන කහ ආහාර වර්ණ ගැන්වීම සඳහා බහුල ලෙස භාවිතා වේ. කහ යනු කොත්තමල්ලි හා ගම්මිරිස් මෙන්ම ආයුර්වේදයේ භාවිතයට ගැනෙන සුවිශේෂී ඖෂධයකි. Zingiberaceae කුලයට අයත් කහ වල උද්භිද නාමය වන්නේ curcumadomestica වේ.
දමිල ජාතිකයාගේ දෛනික ජීවිතය සමඟ තදින් බද්ධ වී ඇති ද්‍රව්‍යක් ලෙස කහ හඳුන්වන්නට පුළුවනි. සෑම දිනකම උදයේ දෙවියන් නැමදීමට පෙර බිමට කහ දියර ඉසීම ඔවුන්ගේ චිරාගත සම්ප්‍රදායකි. මේ ක්‍රියාව සදහා මුල් වී ඇත්තේ කහ වල පවතින විසබීජ නාශනය කිරීමේ සුවිශේෂි ගුණය නිසාය.
එමෙන්ම මළ බැහැර කිරීම පහසු කරවන අතර පිත වර්ධනය සඳහාද උපකාරී වේ. වේදනා සමනය, ආහාර රුචිය වර්ධනය කිරීම හා ලේ ධාතුව පිරිසිදු කිරීම, පීනස, හිසරදය, අළුහම්, දද කුෂ්ඨ , චර්ම රෝග සහ තුවාල සෝදා පිරිසිදු කිරීමට ආදීයට කහ ඖෂධයක් ලෙස භාවිතා කෙරේ.
ඉදිමුම, දැවිල්ල වැනි තත්වයකදී බාහිර ආලේපයක් ලෙස යොදා ගැනෙන අතර සම පැහැපත් කිරීමේ ඖෂධයක් ලෙස ජනප්‍රිය වේ. සෙම හා වාතය සමනය කිරීමේ ගුණය හා භාවිතයේදී යොදා ගන්නා අමු සහ වියළි යන දෙයාකාරයටම යොදා ගන්නා කහ වල ඇති විසබීජ නාශන ගුණය නිසා සෑම ගෙවත්තකම තිබිය යුතු ශාකයක් ලෙස දැක්විය හැකිය.
👩⚕️ සටහන -: ඉරෝෂා ලක්මාලි ( ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා - දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලය).......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය කරන්නත් අමතක කරන්න එපා.