28/10/2025
🧠 ස්වභාවික විෂහරණය ( Natural Detox) කියන්නේ මොකක්ද?
විෂහරණය කියන්නේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම. අපේ ශරීරය තුළ ස්වභාවිකවම ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙනවා.
අක්මාව, වකුගඩු, සම සහ ආහාරමාර්ගය ඒ සදහා ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන අවයවයි.
ඒ අනුව ඔබට ශරීරයේ විෂහරණය සදහා කලයුතු විශේෂ දෙයක් නැති අතර කලයුතු එකම දෙය වන්නේ එම ස්වභාවික පද්ධතිට හානි නොකර සිටීම පමණයි.
එනම් මෙම අවයව හොඳින් ක්‍රියා කිරීමට නම්, අපි ඒ සදහා ගැලපෙන සරල, පිරිසිදු ආහාර ලබා දීම සිදු කල යුතු අතර එම ක්‍රියාකාරිත්වයට හානිකරන පුරුදු හා ආහාර වලින් මිදිය යුතුය.
🥦 ඔබේ ස්වභාවික විෂහරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උපකාර කරන ආහාර වනුයේ,
🍋 දෙහි හා මදඋණුසුම් ජලය: ජීර්ණ ක්‍රියාව උත්තේජනය කරන අතර අක්මාවේ ක්‍රියාකාරිත්වයද උත්තේජනය කරයි.
🌿 කොළ පැහැති පලාවර්ග (ගොටුකොල, මුකුනුවැන්න, නිවිති, සාරන, පැෂන් කොල, මුරුංගා කොළ , ලුණුවිල, තෙබු, ජපන්බටු ආදිය ): කොල පැහැති පලාවර්ග වල ස්වභාවික විෂහරණ හැකියාවක් ඇත.
🥕 බීට් රූට්: අක්මාව පිරිසිඳු කර ලේ පිරිසිඳුකරයි.
🌾 කහ: ප්‍රබල ප්‍රති-ප්‍රදාහක (anti-inflammatory) ගුණ ඇති නිසා අක්මාව ආරක්ෂා කරයි.
🌶️ ඉඟුරු හා සුදුළුණු: රුධිර සන්සරණය ක්‍රමවත් කර විෂ ඉවත්කිරීම වැඩි කරයි.
💧 ජලය හා ඔසුපැන් ( බෙලිමල්, රණවරා, සේර ආදිය ): විෂ ද්‍රව්‍ය වකුගඩු මඟින් ඉවත් කිරීම කාර්‍යක්ශම කරයි.
🍍 පලතුරු (පපොල්, අන්නාසි, දෙහි වැනි): එන්සයිම් වලින් ජීර්ණය පහසු කර ප්‍රදාහය අඩු කරයි.
🌼 ස්වභාවික විෂහරණයට උපකාරී අභ්‍යාස
දවස පුරා හොදින් වතුර බොන්න.
අහිතකර තෙල් සහිත, සකස් කළ ආහාර අඩු කර, ස්වභාවික එළවලු , පළතුරු, අලවර්ග, රනිල භෝග අහාරයට එක්කර ගන්න.
රාත්‍රි පැය 6–7 නිදාගන්න — එවිට ශරීරය ස්වයං විෂහරණය කරයි.
හැකි හැමවිටම පා ගමන්, යෝගා, හෝ ලෙහෙසි ව්‍යායාමයක් කරන්න ( හොදින් ඩහදිය දැමීමට)
පිරිසිදු වාතය ඇති තැනක සිට ගැඹුරු ස්වසන අභ්‍යාස වල යෙදෙන්න.
විෂහරණය හරහා ඔබට ලැබෙන වාසි.
ඔබේ ශරීරය ඇතුලතින් පිරිසිදු වූ විට —
සමේ තෙතමනය සහ පැහැපත් බව වැඩිවේ.
ආහාර ජීර්ණය වඩාත් හොදින් සිදු වේ.
ශරීර ශක්තිය වැඩි වේ.
මනසේ ක්‍රියාකාරිත්වය පැහැදිලි වෙයි.
ශරීරයට හා මනසට ඉතා සැහැල්ලු බවක් දැනේ.
"ස්වභාවික ආහාර රටාවකට හුරුවීම යනු ඔබ, ඔබේම ශරීරයට කරන ගෞරවයකි”