02/02/2022
අද 2 22 ශක්ති ද්වාරය
අද රාත්‍රියේ එනම් 2022 පෙබරවාරි 2 වෙනිදා
විශ්ව ශක්තියේ කාලයකි,
ආයෙත් මේ ශක්තියේ කාලය එන්නෙ අවුරුදු 200කින්
එය 2022 පෙබරවාරි 22 දක්වා පවතිනු ඇත. මෙම ශක්තියට සම්පූර්ණයෙන්ම ජිවිතය නව අරමුණකට,පරිවර්තනයකට,දිශාවකට ගමන්කරන්න සහ ජිවිතයට ආශ්චර්යයන් ගෙන ඒමට හැකිය.
බ්‍රහස්පති සහ චන්ද්‍රයා ද සම්බන්ධ වේ.
අපගේ ජීවිතය තුල ආශීර්වාදාත්මක දේ සහ ආශ්චර්යයන් සිදු වේ.
නමුත් සිතුවිලි ක්ෂණික මාරුවීම් සිදුවේ.
සහ නව අවබෝධයන්. ශුභාරංචිය. සිහින සැබෑ වීම සහ අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම. සෑම තරාතිරමකම අය සඳහා සුභ දේවල් සිදුවේ.. උදා. සැබෑ ආදරය සහ නිවැරදි පුද්ගලයා අප වෙත පැමිණීම, අපගේ වෘත්තීය ජීවිතයේ ඉදිරි ගමන, අපගේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම. සියලු සෘණාත්මක සිතුවිලි ඉවත් විම. සෑම දෙයක්ම ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවත් හොඳම දේ තවම පැමිණ නැති බවත් දැන ගැනීම වැනි ක්ෂණික සහනයක් දැනේ.
ඉතින් කැමතිද මේ ආශිර්වාදය ඔබ සතු කරගන්න ,
ඔයාට පුලුවන් මේ ශක්ති ද්වාරය තුළ ඕනෑම දවසක,
ආදරය සම්බන්ධයෙන් ධනය සම්බන්ධයෙන් Wish Spell එකක් කරන්න.
ගන්න ඔයාගේ අරමුණට ගැලපෙන පාටින් ඉටිපන්දමක්
රෝස/රතු=ආදරය
නිල්/කහ=අධ්‍යාපන
කොළ=ධනය
ඒ වගේම ආදරය සම්බන්ධයෙන් නම් රෝස් ඔයිල් ටිකක්,රෝස මලක් වගේ දෙයක්
අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් පිච්ච මලක් වගේ දෙයක්
ධනය සම්බන්ධයෙන් කුරුඳු කුඩු හෝ පොතු ටිකක් ගන්න, මේවා ඔයාගේ ඉටිපන්දම ලඟින් තියන්න මල් එහෙම පර උනාට කමක් නෑ
ඔලිව් ඔයිල් ,කුරුඳු තෙල්,පිරිසිදු පොල් තෙල් මේ ඕනෑම දෙයකින් බිංදු තුනක් අරන් ඉටිපන්දමේ ගාන්න ගාන ගමන් ඔයාට ඕන දේ ඉටිපන්දමට රහසින් කියන්න,
දැන් වැඩේ 75%ක් ඉවරයි ඊටපස්සෙ කරන්න තියෙන්නෙ ඉදිරි සති වල 22 වෙනකම්ම මේ ඉටිපන්දම පත්තු කරලා එකම ඉටිපන්දම ගන්න පුලුවන් ප්‍රශ්නයක් නෑ මඟදි ඉවර උනොත් අලුත් එකක් ගන්න කරන හැම දවසෙම ඉටිපන්දම පිරිමදින ගමන් තමන්ගේ අවශ්‍යතාවය කියන්න, ඉතුරු ඉටි ටික වලලන්න
ඔයා මේ විශ්වයේ අපුරු ශක්තියක් පවතින කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න ආපහු මෙහෙම කාලයක් එන්නේ අවුරුදු 200කින්
-යක්දෙස්සි-
ප.ලි ඉටිපන්දම ගොඩක් වෙලා පත්තු කරන්න ඕන නෑ, ඉවරවෙන ඉටිපන්දම් ඉටි ටික අලුත් ඉටිපන්දමක් ගන්නකොට වලලන්න කමක් නෑ, තෙල් නම් ගාන්න ඕන රහසින් ඉටිපන්දමට කියන එකයි වැදගත් දවසක් වගෙ මඟ ඇරුනොත් ගනන් ගන්නෙපා විනාඩියක් පත්තු කලත් ඇති හැබැයි ඔයා මනසින් හරියට තමන්ගේ අරමුණ දකින්න ඕන .