Iru Astro

Iru Astro Iru Astro is Sri Lanka Best Astrology service institute. now you can check your horoscope while stay at home.

01/11/2025

දරුවෙකුගේ අධ්‍යාපනයට කෙන්දරය බලපාන අයුරු

15/10/2025

මේ දිනවල සිකුරු මාරුවෙන් වාසනාව ලැබෙන ලග්න 3 මෙන්න!

හදිසි මුදල් ලැබීම්, ව්‍යාපාර දියුණුව, සහ ලොතරැයි වාසනාව ඔබ සොයා එන හැටි දැනගන්න. ඔබත් මේ වාසනාවන්ත ලග්නවලට අයත්ද කියලා දැන්ම බලන්න! 👀

ඔබේ ලග්නය කුමක්ද? comment කරන්න! 👇

#සිකුරුමාරුව #ධනලාභ #ලග්නපලාපල #වාසනාව

15/10/2025

ඔබගේ කේන්දරයට අනුව අනාගතය ගැන දැන ගැනීමට ඉරු ඇස්ට්‍රෝ ඇප් එක "Install" කර,
ඔබ‌ගේ උපන් දිනය සහ උපන් වේලාව ලබා දෙන්න.!

Send a message to learn more

11/10/2025

ලග්න 3 ට ජය සිකුරැයි.

11/10/2025

money attraction affimation

06/10/2025

මේ වීඩියෝ එක දැක්කා නම් ඒ ඔයාගේ වාසනාව.!
නිකන් ඉන්න එපා අනිවාර්යෙන් ලයික් කරන්න.
ඒ වගේම විශ්වමාතවට ස්තුති වේවා කියලා comment එකක් දාන්න.
ඒ වගේම අඩුම පස් දෙනෙකුටවත් shear කරන්න.
ඔයා මෙ විඩියෝ එක ෂෙයාර් කරන මොහොතේ සිතන්න නැති බැරි හැමෝටම හරියන්න ඕන කියලා.

ඔබට ඔබේ ජීවිතයේ මඟ හැරුණු දෙයක් ගැන හැඟීමක් තියෙනවාද? ඔබේ සැබෑ හැකියාවන් සහ ඉදිරි ගමන ගැන ඔබ ප්‍රශ්න කරනවාද?ඔබගේ උපන් දි...
25/09/2025

ඔබට ඔබේ ජීවිතයේ මඟ හැරුණු දෙයක් ගැන හැඟීමක් තියෙනවාද? ඔබේ සැබෑ හැකියාවන් සහ ඉදිරි ගමන ගැන ඔබ ප්‍රශ්න කරනවාද?

ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය මත පදනම් වූ විශ්වීය සිතියමක් වන ඔබේ කේන්දරය ඔබට මඟ පෙන්විය හැකි බව ඔබ දන්නවාද? ඔබේ කේන්දරය කියන්නේ, ඔබ ගැනම හොඳින් අවබෝධ කරගන්න, ඔබේ ශක්තීන්, දුර්වලතා සහ සහජ හැකියාවන් හඳුනාගන්න පුළුවන් උපකරණයක්. මේක හුදෙක් අනාගතය ගැන පුරෝකථනය කරන දෙයක් විතරක් නෙවෙයි. ඔබේ පෞරුෂය සහ ඉරණම සම්බන්ධයෙන් ගැඹුරු තොරතුරු හෙළි කරන සැබෑ මග පෙන්වීමක්.

ඔබේ ජීවිතයේ ඉදිරියට එන වැදගත් අවස්ථා ගැන කල්තියාම දැනගන්න ලැබුණොත් එය කොතරම් වටිනවාද? ඔබේ වෘත්තීය ජීවිතය, විවාහය හෝ පවුල් සබඳතා වඩාත් සාර්ථක කරගැනීමට අවශ්‍ය මග පෙන්වීම් කේන්දරය තුළින් ඔබට ලබාගත හැකියි. කේන්දරය හරහා ඔබේ ජීවිතයේ විභවයන් හඳුනාගැනීමෙන්, ඔබට නිවැරදි තීරණ ගන්නත්, ඔබට වඩාත් ගැලපෙන මාවත තෝරාගන්නත් පුළුවන්. මෙය ඔබේ ගමන පහසු කරනවා.

ඔබේ ජීවිතය පිළිබඳ විශ්වයේ රහස් සොයාගන්න. අදම දක්ෂ ජ්‍යෝතිෂවේදියෙකු හමුවෙලා ඔබේ කේන්දරය පරීක්ෂා කරගන්න. ඔබට හිමි වාසි උපරිමයෙන් ලබාගන්න. ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්න.

ඔබට ජය. !

21/09/2025

දරුවකුට අධ්‍යාපනය ලබා දෙන්නට අද දෙමාපියන් දක්වන්නේ දැඩි උනන්දුවකි. තමන් නොකා නොබී හෝ දරුවන්ට උගන්වන්නට ඔවුහු දැඩි ලෙස මහන්සි වෙති. උගත් දරුවකු පවුලකට ඇති වුවහොත් ඔහු පවුල ගොඩ ගන්නවා ඇතැයි සලකන අය බොහෝය. අධ්‍යාපනයට වියදම් කරන මුදල අපතේ නොයන අතර එය අනාගත ආයෝජනයක් ලෙස සලකා කටයුතු කරන අය ද එමටය. එසේම අද සමාජයේ කොතරම් මුදල් තිබුණත් වැඩියෙන් සලකන්නේ උගත්කමටය. තැනකට ගිය විට උගත් අය කැපී පෙනේ. මේ නිසා උගතා සැමවිටම කාගෙත් පිළිගැනීමට පාත්‍ර වේ. තම දරුවාට උසස් අධ්‍යාපනයක් ලබාදීම සඳහා දෙමාපියන් නොකරන දෙයක් නැති තරම්ය.

එසේ වුවද උපදින සෑම දරුවාටම ඉහළට ඉගෙන ගන්න බැරිය. මාපියන් කොතරම් උත්සාහ කළත්, මුදල් වියදම් කළත් සියල්ල වතුරේ යයි. අන්තිමට ඔවුන්ට සිද්ධ වෙන්නේ සියලු බලාපොරොත්තු ඉවත දමා සුසුම්ලන්නටය. ඇතැම් දරුවන්ට ඉගෙන ගන්නට හැකිවන්නේ ද තවත් කෙනකුට කොතරම් උත්සාහ කළත් එය කළ නොහැකි වන්නේ ඇයි ද යන්න සලකා බැලිය යුතුය.

මේ පිළිබඳ දරුවාගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන් පිහිටා තිබෙන අයුරු නිරීක්ෂණය කිරීම වැදගත් වේ. එවිට හේතුව අනාවරණය වෙයි. ඔබේ දරුවාගේ ජන්ම පත්‍රයේ සඳහන්ව ඇති ලග්නයට අධිපතියා මෙන්ම ලග්නයේ සිටින ග්‍රහයා පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. එසේම ලග්නයේ කිසිම ග්‍රහයකු නැතිනම් ලග්නාධිපතියා සිටින භාවය ගැන ද සැලකිලිමත් වීම වැදගත්ය.

එසේම දරුවාගේ කේන්ද්‍රයේ පස්වැන්නේ අධිපතියා එම භාවයෙහිම හෝ වෙනත් භාවයක තැන්පත් වී දුර්වලයන් ද බල සහිත වීද රහිත වීද යන්න ද සොයා බැලීම අවශ්‍ය වේ. ඒ අතරම පස්වැන්නේ වෙනත් ග්‍රහයෙක් හෝ ග්‍රහ සංයෝගයක් යෙදී තිබේ නම් එය අධ්‍යාපනයට කෙසේ බලපායිද යන්න විශේෂයෙන් සොයා බැලීම වැදගත්ය. ග්‍රහ මණ්ඩලයේ සෞම්‍ය ග්‍රහයෙක් නොසිට වෙනත් පාපී දුෂ්ඨ, කෘෘර ග්‍රහයන් පෙර කරැමයකට හෝ පස්වැන්නේ යෙදේ නම් දරුවාගේ අධ්‍යාපනයට කණකොකා හැඬීම සිදුවනු ඇත. දරුවාගේ අධ්‍යාපනය මෙන්ම ලෞකික ජීවිතය ද අකාලයේ විනාශ වී යාමට ඉඩ ඇති නිසා ඊට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. දරුවා ගැන නිරතුරුවම දෙමාපිය අවධානය යොමු විය යුතු අතර ඔහුගේ හැසිරීම ඔහු ඇසුරු කරන මිත්‍රයන් ආදීන් ගැන ද සොයා බැලීම වැදගත් වේ.

ජන්ම පත්‍රයේ නවවැන්න අධ්‍යාපන ගැන සැලකීමේදී ඉතාම වැදගත් වෙයි. නවවැන්න යනු පෙර පින් මහිමය නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි ජීවිතය හසුරුවන භාවය වේ. මෙය හොඳ පිහිටීමක් වන අතර ඒ අනුව ඔහුගේ අධ්‍යාපනය දියුණුවට පාත්‍ර වේ. අත ගසන දේ හරියයි. විභාග සමත් වෙයි. නවවැන්න සෞම්‍ය ඥානකාරක ග්‍රහයකුට හිමිව එම භාවයේම යෙදුණේ නම් ඉතා උසස් ලෙස අධ්‍යාපනය නිමකර ජීවිතය යහපත් තත්ත්වයට පත්කර ගනී. උසස් රැකියා ලාභ ලබයි. සමාජයේ ගෞරවයට පාත්‍ර වනු ඇත.

නවවැන්න අධිපතියා ගුරු, බුධ යන ග්‍රහ දෙපළගෙන් එක් අයකු වූයේ නම් හෝ නවවැන්නේ හෝ පස්වැන්නේ උපතින් යෙදුණේ නම් උසස් අධ්‍යාපනයට පය තබන දරුවකු වනවා ඇත. නවවැන්න අධිපතියා සෙනසුරැ වී බුධ සමඟ පස්වැන්නේ උපතින් යෙදුණේනම් වෛද්‍ය වෘත්තියට අදාළ අධ්‍යාපනයක් ලබාගැනීමට වාසනාව ලබයි. පස්වැන්න අධිපතියා ගුරැ බවට පත්ව නවවැන්නේදී බුධ සමඟ සංයෝග වූයේ නම් උසස් තාක්ෂණය, ඉංජිනේරැ විද්‍යාව ආදියට යොමු කරන දරුවකු වේ.

නවවැන්න අධිපතියා ගුරු, බුධ හෝ සිකුරු යන ග්‍රහයකු වී දොළොස්වැන්නේ දුර්වලව යෙදී රාහු නවවැන්නේ උපතින් යෙදුණේ නම් එම දරුවාගේ අධ්‍යාපනයට බාධා එල්ල වේ. කොතරම් උත්සාහ කළද අපේක්ෂා ඉටුකර ගත නොහැකි වේ. මාපියන් සතු මිල මුල් අධික වශයෙන් වියදම් කරන නමුත් නියම ප්‍රතිඵල ලබාගැනීමට දුෂ්කර වෙයි.

නවවැන්න අධිපතියා කුජ වී ගුරු සමඟ නවවැන්නේ යෙදුණේ ද ඒ දරුවා ළමා කාලයේ සිටම අධ්‍යාපනයට හපන්කම් දක්වයි. තර්කානුකූල අදහස්වලින් යුක්ත ඔහු අධ්‍යාපනයේ ඉදිරියට ගොස් මතු ප්‍රකට නීතිඥයකු, නීතිවේදියකු වනවා ඇත. එයින් උපරිමයට යයි. පස්වැන්නේ රවි, බුධ ග්‍රහ සංයෝගය උපතින් ලද කෙනකු නම් ඔහු උසස් අධ්‍යාපනය අවසන් කර නීතීඥ, ඉංජිනේරු, වෛද්‍ය ආදී ප්‍රකට වෘත්තීන්වල නිපුනයකු වී ඉහළම ස්ථානයක වැජඹේ.

දරුවකුගේ ජන්ම පත්‍රයේ තුන්වැන්න ද ඉතා වැදගත් වේ. තුන්වැන්න බලවත් වීම දියුණුවට හේතුවනවා ඇත. දරුවාගේ උනන්දුව, හැකියාව, වික්‍රමය කියාපාන තුන්වැන්නට රාහු, සෙනසුරු, රවි, බුධ යන ග්‍රහයන් පැමිණීම උසස් ප්‍රතිඵල ගෙනදෙන්නකි. යම් ජන්ම පත්‍රයට ලග්නයේ පස්වැන්න හා නවවැන්න සුබ ග්‍රහයන් නිසා බලවත් වී තුන්වැන්නේ රාහු, සෙනසුරු, රවි, බුධ ග්‍රහයන් යෙදුණේ නම් ඔහු අධ්‍යාපනයෙන් ඉතා උසස් ප්‍රතිඵල හිමිකරගෙන ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසිද්ධියක් ලැබීමට හේතුවන බව පැවසිය යුතුය. එවැනි සුබ යෝගයක් ලැබෙන්නේ බොහෝ කලාතුරකින් විය හැකිය.

අධ්‍යාපනය ගැන සැලකීමේදී කේන්ද්‍රයේ දසවැන්න ගැන ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. මෙහි රවි, බුධ යෝගයක් යෙදුණු විට ඔහු සාර්ථක අධ්‍යාපනයක් අවසන් කර පිළිගත් ඉහළ රැකියාවකට යනු ඇත. රවි, කුජ, බුධ දසවැන්නේ යෙදී ගුරු පස්වැන්නේ යෙදුණේ නම් ඒ දරුවා සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා පිරිසක් පාලනය කරන බලවත් ආරක්ෂක නිලධාරියකු වෙයි. යුද හමුදාව, පොලීසිය ආදී ක්ෂේත්‍රවලට අවතීර්ණ වන හෝ ප්‍රායෝගික නිපුණතාවයෙන් ප්‍රවීණ බවට පත්ව ඉහළ තනතුරැවලට යාමට ඇති ඉඩ වැඩි කරගනී.

මේ අනුව පෙනී යන්නේ අධ්‍යාපනය සඳහා ජන්ම කේන්ද්‍රයේ යහපත් ග්‍රහයන් පිහිටීම ඉතාම වැදගත් වන බවය. යම් දරුවකුගේ කේන්ද්‍රය සකස් කරන විටම ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකුට ඔහුගේ අනාගතය පිළිබඳ අනාවැකි පැවසීමට අපහසු නොවේ.

18/09/2025

ඔබගේ ජීවිතයේ අතීතය,වර්තමානය සහ අනාගතය පිළිබදව සියළුම තොරතුරු සහිතව ඔබගේ රැකියාව,පවුල් ජීවිතය,විවාහය,සහකරු/සහකාරිය,දෙමව්පියන්/දරුවන් පිළිබඳව සියළුම විස්තර, අලුත උපන් දරුවන්ට නම් තැබීම, අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාර වලට නම් තැබීම, ඔබගේ උපන් දිනය,උපන් වේලාව සහ නම භාවිතයෙන් අංක විද්‍යාව මූලික කරගෙන අප ඔබට ඉදිරිපත් කරයි.

අදම ඔබගේ,ඔබගේ සහකරු/සහකාරිය ගේ, දෙමව්පියන්ගේ,දරුවන්ගේ,පෙම්වතිය/පෙම්වතාගේ සියළු තොරතුරු විමසා ජීවිතය පිළිබඳ ඉදිරි තීරණ ගන්න.

මීට අමතරව ඔබට දැනගත යුතු වෙනත් ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාගත හැක.

සීමිත පිරිසකට පමණයි.

07/09/2025

නිරන්තර නොපසුබට උත්සාහය අලසකමට සහ එකතැන පල්වීමට වඩා හොඳය.

Send a message to learn more

30/08/2025

විශ්වය අද ඔබට මෙසේ කියයි
ඔබේ ජීවිතයට ආදරය කිරීමට ඉගෙන ගන්න, දැන්ම,
ඔබ දැන් සිටින කාලය වාසනාවන්තයි මේ ඔබේ කාලයයි.
ඔබේ දුක ප්‍රීතියටත්, තනිකම ආදරයටත්,
හිඟකම බහුල බවටත් හැරෙනු ඇත.
ඔබට මාර්ගය නොතේරෙන විට පවා
මගේ සැලැස්ම විශ්වාස කරන්න.
වාසනාවේ දොරවල් විවෘත වනු ඇත.

Send a message to learn more

30/08/2025

ඉතා ඉක්මනින්, ඔබේ ජීවිතයේ
ඔබ කිසිදා නොසිතූ දෙයක් සිදුවීමට නියමිතයි.
මෙය ඔබේ සිහින සැබෑ වන
නව ආරම්භයක් වනු ඇති අතර,
ඔබට වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්
ප්‍රතිඵල ලැබෙනු ඇත

Send a message to learn more

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Iru Astro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram