27/11/2021
✳️සයටිකා (Sciatica) යනු බොහෝ දෙනෙක් හට එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී විශාල පීඩාවක් ගෙන දෙන රෝගී තත්වයකි.එය කකුලට සංවේදනය සපයන sciatic ස්නායුවේ ඇතිවන ගැටලුකාරී තත්වයක් නිසා හට ගනී.
✳️මෙම තත්වය බොහෝ අයට, පහල කොන්දේ වේදනාවක් ඇතිවිට විදුලියක් කකුල දිගේ යනවා මෙන් හෝ කකුල දිගේ සිදුවන හිරිවැටීමක් ලෙස දැනේ.වැඩිහිටියන්ගෙන් 40% ක පමණ ප්‍රමාණයකට මෙම තත්වය ඇති අතර බොහෝ දෙනක් Sciatica සම්බන්ධව වැරදි අවබෝධයන්හී ද ඇත.
👉සයටිකාව යනු කුමක්ද?
Sciatic ස්නායුව යනු ශරීරයේ දිගම සහ විශාලතම ස්නායුව වේ.එය පිටුපස කොන්දේ පහල ප්‍රදේශයේ සුෂුම්නාවෙන් (L4,L5,S1,S2 ) නිකුත් වන වන ස්නායූ එකතුවකින් ආරම්භ වේ.
මෙම sciatic ස්නායුව,එහි ගමන් මාර්ගයෙහි කුමන හෝ ස්ථානයකදී සිදුවන තෙරපුම් තත්ත්වයක් හෝ ඇදීමක් නිසා සරලවම sciatica තත්වය ඇති වේ.
👉සයටිකා තත්ත්වයට බලපාන හේතු ?
▶️කෙටියෙන් කිවහොත්, sciatic ස්නායුව (විශේෂයෙන් එය කොඳු ඇට පෙළෙන් පිටවන ස්ථානයේ සිට) එහි ගමන් මාර්ගයෙහි දී සම්පීඩනය කරන ඕනෑම දෙයක් නිසා sciatica ඇති කළ හැක. වඩාත් සුලභ හේතූන් සමහරක් පහතින් දක්වා ඇත.
↪️හර්නීයකරණයට ලක් වූ කශේරුක තැටි (Lumbar Herniated Disc) -
▶️lumbar තැටියේ ජෙලි වැනි කේන්ද්‍රයට පිටත ඝන තට්ටුව කැඩී ඒ අසල ඇති sciatic ස්නායු මූලය උද්දීපනය කළ හැකිය. තැටියේ හර්නීය කරන වූ කොටස ප්‍රෝටීන් වලින් පිරී ඇති අතර ඒවා ස්නායු මූලයට ළඟා වන විට දැවිල්ල ඇති කරන අතර දැවිල්ල මෙන්ම ස්නායු සම්පීඩනය ද ස්නායු මූල වේදනාවටද හේතු වෙයි.මෙය ඉතා දැඩි වේදනාවක් ඇති කරයි.sciatica ඇති වීමට ප්‍රධානම හේතුව මෙම තත්වයයි.
↪️අන්තර් කශේරුක තැටි පරිහානිය ( Intervertebral degenerative disc ) -
▶️කාලයත් සමඟ මිනිසුන් වයසට යත්ම තැටි වල සජලනය නැති වී යයි. තැටියේ සජලනය නැති වීම නිසා එයට බලවේග වලටද ප්‍රතිරෝධය දැක්වීමට නොහැකි වන අතර, හර්නියා ඇතිවීමට මෙය හේතුවිය හැක.මේ නිසා sciatic ස්නායු මුලය මත පීඩනය ඇති වේ.spinal ස්ටෙනෝසිස් තත්වයට ද මෙය හේතුකාරක වේ.
↪️කොඳු ඇට පෙළේ ස්ටෙනෝසිස් ( spinal stenosis)-
▶️මෙම තත්ත්වය නිසා sciatic ස්නායු මූලයන් පිහිටි කොඳු ඇට පෙළ පටු වීම තුළින් වේදනාව ඇති කරයි. පටු වීම කොදු ඇට පෙලේ පහල තනි මට්ටමක හෝ මට්‍ටම් කිහිපයක ඇති විය හැකිය.
↪️ස්පොන්ඩිලොලිස්තේසිස් ( Spondylolisthesis)-
▶️මෙම තත්ත්වය ඇති වන්නේ එක් කශේරුකාවක් යාබද කශේරුකාවක් මතින් ලිස්සා යාමේදී ය.මෙහි ආකාර 5 ක් ඇත.නමුත් වඩාත් සුලභ වන්නේ ෆැසෙට් සන්ධිවල යාන්ත්‍රික අස්ථාවරත්වය නිසා ඇති වන ස්නායු සම්පීඩනය හේතුවෙන් ඇතිවන වේදනාවයි.මෙමගින් sciatic ස්නායුව තද කල හැක.
↪️අසාමාන්‍යය අස්ථිමය කොටස් (Bony spurs)-
▶️කශේරුකාව මත අස්ථි කොටස් (ඔස්ටියෝෆයිට්) අධික ලෙස වැඩීම sciatic ස්නායු මූලයන් මත පීඩනය ඇති කල හැක. මෙම අස්ථි කොටස් බොහෝ විට ඔස්ටියෝ ආතරයිටිස් මගින් පීඩාවට පත් වූ කශේරුකා අසල ඇතිවේ.
↪️පිරිෆෝමිස් රෝගය ( Piriformis syndrom )-
▶️piriformis මාංශ පේශිය සාමාන්‍යයෙන් තට්ටම් වල ඇති sciatic ස්නායුව මතින් ගමන් කරන අතර මාංශ පේශි ඉතා තද වුවහොත් sciatic ස්නායුව සම්පීඩනය කළ හැකිය. දිගු වේලාවක් වාඩි වී සිටීම, පඩිපෙළ නැගීම, ඇවිදීම හෝ දිගු වේලාවක් වාහන ධාවනය කිරීමෙන් රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරිය හැක. Piriformis මාංශ පේශිය යනු ඔබේ කොඳු ඇට පෙළට පහළින් ඇති ත්‍රිකෝණාකාර අස්ථියේ සිට උකුල් සන්ධියේ කලවා අස්ථියේ ඉහළට දිවෙන පැතලි පටියක් වැනි මාංශ පේශියකි.
⛔ sciatica හා සමාන රෝග ලක්ෂණ ඇති කරන වෙනත් රෝග තත්වයන්ද පවතින මුත් ඒවාට sciatic ස්නායුවේ බලපෑමක් නොමැත.උදාහරණයක් ලෙස
සේක්‍රෝඅයිලියැක් සන්ධි අක්‍රියතාවය (sacroiliac dysfunction) යනු ශ්‍රෝණියෙහි ඇති වන සන්ධි ගැටලුවක් වන අතර එය උඩු කකුල සහ තට්ටම් ප්‍රදේශයේ දක්වා විහිදෙන වේදනාවක් ඇති කරයි.
👉සයටිකාහී රෝග ලක්ෂණ ?
➡️පිටුපස කොන්දේ පහල පෙදෙසින් වේදනාව ආරම්භ වී විදුලියක්,හිරිවැටීමක් හෝ දැවෙන්නක් ලෙස කකුලේ පිටුපස ඔස්සේ පහලට ගමන් කෙරේ.ඇතැම් විට කකුලේ හදිසි පණ නැති වීමක් ලෙසද මෙය දැනිය හැක.මෙම වේදනාව ඔබේ තට්ටම,කලවා වල සිට විලුඹ දක්වාම ගමන් කල හැක.
➡️Sciatic ස්නායු වේදනාව මෘදු බවේ සිට ඉතා වේදනාකාරී තත්ව දක්වා වෙනස් විය හැකි අතර ඔබ බොහෝ වේලා පහතට නැමී සිටින විට, ඔබේ කොඳු ඇට පෙළ කරකවන විට හෝ කැස්ස ඇති වන විට වේදනාව නරක අතට හැරිය හැක.
👉 ඔබේ එක් කකුලකට එක් sciatic ස්නායුව බැගින් කකුල් දෙකට sciatic ස්නායූ දෙකක් (ඔබේ ශරීරයේ එක් පසකට එකක්) තිබුණද, sciatica රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සිදුවන්නේ ශරීරයේ එක් පැත්තක පමණි. ඔබට ඔබේ පාද දෙකෙහිම පහළට විහිදෙන වේදනාවක් ඇත්නම්,ඇතැම් විට එම වේදනාව Sciatica තත්වය නොවිය හැක.සාමාන්‍යයෙන් sciatica ඇති වන්නේ එක් කකුලක් දිගේය.
⏩කෙසේ නමුත් මෙම කුමන තත්වයක් පැවතියත් ඔබගේ භෞත චිකිත්සක වරයාට එය හදුනාගෙන ප්‍රතිකාර කල හැකි අතරම ඔබට මෙවැනි ආකාරයේ යම් වේදනාවක් දැනුනහොත් ස්වයං විනිශ්චයන්ට යාමෙන් වැලකී වෛද්‍යවරයෙකුට හෝ පිළිගත් භෞත චිකිත්සක වරයෙකුට යොමු වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබගේ වටිනා කාලයත් අනවශ්‍ය පරීක්ෂණ වලට වැය වන මුදලත් ඉතිරි කර ගත හැකි වනු ඇත.
👊 ඔබට නිවසේ සිටම කල හැකි මෙම sciatica රෝගී තත්වය මග හරවා ගත හැකි සරල ව්‍යායාම ආකාර කිහිපයක් පහත ජායාරූප මගින් දක්වා ඇත.මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සහ ප්‍රතිකාර සදහා අප හා සම්බන්ධ වන්න.🤗
😊 මෙවන් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්දයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ YUJEN Physio Page එකට ලයික් 👍 කර අප සමගින් දිගින් දිගටම රැදී සිටින්න.✌️
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio