Dr Tharanga Samarasekara

Dr Tharanga Samarasekara Heal | Serve | Teach | Learn | Travel | Live

27/01/2026

Ask your nutrition professor' ලිපි මාලාව අංක - 16

විටමින් E පෝෂණ අතිරේකයක් ලෙස භාවිතා කිරීමෙන්, ඔබ ජීවිතක්ෂයට පත්වීමට ඇති හැකියාව වැඩිවේද?

අද මා අදහස් දැක්වීමට බලාපොරොත්තු වන්නේ විටමින් E පෝෂණ අතිරේකයක් ලෙස ගැනීමෙන් ජීවිත අවදානමට ඇති බලපෑම පිළිබඳවයි. මෙවර මෙම මාතෘකාව මා තෝරාගැනීමට හේතුපාදක වන්නේ, මා වෙත පැමිණෙන බොහෝ රෝගීන්, වෛද්‍ය නිර්දේශයකින් තොරව ඉතා දිගු කාලයක්, ඇතැම් විට වසර ගණනාවක් මුළුල්ලේ විටමින් E පෝෂණ අතිරේකයක් ලෙස භාවිතා කිරීමයි. අක්මාවෙහි මේදය තැන්පත් වීම වැනි රෝගී තත්ත්වවලදී ඇතැම් විට වෛද්‍යවරුන් විසින් විටමින් E නිර්දේශ කරන අතර, මම අදහස් දැක්වීමට බලපොරොත්තු වන්නේ එවන් රෝගී තත්ත්වයක් හෝ ඌනතාවයක් හේතුවෙන් නිර්දේශ කරනු ලැබූ විටමින් E පෝෂණ අතිරේක පිළිබඳව නොවේ. මෙහිදී විශේෂයෙන්ම අවධානයට ගනු ලබන්නේ, වෛද්‍ය නිර්දේශයකින් තොරව සම, හිසකෙස් හි මනා වර්ධනය , හෘදයාබාධ අවදානම අඩු කර ගැනීම , මස් පිඩුවල වේදනාව සමනය කිරීම වැනි නොයෙකුත් හේතුන් මත තමා විසින්ම නියම කොට ගෙන විටමින් E පෝෂණ අතිරේකයක් වශයෙන් දිගු කාලයක් ලබා ගැනීමයි. මෙවන් අවස්ථාවලදී බොහෝ විට භාවිත කරනු ලබන්නේ මිලිග්‍රෑම් 400 යේ (එනම් 800 IU ට වඩා වැඩි) විටමින් E මාත්‍රාව අඩංගු කොළ පැහැති කැප්සියුල්ස් වන අතර මෙය සලකනු ලබන්නේ අධි මාත්‍රාවක් ලෙසය. මෙම මාත්‍රාව අධිමාත්‍රාවක් ලෙස සලකනු ලබන්නේ කුමක් නිසාදයත්, සාමාන්‍ය පුද්ගලයෙක් සඳහා දිනකට අවශ්‍ය වන්නේ විටමින් E මිලිග්‍රෑම් 15 ක පමණ ප්‍රමාණයක් වන බැවින් හා, අප එදිනෙදා පරිභෝජනය කරනු ලබන ධාන්‍ය, එළවළු, තෙල් වර්ග, ඇට වර්ග ආදිය භාවිතයෙන් මෙම මාත්‍රාව පහසුවෙන් ශරීරයට ලබාගත හැකි බැවිනුත්ය. එබැවින් විටමින් E ඌණතාවයක් ලෙස වාර්තා වීම ඉතා විරලය.

මෙම කතිකාවත සඳහා මා තෝරාගන්නේ ලොව පුරා පවතින Internal Medicine සඟරා අතරින් අංක එකෙහි රැඳී පවතින Annals of Internal Medicine නම් අන්තර්ජාතිකව පිළිගත් සඟරාවේ 2005 වසරේ පළ වූ, Edgar R.Miller ඇතුළු පිරිස විසින් සිදු කරන ලද, ආන්දෝලනයකට තුඩුදුන් meta-analysis පර්යේෂණයයි. මෙම පර්යේෂණය සඳහා පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයකගේ දත්ත යොදාගෙන ඇති අතර Randomized Controlled Trials 19ක දත්ත සම්පින්ඩනය කොට ඇත. මෙයින් පර්යේෂණ නමයක විටමින් E පමණක් පෝෂණ අතිරේකයක් ලෙස ලබාදී ඇති අතර, අනෙක් පර්යේෂණවලදී විටමින් E සමග තවත් විටමින් වර්ග හෝ ඛනිජ ලවන ලබා දී ඇත. මෙහිදී විටමින් E දිනකට 16.5 IU සිට 2000 IU දක්වා ප්‍රමාණයකින්, මධ්‍යයනයක් වශයෙන් 400 IU වන සේ ලබා දී ඇත. මෙහිදී මොවුන් අධිමාත්‍රාව ලෙස සලකා ඇත්තේ 400 IU ට වඩා අධිකව ලබා ගැනීමයි. මෙම පරීක්ෂණයේදී මෙලෙස අධි මාත්‍රාවෙන් විටමින් E පෝෂණ අතිරේකය ලබා ගත් පුද්ගලයින් සහ placebo ලබාදුන් පුද්ගලයින් අතර ජීවිතක්ෂයට පත්වීමේ හැකියාව (All-cause mortality) සංසන්දනය කර ඇත. මෙහි දී පෙන්වා දී ඇත්තේ පුද්ගලයින් 10 000ක් ගත් කල, placebo ලබාදුන් පුද්ගලයින්ට සාපේක්ෂව, විටමින් E අධි මාත්‍රාවෙන් ගත් පුද්ගලයින්ගෙන් වැඩිපුර 39 දෙනෙකුට, ජීවිතක්ෂයට පත්වීමේ හැකියාව අධික බවයි (39 deaths per 10 000 people). එනම් ජීවිතක්ෂයට පත්වීමේ හැකියාව 4%කින් වැඩි බවයි. මෙහිදී විටමින් E මාත්‍රාව අධිකවත්ම ජීවිතක්ෂයට පත්වීමේ හැකියාවද වැඩි වන බව (dose response) පෙන්වා දී ඇත. ඔවුන් පෙන්වා දෙන පරිදි 150 IU මාත්‍රාවේ සිටම, මෙම ජීවිතක්ෂයට පත්වීමට ඇති හැකියාව/අවදානම ආරම්භ වන බවයි.

මෙම පෙන්වාදීම්වලින් පසුව ඔබ පුදුම වෙනවා ඇති විටමින් E මගින් කෙසේ මෙම අවාසිදායක ප්‍රතිඵල ලබා දෙන්නේද කියන කාරණය පිළිබඳව. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපාන අතර, පළමුවන හේතුව වන්නේ විටමින් E මගින් ලේ කැටි ගැසීමේ හැකියාව අවම කිරීමයි. පර්යේෂණ වාර්තාවකින්ද පෙන්වන පරිදි විටමින් E අධික මාත්‍රාවකින් ගැනීමෙන් මොළයේ ලේ නහර පිපිරීම හේතුවෙන් ඇතිවන ආඝාත (haemorrhagic stroke) නිසා ජීවිතක්ෂයට පත්වීමේ අවධානම වැඩිය. දෙවන හේතුව වන්නේ විටමින් E ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් වුවද, එය අධිමාත්‍රාවෙන් පෝෂණ අතිරේකයක් ලෙස ගත් කළ, ඔක්සි කාරක ක්‍රියාවලියේ උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීමයි.

සාරාංශයක් වශයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ ඌණතාවයක් රහිතව, විටමින් E පෝෂණ අතිරේකයක් ලෙස 400 IU ක අධිමාත්‍රාවකින් දිඟු කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන්, ජීවිතක්ෂයට පත්වීමේ හැකියාව/අවධානම 4%ක අගයකින් වැඩි වන බවයි.

මහාචාර්ය රනිල් ජයවර්ධන
පෝෂණය පිළිබඳ මහාචාර්ය
2026.01.24

Meta-analysis: high-dosage vitamin E supplementation may increase all-cause mortality

https://pubmed.ncbi.nlm.nih.gov/15537682/

16/01/2026

Good Morning Everyone!
This is our morning alarm!!
🦜 🦜 🦜🦜🦜

Wishing you and your family a joyful and blessed Pongal!
15/01/2026

Wishing you and your family a joyful and blessed Pongal!

ඉතා හොඳ පැහැදිලි කිරීමක්! කරුණාකර ඔබේ කාලය ගෙන හොඳින් කියවන්න.Thank you Professor Ranil Jayawardena for taking your time...
10/01/2026

ඉතා හොඳ පැහැදිලි කිරීමක්! කරුණාකර ඔබේ කාලය ගෙන හොඳින් කියවන්න.
Thank you Professor Ranil Jayawardena for taking your time to write a balanced review.

𝐀𝐬𝐤 𝐲𝐨𝐮𝐫 𝐧𝐮𝐭𝐫𝐢𝐭𝐢𝐨𝐧 𝐩𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫' *ලිපි මාලාව අංක - 14*

ඇමෙරිකානු ආහාර මාර්ගෝපදේශය හා බැඳුණු වැරදි සහගත අවබෝධයන්

අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දින දෙකකට පෙරාතුව ඇමරිකාව විසින් අමෙරිකානු ජනතාව සඳහා නිර්දේශ කරනු ලැබූ ආහාර මාර්ගෝපදේශය (dietary guideline) පිළිබඳවයි. සාමාන්‍යයෙන් මෙම පෝෂණ මාර්ගෝපදේශ සකසනු ලබන්නේ තනි පුද්ගලයෙකුගේ නොව, රටක මුළු ජනගහනයට අදාළ වන පරිදිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන පරිදි මෙම ආහාර මාර්ගෝපදේශ අනුකූල කළ ගත යුතුය.
ඇමරිකාව විසින් හඳුන්වා දුන් මෙම මාර්ගෝපදේශයෙහි, වෙනස්කම් කීපයක් දැකිය හැකි අතර, මතුපිටින් බැලූ අයෙකුට එකවර පෙනී යනුයේ, ආහාර පිරමීඩය උඩු යටිකුරු කිරීමක් ලෙස පමණි.

මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ ආහාර මාර්ගෝපදේශයෙහි එන, මෙම ප්‍රධාන වෙනස්කම් හඳුන්වාදීම සඳහා බලපෑ පසුබිමයි. දැනට ඇමෙරිකාවේ ජනගහනයෙන් 70%කට අධික ප්‍රමාණයක් අධිබර සහ ස්ථූලතාවයෙන් පෙළෙන බව සොයාගෙන ඇත. එමෙන්ම ඇමෙරිකානුවන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් පූර්ව දියවැඩියාව සහ දියවැඩියාව තත්ත්වයන්ගෙන් පෙළේ. තවද ආහාර මාර්ගය ආශ්‍රිත ගැටලු මෙන්ම, බඩවැල් ආශ්‍රිත පිළිකාද අමෙරිකානුවන් අතර සුලභව දක්නට ලැබේ. ඇමරිකාවේ සෞඛ්‍යය සඳහා යන වියදමින් 90%කටත් වඩා වැඩි ප්‍රමාණයක් වැය වන්නේ, මෙම නිධන්ගත රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සඳහා බව පැවසේ. මෙම රෝග පාලනය සඳහා ගත් තවත් පියවරක් ලෙස ඉතා මෑතකදී හඳුන්වා දුන් මෙම ආහාර මාර්ගෝපදේශය සඳහන් කළ හැකිය. මෙහි අන්තර්ගත කරුණු සෑම රටකටම සෑම පුද්ගලයකුටම එකලෙස නොගැලපෙන නමුත්, මෙහි එන බොහෝ කරුණු අප ආහාර රටාව හා අනුබද්ධිත වන අතර, විශේෂ කරුණු මා මාර්ගෝපදේශයේ සඳහන් වන පරිදි මෙලෙසින් පෙළ ගැස්වීමට බලාපොරොත්තු වෙමි.

මෙම මාර්ගෝපදේශයෙහි එන ඉතා වැදගත් පණිවිඩයක් වනුයේ 'Eat real food' යන්නයි. මෙහි අර්ථය වන්නේ 'නියම'/ 'සැබෑ' ආහාර පරිභෝජනය ඉතා වැදගත් බවයි. මෙයට හේතුව ඇමෙරිකානුවන් බහුතරයක් සැකසූ ආහාර (processed food) පරිභෝජනය සඳහා පුරුදු වී සිටීමයි. රස මෙන්ම පරිභෝජනයේ පහසුව ද හේතුවෙන් sausages, chips, සමහර breakfirst cerials, burgers, pizzas, doughnuts, cookies සහ අධික සීනි අඩංගු කාබනිකෘත පාන වර්ග (fizzy drinks) වැනි සැකසූ ආහාර භාවිතය ඇමරිකාවෙහි ඉතා සුලභය. මෙය ලංකාවට වඩා අදාල නොවන්නේ අප බොහෝවිට පරිභෝජනය කරනු ලබන්නේ බත් සහ ව්‍යාංජන, ඇට වර්ග, එළවළු, පලතුරු වැනි සැබෑ ආහාර වන අතර, අමෙරිකානුවන් තරම් සැකසූ ආහාර පරිභෝජනය අප අතර ඉතා සුලභ නොවන බැවින්ය.

මෙහි සඳහන් වෙන පරිදි ඉතා වැදගත් පළමුවන පණිවිඩය වනුයේ, තමාගේ උස, බර, ස්ත්‍රී-පුරුෂ භාවය, වයස සහ කායික ක්‍රියාකාරකම් මට්ටමට ගැලපෙන පරිදි ආහාර පරිභෝජනය කිරීමයි. මෙහිදී ඔවුන් portion control (ආහාර ප්‍රමාණය පාලනය කිරීම) මෙන්ම සජලනයේ වැදගත්කම ද මනාව පැහැදිලි කොට ඇත. මීට අමතරව මෙම මාර්ගෝපදේශයේ එන අනෙක් වැදගත් නිර්දේශයන්, පෝෂණවේදී වෛද්‍යවරුන් ලෙස අප නිරතුරුව ඔබ වෙත ඉදිරිපත් කර ඇති අතර, මෙහිදී ද නැවත මා ඒ පිළිබඳව මතක් කරන්නට කැමැත්තෙමි. ඔවුන් සඳහන් කර ඇති පරිදි දෙවන වැදගත් පණිවිඩය වනුයේ, උසස් තත්ත්වයේ ප්‍රෝටීන් පරිභෝජනය කිරීමයි. මේ සඳහා සත්ත්ව මය ප්‍රෝටීන් ප්‍රභව ලෙස මස්, මාළු, බිත්තර ආදිය ද පරිප්පු, කඩල, මුං ඇට, සෝයා ඇට, ටෝෆූ ආදී ශාකමය ප්‍රෝටීන ප්‍රභවද අඩංගු කරගත හැකි බව ඔවුන් පෙන්වා දී ඇත. එමෙන්ම මෙම ප්‍රෝටීන් ප්‍රභව අමතර තෙල් එකතු කිරීමකින් තොරව සැකසීමේ වටිනාකම ද ඔවුන් පෙන්වා දී ඇත. මෙහිදී පෙර නිර්දේශයන්වලට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් දෛනිකව පරිභෝජනය කළ යුතු බව පෙන්වා දී ඇත. එනම් කිලෝග්‍රෑම්යක ශරීර බරට දෛනිකව ප්‍රෝටීන් ග්‍රෑම් 1.2ත් 1.6ත් අතර ප්‍රමාණයක් ලෙස පරිභෝජනය කළ යුතු බව පෙන්වා දී ඇත. උදාහරණයක් ලෙස කිලෝ ග්‍රෑම් 70ක් බර ඇති ශ්‍රී ලාංකිකයෙක්, දෛනිකව ප්‍රෝටීන් ග්‍රෑම් සීයක් පමණ ආහාරයට එකතු කරගත යුතුය. මෙය සපුරා ගැනීම අපහසු නොවන අතර, දෛනිකව ඔබ ලබාගන්නා කිරි වීදුරු දෙක තුනකින්, එක් ප්‍රධාන වේලකට ග්‍රෑම් 60ත් ග්‍රෑම් 70ත් පමණ වන සේ ප්‍රධාන වේල් තුන සඳහා මස් හෝ මාළු පරිභෝජනය මගින්, සහ අනෙකුත් පරිප්පු වැනි රනිලභෝග, එළවළු හා බත් අනුභවය මගින් මෙම දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාගත හැකිය. මෙය කිසිසේත්ම ප්‍රෝටීන් අධික ආහාර වේලක් නොවන අතර, අනෙක් ආහාර කාණ්ඩවලට සාපේක්ෂව වැඩිපුර මස් මාංශ අනුභව කිරීමට අනුබල දීමක් ද නොවේ.

මාර්ගෝපදේශයෙහි සඳහන් තවත් වැදගත් පණිවිඩයක් වන්නේ කිරි පරිභෝජනය නිර්දේශ කිරීමයි. පසුගිය ලිපියෙන් අප පෙන්වා දුන් පරිදි කිරි පරිභෝජනය මගින් බර අඩුවීමටද උපකාරී වේ. කිරි ඉතා පෝෂ්‍යදායී ආහාරයක් වන අතර එහි ප්‍රෝටීන්, හිතකර තෙල් මෙන්ම අනෙකුත් විටමින් හා ඛනිජ ලවන ද අඩංගු වේ. ඔවුන් නිර්දේශ කරනුයේ දිනකට කිරි හෝ කිරි ආශ්‍රිත නිෂ්පාදන අවම වශයෙන් තුනක් වත් පරිභෝජනය කරන ලෙසය.

මෙහි එන තවත් වැදගත් නිර්දේශයක් වනුයේ දිනය පුරා එළවළු හා පලතුරු ආහාරයට එක් කර ගැනීමයි. මෙම ආහාර මාර්ගෝපදේශයෙහි ඔවුන් නිර්දේශ කර ඇත්තේ එක් වරකට ග්‍රෑම් 80 බැගින් වන එලවලු සේවනයන් (servings) තුනක් පමණ දෛනිකව පරිභෝජනය කළ යුතු බවය. එමෙන්ම පලතුරු සම්බන්ධව ගත් කළ, ඔවුන් නිර්දේශ කර ඇත්තේ දිනකට අවම වශයෙන් නැවුම් පලතුරු වර්ග දෙකක්වත් අනුභවය උචිත බවය. පලතුරු භාවිතය මගින් අත්වන වාසි රැසක් පිළිබඳව අප පසුගිය ලිපියකදී ද ඔබ වෙත මතක් කර සිටියෙමු.

ඔවුන් සඳහන් කර ඇති අනෙක් සුවිශේෂී පණිවිඩය වන්නේ හිතකර මේද පරිභෝජනයයි.
මේ හා සම්බන්ධව, ලංකාව තුළ පැතිර යන මිත්‍යා මතයක් වන්නේ සංතෘප්ත මේද අම්ල (saturated fatty acids) අසීමිත ලෙස පරිභෝජනය කළ යුතු බවයි. නමුත් මෙම මාර්ගෝපදේශය තුළින් ද, මීට ප්‍රථමව නිර්දේශ වූ මාර්ගෝපදේශ හා සමානවම,ඔවුන් නිර්දේශ කර ඇත්තේ සංතෘප්ත මේද අම්ල 10%ට වඩා ආහාරයට එක්කර ගැනීම නුසුදුසු බවයි. එබැවින් ලාංකික අප හට සංතෘප්ත මේද අම්ල ලබාදෙන ප්‍රධාන ප්‍රභව ලෙස පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගැනීම අවම කළ යුතුය .

ඔවුන්ගේ තවත් නිර්දේශයක් වනුයේ පූර්ණ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමයි. අප නිර්දේශ කරන පරිදි නිවුඩ්ඩ සහිත ධාන්‍ය ආහාරයට ගැනීම උචිතය. නමුත් ධාන්‍ය ආහාරයට ගැනීමෙන්, එයින් ලැබෙන අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සීමිත බැවින් (low nutrient-density) සහ මේවායෙහි anti-nutrients අඩංගු බැවින්, මෙහි ප්‍රමාණ අඩු වශයෙන් පරිභෝජනය උචිත බව නිර්දේශ කර ඇත. මෙහිදී මීට පෙරාතුව මාර්ගෝපදේශවලින් හඳුන්වා දුන් ආකාරයට සහ පෝෂණ වෛද්‍යවරුන් ලෙස අපද දැනුවත් කර සිටි පරිදි සුදු පාන් මෙන්ම, refined (පිරිසිදු කරන ලද) පිටිවලින් සැකසූ ආහාරද අවම කිරීම නිර්දේශ කර ඇත.

සීනි හා පැණිරස ආහාර සම්බන්ධයෙන් ගත් කළ ඔවුන් නිර්දේශ කර ඇත්තේ ඒවා භාවිතය අවම කළ යුතු බව අතර, දෛනිකව එක් කරන අමතර සීනි ප්‍රමාණය ග්‍රෑම් දහයට වඩා අඩු විය යුතු බවය.

මා වෙත බොහෝ දෙනා යොමු කරන තවත් ගැටළුවක් වන්නේ, මෙම ඇමරිකානු ආහාර මාර්ගෝපදේශයෙන් නිර්දේශ කරනුයේ, ketogenic diet එකක් පිළිබඳවද යන්නයි. එනම් බත්, එළවලු, පරිප්පු ආදී රනිලභෝග,පලතුරු, කිරි පරිභෝජනය අවම කර, මස්, මාළු, පොල්තෙල්, මී කිරි අධිකව පරිභෝජනය කිරීමට අනුබල දී ඇද්ද යන්නයි. මෙය සම්පූර්ණ වැරදි සහගත අවබෝධයකි. මෙවැනි වැරදි සහගත අවබෝධ අනෙක් මහජනතාව වෙතද පතුරුවා හරින්නන් බොහෝ විට පෝෂණය පිළිබඳව මනා දැනුමක් නොලද පුද්ගලයින්ය. මොවුන් තුළ පවතින පටු දැක්ම හේතුවෙන් මෙම ආහාර මාර්ගෝපදේශවල සඳහන් නිර්දේශ මොවුන් වැරදි ලෙස හුවා දක්වමින් මහජනතාව මුළා කිරීමට පෙළඹී සිටිනවා. Ketogenic diet හි මූලික පදනම වනුයේ කාබෝහයිඩ්‍රේට් අවම කිරීම සහ මේදය අඩංගු ආහාර වැඩිපුර ඇතුළත් කිරීමයි.
නමුත් මෙම මාර්ගෝපදේශයේ පැහැදිලිවම කාබෝහයිඩ්‍රේට් අඩංගු වන ආහාර කාණ්ඩ වන කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, එළවළු, පලතුරු මෙන්ම රනිල බෝග ද නිර්දේශ කර ඇත. පරිභෝජනය කළ යුතු ප්‍රමාණය අවම කළද පූර්ණ ධාන්‍ය භාවිතය ද නිර්දේශිතය. එමෙන්ම සන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය අවම කිරීමට ද නිර්දේශ කර ඇත.

සමස්තයක් ලෙස ගත් කල ප්‍රකාශ කල හැක්කේ, මෙම පෝෂණ මාර්ගෝපදේශය තුළින් සිදු කර ඇත්තේ, මෙතෙක් කල් පෝෂණ වෛද්‍යවරුන් ලෙස අප ලබාදුන් නිර්දේශ වලට පටහැනිව ඒවා උඩු යටිකුරු කිරීමක් නොව, ඒවා තවදුරටත් ස්ථිර කරමින්, සැකසූ ආහාර සහ සීනි අඩංගු ආහාර භාවිතය අවම කිරීම මෙන්ම, නැවුම් එළවළු, පලතුරු, පූර්ණ ධාන්‍ය, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, රනිල බෝග මෙන්ම උසස් තත්ත්වයේ ප්‍රෝටීන් පරිභෝජනය ද, නිර්දේශ කිරීම තුළින්, වඩා සෞඛ්‍යමත් ජීවන රටාවක් සඳහා මඟ පෙන්වීමකි.

පෝෂණය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන

2026.01.10

Reference - https://www.cacfp.org/2026/01/08/2025-2030-dietary-guidelines-for-americans-released/ #:~:text=The%20DGAs%20are%20updated%20every,processed%20foods%20and%20refined%20carbohydrates.

President Elect (2026)Sri Lanka College of Endocrinologists Lighting of the traditional oil lamp, wisdom, unity, and ren...
09/01/2026

President Elect (2026)
Sri Lanka College of Endocrinologists
Lighting of the traditional oil lamp, wisdom, unity, and renewed purpose—marking not just the start of a new year for the Sri Lanka College of Endocrinologists, but a shared journey of service, learning, and progress ahead.

Bless you! 🙏
09/01/2026

Bless you! 🙏

07/01/2026

⭕බල නහරෙ ඉදිමුණාද; Achilles tendinitis
==================================

⭕වළලුකර පිටුපස ඉදිමෙන එකක් ඉතාම බහුලව දකින්න පුළුවන් ඉතාම වේදනාකාරී තත්වයක්.

⭕ඔය අවස්ථාවේදී වෙන්නේ වළලුකර පිටුපස තියෙන achilles tendon එක අස්ථියට සවි වන තැන ඉදිමෙන එක. සාමාන්‍ය වහරේ බල නහරෙ කියන්නේ ඕකට තමා. දැන් අහන්න එපා මස් පිඩුවකට/කන්ඩරාවකට ඇයි නහරයක් කියන්නේ කියලා.

⭕Achilles tendon එක කියන්නේ කෙන්ඩේ තියන gastrocnemius සහ soleus කියන මස් පිඩු calcaneum කියන අස්ථියට හා වෙන්න ඔය මස්පිඩු එකට එකතුවෙලා හැදෙන කන්ඩරාව.

⭕ඇගේ තිබෙන විශාලතම සහ හයියම කණ්ඩරාව තමා ඕක. කොච්චර හයියද කියනවනම් ඔය කන්ඩරාවට මුලු ඇගේම බර එකවර ගන්න පුළුවන්.

⭕අපිට ඇවිදින්නවා දුවනවා උඩ පනිනවා වගේ හැම දෙයක්ම කරන්න ඔය කන්ඩරාව හොඳ සෞඛ්‍යයෙන් තියෙන එක අත්‍යවශ්‍යයි.

⭕ඔය කන්ඩරාවෙ එන ගැටලු විවිධ නම් වලින් හඳුන්වනවා. Tendonitis, tendinosis, tendinopathy, paratendinitis, enthesopathy, insertional tendonitis වගේ නම් වලින් හැඳින්වෙන්නේ ඔය කණ්ඩරාව එන ගැටලු තමා.

❌ආතරයිටිස් රෝග ගැන කිසිම අවබෝධයක් නැති අය නම් ඔය හැම එකටම කියන්නේ කැල්සියම් තැන්පත් වෙලා කියලා.

⭕ඔය කණ්ඩරාවේ එන ආතරයිටිස් රෝග වල තියෙන ප්‍රධානම ගැටලුව තමා වැරදියට ප්‍රතිකාර කලොත් කණ්ඩරාව ඉරියාම.

⭕එන රෝගයකට නිසි ප්‍රතිකාර නිසි කාලට ගන්නේ නැතුව හිටියහම කන්ඩරාවේ ප්‍රදාහය නිසා සහ කන්ඩරාව දුර්වල වෙන නිසා ඕක අන්තිමට ඉරිලා යන එක තමා වෙන්නේ.

⭕ඕක ක්‍රීඩකයන් අතර ඉතාම බහුලවම දකින්න පුළුවන්. විශේෂයෙන් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් අතරින් ඔය කන්ඩරාවේ ගැටලුවක් ආපු නැති කෙනෙක් හොයාගන්න අමාරු තරම්. එතකොට ඕක අපි ගන්නේ overuse induced (ඕනාවට වඩා කන්ඩරාව පාවිච්චිය නිසා) කියලා.

⭕අනෙක් අවස්ථාවලදී ආතරයිටිස් රෝග නිසා, ස්නායු රෝග නිසා ලේ නහරවල රෝග නිසා ඔය කණ්ඩරාවෙ ගැටලු එන්න පුලුවන්.

⭕මෙම ලිපිය ලියල තියෙන්නෙ ආතරයිටිස් රෝග නිසා ඔය කන්ඩරාවට එන්න පුළුවන් බලපෑම ගැන.

⭕මම ඉහත සඳහන් කළ අවස්ථාවලට අමතරව ස්ථූල අයට, පිරිමි අයට, වයස්ගත අයට, සහ දියවැඩියාව තියෙන අයට ඔය කන්ඩරාවේ ආතරයිටිස් ගැටලු වෙන අවදානම වැඩියි. ඊට අමතරව කකුලේ පිහිටීමේ වෙනස්කම් තියෙන අයටත් (flat feet, short leg, high arched foot) ඔය කණ්ඩරාව ගැටලු එන අවදානම වැඩියි.

⭕සමහර ප්‍රතිජීවක ඖෂධ නිසාත් ඔය කන්ඩරාවේ ගැටලු එන්න සුළු අවදානමක් තියෙනවා.

⭕Achilles tendinitis එන ප්‍රධාන ආතරයිටිස් වර්ග තමා Spondyloarthritis සහ Psoriatic arthritis වගේ රෝග.

⭕ඔය කන්ඩරාවේ වේදනාව හරියටම එන්නේ කණ්ඩරාව අස්ථියට හයිවෙන තැන සිට සෙන්ටිමීටර දෙකේ සිට හය දක්වා උඩ පැත්තට වෙන්න.

⭕අර ඉහත සඳහන් කල ආතරයිටිස් රෝග වල කොටසක් හැටියට එනකොට උදේට නැගිටලා කකුල බිම තියාගන්න තියෙන අමාරුව, එකපාර ඇවිදගෙන යන්න තියෙන අමාරුව එහෙම බහුලව දකින්න පුළුවන්.

⭕මේක පටලවා ගන්න එපා විළුඹ බිම තියෙනකොට රිදෙන platar fasciitis තත්වය එක්ක.

⭕ඔය කන්ඩරාව අස්තියට හාවෙන තැනම අල්ලන කොට ගොඩක් රිදෙනවා නම් ඒ ඇව්ල්ලා තියෙන්නේ enthesopathy තත්වය (Insertional tendinitis කියලත් ඕකටම තමා කියන්නේ). Haglund deformity කියල හඳුන්වන ඔය හරිය දිගටම ඉදිමිලා තියෙන තත්ත්වය එන්නේ ඕකෙ ප්‍රතිඵලයක් හැටියට.

⭕කලාතුරකින් ඔතන subcutaneous bursitis කියන තත්වය පවා එන්න පුලුවන්.

⭕Retro calcaneal bursitis තත්වයේදී ඔයිට ටිකක් ටිකක් උඩින් තමා අල්ලල බලනකොට වේදනාව එන්නේ.

⭕Tendinosis එනකොට රිදෙන්නෙ සෙන්ටිමීටර 2 සිට 6 දක්වා උඩ හරියෙන්. බල නහරෙ කියල ඔය හඳුන්වන්නේ ඔය හරිය.

⭕මස් පිඩුව සැලකිය යුතු ආකාරයට ඉරිල තිබ්බොත් නම් ඒක ලේසියෙන් පේන්න තියනවා. බාගෙට ඉරිලා තිබ්බොත් නම් පැහැදිලිව පේන්නෙ නැති වෙන්න පුලුවන්.

⭕Achilles tendinopathy කියන්නේ clinical diagnosis එකක්. ඒ කියන්නේ රෝගියගෙ විස්තරාඅහලා හන්දිය පරීක්ෂා කරලා බලලා ගන්න තීරණයක්. ලේ රිපෝර්ට් හෝ ස්කෑන් පරීක්ෂණ කරන්නේ තෝරාගත් රෝගීන්ගේ පමණයි.

⭕ඔය තත්ත්වය පිළිබඳ හොඳින්ම විස්තර හොයාගන්න පුළුවන් මිල අඩු පරීක්ෂණය තමා ultrasound scan එක.

✅Ultrasound scan එකෙන් කන්ඩරාව ඝනවීම, tendinitis එක නිසා ලේ ගමන වැඩි වීම (neo vascularization), කන්ඩරාවේ ඉරීම, කන්ඩරාව වටේ වතුර ඒම, degenerative changes, bursitis තත්ව වගේ දේවල් හොයාගන්න පුලුවන්.

⭕90% ක් විතර අවස්ථාවලදී ultrasound scan එක හොඳටම ප්‍රමාණවත්.

⭕MRI පරීක්‍ෂණයක් මගින් ඔයිටත් වඩා විස්තර හොයාගන්න පුළුවන්.

⭕ඔය කන්ඩරාවේ ඔය විදිහටම රෝග ලක්ෂණ එන්න පුලුවන් අනික් අවස්ථා තමා stress fractures, ලඟ තියන අනික් මස්පිඩු වල ප්‍රදාහය, retrocalcaneal bursitis තත්වය, subcutaneous calcaneal bursitis තත්වය, Calcaneal apophysitis තත්වය (in teenagers), vascular claudication තත්වය, පිලිකා තත්ව, වෙනත් ආතරයිටිස් තත්ව, නහර වල ලේ කැටි ඉදිමීම වගේ තත්ව.

⭕මෙම කණ්ඩරාවේ රෝග තත්ත්වවලදී ප්‍රතිකාර කරන්නේ එම රෝග තත්ත්වය ඇතිවෙන්නෙ හේතු වෙච්ච කාරණාව අනුව.

⭕ක්‍රීඩා කටයුත්තක් නිසා ඔය තත්ත්වය ආවා නම් දෙන ප්‍රතිකාර වෙනත් ආතරයිටිස් රෝගයක කොටසක් හැටියට ඔය තත්ත්වය ආවහම දෙන ප්‍රතිකාර වලට වඩා වෙනස්.

⭕කණ්ඩරාවේ ඉරීමක් තිබ්බොත් ඒකට සැත්කමක් කරනවාද එහෙමත් නැත්නම් conservative විදිහට ප්‍රතිකාර කරනවද කියන තීරණය ගන්න ඕනේ ඔය සම්බන්ධ විශේෂඥයෙක් විසින්.

⭕ඔය කන්ඩරාවට steroid එන්නතක් ලබා දෙන එක එතරම් සුදුසු දෙයක් නෙමෙයි. එම එන්නට නිසා කන්ඩරාව ඉරී යාමේ සැලකිය යුතු අවදානමක් තියෙනවා. ඒ තීරණය ගන්න ඕනෙත් ඔය සම්බන්ධ විශේෂඥයෙක්ම තමා.

⭕නමුත් කණ්ඩරාව අසල තිබෙන retrocalcaneal bursa එක ඉදිමිලා ඔතන වේදනාව ආවොත් steoid එන්නත හොඳම ප්‍රතිපල ගෙන දෙනවා.

⭕Inflammatory arthritis රෝගයක කොටසක් හැටියට achillis tendinitis තත්ත්වය ආවොත් DMARDs කුලකයේ ඖෂධ මගින් ප්‍රතිකාරයක් කරන්ඩ වෙනවා.

⭕දෙන්න තියෙන පණිවිඩය තමා වෙනත් හන්දි රෝග වලදී වගේම ඔය තත්ත්වය ආවත් මුලින්ම හම්බවෙන්න ඕනේ ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් මිසක් physiotherapistවත්, තේල් ගාන මහත්තයෙක් වත් නෙවේ. ඒකට ප්‍රධානම හේතුව තමා සෙන්ටිමීටර් කීපයක් ඇතුළත එකම රෝග ලක්ෂණ එක්ක වෙනස් විදිහට ප්‍රතිකාර කළ යුතු තත්ත්ව කිහිපයක් තියෙනවා.

⭕කැල්සියම් තැන්පත් වෙලා එක එක ඒවා ගගා හිටියොත් නම් මස් පිඩුව ඉරිලා නතර වුණත් පුදුම වෙන්න එපා.

⭕Dr අරුණ කල්දේරා
සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යය
MBBS, MD, MRCP (UK), MRCP (RHEUMATOLOGY)
0714844644

A great initiative! “Feed the Patient”Sri Lanka Medical Nutrition Association - SLMNASri Lanka College of Nutrition Phys...
06/01/2026

A great initiative! “Feed the Patient”
Sri Lanka Medical Nutrition Association - SLMNA
Sri Lanka College of Nutrition Physicians - SLCNP
💪👍🙏

31/12/2025

Welcome 2026!
Bringing Hopes and Dreams.......

දියවැඩියාව පාලනයට AI; 2026 වසර දියවැඩියා රෝග පාලනය බෙහෙත් වලට වඩා AI technology based apps and devices මත තීරණය වේවි!
30/12/2025

දියවැඩියාව පාලනයට AI; 2026 වසර දියවැඩියා රෝග පාලනය බෙහෙත් වලට වඩා AI technology based apps and devices මත තීරණය වේවි!

Artificial intelligence has the potential to significantly enhance diabetes management by enabling proactive risk prediction, optimizing insulin dosing, personalizing treatment plans, and improving clinical decision-making across the care continuum. Read more: https://www.endocrinepractice.org/article/S1530-891X(25)00966-8/fulltext

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dr Tharanga Samarasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram