Amila Prabodha

Amila Prabodha Choose a Chance to CHANGE..! 🖤🌹🖤

ඇත්ත! පොදු වෛද්‍යවරයා මුහුණ දෙන විශාල ගැටළු ප්‍රමාණයක් පවතිනවා. ඒ ඇතැම් ගැටළුවල යථාර්ථය බහුතරයක් වූ සාමාන්‍ය ජනයාට සිතා ...
06/04/2026

ඇත්ත! පොදු වෛද්‍යවරයා මුහුණ දෙන විශාල ගැටළු ප්‍රමාණයක් පවතිනවා. ඒ ඇතැම් ගැටළුවල යථාර්ථය බහුතරයක් වූ සාමාන්‍ය ජනයාට සිතා ගැනීමටවත් තරම් නොහැකි ඒවාය.

සමස්ත වෛද්‍ය ක්ෂේ්ත්‍රයේ පවතින සහ පොදු වෛද්‍යවරයා මුහුණ දෙන කටුක යථාර්ථය එයයි. එසේ තිබියදීත්, ලාංකේය වෛද්‍යවරුන්ගේ අනේකවූත් කැප කිරීම් ⁣මධ්‍යයේ ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකබාවය ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව නොසිතන මට්ටමක ඉහළ අගයක පවතී. අප එය අගය කළ යුතුමය. ඒ වෙනුවෙන් ලාංකේය වෛද්‍යවරයා විසින් සිදුකරනු ලබන ශාරීරික, මානසික, පෞද්ගලික, ආර්ථික යනාදී මෙකී - නොකී ප්‍රාමාණිකය සුළුවෙන් මිනිය නොහැකි කැපකිරීම් පැසසිය යුතුම වෙයි.

එය හුදෙක් ඉහළ මාන්නයකින් ඔබ්බට ගිය ආදරණීය - ගෞරවාදරයකි! එය ලබා ගැනීමට නම්, සියලු දෙනාගේම ආකල්පමය වශයෙන් පරිවර්තනයක් ඇතිකර ගත යුතු වෙයි. මන්ද යත්, රෝගයකින් සුවපත් වීමට රෝගියාගේ මෙන්ම, වෛද්‍යවරයාගේද මෛත්‍රී සහගත චිත්ත ශක්තියන් සහ මානසික නිරවුල් බව වැදගත් වන බැවිනි.

එසේම, යට කී ලාංකේය පොදු වෛද්‍යවරයා මුුහුණ දෙන ගැටළු සඳහා දිගුකාලීන - පැහැදිළි සහ ස්ථාවර විසඳුම් ලබා ගැනීමද බංකොලොත්ව සිට යාන්තමින් හුස්ම ගන්නා රටක් විදිහට, ක්ෂේත්‍රයක් විදිහට, ලෝක සෞඛ්‍ය දර්ශකයේ හිනි පෙත්තට ළඟා වීමට ඉතා වැදගත් වෙයි.

රටම වෙනසක් ඉල්ලා සිටින සහ බහුතරයක් වූ පුරවැසියා ඒ වෙනුවෙන් කැපවෙන වර්ථතමාන මොහොතේ, එම විසඳුම් පටු දේශපාලන අවශ්‍යතා වලින් ඔබ්බට ගිය, අවස්ථාවාදයෙන් ඔබ්බට ගිය, නිවැරදි දැක්මක් සහිත, ස්ථාවර විසඳුම් විය යුතු වේ. එක රැයකින් බිහි කළ නොහැකි, සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම දිගු කාලීන දියුණු වෙනසක් විය යුතු වෙයි.

ඒ වෙනුුවෙන්.., දියුණු පරිකල්පනයෙන් හෙබි, යථාවාදී සහ කැපකිරීම් කළ හැකි, නිවැරදි දැක්මක් සහිත, අවබෝධයෙන් ප්‍රගමනය කරා යා හැකි, වෙනස් වීම තුළ පැවතිය හැකි ජීවගුණයෙන් පිරිපුන්, විශ්ව සාධාරණත්වයට ගර කරන, ප්‍රගතිශීලී ලාංකේය වෛද්‍යවරුන් පෙරමුණ ගත යුතුව ඇත.

🩺 🚑 🏥

කේබල් කපල එහෙම වෙනව නම්, අපි හැමෝම සතුටින්! 🙂
06/04/2026

කේබල් කපල එහෙම වෙනව නම්, අපි හැමෝම සතුටින්! 🙂

ඉදිරියට තවත් වැඩ වර්ජන, උද්ඝෝෂණ ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියා බොහෝමයක් බලාපොරොත්තු වන්න! 😁
06/04/2026

ඉදිරියට තවත් වැඩ වර්ජන, උද්ඝෝෂණ ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියා බොහෝමයක් බලාපොරොත්තු වන්න! 😁

06/04/2026

මජර දේශපාලන බත්බැළයන් කිහිපදෙනෙක් විසින් සමස්ත ක්ෂේත්‍රයකම ශිෂ්ටත්වය මත අශිෂ්ටත්වයේ වසුරු තැවරීය. 🙄

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රවීණ ...
06/04/2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී චතුර අල්විස් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර සිටියේ වෛද්‍යවරුන් බහුතරයක් මෙම වර්ජනය ප්‍රතික්ෂේප කර ඇති බැවින්, වර්ජනය අතහැර වහාම සේවයට වාර්තා කළ යුතු බවයි.

වෛද්‍යවරුන් 435 දෙනෙකුගෙන් මේ වනවිට GMOA සංගමයේ තර්ජන වලට බිය වී සිටින්නේ 18 දෙනෙකු පමණක් බවත්, ඉතිරි පිරිස සංගමයේ මතයට එකඟ නොවන බවත් ඔහු පවසයි.

මින් පෙර සංගමයට හිතවත් පිරිස්වලට පත්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් පැවති බවත්, වර්තමානය වන විට එම ක්‍රමය අවසන් වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මින් පෙර අවංකව වැඩ කළ මිනිසුන් මෙම ක්‍රමය නිසා දැඩි පීඩාවට පත්වූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම වර්ජනය සඳහා ජනතාවගේ කිසිදු සහයෝගයක් නොමැති බවත්, වෛද්‍යවරුන් පිරිසක් වසර 13-14 ක් වැනි දීර්ඝ කාලයක් එකම ස්ථානවල රැඳී සිටිමින් සිදුකළ ක්‍රියාවන් පිළිබඳව රජය දැන් අවබෝධ කරගෙන සිටින බවත් ඔහු පවසා සිටියි.

"ඔයාලා දැන් අවලංගු කාසි මේ වෙලාවේ ජනාධිපතිවරයාටවත් මැදිහත් වෙන්න දෙයක් නැහැ! වර්ජනය අතහැරලා වැඩට එන්න!!”

යනුවෙන් චතුර අල්විස් වැඩිදුරටත් අවධාරණය කළේය.

© Iri News

05/04/2026

හැංගි - හැංගි වෙස් බැන්ද ප්‍රතිගාමී දේශපාලන පිල්ලිවලට එළිපිට නැටීම හැර අන් විකල්පයක් ඉතිරිව නැත! 😂

අවුරුදු 53 කට පසු මානව ඉතිහාසයේ දැවැන්තම සහ භයානකම අභ්‍යවකාශ ගමන. 🛰️ 🧑‍🚀 🚀 🌛⠀1972 දෙසැම්බර් මාසයේ Apollo - 17 යානයෙන් පස...
05/04/2026

අවුරුදු 53 කට පසු මානව ඉතිහාසයේ දැවැන්තම සහ භයානකම අභ්‍යවකාශ ගමන. 🛰️ 🧑‍🚀 🚀 🌛

1972 දෙසැම්බර් මාසයේ Apollo - 17 යානයෙන් පසුව කිසිම මිනිසෙක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී සඳ වෙත ගොස් නැහැ!

සම්පූර්ණ පරම්පරාවක්ම ඉපිද - වයසට ගොස් අවසන් වූ මේ දීර්ඝ කාලයෙන් පසු, 2026 අප්‍රේල් මාසයේදී නැවතත් මිනිසුන් සඳ බලා පිටත් වෙනවා.

Artemis - ll ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම හරහා ගගනගාමීන් හතර දෙනෙක් සඳ දෙසට ගමන් කරන්නේ කුඩා වෑන් රථ දෙකක පමණ ඉඩක් ඇති කැප්සියුලයක සිටයි.

Reid Wiseman, Victor Glover, Christina Koch සහ Jeremy Hansen මේ ඓතිහාසික ගමනට එක්වෙනවා.

චන්ද්‍ර මෙහෙයුමකට එක්වන පළමු කාන්තාව ලෙස Christina Koch ඉතිහාසගත වන අතර, Victor Glover සඳට යන පළමු කළු ජාතිකයා බවට පත්වෙනවා.

දින 10 ක් පුරා Pacific සාගරයට පතිත වනතුරු ඔවුන් අත්විඳින මේ ගමන හුඟක් අය හිතනවාට වඩා අතිශය භයානක මෙන්ම, දැඩි අවදානම් සහගත එකක්.

ගමනට පෙර Kennedy - Florida අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ඔවුන් තම පවුල් වලින් වෙන්ව, දැඩි නිරෝධායන ක්‍රියාවලියකට ලක් වෙනවා.

වෛද්‍ය පරීක්ෂණ කරමින්, නිසි නින්දක් ලබා ගනිමින් සහ කැලරි ගණනය කළ ආහාර වේලක් ගනිමින් ඔවුන් මේ අභියෝගයට සූදානම් වෙනවා.

ඔවුන් පළඳින Orion අභ්‍යවකාශ ඇඳුම් චිත්‍රපටවල දකින තරම් සුවපහසු ඒවා නොව, පීඩනය පාලනය කරන අධික බරකින් යුක්ත ඇඳුම් කට්ටලයක්.

ගමන ආරම්භ වන්නේ ඓතිහාසික Apollo යානා අභ්‍යවකාශගත කළ 39-B Launchpad එකේ ඇති කුළුණේ විදුලි සෝපානයෙන් ඉහළට යෑමෙන් පසුවයි.

නාසා ආයතනය මෙතෙක් අභ්‍යවකාශගත කරන ප්‍රබලම රොකට්ටුව වන SLS මත ඇති "Intergrity" නම් Orion යානයට ඔවුන් ගොඩවෙනවා.

මේ රොකට්ටුව අඩි 322 ක් උසැති අතර, ඉන්ධන පිරවූ පසු රාත්තල් මිලියන 5.75 ක් බරයි. එය නිදහස් ප්‍රතිමාවටත් වඩා උස, Boeing - 747 ජෙට් යානා අටකටත් වඩා බර දැවැන්තයෙක්.

දශක තුනක් තිස්සේ Space Shuttle සඳහා භාවිතා කළ RS-25 එන්ජින් සහ ප්‍රබල බූස්ටර් මගින් රාත්තල් මිලියන 8.8 ක දැවැන්ත තෙරපුමක් ඇති කරනවා.

ගණන් කිරීම බිංදුවෙන් අවසන් වී රොකට්ටුව ඉහළට යද්දී, ගගනගාමීන්ගේ පපුව මත කෙනෙකු වාඩි වී සිටිනවා වැනි අතිශය දැඩි පීඩනයක් දැනෙනවා.

ඔවුන්ගේ සිරුරේ බර මෙන් තුන් ගුණයක පීඩනයක් දැනෙන අතර, හුස්ම ගැනීම පවා මේ මොහොතේ අපහසු වන තරමට මුළු යානයම දැඩි ලෙස වෙවුලනවා.

විනාඩි දෙකකින් බූස්ටර් ගැලවී ගොස්, විනාඩි අටකට පසු ප්‍රධාන එන්ජින් ක්‍රියා විරහිත වූ විට, එකවරම දැඩි නිශ්ශබ්දතාවයක් සමගින් ඔවුන්ට පාවෙන ස්වභාවය අත්විඳින්නට ලැබෙනවා.

Orion යානයේ ඇති කුඩා ජනේල හතරෙන් ඔවුන්ට මේ මොහොතේ පළමු වරට පෘථිවියේ සුන්දර වක්‍රය පැහැදිළිව දැකගත හැකියි.

පෘථිවි කක්ෂයේදී ජීවරක්ෂක, සන්නිවේදන සහ උෂ්ණත්ව පාලන පද්ධති සියල්ලම දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර, Wiseman සහ Glover යානය අතින් පාලනය කරමින් එහි ක්‍රියාකාරීත්වය බලනවා.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය වෙනුවෙන් Airbus සමාගම නිපදවූ Service Module එක හරහායි යානයට අවශ්‍ය බලය, ජලය සහ Oxygen සම්පූර්ණයෙන්ම සැපයෙන්නේ.

ඉන්පසු SLS රොකට්ටුවේ ඉහළ කොටස අවසන් වරට ක්‍රියාත්මක වී, පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී පැයට සැතපුම් 24,000 ක වේගයෙන් යානය සඳ දෙසට විදිනවා.

පෘථිවියෙන් ඈතට යත්ම තත්පර 1.3 ක පමණ සන්නිවේදන ප්‍රමාදයන් ඇති වන අතර, තමන් ලෝකයෙන් කොතරම් ඈතට යනවාදැයි ඔවුන්ට හොඳින්ම වැටහෙනවා.

යානය තුළ ජීවිතය කිසිසේත්ම පහසු නැහැ! වැසිකිළිය කුඩා අල්මාරියක් වැනි අතර, ඝන අපද්‍රව්‍ය සීල් කර තබාගෙන, මූත්‍ර පමණක් අභ්‍යවකාශයට මුදාහරිනවා.

ජලය ප්‍රතිචක්‍රීකරණය නොකරන බැවින්, සෑම ජල බිඳුවක්ම පිරිමැස්මෙන් භාවිතා කරන අතර, කුඩා බෑග්වල බහා ඇති Macaroni වැනි කෑම පාවෙමින් සිටින අතරතුර ආහාරයට ගන්නවා.

දිනකට පැය 08 ක් බිත්තියක සවිකළ නිදන බෑග් තුළ ඔවුන් එකවර නිදාගන්නා අතර, ජීවරක්ෂක පංකාවල ඝෝෂාව නිරන්තරයෙන්ම එහි ඇහෙනවා.

බර රහිත පරිසරය නිසා, මාංශ පේශි සහ අස්ථි දියවීම වළක්වා ගැනීමට දිනකට විනාඩි 30 ක් Flywheel උපකරණය මගින් ව්‍යායාම කිරීම අනිවාර්යයි.

ස්නානය සඳහා කාමර නැති අතර, තෙත Tissues සහ Dry Shampoo වලින් පිරිසිදු වන ඔවුන්, දත් මැද අවසන් වූ පසු එම කෙළ පවා Tissue එකකට දමා, ඉවත් කරනවා.

දින හතරකට පසු ඔවුන් සඳේ අඳුරු පැත්ත හෙවත්, 1972 න් පසු කිසිවෙකු නොදුටු පෘථිවියට නොපෙනෙන පැත්ත වෙත ළඟා වෙනවා.

Orion යානය සඳේ පිටුපස සිට සැතපුම් 4,700 ක් දුරින් ගමන් කරන අතර, එය මිනිසෙකු පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ලෙස ඉතිහාසගත වෙනවා.

සැතපුම් 268,000 ක් ඈතින් ඇති එම ස්ථානයේ සිට බලන විට, මුළු පෘථිවියම තමන්ගේ මහපට ඇඟිල්ලෙන් වසා ගත හැකි තරම් කුඩා තිතක් සේ දිස්වෙනවා.

චුම්භක ක්ෂේත්‍රයේ ආරක්ෂාව නැති බැවින්, හදිසි සූර්ය කුණාටුවක් ඇතිවුවහොත් විකිරණ වලින් බේරීමට, ඔවුන්ට යානයේ වැසිකිළිය අසල ආරක්ෂිත ස්ථානයේ සැඟවීමට සිදුවෙනවා.

දින කිහිපයකින් පසු ආපසු එන මේ මෙහෙයුමේ භයානකම කොටස වන්නේ, නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමයි.

පැයට කිලෝමීටර 40,000 ක අතිශය වේගයකින්, එනම්., ශබ්දයේ වේගය මෙන් 32 ගුණයකින් වායුගෝලයට ඇතුළු වෙද්දී යානය වටා සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයෙන් අඩක් තරම් රස්නයක් නිර්මාණය වෙනවා.

2022 දී Artemis - l යානයේ තාප ආවරණයට හානි සිදුවූ නිසා, මෙවර යානය කෙලින්ම වායුගෝලයට ඇතුළු වන සේ සැලසුම් කර ඇති අතර, ඉන් ගගනගාමීන්ට දැනෙන තෙරපුම අතිශය දරුණු වෙනවා.

අවසානයේ විනාඩි කිහිපයක සන්නිවේදන බිඳවැටීමකින් පසු, Parachutes දිගහැරී, San Diego අසල Pacific සාගරයට පතිත වන යානය, නාවික හමුදාව විසින් බේරාගන්නවා.

සැතපුම් 650,000 ක ගමනක් අවසන් කරන Artemis - ll යනු හුදෙක් සඳට යන ගමනක් පමණක් නොව, අනාගත අභ්‍යවකාශ ගවේෂණයේ නව දොරටු විවර කරන දැවැන්ත වික්‍රමයක්!

🛰️ 🧑‍🚀 🚀 🌛

© Copied & credits goes to respective owners

Vote කරන්න. 🙂
04/04/2026

Vote කරන්න. 🙂

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉදිරිපත් කර තිබූ විවිධ ඉල්ලීම් සහ වෘත්තීය ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, මෙවර පශ...
04/04/2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉදිරිපත් කර තිබූ විවිධ ඉල්ලීම් සහ වෘත්තීය ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, මෙවර පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන්ගෙන් 96% ක් ඒ සඳහා අයදුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

අද (2026 අප්‍රේල් 04) මධ්‍යහ්න 12:00 න් අවසන් වූ අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලියට අනුව ලැබී ඇති දත්තයන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයක දැක්වේ.

© Iri News

මෙහෙන් හාමුල හිරවෙද්දී., අරහෙන් හෙංචයියෝ ආණ්ඩු පෙරලන්න කල්ලි ගැහෙනවා. 😁
04/04/2026

මෙහෙන් හාමුල හිරවෙද්දී., අරහෙන් හෙංචයියෝ ආණ්ඩු පෙරලන්න කල්ලි ගැහෙනවා. 😁

"චේ කිසිවකුත් සමඟ සංසන්දනය කළ නොහැකි සොල්දාදුවකු බවට පත්වුණා. චේ කිසිවකුත් සමඟ සංසන්දනය කළ නොහැකි නායකයකු වුණා. සන්නද්ධ ...
04/04/2026

"චේ කිසිවකුත් සමඟ සංසන්දනය කළ නොහැකි සොල්දාදුවකු බවට පත්වුණා. චේ කිසිවකුත් සමඟ සංසන්දනය කළ නොහැකි නායකයකු වුණා.

සන්නද්ධ ක්‍රියා මාර්ගය කෙරෙහි වූ දැක්මේ පටන්ම ඔහු අසාමාන්‍ය, නිර්භීත හා ධෛර්යවන්ත මිනිසෙක්! අසාමාන්‍ය ආක්‍රමණශීලී මිනිසෙක්! ගරිල්ලා සටන්කාමියකු විදිහට ගත් විටදී නම් ඔහුට තිබුණා අනතුරුදායී දුබලකමක්. ඒ ඔහුටම ආවේණික වූ අධික සටන්කාමී බව සහ අනතුරක් කෙරෙහි ඔහු දක්වනු ලැබූ අවඥාව.

සතුරා විශ්වාස කළා, ඔහුගේ මරණයෙන් යම් නිශ්චිත නිගමනයන්ට එළඹිය හැකියි කියා. නමුත්, චේ යනු සන්නද්ධ අරගලයේ කෙළ පැමිණියෙක්! චේ යනු, ගරිල්ලා අරගලයේ නිර්මාණකරුවෙක්! ඔහු එය අනන්තවත් අවස්ථාවන්හි දී පෙන්වා තිබෙනවා."

| Fidel Castro (Revolutionary and former President of Cuba)

"එදා GMOA එකේ සමහරු 'සුවසැරිය' රෝහල්වල Park කරන්න දුන්නේ නෑ! ගහල එලවන සයිස් එකට කතා කළේ."| හර්ෂ ද සිල්වා
04/04/2026

"එදා GMOA එකේ සමහරු 'සුවසැරිය' රෝහල්වල Park කරන්න දුන්නේ නෑ! ගහල එලවන සයිස් එකට කතා කළේ."

| හර්ෂ ද සිල්වා

Address

Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Amila Prabodha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share