03/12/2025
පොඩ්ඩකට නැවතිලා - කියවල බලපන්, මේ කතාව ඇත්ත නෙවෙයිද කියලා.! 👇
ලංකාව කියන්නෙ මිනිස්සුන්ගෙ හිත් පට්ට ලස්සන රටක්! ❤️
හැමෝම තමන්ට පුලුවන් විදිහට මේ රට හදන්න Try කරනවා. ඒ වෙනුවෙන් කැපවෙනවා. පුලුවන් එවුන් අරමුදලට දායක වෙනවා. තව සෙට් එකක් ශ්‍රමයෙන් පට්ට ගේමක් ගහනවා. තව සෙට් එකක් බෝට්ටු ලොරිවල පටවගෙන ඇවිල්ලා හයිය දෙනවා.
රාජ්‍ය යාන්ත්‍රණය එහෙන් වැඩේ නිවැරදි ක්‍රමවේදයකට ගළපනවා. රාජ්‍ය සේවකයො උන්ගෙ දිනක වැටුප, අපේම රටේ අපේම මිනිස්සු වෙනුවෙන් දෙන්න ඉදිරිපත් වෙනවා. පෞද්ගලික අංශයත් ඒකම කරන්න ඉදිරිපත් වෙනවා. ඒකෙ තවත් පට්ටම ලස්සන කෑල්ල තමයි, විශ්‍රාම ගිය, මම පෞද්ගලිකව දන්න එවුන් කියනවා, උන්ගෙන් විශ්‍රාම වැටුපෙන් 1/30 ක් දෙන්නම් කියලා.
ඉතින් අවංකවම හිතල බලපන්, මේකෙ ඉන්නෙ පට්ට සුන්දර මිනිස්සු සෙට් එකක් නෙවෙයිද කියලා.?
මේක පුදුමාකාර ලස්සන හිත් තියෙන - උණුවෙන හදවත් තියෙන එවුන්ගෙන් පිරිච්ච රටක් තමයි බන්! ✌
පොඩි පොඩි දේවල් එකතු වුණහම, ලොකු වැඩක්!!
ඔව්! ඒක පට්ට ලොකු වැඩක්!
ලොකු ගේමක්!!
අපි - උඹල හැමෝම පුලුවන් මට්ටමෙන් එකතු වෙලා මේ ගේම ගහමු!
මේක ආපහු හැරෙන්න බැරි ගේමක්! ගහන්නම ඕනෙ ගේමක්!!
අපි බිංදුවටම වැටිච්ච රටක්!
හැබැයි, දවසක ඉතිහාසය ගැන අපේ අනාගත පරපුරට කියද්දි කියවෙයි, ඉන්දියන් සාගරයෙ තියෙන මේ පුංචි දූපතේ මිනිස්සු හැමෝම එකතු වෙලා, රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් කොන්දේසි විරහිතව කරපු කැපකිරීම් නිසා තමයි මේ රට උඹලට මේ විදිහට උරුම වුණේ කියලා. 😍 🇱🇰
ඔව්!! අපි හැමෝම ඒ වෙනුවෙන් කැපවෙමු!!
මාතෘභූමියට ජය වේවා! ✊
මගේ රට දිනේවා!! ❤️ 🇱🇰✌
🇱🇰✌