Green Herbs

Green Herbs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Green Herbs, Colombo.

02/11/2020

කොවිඩ් -19 පිළිබඳ විශිෂ්ට පැහැදිලි කිරීමකි

මෙය ප්‍රයෝජනවත් වේ යැයි බලාපොරොත්තු වෙමු.

කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් ජෝන් හොප්කින්ස් රෝහලෙන්…

* මෙම වෛරසය ජීවියෙකු නොවේ.එය ආරක්ෂිත ලිපිඩ (fat -මේද) තට්ටුවකින් ආවරණය වී ඇති ප්‍රෝටීන් අණුවකි. (RNA හෝ DNA)
එම වෛරසය ඇස, නාසය හෝ මුඛය මගින් මිනිස් සිරුරට ඇතුළු වේ.
එය අක්ෂි- eyes, නාසික nose හෝ මුඛ mouth ශ්ලේෂ්මල සෛල මගින් අවශෝෂණය කර ගන්නා විට
වෛරසය ජාන කේතය වෙනස් කර (විකෘති) ආක්‍රමණික හා ගුණක සෛල බවට පරිවර්තනය වේ.

වෛරසය ජීවියෙකු නොව (not a living organism) ප්‍රෝටීන් අණුවක් බැවින් එය විනාශ කළ නොහැක.

එය තනිවම දිරාපත් විය යුතුය. විසුරුවා හැරීමේ කාලය (disintegration time) රඳා පවතින්නේ එය තිබෙන ස්ථානයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ ද්‍රව්‍ය වර්ගය මත ය.

* වෛරසය ඉතා බිඳෙන සුළුය; ( very fragile) වෛරසය ආරක්ෂා කරන එකම දෙය නම් එය වටා ඇති තුනී මේද තට්ටුවයි, සබන් පෙණවලට එම මේද පටලය කපා දැමීමට පුලුවන. සබන් හෝ ඩිටර්ජන්ට් detergent හොඳම ආයුධය වීමට හේතුව එයයි. ඒ නිසයි ඔබට සබන් යොදා හොදින් පෙන නගිනතුරු තත්පර 20 ක් හෝ ඊට වැඩි කාලයක් දෑත් ඇතිල්ලීමට සිදුවන්නේ, පෙන ගොඩක් සෑදීමට.
වෛරසය වටා ඇති මේද තට්ටුව දිය කර හැරීමෙන් ප්‍රෝටීන් අණුව විසුරුවා හැරීම හෝ විනාශ කිරීම සිදුවේ.

* තාපය( heat) මේදය දිය කරයි; අත් සේදීම, රෙදි සේදීම සහ මතුපිට පිරිසිදු කිරීම සඳහා අංශක 77 ට වඩා වැඩි ජලය භාවිත කිරීම අවශ්‍ය වන්නේ මේ නිසා ය. ඊට අමතරව උණු වතුර වඩාත් පෙන ( සබන්) නිපදවන අතර එය වඩාත් ඵලදායී වේ.

* ඇල්කොහොල් හෝ ඇල්කොහොල් 65%ට වඩා වැඩි, ඕනෑම මිශ්‍රණයකට සියලුම මේද, විශේෂයෙන් වෛරසයේ බාහිර ලිපිඩ තට්ටුව දියකර හැරිය හැකිය.

* බ්ලීච් (bleach) කොටස් 1 සහ ජලය කොටස් 5 ක් සහිත ඕනෑම ද්‍රාවණයකට ප්‍රෝටීන් කෙලින්ම විසුරුවා (දියකල) හැකි අතර එය අණුවේ ඇතුළත සිට බිඳ දමයි.

ඔක්සිජනීකෘත ජලයේ දී සබන්, මධ්‍යසාර හා ක්ලෝරීන්වල කාර්යක්ෂමතාව ඉහලය. හේතුව පෙරොක්සයිඩ (peroxide) වෛරස් ප්‍රෝටීන දියකර (විසුරුවා) හරින නිසා ය. කෙසේ වෙතත්, ඔබ ඒවා (pure) පිරිසිදු ස්වරූපයෙන් භාවිත කලයුතු අතර ඉන් ඔබේ සමට හානි සිදුවිය හැකිය.

වෛරසය, බැක්ටීරියා වැනි ජීවියෙකු නොවන නිසා බැක්ටීරියා නාශක හෝ ප්‍රතිජීවක වැඩ නොකරනු ඇත(ප්‍රයෝජනවත් නැත) ; ප්‍රතිදේහ වලට පණ නැති දේ විනාශ කළ නොහැකි බැවිනි.

* වායුසමීකරණය කරනලද නිවාස සහ මෝටර් රථ වැනි සීතල (අඩු උෂ්ණත්වය ) සහිත තත්ව වලදී වෛරස් අණු ඉතා ස්ථායීව පවතී. එසේ ස්ථාවරව සිටීමට ඔවුන්ට තෙතමනය හා අන්ධකාරයද අවශ්‍ය වේ.( ,සීතල හා අදුරු තත්ව).

වියලි, ( dehumidified) වියළි-උණුසුම් හා දීප්තිමත් පරිසරයන් වෛරසය වේගයෙන් දුර්වල බවට පත් කරයි.

ඕනෑම වස්තුවක ඇති වෛරසය, එහි ප්‍රෝටීන් බිද දැමීමෙන් විනාශ කිරීමේ හැකියාව පාරජම්බුල කිරණවලට(VU LIGHT) ඇත. සැලකිලිමත් වන්න, vu light සමේ ඇති කොලජන් (ප්‍රෝටීන්) ද බිඳ දමයි.

වෛරසය ට නිරෝගී සම හරහා යා නොහැක.

විනාකිරි, වෛරසයේ ආරක්ෂිත මේද ස්ථරය බිඳ නොදමන නිසා එය ප්‍රයෝජනවත් නොවේ.

* ස්ප්රීතු (SPIRITS), වොඩ්කා, (VODKA) ද ප්‍රයෝජනවත් නැත. ප්‍රබල (අධිසාන්ද්‍රිත) වොඩ්කාවල මධ්‍යසාර 40% ක් පමණක් අඩංගු වන අතර වෛරසය නැසීමට අවම වශයෙන් මධ්‍යසාර සාන්ද්‍රනය 65% ක් වත් තිබිය යුතු වේ.

* LISTERINE (මුඛ සේදුම් දියරයකි) යනු 65% මධ්‍යසාර ය .

* අවකාශය සීමා වන තරමට වෛරසයේ සාන්ද්‍රණය වැඩි විය හැක. වඩා විවෘත හෝ ස්වාභාවික වාතාශ්‍රය ඇති විට වෛරසයේ සාන්ද්‍රණය අඩුවේ.

* ශ්ලේෂ්මල (මුඛ ප්‍රදේශය), ආහාර, අගුල්, බොත්තම්, ස්විච, දුරස්ථ පාලක , ජංගම දුරකථන, ඔරලෝසු, පරිගණක, මේස ආදිය ස්පර්ශ කිරීමට පෙර සහ පසු ඔබේ දෑත් සබන් යොදා සෝදාගත යුතුය. ඔබ නාන කාමරය භාවිත කරන විටද එය අමතක නොකළ යුතුය.

* නිතර සේදීම නිසා ඔබේ දෑත් වියලි වේ. දෑත් නිතරම වියලි බවින් තොරව(moisturize your hands) තබා ගත යුතුය. වියළි අත් වල ඉරිතැලීම් ඇති විය හැකි අතර ක්ෂුද්‍ර වෛරස් අණු ඉරිතැලීම් තුළ සැඟවිය හැක. වැඩි ඝණ, උකු බවකින් යුත් ( moisturizer ) මොයිස්චරයිසර්, වඩා හොඳය.

* වෛරසය සැඟවී නොයන ලෙස ඔබේ නියපොතු කපා තබා ගන්න.

අවබෝධයෙන් කටයුතු කරමු.
දරුණු වසංගතයෙන් ආරක්ෂා වෙමු.

Please share ,

සිංහල පරිවර්තනය
ඇසළ එරංගි මලවිතන්ත්‍රී Master Trainer in English
සහ
රුවිනි ගමගේ
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( අධ්‍යාපන සංවර්ධන )

කලුතර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන අංශයේ ප්‍රජා සත්කාරයකි.

කරුණාකර බෙදාහරින්න

01/11/2020

ගිය ඉරිදා දිවයින ලිපිය

මීටත් වඩා නිරවුල්ව ලියන්නට නොදනිමි. මීටත් වඩා හොඳින් පැහැදිලිව කියන්නට නොදනිමි. දැන්වත් බලධාරීන් මේ කරණය තේරුම් ගනියිද බලමු.
https://divaina.com/sunday/index.php/visheshanga1/15544-2020-10-23-11-25-99

-උපුටා ගැනීමකි - විදෙශ්ගත අයට වටිනවාවිදෙස් ගත කොවිඩ් රෝගීන් සඳහා ඖෂධ වට්ටෝරුවක් ==================================විදේශග...
31/10/2020

-උපුටා ගැනීමකි - විදෙශ්ගත අයට වටිනවා

විදෙස් ගත කොවිඩ් රෝගීන් සඳහා ඖෂධ වට්ටෝරුවක්
==================================

විදේශගත ඔබ හෝ ඔබ දන්නා අයෙකු කොවිඩ් ආසාදනයෙන් පෙළෙනවා නම් පහත ඖෂධය නිවසේදීම සකස් කරගන්න. විදෙස් රටක දී සොයා ගැනීමට පහසු ද්‍රව්‍ය ඇතුළත් කොට විද්‍යාත්මක පදනමකින් සකස් කොට තිබේ.

කබලේ බැද ගත් කොත්තමල්ලි ග්‍රෑම් 30 (fried coriander)
වියළි ඉඟුරු ග්‍රෑම් 10 (dried ginger)
කුරුඳුපොතු ග්‍රෑම් 5 (cinnamon bark)
උළුහාල් ග්‍රෑම් 5 (fenugreek)
වියළිකහ ග්‍රෑම් 5 (dried turmeric)
සූදුරු ග්‍රෑම් 5 (cumin)
වැල්මී ලබා ගත හැකි නම් ග්‍රෑම් 5 (licorice)
ෆ්ලැක්සීඩ් ග්‍රෑම් 5 (flaxseed)
එන්සාල් ග්‍රෑම් 5 (cardamom)
මිදි ඇට ග්‍රෑම් 3 (grape seed)
කළුදුරු ග්‍රෑම් 2 (black seed)
වියළි බැසිල් කොළ 10 ක් (dried basil leaves)
වියළි සේජ් කොළ 5 ක් (dried sage leaves)
ගම්ම්රිස් ඇට 5 යි (black pepper)
සුදුළූණු බික් 5 යි (garlic)
කරාබු නැටි 5 යි (clove)

මේවා සියල්ලට වතුර මි.ලී. 800 ක් දමා 200 ට සිඳවා ගන්න. එයට මී පැණි මි.ලී. 40 ක් එකතු කරන්න. ආසාදිත එහෙත් රෝග ලක්ෂණ නැති අය එම පානය මි.ලී. 30 බැගින් පැය 6 කට වරක් බොන්න. උණ, කැස්ස, ඇඟපත වේදනාව සහ කැම අරුචිය තිබේ නම් මි.ලී. 40 බැගින් පැය 3-4 කට වරක් බොන්න.

හුස්ම ගැනීමේ අපහසුව හෝ වෙනත් සංකූලතා ඇති විටක වෛද්‍ය උපදෙස් ගත යුතුය.

සාමාන්‍ය ප්‍රතිශක්තිය ඇති අයෙකුට කොවිඩ් මාරාන්තික රෝගයක් නොවේ. එහෙත් ආසාදනය නිසා ඇති වන අපහසුතා සහ රෝගලක්ෂණ වලින් සහනය ලබා ගැනීමටත් ඉක්මනින් සුවය ලැබීමටත් මේ ඖෂධය උපකාරී වනු ඇත.

නිරෝගී අය සඳහා නම් මෙම පානය මි.ලී. 200 ට මීපැණි මි.ලී. 100 ක් දමා (ශීතකරණයේ තබා ගෙන) දිනකට වරක් මි.ලී. 30 ක් භාවිතා කළ හැකිය.

විශේෂ ආහාර පාන

නැවුම්ව සකස් කළ දෙළුම් යුෂ, මිදි යුෂ, කැරට් යුෂ හා ඇපල් යුෂ සුදුසුය.

ආහාරයට වට්ටක්කා, කැරට් සුප් හා කැඳ දෙන්න.

ඖෂධීය වේදුවක් සාදා ගන්නා අයුරු

පහත කොළ වර්ග වලින් එකක් හෝ දෙකක් ලබා ගන්න
Basil, Bay, Thyme, Rosemary, Cilantro, Coriander, Dill, Chives, Oregano, Funnel, Mint, Sage, Parsley

පහත දැක්වෙන ගෙඩි වලින් ලබා ලබා ගත හැකි ලෙලි වර්ගයක්
Orange, Lemon, Mandarin, Lime, Grapefruit

එයට කුරුඳු පොතු කෑල්ලක්, සුදුළූණු බික් කිහිපයක් හා වියළි කොත්තමල්ලි ඇට ස්වල්පයක් එකතු කරන්න

ඉන්පසු එය කුඩා මුට්ටියකට දමා වසා තම්බා මුට්ටිය මිටි මේසයක් මත තබා නාන තුවායකින් හිස සිට වසා එහි වාෂ්පය මිනිත්තු 5-10 අතර කාලයක් ප්‍රවේශම් සහිතව නාසයට උරන්න. මුඛයෙන් පිට කරන්න.

කොවිඩ් ආසාදනය වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ වලින් නිකුත් කළ සියලු උපදෙස් අනුගමනය කරන්න.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

ඔබ පානය කරන උණු වතුර ඔබේ උගුරට හොඳයි. නමුත් මෙම කොරෝනා වෛරසය දින 3 සිට 4 දක්වා ඔබේ නාසයේ ( paranasal sinus ) පැරනේසල් සය...
31/10/2020

ඔබ පානය කරන උණු වතුර ඔබේ උගුරට හොඳයි. නමුත් මෙම කොරෝනා වෛරසය දින 3 සිට 4 දක්වා ඔබේ නාසයේ ( paranasal sinus ) පැරනේසල් සයිනස් පිටුපස සැඟවී ඇත. අප පානය කරන උණු වතුර එහි ළඟා නොවේ. දින 4 සිට 5 කට පසු ( paranasal sinus )පරණසල් සයිනස් පිටුපස සැඟවී ඇති මෙම වෛරසය ඔබේ පෙණහලුවලට ළඟා වේ.

එවිට ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ. ක්‍රමයෙන් එය ඔබට හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරයි.

ඔබේ පරණසල් සයිනස් දාරකයේ පිටුපසට ළඟා වන වාෂ්ප මගින් වයිරසය විනාශ කිරීම ඉතා වැදගත් වන්නේ එබැවිනි.

ඔබ මෙම වෛරසය නාසයෙන් ඇතුලුවන වාෂ්පයෙන් විනාශ කර දැමිය යුතුයි.

50 ° C දී, මෙම වෛරසය අක්‍රීය වේ. 60 ° C දී මෙම වෛරසය දුර්වල වන අතර ඕනෑම මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියකට එරෙහිව සටන් කළ හැකිය. 70 ° C දී මෙම වෛරසය සම්පූර්ණයෙන්ම විනාශවී මිය යයි.

වාෂ්ප මගින් කරන්නේ මෙයයි.

සමස්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය දනී. නමුත් සෑම කෙනෙකුම මෙම වසංගතයෙන් මුදල් හා වෙනත් ප්‍රයෝජන ගැනීමට කැමතියි.

එබැවින් ඔවුන් මෙම තොරතුරු විවෘතව බෙදා නොගනී.

මුදල් ගෙවා සෞඛ්‍යය අප ලබා ගත යුතුද?

නිවසේ රැඳී සිටින අය දිනකට එක් වරක් වාෂ්ප ගැනීම කල යුතුය.
ඔබ එළවළු මිලදී ගැනීමට වෙළඳපොළට ගියහොත් එය දිනකට දෙවරක් කරන්න. යම් අයෙකු මුණගැසෙන හෝ කාර්යාලයට යන ඕනෑම අයෙකු දිනකට 3 වතාවක් වාෂ්ප කරගත යුතුය.

* වාෂ්ප සතිය *

වෛද්‍යවරුන්ට අනුව, කොවිඩ් -19 නාසයෙන් සහ මුඛයෙන් වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොරොන වයිරසය තුරන් කළ හැකිය.

සියලුම ජනතාව සතියක් තිස්සේ වාෂ්ප වලින් ආශ්වාස කරන ව්‍යාපාරයක් ආරම්භ කළහොත්, වසංගතය ඉක්මනින් අවසන් වනු ඇත.
නිතරම දවස පුරාම උණු වතුර තේ පමණක් පානය කරන්න.
එබැවින් මෙන්න ඔබට යෝජනාවක්:

අද සිට සතියක් දක්වා, උදේ සහ සවස, සතියකට මිනිත්තු 5 ක් බැගින් වාෂ්ප ආශ්වාස කිරීම සඳහා ක්‍රියාවලිය ආරම්භ කරන්න.
සියලු දෙනා සතියක් මෙම ක්‍රියාව අනුගමනය කළහොත් මාරාන්තික කොවිඩ් -19 තුරන් කර දැමෙනු ඇත.
මෙම භාවිතයට අතුරු ආබාධ ද නොමැත. *
එබැවින් කරුණාකර මෙම පණිවිඩය ඔබගේ සියලු ඥාතීන්ට, මිතුරන්ට සහ අසල්වැසියන්ට යවන්න, එවිට අප සැමට මෙම කොරෝනා වෛරසය මරා දමා මේ සුන්දර ලෝකයේ නිදහසේ ජීවත් වීමට හා නිදහසේ ගමන් කිරීමට හැකි වේ.

"සුව ධරණී" ප්‍රතිශක්තිකරණ පානය පහසුවෙන් ගෙදරදිම හදාගන්න හැටි...  පසුගිය කාලයේදී CovID-19 වෛරසය ආසාදනය වූ සහ නිරෝධායනයට ල...
31/10/2020

"සුව ධරණී" ප්‍රතිශක්තිකරණ පානය පහසුවෙන් ගෙදරදිම හදාගන්න හැටි...

පසුගිය කාලයේදී CovID-19 වෛරසය ආසාදනය වූ සහ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් හට දේශීය පුස්කොළ පොත් සහ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුණු විශේෂිත ප්‍රතිශක්තිකරණ පානයක් දෙනු ලැබුවා. එහි අඩංගු වූ කොත්තමල්ලි, හීන් අරත්ත, වියළි ඉඟුරු හා වෙනිවැල්ගැට ආදී ඖෂධ එය පානය කළ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය ඇදහිය නොහැකි අයුරින් දියුණු කළේ කිසිදු අතුරු ආබාධයකින් තොරවයි. මේ නිසා මෙය ප්‍රතිශක්තිකරණ වර්ධක පානයක් ලෙසින් නිළ වශයෙන් ජනසමාජ ගත කරන්නට ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව පසු ගියදා ක්‍රියාකලා. එහි ප්‍රතිඵලයක් ලෙසයි කවුරුත් දැන් හොඳින් හඳුනන "සුව ධරණී" ප්‍රතිශක්තිකරණ පානය බිහිවුනේ.

ඔබට මෙම පානය ළඟම ඇති ආයුර්වේද ඔසු සැලෙන්, අන්තර්ජාලයෙන් බොහෝ වෙළඳ සන්නාමයන් යටතේ මිළදී ගත හැකියි. නමුත් අද අපි ඔබට කියලා දෙන්නෙ මෙම "සුව ධරණී" ඖෂධ පානය බාහිරයෙන් මිළදී නොගෙන ගෙදරදිම සකසා ගන්නා ආකාරය පිළිබඳවයි.

🔴 "සුව ධරණී" ප්‍රතිශක්තී වර්ධක පානය නිවසේදී සකසාගන්නා ආකාරය
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

🔶. කොත්තමල්ලි කොටස් 04 යි
🔶. වෙනිවැල්ගැට කොටස් 02 යි
🔶. වියළි ඉඟුරු කොටස් 01 යි
🔶. හීන් අරත්ත කොටස් 01 යි

මේවා හොඳින් පිරිසිදු කර වියළා ගන්න.
කොත්තමල්ලි මදක් කබලේ බැදගන්න.
සියල්ල සියුම්ව කුඩුකරගන්න. පිරිසිදු වියළි වීදුරු බෝතලයකට දමා අසුරා තබාගන්න.

වරකට තේ හැඳි 1/2 - 01 බැගින් උතුරන වතුර කෝප්පයකට දමා තැම්බෙන්න වසා තබා මද උණුසුමෙන් පෙරා මී පැණි හෝ සීනි ස්වල්පයක් දමා පානය කරන්න. (දියවැඩියා රෝගීන් සීනි මීපැණි එක්කර නොගන්න.)

නොකඩවා ගන්නේ නම් මෙය දිනකට වරක් හෝ දෙවරක් දින 14 ක් යනතුරු භාවිතා කළ හැකියි.

📗 මූලාශ්‍ර තොරතුරු :- ආයුර්වේද දෙපාර්තමේන්තුව
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk.......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
-----------------------------------------
#හෙළඅරණ #හෙළ_අරණ #සුවධරණී

දේශීය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදිත  වෛරස්, උණ, සෙම්ප්‍රතික්ශාව සඳහා සාර්ථක වූ දුම් හට්ටිය . ප්‍රතිශක්තිකරණය ඇති...
30/10/2020

දේශීය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදිත වෛරස්, උණ, සෙම්ප්‍රතික්ශාව සඳහා සාර්ථක වූ දුම් හට්ටිය . ප්‍රතිශක්තිකරණය ඇතිකරවයි , ලෙඩ රෝග සැදීමට ඇති ඉඩකඩ වළක්වාලයි.

මෙය හුමාලය නැත්නම් ජල වාෂ්ප මගින් රෝග පාලනයට අපේ මුතුන්මිත්තන් අනාදිමත් කාලයක පටන් භාවිත කළ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් අනුව බිහිවී ඇත.

ලංකාවේ පළමු රෝගියාගේ සිට අදටත් රෝගීන් හට තමන්ගේ අභිමතය හා පහසුකම් අනුව වාෂ්ප ප්‍රතිකාරය කර ගැනීමට වෙදුම් ලබා දේ.

මෙහි අඩංගු සංයෝග ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය මගින් අනුමත කරන
ආඩතෝඩ, නිකකොල, යකිනාරං කොල, කුරුදු එළබටු , බෙලිකොල, ,මදුරුතලා,කොත්තමල්ලි ආදී විෂබීජ, වෛරස් නසන ශරීර ප්‍රතිශක්තිය වැඩි කරන ද්‍රවය අවංගු වේ. ( රටේ පවතින තත්මෙ නිසා මිලදී ගැනීමට අපහසු අයට මෙම වර්ග වලින් කිහිපයක් යොදාගෙන නිවාසේදී වුවද සාදාගත හැක)

මෙය 4 - 5 දෙනෙකු සිටින Family එකක් සඳහා මසකට සරිලන පරිදි ඖෂධීය වේදුවක් 5කින් යුක්තය . එක් දුම් හට්ටියක් භාවිතා කල හැක්කේ දවස් 6ක් පමණි.

**නිවසේ බාහිර සමාජයට නිරාවරණය වන අය සිටිනම් ඒ අයවලුන් සඳහා වෙනම දුම් හට්ටියක් ලබා දිය යුතුය*** (භාවිතාකරන ආකාරය පිළිබඳව පත්‍රිකාවක් මේ සමග ලැබේ)

-සංචරණ සිමා පනවා ඇති ප්‍රදේශ වලට බෙදාහැරීමේ හැකියාව අප සතුය

-Colombo අවට කිසිඳු බෙදාහැරීමේ ගාස්තුවක් අය නොකෙරේ
- රටේ පවතින තත්වය නිසා රටේ අනෙකුත් ස්ථාන වලට ගෙන්වා ගැනීමට Delivery ගාස්තු Rs.100/-ක් පමණක් අයකෙරේ

මසකට සරිලන පරිදි නිෂ්පාදනය කර ඇති මෙය හට්ටි පහකට සරිලන පරිදි ඖශධ අඩංගුය. මිල Rs .1400/-කි

🚚 Island-wide Cash On Delivery Available
(නම , ලිපිනය හා දුරකථන අංක දෙකක් එවන්න)

📱 WhatsApp 0764883450 / 0764347610

විදේශ රටවලට යැවීමට අමතන්න
☎ Call 0113413120

*රටේ පවතින තත්වය හමුවේ ඖශධ වර්ග සොයා ගැනීමටත් සෞඛ්‍ය නිර්දේශවලට අනුව නිෂ්පාදනයටත් අප විසින් බොහෝ වෙහෙසක් ගන්නා බැවින් එක් Family එකක් සඳහා එක Family Pack එකක් පමණක් ඇණවුම් කිරීමට කාරුණික වන්න.**

Address

Colombo

Telephone

+94113413120

Website

Alerts

Be the first to know and let us send you an email when Green Herbs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram