31/07/2022
⭕⭕අපේ රටේ ඉදිරි මාස වල බිහුසුණු අදුරු අනාගතය ...
මේ දිනවල රෑ නිදාගෙන උදේ ඇහැරෙද්දී රැකියා අහිමි වීම්,ආදායම් මාර්ග නැති වීම හැමතැනම තියෙනවා . ෆේස්බුක් එකේ අදත් නෙත ගැටුණා එහෙම පෝස්ට් එකක්.
ඒකත් දැක්කම මේ ටික ලියන්න හිතුනා.
මොකද මේකෙ වේදනාව සහ අත්දැකීම් හොදින් දන්නවා . මමත් අත් විදපු නිසා.
ඒ නිසා මේ ටික කියන්න හිතුනා .
අද අපේ රටේ තියෙන ත්ත්වය තමා මේක.
ඉස්සරහට අපි කී දෙනෙක් ට මෙහෙම වෙයිද දන්නේ නෑ.
මොකද මෙවැනි අවස්ථා වලදී ඔබ කොතරම් හොද සේවා සපයන්නෙක් වුවත්,ඔබ නිසා කොතරම් ආයතනය ට ලාභ ලැබී තිබුණත් එය වැදගත් නැත.
ඔබ දැනටමත් ඔබට ලැබුණු පඩියට ඔබේ ජීවන රටාව හැඩ ගස්වාගෙන ඉන්න පුලුවන් .
අතට ලැබුණු මුදල් ප්‍රමාණය වියදම් කරන විදි, දවසේ ප්ලෑන් තීරණය කර සිටින්න පුලුවන් .
හැබැයි ඕනම වෙලාවක ඔබ අනුන් යටතේ කරන රස්සාව නැති වෙන්න පුලුවන් බව මතක තියා ගන්න.
ඕනිම වෙලාවක එය විය හැකි දෙයක්.
ඒ නිසා,විශේෂයෙන්ම මේ දිනවල එයට පෙර සුදානමක් තිබිය යුතුම යි.
01. අමතර ආදායම් මාර්ග කිහිපයක් සාදා ගන්න.
එය ඔබ කරන ස්වයං රැකියාවක් හෝ ඔබේම ව්‍යාපාරයක් දියුණු කර ගැනීම විය හැකියි .
අඩුම වියදමින් පටන් ගන්න.
02. ඔබ දැනටමත් ව්‍යාපාරයක් කරමින් සිටිනවා නම් අනවශ්‍ය සියලු වියදම් කපා හරින්න.
උදා - අධික රෙන්ට් මිල සහිත ස්ථාන වලින් තාවකාලිකව ඉවත් වී ඇති අවම සම්පත් වලින් ඔබේ දේ පැවැත්ම තබා ගන්න.
03. ඔබේ ක්ෂේත්‍රයේ තවත් රැකියා පුරප්පාඩු ඇති තැන් නිතරම සොයා බලන්න. ඉල්ලුම් කර තබන්න හෝ එයට අවශ්‍ය සුදුසුකම් වඩාත් හොදින් සපුරා ගන්න.
04. මේ දිනවල අනවශ්‍ය වියදම් සියල්ලම කපා හරින්න.
උදා- ඔබ වාහනයක් හෝ ඉඩමක් මිළට ගැනීමට බැංකු ණය ,ලීසිං ඉදිරි අවුරුදු වලට ලබා ගන්න යනවා නම් නතර කරන්න.
මොකද මේ දිනවල දවසේ ආදායම අපිට අවිනිශ්චිත නිසා.
05. ඔබේ අතේ යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි වී ඇත්නම් විශ්වාසයෙන් එය හොද දෙයකට ආයෝජනය කරන්න.
උදා - රත්තරන් මිළට ගැනීම, ඔබේ ඉගෙනීමේ කටයුතුවලට ආයෝජනය ..
06. අනවශ්‍ය මානසික ආතතිය සහ බිය වීම් ඇති වේවි එය හොද දෙයකට යොමු කර ශක්තියක් කර ගන්න.
බොහෝ විට එමගින් ඔබේ දියුණුව ඇති වේවි.
07. අනවශ්‍ය ප්‍රශ්න , ඒවා ඇති කරන පුද්ගලයන් ,ඔබගේ මානසික නිදහස නැති කරන අය ඔබට මුණ ගැසේවි ඉක්මනින් තේරුම් අරන් ඔවුන්ගෙන් , එම ස්ථාන වලින් ඉවත් වන්න. එවිට එය ඔබට පහසු වේවි ගැටුම් අවම වීමට. ටික කාලයකට හෝ ඔවුන් ගෙන් අතුරුදහන් වෙන්න. නිහඩ වෙන්න.
08. හැකි පමණ කායික මානසික ඒකාග්‍රතාවය තබා ගන්න. ඇතැම් විට එක පිට එක ඔබ නොසිතනා දේ සිදු වේවි මේ කාලය තුළ හැබැයි ඔබ ඔබ ගැන ධනාත්මක වන්න.
ඔබට හැකි යැයි විශ්වාස කරන්න. ඉදිරියට ම යන්න.
09. බිරිද, සැමියා හෝ පවුලේ හිතවතුන් ,යහලුවන් කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න වී හිත රිද්දගන්න එපා.ඔවුන් ඔබට කරයි කියා. හැමෝම ඉන්නේ එකම බෝට්ටුවේ නිසා එහෙම වෙන සම්භාවිතාවයන් ගොඩක් අඩුයි.
ඒ නිසා තනියම ගොඩ නැගෙන්න.
10. ඔබත් සමග සිටින අන් අයට උදව් කරන්න.
ඔබත් මුදල් උපයන ගමන් ඔබේ හැකියාවෙන්, අත්දැකීම් වලින් අන් අයටත් උදව් කරන්න.
ඔබ කරනා දෙයින් මේ මොහොතේ තව කෙක්ට රුපියලක් හෝ ලැබේ නම් එය ඔවුන්ට මහමෙරක් විය හැකියි . මානුෂීයව හිතන්න.
10. විශේෂයෙන්ම ඉදිරිය ගැන හොද ඔප්ශන් 2,3 ක් සමග අනාගතය ප්ලෑන් කරන්න.
ඇතැම් විට දිනක ඔබ යටතේ සේවකයන් දහස් ගණනක් වැඩ කරන හොද ව්‍යාපාරිකයෙක් හෝ තමන් ගැන ආත්ම අභිමානයෙන් නිහතමානී ව කතා කළ හැකි හොද සේවා සපයන්නෙක් බවට ඔබට දිනක පත් විය හැකියි .
සිහින ම නොවේ ජීවිතය එය හඹා යාම.
දිනක සිහින එළි වේවි සුබ ඵල සමගින් එතෙක් මානුෂීය වන්න. ජීවිතය දිනන්න.
ඊටපසු ඔබට මෙවැනි ලියුම් සියයක් ආවත් ඔබ ශක්තිමත් ව සිටිවී.
ඔබට ජය...🌹🌹