Colombo Divisional Unit - Sri Lanka Saukyadana Movement

Colombo Divisional Unit - Sri Lanka Saukyadana Movement Official page for the volunteer group, Colombo Divisional Unit of Sri Lanka Saukyadana Movement.

We are a group of young aid workers mainly focused on providing first-aid and medical camps for various occasions.

"උපුටාගැනීම-මාධ්‍ය නිවේදනයයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නුවරඑළිය ශ්‍රී පාද වන්දනා සමයේ පවතින ශීත දේශගුණික ...
07/01/2025

"උපුටාගැනීම-
මාධ්‍ය නිවේදනයයි

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නුවරඑළිය

ශ්‍රී පාද වන්දනා සමයේ පවතින ශීත දේශගුණික තත්වයෙන් ආරක්ෂා වීම

එළඹ ඇති ශ්‍රී පාද වන්දනා සමයේ පවතින ශීත දේශගුණික තත්වයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළ යුතු වැදගත් පියවර සහ ශීත දේශගුණික තත්වය වැඩි බලපෑමක් ඇති කල හැකි කණ්ඩායම් පහත දැක්වේ.

*ශීත දේශගුණික තත්වය වැඩි බලපෑමක් ඇති කල හැකි කණ්ඩායම්

1. කුඩා දරුවන්

2. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

3. දීර්ඝ කාලීන රෝග / බෝ නොවන රෝග වලින් පෙළෙන පුද්ගලයින් (හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම ආදිය..)

4.ගර්භණි මව්වරුන්

5. සංචරන අපහසුතා ඇති පුද්ගලයින්

6. ලාංකික දේශගුණික තත්වයන් නුහුරු විදෙස් සංචාරකයින්

*ශීත දේශගුණික තත්වයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළයුතු වැදගත් පියවර

1. ශිත දේශගුණයට ඔරොත්තු දෙන ඇඳුම් පැළඳුම් භාවිතා කරන්න. උදා: උණුසුම ආරක්ෂා කරන ලේයරයක් සහිත ඇඳුම්, හිස් වැසුම්, පාවහන්

2. තෙත් වූ ඇඳුම් ඉක්මනින් ඉවත් කරන්න

3. විජලනයෙන් ආරක්ෂා වීමට නිතර උණුසුම් ජලය පානය කරන්න. මත්පැන් පානයෙන් වළකින්න

4. ක්‍රියාශීලි වන්න. වැඩි කාලයක් එක් ස්ථානයක අසුන්ගෙන සිටීමෙන් වළකින්න

5. ශරීරයේ උණුසුම අඩු වීම (Hypothermia) නිසා ඇතිවන ලක්ෂණ ගැන අවබෝධයෙන් සිටින්න. අධික ලෙස වෙව්ලීම (Shivering), මානසික ව්‍යාකූලත්වය (Confusion), කතා කිරීමේදී ඇතිවන නොපැහැදිලිකම (Slurred speech) ආදිය ගැන සැලකිලිමත් වන්න.

5. යම්කිසි රෝගයකින් පෙළේ නම් ඒ සඳහා නිර්දේශිත ඖෂධ නියමිත මාත්‍රාවෙන් අනිවාර්යයෙන් භාවිතා කරන්න. යම්කිසි රෝගී තත්වයක් උත්සන්න වේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න

6. ඔබගේ වන්දනා ගමන නිසි ලෙස සැලසුම් කරන්න. අපේක්ෂිත කාලගුණික තත්වයන් පිළිබඳ ගමනට පෙර විමසිලිමත් වන්න

7. ශීත දේශගුණික තත්වයෙන් වැඩි බලපෑමක් ඇතිකල හැකි කණ්ඩායම් ගැන වැඩි අවධානයෙන් සිටින්න. එවැනි පුද්ගලයින් කණ්ඩායමක සාමාජිකයින් වශයෙන් ගමන් කිරීම වඩාත් සුදුසුයි.

විශේෂඥ වෛද්‍ය අසේල පෙරේරා
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
නුවර එළිය"

වාර්ශිකව පවත්වන ලබන ලේ දන්දීමේ කඳවුර මෙවර කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කල වගයි. ලේ දන්දීමේ කඳවුරට ...
23/05/2023

වාර්ශිකව පවත්වන ලබන ලේ දන්දීමේ කඳවුර මෙවර කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කල වගයි.
ලේ දන්දීමේ කඳවුරට සමගාමීව කොළඹ ජාතික රෝහල විහාරය මගින් අප වෙත ලබා දුන් ශල්‍ය උපකරණ මහරගම ජාතික පිළිකායතනය "අපේක්ෂා රෝහල" ලේ බැංකුව වෙත පරිත්‍යාග කරන ලදි.

ලේ බැංකුව:- ජාතික පිළිකායතනය "අපේක්ෂා රෝහල" මහරගම
ශාලා පහසුකම්:- කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය (කො.ම.න.ස.)
සංවිධානය:- කොළඹ ප්‍රාදේශීය ඒකකය - ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය
විශේෂ ස්තූතිය:- කොළඹ ජාතික රෝහල විහාරයේ විහාරාධිපති රජවැල්ලේ සුභූතී හිමිපාණන් වහන්සේ,
රසික කේටර්ස් අදිපති රසික සංජීවන මහතා,
ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමිය ඇතුළු පාලක මණ්ඩලය සහා මූලස්ථානය කාර්‍යමණ්ඩලය.








ශ්‍රී පාදස්ථාන නල්ලතන්නිය වෛද්‍යධාර සහ ප්‍රථමාධාර කදවුර 2023 පෙබරවාරි මස පොහොය දිනයට සමගාමීව 3,4,5,6 දිනයන්හීදී සාර්ථකව ...
21/02/2023

ශ්‍රී පාදස්ථාන නල්ලතන්නිය වෛද්‍යධාර සහ ප්‍රථමාධාර කදවුර 2023 පෙබරවාරි මස පොහොය දිනයට සමගාමීව 3,4,5,6 දිනයන්හීදී සාර්ථකව පැවැත්වූ වගයි.

වෛද්‍ය සජිත් මංජුල මහතාගේ වෛද්‍ය අධීක්ෂණයෙන් සහ අශෝක ජයලත් මහතාගේ සංවිධාන අධීක්ෂණයෙන් යුතුව තුෂාන් හර්ෂ, හිරුණි හේෂානී, හිරුන් මල්ෂක, නිවන්තනා උමයංගි, රවිදු තාරක, දැහැමි අකාෂි යන ස්වෙච්ඡා ප්‍රථමාධාර කාර්‍යමංඩලයේ සහභාගීත්වය සහ තිලිණ පතිරණ මහතාගේ මූල්‍ය දායකත්වය ඇතුලුව ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයේ මූලිකත්වය කෘතඥපූර්වකව සිහිපත් කරමු.

තවද ඔබටද මෙවැනි සාර්ථක කඳවුරු පැවැත්වීම සඳහා සහභාගිවීමට/ සහභාගී කරවා ගැනීමට හො මූල්‍යාධාර ලබා දිමට හැකි බැවින් ඒ සඳහා කැමැත්තක් / අවශ්‍යතාවයක්/ හැකියාවක් ඇති අය වැඩි විස්තර සදහා අප අමතන්න.

(සැ.යු. ස්වෙච්ඡා ප්‍රථමාධාර කාර්‍යමංඩල සාමාජිකයෙකු ලෙස ප්‍රථමාධාර වෛද්‍යධාර කඳවුරු සඳහා සහභාගිවීය හැක්කේ ඒකක සාමාජිකත්වය ගෙන නිසි ප්‍රථමාධාර පුහුණුවක් ලබා ගැනීමෙන් අනුතුරුව සුදුසුක්ම්ලත් ප්‍රථමාධාර කරුවකු ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයේ නිර්දේශය මත පමණි.)

සංවේගයෙන් දැනුම් දීමයි, ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයේ පාලක මණ්ඩල සාමාජික ජේෂ්ඨ පුහුණු කිරීමේ නිළදාරී එල්. ජී. ජයවීර ම...
02/06/2022

සංවේගයෙන් දැනුම් දීමයි,

ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයේ පාලක මණ්ඩල සාමාජික ජේෂ්ඨ පුහුණු කිරීමේ නිළදාරී එල්. ජී. ජයවීර මැතිනිය අභාවප්‍රාප්ත වී ඇත.

ඒ පිළිබඳ කොළඹ ප්‍රාදේශීය ඒකකයේ සාතිශය සංවේගය!!!

දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා තලංගම, කොස්වත්ත, මහින්ද පනාගොඩ මල් ශාලාවේ සිකුරාදා දින (2022.06.03) පෙරවරු 8.30 සිට සෙනසුරාදා දින (2022.06.04) සවස 2.00 දක්වා තැන්පත් කර තබන අතර, එදින සවස 3.00ට ඔරුවල ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකරනු ලැබේ.



අපිත් සුරක්ෂිතව සමාජයත් සුරක්ෂිත කරමු.                  #අපි_රැකෙමු_රට_රකිමු  #සුරක්ෂිත_සමාජයක්  #කොවිඩ්  #ඩෙංගු
23/05/2021

අපිත් සුරක්ෂිතව සමාජයත් සුරක්ෂිත කරමු.

#අපි_රැකෙමු_රට_රකිමු #සුරක්ෂිත_සමාජයක් #කොවිඩ් #ඩෙංගු

අපි බියවිය යුත්තේ කොවිඩ් 19 ට පමණක්ද ?

කොවිඩ් 19 රෝගයේ භයානකකම ගැන ආයෙත් අටුවා ටීකා අවශ්‍ය නැහැ . රෝගය නිසා අපිට අහිමි වූ ජිවිත , අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට , ආර්ථිකයට විතරක් නෙමේ, අපට හුරු පුරුදු ජීවන රටාවට එල්ල වූ අභියෝග මෙතකැයි කියා තක්සේරු කරන්න බැහැ !
හැබැයි අපි නොදැනුවත්වම තවත් සතුරෙක් අපිට එරෙහිව අවි අමෝරා සටනට එන්න සුදානමින් ..

ඩෙංගු!

නම ඇසු පමණින් වුනත් අපේ හිත්වල ලොකු තැතිගැන්මක් ඇතිකරන රෝගයක් , 2017 වසරේ ඩෙංගු වසංගතයේ අමිහිරි අත්දැකීම් තාමත් අපේ මතකය හිරිවට්ටනවා

1. ඉතින් අයෙත් ඩෙංගු වැඩිවෙලාද ?

ඔව්‍ පසුගිය 2018, 2019 අවුරුදු වලට සාපේක්ෂව අඩු අගයක් වුනත් වැහි කාලය පටන් ගැන්මත් එක්ක අයෙත් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්න පටන් අරන්. මැයි මාසේ මැද වෙනකොට රට පුරා ඩෙංගු රෝගීන් 545 ක් වාර්තා වෙනවා ,අවුරුදු මාසේ ඒ ගණන රෝගීන් 1811... !

2. කොයි පළාත්වලද ඩෙංගු වැඩිවෙලා තියෙන්නේ ?

නිරිත දිග මෝසම් වැස්ස වැඩිපුර ලැබෙන කොළබ ,කළුතර ,ගම්පහ, රත්නපුර වගේ දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ. කොළඹ මහා නගර සිමාවට අයිති ප්‍රදේශවලත් ඩෙංගු අවදානම ඉහල ගිහින්. සමස්තයක් වශයෙන් ගත්තහම ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම මේ ඩෙංගු අවදානම පැතිරීගෙන යනවා

3. ඩෙංගු අවදානම වැඩි කොයි වයස් ඛාණ්ඩවල අයටද?

වයස් සිමාවක් නැහැ, හැමෝම ලොකු අවදානමක ඉන්නේ , හැබැයි රැකියාවලට යන එන තරුණ හා මැදි වයස්වල පුද්ගලයින් අතර මේ අවදානම වැඩියි. ඩෙංගු වෙරසය පතුරන Aedes මදුරුවාගේ දෂ්ඨනයකට, බාහිර පරිසරය තුලදී මේ අය නිරාවරණය වීමේ හැකියාව සාපේක්ෂව වැඩියි. හැබැයි තමන් ගේ නිවස තුළදීත් ඩෙංගු මදුරුවාගේ දෂ්ඨනයකට ලක්වෙන්න බැරිකමක් නෑ

4. අපට ඩෙංගු හැදිලද කියල අපි දැනගන්නේ කොහොමද ?

කාලෝචිත ප්‍රශ්නයක්. COVID -19 වගේම ඩෙංගුත් වෙරස රෝගයක් නිසා, රෝගයේ මුල් අවස්ථාවලදී රෝග ලක්ෂණ බෙහෙවින් සමානයි
ඔබට දින දෙකේ සිට හත දක්වා පවතින උණක්, මස්පිඩු වේදනාවක් , තදබල හන්දි වේදනාවක්, ඇස්යට වේදනාවක්, එහෙමත් නැත්නම් වමනය තියෙනවා නම් ඒ ඩෙංගු රෝගය වෙන්න පුළුවන්

5. මේ රෝග ලක්ෂණ තිබුනොත් අපි මොකද කරන්න ඕනේ?

දින දෙකක් යනකොට උණ සමනය වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් හැකි ඉක්මනින් ඔබේ පවුලේ වෙද්‍යවරයාගෙන් උපදෙස් ගන්න, නැත්නම් ලගම පිහිටි රෝහලට යන්න.මුල් කාලයේම ඩෙංගු හදුනා ගැනීම හරිම වැදගත් වගේම ඩෙංගු කම්පන තත්වය වගේ බරපතක රෝගී තත්වයන් ඇතිවීමත් ඉන් වැළකෙනවා

6. ඩෙංගු හැදෙන එකෙන් බේරෙන්න අපිට කරන්න යමක් තියෙනවද ?

ඔව් , මේක රජයටවත් සෞඛ්‍ය අංශවලටවත් තනියෙන් දිනන්න පුළුවන් සටනක් නෙමේ. වගකිවයුතු පුරවැසියෙක් විදියට අපි හැමෝගෙම ක්‍රියාශීලි දායකත්වය හරි වැදගත් !

සංචරණ සිමා නිසා දැන් ගෙදර ගතකරන්න ලැබෙන කාලයත් වැඩියි, ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන සුපරික්ෂාකාරිව හොයල බලලා ඊට පිළියම් යොදන්න අපිට ඕන තරම් කල් තියෙනවා

➤ ගෙදර, ඩෙංගු මදුරුවන් බෝවෙන්න ඉඩ පහසුකම් සලසන වතුර එකතුවෙන ස්ථාන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න

➤ වැහි පිහිලි , ගෘහාලංකරණයට තියෙන වතුර පිරුනු පොකුණු සතියකට දෙපාරක්වත් සුද්ධ පවිත්‍ර කරන්න අමතක කරන්න එපා

➤ පොල්කටු, වතුර එකතු විය හැකි ඉවතලන භාජන, විනාශ කරන්න, නැත්නම් වතුර එකතු විය නොහැකි තැනක ගබඩා කරන්න නිසි පරිදි බැහැර කරනකන්

➤ ගෙදර ශීතකරණයේ සහ විසිතුරු මල්බදුන්වල තැටිවල එකතුවෙන වතුර නිතිපතා ඉවත් කරන්න.

➤ ක්‍රියාත්මක වෙන සංචරණ සිමා එක්ක එලියට පහලට බහින්න බැරි වුනත්, ගෙමිදුලේ නිදහසේ ඉන්නකොට හරි, ගේ ඇතුලේ දුවාදරුවන් එක්ක ගතකරන කොට හරි අනුමත මදුරු විකර්ශකයක් ශරීරයේ නිරාවරණය වෙන තැන්වල් ගලවන්න. ඩෙංගු මදුරුවා දෂ්ඨනයේ යෙදෙන උදේ 6ත්- 9ත් හවස 3ත් 7ත් අතර කාලයේ එලිපහලියට යනවනම් ශරීරය වැහෙන්න ඇදුමක් අදින්නත් අමතක කරන්න එපා

ඔබ අපි කවුරුත් හොදටම දන්නා විදියට අපි ගෙවමින් ඉන්නේ බොහොම අභියෝගාත්මක කාලයක්. කොවිඩ් වසංගතේ උඩට තව ඩෙංගු වසංගතේකුත් ආවොත් දැනටමත් වෙහෙස අපේ සෞඛ්‍ය පද්ධතියට එක දරාගන්න බැරි වේවි.

ඉතින් ඔබේ පුරවැසි වගකීම ඉටුකරන්න!
ඔබේ අවට පරිසරයේ පවිත්‍රතාවය ගැන සබුද්ධික වන්න !

ඩෙංගු මැඩලීමේ ජාතික කර්තව්‍යයේ ක්‍රියාකාරී කොටස්කරුවෙක් වෙන්න!

ඩෙංගු පරදමු , ජිවිත සුරකිමු!

01/12/2020

රෝගීයෙක්/ රෝගී ආශ්‍රිතයෙක් ආශ්‍රය කලාද?????

දැනුවත්ව හෝ නොදැනුවත්ව එය එසේ වි ඇතැයි සිතා පරිස්සං වෙමුද?????

හොදම දේ......

• අත්‍යවශ්‍ය නොවන ගමන් සහ හමූවීම් ටික කලකට කල් දමන්න.

• නිවසින් පිටවී සිටිනා සෑම විටම මුව ආවරණ පළදින්න.

• හැකි සෑම විටම පිරිසිදුකාරක / සබන් යොදා දෑත් පිරිසිදු කර ගන්න.

• නිවසට නැවත පැමිණෙන විට දෑත්, දෙපා, මුහුණ සබන්/ සේදුම් කාරක භාවිතා කොට හොදින් සෝදන්න.

පිරිස් අතර ගැවසුනේනම්, පොදු ප්‍රවාහනය භාවිතා කලේනම් ලඟම කඩේදි අසල්වාසින් හෝ හමුවූයේනම්

• දෙවරක් තුන් වරක් අඳින්නට එල්ලා තැබූ එක්වරක් හෝ අඳින ලද ඇඳුම් වල වයිරසය ඇතැයි සිතා සෝදා පිරිසිදු කරන්න

• පැලඳි පාවහන් වලද වයිරසය රැදී පැවතිය හැක, ඒවාද පිටතින් පමණක්වත් සෝදා පිරිසිදු කරන්න

• භාවිතා කල අත්බැග් නිතර අත් නොගැටෙන ස්ථානයෙන් තබන්න, හැකිනම් සුලු වේලාවක් අවුවේ තබන්න.

• පානය සඳහා හැකී සෑම විටම උණුසුම් ජලය/ උණුසුම් පාන වර්ග භාවිතයට ගන්න.

• දිනකට එක්වරක්වත් විනාඩි 10ක් පමණ උණුසුම් හුමාලය ආශ්වාස කරන්න.

• සුලු අසනීප/ රෝග ලක්ෂණ වලට පවා වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිඳු ඖෂධයක් භාවිතා නොකරන්න. (පැරසිටමෝල/ වේදනා නාශක මගින් රෝග ලක්ෂණ සැගවීගොස් රෝග නීර්ණයට මඟ අහුරවාවි)

ඔබ රෝගියකුගේ ආශ්‍රිතයෙක් යැයි සිතා ඔබ ස්වයංව නිරෝධනය වීම සැබවින්ම ඔබද ඔබේ නිවසියන්ද, අසල්වාසින්ද ආරක්ෂා කරවයි.

"කොටහේන මධ්‍ය මහා විද්‍යාලලීය නිවාසාන්තර ක්‍රිඩා උළෙල -2020" සඳහා ප්‍රථමාධාර සත්කාරකත්වය  ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාර...
12/02/2020

"කොටහේන මධ්‍ය මහා විද්‍යාලලීය නිවාසාන්තර ක්‍රිඩා උළෙල -2020" සඳහා ප්‍රථමාධාර සත්කාරකත්වය ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරය කොළඹ ප්‍රාදේශීය ඒකකයේ තුෂාන් හර්ෂ, නිවන්තනා උමයංගි, හිරුණි හේෂාණි, සෙනාල් දීලූක යන ස්වෙච්ඡා සේවක සේවිකාවන් ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කෙරුණු වගයි.
අවශ්‍ය ප්‍රථමාධාර ද්‍රව්‍ය සහ උපකරණ ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයට ස්තූතිය පුදකර සිටිමු.











Health Camp organised by the Old Royalist Association Piliyandala at Dharmasena Attygala Balika Vidyalaya Kesbewa. Membe...
05/02/2020

Health Camp organised by the Old Royalist Association Piliyandala at Dharmasena Attygala Balika Vidyalaya Kesbewa. Members volunteered were, Asoka Jayalal, Thilan Thumeera, Niwanthana Umayangi, Harsh Thushan, Hirun Malshaka, Hiruni Heshani, and Fathima Nusra

Saukyadana First-aid and Medical Camp in Nallathanniya covering the long weekend and the Duruthu Full Moon Poya day serv...
10/01/2020

Saukyadana First-aid and Medical Camp in Nallathanniya covering the long weekend and the Duruthu Full Moon Poya day serving the Sripada pilgrimage. Members of CDU will be there till Sunday 12th January 2020.

වාර්ෂික ලේ දන් දිමේ කඳවුර 2019මෙහෙයවීම :- කොළඹ ප්‍රාදේශීය ඒකකය - ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය. ස්ථානය :- ශ්‍රි ලංකා සෞ...
01/10/2019

වාර්ෂික ලේ දන් දිමේ කඳවුර 2019

මෙහෙයවීම :- කොළඹ ප්‍රාදේශීය ඒකකය - ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය.

ස්ථානය :- ශ්‍රි ලංකා සෞඛ්‍යදාන මූලස්ථානය.

දිනය :- 2019 සැප්තැම්බර් මස 26.

සහභාගිත්වය :-
අපේක්ෂා රෝහල් ලේ බැංකුව (මහරගම පිලිකා රෝහල)

අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා ද සිල්වා මහත්මිය.

පාලක මණ්ඩල සාමාජික යසපාල නානායක්කාර මහතා.

පාලක මණ්ඩල සාමාජික නිව්ටන් පිරීස් මහතා.

පාලක මණ්ඩල සාමාජික සුනිල් ගාමිනී මහතා.

සෞඛ්‍යදාන හිටපු ස්වෙඡ්චා සේවක අනුර පෙරේරා මහතා.

හිටපු කොළඹ දිස්ත්‍රික්ක අධ්‍යක්ෂිකා නන්දා නානායක්කාර මහත්මිය.

කොළඹ දිස්ත්‍රික්ක අධ්‍යක්ෂිකා රේණුකා පෙරේරා මහත්මිය.

කොළඹ දිස්ත්‍රික්ක සංවිධානයේ ලේකම් රංජනි දාබරේ මහත්මිය.

කොළඹ දිස්ත්‍රික්ක සංවිධානයේ හිටපු භාණ්ඩාගාරික දමයන්ති විතානගේ මහත්මිය.

කොළඹ ප්‍රාදේශීය ඒකක සංවිධායක අශෝක ජයලත් මහතා ඇතුළු ප්‍රාදේශීය ඒකක සාමාජික සාමාජිකාවන්.

ශ්‍රී ලංකා සෞඛ්‍යදාන මූලස්ථානය කාර්‍යය මණ්ඩල.

Blood Donation Camp on 26th September 2019, at the SLSM HQ. All are welcome to help to save a life.
24/09/2019

Blood Donation Camp on 26th September 2019, at the SLSM HQ. All are welcome to help to save a life.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Divisional Unit - Sri Lanka Saukyadana Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Colombo Divisional Unit - Sri Lanka Saukyadana Movement:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram